Category Archives: Uncategorized

ඓතිහාසික සොබාසිරි සමග මුදලට විකිෙණන්නට සැරසෙන කරඳගොල්ල ගම්මානයේ ඛේදාන්තය

ඌව පළාත දිය ඇලි, කඳුවැටි, විශාල හෙල්, අගාධ, තැනිතලා, සානු, දිය උල්පත්, වනසතුන් යන සියලු ස්වාභාවික සම්පත් උරුම කරගත් පරිසරයක් සහිත බිමකි.මේ සියලු පාරිසරික දායාදයන් සමග සුවදායී දේශගුණයකටද හිමිකම් කියන 'ඇල්ල' ප්‍රදේශය විදේශීය සංචාරකයන්ගේ වඩාත් ආකර්ක්‍ෂණය දිනාගෙන ඇත. අප මේ කතා කරන ප්‍රදේශයද කලින් පැවසූ සියලු පාරිසරික සම්පත් උරුම කරගත් භූමියකි. %රාවණා ඇල්ල^ යැයි පිරිසුදු  බමරගම දියඇල්ල සිට කිලෝමීටර් 07ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය නමින් කරඳගොල්ල, 10 කණුව ප්‍රදේශයයි. 


IMG_20171026_005425

සුන්දරත්වයෙන් අනූනව ගලා බසිනා මෙම දිය ඇල්ල රාවණා ඇල්ල රක්‍ෂිතය හරහා ගලාගෙන ගොස් මෙම වනය තුළ අපුරු දිය ඇල්ලක් නිර්මාණය වී තිබේ. එහෙත් අවාසනාවකට අඩි 50ක් පමණ උස මෙම දියඇල්ලේ අසිරිය විඳින්නට සාමාන්‍ය ජනයාට අද ඉඩකඩ ඇහිරී ඇත. මෙම සැඟවුණු දියඇල්ල පොතපතෙහිද නැති තරමට ගුප්තය. 
කිරිඳිඔය දිගේ ස්වාභාවිකව නිර්මාණ වූ පිහිනුම් තටාක කුඩා දියඇලි තැනින් තැන අසිරිය වඩවයි. දේශීය මෙන්ම විදේශියකයන්ට අහිමි කර ඇති මේ ස්වභාව ධර්මය පෞද්ගලික සංචාරක හෝටල්  මගින් සංචාරකයන්ට ඉහළ මිල ගණන්වලට අලෙවි කරමින් විශාල ආදායම් ලබයි. ගම්වාසීන් පාරම්පරිකව භුක්ති විඳින ලද කැලෑබද මාර්ගය පමණක් නොව තම සොහොන් බිම්ද මෙම ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන කම්බි ගසා ඇතැයි ගම්වාසීහු පවසති.
වනජීවී රක්‍ෂිතයක්, අභයභූමියක් වුවද එම නීති පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නොමැතිව එම බිමේ පාලම් හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් අට්ටාල දියඇල්ල සමීපයේම ඉදිකර ඇත. 
විදේශීය සංචාරකයන්ගේ අසීමිත නිදහසට බාධා වන බැවින් දේශීය සංචාකරයන් එහි යෑම වළක්වන බව ඒවා අත්පත් කරගත් අයගේ අදහසයි. 
ගම්වාසීන් පසුගියදා ඇල්ල – වැල්ලවාය මාර්ගය හරස්කර විරෝධතාවක් පැවැත්වුවේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මේ වෙනුවෙන් ලබා ගැනීමටය. මෙතෙක් නිදා සිටි ඔවුන් මේ දක්වාද නින්දේ පසුවන බව ගම්වාසීන්ගේ අදහසය. මෙම කටයුතුවලට හරස් වන ගම්වාසීන්ට විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් ඔවුහු භීතියෙන් පසුවෙති.

uuuuu 3

වගකිවයුතු අංශය වහාම ඉදිරිපත්ව විදේශීය සංචාරකයන්ට මෙම ස්වාභාවික උරුමය විඳින්ට අවස්ථාව සලසන අතරම ගම්වාසීන්ගේ නිදහස තහවුරු කළ යුතුය. මේ පිළිබඳ ගම්වාසීහු කිහිපදෙනෙක් අප සමග මෙලෙස අදහස් දැක්වූහ.

රජයේ ඉඩම් සියල්ලම අල්ලනවාට එරෙහිව තමයි අපි මේ කටයුත්ත කරන්නෙ - චමින්ද කුමාර

 කරඳගොල්ල, කිවුල්ආරාව කොට්ඨාසයේ තියෙන සුසාන භූමි, ගම්සභා පාරවල්, ගඟ, කිරිඳිඔය සම්පූර්ණයෙන් වහමින් මෙම හෝටලය මගින් ගමේ තියෙන සියලු සම්පත් අත්පත් කරගෙන යනවා.
මෙම හෝටලය විතරක් නෙමෙයි තවත් හෝටල් තියනවා මේ ගමේ. මේ රජයේ ඉඩම් සියල්ලම අල්ලනවාට එරෙහිව තමයි අපි මේ කටයුත්ත කරන්නෙ. 12 කණුව කොටසේ තිබෙන රජයේ වනජීවී රක්‍ෂිත අල්ලා ගනිද්දි නිලධාරීන් ඒවාට ගිහින් හවසට පාටි දානවා ඒ වෙනුවෙන්. 

