UN සහ UNDP හි ශ්‍රී ලංකා නියෝජිත උනා කළුරිය කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක සහ එම සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන උනා මැකෝලි දිවියෙන් සමුගනී.

මිය යනවිට 54 හැවිරිදි වියේ පසුවූ ඇය පසුගිය කාලය පුරා අසනීප තත්ත්වයෙන් පසුවූ බවත්, ඇය එම කාලය තුළ රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි බවත් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත්වූ ප්‍රථම නේවාසික සම්බන්ධීකාරකවරිය වන ඇය එම සංවිධානයේ මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ලෙසද සැලකෙයි.

ඇය මීට දෙවසරකට පෙර ශ්‍රී ලංකාවේදී වත්මන් ධුරයන්ට පත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය ලෙසද වසර හතරකට ආසන්න කාලයක් මෙරට සේවය කර ඇත.

වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කර ඇති ඇය දෙදරු මවකි.

1_UnaMcCauley-UNSriLanka-RC

2 thoughts on “UN සහ UNDP හි ශ්‍රී ලංකා නියෝජිත උනා කළුරිය කරයි

  1. Champa

    On behalf of all Sri Lankans, I extent my deepest condolences on the untimely passing away of Una' McCauley, who was UN's first female Resident Coordinator to Sri Lanka. Her dedication and commitment towards humanitarian work and social development in Sri Lanka will always be remembered.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>