Category Archives: Top_story

ජනපති ධුරයෙන් යන දවස ගැන ජනපති කියයි

ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප‍්‍රශ්න කළත් තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊයේ (18) පස්වරුවේ කොස්ගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරන බවත් පැවැසීය.

2015 ජනවාරි 08 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයින් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා  කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දුෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදින් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප‍්‍රශ්න කළේය.

එමෙන්ම පැවති පාලනය සහ හිටපු නායකයින් ගැන ජාත්‍යන්තරයේ ඇති සහතික මැකී ගොස් නොමැති බවත් යළිත් ජාත්‍යන්තරය හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ කර රටේත් ජනතාවගේත් අනාගය අදුරු කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ සමග ආපසු හැරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

05 copy

 

එක්දින කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහභාගීවන ඉදිරි තරග මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වීම හේතුවෙනි.

තරගාවලියේ පළමු තරගය ඊයේ (17දා) සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්විණි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 12ක පරාජයක් හිමිවිණි. 

CRICKET-SRI-BAN

ජනපති කැබිනට්ටුවෙනුත් නැගිට යයි

එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිලෙස විචේනය කරන බැවින් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයකටතවදුරටත් එකට ගමනක් යා නොහැකි බවත් ජනාධිපති ධූරයෙන් ඉවත්ව යාමට තමා සුදානම් බවත් පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකිනෙකා චිවේචනය කරගැනීම සම්බන්ධයෙන් ඊයේ(16දා) කැබිනට් මණ්ඩලයේදී සිදු වූ උණුසුම් වාග් සංග්‍රාමය දුරදිග යාමෙන් මෙලෙස ජනාධිපතිවරයා නැගිට ගොස් ඇත.

එහිදී දැඩි ආවේගයෙන් පැය භාගයක් පමණ දීර්ඝව කතාකරමින්  ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත. &සමහරු මාව බයකරන්න හදනවා, සමහරු මාව යවන්න හදනවා , තවත් අය බණ්ඩාරනායක මහත්තයා ගියපාරේ මාව යවන්න හදනවා කවුරුත් කලබල වෙන්න ඔනෑ නැහැ මම යන්න ලැස්තියි.

 මම විධායක ජනාධිපතිකෙනෙක් විදිහට නෙමෙයි සියල්ලන්ටම සැලකුවේ. ඕනි දෙයක් මාත් එක්ක කතාකරලා විසඳාගන්න පුළුවන්කම තියෙද්දි ඔයගොල්ලෝ ඔය වගේ හැසිරෙනවානම් මටත් විධායකයේ බලය පෙන්නන්න පුළුවන්* යැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා නැගිට ගියපසු අග්‍රාමාත්‍යවරයාද නැගිටගොස් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ. පැයක පමණ කාලයක් මෙලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කර ඇති අතර, එයට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද සහභාගි වී ඇත.

ඉන්පසුව යළි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැමිණ මුලසුන ගෙන කැබිනට් මණ්ඩලයේ කටයුතු ආරම්භකර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර කිසිවෙකු විවේචනය නොකරමින් ඉදිරියේදී ආණ්ඩුව ගෙන යායුතු බව එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇති අතර, එයට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ සහ මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි සහ එස්.එම්. මරික්කාර් යන අය ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කරන බව මෙහිදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ගත වූ වසර තුන තුළම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කළ බවයි. එසේ වුවද ඒ පිළිබඳ අග්‍රාමාත්‍යරවයා කිසිවෙකුට පැමිණිලිනොකළ බවද ඔවුන් මෙහිදී පවසා ඇත.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග තමා කිසිවිටක අමනාප වී නොමැතිබවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමට තමන්ට අවශ්‍ය නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රටේ ජනතාවගේ ඉල්ලීම මත තමා බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව පත්කළ අතර, එමගින් එක්සත් ජාතික පක්ෂයට හානියක් සිදුකිරීමට අරමුණු නොකළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පවසා තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ආණ්ඩුවට එක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර ආදීන් ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන බවයි.

මෙම සංවාදය දිගින් දිගටම පැවතී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙය සමථයකට පත් නොවන්නේනම් තමා යාමට සුදානම් බවයි.

ජනාධිපති ධුරයේ මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ කිසිදු විරෝධයක් නොමැති බවත්, ජනාධිපතිවරයා පත්කරගත්තා සේම මේ ආණ්ඩුවේ කාලය අවසන් වනතුරු ජනාධිපතිවරයා ධුරයේ කටයුතු කළ යුතු බව එක්සත්ජාතික පක්ෂයේ අරමුණ බවත් මෙහිදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පවසා ඇත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්ව ගිය අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් එකිනෙකාට පවසා ඇත්තේ %ජනාධිපති ඉන්නවට අපි කැමතියි. ඉන්න බැහැ කියලා අයින්වෙනවා නම් අගමැතිතුමාව ජනාධිපති කරන්න අපි ලෑස්තියි කියාය.

කෙසේහෝ අවසානයේ යළි කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි පවත්වා ඇති අතර, එකිනෙකා විවේචනය කරනොගැනීමටසියලු දෙනා එකඟ වී ඇති බවද සඳහන් වේ.

ඒ අනුවයහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සහශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමතිවරුන් එකිනෙකා විවේචනය කිරීම වැළැක්වීමටත්,සහයෝගයෙන් ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීමටත් කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණ ඇත.