සොහොන් භූමියත් අඩි පාරත් තමයි අපි ඉල්ලන්නේ – ඒ.ජී.එම්. ජයතිස්ස

අපි රජයෙන් ඉල්ලන්නේ අපේ බඩගෝස්තරය රැකගන්න දෙයක් නෙමෙයි. අපේ දෙමවුපියන් මේ වනතෙක් රැකගෙන ආපු සොහොන් භූමියත් පල්වෙල කුඹුර දක්වා යන ජනතාවට තියෙන අඩි පාරත් තමයි අපි ඉල්ලන්නේ. දැන් මාස 02ක් වගේ කාලයක් තුළ මේක වහලා තියෙනවා කම්බි ගහලා. අපි රජයේ සෑම නිලධාරියෙක්ම දැනුවත් කළා. මේ වනතෙක් අපට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. 

uuuuu 9

මුදලට යටවෙන පැත්තක් තියෙන්නෙ - එස්.බී. ජයවීර

මේකෙ ඇත්තට සොහොන් භූමියක් තිබුණා. ඒ සොහොන් භූමිය ගමේ අය මිහිදන් කරපු තැනක්. ගොවිජන සේවා කුඹුරු යායක් තියෙනවා. ඒ කුඹුරු යායෙන් අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරෙන් මේගොල්ලො මෑතකදී කටුකම්බි ගහලා. මේ අය විසින් මෙතැන ඉන්න අපේ ගමේ කට්ටිය පොලීසියට ගෙනගිහින් උසාවි දාලා නඩුවක් පවරලා තියෙනවා කටුකම්බි ගැහුවා කියලා. ගමේ තියෙන සම්පත් සියල්ලම විනාශ කරනවා. කූඩාරම් ගහලා, ගස් කපලා සියලු දේ කපලා ප්‍රවාහනය කරනවා. බලධාරීන් කිසිකෙනෙක් මේවා හොයලා බලන්නෙ නැහැ. 
මුදලට යටවෙන පැත්තක් තියෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර තියෙනවා. ප්‍රාදේශීය සභාව දැනුවත් කර තියෙනවා. දේශපාලන අධිකාරිය දැනුවත් කළා. කිසිම පියවරක් ගන්නේ නැහැ. 

මේ තත්ත්වය නිසා අපි හරි බයෙන් ඉන්නේ – කේ. අයිරාංගනී 

කළු ඇඳුම් ඇඳලා බයික්වලින් කැරකෙනවා. ඒ විදේශිකයන්ට ඕන විදියට පරිසරය හදලා. බොහොම අමාරුවෙන් අපි හතර පස්දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන් නවත්තලා ප්‍රශ්න කළා. ඒ අය කිව්වා 'අපි ආමි එකෙන් අයින් වුණු කට්ටිය. මෙයාලා කියන නිසා තමයි අපි ජොබ් එක කරන්නෙ' කියලා. මේ තත්ත්වය නිසා අපි හරි බයෙන් ඉන්නේ. 

uuuuu 10

ගඟ මැද විශාල ගස් කපලා විනාශ කළා – ජේ.පී. අබේරත්න

කිසිම කෙනෙකුට ගඟටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. පසුගිය දවස්වල ගඟ මැද මහා කුඹුක් ගස් කපලා මෙතැනට ගෙනැල්ලා ලොරිවල ප්‍රවාහනය කළා. ග්‍රාම නිලධාරීවරයා ඇවිල්ලා හිටියත් එයා යන්න කලින් ලොරි ටික නතර කරලා ලෝඩ් එක අරන් ගියා යන්න. ගඟ මැද විශාල ගස් කපලා විනාශ කළා. ඒවත් අපි දැනුම් දුන්නා. අද වෙනකම් කිසිම විසඳුමක් නැහැ. 

