Author Archives: පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්

බලපෑම්වලට යටත්වෙලා සමාව ඉල්ලා වදින්නේ නෑ

තමා බලපෑම්වලට යටත්වී සමාව ඉල්ලන, වඳින චරිතයක් නොවන බවත් කෙදිනකවත් දේශපාලඥයිනට වදින චරිතයක් නොවන බවත් අමාත්‍ය සරත් ෆොන්සේක මහතා පවසයි.

ඊයේ (11 දා) රාත්‍රී පොලොන්නරුව දියබෙදුම ඉහකුලු වැව ප්‍රදේශයේදී ඔහු මේ බව පැවැසීය.

“මට නීතිය හා සාමය අමාත්‍යාංශය මට ලැබිය යුතුයි කියලා රටේ මතයක් තිබුණා. මට ඒක අහිමි කළා. එතකොට මම යම්කිසි දේශපාලන මත ඒ පසුබිම මත ප්‍රකාශ කළා.

මැයි දිනයේදීත් ඒ වගේ මතයක් ප්‍රකාශ කළා. අපේ නායකයා ඉදිරිපත් වූණානම් දිනන්න තිබුණා. අපිට ලක්ෂ 4ක ඡන්ද තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිනුවනම් එක්සත් ජාතික පාක්ෂිකයන්ට මීට වඩා හොඳ දෙයක් වෙන්න තිබුණා.

මම ඒ කියපු දේවල්වලින් ජනපතිතුමාගේ සිත රිදිලා තිබුණා. එතුමා අගමැතිතුමාට කියලා තිබුණා මගේ හිත ටික රිදිලා ඉන්නේ කියලා.අගමැතිතුමා යෝජනා කළා කැබිනට් මණ්ඩලයෙන් පස්සේ කතා කරමු කියලා.

මමයි අගමැතිතුමයි මලික් සමරවික්‍රම මහතායි ජනපපතිතුමයි පුද්ගලිකවම ජනපති ලේකම් කාර්යාලයේදී කාමරයක කතා කළා. විනාඩි හතරක පමණ කාලයක් කතා කළා.

ජනපතිතුමා කිව්වා අපි අතර ප්‍රශ්න තියෙන්න ඕන නෑනේ අපි හිතවත්ව හිටිය කට්ටියනේ ඒක නිසා ප්‍රශ්න තියෙනවානම් වේදිකාවලයි මාධ්‍යයටයි ප්‍රකාශ කරන්න ඕන නෑනේ කියලා. ඊට පස්සේ මමත් ජනපතිතුමාට කිව්වා සාමයෙන් වැඩ කරගෙන යන්න බලමු කියලා.

මම ඉස්කෝලේ යන කාලේ මගේ ගුරු දෙගුරුන්ට වැදලා තියෙනවා. මගේ දෙමාපියන්ට වැදලා තිබෙනවා,පුජ්‍ය පක්ෂයට වදිනවා ඊට හැර දේශපාලඥයින්ට වදින්නේ නෑ.

රාජපක්ෂලා ඉන්න කාලේ මට සමාව ගන්න කියන වචනේ බලෙන් දෙනන් හැදුවා. මම සමාවගත්තානම් හිරේ නොගිහින් එළියේ ඉන්න තිබුණා. මම බලපෑම්වලට යටත්වෙලා සමාව ඉල්ලන, වඳින චරිතයක් නෙමෙයි.  මම සමාව ගන්න විදිහේ වැඩ කරන චරිතයක් නෙමෙයි.”

sarathfonseka

පොලොන්නරුව – බකමූණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

පොලොන්නරුව – බකමුණ මාර්ගය අවහිර කරමින් මේ වන විට විරෝධතාවක් පැවැත්වේ. පොලොන්නරුව දියබෙදුම ඉහකුලුවැව වැව ගම්වාසීන් පිරිසක් මෙසේ විරෝධතාවයේ නියැලෙන්නේ ඊයේ 07 දා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය යාමේ සිද්ධියකට විරෝධය දක්වමිනි.

rOAD-CLOSED

 

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නව ඇඳුමක්

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරිම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා නව නිල ඇදුමක් හදුන්වාදීම ද සිදු කෙරිණි.

15630361-(1)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉහළ යෑම නිසා වාන් දොරටු හතරක් අද (09 දා) පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරි මාර්ග කාර්යාලය පවසයි. 

මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දාසය දහස් එකසියයක් බවත්, එක් වාන් දොරටුවකින් ජලය තප්පරයට ඝන අඩි 560ක් පිටව යන බවත් පොළොන්නරුව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.

ජලාශයේ සමස්ත ජල ධාරිතාව සියයට සියක් බවත්, ඉදිරියේදීත් වර්ෂාව වැඩි වුවහොත් වාන් දොරටු ප්‍රමාණය වැඩි කිරීමට සිදුවන්න බවත් ඒ මහතා පැවසීය. 

ජලය මහා වැලි ගගට මුදා හැරෙන අතර, ගඟ පරිහරණය කරන අය අවදානයෙන් සිටීම වැදගත් බව පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කළේය. 

15610085

 

ඉඩම් ගැටලු තීරණය වන්නේ දූෂිත හා අවිනීත අන්දමටයි

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

එය ජනතාව වෙත කි‍්‍රයාත්මක වන්නේ රුපියල් ශතවලට මුල්තැන දෙමින් සහ දූෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව  පැවැසුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053 ක් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් අද (30දා) පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

ඉඩම් පිළිබඳ කටයුතු කරන ආයතන පිළිබඳ ජනතාව තුළ ප‍්‍රසාදයක් නොමැති බවත් මෙම තත්ත්වයන් වහා වෙනස් විය යුතු බවත් ජනපතිවරයා පවසා සිටියේය.

