Category Archives: ada_7

පරමාදර්ශී පාලනයක් පිළිබඳ විශ්වාස කළ සොක්‍රටීස් පිළිබඳ කරුණු 07ක්

4

01. ග්‍රීසියේ, ඇතන්ස්හි උපත ලද සොක්‍රටීස්, බටහිර දර්ශනවාදයේ ප්‍රාරම්භක පියවරුන් අතර පළමුවැන්නා වශයෙන් සලකනු ලබයි. 


02. යමෙකු ජීවත් විය යුත්තේ යම් අරමුණක් උදෙසා බවත්, තමා ජීවත් වන වටපිටාව හා සමාජය ඇති කරගන්නා සම්බන්ධතාව අර්ථකතනය කිරීමේ දී ‘හොඳ, නරක ඉතාමත් වැදගත් සාධකයක් බව ඔහු තරයේ විශ්වාස කළේය.


03. ප්ලේටෝ ගේ ‘ඩයලොග්ස්' නම් කෘතියෙහි ප්ලේටෝ සහ සොක්‍රටීස් අතර ඇති වූ සාකච්ඡා පිළිබඳව ඇතුළත්ව තිබේ. සදාචාරය තමන් විසින් උපදවන්නක් බවත්, මනුෂ්‍යයා ස්වභාවයෙන් ම අවංක වුවත්, පාපය යනු සිය ස්වභාවය දියුණු කරන්නට ගන්නා නොමග ගිය උත්සාහයක් බවත් ඔහුගේ මතය විය.


04. 'නිසියාකාර ව සූදානම් කරන ලද, ප්‍රඥාවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත, සමාජයේ යහපත සඳහා කැප වූ පාලනයක් පරමාදර්ශී ආණ්ඩුවක්' ලෙස ඔහු විසින් පිළිගන්නා ලදී.


05. ස්වාභාවික ලෝකයට පිටුපසින් ඇති ඒකීය ශ්‍රේෂ්ඨ බලවේගයක් පිළිබඳ ඔහු විශ්වාස කෙළේය. මෙය බහු දේවවාදී විශ්වාසයන්ට  පටහැනි වූ නිසාත් ඇතැන්ස්හි වැසියන් නොමග යවන්නක් නිසාත් සොක්‍රටීස් සිර භාරයට පත් විය.


06. ඔහු සිරගතව ශිෂ්‍යයන් සමග පැවැත්වූ සාකච්ඡා පිළිබඳව ප්ලෝටෝගේ %ෆේඩෝ^ නම් කෘතියේත්, නඩු විභාගය පිළිබඳව 'ඇපලොජි' කෘතියේත් සඳහන් වේ.


07. එම කෘතීයන්හි සඳහන් පරිදි සොක්‍රටීස් වරදකරු කළ නඩු තීන්දුවෙන් පසුව ඔහුට හෙම්ලොක් නම් විෂ වර්ගය පානය කිරීමෙන් දිවි නසා ගැනීමට සලස්වන ලදී.

 

 - දිනිත් කණිෂ්ක

ඩී.එන්.ඒ. පිළිබඳ කරුණු 7ක්

aid1371506-v4-728px-Collect-DNA-Step-3-Version-2

01. කිසියම් ජීවියෙකුගේ ජාන යනු ඩී.එන්.ඒ. (ඩියොක්සිරයි බොනියුක්ලික් ඇසිඩ්) (Deoxyri-bonucleic acid) නම් වූ අනුවක කොටසකි. ජාන එක්වීමෙන් ඩී.එන්.ඒ. අණුවක් සෑදෙයි.


02. 1984 දී බ්‍රිතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක් ජෙෆ්රීස් විසින් ඩී.එන්.ඒ පිළිබඳව සොයා ගන්නා ලදී.