මේ වතුර පාර සම්පූර්ණයෙන් හෝටල්වලට ගත්තා  – පී.බී.එම්. ජයතිස්ස

පැමිණිල්ලක් දැම්මාම එන්තරවාසි එවනවා. ඊට පස්සේ ඉදිරිපත් වෙන කෙනා බයයි මොකද පොලීසියක් ගාණෙ යන්න ඕන. ඒවගේ දේවල් කරන්න වෙලා තියෙනවා. මේකෙ අවුරුදු 06කට ඉස්සර දිය උල්පතක් තිබුණා. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වාහනවලින් යන අය වතුර බොන්න ගන්නවා. පිරිසුදු වතුර. මේ කට්ටිය ආවට පස්සේ මේ වතුර පාර සම්පූර්ණයෙන් හෝටල්වලට ගත්තා. අහිංසක පවුල් 25-30 හිටියා ඒකෙන් ප්‍රයෝජන ගත්ත. කිසිකෙනෙකුට වතුර දුන්නේ නැහැ. ඒකට එරෙහි වුණු සිරිපාල අයියා කියලා කෙනෙක් මැරුණා. 
සම්පූර්ණයෙන්ම තියන ජල උල්පත් ටික හෝටල්වලට. කිසිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දැනුවත් වීමකින් තොරව ජල නළ දාලා පෞද්ගලිකව ගන්නවා. වැලිබිස්ස කියන කොටසේ කුඹුරු අක්කර 15ක් විතර දැන් අවුරුද්දක් විතර තිස්සේ වගා කරන්න බැහැ. ඒක එක සිදුවීමක්. පොඩි ජල උල්පත්වලින් ජල මාර්ග 04ක් අරගෙන තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවට අපි දැනුම් දුන්නා. ඒ අය නඩු පවරනවා කිව්වා. මොනා වුණාද කියලා අපි දන්නෙත් නැහැ. මේ කිරිඳිඔය හරස් කරලා වතුර පාර අරගෙන විශාල වැව් හා සමාන තටාක ගහලා තියෙනවා. ඒවා තනිකර කුඹුරු ඉඩම්. 
විහාරගොඩ කියලා තැනක පන්සලක් තියෙනවා. එතැන සඳකඩපහණ ආදී හැම දෙයක්ම තියෙනවා. පන්සලේ කිසිවක් නැහැ ඔක්කොම ගරා වැටිලා. ඒකත් අල්ලගත්තා. ඒකෙ තිබුණු නිධන් ටික හෑරුවා. අපි ගිහින් බලන කොට ඉඩම් ටික ඔක්කොම හාරලා. මේ අයම තමයි ඒක කළා කියන්නෙ. 
මෙතැන කුඹුරු අක්කර 35ක් විතර තියෙනවා. හෙල පින්නලන්ද, පින්නලන්ද, අංකිරිපහුව, පොල්ගහවෙල ගිනිවාඩිය, විහාරතැන්න, වඩුවෙල කුඹුරුවල ගොවියෝ 35-40ක් වගා කරගෙන හිටපු ඉඩම් ටික අල්ලගන්න ගොවියන් එක්ක ආරවුල් ඇති කර ගත්තා. ගොවියොත් මේ කට්ටියට බයේ ඒ වගාවෙන් ඈත්වුණා. ඊට පස්සේ ඉඩම් හිමියන් ඒ කුඹුරු ටික ඒ කට්ටියගේ අතට පත් කර ගෙන තියෙනවා. ඒකෙන් වෙලා තියෙන්නෙ අසරණ මිනිස්සුන්ට ගොවිතැනක් කරගන්න බැරි වීම. 

uuuuu 11

මේවාට විරුද්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නැහැ – වින්ටන් නිශාන්ත

දුටුගැමුණු රජු අනුරාධපුර, පොළොන්නරුවේ ඉඳලා කතරගමට ගියේ ඉස්සර පයින්. පාරවල් නැහැ. ගඟ අයිනේ තමයි ජනාවාස තිබුණේ. මේක මැදින් බෝධිය අරන් එනකොට කතරගමට ගෙනිච්ච බෝධිය මෙතැන පැළ වුණා. පසුව මෙතැන විහාරතැන්න කියලා ලොකු විහාරයක් ඉදිකළා, දුටුගැමුණු රජතුමා. ගල්වඩුවා හිටපු ගල්වළ එතැනට අල්ලපු තැන. වඩුවෙලින් තමයි ගල් හතරැස් කරලා මෙතැනට ගෙනාවේ. 
බලන්න රටට කරපු අපරාදේ. අපි රට ජාතිය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. පෙර ජාතිය කරපු සියලු කලා නිර්මාණ දැන් වැළලිලා. මේවාට විරුද්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නැහැ. 

ලොව විශාලතම ගුවන්තොටුපොළ 07ක්

01. King Fahd International Airport

1

සෞදි අරාබියේ පිහිටි මෙම ගුවන්තොටුපොළ 1999දී විවෘත කෙරිණි. මෙය ලොව විශාලතම ගුවන් තොටුපොළ වේ. හෙක්ටයාර් 78,000ක භූමි ප්‍රමාණයක මෙම ගුවන්තොටුපොළ පැතිර පවතී. එහෙත් මෙහි පොදු මහජනතාව සඳහා විවෘතව ඇත්ෙත් හෙක්ටයාර් 3,675ක් පමණක් වන අතර ඉතිරි සියල්ල එරටේ රාජකීයයන් සඳහා පමණක් වෙන් වී ඇත.  


