Category Archives: main_slider

ජනපති ඡන්දය භාවිත කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී චන්දය භාවිතා කළේය. අද (10 පෙරවරුවේ ඡන්ද දායකයන් සමග පෝලීමේ සිටිමින් ඔහු ඡන්දය භාවිත කළේය. ජනපති පුත් දහම් සිරිසේන මහතාද මීට එක්ව සිටියහ.​

11120035 copy 11120037 copy  president chandaya damima (polonnaruwa) (4) copy

අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය භාවත කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති විද්‍යාල මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සිය ඡන්දය භාවිත කළේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ මෙවර සාමකාමීව මැතිවරණය පැවැත්වීමට හැකිවූයේ එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ ක්‍රමය ආරම්භ කිරීමෙන් පසුව බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

B37A3089 copy B37A3109 copy B37A3144 copy

ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමීව

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව අපගේ ප්‍රාදේශීය වාර්තා කරුවන් පවසනවා. අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශයක් කරමින් පැවැසුවේ උදෑසනම ඡන්දය භාවිත කරන ලෙසයි. මේ වන වි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ සැලකිය යුතු පිරිසක් ඡන්දය භාවිත කර ඇත.

අද ප්‍රාදේශීය වාර්තාකරුවන් – ඡායාරූප මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි

20180210_070103_resized copy 20180210_070150_resized copy 20180210_070208_resized copy 20180210_075414_resized copy 20180210_075617_resized copy 20180210_075636_resized copy

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙතට

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙතට රැගෙන යාම මේ වන විට ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වී ඇත.

ඒ සඳහා පොලිස් ආරක්ෂාවද සපයා ඇත. පූර්ව මැතිවරණ කාලය සාපෙක්ෂ ලෙස සාමකාමී බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

ඡායාරූප/සටහන – ප්‍රාදේශීය වාර්තාකරුවන් මගින්

20180209_084451_resized copy 20180209_085647_resized copy 20180209_090236_resized copy DSC_3467 copy DSC_3476 copy DSC_3501 copy DSC_3510 copy DSC03575 copy DSC03579 copy DSC03588 copy

බෙල්ලන්විල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති

අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනු නාහිියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනි දැල්වීම මීට ස්වල්ප මොහොතකට පෙර සිදුකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී අදාහන පූජෝත්සවය පැවැත්වෙයි.

ගෞරවනීය මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ අන්‍යාගමික පූජකයන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම විශාල ජනකායක් මෙම අවස්ථාවට එක් සිටියහ.

අවමංගල්‍ය සභාව ඇමතූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ බෙල්ලන්විල විමරතන හිමියන් දායද කළ දෑ බොහෝ  බවත් උන්වහන්සේගේ චරිතය ආදර්ශයක් බවත්ය.

චිතකයට ගිනි දල්වන අවස්ථාවේදී වර්ෂාවද පතිත විය.

_KSR4315 _KSR4328 _KSR4349 _KSR4360 _KSR4362 _KSR4366 _KSR4371 _KSR4432 _KSR4435 _KSR4456


ඡායාරූප ජනපති මාධ්‍ය අංශය

01 copy 02 copy 03 copy 04 copy

05 copy 06 copy 07 copy 08 copy 09 copy 14 copy

ලෙබනන් සාම සාධක කටයුතු සඳහා කමාන්ඩෝ හා SF සෙබළුන්

එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරි සඳහා ලෙබනන් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක කණ්ඩායමට විශේෂ බළකාය හා කමාන්ඩෝ බළකායේ සෙබළුන් එක්වීමට නියමිතය.

මීට අමතරව එම කණ්ඩයට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුළත්ය.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ පළමු කණ්ඩායම ( අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 43 දෙනෙකු) පෙබරවාරි මස තුන්වන සතියේ එම රාජකාරි භාරගැනීමට ලෙබනන් බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ.හේවගේ විසින් මෙම නව සාම සාධක කණ්ඩයට අණදීම සිදුකරනු ලබන අතර,  ඉතිරි භට පිරිස් 2018 පෙබරවාරි මස 18, 19 සහ මාර්තු මස 06 යන දිනයන් හිදී දිවයිනෙන් පිටත්වීමට කටයුතු යොදා තිබේ.

