Category Archives: Champions Trophy 2017

ICC ශූරයන්ගේ කණ්ඩායමට ලංකාවේ කිසිවෙක් නෑ

නිමාවට පත්වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක දක්ෂතා අනුව අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන කණ්ඩායම නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකු ඇතුළත් එම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු එක්ව නොසිටියි.

එසේම ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිවෙකුත් නම්ව නොමැත. කණ්ඩායමේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහමඩ්ට හිමිව තිබේ.

පිතිකරණ පිළිවෙළට අයි.සී.සී ශූරයන්ගේ කුසලාන කණ්ඩායම

ශිකර් දවාන් (ඉන්දියාව)

ෆක්හාර් සමාන් (පාකිස්තානය)

තමීම් ඉක්බාල් (බංග්ලාදේශය)

විරාත් කෝලි (ඉන්දියාව)

ජෝ රූට් (එංගලන්තය)

බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)

සර්ෆ්‍රාස් අහමඩ් (පාකිස්තානය)

අඩිල් රශිඩ් (එංගලන්තය)

ජුනයිඩ් ඛාන් (පාකිස්තානය)

භුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)

හසන් අලී (පාකිස්තානය)

කේන් විලියම්සන් (නවසීලන්තය 12 වැනි ක්‍රීඩකයා)

දෝනිගේ ඡායාරූපයක් ඉන්දු- පාකිස්තාන ගිනි නිවයි

ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයකදී ප්‍රේක්ෂකයන් මෙන්ම ලෝකයම දෙපැත්තකට බෙදී තරග වදියි. ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම පිටියට පැමිණ උද්වේගයෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩා පිටියෙන් පිටතදී ඔවුන් ඉතාමත් සුහදව කටයුතු කරයි.

ඊයේ තරගය අවසන් වීමෙන් පසුව ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය ඒ සඳහා උදාහරණයකි. මෙයද එවැනි අවස්ථාවකි. අවසන් මහ තරගය ආරම්භ වීමට මත්තෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ලබාගෙන තිබූ මෙම ඡායාරූපය සමජ මාධ්‍ය අතර දැඩි අවධානයක් දිනාගත් ඡායාරූපයක් බවට පත්ව තිබේ.

දෝනි පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහමඩ්ගේ පුතෙකු වන අබ්දුල්ලාව වඩාගෙන සිටින ඡායාරූපයකට මේ අවධානය ලැබී තිබේ.ඉන්දීය හිටපු නායකයාගේ මෙම ක්‍රියාව පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පැසසුමටද ලක්ව තිබේ.

ඉන්දීය ප්‍රේක්ෂකයෝ කුපිත වෙති

(VIDEO) ඉන්දියාව තුළ ක්‍රිකට් දේවත්වයෙන් සලකන අතර ඔවුන්ට පරාජයන් විඳ දරා ගැනීමට නොහැකිය. ඉන්දීය කණ්ඩායම පරාජය කරමන් පාකිස්තාන කණ්ඩායම ඊයේ ශූරයන්ගේ කුසලානය ජයගත් අතර කුපිත වූ ඉන්දීය ප්‍රේක්ෂකයක් රූපවාහීනි යන්ත්‍ර පොළොවේ ගසමින්, ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රුව රැගත් පෝස්ටර් දවා අලුකරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පළ කළේය. ඊයේ තරගයේදි ඉන්දියාව පරාජයට ළංවෙත්ම ඕවල් පිටියෙන් ඉන්දිය ප්‍රේක්ෂකයන් ඉවත්වීමද සිදුවිය. මේ පිළිබඳව අදහස්  දැක්වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් පැවැසුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හඳවත් කඩා බැඳ දැමූ බවයි.

19burn1 19burn2 poster-mos-647_061917032156 thequint%2F2017-06%2F1943f6a6-43a1-46bf-b37f-5d16a2275f26%2FTV-breaking (1)

 

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට සුබ පැතුම්

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශූරයන්ගේ කුසලානය හිමිකරගත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එහි සභාපති පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ විධායක කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්ස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සුබ පැතුම් පාකිස්තානයට හිමිවන බවයි.