03. මවගෙන්, පියාගෙන් ලැබෙන ජාන සංයුතියේ උරුමක්කාරයන් වන්නේ දූ දරුවන්ය. ඒ අනුව මවුපියන්ගේ සිට ලේ ඥාතීන්ගේ හෝ ඩී.එන්.ඒ. පරීක්‍ෂාවකින් ඥාතීත්වය සොයා ගැනීමට හැකිය. 


04. ඩී.එන්.ඒ.  පරීක්‍ෂාව සඳහා පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම සියුම් කෙටසක් වුවද ප්‍රමාණවත්ය. හිසකෙස්, ශ්‍රක්‍ර තරලය, දහදිය, ඛේටය, සම, වැනි දෑ ඊට ඇතුළත්ය. ජීවී මෙන්ම අජීවී අයෙකුගේ ශරීර කොටස්වලින්ද ඩී.එන්.ඒ. රටාව පරීක්‍ෂා කිරීමෙන් අනන්‍යතාව තහවුරු කරගත හැකිය. 


05. පරික්‍ෂාව සඳහා ලබාගන්නා දෑ වලින් සූක්‍ෂම ලෙස ඩී.එන්.ඒ. කැබැලි වෙන්කොට ඊටම සුවිශේෂී වූ තාක්ෂණයන් අධාරයෙන් ඩී.එන්.ඒ. රටාව පියවි ඇසට පෙනෙන ආකාරයට මතුකරගනියි. වර්ෂ 1989 පමණ දක්වා එය සිදුකරණු ලැබුවේ එක්ස් කිරණ පටයකට ලබාගැනීමෙනි.


06. ඩී.එන්.ඒ. මගින් දක්ෂතා දක්වන වෘත්තීන්, බුද්ධි මට්ටම, කෙනකුගේ අනාගතය, වැලඳිය හැකි ලෙඩරෝග (පිළිකාආදී) කරුණු රැසක් සොයගත හැකිබව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පුකර තිබේ. මේ පිළිබඳ විද්‍යාඥයන් විග්‍රහ කරණු ලබන්නේ පුද්ගලයකුගේ ජීවිතයෙන් 75%ක ප්‍රමාණයක් එසේ පුරෝකථනය කළ හැකි වුවත් ඉතිරි 25෴ක ප්‍රමාණය පරිසර සාධක මත සිදුකළ යුතු බවයි.  


07. බටහිර රටවල ඩී.එන්.ඒ. පරීක්ෂාව පහසුවෙන් කළ හැකි නමුත් අපේ රටේ මෙය සිදුකෙරෙන්නේ උසාවි නියෝගයකින් හෝ ස්වකැමත්තෙන් ඉදිරිපත් වුවහොත් පමණි. 

කොරල්පර ගැන කරුණු 07ක්

_95063210_gp0stqk4b_pressmedia

01. මුහුදු ජලයේ ඇති කැල්සියම් ලවණ ජීර්ණ කිරීමෙන් 'පොලිප් ජීවියා' හෙවත් 'බහුබාවා' විසින් කොරල් සැකිලි සාදාගනු ලැබේ. එම සැකිලි 'හුණුගල්' හෙවත් 'කොරල් ' ලෙස හැඳින්වේ.


02. මුහුදු සුළං හා උදම් තරංග ආදියේ වේගයන් වෙනස් කිරීමට කොරල්පරවලට හැකිය. එසේම වෙරළ ඛාදනය වැළැක්වීමට මේවා උපකාරී වෙයි. 


03. ලංකාව වටා ඉතා සුන්දර වෙරළ තීරයක් පවතී. එම වෙරළ තීරය ආරක්‍ෂා කීරීමට කොරල්පර මගින් විශාල දායකත්වයක් ලබාදෙයි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කොරල්පර විනාශ වෙමින් පවතී.


04. කොරල් විශේෂයක් වන හුණුගල් මගින් අළුහුණු නිපදවයි. නමුත් අළුහුණු නිපදවීමට මේවා කැඩීමෙන් දූපත් වටා ආරක්‍ෂිත බැම්මක් බඳු වූ කොරල්පර විනාශ වී යයි.


