Category Archives: main_slider

ලංකාවේ පළමු පාද බද්ධ සැත්කම සාර්ථකයි

ලංකාවේ පළමු වතාවට සිදු කළ පාදයක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කළ  බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතා අද (26දා) පැවසීය.

රාජාංගණයේ පදිංචි 32 හැවිරිදි අයෙකුට මෙම සැත්කම සිදු කර තිබේ.

මෙම සැත්කම සිදු කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුඩ්ච්චෙල්වම් මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.

“එක් අයෙකුගේ පාදයක් තවත් අයෙකුට බද්ධ කිරීම සිදු කළ ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙය වන  වන අතර ලෝකයේ හතරවැනි වතාවට තමයි මෙය සිදු කර තිබෙන්නේ.

මීට වසර එක හාමාරකට පෙර හදිසි අනතුරකට ලක් ව පාදය අහිමි වු 32 හැවිරිදි රෝගියෙකුට මෙම සැත්කම සිදුකරනු ලැබූ අතර පාදය ලබා දුන් මොළය මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 52 ක් වනවා. මෙම සැත්කමට පැය 11 ක් පමණ දීර්ඝ කාලයක් ගත වූවා. සියලු දෙනාගේ සහයෝගය ලැබුණු නිසා සැත්කම සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබුණා.  සැත්කමට භාජන කළ රෝගීයා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.” 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය අමිල සුසන්ත රත්නායක, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාධක්‍රිෂ්ණා, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඉලවන් කාරියවසම් යන වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ සහාය මේ සඳහා ලැබුණු බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතා පැවසීය.

 gyasgdahsffconverted_file_218d89d9converted_file_176aaae4 copy

ඛණිජ තෙල් වෘත්තීය සමිති වර්ජනය

ඛණිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කිරීමෙන් පසුව හමුදාව කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේදී ඇතුළු විය. අද දිනය පුරාවටත් ආරක්ෂක අංශ ගබඩා පර්යන්තයේ රැඳී සිටිමින් වැඩ කරන සේවකයන්ගේ හා දේපළ වල ආරක්ෂාව තහවුරු කරන අතරතුළදීම බවුසර් යොදා ගනිමින් ඉන්ධන බෙදා හැරීමටත් කටයුතු කෙරිණි. මේ අතර ඛණිජ තෙල් වෘත්තීය සමිති සේවයකයන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කොලොන්නාව ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

AID_3463 AID_3465 AID_3466 AID_3472 AID_3480 AID_3484 AID_3487 AID_3491 AID_3498 AID_3510 AID_3528 AID_3533 AID_3536 AID_3538 AID_3539 AID_3543 AID_3549 AID_3552 AID_3553 AID_3554 AID_3557 AID_3565 AID_3585 AID_3592 AID_3594 AID_3601 AID_3605 AID_3609 AID_3611 AID_3614 AID_3619 AID_3625 AID_3632 AID_3635 AID_3636 AID_3640 AID_3644 AID_3647 AID_3660 AID_3666 AID_3667 AID_3670 AID_3672 AID_3674 AID_3675 AID_3684 AID_3696 AID_3712 AID_3716 AID_3721 AID_3722 AID_3731 AID_3733 AID_3750 AID_3752 AID_3761  

කොළොන්නාවෙන් කොළඹට ඉන්ධන බවුසර් 15

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් මේ වනවිට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කළ බවත්, මෙම බවුසර් වල ඉන්ධන කොළඹ අවට ප්‍ර‘දේශවල ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන සැපයීම සිදුකරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මීට අමතරව මුතුරාජවෙල හා ලංකාව පුරා පිහිටි බෙදාහැරීමේ ගබඩා සංකීර්ණ වලට හමුදාව ඇතුළු වී සිටින බවත්, ඉදිරි පැය කිහිපිය තුළ වර්ජනය අවසන් නොකළහොත් එම ස්ථානවලින් හමුදාව මැදිහත් වී ඉන්ධන ලබාදීමක් සිදුකරන බවද පවසා සිටියේය.

කොළොන්නාව ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.

12 13 DOM_6877 copy DOM_6879 copy DOM_6888 copy DOM_6938 copy DOM_7149 copy DOM_7152 copy DOM_7168 copy DOM_7184 copy DOM_7226 copy DOM_7236 DOM_7238 copy DOM_7253 copy

අගමැතිගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් අද (25දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ මහතාට සුබපැතුම් පිරිනැමිණි.