පාකිස්තානය මෙම ශූරතාව ජයග්‍රහණය කිරීම හරහා ක්‍රිකට් යනු අනාවැකි පළ කළ නොහැකි ක්‍රීඩාවක් බවට නැවත වරක් සනාථ කර ඇති බව පෙන්වා ඇති බවත් පාකිස්තාන කණ්ඩායම තරගාවලියේදි දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

India v Pakistan - ICC Champions Trophy Final

 

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනති

(UPDATE) ශූරයන්ගෙු කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි. පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු  158 පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්‍යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

Pakistan v India - ICC Champions Trophy - Final - The Oval India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final CRICKET-CT-2017-IND-PAK CRICKET-CT-2017-IND-PAK CRICKET-CT-2017-IND-PAK India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final CRICKET-CT-2017-IND-PAK India v Pakistan - ICC Champions Trophy Final Pakistan v India - ICC Champions Trophy - Final - The Oval 264624 copy

 


ඉන්දියාව අසීරු තත්ත්වයක 

පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වු ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 6 ට ලකුණු 72ක් රැස්කරගෙන ඉතාමත් අසීරු තත්ත්වයක පසුවෙයි. හර්දික් පාණ්ඩ්‍යා හා රවීන්ද්‍ර ජඩේජා පිටියේ රැඳී සිටිති.

දැවී ගිය ක්‍රීඩකයන්

රෝහිත් ෂර්මා 0

ශිකර් ධවාන් 21

විරාත් කෝලි 5

යුවරාජ් සිං 22

මහෙන්ද්‍ර සිං දෝනි 4

කේඩාර් ජාඩෙව් 9

කඩුලු දවාගත් ක්‍රීඩකයන්

මොහොමඩ් අමිර් 03

හසන් අලී 01

ශාඩබ් ඛාන්  03


ඉන්දියාවට ලකුණු 339ක ඉලක්කයක්

ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4 ලකුණු 338 රැස්කළේය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 339 ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ඉන්දීය කණ්ඩායමයි.

පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට අසාර් අලී හා ෆක්හාර් සැමන් සමත්වූහ. එම ආරම්භය බාබර් අසාම්, මොහොමඩ් හෆිස් යන පිතිකරුවෝ ඉදිරියට රැගෙන යමින් පාකිස්තාන ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියහ. පාකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගයකදී පළමුවෙන්ම පන්දුවට පහරදුන් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛාවද වෙයි. ඉමාඩ් වසීම් හා මොහොමඩ් හෆීස් පස්වැනි කඩුල්ල සඳහා පන්දුවාර 7.3කදී නොබිදුණු ලකුණු 71ක සබඳතාවක් ගොඩනැංවූහ.

01 02

 


ෆක්හාර් මංගල ශතකය ලබයි

සිය ඒක්දින දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට ෆක්හාර් සමන් සමත්විය. ඒ ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ  ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේදීය. ෆක්හාර සිය ජාත්‍යන්තර එක්දින දිවිය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ආරම්භ කළ අතර අද ඔහු ක්‍රීඩා කරන්නේ සිව්වැනි එක්දින තරගයයි. ඔහු සිය දෙවැනි හා තෙවැනි එක්දින තරගවලදී අර්ධ ශතක රැස්කිරීමටද සමත්විය.


පාකිස්තානයේ සාර්ථක සබඳතාව දුවද්දී දැවීයාමකින් නිමවෙයි

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 23කදී එක් කඩුල්ලකට ලකුණු 128ක් රැස්කරගෙන සිටියි.

අසාර් අලී හා ෆක්හාර් සමන් පළමු කඩුල්ල සඳහා පන්දුවාර 22.5කදී සාර්ථක ලකුණු 128ක සබඳවක් ගොඩනැගූ අතර එහි අවසන් පන්දුවේදී අවාසනාවන්ත ලෙස අසාර් අලී දුවද්දී දැවී යාමකට හසුවිය. අලී ලකුණු 59ක් රැස්කළේය. ෆක්හාර් ලකුණු56. නව ක්‍රීඩකයා බාබර් අසාම්.

 


තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට 

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පසුගිය අවසන් මහ තරග හයේදී අවස්ථා පහකදීම ශූරතාව ජයගෙන ඇත්තේ දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායමය.

ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඕවල් පිටිය හැරයති

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේ ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 6 ට ලකුණු 89ක් රැස්කරගෙන සිටිති.

තරගයේදී ඉන්දීය කණ්ඩායම පසුවෙන අසීරු තත්ත්වය හමුවේ ඉන්දීය ප්‍රේක්ෂකයන් මේ වන විට ඕවල් පිටිය හැර යමින් සිටියි. ඉන්දීය කණ්ඩායම වත්මන් ශූරයන්ගේ කුසලානයේ හිමිකරුවන් වන අතර පාකිස්තානය මේ දක්වා ශූරයන්ගේ කුසලානයක් ජයගෙන නොමැත.

