Author Archives: සුපුන් සම්පත්

අබිරහස් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් 7ක්

ලෝකයේ වැළලී ගිය පුරාවෘත්තයන් රැසක් දිනෙන් දින වාර්තා වෙයි. ඒ අනුව සිදුකරන කැණීම් ඔස්සේ ගොඩගත් ඇතැම් වස්තූන්ගේ අතීතය වර්තමානයට ඉතිරි කරනුයේ ප්‍රශ්නාර්ථයකි. එවැනි යටගියාව සිතාගැනීමට තරම් දුෂ්කර පුරාවිද්‍යා සොයා ගැනීම් කිහිපයක් ලෝකයෙන් වාර්තා වේ. මේ එවන් අබිරහස් සොයා ගැනීම් 7කි.


01. අබිරහස් හිස්කබල් 

1. The Tomb of Sunken Skulls

ස්වීඩන් පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මීට වසර 8,000කට පමණ පෙර භූමදානය කළ මිනිසුන්ගේ, කාන්තාවන්ගේ, ළමයින්ගේ හා ළදරුවන්ගේ හිස්කබල් 11ක් සොයාගනු ලැබීය. මේවා ගල් යුගයේ යැයි විශ්වාස කරන අතර, ඇතැම් හිස්කබල් පුළුස්සා දමා ඇති අයුරුද නිරීක්ෂණය විය.  මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවක් කුමන කාරණයක් උදෙසා සිදුකළාද යන්න අදටත් ගැටලුවකි.


02. දඟර ගැසුණු කෞතුක වස්තු 

2. 300,000 year old nanostructures

රුසියාවේ කොෂිම්, නරාඩා හා බල්බන්යු ගංගා ආසන්නයේ හා උරාම් කඳු ආශ්‍රිතව තිබී 1991 වසරේදී දඟර ගැසුණු කෞතුක වස්තු කිහිපයක් සොයාගෙන තිබේ. මේවා වැඩි වශයෙන් තඹවලින් නිර්මාණය කර ඇති බවට පෙනීගිය අතර, ඇතැමුන් මෙය ගුවන්යානා කොටස් යැයි පවසමින් නිෂ්ප්‍රභ කරන්නටද විය. නමුත් මොස්කව් විශ්වවිද්‍යාලය පවසන්නේ මෙය වසර 318,000ක් දක්වා පැරණි බවයි.


03. කොච්නෝ ස්ටෝන් 

3. The Cochno Stone

ස්කොට්ලන්ත පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 5,000ක් පමණ පැරණි කැරකෙන හැඩයක් ගත් ජ්‍යාමිතික සැරසිලි සහිත ගල් පුවරුවක් සොයාගන්නා ලදී. කොච්නෝ ස්ටෝන් ලෙස හඳුන්වන මෙය අඩි 43ක් හා අඩි 26ක ප්‍රමාණයෙන් යුක්තය. මෙහි ගල තුළට කාවැදුණු අර්ධ ගෝලාකාර කොටස් හා මුදු ආකාර හැඩයන්ගෙන් යුක්ත විය. මෙහි තේරුම අදටත් කිසිවෙකුත් නොදන්නා බවට වාර්තා වේ.


04. බොල්ෂෝයි සයාට්ස්කි ලාබ්‍රින්ත්ස්  

4. The Bolshoi Zayatsky Labyrinths

බොල්ෂෝයි සයාට්ස්කි යනු රුසියාවේ වෙරළ ආසන්නයේ පිහිටි කුඩා දූපතකි. පුරාවිද්‍යාත්මක භූමියක් වන මෙය හඳුන්වනු ලබන්නේ 'බොල්ෂෝයි සයාට්ස්කි ලාබ්‍රින්ත්ස්'  නමිනි.  ක්‍රිස්තු පූර්ව 30,000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන මෙය ගල් ගොඩවල් හා මැටියෙන් සෑදූ ගොඩනැගිලිවලින් යුක්ත වෙයි. මෙය කවුරුන් විසින් ඉදිකළේද යන්න තවමත් හඳුනාගෙන නැති අතර, මෙය අල්තාරයක් හෝ ශාන්තිකර්ම කළ ස්ථානයක් බවට විශ්වාස කරයි.


