Category Archives: video

දක්‍ෂතාවක් නැතුව ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ

සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. ක්‍රිකට් ආයතනයේ ඊයේ (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය. 


AID_2993 AID_3064 AID_3072 AID_3075

නල්ලූර් කෝවිල වැන්ද පමණනින් සාමය ගොඩ නැගෙන්නේ නෑ

(VIDEO) ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උතුරේ නල්ලූර් කෝවිල වැඳ පුදාගත් පමණින් ජාතීන් අතර සමගිය ගොඩනැගිය නොහැකි බවත්, සමගිය ගොඩනැඟීම සඳහා ජාතීන් අතර ප්‍රශ්න විසඳිය යුතු බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

එහි කමිටු සමාජික, නජිත් ඉන්දික මහතා පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පසු ඉතිරි වූ එල්.ටී.ටී.ඊ. නායකයන් දේශපාලන කටයුතු සිදු කරමින් රට තුළ සැපවත් ජීවිත ගත කරන්නේනම්, සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය පරිදි ජීවත් විය නොහැක්කේ ඇයිද යන්නයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවට වූ උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ, අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ (23දා) පවත්වන ලද අතර එහිදී ඔහු මේ බව පැවසීය.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා,

"මෛත්‍රිපාලලා, රනිල් වික්‍රමසිංහලා උතුරට ගිහිල්ලා කමිස ගලවගෙන නල්ලූර් අස්සට රිංගුවට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ජාතීන් අතර සමගිය ගොඩනැගෙන්නෙත් නෑ. ඒකට ජාතීන් අතර ප්‍රශ්න විසඳන්න ඕනා. මේ වෙලාවේ යුද්ධයේ නාමයෙන් කප් එක වගේ තියාගෙන ඉන්නවා දේශපාලන සිරකරුවෝ 130ක් විතර. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් ඉතිරි වුණ නායකයෝ දේශපාලනය කරගෙනබොහොම හොඳට ඉන්නවා.

නායකයන්ට එහෙම ඉන්න පුළුවන්නම් ඇයි මේ වාටියේ හිටපු අයට ඉන්න බැරි? අපි අහනවා මෙහෙම උපවාස කරලා හෙට මැරෙන කම්ද බලන් ඉන්නේ? ඊටපස්සේ උතුරේ මිනිස්සුන්ට දෙන පිළිතුර මොකක්ද? දේශපාලන සිරකරුවන් නිදහස් කරනතුරු අපි මේ අරගලයේ ඉන්නවා, යැයිද අවධාරණය කර සිටියේය.

මෙහිදී යුද හමුදාව භාවිතයට ගන්නා කැමා ටී. ෂර්ටයකින් පුද්ගලයෙකු සැරසී සිටීම සම්බන්ධයෙන් පොලීසිය එයට විරෝධය දැක්වීමත් සමග විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. එය කළාවක්  බව විරෝධතාකරුවෝ මෙහිදි ප්‍රකාශ කළහ.

ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු

 

DSC_6927 DSC_6930 DSC_6932 DSC_6937 DSC_6957 DSC_6966 DSC_6997 DSC_7015 DSC_7018 DSC_7033

අගමැති වෙන්න සිහින දකින ඇමතිවරු 30ක්

අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මංගල සමරවී ඇතුළු ඇමතිවරු 30ක් මේ වන විට අගමැති ධුරය වෙනුවෙන් සිහින දකිමින් සිටින බව බොදු බලසේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියො පවසති.


සයිටම් විරෝධී පාගමන

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස්, ජල හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.

සංගක්කාර පළමු පෙළ පිටියෙන් සමුගනියි

ජාත්‍යන්තර පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර පසුගියදා පළමු පෙළ පිටියෙන්ද සමුගත්තේය. ඔහු තව දුරටත් 2018 වසරේදී විස්සයි20 ලීග තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.