Category Archives: pilisaran

අවුරුදු 5 බර කිලෝ 80යි අමායා සුවකරන්න උපකාර කරන්න

අසාමාන්‍ය බර වැඩිවීමේ තත්ත්වයට පත්ව සිටින කඩුගන්නාව පදිංචි අමායා ෂාවින්දි තෙන්නකෝන් (05) දියණියගේ ඉදිරි කටයුතු සිදු කර ගැනීමට ඇයගේ දෙමාපියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

මේ වන විට  කිලෝග්‍රෑම් 80 ක් පමණ අසාමාන්‍යව වැඩී ඇති  තම දියණියට ප්‍රතිකාර කිරීමට ‍හෝ  නිසි පරිදි  ආහාර පානවත් ලබාදීමට හරිහැටි රැකියාවක්  නොමැති  අමායාගේ පියාට නොහැකි තිබේ. තමන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අදහස් දැක්වූ අමායා ෂාවින්දිගේ මව වන මධුකා කුමාරි මහත්මිය මෙසේ පවසා සිටියාය.

“ 2012-02-28 පේරාදෙණිය මහ රෝහලේදි තමා මගේ දුව ඉපදුනේ. දවස් දෙකෙන් ටිකට් කැපුවම අපි දරුවව අරගෙන සතුටින් ගෙදර ආවා. ඊට පස්සෙ දවස් 8 කින් දුවට උණ හැදුනා.  ඊට පස්සෙ මාස 3ක් පේරාදෙණිය මහ රෝහලේ නැවතී බේත් ගත්ත. එහිදී වෛද්‍යවරු පරීක්ෂණ වගයක් කරල කිවුව දරුවට විෂබීජයක් ගිහිල්ල කියල. බෙහෙත් මාස 3ක් විතර විද්ද ඒත් අඩුවක් වුණේ නැහැ.

මාස 6 ක්  පහු වුණ ගමන් දුවගෙ බර වැඩි වෙන්න පටන් ගත්ත. දුව හම්බ වෙද්දි තිබ්බෙ බර කිලෝග්‍රෑම් 2.380 යි. ඉන් පස්සෙ මාසෙට කිලෝග්‍රෑම් 1  ගානෙ වැඩි වෙන්න පටන් ගත්තා.  

දැන් දරුවගෙ ඇස් දෙක පේන්නෙත් නැ.ඇවිදින්නත් බැහැ. දරුව ඉන්නෙ ඇඳේ විතරයි. මහත්තය නිවසේ ඉන්න වෙලාවට රෝද පුටුවට ගිහින් තියනව.

වෛද්‍යවරු කියනව පලතුරු, එළවළු වැඩියෙන් දෙන්න කියල. නමුත් අපිට ඒකටවත් හරියට මුදලක් නැහැ.

අපි අනුරාධපුරයෙ වෙද මහත්තයෙක්ගෙන් සිංහල වෙදකම් කළා. එතකොට බර අඩු වුණා.  ඒ නිසා විශ්වාසයක් තියෙනව දරුවව අපිට හොඳ කරගන්න පුළුවන් කියල. ඒත් ඒකටත් අපිට මුදල් නැහැ.’’

 මෙම දැරියට උපකාරයක් කිරීමට කැමැති අය වෙතොත් කඩුගන්නාව මහජන බැංකුවේ  මධුකා කුමාරි වන  දරියගේ මවගේ නමින් ගිණුම් අංක 159-2-002-6-0036682 යටතේ විවෘත කර ඇති ගිණුමට ඒ සඳහා වන ආධාර පරිත්‍යාග කළ හැකිය.

 2 (2) 3 (2) 4 (2) 5 (2) 6 (2) 7 (2)

ඔත්පලව සිටින මවට උපස්ථාන කරන පුතා

හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව සිටින සිය මවට උපස්ථාන කරන පුත්‍රයෙකු පිළිබඳ පුවතක් බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ගල්නෑව, බුල්නෑව නව ගම්මානය, අංක 32 පදිංචි සඳුන් දිසානායක (අවු.22) නමැති තරුණයෙකු මෙලෙස සිය මවට ඇපඋපස්ථාන කරමින් ඇයව ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටියි.

