Author Archives: ෂෙහානි දිල්රුක්ෂිකා

අපේ රටේ වියදම් අධික ප්‍රාථමික මැතිවරණ යාන්ත්‍රණය

මැතිවරණය යනු රාජ්‍යතන්ත්‍රය පාලනය සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා මහජනතාවට ලැබෙන පරම අයිතියයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජනයාට අනිවාර්යයෙන් හිමිවන්නකි. නමුත් මෙවැනි මැතිවරණ ලෝකයට සාපේක්ෂව ලාංකේය ජන සමාජය තුළ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වෙයි. එය නොයෙක් කාලවල පැවැත්වෙන අතර, මැතිවරණ යාන්ත්‍රණය තුළ අධික ශ්‍රමයක්, කාලයක්, මුදල් වැය වෙන දෙයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මෙවැනි මැතිවරණවලට රටකට ඔරොත්තු දිය හැකිද? එමෙන්ම මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රාථමික භාවයෙන් අප මිදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ මේ සම්බන්ධ විද්වත් පිරිසක් සම්බන්ධ කර ගතිමු.


f94d59eccf4de576076491419bbc15f3_XL

'මනාප ක්‍රමය අහෝසි වීමත් සමග තවත් වියදම් අඩු වේවි' ආචාර්ය චන්දන අලුත්ගේ ආර්ථික විද්‍යා අංශය කොළඹ විශ්වවිද්‍යාලය

'පාරදෘශ්‍යභාවයෙන් යුතු මෙන්ම විශ්වසනීයත්වයෙන් යුතු ක්‍රම මගින් ලෝකයේ බොහෝ රටවල මැතිවරණ ක්‍රියාවලිය දියුණු වෙලා තිබෙනවා. සෑම දෙනාටම සහාභාගි විය හැකි අඩු පිරිවැයක් සහිත මැතිවරණ ක්‍රම ලෝකේ ඕනෑ තරම් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ක්‍රම Chandana aluthgeක්‍රමයෙන් මෙය දියුණු වී ගියත් තාම භාවිතයට ගැනෙන්නේ ප්‍රාථමික ක්‍රමවේදයන්. එනිසා එතැන නිසැකයෙන්ම පිරිවැය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම විශාල වශයෙන් මිනිස් ශ්‍රමයද මේ සඳහා අවශ්‍යයි. පිරිවැය කෙසේ වුවත් සමාජයක මැතිවරණ කාලීන වශයෙන් අනිවාර්යයෙන් පැවතිය යුතුයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය, විශාලත්වය, භූමි ප්‍රමාණය, ජනගහනය අනුව යමින් කෙනෙකුට මේ පිළිබඳ තර්කයක් ගොඩනගාගන්න පුළුවන්. මේ අනුව ව්‍යුහයන් තුනක් ඔස්සේ අපේ රටේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩනැගිලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණයයි. වෙනත් රටවලත් මේ අයුරින් විවිධාකාරයේ මැතිවරණ පැවැත්වෙනවා. මෙවරත් මැතිවරණ මුළු රටේම තියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් ඉතිරි වන කොටසට මැතිවරණය පැවැත්වීම සඳහා ඒ වියදම කරන්න සිදු වෙනවා. සාපේක්ෂව ගතහොත් මේ වියදම මහා නිෂ්ඵල දෙයක් වන්නේ එවිටයි. නගර සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය එකවර පැවැත්වීමේ වාසි සහගත තත්ත්වය වන්නේ එක් නගර සභාවක් හෝ එක් ප්‍රාදේශීය සභාවක් සඳහා යන වියදම ඉන් අවම කරගැනීමට හැකියාව ඇති නිසයි. ඒ නිසා අපට සිදු වෙනවා මේ යාන්ත්‍රණය නැවතත් ක්‍රියාත්මක කරවන්න. එකම දෙයකට දෙපාරක් වියදම් කරන නිසා මැතිවරණයට සාපේක්ෂව ඉතා ඉහළ වියදමක් යනවා. අපේ වගේ පහසුකම් අඩු, දියුණු වෙමින් පවතින රටකට එය එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. අනවශ්‍ය වියදමක්. වියදම අඩු, ඉලෙක්ට්‍රොනික් ක්‍රම ලෝකයේ දියුණු වී තිබෙනවා. අපි ඒවාට යොමු වීමට ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණවල මනාප ක්‍රමය අහෝසි වීමත් සමග තවත් වියදම් අඩු වේවි. 

විවිධ ප්‍රශ්න සෑම මැතිවරණයකදීම ඇති වෙනවා. මැතිවරණ සමයේ කූට උපක්‍රම ඇතැම් විට ක්‍රියාත්මක වෙනවා. මිනිසුන් බිය වැද්දීම, මිනිස්සුන්ට අහිතකර බලපෑමක් ඇති කරන ලෙස ප්‍රචාරක කටයුතු සිදු කිරීම වැනි දේවල් ඒ අතර සිදුවෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳ උනන්දුවෙන් ඕනෑකමින් ක්‍රියාත්මක වෙනවා. අපි ඒවා හැකි පමණින් අවම කරගත යුතුයි. අනෙක් කාරණය තමයි මැතිවරණයේදී රජය දරන වියදමට වඩා දේශපාලන පක්ෂ දරන වියදම් වුණත් විශාල ප්‍රමාණයක් වීම. එය පෞද්ගලික දෙයක් වුණත් මේ මුදල් අපට වෙනත් වැඩදායී දෙයක් සඳහා ආයෝජනය කළ හැකියි. පක්ෂයක් ලෙසින්, අපේක්ෂකයෙක් ලෙසින් මේ ගැන මීට වඩා අවබෝධයකින් යුතුව ඔවුන් කටයුතු කළ යුතුයි. ප්‍රචාරක කටයුතු සිදුකරන්න සමාජ ජාල, වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. මේවා මගින් අඩු වියදමකින් මිනිසුන් අතර ප්‍රචාරක කටයුතු සිදු කරන්න අපේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා. සම්ප්‍රදායානුකූලව ගෙයින් ගෙට යන එක පවා ඉතා වෙහෙසකර සිදුවීම් මිනිසුන්ට. අපි දීර්ඝ කාලයක සිට හුරු වී තිබෙන දෙයින් එක්වරම මිනිසුන් වෙනස් කරන්නත් බැහැ. 
මහජනතාව ස්ව ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පිරිසක් පත්කර යවා තිබෙනවා. ඒ නිසා ඔවුන්ටද මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ කටයුතු කරන්න වගකීමක් තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ විශ්ලේෂණය කොට රටට ගැළපෙන ලෙස මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න අවශ්‍යයි. හැමදාම මැතිවරණය තියෙන ලෙසින්ම පවත්වා අවසන් කිරීම කිසිසේත් අපේ සමාජයට ගැළපෙන දෙයක් නම් නෙමෙයි. 

'යටත්විජිත ක්‍රමයෙන් මිදුණු පසුත් අපේම වූ දේශපාලන ක්‍රමයක්, ආණ්ඩු ක්‍රමයක් සකස් කරගන්න අපි සමත් වුණේ නැහැ' මොහාන් සමරනායක ප්‍රවීණ දේශපාලන විචාරක

රටවැසියෙක් මෙන්ම මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙක් වශයෙන් මටත් බරපතළ ගැටලුවක් තිබෙනවා මේ මැතිවරණ සඳහා කරන වියදම් පිළිබඳ. ඇත්තෙන්ම ඒවා නාස්තියක්. ඊළඟට මහජන Mohan samaranayake (නියෝජිතයන්ගේ සංඛ්‍යාව පිළිබඳ අපි සලකා බැලුවහොත්, පාර්ලිමේන්තුව තුළ සිටිනවා 225ක්. ඊළඟට පළාත් සභා 09ක් තිබෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතන දෙගුණයකින් පමණ වැඩි කරලා තිබෙනවා. මේ නිසා අඩු ආදායම් ලබන රටකට මෙවැනි විශාල නියෝජිතයන් පිරිසක් නඩත්තු කරන්න පුළුවන්ද? ඒ වගේම මැතිවරණ පැවැත්වීමේ සංකීර්ණ ක්‍රියාවලියක් මේ රටේ තිබෙන්නේ. එය සරල කරලා නැහැ. ඒ නිසා තමයි අපි නැවතත් පටන්ගත්ත තැනට එන්නේ. 
මේ නීති සම්පාදනය පුළුල් කතිකාවතකින්, සාකච්ඡාවකින් සිදුවිය යුත්තක් බවයි මම අදහස් කරන්නේ. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට දැවැන්ත වියදමක් යනවා. අපට පළාත් සභා ක්‍රමයක් තිබෙනවා නම් පළාත් පාලන ආයතන තුළත්, පාර්ලිමේන්තුවේත් නියෝජිතයන් පිරිස වැඩි කිරීමට උත්සාහ ගන්නේ ඇයිද යන්නත් මට තිබෙන ප්‍රධාන ගැටලුවක්. මා මුලින් සඳහන් කළ පරිදි මේ සම්බන්ධ දැනුවත් පුද්ගලයන්ට පවා මේ හා සම්බන්ධ ක්‍රියාදාමයන් හදිසියේ තමයි දැනගන්නට ලැබෙන්නේ. සියලු දේ රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් එකතු වී සකස් කරනවා. ඉන්පසුව ජනතාවට කියනවා එය බාරගන්න කියලා. අපේ රටේ දේශපාලන ක්‍රමය තුළ පමණක් නොව ආර්ථිකයේද දකින්න තිබෙන්නෙ මෙන්න මේ කාරණාව. 
අපි ඇතැම් කරුණු කාරණාවලදී බටහිර රටවල් ආදර්ශයට ගන්නවා. නමුත් පිරිමැසුම්දායක ඡන්ද ක්‍රම භාවිතය වැනි දේ අපි ආදර්ශයට ගෙන නැහැ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් තිබෙනවා. ජනාධිපතිවරයා වැඩ බාරගන්නා නිශ්චිත දිනයක් තිබෙනවා.

