Category Archives: breaking_news

ධනංජයද සිල්වාගේ පියාගේ අවසන් කටයුතු 28දා

image_1527188690-8f216350ebවෙඩි වැදීමකින් මිය ගිය රන්ජන් ද සිල්වා මහතා අවසන් කටයුත 28 දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම්  දී ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියාවන රන්ජන්ද සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය විය.

28 දා සවස 1.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වන අතර දේහය අංක 100/06 මුහුදු වෙරළ පාර, රත්මලාන ලිපිනයේ තැන්පත් කර ඇත.

 

 

දකුණේ උණ රෝගය රටපුරා පැතිරීමේ අවධානමක්

දකුණේ  වර්ධනය වී ඇති ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පිළිබඳ නිසි පරිදි ජනතාව දැනුම්වත් කර පාලනය කිරීමට පියවර නොගතහොත් රෝගය රටපුරා පැතිරී ජීවිත හානිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් අද (26දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.

ඒහි දී අදහස් දැක්වූ එම ශාඛාවේ ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසන්නේ ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරුවූ රෝගීන් කරාපිටිය රෝහලට පැමිණීම අඩුවී වී ඇතත් රෝගය පැතිරීම  අඩුවී හෝ මර්ධනය වී ඇතැයි අර්ථකථනය කිරීම වරදක් බවයි.

''දැන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරුවූ පුද්ගලයන් කරාපිටිය රෝහලට පැමිණීම අඩුවෙමින් තිබෙනවා. නමුත් ඒකට හේතුව රෝගය පැතිරීමේ අඩුවක් නොවෙයි. මාධ්‍ය මගින් මේ රෝගය ගැන  විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ ප්‍රචාරයේ හොඳ සහ නරක දෙකම තිබෙවනවා. රෝගය ගැන භියට පත්වූ අය බොහෝ අවස්ථාවල දී රජයේ රෝහලට නොපැමිණ පෞද්ගලික රෝහල්වලට යන බව පෙනෙන්න තිබෙනවා. මේ වනවිට ගාල්ලේ පෞද්ගලික රෝහල් මේ රෝගීන්ගෙන් පිරිලා. "

වෛද්‍යවරුන් පවසන්නේ මේ රෝගය 2017 අග භාගයේ හා 2018 මුල් මාස කිහිපයේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමෙරිකා ඒක්සත් ජනපදය යන රටවල සෘතුමය වශයෙන් පැතිරගියි බවයි. කෙසේ වෙතත් රෝගය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වී ඇත්තේ මිරිස්ස වැලිගම ප්‍රදේශයෙන් බවත්, විදේශිකයකුගෙන් පැතිරීම ආරම්භවන්නට ඇති බවත් වෛද්‍යවරු සැක පළ කරති.

මෙම රෝගය සම්බන්ධයේන රජයේ අවධානය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ද ඒ පිළිබඳ මීට වඩා දැඩි අවධානයක් යොමු කර ළමා දැඩි සත්කාර ඒකක වඩාත් පහසුකම්වලින් පරිපූර්ණ කිරීම, කරාපිටිය ඇතුළු රෝහල්වල විශේෂ ඒකකවල රෝගීන් රඳවා තැබීම ආදී පියවර ගැනීම, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම, වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට හැකි ඉක්මණින් ඉන්ෆ්ලුවන්සා 2018 එන්නත ලබාදීම, ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීම ආදී පියවර ගත යුතුයැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීන් පවසයි. 

GMOA-01

ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක නිරත පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

ගොවිබිම් වල සවිකර තිබූ ජල පොම්ප සොරා ගෙන අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව ඇත.

සැකකරුවන් සොරාගෙන අලෙවිකර තිබූ   භූමිතෙල් හා විදුලිය මගින්  ක්‍රියා කරන  රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනා ජල පොම්ප 08 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.

ඉපලෝගම ප්‍රදේශයේ ගොවි මහතකු ඉපලෝගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව කළ පරික්ෂණ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්  කළක සිට ගොවි බිම්වල සවිකර ඇති වටිනා  රාත්‍රී කාළයේ සොරා ගෙන  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට අඩු මුදලට අලෙවිකර තිබේ.

පසුව එම ජල පොම්ප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් වෙනත් පුද්ලගයින්ට නැවත වැඩි මිලට අලෙවිකර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ජල පොම්ප අද (26දා) කැකිරාව මහේස්ත්‍රාත් හමුවට  ඉදිරිපත් කිරීමට නියමිතය.

arres

සිංහ ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර – මංගල

සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පසුගිය 24දා මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"සංහිඳියාව රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදී ඇත්තේ ඒ නිසයි. එහෙත් සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතිනවා. එහෙත් ඔවුන්ට කිසිවිටෙක රට ආපස්සට හැරවීමට ඉඩ ලබාදිය යුතු නැහැ."  යැයි පවසා සිටියේය.