මේ අවස්ථාව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි විය.

1 copy 2 3

පොලීසිය හොයන රයන් විහාරමහාදේවි උද්‍යානයේ

අධිකරණ දෙකකින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති එසේම අත්ඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා මේ වන විට විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ රැළියක් අමතමින් සිටියි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සයිටම් විරෝධී සිවිල් සංවිධාන එකමුතුව මෙම රැළිය විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබේ.


AID_3290 AID_3295 AID_3297 AID_3304 AID_3309 AID_3315 AID_3319 AID_3328 AID_3330 AID_3334 AID_3341 AID_3343 AID_3346 AID_3380 AID_3383 AID_3403 AID_3410 AID_3412 AID_3422 AID_3428 AID_3443

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පැවැත්වූ විරෝධතාව පොලිසිය ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25දා) එක් දිනක සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.

කොළඹ ජාතික රෝහල

DSC_0536 DSC_0538 DSC_0546 DSC_0554 DSC_0569 DSC_0578 DSC_0581 DSC_0583 DSC_0591

වික්ටෝරියා ජලාශයෙන් තෙල්දෙණිය නගරය මතුවේ

මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග එම ජලාශයට යටවී තිබුණු ඉපැරණි තෙල්දෙණිය නගරය යළිත් මතුවී ඇත.

මෙම වර්ෂය තුළ පැරණි පාලම හා චෛත්‍ය නටබුන් මතු වූ දෙවන අවස්ථාව මේ වන බවත් ජලාශයේ ජල මට්ටමශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති.

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය අනුව ඉදි කළ වික්ටෝරියා ජලාශය හේතුවෙන් ජලයට යටවූ විශාලම නගරය තෙල්දෙණිය නගරයයි.

_____ _________ ____ (3) copy _____ _________ ____ (6) copy _____ _________ ____ (7) copy _____ _________ ____ copy

දුම්බර- එම්.ආර්. ප්‍රදීප්

සයිටම් අහෝසි කරන තුරු සටන නවතන්නේ නෑ

කොළඹ ලිප්ටන් වට රවුමේ පැවැති සයිටම් විරෝධී සත්‍යග්‍රහයට පොලීසිය ජලප්‍රහාර එල්ල කිරීමට විරෝධය පෑමේ උද්ඝෝෂණයක් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ඊයේ (24දා) කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තුරු සිය සටන නොනවත්වන බව විරෝධතාකරුවෝ පවසා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

AID_3215 AID_3223 AID_3228 AID_3234 AID_3237 AID_3245 AID_3247 AID_3252 AID_3256 AID_3268 AID_3275 AID_3283

නාවික හමුදාව මුහුදේ ගසාගෙන ගිය තවත් අලි දෙදෙනෙකු බේරා ගනියි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (23දා) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු  බේරා ගෙන ඇත. 

මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් (IPC) මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔහුන්ගේද සහය ඇතිව නාවික හමුදා පුද්ගලයින් විසින් අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරන ලදි. 

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. 

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන ඒමට නාවික පුද්ගලයින් කටයුතු කළ අතර, අලි දෙදෙනා කෙවුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කෙ‍රිණි.

මේ අයුරින්ම එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජුලි 11 වන දින කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට කටයුතු කරන ලදි. එය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක් බවට පත්විය.

01 copy 02 copy 03 copy 04 copy 05 copy 07 copy 10 copy 11 copy 12 copy 

යාපනය මහාධිකරණ විනිසුරු හඬා වැටෙයි

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතාගේ ජීවිතය බේරාගැනීමට දිවිදුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහාධිකරණ විනිසුරු මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඬා වැළපෙන ඉතා සංවේදී අවස්ථාවක් සිදුවිය.

මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමැති නිලධාරියාගේ බිරිඳ අද උදෑසන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවූ ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ඉතා සංවේදී විය.

ඊට පෙර මහාධිකරණ විනිසුරු තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමුවීමට ගිය අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා වැලඳගනිමින් හඬා වැළපී තිබේ.

මිය ගිය පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමැත්තාගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම නිසා එම මරණය සිදුව ඇතැයිපශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණයවිය.

01 copy 02 copy 03 copy 04 copy 05 copy 06 copy 07 copy