මම අදහස් කරන්නේ නැහැ මැතිවරණ නොතිබිය යුතුයි කියා. මක්නිසාද ජනතාව පාලන තන්ත්‍රයට ටික කාලයක් හෝ සම්බන්ධ කරගත හැකි වෙන නිසා. ආර්ථික, සමාජ, දේශපාලන තන්ත්‍රය නිවැරදිව අධ්‍යයනය කරමින්, ඔවුන් නිවැරදි තීරණ ගන්නවා නම් එයයි ප්‍රජාතන්ත්‍රය සක්‍රීය වීමට අවශ්‍ය ප්‍රධාන පසුබිම වන්නේ. එවැනි වාතාවරණයක් නොතිබීම අපේ රට පෙළෙන ප්‍රශ්නයක්. එවැනි ක්‍රමවේදයක් තිබෙනවා නම් මේ ඡන්දය සඳහා යන වියදම් සකස් කරන ක්‍රමවේදයක්, නිකුත් කරන නිවේදන සහ මැතිවරණය සඳහා යොදාගන්නා නිලධාරීන්ගේ සංඛ්‍යාව, පොලීසියේ සමාජිකයන් සංඛ්‍යාව සීමා කරන්න පුළුවන්. හුදෙක් මැතිවරණය දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් කරන්න අප සියලු දෙනා ගමන් කළ යුතුයි. ඇතැම් රටවල මේ මැතිවරණ පැවැත්වීම නිශ්චිත කාලවකවානුවක සිදුවෙනවා. බලයේ සිටින ආණ්ඩුවට වාසි වෙලාවට පවත්වන්නත් අවාසි වේලාවට කල්දාන්නත් පරිසරයක් ඒ රටවල නැහැ. අපි මේ ඉන්නේ අපේ පළාත් පාලන මැතිවරණය පුළුවන් තරම් කල්දාලා බැරිම වූ අවස්ථාවක. ඒ දේම විකෘතියක්. ඒ කාලය තුළ කාලය, ශ්‍රමය රටට විශාල වශයෙන් නාස්ති වෙනවා. නමුත් මැතිවරණ නොපැවැත්වීම රටක් වශයෙන් කොහොමවත් සිදු නොකර සිටින්න බැහැ. මෙය අවශ්‍යයි. පහළ ආදායම් ලබන පිරිස්වලට පාලන තන්ත්‍රය සඳහා යම් හෝ බලපෑමක් සිදු කිරීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී තමයි. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ පවත්වන්නේ එකම දිනයක. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී තමයි ඒ රටේ කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ යම් සංඛ්‍යාවක් සහ සෙනෙට් සභිකයන් සිය දෙනෙක් තෝරාගන්නේ. එවැනි ක්‍රමයකින් වියදම් අඩු කරන්න පුළුවන්. අපේ රටේ ගැටලුවක් පැමිණි වහාම රාජ්‍ය අංශය යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වෙනවා. ඔවුන්ගෙන් රටේ නිෂ්පාදනයට තිබෙන දායකත්වය පහත වැටෙනවා. ඒවා ගැන කතා කරන්න පටන්ගන්නවා. ඉතින් වර්ෂයක් පාසා මැතිවරණ තිබුණහොත් එයින් සිදුවන හානිය සිතාගන්නට හැකියි. පවත්නා ක්‍රමවේදයත් සමග මැතිවරණයේ පාරදෘශ්‍යභාවයක් නොමැතිකම අපි බලපාන්නා වූ බරපතළ නිධන්ගත ප්‍රශ්නයක්. යටත්විජිත ක්‍රමයෙන්  මිදුණු පසුත් අපට අපේ හැකියාව, විභවතාව සහ අනන්‍යතාව හඳුනාගෙන අපේම වූ දේශපාලන ක්‍රමයක්, ආණ්ඩු ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක් සකස් කරගන්න අපි සමත් වුණේ නැහැ. අපි එහෙන් මෙහෙන් කෑලි මූට්ටු කරලා යටත් විජිතවාදීන් හඳුන්වාදුන් ක්‍රමය තමයි ප්‍රමුඛත්වය ගත්තේ. නිදර්ශනයක් ලෙස ගතහොත් දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය ක්‍රියාත්මක වන්නේ අතීතයේ තිබූ ගම් සභා ක්‍රමය මට්ටමින් නොවෙයි. පැරණි රජවරුන් සිටි අවධියේ පවා සිටියා ගම් පාලනය කිරීම සඳහා වූ නිලධාරීන් හෝ සභා විශේෂයක්. අනුරාධපුර පැවතියේ එය වරිග සභාව නමින්. අපේ ඒවායේ යම් යහපත් ලක්ෂණයක් තිබුණා නම් අපි ඒවා ආදර්ශයට ගැනීමට යොමු වූයේ නැහැ. අපි අනුකාරක ආකාරයට තමයි අපේ දේශපාලනය ආදී සෑම දෙයක්ම සකස් කරගෙන තිබෙන්නේ. ඒ නිසයි ආකාර්යක්ෂ්ම, පිරිමැසුම්දායක නොවන මැතිවරණ පැවැත්වෙන්නේ. ඉතින් ඒ ගැටලුව මගහරවාගැනීමට සමස්ත සමාජයේම ආකල්පවල රැඩිකල් පරිවර්තනයක් සිදු කරන්නේ නැතිව, මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් පමණක් බැහැ. නිදර්ශනයක් ලෙස ගත්විට අපේ රටේ මැතිවරණ ඇයි ප්‍රචණ්ඩ වෙන්නේ? ඇයි වෙනත් රටවල එසේ නොවන්නේ. මෙයට හේතුව තමයි අපේ රටේ සම්පත් බෙදී යාම අනුව මැතිවරණයකදී බලය අතට ගැනීම ප්‍රධාන සාධකයක් වීම. දේශපාලකයා ඇත්ත වශයෙන්ම ධනය උපයන පුද්ගලයෙකු බවට පත්වෙනවා. කොන්ත්‍රාත්වල ටෙන්ඩර් නිකුත් කරන්නේ ඔහු, තැබෑරුම්වල බලපත්‍ර නිකුත් කරන්නේ ඔහු, පාසල්වලට ළමයින් ඇතුළත් කරන්නේ ඔහු. ඒ නිසා මෙය අද බලු පොරයක් බවට පත්ව තිබෙනවා. ඒවාට මුල වෙන්නේ අපි තෝරාගත් අපේ සමාජ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. වේදිකාවලට විත් වහසි බස් කිව්වට, පුරසාරම් දෙඩුවට යථාර්ථය හාත්පසින්ම වෙනස්. මම නම් දකින ආකාරයට පළාත් පාලන මැතිවරණයක් ආසන්න වනවිට බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමම පළාත් පාලන මැතිවරණයට අනිසි බලපෑමක්. එයින් පෙන්නුම් කරන්න හදනවා තමා හා තම කණ්ඩායම අතිශයින්ම පවිත්‍ර, පාරිශුද්ධ කණ්ඩායමක් හා එයට විරුද්ධ පිරිසක් යන අදහස. මම දකින අයුරින් එය කුමන ආණ්ඩුවක් කළත් එහෙමයි. පසුගිය කාලවල පැවැති ආණ්ඩු මැතිවරණවලට අනිසි බලපෑම් කරන ක්‍රියාවල යෙදිලා තිබෙනවා. නමුත් ඇතැම් සිදුවීමක් දෙකක් හැරුණු විට මැතිවරණ කොමසාරිස්ට හෝ එම අමාත්‍යාංශයට එය වළක්වන්න හැකියාවක්
 ලැබිලා නැහැ.

