Category Archives: fifa world cup 2018

ජපානයට වාර්තා ගත ජයක්

කොලොම්බියානු කණ්ඩායමෙන් එල්ල වූ දැඩි අභියෝගය මනාව පාලනය කරගත් ජපන් ක්‍රීඩකයෝලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘එච්’ කාණ්ඩය යටතේ ඊයේ (19දා) රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූහ.

තරගය ආරම්භ වී මිනිත්තු 03ක් ඉක්ම යද්දී කොලොම්බියානු මැදපෙළ ක්‍රීඩක කාලෝස් සන්චෙස් මොරෙනෝට (පන්දුවට අතින් ගැසීම හේතුවෙන්) රතු කාඩ්පතක් හිමි වූ අතර, එනිසා තරගය ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට කොලොම්බියාවට සිදු විය.

එම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් ජපානයට දඬුවම් පහරක් හිමිවූ අතර,ඉන් උපරිම ප්‍රයෝජන ගෙන 06 වැනි මිනිත්තුවේදී එය සාර්ථක කරගැනීමට ශින්ජි කගාවා සමත් විය. එහෙත් තරගයේ පාලනය යළිත් කොලොම්බියාව වෙත නතු කරගැනීමට කොලොම්බියානු මැදපෙළ ක්‍රීඩක ජුවාන් ෆර් නැන්දෝ සමත් වූ අතර, තරගයේ 39 වැනි මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට ඔහු සමත් විය.

ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ දෙපිළටම වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් ගෝල 1-1ක් ලෙස සමවෙමිනි.

කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ දැඩි සටන්කාමීත්වයක් දෙපිළම පෙන්නුම් කළ අතර, තරගයේ 73 වැනි මිනිත්තුවේදී ජපානයේ ප්‍රහාරකයා වන යුයා ඔසාකා ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගයේ ජයග්‍රහණය ජපානය දෙසට දෝලනය විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ආසියානු රටක් දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසද මෙම තරගය ඉතිහාසයට එක් විය.

_102113570_gettyimages-978585188

නිකොලා ගෙදර යවයි

‍ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියාව බලා පිටත්කර හැරීමට එම කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබේ. ඒ ඔහු කොන්දේ ආබාධයක් හේතුවෙන් නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

තරගාවලියට පෙරාතුව බ්‍රසීලය හා පැවැති පුහුණු තරගයකදී නිකොලා ආබාධයකට ලක්විය. මේ පිළිබඳව අදහස් දක්වන ක්‍රොඒෂියා පුහුණුකරු පවසන්නේ “ මගේ ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට ශාරිරික වශයෙන් යොග්‍ය වීම අවශ්‍යයි” යනුවෙනි.

ක්‍රොඒෂියාව වෙනුවෙන් තරග 41කදී ගෝල 15ක් වාර්තා කිරීමට නිකොලා සමත්වී ඇති අතර පාපන්දු ලීග තරගාවලියන්හිදී ඔහු මේ වන විට ඉතාලියේ ඒ.සී. මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

_102097624_gettyimages-543021768

උරුගුවේ – ඊජිප්තු තරගයේ ආසන 6,000ක් හිස්වීම ගැන විමර්ශනයක්

උරුගුවේ සහ ඊජිප්තුව අතර පැවැති තරගයේදී ආසන 6,000ක් පමණ හිස්ව තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ෆිෆා ආයතනය පසුගියදා නිවේදනය කළේය.

තරගය පැවැති දිනයේ ක්‍රීඩාංගණයේ අන්ත දෙකක ආසන සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණද, අනෙක් අන්ත දෙකේ තැඹිළි පැහැති ආසන බොහෝමයක් හිස් තිබෙනු දකින්නට ලැබුණි.

&උරුගුවේ සහ ඊජිප්තුව අතර තරගය නැරඹීම සඳහා සෙන්ට්‍රල් ක්‍රීඩාංගණයට පැමිණි පිරිස 27,015ක් යැයි අපට නිල වශයෙන් තහවුරු කිරීමක් ලැබුණා” යැයි ෆිෆා ප්‍රකාශකයෙකු පවසා තිබේ.

“ෆිෆා ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණයක සම්පූර්ණ ආසන ධාරිතාව ආසන 33,061යි. ඒත් වෙන්කළ ආසන සංඛ්‍යාවට සාපේක්‍ෂව සත්‍ය වශයෙන්ම පැමිණ සිටි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව තරමක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. ඒකට කාරණාවක් ගණනාවක් බලපාන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාව අඩු වෙන්න බලපාල ප්‍රධානම කාරණය තමයි තරගයක තරගකාරීත්වය අඩුවීම. කොහොම වුණත් ෆිෆා ආයතනය මේ ගැන විමර්ශනයක් සිදුකරනවා* යනුවෙන් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා තිබේ.