ඔහුගේ මව වන එරන්දි මනමේන්ද්‍ර (අවු.52) නමැත්තිය හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව සිටින්නීය. ඇයගේ එකම දරුවා වූ සඳුන්, සිය මවගේ සියලු කටයුතු සිදුකරමින් ඇයට උපස්ථාන සිදුකරමින් කටයුතු කරන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.මීට වසර දෙකකට ඉහත දී සඳුන්ගේ පියා හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් ජීවත් වීමට ඔවුන්ට සිදුව ඇත.

උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන්ට රැකියාවක් කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත්තේ සිය මවට උවටැන් කිරීමට සිදුවීම හේතුවෙනි. ඔහුගේ මවට අස්ථි දිරායෑමේ රෝගයක් වැලඳී මේ වනවිට කොඳුඇට පෙළෙහි අස්ථි බිඳී ඇත. එක් අතක අස්ථි සම්පූර්ණයෙන්ම බිඳීගොස් තිබේ. 

ඇය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට සිය නිවසට වී සිටින්නීය. සඳුන්ගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනාව තම මව සුවපත් කරගැනීමය.මෙම අසරණ පවුලට උපකාර කළ හැකි අ‍යෙකු වෙතොත් සඳුන් දිසානායක නමින් ලංකා බැංකුව, ගල්නෑව ශාඛාවේ පවතින 81701829 දරන ගිණුමට ආධාර මුදල් බැර කළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 071-3808958 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

DSC03193 copy DSC03198 copy DSC03201 copy DSC03215 copy

 

හඳුනාගත නොහැකි රෝගයකින් පෙළෙන ගලේවෙල සිවු හැවිරිදි දරුවෙක්

ගලේවෙල, දඬුබැඳිරුප්ප, දේවහුව ප්‍රදේශයේ පදිංචි දිල්හාර නවෝද්‍ය තිලකරත්න සිවු හැවිරිදි දරුවෙකු වුවද, ඔහු තරමක් වැඩිහිටි පෙනුමකින් යුක්තය.
සුරංග තිලකරත්න මහතාගේ සහ රූපා වනසිංහ මහත්මියගේ දෙවැනි දරුවා ඔහු වන අතර, දඹුල්ල මූලික රෝහලේදී ඉපදී දින කිහිපයක් යද්දී ඔහු සොයාගත නොහැකි රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබිණි.

ඒ අනුව දරුවා වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව දඹුල්ල රෝහලෙන් කොළඹ ළමා  රෝහලට මාරුකර යවා තිබේ. මාස ගණනාවක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දිල්හාර වැඩි කාලයක් ජීවත් වූයේ අධිසත්කාර එක්කයේ බවත්, වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර රැසක් සිදු කළ බවත් දරුවාගේ දෙමවුපියෝ පවසා සිටිති.
මේ වනවිට දරුවාගේ සම රැලිවැටී වැඩිහිටි පෙනුමක් තිබෙන බවත්, නිරන්තරයෙන් අසනීප වන අතර, ඔහුගේ ශරීරය වෙනත් ළමුන්ට සාපේක්‍ෂව විකෘති තත්ත්වයක් තිබෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති. මෙවැනි සිද්ධීන් ලෝකයේ ඉතා සීමිතව සිදුවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.

තම දරුවාට ප්‍රතිකාර කිරීමට තරම් වත්කමක් තමන්ට නොමැති බවත්, තම සැමියා කුලී වැඩක් කර සොයාගන්නා මුදලකින් සියලු කටයුතු සිදුකරන බවත් දරුවාගේ මව පවසා සිටියාය.