'මැතිවරණ මිල අධිකයි, මිල අධික නිසාම මැතිවරණයක් නොපවත්වනවානම් එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගැටලුවක්' ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලය

nirmal'සංවර්ධනය වෙමින් පවතිනවා කියන්නේ නිකම් වචනයක්. එතකොට කවුරුහරි දන්නවා සංවර්ධනය කියන්නේ මේකයි කියලා. අනෙක් කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය පිළිබඳ අවසාන තීරණය තිබෙන්නේ මහජනයා අත බවයි. මොකද ආණ්ඩුකරණය සිදුවන්නේ මහජනයාගේ කැමැත්තට නිසා. ඒ අනුව එකී තමන්ගේ මතය නියෝජනය කරන්න තිබෙන ප්‍රධාන ක්‍රමය ලෙස මැතිවරණය හඳුනාගත හැකියි. එය වියදම් අධිකයි. ආර්ථික වියදම් නිසා මැතිවරණයක් නොපවත්වනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගැටලුවක්. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික දෙයක් තමයි. එහෙමත් නැතිනම් මෙවැනි දේ මිල අධික නිසා කවුරුන් හෝ පිරිසකට රට පාලනය කරන්න දිය යුතුයි. නමුත් එය හොඳ තර්කයක් නොවේ. නමුත් මැතිවරණ පැවැත්වීමේ නිරන්තරභාවය නොවේ මෙහි ගැටලුව ඇත්තේ. දේශපාලන තන්ත්‍රයේ පිරිස අති විශාලයි. පළාත් පාලන මැතිවරණයේදී වුණත් නියෝජිතයන් විශාල පිරිසක් පත් කරගන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් සභා, පාර්ලිමේන්තුවද තිබෙනවා. මේවායේ නියෝජනය අති විශාලයි. ඇතැම් අවස්ථාවල මැතිවරණ පවත්වන්නේ මහජනයා සහාභාගි කරගන්නවාට වඩා තමන්ගේ පාලනය යටතේ සුජාතභාවයක් ලබාගැනීම සඳහා විය හැකියි. මැතිවරණ පවත්වන්න යන මුදල් වියදම වැඩි අගයක් ගත්තත් එය අඩු කරගැනීමට ක්‍රම තිබෙනවා. මගේ මතයට අනුව ලංකාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලනය ආදිය වෙන ලෙසකින් සිදුකරන්න පුළුවන්. මෙවැනි දේවල් සිදු කරන්න ගියාම හරි භයානක දේ වන්නේ දේශපාලඥයන් ඒවා තමන්ගේ වාසියට හරවාගන්න නිසා. පැවැති අතුරු මැතිවරණ ක්‍රමයත් අහොසි වූ නිසා එක පැත්තකින් ගත්තාම මේ ආකාරයේ  මැතිවරණ නිරන්තරයෙන් රටට අවශ්‍යයි. මම කැමතියි ඕනෑම අවස්ථාවක කැඳවිය හැකි අයුරින් ප්‍රදේශීය සභා මැතිවරණ මගින්ම නියෝජිතයන්  පත් වෙනවා නම් පාර්ලිමේන්තුවට. මම පමණක් නොවේ කිහිපදෙනෙක්ම මීට සමගාමී නොයෙක් මැතිවරණ වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ අපි අලුත් ක්‍රම සිතන්න අවශ්‍යයි මහජනයාගේ දේශපාලන සහාභාගිත්වය වැඩි වන ආකාරයට. 

මේ මැතිවරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අපේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. නමුත් අපේ සමාජයේ මැතිවරණ සඳහා අලුත් ක්‍රම අත්හදා බැලීමේ එක් දුෂ්කරතාවක් තමයි කුමක් හො අලුත් ක්‍රමයක් යෝජනා වූ පමණින් දේශපාලඥයන් උත්සාහ කරනවා තමන්ගේ වාසියට ඒවා කපා කොටා භාවිතයට ගැනීමට. මෙය හරියට අධ්‍යාපනයට දළ දේශීය ආදායමෙන් 6෴ක් වෙන් කිරීමට යෝජනා කළ අවස්ථාවේ මතුවුණා වගේ තත්ත්වයක්. දේශපාලඥයන් පැනලා ඒක අරගෙන ඔවුන්ගේ වාසියට ඔවුන් එය භාවිත කරනවා. මේ නිසා මේවායේ යම් වෙනසක් සිදු කිරීමට නම් විචාරාත්මක මහජන සාකච්ඡාවකට අප යා යුතුයි. මෙවර කාන්තා නියෝජනය 25ක් කරවීම සම්බන්ධයෙන් කතා කළත් මෙහි දෙපැත්තක් තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල සිටින කාන්තා අපේක්ෂකයන්ට ක්‍රියාකාරීත්වය ගැන සැලකීමේදී ඇත්තෙන්ම එය සාධනීය දෙයක්. නමුත් අනෙක් පැත්තට තර්ක කරන්න පුළුවන් ස්ත්‍රීන් සහ පුරුෂයන් ලෙස වෙන් කිරීම මත වෙනත් ගැටලුවක් තිබෙන බවට. එය සිදුකළ යුත්තේ ස්ත්‍රීන් බලගැන්වීම සඳහා මිසක් සෑම ලැයිස්තුවටකම අනිවාර්ය කිරීම නොවේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වෙනුවට අනිවාර්ය සහාභාගිත්වයන් ලබාදීම දැන් සිදුවෙලා තිබෙන්නේ. 

ගර්භාෂ ඉවත්කිරීම වෙනුවෙන් යතුරු සිදුරු හෙවත් ‘ලැපරස්කොපි’ සැත්කම

කාන්තාවන්ට නොයෙක් වයස් සීමාවලදී වැලඳෙන රෝග හේතූවෙන් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේ. නමුත් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම උදරය කපා සිදුකරන බැවින් ඉතා වේදනාකාරී වේ. මේ සඳහා වේදනාව අඩු, රෝගියාට වාසි රැසක් හිමිවන සැත්කමක් ලෙස 'යතුරු සිදුරු' හෙවත් 'ලැපරොස්කොපි' සැත්කම හඳුනාගත හැක. මේ පිළිබදව ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කිරීම සඳහා මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා අප 'අද' හා සම්බන්ධ කරගත්තෙමු. 


1422700775275_1490664348491_2946507_ver1_0_640_360

'යතුරු සිදුරු' ක්‍රමය මගින් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම සමාන්‍යයෙන් සමාජයේ සිදුකරන දෙයක්. නමුත් ගර්භාෂය ඉවත් කිරීම සමාන්‍ය වශයෙන් සිදුවන්නේ උදරයේ කැපුමක් යොදා සිදුකරන ශල්‍යකර්මයක් ලෙසින්. මෙවැනි සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය වූ විට කැපුමක් කිරීමට අවශ්‍ය වන නිසා මෙහි විශේෂ අවාසිදායක බලපෑම් කිහිපයක් තිබෙනවා. 

කැපුමක් යොදන විට ලොකු තුවාලයක් ඇති වන නිසා එයින් අධික කැක්කුමක් රෝගියාට ඇතිවිය හැකියි. ඒ වගේම විෂබීජ ආසාදන පවා ඇති වීමේ අවදානමක් මෙම සැත්කම තුළින් තිබෙනවා. ඒ වගේම පසුකාලීනව කාන්තාවන්ට හර්නියා වැනි රෝගී තත්ත්වයන් මේ ඔස්සේ ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස විවෘතව කරන සැත්කම්වල එවැනි අසාදිත තත්ත්වයන් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. යතුරු සිදුරු සැත්කම ඩිම්බකෝෂවල ගෙඩි ඉවත් කිරීමටත් යොදා ගැනෙනවා. 
අධික රැධිර වහනය, පිළිකා තත්ත්වයන් නිසා ගර්භාෂය ආශ්‍රිත සැත්කම් කිරීමට කාන්තාවන්ට සිදුවී තිබෙනවා. ගර්භාෂය ඉවත් කිරීම සඳහා වෙනත් රටවල භාවිත කරන දෙයක් තමයි %ලැපරොස්කොපි^ හෙවත් යතුරු සිදුරු ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ. මෙවැනි සැත්කමක් මගින් බඩේ කැපුමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැහැ. පොඩි සිදුරු තුනක් හෝ හතරක් පමණයි එහිදී ඇති වෙන්නේ. එක් සිදුරක් හරහා පෑන් බටයක් වැනි හැඩැති බටයක් ඔස්සේ කැමරාව ඇතුළු කරනවා. ඒ නිසා ගර්භාෂයේ රූපරාමු තිරයක් මගින් දැකගන්න පුළුවන්. ඉන්පසුව සියුම් උපකරණ භාවිත කරමින් සැත්කම සිදුකරනවා. එමගින් ඉවත් කරන ගර්භාෂය යෝනි මාර්ගය හරහා ඉවතට ගන්න පුළුවන්. 

මෙම සැත්කමේ වාසි රැසක් තිබෙනවා. මෙහිදී සැත්කමෙන් පසුව එන වේදනාව ඉතාම අවමයි. සමාන්‍යයෙන් සැත්කමෙන් පසු මුත්‍රා පිටවීම සඳහා මුත්‍රා බටයක් දමන නමුත් මේ සැත්කමෙන් පසුව රෝගියාට තමන්ගේ කටයුතු තනිව කිරීමේ හැකියාවක් උදා වෙනවා. සැත්කමක් කළ විට දින 3ක් හෝ 4ක කාලයක් රෝහල්ගතව සිටීම සමාන්‍ය දෙයක්. නමුත් මෙම සැත්කම කළ පසුව ඊට පසු දිනයේම නිවසට යන්න පුළුවන්. කැපුම් තුවාල නොමැති නිසා ආසාදිත තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ බෙහෙවින් අඩුයි. මෙම සැත්කම කළ පසු දින 2ක් හෝ 3ක් ඇතුළත පහසුවෙන් තම කාර්යයන් කරගනිමින් සමාන්‍ය පරිදි කටයුතු කිරීමේ අවස්ථාව උදා වෙනවා. මෙම සැත්කමෙන් වහනය වන රුධිර ප්‍රමාණයද ඉතාම අඩුයි. සමාන්‍ය මේස හැඳි 2ක පමණ ප්‍රමාණයක රුධිර වහනයක් පමණයි මින් සිදු වන්නේ. නමුත් සාමාන්‍ය සැත්කමක් සිදුකිරීමේදී රෝගියාගෙන් ලේ පයින්ට් එකක් වගේ ප්‍රමාණයක් අපතේ යනවා. 