02. Denver International Airport

2

දෙවනුවට ලොව විශාලතම හා උතුරු ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපොළ මෙය වේ. මෙම ගුවන්තොටුපොළ 1989දී ආරම්භ කෙරිණි. හෙක්ටයාර් 13,726ක භූමි ප්‍රමාණයක මෙය පැතිර පවතී.


03. Dallas / Fort worth International airport

3

1974 දී ආරම්භ කළ මෙම ගුවන්තොටු‍පොළ ලොව තෙවැනි හා උතුරු ඇමෙරිකාවේ දෙවන තැනට විශාලතම ගුවන්තොටුපොළ වේ. හෙක්ටයාර් 7,800ක භූමි ප්‍ර‘දේශයක මෙම ගුවන්තොටුපොළ පැතිර පවතී. 


04. Charles de Gaulle Airport

4-1

1966 දී මෙම ගුවන්තොටු‍ෙපාළ ආරම්භ කෙරිණි. හෙක්ටයාර් 3,200ක පමණ භූමි ප්‍රමාණයක් හිමි මෙම ගුවන්තොටුපොළ පැරීසියේ පිහිටා ඇත. 


05. Shanghai pudong International Airport

5- 4

චීනයේ ෂැංහයිහි පිහිටි මෙම ගුවන්තොටුපොළ හෙක්ටයාර් 3,350 ක් පමණ වූ භූමි ප්‍රමාණයක පැතිර පවතී. මෙම ගුවන්තොටුපොළ 1997 දී ආරම්භ කර ඇත. 


06. Madrid Barajas Airport

6-5

ස්පාඤ්ඤයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපොළ 1928 දී ආරම්භ කළේය. හෙක්ටයාර් 30,50ක් පමණ භූමි ප්‍රමාණයක් මෙම ගුවන්තොටු‍ෙපාළට අයත් වේ.


07. Beiging Capital International Airport

7

1958 දී මෙම ගුවන්තොටුපොළ ආරම්භ කෙරිණි. මෙය චීනයේ බීජිං නුවර පිහිටා ඇත. හෙක්ටයාර් 2,330ක පමණ භූමි ප්‍රමාණයක මෙම ගුවන්තොටු‍ෙපාළ පැතිර පවතී.

Mrs Sri Lanka 2017

වාසනා දන්තනාරායන මහත්මිය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද %Mrs Sri Lanka 2017^ තරගාවලිය පසුගිය 10 වනදා 'Pegusus Reef'  හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී Mrs Sri Lanka ලෙස කිරුළු පැලඳුවේ ෂෙනාලි පෙරේරාය. මෙහි දෙවනි ස්ථානය දිල්හානි සරත්චන්ද්‍ර දිනාගත් අතර, තෙවැනි ස්ථානය හසිතා කුමුදුනී විසින් අත්කර ගන්නා ලදී. 
මෙහි Mini Pageant කිහිපයක් තිබූ අතර එහි Mrs Talent හසිතා කුමුදුනීද, 'Mrs Photogenic' 'Mrs Body Beauty' අංශයෙන් ෂෙනාලි පෙරේරාද ජයග්‍රහණය අත්කර ගත්තාය. 'Mrs Personality' ලෙස සමනි පතිරගේ තේරී පත් වූහ. 'Pegusus Queen' ලෙස සෙව්මිණි සෞභාග්‍යා කිරුළු පැලඳුවාය.

IMG_7836 IMG_7842 IMG_7859 IMG_8090 IMG_8183 IMG_8237

 

වසරක කාලයකට පොල් බද්ද ඉවත් කෙරේ

වසරක කාලයකට පොල් බද්ද ඉවත් කෙරේ

 

  • වගා කරුවන්ගේ ඉල්ලුමට සරිලන දෙමුහුන් පොල් පැළ ලබාදීමට රු.මි.25ක්.
  • ඉහළ ඵලදාවක් සඳහා ක්ෂුද්‍ර තාක්සණය යොදාගැනීමට අපේක්ෂිතය. වයඹ  විශ්වවිද්‍යාලය ඒ ආශ්‍රිත පරීක්ෂණයට රු.මි.2500ක් වෙන් කිරීමට නියමිතය
  • ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය එම කර්මාන්තයට ගැළපෙන පරිදි ප්‍රතිනිර්මාණය කෙරේ.
  • මොරටුව කොළඹ විශ්වවිද්‍යාවලට නවීන  තාක්ෂණික දැනුම ලබාගැනීමට නව පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂිතය.
  • තොරතුරු තාක්ෂණය සඳහා මි.3000ක් වෙන් කෙරේ.
  • කුළු බඩු හා ආශ්‍රිත නිර්මාණය සඳහා ගුණාත්මක අතින් ඉතා නිෂ්පාදනයට නව නීතිරීති කුරුඳු හා ගම්මිරිස් කර්මාන්තය ප්‍රවර්ධනයට මි.50ක් වෙන් කිරීමට  අපේක්ෂිතය.
  • තේ කර්මාන්තයට, ඵලදායීත්වය වර්ධනයට කුඩා කර්මාන්ත හිමියන්ට රු. මි.250

හම්බන්තොට මෙහෙයුම් දිනය දෙසැ 08 දා කියනවා

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදුකරන දිනය දෙසැම්බර් 08 වන දින ප්‍රකාශයට පත්කරන බව වරාය නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

එදිනට පෙර වරාය බදු ලබාදීමෙන් ලැබෙන මුදලින් 30%කුත්, ඉන්පසුව මාසයක් තුළ තවත් 10%කුත්, මාස 06ක් තුළ ඉතිරි මුදලත් ලැබෙන පවසා සිටියේය.