"ඥාතීන් ළඟට දරුවාව යවන්නේ කොහොමද, සමාජයට යවන්නේ කොහොමද, පෙරපාසලට, පාසලකට ඇතුළත් කරන්නේ කොහොමද කියලා අපි ගොඩක්  හිතනවා. අපි ඉන්න මානසික තත්ත්වය අපි විතරයි දන්නෙ. සමාජයේ හැමෝම නොවෙයි, ගොඩක් පිරිස් මගේ දරුවා දිහා බලන බැල්ම, සිතුවිලි අපට තේරෙනවා. දැන් පුතාටත් ඒක තේරෙනවා. ඒ දුක වාව ගන්න බැහැ. 

එයා ඉගෙන ගන්න ආසයි. ඒත් එයා තවම නොතේරෙන පුංචි දරුවෙක්. එයාට කැමැති කෑමක් අරන් දෙන්න තියා බෙහෙත් ටිකවත් ගන්න නොහැකි වීම නිසා අපි ඉන්නේ හරිම වේදනාවෙන්" යැයි ඇය පවසන්නීය.

තම දරුවා සුවපත් කරගැනීමට උපකාර කළ හැකි අයෙකු වෙතොත්  එය මහත් පුණ්‍යකර්මයක් බවත්, මේ පිළිබඳ වැඩි විස්තර 077-6947497 හෝ 077-1864431 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවත් දරුවාගේ දෙමවුපියෝ පවසති.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

මේ දරුවාට පිහිටක් වන්න

උපතින්ම ස්නායු ආබාධයකට ගොදුරුව සිටින මීගහකිවුල, හෙල මකුල්ගොල්ල ගම්මානයේ පදිංචි  ක්‍රිෂාන් මධුසංක  දරුවා සුවපත් කර ගැනීමට ඔහුගේ දෙමාපියෝ පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර බලාපොරොත්තු වෙති.

ක්‍රිෂාන් මධුසංකගේ පියා වන  ඩී.එම්ත තුෂිත රෝහණ මහතාට හෝ මව වන ඩී.එම්.මල්ලිකා මහත්මියට කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. වගා කරන්නට ඉඩකඩම් කිසිවක් ද නොමැති අතර ඔවුන් ජීවත් වන්නේ රජයෙන් ලැබෙන රුපියල් 415.00 ක සමෘද්ධි ආධාරයෙන් හා එදිනෙදා කරන කුලී වැඩකින් උපයා ගන්නා සුළු මුදලිනි.

දරුවා රැක බලා ගැනීමට නිවසේ එක් අයෙකු අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතු නිසා ඔවුන්ට අමතරව යම් මුදලක් සොයා ගැනීමට ඇති ඉඩකඩද සීමාවී ඇතැයි  දරුවාගේ පියා වන  ඩී.එම්.තුෂිත රෝහණ මහතා පවසා සිටියේය.

තමන් පත්ව ඇති අසීරුතාව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්වැනි දරුවා. මෙයා ඉපදුනේම රෝගියෙක් විදිහට. එයාට කවදාවත් ඔළුව උස්සල බලන්න බැහැ. ඇඳේ හාන්සි වෙලා තමා ඉන්නේ. ඒ නිසා කවන්න පොවන්න වැසිකිළි යන්න මේ හැම දේම කවුරු හරි ළඟ ඉඳල කරන්න ඕනි. ඒ නිසා අපි දෙන්නගෙන් කවුරු හරි එයා ළඟ අනිවාර්යයෙන් ඉන්න ඕනි. ඒ නිසා කුලී වැඩක් කරන්නවත් අපට යන්න විදිහක් නැහැ.

