ICTA නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතට

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනතයේ (ICTA) නව සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත.  ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙයි.

ICTA නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට සමගාමීව මහාචාර්ය සමරජීව මහතා එහි සභාපති ලෙස පත්කර ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහරකරණය (BPO) පිළිබඳ විශේෂඥයන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත  බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මහාචාර්ය සමරජීව මහතා ICTA ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිලිවෙළේ මුලික සැලසුම් සකස් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බවද  එහි සඳහන් වෙයි.

Pro-Rohan-samarajeewa-ICTA

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>