03 copy

 

 

 

ජනපතිගේ ධුර කාලය අවුරුදු 5

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 5කට සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ජනපතිවරයාට ලබාදෙමින් පවසා ඇත.

ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය කළ මත විමසීමක් අනුව පත්කළ පංච පුදගල විනිසුරු මඩුල්ල ජනපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමාවන බව දන්වා ඇත.

ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවයි. 

law-court_2900691b

නීති ලිහිල් කළ නව මත්පැන් චක්‍රලේඛය හෙටින් අවලංගුයි – ජනපති

මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය වහාම අවලංගු කිරීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බව ජනපකි මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පස්වරුවේ අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පැවසීය.
ඒ අනුව හෙට සිට එම චක‍්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම නිදහස භුක්තිවිදීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.

8

නීතිපති තර්කය හරි නම් මටත් යළි පුළුවන් – මහින්ද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපත් කරන තර්කය පිළිගන්නවා නම් තමාට නැවත ඉදිරිපත් වීමට පුළුවන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.

"මට මේක ගැටලුවක් නැහැ කොයි මතයේ ගියත්. නීතිපතිවරයාගේ මතය අධිකරණය පිළිගත්තොත්, දෙවරකට වඩා ඉල්ලන නීතිය මට හා චන්ද්‍රිකාට බලපාන්නෙ අනාගතයට. ඉතිං නීතිපතිවරයාගේ තර්කය පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්. මම යළිත් ඉදිරිපත් වෙනවද, නැද්ද කියන එක නොවෙයි ගැටලුව, මම කියන්නෙ මේ තර්කය පිළිගත්තොත් කියන එකයි.

මම හිතන්නෙ, ව්‍යවස්ථාවේ තියෙන විදියට අර්ථ කථනය කළොත් මෙය කල්දමන්න බැහැ. පාර්ලිමේන්තුව පත් කරගත්තෙ කවුද? ජනතාව. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් වුණේ. එතකොට ජනතාවගේ ඡන්දයෙන් තමයි, ජනතා පරමාධිපත්‍ය ඇති වුණේ. ඒ නිසා එම තර්කය බිඳ වැටෙනවා."

පාර්ලිමේන්තුව නොසන්සුන් – ගුටි හුවමාරුවක්

(VIDEO) අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.

විපක්ෂයේ නොසන්සුන්තාව හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය කතාව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කළේය.  ඉන් අනතුරුව විනාඩි 10කට සැසිවාරය අත්හිටුවීය.

පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයා කටයුතු කළේය.

මෙහිදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවිය.

එහිදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කලන්තේ දමා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටත් කටයුතු කළේය.

පසුව පාර්ලිමේන්තුව 23 දා දක්වා කල් තැබිණ.

 

DTKDS2zU8AEuOF3

2021 දක්වා බලයේ සිටිය හැකිදැයි ජනපති විමසයි

තමාට 2021 වසර දක්වා ජනපතිධුරයේ කටයුතු කළ හැකිදැයි යන්න පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වන අතර ඒ අනුව වත්මන් ජනපතිවරයාගේ ධුර කාලයද 2020 වසරෙන් පසුව අවසන් වන බවට මේ වනවිට ගැටලුවක් මතුව තිබේ.

නමුත් 19 වැනි සංශෝධනයට පෙරාතුව ජනපතිවරගේ ධුර කාලය වසර හයක් වූ අතර  ජනපතිවරයාගේ අදාළ විමසීම සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී විවාදයට ගැනීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ජනපතිවරයා විමසා ඇත්තේ තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 9 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32(01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි යනුවෙනි.

මේ  පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස ජනවාරි 14 දා හෝ ඊට ප්‍රථමව දැනුම් දෙන ලෙස ජනපතිවරයා දන්වා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත අධිකරණයේදී බ්‍රහස්පතින්දා විවාද කරීමට නියමිත අතර නීතිඥ සංගමයේ මතය 11දා පෙව. 11.00ට පෙර දන්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරී නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇත.

sri-lanka-president-maithripala-sirisena3

ප්‍රවීණ ගායකයාගේ බිරිය රිමාන්ඩ්

(UPDATE) රන් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ ගායකයෙක්ගේ බිරිඳ එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


රන් වංචාවක් සම්බන්ධයෙන් පොලීසියට බාර වූ ප්‍රවීන ගායකයාගේ බිරිඳ තංගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඇයව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන ගොස් ඇත.


රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන තංගල්ල පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි. 

31 හැවිරිදි වියේ පසුවන ඇය 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී, බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.

24394-jewellery-pixabay

රාජගිරිය පාලමටත් මොරගහකන්දටත් පිවිසුම මගේ ආණ්ඩුවෙන් – මහින්ද

රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීමත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළේත් තමන්ගේ ආණ්ඩුව කාලයේ බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සිය තුන්වැනි සංවත්සරය සමරන අද දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ “මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්,ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.” ලෙසින්ද වැඩිදුරටත් සඳහන්ව තිබිනි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

Sinhala_Anniversary_p1

Sinhala_Anniversary_p2 Sinhala_Anniversary_p3 Sinhala_Anniversary_p4 Sinhala_Anniversary_p5 Sinhala_Anniversary_p6