මෙයා ඉපදුන දවසේ ඉඳල බදුල්ල රෝහල ඇතුළු රෝහල් ගාණකට අරන් ගියා. දොස්තර මහත්තුරු ප්‍රතිකාර කළා. ඒත් සුවයක් නැහැ. තාමත් මාසෙකට සැරයක් සායනවලට අරන් යන්න ඕනි. එයාගේ බේත් හා විටමින්වලට මාසෙකට රුපියල් 3000ක් විතර යනවා. වාහනවලටත් සෑහෙන මුදලක් යනවා. කිසි ආදායමක් නැති අපි හරිම අමාරුවෙන් තමා මේ දරුවා රැක බලා ගන්නේ. අඩුම ගාණේ මේ දරුවට බේත් ටිකක් ගන්න හරි දරුව සනීප කර ගන්න හරි කවුරු හෝ උදවුවක් කරනව නම් ඒක ලොකු පිනක්." යැයිද පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 07729 37666 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකි අතර දරුවාගේ මව වන ඩී. එම්. මල්ලිකා නමින් ගිණුම් අංක 76893052 යටතේ ලංකා බැංකුවේ මීගහකිවුල ශාඛාවේ ආරම්භ කර ඇති ගිණුමට ඒ සඳහා වන ආධාර මුදල් බැර කළ හැකිය.

2 3 4 5 6

මීගහකිවුල එන්. කේ .නිශ්ශංක

 

වකුගඩු රෝගියා ඔබේ ආධාර පතයි

දිවුලපිටිය, උල්ලපොළ, අංක 92 පදිංචි එච්.ඒ.ජේ. අනුර කුමාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට හැකි ඉක්මනින් 'ඒ' පොසිටිව් (A+) හෝ 'ඕ' (O) වර්ගයේ  වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ජාතික වෘක්තවේද කාන්දු කිරීමේ සහ බද්ධකිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍ය අනුර ප්‍රියන්ත හේවාගීගන  මහතා නිර්දේශ කර ඇත.

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් 011-2653778, 077-5896002 ‍යන දුරකථන අංකවලට හේ මොරටුව, මෝල්පේ, දෑගසව් මාවත, අංක 09/B යන ලිපිනයට දැනුම් දෙන ලෙස අනුර කුමාර මහතා ඉල්ලා සිටියි. 

පන්සලට ලැබෙන දානයෙන් පවුලක් නඩත්තු කරන හාමුදුරුවෝ

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නොසිටියා නම්, තම පවුලටම මහමග හිඟාකෑමට වන බව දරුවන් සිවුදෙනෙකුගේ මවක වූ දැනට අංශභාගය රෝගය සෑදී ඔත්පොලව සිටින දවුලගල හන්දෙස්සේ පදිංචි ශාමා ගීතාංජලී (අවු.37) මහත්මිය පවසයි.

අංක 220/2, දිග්ගල වත්ත, හපුගහයට තැන්න, දවුලගල, හන්දෙස්ස පදිංචි ශාමා ගීතාංජලී දරුවන් සිවුදෙනෙකුගේ මවක වන අතර, විවාහ වීමට ප්‍රථම කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

විවාහයෙන් පසු දවුලගල ස්වාමියාගේ නිවසට පදිංචියට පැමිණ ඇත. වසර කිහිපයක් ගතවන විට දූවරුන් සිවුදෙනෙකු ඔවුන්ට ලැබී ඇති අතර, දරුවන් සියලු දෙනාම දූවරුන් බැවින් නීත්‍යනුකූලව පිරිමි දරුවෙකු සාදාගැනීම සඳහා අසරණ පවුලකින් ලබාගෙන ඇත.

මෙලෙස තම ස්වාමියා සමග කාලය ගතකරන විට දරුවන්ගේ මවට අංශභාගය රෝගය වැලඳීමෙන් එක් අතක් සහ කකුලක් අප්‍රාණික වීමෙන් එක්තැන් වී තිබේ.

1 copy

ඉන්පසු තම පවුලට ආදරයෙන් සිටි ස්වාමියා දරුවන් 05 දෙනා අතහැර දමා වෙනත් කාන්තාවක සමග ගොස් ඇති බව ඇය පවසයි. මේ සම්බන්ධව දවුලගල පොලීසියේද පැමිණිල්ලක් කර ඇති බවත්, මේ දක්වා කිසිදු වන්දි මුදලක් ස්වාමියා විසින් ලබා නොදෙන බවද ඇය පවසා සිටියාය.

තම ස්වාමියාගේ නිවසේ ජිවත් වන ඇය ඇතුළු පවුලේ දරුවන් 05 දෙනා සමග ස්වාමියාගේ මව වන වයස 70ක් පමණ වන සීලවතී මහත්මියද සිටිති.

