IS ත්‍රස්තයන් වෙත බ්‍රිතාන්‍ය සයිබර් ප්‍රහාරයක් දියත් කරයි

IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් අන්තර්ජාලය හරහා සිදුකරන සිය ප්‍රචාරක වැඩපිළිවෙළ ඇතුළු ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශ සයිබර් ප්‍රතිත්‍රස්ත මෙහෙයුමක් දියත් කර තිබේ.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ සහ හිටපු එම්අයි15 නියෝජිතයෙකු වූ ජෙරමි ෆ්ලෙමින්ග් පවසා සිටියේ IS ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීමේ හැකියාව සහ ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය අඩපණ කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වූ බවයි.

අන්තර්ජාලය තුළින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට මහා බ්‍රිතාන්‍ය මෙවැනි ප්‍රති ත්‍රස්ත මෙහෙයුමක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ දේශනයකට සහභාගී වෙමින් අධ්‍යක්ෂවරයා මෙම කරුණු අනාවරණය කර තිබුණි.

මෙවැනි මෙහෙයුම්වලින් ලැබෙන ප්‍රතිඵලය වඩාත් පුළුල් පරාසයක් තුළ පැතිරෙන බවද හෙතෙකම අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම මෙහෙයුම හරහා ඔවුන්ගේ සයිබර් මෙහෙයුම්, ප්‍රචාරක ජාලාවන් මෙන්ම ආම්පන්න විනාශ කිරීමට හැකිවී තිබෙන බවයි.

සයිබර් ප්‍රතිත්‍රස්ත මෙහෙයුමක් වඩාත් සාර්ථකව සිදුකළ හැකි බව මෙම මෙහෙයුම හරහා සපථ කර ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

1_ISIS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>