05. සුපර් හෙන්ජ්

5. Super-Henge

බොහෝ දෙනෙකු දන්නා ස්ට්‍රෝන්හෙන්ජ් ආසන්නයේ ඇති මෙම සුපර් හෙන්ජ් නම් භූමිය යට වැළලී ගිය ස්මාරක සොයා ගත්තේය. මෙම භූමියෙන් ස්ට්‍රෝන්හෙන්ජ් මෙන් අතිවිශාල ගල් 90ක් පමණ සොයාගෙන තිබේ. රේඩාර් භාවිතයෙන් සිදුකළ පරීක්ෂණ මගින් සොයාගත් මෙම සුපර් හෙන්ජ් කුමක් සඳහා භාවිත කරාද යන්න ගැටලුවකි. මෙම ගල් සිතාමතා භූමියේ තැන්පත් කරන්නට ඇති බවට සැක පහළ වී තිබේ.


06. ලෝන්ග්යු ගුහා

6. The Longyou Caves

චීනයේ ලොන්ග්යු ගම්මානයේදී 1992 වසරේදී ගුහා විශේෂයක් සොයා ගැනිණි. මිනිසුන් විසින් නිර්මාණය කළ මෙම ගුහා වරෙක ජලයෙන් යටවිය. අඩි 100ක් පමණ ගැඹුරින් පිහිටන මෙම ගුහා සංකීර්ණයේ ගුහා එකිනෙකට සම්බන්ධ නැති අතර, තුනී බිත්තිවලින් වෙන් වී ඇත.  ක්‍රිස්තු පූර්ව 200කට පෙර නිර්මාණය වූ බව සැලකෙන මෙය පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැත. 


07. පුමා පුන්කු ගල් කැටයම්

7. Puma Punku

බොලිවියාවේ පුමා පුන්කු නම් භූමියෙන් සොයාගත් විශාල කැටයම් සහිත ගල්, කුමන යුගයේ නිර්මාණය වූයේද යන්න ගැටලුවකි. ආන්දෝලනයකට තුඩුදුන් මෙම කැටයම් සහිත ගල් ක්‍රිස්තු වර්ෂ 500 හෝ 600 දී හෝ ක්‍රිස්තු පූර්ව 15,000කට පෙර නිර්මාණය කර ඇතැයි සැලකේ. මෙසේ සියුම්ව කැපීමක් කෙසේ සිදුකළාද යන්න ගැටලුවක් මතුවී ඇති අතර, ඒ සඳහා දියමන්ති කපනයන් භාවිත කර ඇති බවට වාර්තා වේ.

ලොව වටිනාම දත් 7ක්

ලොව වටිනාකමක් සහිත සත්ත්ව දත් (Ivory) මිහිපිට සතුන් කිහිප දෙනෙකුගේ දක්නට ලැබේ. ක්ෂීරපායී සතුන්ගේ හා කෘත්‍රිමව අද වනවිට දක්නට ලැබෙන මෙම වටිනා සත්ත්ව දත් හේතුවෙන් සතුන් දැඩි තර්ජනයටද මුහුණපා තිබේ. 
රුධිරවාහිනී පද්ධති නොමැති වීමත්, අධික ඝණත්වයෙන් යුක්ත වීමත් මෙම අයිවරිවල දැකගත හැකි විශේෂත්වයකි. මේ ලෝකයේ දැකගත හැකි ස්වාභාවිකව හා කෘත්‍රිමව නිපදවන අයිවරි වර්ග 7කි. 


01 ඇත්දළ 

An elephant grazes in the open field within the Amboseli National Park, southeast of Kenya's capital Nairobi

අතීතයේ මැමත් සත්ත්වයාගේ සිට පැවත එන ඇත්දළ සාමාන්‍යයෙන් සෙ.මී 20 – මීටර් 2.5 දක්වා දිගකින් වාර්තා වී තිබේ. මෙය 70෴ක් අකාබනික ද්‍රව්‍යයන්ගෙන් හා 30෴ක් සත්ත්ව පටකවල ඇති ප්‍රෝටීන මගින් නිර්මාණය වී තිබේ. විවිධ විසිතුරු භාණ්ඩ නිර්මාණය සඳහා යොදා ගන්නා ඇත්දළ මගින් ඇතුන් සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත.


