SLFP ඇමති පිරිසක් අගමැති හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තමන් හමුවූ බවත් එහිදී රට ඉදරියට ගෙන යෑම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. තලවතුගොඩ, ලේක් විව් රෙසිඩන්සීස් නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් අද (12දා) දැක්වීය.

‍ෙ“අප අනාගතය දෙස බලා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් කණ්ඩායමක් ඊයේ මුණ ගැසුනා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය පිරිසක් ජනාධිපතිතුමා මුණ ගැසුනා. මමත් හමුවුණා. රට ඉදිරියට ගෙන යෑම සඳහා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව එහිදි සාකච්ඡා වුණා. ඒ වැඩපිළිවෙල ඉක්මනින් අප අතට ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා. ඒ මාර්ගයේ අපට ඉදිරියට යාමට හැකිවේවි යැයි විශ්වාස කරනවා.”

PM-01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>