05. දැනට ලොව ඇති විශාලතම කොරල්පර පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේය. එය හැඳින්වෙන්නේ 'මහා බාධක පරය ලෙසිනි.


06. ආලෝකය, ජලයේ උෂ්ණත්වය, ආහාර ලැබෙන ප්‍රමාණය හා බුහුබාවන්ගේ වර්ධනය අනුවද කොරල්වල හැඩය හා ප්‍රමාණය වෙනස් විය හැකිය.


07. 'මෘදු කොරල්', 'නිල් කොරල්' හා 'කොරොස් කොරොල්' ලෙස සැලකෙන කොරල් විශේෂයන්ද  ඇත. ඉතා පැරණි ඉතිහාසයක් ඇති ගල් කොරල් විශේෂ 1,000ක් හා කොරොස් කොරල් විශේෂ 1200ක් ලෝකය පුරා පවති.

- සහන් රසාංග

ගුවන්යානා තුළ ඇති කළු පෙට්ටිය සම්බන්ධ තොරතුරු 07ක්

01 ගුවන්යානා අනතුරකදී සත්‍යය ලෙසම සිදුවූ අනතුර, එහි ස්වභාවය, නියමුවාගේ හඬපට ආදී සියල්ල දෘඩ තැටියක් තුළ සටහන් වන උපකරණයකි.

1-O0wh96ahpOXJOxTK_NzyZg


02 දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රහාරක ගුවන්යානා ආදිය සඳහා ප්‍රථම වරට මෙය 1942 වර්ෂයේදී හඳුන්වා දී ඇත.


03 එහෙත් 1956 දී ඔස්ට්‍රේලියානු ගගන යානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් වොරන් විසින් විධිමත් ලෙස සැකසූ FDR^ (Flight Data Recorder) නැතහෙත් CVR (Cock Pit Voice Recorder) හඳුන්වා දෙන ලදී.

WarrenBlackBox

04 කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද, මෙය තැඹිලි පැහැති කුඩා පෙට්ටියකි. සෑම කළු පෙට්ටියකම පිටතින් Flight Recorder Don't open (ගුවන්යානා තොරතුරු සටහන් වූවකි, විවෘත නොකරන්න) ලෙස සටහන් කර ඇත.


05 සෙල්සියස් අංශක 1000ක උෂ්ණත්වයකදී හෝ අයිස් බවට පත්වන ඕනෑම සෘණ උෂ්ණත්වයකදී හෝ අඩි 20,000ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුණද මීට හානි සිදුනොවේ.


 

06 මුල් කා‍ලයේදී කළු පෙට්ටියෙන් ගුවන් නියමු කටහඬ, අනතුර සිදුවද්දී ගුවන්යානය ගමන් කළ උස සහ වේගය, ගමන් කළ දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුළ තිබූ ටේප්වල ගබඩා වුවද, වර්තමානයේ ඒ සඳහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.


07 වර්ෂ 2010 ජූලි 19 වැනිදා අවුරුදු 85ක්ව සිටියදී ඩේවිඩ් වොරන් මිය ගිය අතර, ඔහු ඉටුකළ සේවයට ගෞරවයක් වශයෙන් ඔහු මිහිදන් කළ පෙට්ටියේ  ගුවන්යානා තොරතුරු සටහන් යන්ත්‍ර‍ෙය් නිෂ්පාදකයාය, විවෘත නොකරන්න (Flight Recorder Inventor Do not Open) ලෙස සටහන් කර තිබිණි.

Family members carry the coffin of scientist Warren at his funeral in Melbourne

 

 

පුස්කොළ පොත් සැකසීම සහ පුස්කොළ පොත් පිළිබඳ තොරතුරු 7ක්

01 සිංහල ජාතියේ ආරම්භක අවධියට ආසන්න කාලයක සිට ලේඛන කලාවේද ආරම්භය සිදුවී ඇත. මෙහිදී ගස් පතුරු හා ගස් පොතු , උණ පතුරු, ගල් පුවරු, වැකේ කොළ ආරම්භක අවධියේදී ලේඛනය සඳහා උපයෝගී කර ගැනුණි.


