Category Archives: IPL 2017

බැංගලෝර් කණ්ඩායමට තවත් පරාජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මෙවර අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව තිබෙන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද (07දා) පැවැති තරගයෙන්ද පරාජයට පත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 158ක් රැස්කළේය. බැංගලොර් කණ්ඩායමේ සුපිරිම පිතිකරුවන් තිදෙනා ක්‍රිස් ගේල් (0), විරාත් කෝලි (05), ඒ.බී. ඩිවිලියර්ස් (10) මෙම තරගයේදීත් අසාර්ථක වූහ.

එසේම ඔවුන් තිදෙනාගේ සමස්ත ලකුණු එකතුව 15ක් ලෙස දැවීගිය දෙවැනි අවස්ථාවද මෙය වෙයි.

ලකුණු 159ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 15.1කදී කඩුලු 4ක් වැයකරන ඉලක්කය පසුකර යෑමට කොල්කටා කණ්ඩායම සමත්විය.

අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සමකළ සුනිල් නාරායන් පන්දු 15කදී ලකුණු 50 ක් රැස්කළේය.  ඔහු ක්‍රිස් ලීන් හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැංවූයේ පන්දුවාර 6.1කිනි.

තරගයේ වීරයා ලෙස සුනිල් නාරායන් සම්මාන ලැබීය.

 

මාලිංගගේ අලුත්ම වාර්තාව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කඩුලු 150 සීමාව පසුකළ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ඊයේ (06දා) අයි.පී.එල්. වාර්තා අතරට එක්විය.

දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී කඩුලු 2ක් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.

තරගයේදී පන්දුවාර 2ක් යොමුකළ මාලිංග ලකුණු 5ට කඩුලු දෙකක් දවාගත්තේය. ඒ අනුව මාලිංගගේ අයි.පී.එල්. කඩුලු සංඛ්‍යාව 151ක් බවට පරිවර්තනය විය ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තරග 105ක් පමණි.

1 lasith

මාලිංගගේ මුම්බායි කණ්ඩායමට වාර්තා ගත ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වැඩිම ලකුණු පරතරයික් ලබාගත් ජයග්‍රහණය වාර්තා කිරීමට ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියනස් කණ්ඩායම ඊයේ (06දා) සමත්වූයේය.

ඒ තරගාවලියේ 45 වැනි තරගය ලෙසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා පිටියේ පැවැති තරගයේදී ලකුණු 146ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 212ක් රැස්කළේය. ලින්ඩ්ල් සිමන්ස් (66), කිරන් පොලාඩ් (63) ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ.

ලකුණු 213ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිලිලි කණ්ඩායම ලකුණු 66ට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත්වූහ.

මිචෙල් මැක්ලෙනහැන් (18/1), ලසිත් මාලිංග (5/2), හර්බජන් සිං (22/3) කර්න් ෂර්මා (11/3) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

මෙම තරගයේදී ලසිත් මාලිංග IPL කඩුලු 150 සීමාව පසුකර ගිය අතර තරගාවලියේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩයාද මාලිංග වෙයි. 

ජාඩේව් උනාඩ්කට්ගෙන් කඩලු පහක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (06දා) පැවැති තරගයෙන් ලකුණු 12ක ජයක් පූනේ කණ්ඩායම හිමිකරගත්තේය.

හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහදුන් පූනේ කණ්ඩායම ලකුණු 148ක් රැස්කළේය.

ස්ටීවන් ස්මිත් (30), බෙන් ස්ටෝක්ස් (39) හා මහේන්ද්‍ර සිං දෝනි (31) පූනේ කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ.

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් කණ්ඩාමට නියමිත පන්දුවා 20 තුළදී කඩුලු 9ට ලබාගත හැකිවූයේ ලකුණු 136ක් පමණි.

පූනේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජාඩෙව් උනාඩ්කට් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 30ට කඩුලු 5ක් දවාගත්තේය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

බැංගලෝර් කණ්ඩායේම් අසාර්ථකත්වය තවදුරටත්

මෙවර ඉන්දියන් ප්‍රිමියර්ලීග තරගාවලියේ දිගින් දිගටම අසාර්ථක කණ්ඩායමක්  බවට පත්ව ඇති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තවත් තරගයකින් පරාජයට පත්විය. කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා ඊයේ (05දා) රාත්‍රියේ පැවැති තරගයේදී ඔවුන් ලකුණු 19කින් පරාජයට පත්විය.

බැංගලෝර් ක්‍රීඩාංගණයේදී මෙම තරගයේ පැවැත්වූයේ තරගාවලියේ 43 වැන තරගය ලෙසිනි. මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම ලකුණු 138ක් රැස්කළේය. ආක්ෂාර් පටේල් නොදැවී ලකුණු 38ක් රැස්කළ අතර එය කණ්ඩායමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

බැංගලෝර් කණ්ඩායමෙ පිතිකරණ අංශයට මෙය එතරම් අපහසු ඉලක්කයක් නොවුණත් පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 119ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මන්දීප් සිං ලකුණු 46ක් රැස්කළේය.

ක්‍රිස් ගේල් (0), විරාත් කෝලි (6), ඒ.බී.ඩිවිලියර්ස් (10) යන ක්‍රීඩකයෝ අවම ලකුණු සංඛ්‍යාවකට සංදීප් ශර්මා හමුවේ දැවී ගියහ.

