SLFP ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුණොත් සාකච්ඡා සඳහා සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ ඊයේ (13දා) සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩාය් රැස්වීමේදී හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක් ගැන සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව එන්නේ නම් සාකච්ඡා කරන්න සූදානම් කිය ස්ථාවරයේ අපි මුල සිටම සිටියා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙනවම් අපට ඊට පස්සේ කරන්න තියෙන දේවල් කතා කරන්න පුළුවන්. මුලික කොන්දේසිය තමයි ආණ්ඩුවෙන් ඉවත්වීම.”

jointoppsition

One thought on “SLFP ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුණොත් සාකච්ඡා සඳහා සූදානම්

  1. Deepal Nirosh

    අනේ කෙහෙළිය ඇමතිතුමෝ, ජන විඥානය කුමක්ද කියල අවබෝධයක් නැතුවද මේ තමන්ට ලබා දීපු ජන මතයට පයින් ගහන්න හදන්නෙ? ඔය පාරෙ ගියොත් මීළඟ ඡන්දයෙන් ඔබ තුමාලටත් අත් වෙන්නෙ මේ ඡන්දෙදි සන්ධානයට දුන්නු ඉරණමමයි. ඒ නිසා ඔය සාකච්ඡා පැත්තක තියල තමුත්ට අහිමි කරපු පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ඉස්සෙල්ල දිනා ගන්න බලන්න. ආණ්ඩු පිහිටුවන්න තව කල් තියනවා. ලැබූ ජනමතයට ගරු කරන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>