ගිවිසුම්ගතවීමත් සමග රජයට ඩොලර් මිලියන 146ක් ලැබුණ බවද අද (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

hambanthota

 

හොඳම සෞඛ්‍ය සේවා හා ජීවිත රැකවරණය ඇති රටවල් අතර ලංකාව 34 වැනි තැනට

ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොඳම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබද අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ “The Global Gender Gap Report 2017” වාර්තාවේ මේ බව සදහන් වෙයි.

001

 

ලෝකයේ වැඩි පිරිසක් වැලඳගත් ආගම් අතරින් ප්‍රධාන ආගම් 07ක්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම අනෙකුත් රටවල් තුළද විවිධ ජාතීන් ජීවත් වන අතර, එක් එක් ජාතීන්ට, ප්‍රදේශවලට ආවේණික ආගම්ද දක්නට ලැබේ. ලෝකයේ ජීවත්වන බිලියන 7.5 තුළ වැඩිම පිරිසක් වැලඳගත් ආගම් අතරින් ප්‍රධාන ආගම් 07 මෙසේ දැක්විය හැක.


01. ක්‍රිස්ත්‍රියානි ධර්මය 

ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රීය ලක්ෂය වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය හා ඉගැන්වීම්ය. ලෝකයේ ව්‍යාප්ත වී ඇති විශාලතම ධර්මය මෙය වන අතර, බිලියන 2.2ක අනුගාමිකයන් සහ ගෝලීය ජනගහනයෙන් 31෴කි. ක්‍රිස්තියානීන් බහුතරයක් වෙසෙන  රටවල් 158කි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, මනුෂ්‍යයාගේ ගැලවුම්කාරයා බවත් ඔවුහු විශ්වාස කරති.


02. ඉස්ලාම් ධර්මය

ඉස්ලාමය දේවවාදී ආගමකි. එකම අසමසම දෙවියන් වහන්සේ අල්ලාහ් බවත්, මුහම්මද් යනු දෙවියන්ගේ දූතයා බවත් මොවුහු පිළිගනිති. මෙය ලෝකයේ දෙවන විශාලතම ධර්මය හා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධානතම ආගම වේ. ලෝක ජනගහනයෙන් බිලියන 1.6ක් මෙම ආගම අදහන අතර, එය ප්‍රතිශතයක් ලෙස 22.32෴කි. රටවල් 50ක වෙසෙන බහුතරයක් මුස්ලිම්වරු වෙති.


03. අදේවවාදී ධර්මය

දේවතාවුන්ගේ පැවැත්ම පිළිබඳව විශ්වාසයක් නොමැතිකම අදේවවාදය ලෙස හැඳින්වේ. එසේත් නොමැති නම් අදේවවාදය යනු දෙවි දේවතාවුන් විශ්වාස කරන බව ප්‍රතික්ෂේප කිරීමයි. මෙහිදී පටු හැඟීමක් තුළ, අදේවවාදයේදී විශේෂයෙන්ම දෙවිවරුන් නැතැයි යන ස්ථාවරයක සිටිනු දක්නට ලැබේ. අදේවවාදීන් ලෝක ජනගහනයෙන් බිලියන 1.1ක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 15.35%කි.


04. හින්දු ධර්මය

හින්දු ආගම යනු ඉන්දියානු ආගමක් හෝ ජීවන රටාවක් වන අතර, දකුණු ආසියාවේ පුළුල් වශයෙන් ව්‍යවහාර කෙරේ. හින්දු ආගම ලෝකයේ දක්නට ඇති පැරණිතම ආගම ලෙස හැඳින්වේ. සමහර විශාරදයන් සහ විද්වතුන් එය මානව ඉතිහාසයේ එපිටින් 'සදාකාලික සම්ප්‍රදාය' හෝ %සදාකාලික සනාතන ධර්මයක්^ ලෙස හඳුන්වයි. ක්‍රි.පූ. 500 හා ක්‍රි.පූ.300 අතර කාලය තුළ මෙම හින්දු සංස්ලේෂණය ආරම්භ විය. ලෝක ජනගහනයෙන් බිලියන 1ක් වන මෙම ආගම අදහන්නන්ගේ ප්‍රතිශතය 13.95% කි.