ලංකාවේ බොහෝ රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වලත් 'ලැපරොස්කොපි' හෙවත් 'යතුරු සිදුරු' ශල්‍යකර්මය කරන්න පුළුවන්. නමුත් කාලවේලාවක් නොමැති වීම හෝ වෙනත් කරුණු කාරණාවන් නිසා මේ 'ලැපරොස්කොපි' ශල්‍යකර්මය සිදුකරන්නේ නැහැ. එනිසා ඒ වාසිය ගොඩක් රෝගීන්ට හිමිවන්නේ නැහැ. මහරගම පිළිකා රෝහලේ ගර්භාෂ පිළිබඳ සැත්කම් කිරීමේදී 'ලැපරොස්' ක්‍රමයට තමයි සිදුකරන්නේ. ඒ නිසා මේ වාසි තත්ත්වයන් රොගීන්ට හිමිවෙනවා. නාරීවේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සමාන්‍ය ගර්භාෂ සැත්මකට වඩා %ලැපරස්කොපි^ සැත්කම කිරීමේ ප්‍රතිශතය වැඩි අගයක් ගන්නවා. 

යම්කිසි රෝගී තත්ත්වයක් නිසා ගර්භාෂය ඉවත් කිරීම සඳහා නිර්දේශයක් ලැබුණු විට මෙම 'ලැපරස්කොපි' සැත්කම කරන එක ඉතා හොඳයි. මෙය සිදුකිරීම සඳහා පහසුකම්ද රෝහල්වල තිබෙනවා. සැත්කම සඳහා සමාන්‍ය සැත්කමකට වඩා වැඩි කාලයක් ගතවෙනවා. සමාන්‍ය සැත්කම සඳහා පැයක පමණ කාලයක් ගතවන්නේ නම් පැය එක හමාරක් පමණ කාලයක් ^ලැපරොස්කොපි^ ශල්‍යකර්මය සඳහා ගත වෙනවා. අනෙක් කාරණය තමයි පුරුදු වූ පරිදි උදරයේ කැපුමක් මගින් ගර්භාෂය ඉවත් කරන්න වෛද්‍යවරුන්  කටයුතු කරන නිසා මෙම සැත්කම සඳහා යොමු වීමේ ප්‍රමාණය ඉතා අඩුයි. හම්බන්තොට, අම්පාර වගේම කිලිනොච්චි වැනි දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් තුළ පවා මෙම සැත්කම සිදුකිරීමේ පහසුකම තිබෙනවා. රෝගීන්ට මෙවැනි සැත්කම් පිළිබඳ නිසි දැනුවත් කිරීමක් නොමැතිකමද එවැනි අවස්ථා මගහැරීමට එක් හේතුවක් වෙනවා. 

ගර්භාෂය ඉවත් කිරීමට විවිධ කාරණා බලපෑ හැකියි. ගර්භාෂයේ අක්‍රමවත් රුධිර වහනය ඉන් එක් හේතුවක්. එවැනි තත්ත්වයන් තුළ ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමට නොහැකි වූ විටක ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනවා. කිසිම වේදනා නාශකයකට ප්‍රතිචාර නොදක්වන ඔසප් වීමේදී අධික වේදනාවක් ඇති වුණ හොත් අපට ගර්භාෂය ඉවත් කරන්න සිදුවෙනවා. ඒ වගේම ගර්භාෂයෙන් පිටත ගෙඩි හටගැනුණු විට අවයව ඇලීම් ඇති වෙනවා. මේ නිසා දරුණු කැක්කුමක් ඇති වන අතර, එවැනි අවස්ථාවලදී ගර්භාෂයෙන් පිටත ඇති ගෙඩි ඉවත් කිරීම සඳහාත් මෙම සැත්කම සිදුකළ හැකියි. 

ඒ වගේම දරුවන් සිටින මවක් නම් ඇයට ගර්භාෂය ඉවත් කරන්නට නිර්දේශ කරනවා. ඒ වගේම පූර්ව පිළිකා තත්ත්ව තුළදීත් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනවා. ඒවගේම පිළිකා තත්ත්ව තුළදී අනිවාර්යයෙන්ම ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනවා. රෝගී තත්ත්වයක් මත වයස්ගත කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ඉවත් කිරීමට සිදුවූවහොත් ඩිම්බකෝෂ පමණක් නොව ගර්භාෂයම ඉවත් කිරීමට යොමු වනවා. ඒ නිසා මෙවැනි නොයෙක් අවස්ථා තුළදී ගර්භාෂය ඉවත් කිරීමට කාන්තාවන්ට සිදුවෙනවා. 
මෙවැනි සැත්කමක් සිදුකිරීමට ප්‍රථම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝගී තත්ත්වයන් තිබේදැයි නිර්ණය කරගත යුතුයි. ඒ අනුව වෛද්‍යවරයා හමු වී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක්, ඊ.සී.ජී පරීක්ෂණයක් සිදුකරගන්න අවශ්‍යයි. එමගින් සැත්කමට ප්‍රථම රෝගියාගේ ශරීරයේ හෘදය වස්තුව, අක්මාව, වකුගඩුව ආදිය හොඳ ක්‍රියාකාරීත්වයේ තිබේ දැයි වෛද්‍යවරයා පරීක්ෂා කළ යුතුයි. මන්ද සැත්කමට සිහිනැති කරන බැවින්. සමාන්‍යයෙන් සැත්කමක් සිදුකිරීමට පැය එකහමාරක් හෝ දෙකක් වැනි කාලයක් ගතවෙනවා. මෙම සැත්කම ඕනෑම වයස් කාණ්ඩයක සිටින කාන්තාවකට සිදුකරන්න පුළුවන්. සැත්කමෙන් සති තුනකට පමණ පසුව රෝගීයාගේ තත්ත්වය නැවතත් විමසා බැලීමක් සිදුකරනවා.

 

ශ්‍රී ලංකාවේ ගුවන් පාලම් කල්පැවැත්මෙන් යුතුද?

Nugegoda .jpg   lllll

මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා නොයෙක් ව්‍යාපෘති රැසක් මේ වන විටත් කොළඹ අවට රථවාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර හමාරය. ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මෙන්ම සැහැල්ලු දුම්රිය (ලයිට් ට්‍රේන්) ක්‍රමයද එයට සමගාමීව සිදුකිරීමට දැනටමත් විදේශ රටවල සහභාගිත්වයෙන් වැඩකටයුතු ආරම්භ කර අවසන්ය. 

වත්මන් ආණ්ඩුව විසින් රාජගිරිය ගුවන් පාලම පසුගියදා ජනතා අයිතියට පත් කරන ලද්දේ එම ස්ථානයේ මාර්ග හුවමාරුවේදී සිදුවන තදබදය අවම කිරීමටය. මෙය එක් අතකින් ප්‍රශංසනීය කරුණකි. මන්ද මෙවැනි තදබදයක් තිබීම තුළින් ඉන්ධන මෙන්ම ජනතාවගේ ශ්‍රමය විශාල වශයෙන් අපතේ යයි. බිලියනයක පමණ මුදලක් මේ සඳහා දෛනිකව වියදම් වේ. එබැවින් යම්තාක් හෝ එය අවම කිරීමට උත්සාහ ගැනීම අප අගය කළ යුතුය. නමුත් මෙවැනි ඉදිකිරීම් සිදුකිරීමේදී අප මුලින්ම අවශ්‍යතාවට මූලිකත්වයක් දුන් නමුත් එහි කල්පැවැත්ම මෙන්ම යාවත්කාලීන කිරීම පිළිබඳ ඒ හා සමානව සිතීම අනිවාර්යය දෙයකි. 

පසුගිය ආණ්ඩු සමයේදී පෑලියගොඩ ගුවන් පාලම ජනසතු කළේ දින 60ක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළදීය. නමුත් එය අද වන විට අලුත්වැඩියා කටයුතු සඳහා වෙන්කර තිබේ. ඒ හේතුවෙන් මේ වනවිට රථවාහන ගමන් කරනුයේ එක් මංතීරුවකින් පමණි. මෙවැනි ආකාරයේම ඉදිකිරීම් කිහිපයක් අපට කොළඹ නගරයේ දැකගත හැකිය. මෙම පාලම් ද්විත්වයම සකස් කර ඇත්තේ යකඩ තහඩුවලින් නිසා එවැනි පාලම් ඉක්මනින් නඩත්තු කිරීමට සිදුවේ. 
මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම අවශ්‍යතාව මෙන්ම එහි පැවැත්ම පිළිබඳවද වැඩි අවධානයක් යොමුකළ යුතුය. නැතිනම් ඉදිකිරීමට වඩා පිළිසකර කිරීමට ගතවන කාලය, මුදල සහ ශ්‍රමය පාලම ඉදිකිරීම සඳහා යන මුදලටත් වඩා වැඩි විය හැකිය.
ඒ පිළිබඳ ක්‍ෂේත්‍ර දැනුමක් ඇති ඉංජිනේරුවන්ගේ මතය අනුව, ගුවන් පාලමක් ඉදිකිරීමට නොයෙක් හේතු තිබිය හැකිය. නොයෙකුත් දිශාවලට එකම ස්ථානයෙන් රථවාහන ගමන් කරන විටදී රථවාහන අධික වීම මත රථවාහන තදබදයක් පැනනැගිය හැකිය. එවැනි අවස්ථාවක එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විකල්ප ක්‍රමයක් හඳුන්වා දී එමගින්ද සෑහීමකට පත් නොවුණහොත් ගුවන් පාලමක් ඉදිකිරීමට නිර්දේශ කෙරේ. 