එමෙන්ම ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ තීන්දු ලබාදීමේදී මෙන්ම ඉඩම් ඔප්පු ලබාදීම පිළිබඳ කටයුතුවලදී වඩා සාධාරණ සහ නිවැරදි තීන්දු ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා එය එසේ නොවුණහොත් සමස්ත පරම්පරාවකටම අසාධාරණයක් සිදුවන බව ද කියා සිටියේය.

15600201 copy

 

 

ගෘහ සේවක සේවිකාවන්ටත් EPF

ගෘහ සේවක සේවිකාවන් සඳහා ඉදිරියේදී අර්ථසාධක අරමුදල් ලබාදීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාද මීට එක්ව සිටි අතර, නව කම්කරු කාර්යාලය සඳහා රුපියල් මිලියන 160ක් වියදම් කර තිබේ. 

15600165 copy

 

මාර්ග සංවර්ධනයකදී පුරාවිද්‍යා නටබුන් හමුවෙයි

news pix polonnaruwa (6)

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේදී ඓතිහාසික දීපඋයන ආසන්නයේ කැණීමකදී පුරාවිද්‍යා නටබුන් මතුව තිබේ. ඊයේ (22දා) බැකෝ යන්ත්‍ර මගින් මාර්ගයේ කැණීම් කටයුතු සිදු කිරීමේදී ඉපැරණි ගල් කණු මතුව ඇති අතර, පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ගල් ඇතිරීමක් මෙහි දක්නට ඇති බවයි. මේ අනුව එසේ ඇතිරී තිබූ ගල් කණු තුනක් ගල වී ගොස් ඇති අයුරුද දක්නට ලැබිණි.

 

 

 

 

මුදල් වංචා සැකකරුවෙකු බන්ධනාගාරයේදී ගෙල වැලලාගෙන

රුපියල් ලක්ෂ පනහකට අධික මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු පොලොන්නරුව රක්ෂිත  බන්ධනාගාරය තුළ දී ගෙළ වැල ලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මහ නුවර ,පේරාදෙණිය පාර,අංක 567 හි පදිංචිව සිටි රාමසාමි සුරේෂ් (44) නමැත්තෙකි.

පොලිසිය පවසන අන්දමට මීට සති දෙකකට පමණ ඉහත දී කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුදල් වංචාවක් පිළිබද සැකකරුවෙකු වූ මියගිය පුද්ගලයා පොලොන්නරුවේ ද රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කිරීම පිළිබද චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ‍රැගෙන විත් තිබිණ.සැකකරු මනම්පිටිය සංචාරක මහේශ්‍රාත් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතව තිබී ඇති අතර ඉකුත්(16) දා සවස 3.00 ට පමණ එම ‍රැදවියා සිටි වාට්‍ටුවේදී මෙසේ සියදිවි නසාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

මගේ කැපවීම ඉහළ නායකත්වය නොදැකීම පිළිබඳව කනගාටුයි

තමන් කියන දේ ඉහළ නායකත්වය නොදැකීම හේතුවෙන් තමන් දුකට පත්ව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පැවසීය සිටියේය. මනම්පිටියේ පැවැති උත්සවයකට අද (11දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

"මේ රටේ හැමෝම ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් කියන අනන්‍යතාව මතයි.  මේ අයුරින් කිසිදු ජාති භේදයකින් තොරව සමගියෙන් එකිනෙකාට උපකාර කරගෙන ජීවත් වීමෙන් රටක් ගොඩනගන්න පුළුවන්.  ඒ වගේම සංවර්ධන ප්‍රතිලාභවලින් තමයි ආර්ථිකය ගොඩගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා අනෙකා ගැන හිතන්න. 

ඒ සඳහා මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. මේ සඳහා මා දක්වන කැපවීම ඉහළ නායකත්වය නොදැකීම පිළිබඳව මට ඇත්තේ කනගාටුවක්. මේ ප්‍රදේශවල ජීවත් වන බොහෝ පිරිසක් මුහුණ දෙන ගැටලු පිළිබඳ මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා පිළිබඳව මම පක්ෂ නායකයන් දැනුවත් කළත් ඔවුන්ට කාගෙන්වත් සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ." යැයි ද පවසා සිටියේය.

WASANTHA

දේශපාලන කුණු හවසට රූපවාහිනියෙන් පෙන්වනවා

මේ දවස්වල ලංකාවේ දේශපාලන සුළිසුළං තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (02දා) පෙරවරුවේදී පොළොන්නරුවේදී පැවසීය.

‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුවේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ චන්දන පොකුණ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසුවේය.

“සාමාන්‍යයෙන්  මේ දවස්වල දේශපාලන සුළි සුළං තිබෙනවා. රූපවාහිනිය දිහා බලාගෙන හිටපුවහම රටේ මොකුත් නෑ වගේ තේරෙන්නේ. ඒ ඔක්කොම කුණු තියෙන්නේ කොළඹ තමයි.කොළඹ නගරයේ තිබෙන කුණුයි දේශපාලන කුණුයි.

රටටම හවසට රූපවාහිනියෙන් පෙනෙනවා. නමුත් මේ වගේ ගම්මානවලට ඇවිදින් වැවක් අයිනේ ඉඳගෙන, කුඹුරක වැඩක් පලක් කරගෙන, තියෙන වැඩටික කරපුවහම ඒ කුණු කිසි දෙයක් නෑ, අපිට අවශ්‍ය  මිනිසුන්ට යහපත් ජීවන තත්ත්වයක් ඇති කරන්න” යනුවෙනි.

01-10