05. චීන ආගම

චීන ජන වර්ගය හෝ හන් ජනක ආගම යනු හාන් ජනතාවගේ ආගමික සම්ප්‍රදායක් ලෙස හැඳින්වේ. ස්වභාව ධර්මයේ බලවේග හා මුතුන් මිත්තන්ට ගරු කිරීම, හානිකර බලවේගයන්ගේ අපවාදයන් සහ තර්කානුකූල ස්වභාවය පිළිබඳ විශ්වාසය, මිනිසුන්ගේ හා ඔවුන්ගේ පාලකයන්ගේ බලපෑම් සහ ආත්ම හා දේවතාවන්ගේ බලපෑම යන සිද්ධාන්ත මත මෙය ගොඩ නැගිණි. නමස්කාරය දෙවිවරුන් හා අමරණීය පුද්ගලයන් (ෂෙන්) යන විවිධාකාර විවිධත්වයන් සඳහා සිදුකර තිබේ. එකොළොස්වෙනි ශතවර්ෂයේ මෙම ක්‍රමානුකූලව බෞද්ධ ආගම්  හා පුනර්ජීවනය හා බෞද්ධ ධර්මකාය පිළිබඳ ටාඕවාදී ඉගැන්වීම් සමග සමීපව පැවතුණි. 
මෙය ලෝක ජනගහනයෙන් මිලියන 394ක් වන අතර, එහි ප්‍රතිශතය 5.5%කි.


06. බෞද්ධ ආගම

බුද්ධාගම යනු ආගමක් සහ ධර්මාවබෝධය බුදුන්ට ආරෝපණය කළ ඉගැන්වීම් මත පදනම්ව අාධ්‍යාත්මික පිළිවෙත් ආවරණය කරන ධර්ම දර්ශනවාදයකි. බුදු දහම ආරම්භ වූයේ ක්‍රි.පූ. 6 සිට 4වන සියවස් අතර කාලයේ පෞරාණික ඉන්දියාවෙන්ය. එය පසුකාලීන යුගයේ ඉන්දියාවේදී පහත වැටුණි. බුදු දහම ථේරවාද (පාලි) සහ මහායාන (සංස්කෘත) වශයෙන් කාණ්ඩ 02කට බෙදා ඇත. බුද්ධාගම ලෝකයේ හතර වැන විශාලතම ධර්මය වන අතර, මිලියන 520ක අනුගාමිකයන් එයට සිටී. මෙහි ප්‍රතිශතය 7%කි.


07. ජන වර්ගවලට ආවේණික වූ ආගම්

ආගමික අධ්‍යයනයන්හිදී ජනවාර්ගික ආගම් විශේෂ ජනවාර්ගික කණ්ඩායමක් සමග සම්බන්ධ වී ඇති ආගමකි. වාර්ගික ආගම් ස්වාධීන ආගම් පමණක් නොවේ. ඇතැම් ජනවාර්ගික කණ්ඩායම්වල ඇතැම් ආගමික ජනවර්ගයන් අයත් වන්නේ ඇතැම් වාර්ගික කණ්ඩායම්වලට පමණි. බිලියන 300ක ජනගහනයක් මෙයට අයත් වන අතර, ප්‍රතිශතය 4.19%කි.

- පියුමි කරුණාතිලක

ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වන බෞද්ධ සමුළුව නොවැම්බර් මස 02 වැනිදා සිට 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

එහි සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප්‍රමුඛ ගිනි පැවිදි නියෝජිතයන්රැසක් මෙම සමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.

මෙය ජාතික උත්සවයක් ලෙස නම්කර පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

'ලෝක සාමය උදෙසා බුදු දහම'  යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙම සමුළුව මෙහෙයවනු ලබයි.

මෙහිදී ලෝක සාමය හා සාරධර්ම ඇතිකරලීම හා ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා මත ප්‍රකාශයක් එළිදැක්වීමටද නියමිතව ඇත.

141209_m6a2286 copy

 

 

මම අදත් කල්පනා කරන්නේ අවුරුදු අටේ ළමයෙක් විදියට

ළමා සාහිත්‍යයේ ස්වරූපය සැකසීමට දායක ‍වෙමින් ළමා ‍ලො‍‍වේ ‍නොමැ‍කෙන සටහන් තැබූ චිත්‍ර ශිල්පිනියක සහ ‍ලේඛිකාවක වන සිබිල් ‍වෙත්තසිංහයන්ගේ අනූව වැනි ජන්ම දිනය මේ මස 31 වැනිදාට යෙදී තිබේ. එය නිමිති කර ගනිමින් එදින (31දා) සිට ‍නොවැම්බර් මස 02 වැනිදා දක්වා ලයනල් ‍වෙන්ඩ්ට් කලාගාර‍යේදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 'ආයු‍බෝ ‍වේවා, අනූවට පා තබන සිබිල්' මැයෙන් නම් කර ඇති ‍මෙම ප්‍රදර්ශනය, 31 වැනිදා සවස 4.30 සිට හා ‍සෙසු දින ‍දෙ‍කෙහිදී උදෑසන 10.00 සිට සවස 7.30 වනතෙක් විවෘත කර තැබේ. මේ ඒ පිළිබඳ සටහන ඇය සමග කළ කතාබහකි.