මෙවැනි තදබදයක් මුලින්ම පැමිණි විට එයට විකල්පයක් වශයෙන් වටරවුමක් ඉදිකර එම තත්ත්වය නිරීක්‍ෂණය කරනු ලැබේ. එය මෙවැනි මාර්ග තදබදයක් වැළැක්වීම සඳහා යොදා ගන්නා වූ මුලිකම ක්‍රියාමාර්ගය වෙයි. නමුත් මාර්ග තදබදය එයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට පවතින්නේ නම් එය කිසිසේත් සාර්ථක විසඳුමක් නොවේ. ඉන් පසුව වටරවුම ඉවත් කර ඒ වෙනුවට සංඥා පුවරු යොදා මාර්ග තදබදයේ අඩුවක් තිබෙනවාද යන්න විමසා බලනු ලැබේ. රාජගිරිය ගුවන් පාලම ඉදිකළ ස්ථානයේ වුවද මුලින්ම සංඥා පුවරු යොදා තිබුණද, ඉන් එය විසඳා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවිය. මේ කාලයේ එයට ඇති විසඳුම වශයෙන් රාජගිරිය පිහිටි ගුවන් පාලම ඉදිකෙරිණි. මෙය කිසිසේත් පවතින මාර්ග තදබදයට නම් විසඳුමක් නොවේ. එය නොයෙක් දිශා සහිත හුවමාරු ස්ථානයක් තුළ ඇති තදබදය ඉවත් කිරීම සඳහා යොදා ගනු ලබන එක් විසඳුමක් පමණි.  

නමුත් මෙවැනි ගුවන් පාලම් ඉදිකිරීමේදී ප්‍රමිතිය ගැන නොතකාඉදිකර පමණක් මාර්ග තදබදයට විසඳුම් සෙවීම ප්‍රමාණවත් නොවේ. අප ඕනෑම දෙයක් දීර්ඝ කාලයක් පරිහරණය කරන ලෙස දෛනික ජීවිතයේ වුවද වැඩි මිලක් ගෙවා ලබා ගන්නේ එය ඇත්තෙන්ම පහසුවක් නිසාය. ඒ නිසා මෙවැනි රථවාහන තදබද සඳහා මෙලෙස ගුවන් පාලමක් ඉදිකරන විට එය වාස්තු විද්‍යාත්මකව ඉදිකිරීම සඳහා කටයුතු කළ යුතුය. ලෝකයේ බෙහෝ රටවල ඉදිකර ඇති ගුවන් පාලම් පිළිබඳ පිරික්සීමේදී ඒ බව මොනවට පැහැදිලි වේ. අනෙක් පාලම්වලට සාපේක්‍ෂව යකඩින් සාදන ලද පාලම් (ස්ටීල් බ්‍රිජ්) සඳහා වැයවනුයේ ඉතා අඩු මුදලකි. නමුත් එය අඩු මුදලක් දී ලබා ගත්තද මෙහි නඩත්තු සඳහා ඉහළ මිලක් වියදම් කිරීමට සිදුවීම අපට අවාසිදායකය. 
කොන්ක්‍රීට් ගුවන් පාලම් ගත් විට එය ඉදිකිරීමට සඳහා යන මූලික ප්‍රාග්ධනය ඉහළ අගයක් ගන්නා නමුත්, මෙවැනි පාලම් අලුත්වැඩියා කිරීමට යන මුදල අවම මට්ටමකින් පවතී. ඒවායේ පිරිසැකසුම් කටයුතු සිදුකිරීමට වුවද අවශ්‍ය වන්නේ ඉතා සුළු වශයෙනි. මේවා දීර්ඝ කාලයක් පැවතීමද මේ සම්බන්ධ නිලධාරීන්ට මෙන්ම මෙය පරිහරණයට ගන්නා ජනතාවටද පහසුවකි. 

මේ පිළිබඳ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රකාශ කරන පරිදි ඉංජිනේරු ශිල්පයේදී මෙවැනි පාලම් හඳුන්වනුයේ තාවකාලික අවශ්‍යතාවක් මත පදනම්ව ඉදිකරන දෙයක් ලෙසින්ය. ඒවා ඇත්තෙන්ම හදිසි අවස්ථාවලදී සකස් කරන්නා වූ දේවල්ය. ඇතැම් රටවල යුද්ධය පවතින අවස්ථාවලදී මෙවැනි හදිසි පාලම් ඉදිකරන අවස්ථා බොහෝ වාර්තා වී තිබේ. 

යකඩින් තැනූ ගුවන් පාලම් සකස් කරනුයේ කොටස් වශයෙන් ගෙනැවිත් ඒවා නියමිතව ස්ථානගත කරමින්ය. පූර්ණ කාලීන ඉදිකිරීමක් මේවායෙන් කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකිය. යකඩ බැවින් කාලයත් සමග එහි ගමන් කරන වාහන ප්‍රමාණය, ඒවායේ බර, ස්වාභාවික තත්ත්වයන්ට මුහුණදී ඇති ආකාරය ආදී කරුණු කාරණා මත එහි ප්‍රබලතාව බාල වීමක් සිදුවේ. 
අවුරුදු 50ක් හෝ 60ක් තබා ගැනීමට හැකි මෙම යකඩ ගුවන් පාලම් ඇතැම් විට අවුරුදු 100ක් පමණ වුවත් තබා ගැනීමේ හැකියාවක් ඇත්තේ ඒවා යම් ප්‍රමිතියකින් යුතුව ඉදිකළොත් පමණි. නමුත් පෑලියගොඩ ගුවන් පාලම 2008 මාර්තු මාසයේ විවෘත කළද, එය අවුරුදු 10ක් ඉක්ම වීමටත් ප්‍රථම අලුත්වැඩියා කරන්නට සිදුවූයේ එම ඉදිකිරීමට අමතරව විශාල කාලයක්, ශ්‍රමයක් හා මුදලක්ද යොදවමිනි. ඒ ගුවන් පාලමේ පළමු නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 72ක් ෙයාදවා ඇත. එහි ප්‍රබලතාව හෝ ශක්තිය ක්‍රමයෙන් හීන වීම මෙයට ප්‍රධාන හේතුවකි. නමුත් පාලම ස්ථාපනය කර මුළු වැඩකටයුතු නිමාවටම වැයවී ඇත්තේ රුපියල් බිලියන 2.1ක් පමණ මුදලකි. 

Nugegoda FO_4

ඇතැම් විට මෙවැනි පාලම් දීර්ඝ කාලයක් මේ අයුරින් නඩත්තු කිරීමටද නොහැකිය. එය ආරක්‍ෂාව පැත්තෙන් වුවද අනතුරුදායකය. එහි කාලය ඉක්ම වූ පසුව කිහිප වරක්ම නඩත්තුවට ලක්වූ, යකඩින් තැනූ මේ ගුවන් පාලම් ඉවත් කර දමන්නට අපට සිදුවේ. ඒ සඳහා තාවකාලික නඩත්තු කටයුතුවලට වියදම් කළ මුදල් වැඩි වශයෙන් අපතේ යෑමක් සිදුවන අතර, නැවතත් තිබූ අර්බුදය පැන නැගීමක් විනා එයට විසඳුමක් මෙයින් ඇති නොවේ. අලව්වේ මුල් කාලයේ තිබූ යකඩ ගුවන් පාලම කාලයත් සමග ඉවත් කරන්නට සිදුවන්නේ මෙහි ඇති තාවකාලික බව සිහියට නගමිනි. ඒ නිසාදෝ නැවතත් එය සකස් කළේ පූර්ණ කාලීන වූ කොන්ක්‍රීට් පාලමක් ලෙසින්ය. මේ ආකාරයෙන් පූර්ණ කාලීනව කොන්ක්‍රීට් යොදා සකස් කරන ගුවන් පාලම්වල වාසි බොහෝමයක් අපට අත්පත් කර ගැනීමට හැකි වේ. වියදම් වැඩි වුවද අප කළ යුත්තේ හරි දෙයකි. තාවකාලික දේ කිරීම මගින් සිදුවනුයේ මූල්‍ය හානියක් මිස වාසියක් නොවේ. මෙවැනි ස්ථානවල රථවාහන තදබදවලදී තාවකාලික දේ කිරීම ඉක්මන් විසඳුම් අපේක්‍ෂා කිරීමක් වුවද, ඒවා පිළිසකර කිරීමට යන කාලයත් සමග අපට සිතෙනුයේ මදක් ප්‍රමාද වුවද, වියදම් අධික වුවද, පූර්ණ කාලීන ක්‍රම සඳහා යෑමය. ඒ නිසා මෙවැනි ගුවන් පාලම් ඉදිරි කාලවලදී සකස් කිරීමේදී පාලනාධිකාරිය සහ වගකිව යුත්තන් මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුය. මෙය හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේ. නිශ්චිත ප්‍රමිතියකින් යුතුව කළ යුත්තකි. එය ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක සැකැස්මක් තිබේ. අප එයට අනුකූලව සිදුකළ යුතුය. හතු පිපෙන්නාක් මෙන් කොළඹ අවට ගුවන් පාලම් ඉදිවූවාට කම් නැත. රථවාහන තදබදයට විසඳුමක් ලෙස රටක් සිදුකළ යුතු එය උතුම් ක්‍රියාවකි. නමුත් සිදුකළ යුත්තේ ප්‍රමිතියකින් යුක්තය. එවිට තාවකාලික ගුවන් පාලම් මෙන් මාස 06ක් හෝ 07ක් වැය කොට යළි පිළිසකර කර අවසානයේ ඉවත් කිරීමට සිදු නොවේ. වාස්තු විද්‍යාත්මකව නිශ්චිත අරමුණු සහිතව ඉදිරියේදී ගුවන් පාලම් ඉදිකිරීමට කටයුතු කළ යුතුය. 

