Category Archives: sports

නිකොලා ගෙදර යවයි

‍ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියාව බලා පිටත්කර හැරීමට එම කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබේ. ඒ ඔහු කොන්දේ ආබාධයක් හේතුවෙන් නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

තරගාවලියට පෙරාතුව බ්‍රසීලය හා පැවැති පුහුණු තරගයකදී නිකොලා ආබාධයකට ලක්විය. මේ පිළිබඳව අදහස් දක්වන ක්‍රොඒෂියා පුහුණුකරු පවසන්නේ “ මගේ ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට ශාරිරික වශයෙන් යොග්‍ය වීම අවශ්‍යයි” යනුවෙනි.

ක්‍රොඒෂියාව වෙනුවෙන් තරග 41කදී ගෝල 15ක් වාර්තා කිරීමට නිකොලා සමත්වී ඇති අතර පාපන්දු ලීග තරගාවලියන්හිදී ඔහු මේ වන විට ඉතාලියේ ඒ.සී. මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

_102097624_gettyimages-543021768

වසර 34කට පසු ඔස්ට්‍රේලියාව පහළටම

වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. 1984 වසරේදී ඔස්ට්‍රේලියාව අවසන්වරට අංක හය ස්ථානයේ පසුවී තිබේ. එංගලන්තය හා පැවැති පළමු එක්දින තරග දෙකේ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙසේ පහතට වඩී තිබේ.

තරග පහකින් යුත් එක්දින තරගාවලියේ තවත් තරග තුනක් ඉතිරිව ඇති අතර එයින් එක් තරගයක් හෝ ජයගතහොත් ඔස්ට්‍රේලියාවට එක් ස්ථානයනක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිව තිබේ.

2017 වසරේ පටන් ඔස්ට්‍රේලියාව එක්දින පිටයේ අසාර්ථක තරග රටාවක් පෙන්නුම් කරමින් තිබේ. අවසන්වරට ක්‍රීඩා කර ඇති එක්දින තරග 15න් 13ක්ම ඔවුන් පරාජයට පත්ව ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රි ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානයේ පසුවෙයි.

i

2

ලුකාකුගෙන් ගෝල ද්විත්වයක්

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. 'ජී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට  පැනමාව සමත්විය.

ඒ අනුව එම අර්ධය කිසිදු කණ්ඩායමක් ගෝල රහිතව නිමාවට පත්විය. නමුත් දෙවැනි අර්ධය ආර්මභයෙන් මිනිත්තු 2 ක් ගතවද්දී ඩ්‍රස් මර්ටෙන්ස් ගෝලයක් වාර්තා කලේ තරගයේ වාසිය බෙල්ජියමට රැගෙන එමිනි. කෙසේ නමුත් ඉන් අනතුරුව මැන්චෙස්ටර් ප්‍රහාරක රොමේලු ලුකාකු තරගයේ පාලනය සියතට ගත්තේ තරගයෙට් අවසන් මිනිත්තු 20 තුළදී ගෝල ද්විත්වයක් වාර්තා කරමිනි.

_102101586_romelu_lukaku_reuters2

 

කේන්ගේ ගෝලයෙන් එංගලන්තයට ජයක්

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

නැවතත් තරගයේ 91 වැනි විනාඩියේදී කේන් ගෝලයක් වාර්තා තරගය එංගලන්තයට ජයග්‍රහණය කර දුන්නේය.

3632

මහානාමට සංගාට මහේලට මුත්තයියාට අර්ජුනගෙන් තුති

බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ස්තුතිය පිරිනමන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් කමිටුවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනාවක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවකදීයි.