02 පුස්කොළය, තල කොළය  ආශ්‍රයෙන් ලේඛනයට පිවිසි ප්‍රබලතම මාධ්‍යය විය. දීර්ඝ කාලයක් රඳා පැවැත්ම, සුරක්‍ෂිතව තබා ගැනීම නිසා එසේ වන්නට ඇත.


03 වළගම්බා රජ අවධියේ මාතලේ අලුවිහාරයෙන් ආරම්භ වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය අද දක්වාම මෙම පුස්කොළය ආශ්‍රයෙන් ලියවී භාවිතයට ගැනේ.


04 ශ්‍රී රාහුල හිමි, ගුරුළුගෝමීන්, දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු, ආදී හෙළයේ මහා ගත්කරුවන් විසින් පුස්කොළය තුළින් පන්හිඳ අවධි කරන ලදී.


05 පුස්කොළය සැකසීමේදී ළපටි තල අතු (තල ගොබ) කපා ඒවායෙහි ඉරටු ඉවත්කොට විශේෂිත ක්‍රමයකට තම්බා මද පවනේත්, අවුවේත් වෙලා, අච්චුවකට තබා පොතක පිටු ආකාරයෙන් සකස් කරගනියි.


06 ත්‍රිපිටක සාහිත්‍යයෙන් මතු නොවුණු සිංහල සාහිත්‍ය බිහි වූයේද, ස්ථාපිත වූයේද මේ ආශ්‍රයෙනි. ඈත අතීතයේ සිට පැවත එන සිංහල ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය තුළ වූ අටුවා ගැටපදය, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, සියබස්ලකර, කව්සිළුමිණ, ගුත්තිලය වැනි කෘතිද ඇති වූයේ පුස්කොළ පොත් තුළිනි.


07 මෑතක් වනතුරු ශ්‍රී ලංකිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) සකසා සටහන්කොට තැබීමට ජ්‍යෝතිශාත්‍රඥයෝ පුස්කොළය භාවිතයට ගත්හ. 

6774313_f520  

තොරතුරු- රංගිරි තාක්‍ෂණ පියස, ගලහිටියාගම පුරාණ මහා විහාරය

 

සුරතල් මසුන් ඇති කරන ටැංකියක තිබිය යුතු සාධක 7ක්

අප බොහෝ දෙනා සුරතල් සතුන් ඇති කරති. විඩාබර මනසට සුවයක් ලබා ගැනීමට එය කදිම ඔසුවකි. ව්‍යාපාරයක් ‍ලෙස හෝ නිවසේ සුරතල් මසුන් ඇති කිරීමේදී මෙම කරුණු වැදගත් වේ. සුරතල් මසුන් ඇති කිරීමේදී අප අනුගමනය කළ යුතු කරුණු 7ක් පහත දැක්වේ.


2-Month-old-2-foot-tank-I-have-1-living-plant-t-DcTPO0

01. ජලයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණය මසුන්ගේ පැවැත්මට විශාල බලපෑමක් සිදු කරයි. සාමාන්‍යයෙන් ජලය ලීටරයකට ඔක්සිජන් මිලිග්‍රෑම් 5කට වැඩි අගයක් තිබීම මසුන් සඳහා වැදගත්ය.


02. ජලයේ ඇති භාෂ්මික හා ආම්ලික අගය පරාසය සමතුලිතව රඳවා ගැනීමට එය නිරතුරුවම පරීක්‍ෂා කර බැලීම කළ යුතු වේ. සාමාන්‍යයෙන් දවසේ කාලගුණය අනුව එය වෙනස් අගයක් ගත්තද දළ වශයෙන් ph අගය 6.5 – 8.5 දක්වා පරාසයක තිබීම වැදගත් වේ.