ඔවුන්ගේ පිතිකරුවන් හොඳයි අපේ පන්දු යවන්නන් හොඳයි – බලමු

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 338ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 339ක ඉලක්කයක් ලබාදුන්නේය.

පාකිස්තාන ඉනිමේදී සුවිශේෂී දක්ෂතා දැක්විමට ෆක්හාර සැමන් සමත්වූයේ සිය මංගල එක්දින අර්ධ ශතකය රැස්කරමිනි. ඔහු ලකුණු 114ක් රැස්කිරිමට සමත්විය. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ෆක්හාර සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමට හොඳ පිතිකරුවන් සිටියත් තම කණ්ඩායමට ශක්තිමත් පන්දු යවන්නන් සිටින බවයි. ඒ අනුව 'ඉතින් අපි බලමු' යැයි ඔහු පැවැසීය.

අද තරගයේදී ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයිද?

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කළ තරගාවලිවලදී මේ දක්වාම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති තරගය ලෙස වාර්තා පොත් අතරට එක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයයි.

එම තරගය මිලියන 558ක ජනතාවක් නරඹා ඇති බවට ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව හා පාකිස්තානය අතර අද පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එකදින තරගාවලියේදී බොහෝ විට එම වාර්තාව ඉක්මවා යෑමට හෝ එම වාර්තාවට ආසන්න ප්‍රේක්ෂක ජනතාවක් තරගය නරඹනු ඇති බවට වාර්තා පළවෙයි. ඒ සඳහා හොඳම උදාහරණය නම් මෙවර තරගාවලියේදී පළමු වටයේදී ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගය නැරඹීමටද මිලියන 324ක ජනතාවක් එක්ව සිටීමය.

ලෝකයේ බෝහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගෙන ඇති සෑම තරගයකම ඉන්දියාව ක්‍රීඩා කර තිබේ. 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දු පාකිස්තාන තරගය මිලියන 495ක ජනතාවක් නරඹා තිබේ. එම ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තවත් තරගයක් නැරඹීමට මිලියන 313 ජනතාව එක්ව තිබේ.

ඒ අනුව අතීත වාර්තාවලින් පෙන්වන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග නැරඹීමට වැඩි ප්‍රෙක්ෂක පිරිසක් අවාධානය යොමු කරන බවයි. අද පැවැත්වෙන්නේ අවසන් මහ තරගයක් හෙයින් මෙම තරගයටත් අනිවාර්යයෙන්ම වැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුවෙනු ඇත.

ලෝක ක්‍රීඩා  ඉතිහාසය තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ක්‍රීඩා ඉසව්ව වන්නේ 2008 වසරේදී චීනයේ පැවැති ඔලිම්පික් තරගාවලියේ ආරම්භක ඉසව්වය. එය බිලියනක ප්‍රෙක්ෂක අවධානයක් දිනාගෙන තිබුණි. 2010 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය මිලියන 530.9කගේ අවධානය දිනාගෙන තිබුණි. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්තාන අවසන් මහ තරගය අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

264537 (1) 264544

 

 

පාකිස්තානය අවසන් මහ තරගයට

(UPDATE)  ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම ලකුණු 211ට සිමා වූ අතර එම ඉලක්කය පන්දුවාර 37.1කදී කඩුලු දෙකක් පමණක් දැවි පසුකර යෑමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. හෙට ඉන්දීය කණ්ඩායම හා බංග්ලදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් පාකිස්තානය සමගින් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.


එංගලන්තය ලකුණු 211ට සීමා වෙයි

එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදි පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 211ට සීමා විය. එංගලන්ත කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 50 සිමාව ඉක්මවා යෑමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

 


ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගයේ පළමු අවසන් පූරව තරගය වන පාකිස්තානු කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරගය අද (14දා) ලන්ඩන් කාඩිෆ් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

ඒ අනුව කාසිය වාසිය දිනාගත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නේය.

අද තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් ආමීර් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක රමන් රයීස් කැඳවා ඇති අතර එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි වෙනුවට ආරම්භක පිතිකරුවෙකු ජොනී බෙයාර්ස්ටෝ කැඳවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පළමු වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායම අද (14දා) දිවයිනට පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහාද ඔවුන් එක්වීමට නියමිතය.

මේ අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පාකිස්තාන කණ්ඩායම හා සත්කාරන එංගලන්ත කණ්ඩායම අතර ඕවල් පිටියේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ විමට නියමිතය.