ඇයටද කුලියක් කරගැනීමටද නොහැකි තත්ත්වයකින් සිටින නිසා තම සහෝදරයන් හා අසල්වැසියන්ගෙන් ලැබුණු ආහාරවලින් ජීවිතය ගැටගසා ගත්තද, දරුවන්ට ඉගැන්වීමට ක්‍රමයක් නොමැති බව තම සිතට දැනුණු විට දරුවන් සමග ජීවිතය පවා නැතිකර ගැනීමට සිතුණු වාර අනන්ත බව දරුවන්ගේ මව වන ශාමා ගීතාංජලී මහත්මිය පැවසීය.

මෙලෙස දිනෙන් දින කාලය ගතවන විට ගමේ විහාරයේ ලොකු හාමුදුරුවන්ගෙන් ලද පණිවුඩයකට අනුව නිවසේ සිටින මිත්තණිය දවුලගල හන්දෙස්ස හපුගහයට තැන්න ශ්‍රී ශෙලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියන් හමුවී ඇත.

25 copy

මිත්තණිය අප සමග පැවසුවේ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසි විටක අඩාල නොකරන ලෙසටත්, විහාරයට ලැබෙන ආහාර පාන හැකි අයුරින් දිනපතා ලබාදෙන බවටත්, දානය නොලබෙන අවස්ථාවලදී ආහාරපාන ගැනීම සඳහා මුදල් ලබාදෙන බවටත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදී දරුවන් නිසිමගට ගැනීමට කැපවෙන්නේ නම්, උදවු කිරීමට හැකි බවටත් නායක හිමියන් පැවැසූ බවයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ, තම ලේලියට අංශභාගය රෝගය සෑදුණු පසු තම පුතු වෙනත් කාන්තාවක සමග ගොස් ඇති බවත්, දරුවන් හා ලේලිය තම නිවසේ සිට ජීවත් කරවීමට ගමේ විහාරයේ නායක හිමියන් මේ වනවිට වසර එකහමාරක් පමණ විහාරයට ලැබෙන ආහාර මුදල් තමන්ට ලබාදෙන බවත්ය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දවුලගල හන්දෙස්ස හපුගහයටතැන්න ශ්‍රී ශෙලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියෝ,

''මේ අපේ පන්සලේ දායක පවුල ගොඩාක් සමගියෙන් හිටියා. පිරිමි දරුවෙක් නැහැ කියල දරුවෙකුත් අරගෙන හදාගත්තා. දැන් වසර එකහමාරකට විතර ඉහතදී දායක මහත්මියට අංශභාගය රෝගය හැදිල අතකුයි කකුලකුයි පණනැති වුණා. ඔය අතරේ දායක මහත්මියගේ ස්වාමියා දරුවන් 04 දෙනා දාලා වෙනත් කාන්තාවක් එක්ක ගිහින් කියලා දැනගන්න ලැබුණා.

දරුවන්ට හරියට කන්න බොන්න නැහැ. දරුවන් පාසල් යන්නෙ නැහැ කියලා මට දැනගන්න ලැබුණා. මම එයාලව පන්සලට ගෙනැල්ලා උපදෙස් දුන්නා, පන්සලට ලැබෙන දානෙ දෙන්නම් ඔයාලට ජීවත් වෙන්න, දරුවන්ගෙ අධ්‍යපන කටයුතු නවත්වන්න එපා කියලා.

මමත් පිරිවෙන් ගුරුවරයෙක්. දැන් විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. මගේ විහාරයෙත් කුඩා සාමනේර හිමිවරු 05ක් විතර වැඩ ඉන්නවා. තවත් පිරිවෙනේ ඉගෙන ගන්න දරුවන් 04ක් විතර ඉන්නවා. ඒ අය ජීවත් කරවන්නෙ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ගන්නෙ මට ලැබෙන විශ්‍රාම මුදලෙන්. මම ඒ කටයුතු කරන ගමන් අර පවුලටත් මාසෙකට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනැල්ල දෙනවා. උදවු කරනවා. ඒ දරුවනුත් අධ්‍යාපනයෙන් හොඳ තැනකට ඇවිත් ගතකරයි කියන බලාපොරොත්තුවකින් තමයි මම උදව් කරන්නෙ'' යැයි පැවසූහ.