ආක්ෂාර් පටේල් හා සංදීප් ශර්මා කඩුලු තුන බැගින් දවාගත්හ. තරගයේ වීරයා ලෙස සංදීප් ශර්මා සම්මාන ලැබීය. 

දිල්ලි කණ්ඩායම දැවැන්ත ඉලක්කය පහසුවෙන් හඹා යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ 42 වැනි තරගය ලෙසින් ඊයේ (04දා) පැවැති තරගයේදී ලකුණු 209ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිවය. දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලාට ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 208ක් රැස්කළේ කඩුලු 7කිනි.

ඒ අනුව දිල්ලි කණ්ඩායමට ලකුණු 209ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 17.3කදී කඩුලු තුනක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර යෑමට දිල්ලි ක්‍රීඩකයෝ සමත්වූහ.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රිෂාබ් පාන්ට් ලකුණු 97ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 43කිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු සංජු සැම්සන් ලකුණු 61ක් රැස්කළේ පන්දු 61කිනි.

පූනේ කණ්ඩායමට කඩුලු 4ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම අතර ඊයේ (03දා) රාත්‍රියේ පැවැති තරගයෙන් පූනේ කණ්ඩායම කඩුලු 4ක ජයක් ලැබීය.

කොල්කටා පිටියේ  පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ලකුණු 155ක් රැස්කළේය.

මනීෂ් පාණ්ඩේ (37), කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් (36) හා සූර්යකුමාර් යාදව් (30) කොල්කටා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාවන් වාර්ත කළහ.

ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු හක් දැවී ඉලක්කය පදුකර ගියේය. ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපති ලකුණු 93ක් රැස්කරමින් තරගය ජය ගැනීමට අවශ්‍ය පදනම දැමීය. වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

තරගයේ වීරයා ලෙස ත්‍රිපති සම්මාන ලැබීය.

ලකුණු 186ක ඉලක්කය දිල්ලි හඹා යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (02දා) පැවැති තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 185ක් රැස්කළේ කඩුලු තුනක් වැයකරමිනි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු 41කදී ලකුණු 70ක් රැස්කළේය.

ලකුණු 186ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු හතරක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය. දිල්ලි කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සියල්ලම සාර්ථක විය.

මෙම තරගයේදී දිල්ලි කණ්ඩායම ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ට ස්ථානය හිමිවුවත් ඔහු පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමට නායක කරුන් නයිර් කටයුතු නොකළේය. තරගාවලියේ 40 වැනි තරගය මෙය විය.

ස්ටෝක්ස්ගේ ශතකයෙක් පූනේ දිනයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 39 වැනි තරගය ලෙසින් රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම හා ගුජරාට් ලයනස් කණ්ඩායම අතර ඊයේ (01දා) පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් ලැබීමට පූනේ කණ්ඩායම සමත්විය.

පූනේ මහාරාශ්ට්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගුජාරාට් කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 161ක් රැස්කළේය. ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 45 බ්‍රෙන්ඩන් මැකලම් වාර්තා කළේය. ජාඩේව් උනඩ්කට් හා ඉම්රාන් තාහීර් කඩුලු තුන බැගින් දවාගත්හ.

ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ලකුණු 167ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.  වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් පන්දු 63කදී නොදැවී ලකුණු 103ක් රැස්කළේ හයේ පහර හයක් හා හතරේ පහර හතක් සමගිනි. ඒ අනුව තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන ලැබීය.

රෝහිත්ගේ ඉනිමෙන් මුම්බායි ජය ලබයි

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තවත් පරාජයක් ලබාදෙමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (01දා) පැවැති තරගයෙන් ජය ලැබීමට සමත්විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදි අද  (01දා)  තරගය පැවැති අතර එය තරගාවලියේ 38 වැනි තරගය වෙයි.

 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 162ක් වාර්තා කළේය. විරාත් කෝලි ලකුණු 43ක් රැස්කළේය. මුම්බායි කණ්ඩායමේ මිචෙල් මැක්ලෙනහැන් කඩුලු 3ක් දවාගත්තේය. ලසිත් මාලිංග මෙම තරගයට ක්‍රීඩා කළ අතර ඔහුගේ පන්දුවාර 4ට ලකුණු 31ක් ප්‍රතිවාදීන් ලබාගත්තේය.

ලකුණු 163ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම තරගය නිමාවීමට එක් පන්දුවක් තිබියදී  කඩුලු පහක් දැවී ඉල්කක්ය පසුකර ගියේය. තරගයේ ජයග්‍රහණය සඳහා මුම්බායි කණ්ඩායමට අවසන් පන්දුවාර තුනේදි ලකුණු 30ක් අවශ්‍යවිය.

නායක රෝහිත් ශර්මා පන්දු 37කදී ලකුණු 56ක් නොදැවී රැස්කරමින් තරගය ජයග්‍රහණය කරවීය. හර්දික් පාණ්ඩ්‍යා පන්දු 9කදී ලකුනු 14ක් රැස්කළේය. තරගයේ වීරයා ලෙස රෝහිත් සම්මාන  ලැබීය.