බුකීකරුවන් සහ ව්‍යාපාරිකයින් ක්‍රීඩකයින්ව සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට බිල්ලට දීමට උත්සාහ කිරීම තමන් දැඩිව හෙළා දකින බවත්. එවැන්නක් සිදු වන්නේ නම් එය නතර කර ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළවෙලක්  සකසන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

“අද ක්‍රිකට් පරිපාලනයට එන ව්‍යාපාරිකයින් සිදු කරන්නේ අපේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් ඉසරහට දාලා, ඔවුන්ගේ නම් විකුණලා, බිල්ලට දීලා හැමදාම බලයේ සිටීම උත්සාහ කිරීමයි. අපි දැක්කා දයාසිරි ජයසේකර ඇමැතිතුමාත් කමිටු පත් කළා. නමුත් කිසිම දෙයක් වුණේ නැහැ. දැනුත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ගේ නම් කිහිපයක් ඉස්සරහට ගෙනවිත් ඔවුන්ව බිල්ලට දෙන්න, විකුණන්න උත්සාහ කරනවා. මේ කරන්න හදන්නේ මොකද්ද ?  කාලය දීර්ඝ කරගැනීමේ ක්‍රමවේදයක්. නමුත් අද මම ඇත්තටම සන්තෝෂ වෙනවා රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල, මුරලිදරන් වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් එවැන්නකට අසු නොවීම ගැන. ක්‍රීඩකයින් ලෙස අපි කාටවත් පාවිච්චි වෙන්න හොඳ නැහැ. ක්‍රිකට් විනාශ කළ පුද්ගලයින්ට නැවත ක්‍රිකට් පරිපාලනයේ පැත්ත පළාතේ එන්න ඉඩ නොදීමට ක්‍රීඩකයින් ලෙස එකට සිට ගෙන කටයුතු කිරීමට දැන් අපිට කාලය පැමිණිලා කියලත් මම කියනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කියන්නේ ඉතාමත් දුර්වල කණ්ඩායමක්. නමුත් ඒ කණ්ඩායම හමුවේත් අ‍පේ කණ්ඩායම ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙනවා. මේ සිදුවීම් එක්ක අපේ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම්, අපේ අමාත්‍යවරු පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම්, මේ බුකිකාරයින්ට, ව්‍යාපාරිකයන්ට මේ විනාශය කිරීමට ඉඩදීලා  ක්‍රිකට් තවදුරටත් විනාශ කරනව නම්, වත්මන් යහපාලන ආණ්ඩුව මේ රටේ ක්‍රිකට් විනාශම කළ ආණ්ඩුව බවට පත්වෙයි. නැත්නම් මේ යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වෙලා ඉදිරි අවුරුදු දෙකේදී ක්‍රිකට් නැත්තටම නැති වෙලා යයි. අමාත්‍යවරයෙක් හැටියට මටත් ඒකේ වගකීම එනවා. මම ඒ සියල්ල ගැනම අගමැතිතුමාවත් ජනාධිපතිතුමාවත් දැනුවත් කර තියෙනවා. ඒත් මම දැනුත් කතාකරන්නේ වේදනාවෙන්.”

Arjuna-Ranathunga

වැස්ස හා බ්‍රැත්වෙයිට් ලංකාවේ ජයග්‍රහණය වළකයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.

තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 253ක් රැස්කළ අතර ඒ සඳහා පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 300ක් රැස්කළේය. නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 342ක් රැස්කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට ලකුණු 296ක ඉලක්කකයක් හිමිවිය. තරගය පස්වැනි දිනයට නිමා කරන විට කොදෙව් කණ්ඩායමේ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පන්දු 172කදී නොදැවී ලකුණු 59ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රි ලංකාව වෙනුවෙන් කසුන් රාජිත හා සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවාගත්හ.

277478

 

 

සී.ආර්. දෙවැනි අදියරේ ශූරතාව දිනද්දී සමස්ත ශූරතාව සී.එච්.ට

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ කුසලාන අවසන් තරගයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී 'ඒ' කණ්ඩායම ලකුණු 21-12ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ තුරඟ තරග පිටියේදී පෙරේදා (17දා) නිමාවට පත්විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය නාවික හමුදා 'ඒ' ,  පලඟ ශූරතාව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 'බී' හා, බඳුන ශූරතාව පොලිස් 'ඒ' හා පළිහ ශූරතාව නාවික හමුදා 'සී' ලෙස කණ්ඩායම්වලට බෙදී ගියේය.