Lebanon (1) copy copy Lebanon (5) copy Lebanon (6) copy Lebanon (7) copy Lebanon (13) copy

 

 

පාද හතරක කුකුළෙක්

පාද හතරක අසාමාන්‍ය පිහිටීමක් ඇති කුකුළෙකු නාත්තන්ඩිය ප්‍රදේශයේ කුකුල් කොටුවකින් හමුවී ඇත. මෙම  කුකුළා සාමාන්‍ය පරිදි පාද දෙකෙන් ඇවිද යන අතර අමතර පාද දෙක තම පිටේ රඳවාගෙන ගමන් කරයි.  මෙවැනි දුර්ලභ සිද්ධීන් කොතෙකුක් ඇතත් වාර්තාවන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බව එම කුකුළු කොටුවේ හිමිකරු පවසා  සිටියේය.

ලුණුවිල-ආර්-ප්‍රනාන්දුපුල්ලේ

NP-16 copy

 

ඇලෝසියස් හා පළිසේන නැවතත් රිමාන්ඩ්

(UPDATE) 11.28 AM 

මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


10.13 AM ඇලෝසියස් හා පළිසේන නැවතත් අධිකරණයට 

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් අද (05දා) නැවතත් අධිකරණයට ඉදිරිපත් කළේය.

කොළඹ කෙටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කළ අතර ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අද (05දා) දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණි.

ඡායාරූප ශමිර රාජපක්ෂ

DSC_2941 DSC_2944 DSC_2948 DSC_2967 DSC_2981 

 

ලංකාවේ නිදහස් දින දා ලන්ඩනයේ කොටි උද්ඝෝෂණ

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සමරු උත්සවය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවතෙද්දී එම ස්ථානයට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ජනතාව සටන් පාඨ කියමින් කලහකාරී ලෙස හැසිරෙමින් උද්ඝෝෂණයක් කළහ.

මහකොමසාරිස් කාර්යාලය අවට දැඩි පොලිස් රැකවල් දමා තිබුණද, නිදහස් උත්සවයට පැමිණි ශ්‍රී ලාංකිකයන් සමග ආවේගශීලීව ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීමත් සමගම ලංඩන් මෙට්‍රොපොලිටන් පොලීසියට තත්ත්වය පාලනය කරගත නොහැකි විය.

වහාම කැරලි මර්දන පොලිස් නිලධාරීන් කැඳවූ ඔවුහු සිද්ධිය ගුවනේ සිට අධීක්ෂණය කිරීමට පොලිස් හෙලිකොප්ටර් යානා දෙකක්ද යෙදවීමට කටයුතු කළහ.

දෙමළ ඊළාම් රාජ්‍ය දිනා ගන්න තුරු සටන අත්නොහරින අතර, ශ්‍රී ලංකා රජය හා හමුදාව යුද අපරාධ සිදු කළ බවත්, රජය සහ හමුදාව තවමත් දෙමළ ජනතාව සමූල ඝාතනය කරමින් සිටින අතර, ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බවත්, ඔවුන්ගේ එකම නායකයා ප්‍රභාකරන් බවත් ප්‍රධාන සටන් පාඨ ලෙස සටහන් කරමින් තිබිණි.

තවද රඳවාගෙන සිටින ද්‍රවිධ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසද ඔවුන් දැඩිව ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් උදෑසන 10.30ට පමණ නිදහස් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි.

සියලු ජනවර්ග නියෝජනය කරමින් විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙන්ම සැලකිය යුතු බ්‍රිතාන්‍යය ජාතිකයෝද පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

8 9

‍ජනක අලහප්පෙරුම ලංඩනයේ සිට 

එඩ්වර්ඩ් කුමරු ජනපති හමුවෙයි

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොෆී කුමරිය ඇතුළු නියෝජිත පිරිස අද (04දා) අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවිය.

01 copy 02 copy