 7 copy 15 copy 23 copy  26 copy 32 copy 38 copy

 

තම රෝගී දරුවාට ලැබුණු මුදලින් කොටසක් පරිත්‍යාග කළ නූතන විශාකාවියක්

අක්මා ආබාධයකින් පෙලුණු තම මිය ගිය දරුවාගේ අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් එවැනිම අක්මා ආබාධවලින් පෙළෙන දරුවන් දෙදෙනකුගේ ශල්‍යකර්ම සඳහා ලබාදුන් නූතන විශාකාවියක් ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේදී (21දා) හමු විය.

මේ පරිත්‍යාගශීලි කාන්තාව ගාල්ල වක්වැල්ල පදිංචි ඩබ්ලිව්.‍ඒ. දිනේෂා රංගනී ඇයයි.  

ඇය සිය සැමියා වන අසංග ගමගේ මහතා සමග පසුගිය (18) සහ (21) යන දෙදින දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයට අවස්ථා අවස්ථා දෙකක දී පැමිණ මෙම පරිත්‍යාග සිදු කරනු ලැබුවාය.

ගාල්ල වක්වැල්ල අපේ ගම ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය සඳනෙත් ලාලිත මාස 11ක දරුවා වෙනුවෙන් ඔහුගේ මව සහ පියා විසින් එකතු කරගත් මුදලින් රුපියල් ලක්ෂ විස්සක මුදලක්  එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන රාගම ප්‍රදේශයේ පදිංචි චෙනුති සතිස්මා (මාස 8) වෙනුවෙන් ප්‍රදානය කිරීම 18දා සිදු විය.

සතිස්මාගේ මව වන සජීවනී විරානි හෙට්ටිආරච්චි මහත්මියට මෙම මුදල් පරිත්‍යාග කිරීම සිදු විය.

ඉන් අනතුරුව රංගනී මහත්මිය ඉකුත් 21 වැනි දිනද එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන මොනරාගල කුඹුක්කන පදංචි එච්. එම්. ඩිලානි සෙත්මිණි දැරියටද (අවු9) ඉන්දියාවේ දි සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය සදහා රුපියල් ලක්ෂ 15ක් පිරිනමනු ලැබුවාය.

පුතුගේ වියෝව පිළිබදව අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. දිනේෂා රංගනී මෙසේ කීවාය. "මගේ පුතා අක්මා රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන්ගෙන් මම දැන ගත්තා. ඒ සදහා රුපියල් ලකෂ 85ක් පමණ වැය වෙන බව වෛද්‍යවරු පැවසුවා.

එම අක්මා බද්ධ ශල්‍යකර්මය ඉන්දියාවේ දී සිදු කළ යුතු බවත් වෛද්‍යවරු කීවා. ඊට පසු මමත් පවුලේ අයත් පොළවල් ගානේ යමින් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් එකතු කළත් අවශ්‍ය මුදල ලබාගත හැකි වූයේ නැහැ. පසුව මෙම සිද්ධිය විවිධ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසුව අවශ්‍ය මුදල සොයා ගෙන ශල්‍යකර්මය කිරීමට සූදානමින් සිටියදී අවාසනාවන්ත ලෙස දරුවා මිය ගියා.

පුතාට රාගම රෝහලේදී ප්‍රතිකාර ගැනීමේ දි තවත් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනකු හඳුනා ගත්තා. එම දරුවන්ට ඉන්දියාවේ දී අක්මා බද්ධ ශල්‍යකර්මය කිරීමට නියමිතව තිබුණ මගේ දරුවා මිය ගිය නිසා එම දරුවාට ශල්‍යකර්මය කිරීමට රුපියල් ලක්ෂ 80 වැයවෙන නිසා මගේ පුතා වෙනුවෙන් එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් මුදලක් එම දරුවන්ගේ දෙමාපියන්ට මම ලබා දුන්නා. මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට සසරේදී කවරදාවත් මෙවැනි අකල් මරණවලට මුහුණ පෑමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කිරීමයි."