මේ අතර මෙහි කාන්තා අංශයේ ශූරතාව එහි පළමු අදියරේ ශූරයන් වූ නාවුක හමුදා කණ්ඩායම විසින්ම දිනාගත්තේය.

කෙසේ වෙතත් පළමු අදියරේදී ලබාගත් ප්‍රසාද ලකුණු සටහන අනුව තරගාවලිය් සමස්ත ශූරතාව සමස්ත ලකුණු 85ක් ලබාගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 'ඒ' කණ්ඩායම විසින් හිමිකර ගත්තේය. කාන්තා අංශයේ සමස්ත ශූරතාව නාවික හමුදාව විසින් දිනා ගනු ලැබූයේ ප්‍රසාද ලකුණු 100 සම්පූර්ණ කර ගනිමිනි. තරගාවලියේ වැඩම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වූයේ පොලිස් ක්‍රීඩා සමාජයේ කසුන් සුරංග (19)ය‍. එමෙන්ම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින්  සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා සම්මාන දිනා ගත්ත්ය.

AID_3507 AID_3512 AID_3529 AID_3535 AID_3556 AID_3631 AID_3651 AID_3694 AID_3773

තරගාවලියේ  වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ පොලිස් 'ඒ' කණ්ඩායමේ කසුන් සුරංග

AID_3778

තරගාවලිියේ වටිනාම ක්‍රීඩකයා වූ සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා

AID_3843

සමස්ථ ශූරතාව දිනූ සී.එච් ඇන්ඩ් එෆ්.සී. 'ඒ' කණ්ඩායම

AID_3838

දෙවැනි අදියරේ ශූරතාව දිනූ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

කොදෙව්වන්ට ලකුණු 296ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබේ.

i-(1)

 

දඬුවම් පහරින් ස්වීඩනය ජයගනියි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය අද (18දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.

නමුත් 65 වැනි විනාඩියේදී ස්වීඩන කණ්ඩායමට ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ස්වීඩනයේ ග්‍රැන්ක්විස්ට් සමත්වීම හේතුවෙන් තරගයේ ජය ස්වීඩනයට හිමිවිය.2002 වසරෙන් පසුව ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය දඬුවම් පහරක් සාර්ථක කර ගත් අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.

_102096444_gettyimages-977774984

ශ්‍රී ලංකා තරගාවලියෙන් තාහීර් විවේක ගන්වයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් විවේක ගන්වා ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලිය ජුලි 29 දා ආරම්භවීමට නියමිතය.

තාහීර්ගෙන් පසුව දකුණු අප්‍රිකාවට සිටින හොඳම දඟ පන්දු යවන්නා කවුරුන්ද යන්න පිළිබඳව අවධානය යොමුකිරිමට තාහීර්ව තරගාවලියෙන් විවේක ගන්වා ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ආබාධයකට ලක්ව ඇති ක්‍රිස් මොරිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සළකා බලා නොමැත. දෙරට අතර පවැත්වෙන එකම විස්සයි තරගයටද නම් කළ එක්දින කණ්ඩායම අදාළ වෙයි.

එක්දින සංචිතය – ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ජුනියර් ඩලා, කුයින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, කේෂාව් මහරාජ්, ජේ.පී. දුමිනි, කේෂාව් මහරාජ්, ඇයිඩෙන් මර්ක්‍රම්, ඩේවිඩ් මිලර්, වියෑන් මල්ඩර්, එල්. එන්ගිඩි, ඇන්ඩිලේ පෙහ්ලුක්වායෝ, කාගිසෝ රබාඩා,ටබ්‍රායිස් ශම්සි

1