03. ජලයේ උෂ්ණත්වය වැඩි වනවිට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වේ. ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වනවිට මසුන් අපහසුතාවට ලක්වී අසීරුවෙන් ටැංකිය තුළ හැසිරෙන අයුරු දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී ජල පෙරණය අසලට මසුන් රැස් වීම හෝ ජල පෘෂ්ඨයේ මතුපිට ආසන්නට පැමිණ සිට අයුරුත් දැකිය හැකියි. 


04. මේ ආකාරයෙන් ජල ටැංකියක ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම නිසා මසුන්ගේ වර්ධනය බාල වීමක්, විවිධ රෝගවලට ගොදුරු වීමක්, ප්‍රජනන ඌනතාවලට මුහුණ දීම හා කරමල්වලට හානි වීමටත් ඉඩ ඇත.


05. මසුන්ගේ විවිධ රෝගවලටද හේතු වන මෙම කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය පාලනය කිරීමට හොඳින් ජලය වාතනය කිරීමත්, ජල පෙරහන් තුළින් වැටීමට සැලැස්වීම තුළින් පාලනය කළ හැකි වේ. ජලයේ පවතින කැල්සියම් හා මැග්නීසියම් අයන ප්‍රමාණයද යම් දුරකට මසුන්ගේ පැවැත්මට බලපෑමක් සිදු කරයි.


06. මසුන් වැඩිපුර සිටින ටැංකිවලට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වූ විට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන අතර, ටැංකියේ ඉතිරි වන අපද්‍රව්‍ය කොටස් හා රොඩු බහුල වීමත් ඔක්සිජන් යන්ත්‍ර ක්‍රියා විරහිත වීමත් ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීමට හේතු වේ.


07. අප බෝ කරනු ලබන මසුන්ගේ ටැංකි තුළ උෂ්ණත්වය නියමිත පරාසයක පිහිටීම එම මසුන්ගේ වර්ධනයටත් පැවැත්මටත් ඍජු ලෙස බලපාන සාධක වේ. සෙල්සියස් අංශක 25-30 දක්වා වු පරාසයක උෂ්ණත්වය පැවතීමත් එය පාලනය සඳහා හීටරයක් භාවිතයෙන් එය මැන බැලීමක් කළ හැකිය.

Goldfish-Tank

ආඝාතය සම්බන්ධ කරුණු 7ක්

11

01. ආඝාතය යනු හදිස්සියේ ඇතිවන රෝග තත්ත්වයකි. මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාළ වීම හේතුවෙන් මෙය ඇතිවන අතර, එමගින් එම ප්‍ර‘දේශයට අවශ්‍ය ඔක්සිජන් (O2 ) සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යෑමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි.


02. ලෝකයේ මරණයට පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගනී. එමෙන්ම වැඩිහිටියන් ආබාධිතයන් වන ප්‍රධානතම හේතුව ආඝාතයයි.


03. ආඝාතය හදිසි මරණයට හේතුවන ප්‍රධානතම රෝගී තතත්වයකි. එමෙන්ම එමගින් තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්ත්වයකට පත්විය හැකිය. මොළයේ එක් එක් ප්‍ර‍ෙද්ශ විවිධ කාර්යයන් සඳහා විශේෂණය වී ඇත. ලේ ගමන අවහිර වීමෙන් හානිවන මොළයේ ප්‍රදේශ අනුව ඇතිවන රෝග ලක්ෂණ තීරණය වේ.


04. ආඝාතය ප්‍රධාන වශයෙන් හේතු 2ක් නිසා ඇතිවේ. ඉන් ප්‍රධාන හේතුව වන්නේ රුධිර නාළ අවහිර වීමයි. එනම් ලේ කැටියක් හිරවීමයි. අනෙක් ක්‍රමය වන්නේ මොළය තුළ ලේ නහරයක් පුපුරා ඇතිවන ලේ ගැලීමය.