02 හිපපොටේමස් දත්

Hippopotamus Ivory

ඇත් දළ හැරුණු විට වැඩි වශයෙන් භාවිත කරන දත් විශේෂයකි. ඇතුන්ගේ මෙන් එළියට නෙරා නොඑන මුත් මුඛය තුළ පිහිටන අතර සත්ත්වයාගේ විශාලත්වය අනුව දත්වල ප්‍රමාණය තීරණය වෙයි. හිපපොටේමස්ගේ දත් ඇත්දළවලට වඩා ශක්තිමත් බවින් වැඩි අතර,ඇත් දළවලට වඩා ක්ෂය වීමට වැඩි කාලයක් ගනී.


03 මුහුදු ඇත් දත් (walrus)

Walrus Ivory

මෙම සත්ත්වයාගේ ඉහළ පිහිටි රඳනක දත් හරස්කඩේදී ඕවලාකාර හැඩයක් ගනී. ඇතැම් අවස්ථාවල අඩි 2ක් පමණ දිග දත්ද වාර්තා වී තිබේ. ඉහළ ඛණිජ අන්තර්ගතයක් සහිත මෙම දත් සිනිදු හා ශක්තිමත් ස්ථරයකින් යුක්ත වෙයි. ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය සඳහා වල්රස් දත් භාවිත කරයි.


04 ස්පර්ම් තල්මස් දත්

Sperm Whale Ivory

තල්මස් විශේෂයක් වන 'ස්පර්ම් තල්මසුන්ගේ' දත්ද විවිධ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගනී. දත් 30ක් පමණ ඇති මෙම තල්මස් විශේෂයේ අඟල් 8ක් උස හා අඟල් 3ක් පමණ පළලකින් යුක්ත වේ. කල්පවත්නා මෙම දත් කහ පැහැයෙන් යුක්ත වෙයි.


05 හෝන්බිල් (කෑදත්තා) හොටය

Hornbill Ivory

හෝන්බිල් නැත්නම් කෑදැත්තාගේ හොටයට ඉහළින් හිසෙහි ආරක්ෂාවට මෙන් පිහිටා ඇති මෙම කොටස විවිධ විසිතුරු භාණ්ඩ නිර්මාණය සඳහා යොදා ගනී. ඝන ද්‍රව්‍යයකින් සෑදී ඇති මෙය ශක්තිමත් බවින් යුක්තය. කුඩා භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර, චීනයේ වැඩි ඉල්ලුමක් පවතියි.


06 එළවළු අයිවරි

Vegetable Ivory

සතුන්ගෙන් ලබානොගන්නා මෙය ලබාගන්නේ දකුණු ඇමෙරිකානු අයිවරි පාම්හි මැද පිහිටි බීජයෙනි. මෙය සම්පූර්ණයෙන්ම සෙලියුලෝස්වලින් නිර්මාණය වී තිබේ. මෙහි හැඩයන් හා ප්‍රමාණයන් කිකිළි බිත්තරයකට සමාන වෙයි. ඉතා ශක්තිමත් ද්‍රව්‍යක් වන මෙය සුමුදු හා ඉහළ ඔපයකින් යුක්ත වෙයි. කුඩා ආයිත්තම් නිර්මාණය සඳහා යොදා ගන්නා මෙය ප්ලාස්ටික් වෙනුවට භාවිත කළ හැකි බවද පෙන්වා දෙයි.


07 කෘත්‍රිම අයිවරි

Synthetic Ivories

මුල්ම වරට කෘතිම අයිවරි පිළිබඳ වාර්තා වන්නේ 1865 වසරේදීය. ඇලෙක්සැන්ඩර් පාකර් විසින් සොයාගත්තැයි සැලකෙන කෘත්‍රීම අයිවරි සෙලියුලෝයිඩ්වලින් නිෂ්පාදනය කළ අතර, ඇත් දළ සඳහා ආදේශකයක් ලෙස භාවිත කර ඇතැයි සැලකේ. 