Sybil Press

Q වත්මන් ලාංකේය ළමා සාහිත්‍ය ගැන මොකද හිතන්නේ?

මම පරම්පරා හතරක ළමයින්ට චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ නිසා මම අනෙක් අයගේ සාහිත්‍ය විවේචනය කිරීම වැරැදියි. සදාචාරාත්මක නැහැ.

Q ඒත් ඔබේ අවධියේ ළමයා නෙමෙයිනේ අද ඉන්නේ. එහෙම නේද?

ඔව්. ඒක ඉතින් ඒ ඒ කාල අනුව වෙනස් වෙනවානේ. අනික තාක්ෂණය දැන් දියුණුයි. ළමයා ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. ඔවුන්ට ඉතා ඉහළ තාක්ෂණයක් තියෙන නිසා ක්‍ෂණිකව ඔවුන්ගේ වැඩ හිතන්නත් කලින් සිදුවෙනවා.

Q ඒ නිසාද ළමයින්ගේ චින්තනය මොට වෙලා තියෙන්නේ?

නැහැ. ළමයින් දැන් එදාටත් වඩා බුද්ධිමත්ව හිතනවා. ඔවුන්ට තියෙන්නේ නවීන අදහස්. ගැටලුව තියෙන්නේ ඔවුන්ට ඒ අදහස්වලට දෙමවුපියන් ඉදිරියට එන්න නොදීමක්. මොකද වැඩිහිටියන්ට අවශ්‍ය කරන්නේ ළමයින්ව තරගකාරී අධ්‍යාපන ක්‍රමයකට හුරුකර වීම. ඒත් කොයි කාලෙත් ළමයින් ළමයින්මයි. අනෙක දැන් ළමයින්ට ලෝකය ගැන විශාල දැනුමක් තියෙනවා.

IMG_0535

Q හැබැයි ළමයින්ට අද අමතර පොත්පත් කියවන්නත් වෙලාවක් නැහැ?

පොත්පත් තියා සොබාදහම ඇසුරු කරන්නවත් අද ඔවුන්ට නිදහස නැහැ. ඒ තරමට ඔවුන්ගේ ළමා කාලය හොරකම් කරලා. ඔවුන්ගේ කැමැත්තත් අහිමි කරලා. දෙමවුපියන්ගේ වහල්ලු බවට ඔවුන්ව පත්කරලා.

Q ඒ වුණාට නව තාක්ෂණයත් එක්ක ළමයින් පොත්පත් කියවීමෙන් දුරස් වෙලා නේද?

ළමයි පොත්පත් කියවන්න අකැමැතියි කියන කතාව බොරුවක්. ඔවුන් කැමැතියි පොත්පත් කියවන්න. වැඩියෙන් කැමැතිත් පින්තූර පොත්වලට. ඒත් දෙමවුපියන් තමයි ඒ කැමැත්ත අහිමි කරලා තියෙන්නේ. මොකද ඔවුන් ළමා මනස හඳුනාගෙන නැහැ. ළමා මනෝ විද්‍යාව දන්නේ නැහැ. ඒත් ළමා සිතිවිලි හරිම වැදගත්. ඒ නිසා ඔවුන්ගේ අදහස්වලට ඉඩ දෙන්න ඕන.

Q කෙසේ නමුත් ළමා මනෝ විද්‍යාව හැදෑරූ ගුරුවරු තමයි බොහෝ පෙරපාසල්වල සහ ප්‍රාථමික පාසල්වල ඉගැන්වීමේ නියැළෙන්නේ?

ඒත් ගැටලුව තමයි ඔවුන්ගෙන් බොහොමයක් එම දැනුම ඉගැන්වීමේදී භාවිත නොකිරීම. ළමයින්ව ඔවුන්ගේ ළමා කාලය අනුව නිර්මාණය කරන්නෙත් නැහැ. අනෙක ඒ ගුරුවරු ළමයින්ගේ මතයට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ පිළිබඳ මටත් පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. අඩුම ගාණෙ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය තුළ අකුරු ලිවීම, ගණන් හැදීමවත් උගන්වන්නේ නැහැ කියලා දැන් දෙමවුපියන් දන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ගෙවීමට සරිලන අධ්‍යාපනයක්. නැතුව ලෝකය ගැන ඉගැන්වීම සිදුවෙනවද යන්න එයාලට වැඩක් නැහැ. ඒ නිසා පළමුව සැකසිය යුත්තේ දෙමවුපියන්ගේ මනස.