05. ආඝාතයේ අනතුරු අඟවන රෝග ලක්ෂණ ලෙස හදිසියේ ඇතිවන තද හිසරදය, හදිස්සියේ ඇතිවන ගිලීමේ අපහසුව, හදිස්සියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්, හදිස්සියේ ඇතිවන ඇවිදීමේ අපහසුතා, කරකැවිල්ල සහ සමතුලිත තාවේ වෙනස්කම්, හදිස්සියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ දැනීම ( සංවේදනය) වෙනස් වීම පෙන්වා දිය හැකිය.


06. පුංචි ආඝාත තත්ත්වය තුළ සිදුවන්නේ ආඝාතයට අදාළ රෝග ලක්‍ෂණ සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කිහිපයක්) පැවතීමයි. පැය 24ක් ඇතුළත පුංචි ආඝාත තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වේ.


07.  ආඝාතයක රෝග ලක්‍ෂණ ඉක්මනින් හඳුනාගැනීම අතිශයින් වැදගත් වේ. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආබාධිත තත්ත්වයන් අවම කරගැනීමටත් පිළිවන. 

 

වසර 72ක් සපිරෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ කරුණු 7ක්

01 එක්සත් ජාතීන් නිල වශයෙන් සංවිධානගත වන්නේ 1945 ඔක්තෝබර් 24 වැනිදා චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව සිදුවිය. 


02 සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලබන අතර, ඊයේ (24දා) දිනයට එම සංවිධානයට වසර 72ක් සපිරිණි.


 

03 ප්‍රඥප්තියේ සඳහන් වන අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේය.
• ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
• ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික, සමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
• පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳහිත වර්ධනය කර ගැනීම.
• ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම


 

04 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් පිළිගෙන ඇති පරිදි  නිල භාෂාවන් වන්නේ චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂාවන්ය. එම භාෂාවන් අතරට අරාබි භාෂාවද තෝරාගෙන ඇත්තේ මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ නිල භාෂාවක් ලෙසය.


 

05 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංග 06 ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරුණු අතර, ඒවා නම්, 
• මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)
• ආරක්‍ෂක මණ්ඩලය
• ආර්ථික හා සමාජීය මණ්ඩලය
• භාරකාරත්ව මණ්ඩලය (ආහෝසි කරනු ලැබීය)
• අන්තර්ජාතික අධිකරණය
• ලේකම් කාර්යාලය යනුවෙනි.


 

06 එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ එක්සත් ජාතීන් කරන සෑම දෙයකටම මුදල් ගෙවති. ඊට වෙනත් ආදායම් මාර්ගයක් නොමැත. ගෙවන මුදල් ප්‍රමාණය සාමාජික රටක ගෙවීමේ හැකියාව, ජාතික ආදායම සහ ජනගහනය මත පදනම්ව ඇති අතර, වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.


 

07 ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග 1952 සිට සබඳතා තිබුණද, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගනුයේ 1955 දෙසැම්බර් 14 වැනිදාය. ගතවූ පනස් වසර තුළ බොහෝ ගණනක් ශ්‍රී ලංකිකයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආයතන රැසක මුල් පෙළේ තනතුරු හෙබවූහ.


තොරතුරු - www.un.org / lk.one.un.org/ දිනිත් කණිෂ්ක

United_nations_flag copy copy

 

 

පාපන්දු ලෝක කුසලානය පිළිබඳ කරුණු 07ක්

0222

01. පළමු ලෝක කුසලාන තරගාවලිය 1930 දී ආරම්භ කළ අතර, ජයග්‍රාහකයන්ට පිරිනැමුණු රන් කුසලානය හැඳින්වූයේ 'ජූල්ස් රිමේට්' යන නමිනි.


02. වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය දෙවැනි ලෝක යුද්ධ සමයේදී නොපැවැත්වූ අතර, 1938න් පසුව නැවත පවත්වන ලද්දේ වර්ෂ 1946දීය. එවකට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරයෙකුව සිටි ඉතාලි ජාතික අචාර්ය ඔටෝරීනෝ බරාසි සතුරන්ගෙන් කුසලානය රැකගෙන ඇත්තේ එය පාවහන් පෙට්ටියක සඟවා තැබීමෙනි.


03. මෙම තරගාවලිය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කළ ජූල්ස් රිමේට්ට කරන ගෞරවයක් ලෙස 1946 දී මෙම කුසලානය 'රිමේට් කුසලානය' නමින් හඳුන්වන ලදී.


04. 1970න් පසු ලෝක කුසලාන 'ෆීෆා' නමින් නම් කෙරුණු අතර, කුසලානය සඳහා ආකෘති 53ක් ඉදිරිපත් කෙරිණි. අවසානයේදී ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙකු වන සිල්වියෝ ගැසෑනිගාගේ  ආකෘතිය අනුමත විණි.  


05. වර්තමානයේද භාවිත කරන්නේ එම ලෝක කුසලානයයි. එය උස සෙන්ටිමීටර් 36ක් වන අතර, කැරට් 18 තනි රත්රංවලින් නිර්මාණය කර තිබේ. මෙහි බර ග්‍රෑම් 6175කි.


06. ලොක කුසලානය දිනාගන්නා රටෙහි නම කුසලානයේ සටහන් කරන අතර, මේ වනවිට ආර්ජන්ටිනාව, ජර්මනිය හා බ්රසීලය යන රටවල කණ්ඩායම් මෙම කුසලානයේ දෙවරක් බැගින් තම නම සටහන් කර ගෙන ඇත.


07. වර්තමානයේ පවතින ලෝක කුසලානය වසර 2038 දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. ඊට හේතුව වන්නේ ජයග්‍රාහකයන්ගේ නම් 2038 දක්වා සටහන් කිරීමට ඉඩ ඇති බැවිනි. 

 

තොරතුරැ – www.fifa.com

 

බොන්සායි කලාව පිළිබඳ කරුණු 7ක්

Plant

01. 18 වැනි සියවස අග භාගයේදී ආරම්භ වූ බොන්සායි ජපානයට විශේෂවූ අංගයකි. බොන්සායි යන්නෙහි තේරුම බන්දේසියක ගසක් වැවීම යන්නයි. 


02. ජාන වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව ස්වාභාවික ගස් සහ පඳුරු ඒ ආකාරයෙන්ම කුඩා ආකෘති ලෙස පැළ කිරීම මේ යටතේ සිදුවේ. 


03. හොඳින් රැක බලාගන්නේ නම් බොන්සායි ගසක් වසර සියයකට වැඩි කාලයක් තබාගත හැකි බව ජපනුන්ගේ විශ්වාසයයි.


04 වසර දහසකට පමණ පෙර මෙම කලාව ජපානයට චීනයෙන් ලැබී ඇති අතර, ගස් අතු හා මුල් කප්පාදු කර විශේෂ ක්‍රමයකින් කුරුමිටි ගස් ලෙස කුඩා බඳුන්වල ඉතා සියුම් ලෙස සකසා ගනී. 


05. වසර පහකට වරක් බොන්සායි ගසක් වෙනත් බඳුනක තැන්පත් කළ යුතුය. ඒ කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ගසේ මුල්වල වර්ධනයයි.


06. සෙන් බුදුදහම සමගද බැඳුණු බොන්සායි කලාව ජපන් ජාතිකයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කර ගන්නා සංස්කෘතික අංගයක් බවට පත්වී ඇත.


07 විනෝදාංශයක් ලෙස බහුලව මෙම කලාව භාවිත වන අතර, වර්තමානයේ ලොව පුරා රටවල් රැසක මෙම කලාව ජනප්‍රිය වී තිබේ.