 

රෝග සඳහා තිබූ පිළිකුල් සහගත ප්‍රතිකාර ක්‍රම 7ක්

ලෝකයේ බොහෝ ප්‍රතිකාර ක්‍රම පැවැතියද, ඇතැම් ප්‍රතිකාර ක්‍රම ඉතා පිළිකුල් සහගතය. අප්‍රියජනක මෙම ප්‍රතිකාර ක්‍රම බොහොමයක් අද වනවිට දක්නට නොමැත. මේ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් බැහැර වී ඇති එවැනි ප්‍රතිකාර ක්‍රම 07කි.


1. Swallowing Fish

01. 'ඇදුම රෝගය' සුවවීම සඳහා පණ සහිත මසුන් ගිලීමට සැලැස්වීම ඉන්දියාවේ සිදුකරයි. බොහෝ වෛද්‍යවරුන් පවසන පරිදි මෙහි කිසිදු විද්‍යානුකූල බවක් නොමැති අතර, බොහෝ රෝගීන් විවිධ අපහසුතා ඇති වීම හේතුවෙන් මියගොස් තිබෙන අවස්ථාද වාර්තා වෙයි.


2. Frog Smoothies

02. ගෙම්බන් යොදාගෙන සකස්කර ගන්නා ඖෂධීය බවට සැලකෙන පානයක් පේරු රාජ්‍යයේ බොහෝ සේ ජනප්‍රිය. රෝග ගණනාවක් සුව වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පානය කරන මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර, හුදෙක්ම විශ්වාසය මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රමවේදයකි.


3. Bloodletting

03. රුධිරය වැගිරීම මගින් ශරීරයේ පවතින දුර්ලභ ලෙඩරෝග සුව වනු ඇතැයි විශ්වාස කෙරේ. මීට වසර 3,000කට පමණ පෙර මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සිදුකර තිබූ අතර, අද වනවිට මෙම ප්‍රතිකාර ක්‍රමය දක්නට නොලැබේ.


4. Urine Therapy

04. 'යූරීන් තෙරපි' (Urine Therapy) ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී පිළිකා මර්දනය, බිඳුණු අස්ථි සඳහා හා හිසකෙස් වර්ධනය වැනි තත්ත්ව සඳහා මුත්‍රා පානය කිරීම සිදුකරයි. කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැති මෙම ක්‍රමවේදයද දැඩි ලෙස අප්‍රිය සහගත ක්‍රමයක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වති.


5. Ant Mandible Sutures

05. වර්තමානයේදී තුවාලයක් ඇති වූ ස්ථානයක් මැසීමේදී විවිධ ක්‍රම භාවිත කරයි. නමුත් අතීතයේදී ඉන්දියාවේ හා දකුණු අප්‍රිකානු රටවල මේ සඳහා කුහුඹුවන් යොදාගෙන ඇති බව වාර්තා වෙයි. කුහුඹුවන් සපාකෑමට ලක් කිරීමෙන් සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය වේදනාකාරී ක්‍රමයක් ලෙස සැලකේ.


6. Leech Therapy

06. විවිධ ලෙඩ රෝග රැසකට විසඳුමක් ලෙස කූඩැල්ලන් යොදා ගනිමින් සිදුකරන ප්‍රතිකාර ක්‍රමවේදය Leech Therapy ලෙස හඳුන්වයි. අතීතයේදී ඊජිප්තුවේදී ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස සැලකෙන මෙය කූඩැල්ලන් රුධිරය උරාබීම මගින් රෝග සුවපත් වනු ඇතැයි සැලකේ.


7. Fish Psoriasis Treatments

07. මසුන් පිරි ටැංකියක් තුළ දෙපා බහා සිටීමෙන් එහි සිටින මසුන් කෙටීම මගින් සමේ ඇති වන රෝගාබාධ සුවකිරීමේ ක්‍රමයක් වර්තමානයේද භාවිත කෙරේ. නමුත් ඇතැම් වෛද්‍යවරු පවසන්නේ මෙම ක්‍රමයේද සත්‍යතාවක් නොමැති බවයි. ඇතැම් පුද්ගලයන්ට මෙය පිළිකුල්සහගත ප්‍රතිකාර ක්‍රමයකි.