ජල මට්ටම් පහළට

අයහපත් කාලගුණය හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති ප්‍රධාන ගංඟා සියල්ලේම ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (26දා) පෙ.ව. 6.30ට නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

කැළණි ගඟ -සෑම ස්ථානයකම ජල මට්ටම පහළට

කළු ගඟ- මිල්ලකන්ද හා පුතුපවුල ප්‍රදේශයන්හි ගං වතුර තත්ත්වයක් පැවැතියත් සෑම ස්ථානයකම ජල මට්ටම පහළ

ගිං ගඟ – සෑම ස්ථානයකම ජල මට්ටම පහළට

නිල්වලා ගඟ – සෑම ස්ථානයකම ජල ම්ටම පහළට

මහ ඔය – බඩල්ගම ගංවතුර තත්ත්වයක් ඇතැත් සෑම ස්ථානයකම ජල මට්ටම පහළට

අත්තනගලු ඔය  – ගං වතුර තත්ත්වයක් ඇතැත් ජල මට්ටම පහළට

57b7be1f66248

තබ්බෝව වාන් දොරටු සියල්ලම වසයි

තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වනවිට වසා දමා ඇති බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සක් ඇත. පැවැති අධික වර්ෂව හේතුවෙන් 25 දින උදෑසන වන විට එම වාන් දොරටු විස්සම විවෘත කර තිබුණි.

පසුව කාලගුණ තත්වයන් අනුව දහවල් කාලයේ සිට ක්‍රමක්‍රමයෙන් වාන් දොරටු වැසීම සිදු කළ අතර, එදින (25) මධ්‍යම රාත්‍රිය වන විට දොරටු සියල්ලම වසා දමා තිබේ.

තබ්බෝව ජලාශයේ උපරිම ජල ධාරිතාවය උසින් අඩි 18ක් හා ඝණ අඩි ප්‍රමාණය අක්කර අඩි 15,400කි. 26 දින උදෑසන වනවිට එය උසින් අඩි17යි අඟල් 3ක් ව තිබූ බවද වාරිමාර්ග කාර්යලය කීය.

57b7be1f66248

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

පාසල් රග්බි තරග පිටියට මත්පැන් තහනම්

පාසල් රග්බි තරඟාවලි පවතින අතර තුර හටගත් කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් ඊයේ (25දා) ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දැඩි කොන්දේසි යටතේ නැවතත් ලබන 28 දා සිට පැවැත්වීමට තීරණය කර තිබේ.

පසුගිය තරඟාවලි අතර සිදුවූ ගැටුම් වීඩියෝ දර්ශණවලින් නැරඹීමෙන් අනතුරුව මේ සම්බන්ධව පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක මහතාගෙන් විමසන ලදි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පැමිණිල්ලක් සිදු කලහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

එම මොහොතේම අමාත්‍යවරයා පාසල් රග්බි සංගමය වෙත අදාළ සිදුවීම පිළිබද පොලීසිය වෙත පැමිණිලි කරන ලෙස නියෝග කරන ලදි. සිදුවීම සම්බන්ධව සියළු වීඩියෝ පට පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් දෙන ලදි.

කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා වැරදිකාරයන් සඳහා ඇප ලබාදීමට පොලීසිය පාර්ශවයෙන්  විරෝධතාවය දක්වන වන ලෙසද කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත.

පාසල් රග්බි ක්‍රීඩා තරඟාවලි පැවැත්වෙන අතර මෙවැනි ගැටුම්කාරී තත්වයන් උද්ගතවීමට මත්පැන් භාවිතා කිරීම මූලික හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඒ අනුව මින් ඉදිරියට පවත්වන කිසිදු පාසල් රග්බි තරඟාවලියක් සදහා ක්‍රීඩාංගණය තුළ හෝ ඒ අවට මත්පැන් අලෙවිය තහනම් කරන ලදි.

ක්‍රීඩා පිටිය වෙත මත්පැන් ගෙන ඒම හා මත්පැන් පානය කර පැමිණීම වැළැක්වීම සිදු කල යුතු අතර ඒ සදහා විදුහල්පති, ක්‍රීඩා භාර ගුරුවරුන්, ආදිශිෂ්‍යයන්, සංගම් හා තරඟ සංවිධායකයින් ඇතුළු සියළු පාර්ශවයන්ගේ සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

පසුගිය කාලයේදී කළහකාරී ලෙස හැසිරුනු කාඩ්බෝඩ් වීරයන් ඉදිරි තරඟාවලි නැරබීම සඳහා පැමිණීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කරන ලදි.

