Category Archives: breaking_news

වියළි කාලගුණය තවදුරටත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව සඳහන් කරයි. එසේම ඉදිරි දින කිහිපයේදීත් සීත උදෑසන හා සවස් කාලයන් අපේක්ෂා කරන බවත් ඔවුන් පවසයි.

මේ අතර ඉදිරි දින කිහිපයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. 

160505102910-gettyimages-524092582india-drought-full-169

ආයෝජන වේගය අඩකින් අඩුවෙලා – BOC හිටපු සභාපති

මහාභාණ්ඩාගාරයේ  නිලධාරීන් සම්බන්ධ කරගෙන පසුගිය ආණ්ඩුව විසින් 2005-2016 ආර්ථික සැලැස්මක් සකසා තිබුණු බවත්, මහාභාණ්ඩාගාරය තුළ දැනටත්  එම නිලධාරින් සිටියද වත්මන් ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇති බවත් ලංකා බැංකුවේ හිටපු සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා අද (17දා)  පැවසීය.

නිසි නායකත්වයක් ලබාදෙමින් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කර නොමැති බැවින් ආයෝජන වේගය 50%කින් අඩුවී පොලි අනුපාතය හා උද්ධමනය ඉහළ ගොස් තිබෙන බවද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

 කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රජය විසින් දිගුකාලීන ආර්ථික සැලැස්මක් සකස් කරනතුරු මුල්‍ය අර්බුදයෙන් නිදහස්වීමට නොහැකි බවයි.

udaya-sri-kariyawasam

ක්‍රිඩක ක්‍රීඩිකාවන් වැඩිම අවමාන වින්ඳේ වත්මන් රජය යටතේයි – අර්ජුන

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහාස වන කාලයක රජයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීමතරම් අවමානයක් මේ දක්වා තමන් විඳනැතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එමෙන්ම මෙරට ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිම අවමාන සහ අපහාස විඳින්නට සිදුවූයේ වර්මාන රජය යටතේ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කඩාවැටෙමින් තිබෙන මෙරට ක්‍රීඩාවට විසඳුම් ලබානොදී බලධාරීන් ඒ සඳහා පැලැස්තර විසඳුම් ලබාදීම තුළින්මෙරට ක්‍රීඩාව තව තවත් ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන බවද අමාත්‍යවරයා සිය දේශනයේදී සඳහන් කර සිටියේය.

මෙරට ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන යෝගානන්ද විජේසුන්දර මහතා ඇගයීමේ උපහාර උලෙළෙට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය. උපහාර උලෙළ අද (17දා) කොළඹ ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

Arjuna

උඩවලව වනෝද්‍යානයේ මුවන් දඩයම් කල අයෙකු වනජීවියට හසුවෙයි

මවුආර  වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් උඩවල ජාතික උද්‍යානයේ සිදුකරන ලද හදිසි වැටලීමකදී මවුආර ජලාශය ආසන්නයේ දඩයම් කරන ලද මුවෙකු හා ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .

    අදාළ සැකකරු මවුආර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 41 ක පමණ පුද්ගලයෙකු වන අතර අහු සතුව තිබු ගිනි අවිය T 56 වර්ගයේ උණ්ඩ දැමිය හැකි සේ තැන තිබු බවයි වන ජීවී කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියේ .

    අත්අඩංගුවට  ගත් සැකකරු  ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම උඩවල උද්‍යාන බාර කරු ආර් ,ඩි, ඩි .සමරනායක මහතාගේ උපදෙස්මත , මවුආර වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක කේ .පි ,ඩබ්ලිවු , නිශාන්ත ප්‍රේමලාල් ,මහතාගේ ප්‍රධානත්වයෙන් , අඩවි සහකාර කේ ,පි ,සි ,කුමාර . වනසත්ව නියාමක සංජීව පිරිස් , අජිත් කුමාර , ශේත්‍ර සහයක එල් .එච් ,සමන්ත , ඉන්ද්‍ර වංශ සහ රියදුරු බන්දුල රාජපක්ෂ යන ය විසින් සිදුකරන ලදී

1

සති 2ට ඩෙංගු රෝගීන් 2000

ජනවාරි 01 දා සිට ගත වූ සති 02 තුල ඩෙංගු රෝගීන් 2000 ක් පමණ වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක දැනට අවදානම් ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

එහෙයින් 2018 ජනවාරි 17, 18, 19 යන දින වලදී බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රධාන  දිස්ත්‍රික්ක කිහිපයක  හඳුනා ගත් වැඩි අවදානම් කලාප තුල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන  වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්,අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

ඕනෑම අයෙකුට   තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

mosqui

බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවට

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් අද (17දා) පාර්ලිමේන්තුව වෙත යොමුකිරිමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ඒ අනුව එම වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක්  මෙසේ පාර්ලිමේන්තුවට යොමුකර ඇත. ඊට අමතරව බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ  මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දුන් බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Parliament_3_1 copy copy

 

උතුරු මහඇමතිගේ දෙමළ ජනතා සභාවෙන් පක්ෂයක් නොඑයි

උතුරු මහඇමතිගේ දෙමළ ජනතා සභාව නව වර්ෂය වෙනුවෙන් රැස්වෙයි. දේශපාලන පක්ෂයක් වශයෙන් නොඑන බවත් කියයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සභාපතිත්වය දරන දෙමළ ජනතා සභාව ඊයේ (16දා)සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කොට තිබිණි.

