Category Archives: buzz

ඇක්සස් කුලුනේ දෙවැනි අදියර ඇරඹේ

මහල් 28කින් යුත් ඇක්සස් ටවර්හි දෙවැනි ව්‍යාපෘතියේ වැඩකටයුතු කොළඹ යුනියන් පෙදෙසේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන මේ සදහා ආයෝජනය කරනු ලබන මුදල ඇ.ඩො.දශ ලක්ෂ 20කි. 

ඉන්දියාවේ ස්ත්‍රී දූෂණය නොනවතින රැල්ලක් වෙලා

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වයස අවුරුදු අටක දැරියක කෙලෙසූ වයස අවුරුදු 25ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලීසිය පවසයි.

උද්‍යානයක සෙල්ලම් කරමින් සිටියදී, දැරියට රසකැවිලි දෙන බව පවසමින් ඇය පාලු ස්ථානයකට ගෙනගොස් මේ අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

පසුව අසල්වාසීන් විසින් දැරිය සොයාගැනීමෙන් පසුව ඒ බව ඇගේ දෙමව්පියන්ට දන්වා දැරිය වහාම රෝහල් ගතකර තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වර්තමානයේදී ඉන්දියාව කාමාතුරයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ඇති අතර, මෙය එහි ආසන්නතම සිදුවීමක් ලෙස පෙන්වාදිය හැකිය. 2012 වසරේ දිල්ලි බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්ව වෛද්‍ය ශිෂ්‍යාවක මරණයට පත්වීමත් සමග ස්ත්‍රී දූෂණයට එරෙහිව එරටින් බලවත් විරෝධයක් පැන නැගුණි. මේ තත්ත්වය තුළ ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි නීති ගෙන ඒමටද ඉන්දීය රජය කටයුතු කළේය.

ඒ කවර නීතියක් පැමිණියද තවමත් මේ තත්ත්වය පාලනය වී නොමැති අතර, කාන්තා හිංසනය ඉන්දීය සමාජය තුළ මුල් බැසගෙන ඇති බව එරටින් වාර්තා වෙයි. 

මෙම නවතම සිදුවීම පසුගිය ඉරිදා සවස වාර්තා වී තිබුනේ දිල්ලියේ බාරා හින්දු රාඕ ප්‍රදේශයෙනි.

 

ලොව උණුසුම්ම හයවැනි වසර 2013යි

1850 වසරේ සිට ලොව අධිකම උෂ්ණත්වයක් වාර්තා වූ හයවැනි වසර 2013 වසර වන බව එක්සත් ජාතීන්ගේ කාලගුණය පිළිබඳ ඒජන්සිය සඳහන් කරයි. 2013 වසරේ  පැවැති සාමාන්‍ය උෂ්ණත්වය 2007 වසරේ පැවැති උෂ්ණත්වයට සාමාන වන බවත් ඔවුහු පෙන්වා දෙති. මෙම තත්ත්වය ඉදිරියටත් පැවැතියහෝත් අනාගත ප්‍රජාව ගැටලුවකට පත්වන බවද කාලගුණ ඒජන්සිය සඳහන් කරයි.

2013 වසරේදී සාගරයේ හා ගොඩබිම සාමාන්‍ය උෂ්ණත්වය  ෆැරන්හයිට් අංශක 0.9ක් වූ බවත්, එය 1961-1990 කාලසීමාවේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි බවත්, කාලගුණ ඒජන්සිය පෙන්වාදෙයි.

2001-2010 යන දශකය ලොව උෂ්ණාධිකම දශකය ලෙසින් වාර්තා වෙයි. 21වැනි ශතවර්ෂය තුළදී පමණක් ලොව උෂ්ණාධිකම වසර 14න් 13ක් වාර්තා වූ බවද කාලගුණ ඒජන්සිය පෙන්වා දෙයි.

ලොව උෂ්ණත්වය වර්ධනය වීමට හේතුවන ක්‍රියාකරකම් අතරින් 90%ක්ම මිනිස් ක්‍රියාකරකම්වන බවද ලෝක දේශගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී මයිකල් ජාරවුඩ් පවසයි.