4D44372B00000578-5848581-image-a-136_1529075058472 11d3ea39bdc728d01940509092240a7b2bf390f3-1529071270-5b23c6a6-620x348 4118 TELEMMGLPICT000166467360-xlarge_trans_NvBQzQNjv4BqRbhc5V7kUtrB_UgV-vALC8l_wEbxLobUh3GL1d6fADI

ජෝශුවා නේතන් කරුණාරත්න

ලුකාකුගෙන් ගෝල ද්විත්වයක්

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. 'ජී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට  පැනමාව සමත්විය.

ඒ අනුව එම අර්ධය කිසිදු කණ්ඩායමක් ගෝල රහිතව නිමාවට පත්විය. නමුත් දෙවැනි අර්ධය ආර්මභයෙන් මිනිත්තු 2 ක් ගතවද්දී ඩ්‍රස් මර්ටෙන්ස් ගෝලයක් වාර්තා කලේ තරගයේ වාසිය බෙල්ජියමට රැගෙන එමිනි. කෙසේ නමුත් ඉන් අනතුරුව මැන්චෙස්ටර් ප්‍රහාරක රොමේලු ලුකාකු තරගයේ පාලනය සියතට ගත්තේ තරගයෙට් අවසන් මිනිත්තු 20 තුළදී ගෝල ද්විත්වයක් වාර්තා කරමිනි.

_102101586_romelu_lukaku_reuters2

 

කේන්ගේ ගෝලයෙන් එංගලන්තයට ජයක්

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

නැවතත් තරගයේ 91 වැනි විනාඩියේදී කේන් ගෝලයක් වාර්තා තරගය එංගලන්තයට ජයග්‍රහණය කර දුන්නේය.

3632

දඬුවම් පහරින් ස්වීඩනය ජයගනියි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය අද (18දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.

නමුත් 65 වැනි විනාඩියේදී ස්වීඩන කණ්ඩායමට ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ස්වීඩනයේ ග්‍රැන්ක්විස්ට් සමත්වීම හේතුවෙන් තරගයේ ජය ස්වීඩනයට හිමිවිය.2002 වසරෙන් පසුව ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය දඬුවම් පහරක් සාර්ථක කර ගත් අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.

_102096444_gettyimages-977774984

බ්‍රසීලයට ජය ගැනීමට නොහැකිවෙයි

මෙවර තරගාවලය ජයගනු ඇතැයි පූර්ව මත පළකර තිබෙන බ්‍රසීල කණ්ඩායම තරගාවලිය ආරම්භ කර ගනිමින් පැවැත්වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නොහැකිවිය. ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය. 

තරගයේ 20 වැනි විනාඩියේදී බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් පිලිපේ කෝටිනෝ ගෝලයක් වාර්තා කළේය. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුබර් වාර්තා කළ ගෝලය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොවර අවසන් විය.

_102086446_bigindexreuters

ලෝක ශූර ජර්මනියට පරාජයක්

පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධයේදී මෙක්සිනෝ කණ්ඩායමේ ලොසෑනෝ 35 වැනි විනාඩියේ වාර්තළ ‌ගෝලයත් සමගින් මෙක්සිකෝව තරගයේ පෙරමුණ ගත්තේය. කෙසේ වෙතත් ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා  කිරීමට නොහැකිවිය.

එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය ඊයේ (17දා) පැවැත්විණ.

_102086592_germanymidfield_getty

ක්‍රොඒෂියාවත් ජයකින් ගමන අරඹයි

නයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ‍ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්‍රහණයක් ආරම්භ කළේය.

තරගයේ පළමු අර්ධයේ පටන්ම ක්‍රොඒෂියාව ඉදිරියෙන් පසුවිය. නයිජීරියාවේ එටේබෝ 32 වැනි විනාඩියේදී ඔවුන් ගෝලයක් වාර්තා කරමින් ක්‍රොඒෂියාවට තරගය විවෘත කළේය.

පසුව 71 වැනි වැනි විනාඩියේදී ලුකා මොඩ්රික් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ක්‍රොඒෂියාවට දෙවැනි ගෝලය ලබාදුන්නේය.

_102080092_luka_modric2_reuters

ප්‍රංශයටත් තියුණු ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. සී කාණ්ඩයේ තරයක් වූ මෙය ඊයේ (16දා) පැවැත්විණ.

තරග්යේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට සමත්නොවුණි. දෙවැනි අර්ධයේ පළමු ගෝලය ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් ග්‍රිස්මාන් 58 වැනි විනාඩියේදී වාර්තා කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. කෙසේ වෙතත් ඉන් විනාඩි තුනක් ගතවන වට ඔස්ට්‍රෙලියා කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කළේය.

පසුව මෙවර තරගාවලියේදී තරු ක්‍රීඩකයන් අතර පසුවෙන ප්‍රංශ කණ්ඩායමේ පෝල් පොග්බා 80 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට තරගය ජගහ්‍රණය කර දුන්නේය.

_102076031_gettyimages-976127752