චෙනුති සතිස්මා දැරිය කරන ලද පරිත්-යාගය

සිවුදරු පවුලකට නව නිවෙසක් සැදීම අරඹයි

හදිසි අනතුරකින් සැමියා මිය යාමත් සමග අසරණව දිවිගෙවූ සිවුදරු පවුලකට සිංගක්කුලිය, යෝගියාන සරසවි කලා සංගමයේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේද ආධාර ඇතිව නිවෙසක් ඉදිකිරීමට මුල්ගල තැබීම එම සංගමයේ සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

මෙම නිවෙස ඉදිකෙරෙනුයේ දංකොටුව ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ දික්වෙල ගමේය. ටී.සුසාරි සහ ඇගේ දරු පවුල සඳහා මෙම නිවෙස ඉදිකෙරෙන අතර, මේ සඳහා රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වැයවී තිබේ.

ආගමික වතාවත්වලින් අනතුරුව මුල්ගල තැබීම සරසවි කලා සංගමයේ සභාපති ආනන්ද කරුණාරත්න මහතාගේ අතින් සිදුකෙරිණි.

එම අවස්ථාව සඳහා කොටියාගල සීවලී හිමි, සංගමයේ ලේකම් සුසවන්ත කුමාරසිංහ, භාරණ්ඩාගාරික උපාලි රණසිංහ යන මහත්වරුන් ඇතුළු සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් හා ප්‍ර‘දේශවාසීහු පිරිසක් සහභාගි වී සිටියහ.

1

2 

5

අක්මා රෝගයකින් පීඩා විඳින දිනුත්ට පිහිටක් වෙමු

මාතර, වැලිගම, පිටදූව පදිංචි දිනුත් විසල්ක (අවු.07) දරුවා දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර, ඔහුට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

ඒ සඳහා මාස දෙකහමාරක් තුළ රුපියල් ලක්‍ෂ 70ක මුදලක් සොයාගත යුතු බවත්,  දැඩි ආර්ථික අසීරුතා මධ්‍ය‘යේ ජීවත් වන තමන්ට තනිවම එම මුදල සොයාගත නොහැකි බවත් දරුවාගේ මව වන මධුකා සෙව්වන්දි මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දරුවාගේ මව,

''අපි වැලිගම, පිටිදූව ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුවට වයස 11 යි, පුතාට වයස 07යි.  පුතාගේ නම දිනෙත් විසල්ක. 2014 වර්ෂයේ මුලින්ම එයාට ආවෙ ඇඟ කැසීමේ රෝගයක්. වෛද්‍යවරුන්ට පෙන්වලා බෙහෙත් ගත්තත් හොඳ වුණේ නැහැ. පසුව සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නුවා කරාපිටිය රෝහලේදී. එහිදී ලේ පරීක්ෂණ කළා.

එතකොට තමයි දැනගත්තේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මාස 05ක් විතර බෙහෙත් කරලා පසුව රාගම ශික්ෂණ රෝහලට එක්ක යන්න කිව්වා, දරුවාගේ අක්මාවේ කොටසක් අරන් පරීක්‍ෂණයක් කරන්න. ඒ පරීක්‍ෂණයේ වාර්තාව වුණේ දරුවාට සිරෝසිස් රෝගය කියලා.

2014 ඉඳන් මේ දක්වා ඒ රෝගයට බෙහෙත් කළා. බෙහෙත්වලට විශාල මුදලක් වියදම් වුණා. මසකට දසදහසකට අධික මුදලක් වියදම් වෙනවා. අවසානේ මහත්තයා විදෙස්ගත වුණා, දරුවාගේ බෙහෙත්වලට යන මුදල හොයන්න. එයා දැනට ඩුබායි රටේ රියදුරෙකු ලෙස සේවය කරනවා. 