කැලේ රජා වුණත් බලුවෙන වෙලාවල්

කොච්චර ලොක්කෙක් වුණත් බලුවෙන වෙලාවල් තියෙනව කියන්නෙ නිකම්ම නෙමෙයි. රජවෙලා හිටියත්, වෙලාවකට බලුවෙන්න වෙනවා. ඒක හරියටම කියන්න පුළුවන් රූප රාමු ටිකක් තමයි ඔබට මේ පෙන්වන්න යන්නෙ.

ටැන්සානියාවේ සෙරෙන්ගෙටි සවානා ප්‍රදේශයේදී කුලප්පු වෙච්ච අලියෙක් එක පාරටම කාගෙද පස්සෙ දුවගෙන ගියා. මේ තරුණ හස්ථියට භයේ පණ කඩාගෙන දුවන කෙනා එක පාරටම පෙනුනෙ නැහැ. හැබැයි, මෙහෙම දුවල, අන්තමට මෙයා නතර වුණේ වේලිච්ච ගහක මුදුනටම නැගලයි. ඔන්න දැන්, හෙලුව එළියෙ… ඒ කිව්වෙ, දුවපු කෙනා පැහැදිලිව පේන්න ඉන්නවා. බැලින්නම්, අලියට භයේ පණ කඩාගෙන දුවල තියෙන්නෙ සිංහයෙක්. සාමාන්‍යයෙන් සිංහ වරිගෙ කියන්නෙ කැලේ රජකරන කට්ටිය. ඒත්, අපි කලින් කිව්ව වගේම, රජ වුණත් බලු වෙන වෙලාවල් තියෙනනෙ.

මේ කතා ප්‍රවෘත්තිය වාර්තා කරපු අය කියන විදියට, මේ සිංහයා අලින්ගේ රාජධානියට ඇතුළු වෙච්ච නිසා තමයි මේ වගේ අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. වේලිච්ච ගහට නැගල බේරෙන්න හැදුවත් මේ හස්ථිය ගහ යටට ගිහිල්ල, ගහ හොලෝල සිංහයව බිමට ගන්න හදලත් තියෙනවා.

කොහොම වුණත් පැය භාගයක් විතර ගහේ හිටපු සිංහයා අලිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉඳල බිමට පැනල තියෙනවා. ඒ ක්ෂණයෙන් මේ හස්ථියා නැවතත් කිලෝ මීටරයක් විතර දුර සිංහයා පස්සෙන් එලවාගෙන ගියා කියලයි කියන්නෙ. අන්තිමට, ආයෙත් ගහකට නැගල තමයි සිංහය බේරිලා තියෙන්නෙ.

ඇත්තටම සිංහයෙක් මේ තරම් භීතියට පත්වෙන හැටි තමන් කවදාවත් දැක්කෙ නැහැ කියලයි, මේ ඡායාරූප ගත්ත අය නම් කියන්නෙ.

රොනාල්ඩීනෝගෙන් මියුසික් විඩියෝවක්

ෆිෆා ආයතනය විසින් වසරක් පාසා ලබාදෙන වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දෙවරක් හිමි කරගත් බ්‍රසීලයේ රොනාල්ඩීනෝ පාපන්දු පිටියෙන් ඉවත් වුවද පසුගියදා එළිදක්වන්ට යෙදුනු මියුසික් විඩියෝව හේතුවෙන් නැවතත් ජාත්‍යන්තරයේ කතා බහට ලක්ව ඇත.

තමන් පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව ගීත ගායනයටද එකසේ දක්ෂතා දක්වන බව ලොවට පෙන්වීමට මේ හරහා රොනාල්ඩීනෝට අවස්ථාව හිමිවිණි. රොනාල්ඩීනෝගේ මෙම ගීතයට බ්‍රසීලයේම රැප් තරුවක් වන එඩ්සිටිගේ සහායද ලැබී ඇත.

මියුසික් විඩියෝව නැරඹීමට මෙම යොමුවට පිවිසෙන්න - 

http://www.youtube.com/watch?v=HK1T4Z9c17M#sthash.TnqurQVp.dpuf

 

කපිල මන්ත්‍රිවිතාන

බස්නාහිර දකුණු ඡන්දය මාර්තු 29

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ මාර්තු මස 29 වන දා සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මෙවර එම මැතිවරණයට ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 5.8 ඉක්මවන අතර පළාත් සභා දෙක සඳහා තෝරා පත් කර ගැනීමට නියමිත සභිකයින් සංඛ්‍යාව 155 දෙනෙකි. පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00ට අවසන්විය.