තවමත් පිළිසකර කටයුතු සිදුකරන පෑලියගොඩ ගුවන් පාලම 

මේ දිනවල පිළිසකර කරමින් පවතින පෑලියගොඩ ගුවන් පාලම කාගෙත් කතාවට ලක්වන්නකි. දින 60කින් නව වාර්තාවක් බිහි කරමින් ඉදි වූ මෙම පාලමේ පිළිසකර කිරීම් කටයුතු සඳහා මාස කිහිපයක්ම ගතවීම එයට ප්‍රධාන හේතුවකි. ඉකුත් දෙසැම්බර් මාසයේ පාලමේ වම්  පස කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද, තවමත් එහි කටයුතු සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. පිළිසකර කිරීම් කටයුතු මාස 06කටත් වඩා වැඩි කාලයක් ගන්නා බව නම් ඉන් මනාව පැහැදිලි වේ. 

පෑලියගොඩ ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 72ක් 

කමල් අමරවීර අධ්‍යක්‍ෂ, නඩත්තු කළමනාකරණ මහාමාර්ග අමාත්‍යාංශය

මෙය මාස 06ක ව්‍යාපෘතියක්. එහි කටයුතු අවසන් කිරීමට සැලසුම් කරන ලද දිනය වෙන්නේ 2018 වසරේ පෙබරවාරි මාසයේ. මෙහි වම් පැත්තේ කටයුතු හා දකුණු පැත්තේ කටයුතු ලෙස ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකවර මේ දෙකම සිදුකිරීම අපහසු දෙයක්. ඒ නිසා වම් පැත්තේ ඇති ගුවන් පාලම් කොටස මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතිනවා. ඉන් පසුව දකුණු පැත්තේ ගුවන් මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරන්න අපේක්‍ෂා කරනවා. සම්පූර්ණ ව්‍යාපෘතියේම සමස්ත ප්‍රගතිය මේ වන විට 45෴ක් පමණ වෙනවා. ඇතැම් ප්‍රායෝගික හේතු කාරණා නිසා මෙම දිනය වෙනස් විය හැකියි. මේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 72ක්. මෙම ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයේම ඉදිකිරීම් සමාගමක් වන %මග නැගුම^ සමාගම විසිනුයි සිදුකරනු ලබන්නේ.  

පිළිසකර කරමින් කලින් තිබූ තත්ත්වයටම ගැනීම සඳහා බොහෝ දේවල් කළ යුතුයි

එන්.ආර්. සූරියආරච්චි සභාපති, මාර්ග සංවර්ධන අමාත්‍යාංශය

ගුවන් පාලම් ඉදිකිරීමේදී එයට අවශ්‍ය උපකරණ රැගෙන විත් ඒවා ඉක්මනින් නියමිත තැන්වල තබා සකස් කරන්න පුළුවන්. මෙවැනි හදිසි වැඩ කළ යුතුද යන්න පිළිබඳවද ප්‍රශ්නයත් එක් ලෙසකින් මේ කාරණාවත් සමග පැන නගින එක් දෙයක්. මෙහි ඇති නොයෙක් දේ කැඩී ගොස් ඇති නිසා දැන් ඒවා පිළිසකර කරමින් යනවා. අපට අලුත් පාලමක් සවි කරන එකයි, එතැන කැඩී ඇති පාලමක ඒ කොටස් පිළිසකර කරන එකයි දෙකක්. පිළිසකර කරමින් කලින් තිබූ තත්ත්වයටම ගැනීම සඳහා බොහෝ දේවල් කළ යුතුයි. මේ දෙකේ ඇති වෙනස වන්නේ එයයි. 
වෙනත් රටවල අවුරුද්දකින් වගේ කළ දෙයක් අපේ රට තුළට ගෙනත් දින 60ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකළා. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් මෙවැනි පාලම් ඉදිකිරීමට වඩා පිළිසකර කිරීමට බොහෝ කාලයක් ගත වන බව නම් කිව යුතුයි. 

 

 

 

ආදි මානවයා අපි හිතන තරම් ප්‍රාථමික නැහැ

ලාංකේය පුරවැසියාගේ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි නවතාවකින් බැලීමේ අවකාශය උදා කරමින් ආදී ඉතිහාසය නියෝජනය කරන ප්‍රාග් ඓතිහාසික හෝමෝ සාපියන්වරුන්ගේ සංස්කෘතික අඛණ්ඩතාව පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් 'දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය' නමින් ක්‍රියාවට නැංවීය. සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගේ දායකත්වය කෙබදු ස්වරූපයක් ගන්නේද පිළිබඳ මේ යටතේ අධ්‍යයනය කෙරුණු අතර, එයින් අනාවරණය අතීත ඥානය මෙන්ම පරිවර්තනය ක්‍රියාවලියද පැහැදිලිව හඳුනාගැනීමට අපට හැකිවිය. මේ පිළිබඳ 'අද' හමුවේ අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා අපේ මුතුන්මිත්තන්ගේ සංක්‍රාන්ති සමය පිළිබඳ සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ මෙලෙසිනි. 


8

'අපේ රටේ ඉතිහාසයේ අඛණ්ඩතාව පිළිබඳ තිබුණු හිඩැස් පුරවාගැනීම සම්බන්ධයෙන් අපට මුල සිටම නොයෙක් ගැටලු පැනනැගී තිබුණා. අපේ රට පිළිබඳ හදාරන ඕනෑම කෙනෙකුට ඉතිහාසය ගැන ප්‍රධාන යුග දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් තමයි අපි කවුරුත් දන්න අපි ඉගෙනගත් ඉතිහාසය. අනෙක අපේ පුරාවිද්‍යාඥයන් විසින් අපට එක්කළ දැනුම. පුරෝගාමී මානව විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් රැසක් මේ රටේ කලියුගයේ මිනිසුන් ගැන විශාල දැනුමක් මේ වනවිට ඉතිහාසයට එකතු කර තිබෙන බව නොරහසක්. 
මේ ගල් යුගයේ මිනිසුන් ගැන අපි ඉගෙනගත් දේ සහ අපි නොදත් දේ අතර, සම්බන්ධතාව කිනම් ස්වරූපයක්ද යන්න වටහා ගැනීම අපට අපහසු කාරණාවක්. එය භෞතික විද්‍යාවෙන් %කළු අවකාශයක්^ වශයෙන් අර්ථකථනය කළ හැකිය. අපේ ඉතිහාසය ජනප්‍රවාද, මිථ්‍යා කතා සහ තාවකාලික පැහැදිලි කිරීම් මගින් පුරවා තිබෙනවා. 

නමුත් සැබෑ ඉතිහාසය ගවේෂණය කිරීම සඳහා මීට වසර 19කට ප්‍රථම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය මගින් %දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය^ නමින් පර්යේෂණ මාලාවක් ආරම්භ කෙරුණා. මේ යටතේ ගවේෂණය කරන්නේ ගල් යුගයේ මිනිසුන් සංක්‍රාන්තියක් ලැබුවේ කෙසේද යන්න පිළිබඳවයි. 

Grains

ලංකාවේ ජනාවාස බිහිවීම කෙරෙහි නොයෙකුත් මත අදත් සමාජය තුළ ගොඩනැගී තිබෙනවා. අවුරුදු එක්ලක්ෂ විසිපන්දාහකට ප්‍රථම හෝමෝ සාපියන් ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ප්‍රදේශවලට සෙන් දුවූ බවට වාර්තා ඉදිරිපත් කර තිබෙන අතර, මෙය අහඹු සිදුවීමක් නම් නොවේ. හෝමෝ සාපියන්වරු අප්‍රිකාවෙන් පිටත් වූ පසු ඉන් ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අපේ රටටත් සේන්දු වුණා. මෙතෙක් කර ඇති පුරාවිද්‍යා සාක්ෂි මගින් සනාථ වන්නේ ඔවුන් ලංකාවට ළඟාවී අඛණ්ඩව ලංකාවේ සිය ජීවිතය ගතකළ බවයි. 
මේ බව කාලනිර්ණය කර සොයාගත් දෙයක්. නමුත් ලංකාවේ කාලනිර්ණය කිරීම සඳහා පහසුකම් නොමැති නිසා වෙනත් රටවලට සාම්පල යැවීම මගින් එකී කටයුතු සිදුකරනවා. එනිසා අපක්ෂපාතීත්වය පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන්නේ නැහැ. 
ආදි මානවයා පිළිබඳ කතා කළොත් අපි හැමෝම බලන්ගොඩ මානවයා පිළිබඳව තමයි කතා කරන්නේ. බලන්ගොඩ මානවයා අවසන්වී ඉන්පසුව ආ ඉන්දීය සංක්‍රමණිකයන්ගෙන් අපි සංස්කෘතිකරණය වුණා යන කාරණය සම්මත වශයෙන් පාසල්වල සහ විශ්වවිද්‍යාලය තුළ ඉගෙනගන්නා පොදු කාරණයක්. නමුත් එය එසේ නොවේ. 