ලේ පරීක්ෂණ සෑම මාසයකම රාගම රෝහලේදී කරනවා. ගිය මාසයේ ඒ පරීක්ෂණය කළාම වෛද්‍යවරු කිව්වා. ලේවල ප්‍රතිශතය වැඩියි, බබාට බෙහෙත්වලින් සනීප කරන්න බැහැ, අක්මාවේ කොටසක් අක්‍රීය වෙලා ඒ කොටස ඉවත් කරලා කොටසක් බද්ධ කරන්න වෙනවා කියලා. තව පවුලේ කෙනෙක්ගේ අක්මාවේ කොටසක් වෙන්නත් ඕන සහ ලේ ගැලපෙන්නත් ඕන කිවුවා.

අවසානයට මගේ අක්මාවේ කොටසක් දරුවාට බද්ධ කරන්න තීරණය වුණා. නමුත් එය ඉන්දියාවේ චෙන්නායිවල කරන්න ඕන. ඒ සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 70ක් වැය වෙනවා. ඒ තරම් මුදලක් අපට හොයාගන්න නැහැ. වැඩි කාලයකුත් නැහැ, මාස දෙකහමාරක කාලයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙ* යැයි පවසා සිටියාය.

දරුවාගේ සැත්කම සඳහා උපකාර කළ හැකි අයෙකු වෙතොත් ආර්.පී. මධුකා සෙව්වන්දි නමින් සම්පත් බැංකුව, වැලිගම ශාඛාවේ 120954085136 දරන ගිණුමට හෝ මහජන බැංකුව, වැලිගම ශාඛාවේ පවතින  077200100026959 දරන ගිණුමට ආධාර මුදල් බැරකරන මෙන් දරුවාගේ මව ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩි විස්තර 041 2 260 257 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

ලෝක කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ප්‍රදර්ශනාත්මක තරගයක් – සංගා හා මහේල නෑ

නියඟය හා ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට ආධාර ලබාදීමේ අරමුණින් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. තරගය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව අද (13දා) තහවුරු කළ අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ලෝක කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම එම කණ්ඩායම් නියෝජනය කර ඇති ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

“තරගයට එක්වෙන ක්‍රීඩකයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට අපට හැකියාවක් නෑ. නියඟයෙන් හා ගංවතුරින් විපතට පත් ළමුන් වෙනුවෙන් ආධාර එක්කිරීමට මෙම තරගය පැවැත්වෙන්නේ. ඒ සඳහා අයි.සී.සී.යේ සහාය අපට ලැබුණා. ඉන්දියාවත් ඇතුළුව ලෝක කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් රටවල් හතේ ක්‍රීඩකයන් තරගාවලියට එක්වෙතැයි අපි අපෙක්ෂා කරනවා.”

“අපි තරගාවලියට එක්වන ක්‍රීඩකයන් පිළිබඳ අවසන් තීරණයක් ගන්නේ අනෙක් රටවල් සමග කතා කිරීමෙන් පසුවයි.  අවාසනාවකට කුමාර් සංගක්කාරට මේ තරගයට එක්වෙන්න බෑ. මොකද ඔහු විදෙස්  කණ්ඩායම් කිහිපයක් සමග ක්‍රීඩා කරනවා. මේ පිළිබඳ අපි මහේලටත් කතා කළා. ඔහුටත් යොදාගත් වැඩ තිබෙනවා. ඔහු පැවසුවේ තරගයට එන්න උපරිම ලෙස උත්සාහ කරන බවයි. හැකියාවක් තිබුණොත් ඔහු තරගයට එයි.”

කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම සනත් ජයසූරිය මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගය හරහා උපයාගැනීමට අපේක්ෂා කරන ආධාර මුදල  රුපියල් මිලියන 35-40ක් පමණ වන බවද ඈෂ්ලිද සිල්වා මහතා පැවසීය.