Author Archives: සුපුන් හංසක හලාවත

අරුන්දිකගේ රිය හැපී තිදෙනෙක් රෝහලට

  පුත්තලම දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අරැන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් ජීප් රථය අනතුරටකට ලක්විමෙන් ඊයේ ( 14 දා ) පස්වරැ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරැවෙකු බරපතල තුවාල ලබා හලාවත දිසත්‍රික් මහ රොහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය කියයි.

අපේක්ෂක අරැන්දික ප්‍රනාන්දු මහතා සිය ජන්ද ව්‍යාපාරයේ නිරතවෙමින් කුරැණෑගල දෙස සිට හලාවත දෙසට පැමිණෙමින් සිටියදි ඉදිරියෙන් එම දිසාවටම ගමන් ගත් යතුරැ පැදියක පසු පස ගැටි මෙම අනතුර සිදුව ඇති බවත් එහිහිදි විසිවි ගිය යතුරැ පැදියේ පැමිණි කාන්තාවන් දෙදෙනා සහ දරැවා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.

අනතුර සිදු වන අවස්ථාවේ දි අපේක්ෂක අඑරැන්දික ප්‍රනාන්දු මහතා ද රථය තුළ සිටි බවත් පොලිය කියයි.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මැදගම පන්රෙන්ඩාවේ පදිංචි එම්.පි.ගංගා ( 38 ) ඩබ්ලිව්.ඒ.ගීතිකා ( 30 ) සහ පි.සහන් ආලෝක ( 4 ) නමැති අයයි.

අනතුර සිදු කළ රථය සහ එහි රියැදුරැ අත් අඩංගුවට ගත් හලාවත පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.

හලාවත සන්ධාන සභාපති එජාපයට

හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති (සන්ධාන) එච්.ඒ.ජීවන් ජුඩ් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂයට එක් වි ඇත‍.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩා‍යමේ නායක නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 30 දා ) රාත්‍රි හලාවත තානායමේ දි පැවැති මාධ්‍ය සාකච්ජාවකදි ජීවන් ජුඩ් මහතා නිරෝෂන් පෙරේරා මහතා හරහා එජාපයට එක්විය.

හලාවත ධිවරයන් පැවැත්වූ විරෝධතාව අවසන්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ වසරේ සැප්තැමිබර් මාසයේදී මෙරට ඉන්ධන මිල පහත දැහිමේ යෝජනාවක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා දැනුම්දීමෙන් පසු දින හතරක කාලයක් පුරා මිගමුව හලාවත අතර ධිවරයින් විසින් පවත්වා ගෙන ගිය වර්ජනය අවසන් කර ඊයේ ( 20 දා ) එම ධිවරයන් මුහුදු ගිය බව වාර්තා වුණි.එසේ හලාවතින් මුහුදු ගිය ධීවයිරයන්ට විශාල වශයෙන් හුරුල්ලන් අස්වැන්නක් නෙළා ගැනිමට හැකි වී තිබූ බව එම ධිවරයන් පෙන්වා දුන් අතර, හුරුල්ලන් කිලෝවක් රැපියල් 200- 220ත් අතර මුදලකට හලාවත වෙළෙඳ පොලේදී මිලට ගත් හැකිවු බවත් පාරිභෝගිකයෝ පෙන්වා දුන්හ. මුහුදු ගොස් මාලු අල්ලාගෙන පැමිණි ධිවරයන්ගෙන් හලාවත කලපු ඉවුර පිරී ගොස් තිබුණි.

 

හලාවත ධීවරයෝ විරෝධයක

2012 පෙබරවාරි මස 15 වන දින ඉහල නැංවු භුමිතෙල් මිල පහත දමන ලෙස ඉල්ලා හලාවත නගරයේ දී, ධීවරයින් විසින් පැවැත්වූ විරෝධතාවකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ධීවරයෙකු වූ වර්ණකුලසූරිය ඇන්ටනි ප්‍රනාන්දු (36) මහතාගේ දෙවර්ෂ පුර්ණය සිහිකරමින් සහ වර්තමානයේ ධීවරයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු රැසකට විසදුම් ඉල්ලා අද (15 දා) ධීවර නියෝජිතයින් 500 කට වැඩි පිරිසක් හලාවත නගරයේ දී විරෝධතාවක නියැලුණි.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා ඒකාබද්ධ ධීවර සංවිධාන ක්‍රියාකාරි කමිටුව මෙය සංවිධානය කර තිබුණි. පුත්තලම, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මීගමුව යන ප්‍රදේශවලින් එම ධීවර නියෝජිතයින් පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඔවුන් සමග එක් විය.

පුත්තලම් සභාපතිට එරෙහිව විපක්ෂනායක සත්‍යග්‍රහයක

 පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක එච්.එම්. නිමල් ඒකනායක මහතා (එජාප) අද (23දා) දහවල්  මදුරන්කුලියේ පිහිටි ප්‍රා‍දේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.

මහජන සේවා සිදුකිරීමේදී වත්මන් සභාපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන් කොන්කරන අතර, එම සභාවේ  කාර්යමණ්ඩලයේ ඇතැම් අයද විශාල වශයෙන් ගසාකෑම් සිදු කරන බවත්, සමහරුන් බදු ගෙවන්නන්ගෙන් අවුරැද්දකට දෙවරක් බදු මුදල් අයකරමින් ගසාකෑම් කරන බවත් පවසමින් ඒ මහතා මෙම විරෝධතාව ඇරඹීය.