ඊයේ පැවැති දෙමළ ජනතා සභාව ඇමති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ‘දෙමළ ජනතා සභාවට මේ වනවිට යහපත් ප්‍රතිචාර මෙරට මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ලැබෙන බවයි. බොහෝ පිරිසක් දෙමළ ජනතා සභාව දේශපාලනික පක්ෂයක් වශයෙන් ජනතාව අතරට යායුතු බව සඳහන් කරන්නේ යැයිද ඔහු කීය.

නමුත් තමන් මේ වනවිටත් එවැනි තීරණයකට එළඹ නොමැති අතර, දෙමළ ජනතා සභාවට ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට සහභාගි වී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසී ඇති බවත්, දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නගා ඔවුන්ට විසඳුම් ලබාදීම දෙමළ ජනතා සභාවේ එකම ජයග්‍රහණය බවත් ඔහු පවසා සිටියේය.

ඊයේ පැවැති දෙමළ ජනතා සභාව වෙනුවෙන් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ඇතුළුජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

දෙමළ ජනතා සභාව පිහිටුවාගනු ලැබුවේ 2015 වසරේදී දෙසැම්බර් 27වැනිදා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදීය.

625.0.560.320.160.600.053.800.700.160.90 (11) 625.0.560.320.160.600.053.800.700.160.90 (14)

19න් පහළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 32ක පරාජයක්

ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායම හමුවේ, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට අද (17දා) සිදුවිය. තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් මෙහිදී තරග වැදුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 284ක් රැස් කළේය. වර්ෂාව හේතුවෙන් දෙවැනියට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38දී ලකුණු 235ක ඉලක්කයක් හිමිවුවද, පන්දුවාර 37.3දී සියලුදෙනා දැවී රුස්කරගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.

 ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නම් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පාකිස්තානය සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජයගන්නට සිදුවේ.  ICC U19 Cricket World Cup - Sri Lanka v Afghanistan

මාර්ග තදබදය විසඳන්නට පොදු ප්‍රවාහනය සවිමත් කළ යුතුයි – පාඨලී

මේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව ඇත්තේ බස්රිය සහ දුම්රිය පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් එය වෙනත් ක්‍රමවේදයකින් පාලනය කළ හැකි තත්වයකට පැමිණ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.
එබැවින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ පියවර දෙසට අප පියනගමින් පවතින බවත් ඉදිරි කාලයේදී  විශේෂයෙන්ම මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයක් මෙන් ම පුද්ගලික, ලංගම සහ දුම්රිය සේවය නවීකරණයක් ද අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.
බොරැල්ල සිට පිටකොටුව දෙසට තිබෙන මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දුන් බවත් මෙය එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් යැයි පෙන්වාදෙන අමාත්‍යවරයා මෙමගින් විශේෂයෙන්ම උදය වරුවේ ඇති වී තිබෙන මාර්ග තදබදයට විසඳුමක් ඇතිකර ගැනීම බලාපොරොත්තු වන බවත් පෙන්වාදුනි.
එමෙන් ම පාර්ලිමේන්තු මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දියට තිබූ බස් ප‍්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් පාලමේ යට කොටසේ ඇති සංවර්ධන කටයුතු නිම වූ වහාම, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා අවසර ලබාදුන් වහාම එය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.
සැහැල්ලු දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු කිරීම මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ම 2023 වන විට අවසන් කර ඒ පිළිබඳ අලුත් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් එමෙන්ම මෙම වසරේදී අපි බස් සීග‍්‍රගාමී ක්‍රියාවලිය සඳහාත් පියවර තැබීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

Patali-Champika-Ranawaka-640x400

කොළඹ වීදි චිත්‍ර ශිල්පීන් ජනපති හමුවෙයි

කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමය සමග ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
 
සිය ඉල්ලීම් කිහිපයක් ද මෙහිදී මෙම නියෝජිතයින් විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර සංචාරක ආකර්ෂණයට ලක්වූ ප්‍රදේශවල තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා ගැනීම,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වීම, ශ්‍රී ලංකා කලා මණ්ඩලය නියෝජනයට අවස්ථාවක් ලබා ගැනීම, සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශ සහය ලබාගැනීම සිය නිර්මාණ ඉදිරිපත්කරන ප්‍රදේශවල නගරාලංකාර කටයුතු මෙන්ම පූර්ණකාලීනව ක්ෂේත්‍රයේ නිරතවන පිරිස්වලට බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සලසා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
 
එමෙන්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා කිහිපයක් ද ඔවුන් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
 
රට තුළ සංහිදියාව ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමින් උතුර, දකුණ යා කෙරෙන සංහිදියා වැඩසටහන් සදහා සිය නිර්මාණ දායකත්වය ලබාදීමේ හැකියාව ද ඔවුන් පෙන්වා දුන්හ.
 
සංගමයේ සභාපති ඒ.සී. නුවන්, ලේකම් විශ්වජිත් යෂේරා, භාණ්ඩාගාරික ලක්ෂමන් දිසානායක යන මහත්වරුන් ඇතුථ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
01
( ඡායාරූප : චන්දන පෙරේරා – ජනාධිපති මාධ්‍ය අංශය )