එම අවස්ථාවේ ගැටළුවක් ලෙස හඳුනාගත් තරඟාවලි සඳහා සහභාගීවන රග්බි විනිසුරුකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටත්, ඔවුන්ගේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා ඒ මොහොතේ ප්‍රකාශ කරන ලදි.      

tigers-treviso-jb-10-prem-ball     

බිඳ වැටුණු ට්‍රම්ප් – කිම් සාකච්ඡා යළි දළුලා වැඩෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග ලබන මස පැවැත්වීමට තිබූ හමුව ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කිරීමත් සමග, තමන් ඕනෑම වේලාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සූදානම් බව උතුරු කොරියාව යළි දන්වා තිබේ.

කෙසේ වෙතත්, සිය තීරණය දැනුම් දීමට පෙර උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කිම් ක්යේ-ග්වාන් පවසා තිබුණේ ඇමෙරිකානු නායකයාගේ තීරණය අතිශය කනගාටුදාය තීරණයක් වූ බවයි.

උතුරු කොරියාව විවෘතව එදිරිවාදීකම්පාන බව පවසමින් ට්‍රම්ප් මෙම හමුව අවලංගු කර තිබුණු බව ධවල මන්දිර තොරතුරුවල සඳහන් විය.

කෙසේ වෙතත්, ප්යොන්ග්යැන් පාලනය විසින් මෙසේ ඉදිරිපත් කර ඇති නව යෝජනාව ට්‍රම්ප්ගේ පැසසුමට ලක්ව අති බවද කියැවේ.

එය අතිශය උණුසුම් මෙන්ම ඵලදායී තීරණයක් වනු ඇති බව ට්‍රම්ප් එහිදී, පවසා තිබුණි.

ලෝකයම බලා සිටින මෙම හමුව උතුරු කොරියානු නායකයෙකු හා ඇමෙරිකානු නායකයෙකු ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවන අවස්ථාවකි.

ජුනි 12 වැනිදා සිංගප්පූරුවේදී එය පැවැත්වීමට මුලින් කතා කර තිබුණත්, පසුව ට්‍රම්ප් එය අවලංගු කෙරෙන බව පැවසීමත් සමග එය පැවැත්වෙන ස්ථානය හා වේලාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් පැහැදිලි නොමැති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

මේ අතර තමන්ගේ න්‍යෂ්ටික බලාගාර ගලවා ඉවත් කිරීම පොරොන්දු වූ පරිදිම සිදුකළ බව උතුරු කොරියාව පවසා තිබුණි.

නමුත්, මෙවැනි තත්ත්වයක් තුළ පවා උතුරු කොරියානු නායකයා වෙත සෘජු ලිපියක් යොමු කරමින් සාකච්ඡාවලින් ඉවත් වන බව ට්‍රම්ප් පවසා තිබීම කනගාටුදායක බව උතුරු කොරියාවේ මතය විය.

එහිදී, තමන්ට ලිබියාවේ මෙන් විසඳුමක් අවශ්‍ය නොවන බව උතුරු කොරියාව පවසා තිබුණු අතර, එය උතුරු කොරියාවේ මෙන්ම එරට නායකයාගේද ආරක්ෂාව තහවුරු වන විසඳුමක් විය යුතු බව උතුරු කොරියාව පවසා තිබුණි.

1_Trump 1_Trump Kim

 

කළුතර හා පානදුර තරග පාවාදීම ගැන සෙවීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්

කලුතර හා පානදුර ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති ප්‍රිමියර් ලීග තුන්දින තරගාවලියේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව  විමර්ශනයක් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන රෝහිනී මාරසිංහ මහත්මිය පත්කර ඇත.

මෙම තරගපවාදීම් පිළිබඳව මීට ඉහතදී පත්කළ ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ කමිටුවල වාර්තා පිළිබඳවද අධ්‍යනය කරමින් සිය අවසන් වාර්තාව ඇය ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම වරදකරුවන් වෙනුවෙන් ලබාදිය යුතු උපරිම දඬුවම් පිළිබඳව වාර්තාවක්ද ඉදිරිත් කිරිමට නියමිය.

display

 

 

බිරිඳ මැරුණ පණිවිඩය ඇසූ PC වෙඩි තබාගෙන දිවි නසාගනියි

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද සවස මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 48ක් වන කේ.ජී. විමලරත්න නම් පුද්ගලයෙකි.

මීට වසර දෙකකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ බිරිද ඔත්පලව සිට ඇති අතර අද සවස ඔහුගේ බිරිඳ මියගොස් තිබේ. එම පණිවිඩය මෙම නිලධාරියාට ලැබීමත් සමග ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇත.

මියගිය පුද්ගලයා දරු තිදෙනෙකුගේ පියෙකි.

Police-logo