3800 ගණනින් බලන්ගොඩ මානවයා අවසන් වන්නේ අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පෙර මෙරට ජීවත් වුණු ප්‍රජාවගේ අවසානය සනිටුහන් කරමින්. ඉන්පසුව ඉතිහාසය අලුත් මුහුණුවරකින් ආරම්භ ‍ෙවනවා. 
1833 ඉතිහාසය පිළිබඳ පළමුවරට ලේඛනගත කළේ ජොර්ජ් ටර්නල් නම් යටත් විජිත භාර පරිපාලන නිලධාරියා. ඔහු %සිලෝන් අල්වමැක්^ ප්‍රකාශනයට පත්කළේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලිඛිත මූලාශ්‍රයක් ලෙසින්. ඔහු එලෙස කියූ දිනයේ සිට අප ඉතිහාසය ලෙස එය ඒ අයුරින් ඉදිරියට රැගෙන පැමිණෙනවා. 

මෙවැනි තත්ත්වයක් තුළ අපි අංශක 90ක් ආපසු හැරී වෙනත් දිශාවකට මේ ඉතිහාසය නමැති යානය හරවන්න හැකිද යන්න පිළිබඳ යම් උත්සාහයක් ගනු ලැබුවා. සම්මත ක්‍රමයෙන් බැහැරවී වෙනත් දිශාවක් ගමන් කිරීම බෙහෙවින්ම අපහසු ක්‍රියාවක්. 1940 දශකයේ පළ කළ ජි.සී. මෙන්ඩිස්ගේ %ලංකාවේ ආදි ඉතිහාසය' යන කෘතියේ පළමු පරිච්ඡේදයේ මෙලෙස සටහන් කරනවා.'1505 පෘතුගීසින් ආ පසු මෙරට පෘතුගීසි යුගය ලෙසින් හඳුන්වනවා. ලන්දේසි පැමිණි විට ලන්දේසි යුගය ලෙස හඳුන්වනවා. ඉංග්‍රීසින් පැමිණි විට ඉංග්‍රීසි යුගය ලෙස හඳුන්වනවා. එසේ කළහැකි නම් පෘතුගීසි පැමිණීමට ප්‍රථම පෙර යුගය හැඳින්විය යුත්තේ ලංකා ඉතිහාසයේ ඉන්දීය යුගය ලෙසින්' ය. 
ඒ නිසා අපි කරන්නට ආරම්භ කළ පර්යේෂණයේ මූලාරම්භය නම් ඒ අයුරින් නොසිතා අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසක් තිස්සේ මෙරට සිටි මිනිසුන්ට තමන්ගේ බුද්ධිය, ප්‍රජානනය සංස්කෘතිය තාක්ෂණය  මගින් අඟල් භාගයක් හෝ ඉදිරියට යන්න බැරි වුණාද? එසේ නොහැකි වුවානම් ඒ ඇයි? එහෙම නැතිනම් පුළුවන් වුණාද? පුළුවන් වුණානම් ඒ කොහොමද? යන කාරණය ගවේෂණය කිරීමයි. එය ඉතාම වැදගත් දෙයක්. අපේ ඉතිහාසය යම් දෙයක් ආරම්භ කළාද ඒ දක්ෂතාවේ සියලුම බීජ නිදන්ගත කර තිබෙන්නේ ඒ සංක්‍රාන්තික කාලපරිච්ඡේදය තුළයි. 

Picture1

3830න් අපේ ඉතිහාසය ඉවර වුණේ නැහැ. අපි පසුගිය වසර 09 පුරාවට ඒ බව සනාථ කර තිබෙනවා. අපේ රටේ දීර්ඝ කාලයක් සිටි දඩයක්කාර, ආහාර එකතු කරන මිනිසුන් ගැන අප සිතුවේ ඔවුන් අශිෂ්ටයි, ඔවුන් හුදු දඩයක්කරුවන් පමණක් වන අය බවටයි. ඔවුන් ඉතිහාසයේ වැදගත්ම  කොටසක්. 

ඉතිහාසය ගැන කතා කිරීමේදී ඔවුන් අපට දායාද කළ දැනුම පිළිබඳ අපි කිසිවිටකත් සඳහන් කළේ නැහැ. අපි කතා කළේ උතුරු ඉන්දියාවෙන් හෝ දකුණු ඉන්දියාවෙන් ජනපදකරණ ව්‍යාපාරය තුළ අපි අත්පත් කර තිබුණු දේ ගැන පමණයි. 
අපි මෙම ව්‍යාපෘතිය වසර 15කට පමණ සිට සැලසුම් කළ දෙයක්. නමුත් අපි තවම ඒ පිළිබඳ සෑහීමකට පත්වන්නේ නැහැ. අප සතුව ඇත්තේ දිනවකවානු ඉතා සුළු ප්‍රමාණයක්. අවම වශයෙන් විද්‍යාත්මක දිනවකවානු 25ක් වත් ස්ථාපනය කරන්න අපට හැකිනම් ඊට සාපේක්ෂව ඒ මිනිසුන්ගේ ද්‍රව්‍යමය සංස්කෘතිය සහ ඒ සංස්කෘතිය කිනම් ආකාරයේ ස්වරූපයක් ගනීද යන්න අපට සාක්ෂි සහගතව තහවුරු කරන්න පුළුවන්. 

ගල් යුගයේ මිනිසුන් ලෙස අපගේ මනසේ මැවෙන්නේ, දීර්ඝ කාලයක් සතුන් පසුපස හඹා ගිය පිරිසක් ලෙසින්. එයින් හඳුන්වාදෙන්නේ ආසියාවේ සංස්කෘතිය හරිම සරල දෙයක් ලෙසිනි. නමුත් අපි මොනදේ සිදුකරන්නත් මේ පිළිබඳ ඇති ජාතික මානසිකත්වය ශක්තිමත් කළ යුතුයි. අනන්‍යතාවන්, නිෂ්පාදන බලවේග උත්පාදනය කරන්න සමාජයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ධෛර්ය වූ මේ ඓතිහාසික උරුමය පිළිබඳ අපි අනාවරණය කළ යුතුයි. මෙවැනි උරුමය ගැන පැවසෙන විද්‍යාත්මක දින නියම කිරීමද එතරම් පහසු කටයුත්තක් නොවේ. වන ළැහැබ තුළට ගොස් මෙවැනි ස්ථාන හඳුනාගෙන ඒවායේ භූමිය කැණීම් කර, නිවැරදිව නියැදිකරණය කර, නිවැරදිව ඇසුරුම් කර, විදේශීය විද්‍යාගාරවලට යවා, විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් තමයි මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ. මිලිග්‍රෑම් 09ක් ඒ.එස්.එම්. ක්‍රමයෙන් කාලනිර්ණය කිරීමට ඩොලර් 595ක්වත් අඩුම වශයෙන් වියදම් වෙනවා. ඒ වගේම කැණීමකදී අවම වශයෙන් දින තුනක්වත් ලබාගත යුතු නියැදිද තිබෙනවා. ඇතැම් කැණිම් මගින් ලබාගත හැක්කේ එක් සාම්පලයක් පමණයි. මෙසේ කාලනිර්ණය සිදුකිරීමට අවම වශයෙන් ඩොලර් 650ක්වත් යනවා. ඒවගේම මෙම සමස්ත ක්‍රියාව ඉතාම දීර්ඝ කාලීන ක්‍රියාවලියක්.

untitled
නමුත් මෙසේ කාලනිර්ණය කිරීම මගින් අපට හැකිවුණා අපේ ඉතිහාසයේ හිඩැසක් නොමැති බව ප්‍රත්‍යක්ෂ කිරීමට. අපේ ඉතිහාසය දිර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නක්. මීට අවුරුදු 5900කට පමණ ප්‍රථම ඇටසැකිල්ලක් අපට සොයා ගැනීමට හැකි වූයේ සීගිරිය අවට කැණීම් කටයුතුවලින්. ඒ නිසා හෝමෝ සාපියන්වරුන්ගේ ආගමනය හුදු කතාවක් පමණක් නොවේ. මේ ඉන්නේ අපේ සැබෑ මුතුන්මිත්තන්. මේ අයගේ ජානමය උරුමය අපට තිබෙන බව දැන් සනාථ කර තිබෙන්නේ මේ හා සම්බන්ධව පැවැත්වූ පර්යේෂණ රැසක් තුළින්. මේ අයයි, අපේ ආදිවාසීන් අතරයි ඒවගේම ලාංකේය සමාජයේ ජනයා අතරයි ඇති පැහැදිලි සම්බන්ධය පිළිබඳ සාක්ෂි තහවුරුවී තිබෙනවා. 