Q වර්තමානයේදී ළමා පොත් යන්නත් හුදු වෙළෙඳාමක් බවට පත්වෙලා නේද?

ඔව්. මටත් ඒ ගැන ආරංචි වුණා. දැන් මේවා බස් රථවල බාල අන්දමින් විකිණෙනවලු. අනික අන්තර්ගතයත් ඒවායේ ඉතා භයානකයි. ඒකයි බරපතළකම.

IMG_0534

Q ඒ නිසා නේද ළමා සාහිත්‍ය කෘති සමීක්ෂණයකට ලක්කෙරෙන සමීක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කළ යුත්තේ?

අනිවාර්යයෙන්ම. හැබැයි ඊට ළමා මනස ගැන අවබෝධයක් ඇති පිරිසක් පත්විය යුතුයි. ඔවුන් හරහා තමයි මේ පොත් අනුමත විය යුත්තේ. ඒත් විදෙස් රටවල නම් මෙවැනි සාහසික තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි ඔවුන්ගේ රටවල මේ විදිහට මාළු විකිණෙනවා වගේ ළමාපොත් විකිණෙන්නේ නැත්තේ. මේක අපේ රටේ වැරැද්ද.

Q ළමා සාහිත්‍යකරුවෙකු වීමට සැපිරිය යුතු සුදුසුකම් මොනවද?

ළමා මනස හොඳින් තේරුම්ගත යුතුයි. ළමා ආකල්ප දැනගත යුතුයි. ළමා සිතිවිලි දැනගත යුතුයි. එහෙම බැරි නම්, එවැනි අය පොත් නොලියා සිටිය යුතුයි.

Q ලෝක මට්ටමේදී ළමා සාහිත්‍යයට පවතින පිළිගැනීම මොනවගේද?

ළමා සාහිත්‍ය තමයි විදෙස් රටවල ඉහළින්ම තියෙන්නේ. ඔවුන් දන්නවා එහි වටිනාකම. ඒ තරම් ඔවුන් ඒවා පිළිගන්නවා. මොකද ඔවුන් දන්නවා ළමයින්ට ආදරේ ඕන කියලා.

IMG_0533

Q අද ළමා පුවත්පත් කලාවේ කඩාවැටීමක් තියෙනවා නේද?

මම වැඩ කරන කාලේ %බිංදු^ පත්තරේ ලක්ෂ 125ක විශාල අලෙවියක් පෙන්නුම් කළා. මුල්ම වතාවටයි එවැනි අලෙවියක් වාර්තා වුණේ. ඒත් පස්සේ මේ සඳහා දෙමවුපියන් පැමිණිලි කළා. විභාග ප්‍රශ්න පත්තර නැහැ කියලා කෑගැහුවා. මොකද ළමයා නෙමෙයි තීරණය කළේ මේ පත්තරේ ගන්නවාද නැද්ද කියලා. දෙමවුපියෝ. ඒ නිසා මම ඒ පැමිණිලි මත එයින් ඉවත් වුණා. ඒත් මම ඒ පත්තරෙන් එදා බලාපොරොත්තු වුණේ පන්ති කාමරෙන් පිටත ලෝකයෙන් ළමයා පොහොසත් කිරීමයි. 

Q අද වෙද්දි ජනකතා නොදන්නා අත්තම්මාවරුත් බිහිවෙලා?

ඔව්. ඔවුන් ඒවා දන්නෙත් නැහැ. කියවලත් නැහැ. ජනකතා, ජාතකකතා මොනවද කියලවත් ඔවුන් දන්නේ නැහැ. ඒත් අපේ කාලේ අත්තම්මලා ජනවහර හරහා ජනකතා අපට දායාද කළා. අනික ඔවුන් පොතපත කියවූ මිනිස්සුත් නෙමෙයි. හැබැයි ඒවත් මගේ සාහිත්‍යයට බලපෑවා. ඒත් අද ජනකතා ගැන දන්නේ නැත්තෙත් අකුරු දන්නා උගතුන්ටයි.

Q ඔබේ මනසේ ජීවත් වන ළමයා ගැන ඔබට දුකක් නැද්ද?

නැහැ. ඒ ගැන මම ඕන තැනක බය නැතුව කියනවා. මගේ මනස ඇතුළේ ඉන්න ගමේ ජීවත් වන ළමයා තාම වැඩිලා නැහැ. ඒ නිසා මම අදත් කියනවා මගේ මනස ඇතුළේ පොඩි ළමයෙක් ජීවත් වෙනවා කියලා. ඒත් මිනිස්සු නම් කියන්නේ මම තාම වැඩිලා නැහැ කියලයි. හැබැයි ඔවුන්ගේ ඒ මතයටම තමයි මමත් හුඟක්ම කැමැති. මොකද මම අදත් කල්පනා කරන්නේ අවුරුදු අටේ ළමයෙක් විදියට.

IMG_0531 IMG_0315 IMG_0305 IMG_0299 IMG_0243