දෙස් විදෙස් පර්යේෂකයන් විසින් මෙම පර්යේෂණ සිදුකර තිබෙන බැවින් මෙයින් නිගමනය කළ සෑම කරුණක්ම ඉතා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට අපට හැකියි. 
බලන්ගොඩ ප්‍රදේශයේ ඉලුක්කුඹුර ලුණුගල්ගේ ගල්ගුහාව පර්යේෂණ කටයුතු සඳහා යොදා ගත් වැදගත් ගල් ගුහාවක්. මේ ගල් ගුහාවේ කැණීම් කටයුතු අපට ඉතාමත් වැදගත් සාක්ෂි රැසක් හමුවුණා. අපට එහිදී පළමු වතාවට අපේ මිනිස්සු, ඒ දඩයක්කරුවන් ශාක ආහාර භුක්තිවිඳි බවට සාක්ෂි හමුවුණා. පිළිස්සු දික් කැකුණ ඇට එකී ගවේෂණ මගින් සොයාගත් දෙයක්. මෙලෙස පිළිස්සී ගිය ඇට බොහෝ කාලයක් ඉතිරිව පවතිනවා. එමගින් අපට අනාවරණය වන්නේ දඩයක්කරුවන් තවදුරටත් දඩයක්කාරයන් ලෙස සදාකාලිකව ජීවත් වූයේ නැති බව. යම්කිසි ලෙසකින් ඔවුන් ශාක ආහාර වැඩිපුර පරිභෝජනය කළ බවට එය එක් සාක්ෂියක් පමණයි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රේමතිලක මහතා පුරා දේශගුණික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්. ඔහු හෝර්ටන්තැන්නේ සිදුකළ පර්යේෂණ මගින් අනාවරණය කරගැනීමට සමත් වූවා පසුගිය වසර 10000 මෙහා කාලයේ ඇතිවූ ගෝලීය උණුසුමට මිනිසුන් ප්‍රතිවාර දැක්වූයේ කෙසේද? අනුවර්තනය වූයේ කෙසේද? යන්න පිළිබඳව. ඒ අනුව ආචාර්යවරයා සොයාගත් කරුණ වන්නේ මෙකල ඔවුන් දඩයමෙන් මදක් ඈත්ව ගොස් ශාක ආහාරවලට යොමුවී ඇති බවයි. මේ දත්ත අපි කාලනිර්ණය කර තිබෙනවා. මේ සියල්ල ක්‍රි.පූ. 4500ට වගේ කාලයකට අයත් වන්නක්. එය දින වශයෙන් ගත්තොත් වසර 6400ක වගේ කාලයක්. එමගින් සනාථ වන්නේ අපේ රටේ මිනිසුන් එවකට අලුත් ප්‍රවණතාවක් ඇති කරගෙන තිබෙන බවයි. නමුත් අපි කවුරුත් ඒ පිළිබඳ දැන සිටියේ නැහැ. 
මෑතකදී සොයා ගත් ධාන්‍ය වර්ග කිහිපයක් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීම සඳහා අපිට ගන්නෝරුව ජාන පර්යේෂණ මධ්‍යස්ථානය සහාය දක්වනවා. මෙම ධාන්‍ය වර්ග පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීම ඉතාම වැදගත් දෙයක්. මොකද, මේවායේ අති විශේෂත්වය වන්නේ, මේ අතර තිබෙනවා වල් වී වර්ග. අපි මීට අවුරුදු 6000කට ඉහතදී කැලෑවල තිබෙන වල් වී වර්ග පරිභෝජනය කිරීමට පටන් ගත්තා. අපි හිතන්නේ අපිට වී වගාව පැවත එන්නේ ඉන්දියාවෙන් කියා. 

pendent

එවැනිම කැණීම් මගින් අපට සොයා ගැනීමට හැකිවුණා හිරු එළියෙන් වියළාගත් වළං කැබලි. ඒවාට ජලය දමා භාවිතයට ගත නොහැකියි. එනිසා ඇතැම් විට ඒවා ධාන්‍ය වර්ග දැමීම සඳහා යොදාගන්නට ඇති. ඔවුන්ගේ ඒ ගබඩා කිරීම පිළිබඳවද සාක්ෂි ගණනාවක් මේ වනවිට හමුවී තිබෙනවා. මේ ගුහාවල බටු මීයන්ගේ ඇට කැබලි හමුවුණා. මෙවැනි බටු මීයන්ගේ කටු බහුල වීම, ඔවුන් ගුහා තුළ ධාන්‍ය ගබඩා කිරීමේ එක් සාක්ෂියක්. එමෙන්ම එහි හමුවූ ඇබරුම් ගල් ධාන්‍ය කරල්වල ඇට ඉවත් කිරීම සඳහා භාවිතයට ගත් දේවල් ලෙස අනුමාන කළ හැකියි. ඒවගේම ගිනි දල්වා ගැනීමට භාවිත කළ ගල් පතුරුද මෙහිදී හමුවී තිබෙනවා. මෙවැනි ගල් 50ක් 60ක් එකතැන තිබීම මගින් පැහැදිලි වන්නේ ස්ථීරවාසීන් ලෙස ඔවුන් දිවිගෙවූ බවට. ග්‍රාමීය ජීවිතයේ මුලම චර්යාත්මක ලක්ෂණය තමයි ඔවුන් ඒ ප්‍රදර්ශනය කළේ. හොලෝසීන භූ අවධියේදී වැසි සහ උණුසුම් ද්විත්වාකාර දේශගුණයක් පැවතියා. 

‍මොවුන් වැසි කාලයේ ආහාර සඳහා ගස් ගොළුබෙල්ලන් ආහාරයට ගෙන තිබෙනවා. මෙය ආර්ථික වශයෙන් ඉතාම වැදගත් දෙයක්. මේවායේ ප්‍රෝටීන් ප්‍රමාණයද ඉතා අධිකයි. විදේශ විද්‍යාඥයන් කළ පර්යේෂණ මගින් අනාවරණය කර තිබෙන්නේ, මෙම ගොළුබෙල්ලන්ගේ ඉතාම වැදගත් අසංතෘප්ත මේද අම්ල 02ක් තිබෙන බව. 

ඊට සාපේක්ෂව ඔවුන්ගේ මෙවලම් භාවිතය ඉතා සියුම් කාර්යක්ෂමතාවට පත්ව තිබෙන බවට මේ වනවිට හමුවී ඇති උපකරණ පිරික්සීමේදී පැහැදිලි වෙනවා. අපි මෙම පර්යේෂණය මගින් පමණක් නොව ලංකාවේ සිදුකළ පර්යේෂණ ගණනාවක් මගින් සොයාගනු ලැබූ උපකරණ මොනවාද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකරමින් යනවා. ඇතැම් ඇට කැබලිවලින් සකස් කළ උපකරණද ඒ අතර අපට හමුවුණා. වෙනත් රටවලින්ද මෙවැනි උපකරණ හමුවී තිබෙන අතර, ඒ විද්‍යාඥයන්ගේ මතය නම් හඬක් උත්පාදනය කිරීම සඳහා මෙවැනි උපකරණ යොදා ගත් බවයි. බලන්ගොඩ පමණක් නොව නාරම්මල ප්‍රදේශයෙන්ද මෙවැනි උපකරණ සොයාගෙන තිබෙනවා. ඒ අනුව පැහැදිලිවන්නේ මෙය කිසියම් ප්‍රමිතිගත දෙයක්, සම්මුතියක් ලෙස පැවති බවයි. ඔවුන් සංගීතමය හඬක් උත්පාදනය කිරීමට සමත් වුණාද යන්න පිළිබඳවත් අපි ඉදිරීයේදී අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරනවා. 

ඒවගේම අපට හමුවුණා කහඳ පතුරකින් නිර්මාණය කරගත් පෙන්ඩන්ට් එකක්. 6.5ක දැඩියාව තිබෙන ගලක් රැගෙන හදවතක හැඩය කපා උඩින් සිදුරක් විද ඔවුන් මෙය පලඳාගෙන තිබෙනවා. එය ඇත්තෙන්ම සංකේතාත්මක ලක්ෂණයක්. සංකේතාත්මක දේවල් නිෂ්පාදනය ලෝක පුරාණයෙන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. නමුත් අපේ බලන්ගොඩ මානවයා හරිම සරලයි, ප්‍රාථමිකයි, අපි ඉන්දියාවේ සංස්කෘතිය රැගෙන දියුණු වුණා යැයි ඉතිහාසය පිළිබඳ තිබෙන ප්‍රධාන මතයට මෙය අභියෝගාත්මක සාක්ෂියක්. 
අපේ අනන්‍යතාව ගැන පොදු ගැටලුවක් අපට තිබෙනවා. ඒ නිසා රටේ ඓතිහාසික අනන්‍යතාව පිළිබඳ අනිවාර්යයෙන් පැහැදිලි කළ යුතුයි. මේ පර්යේෂණ ව්‍යාපෘතියෙන් සංස්කෘතික අනන්‍යතාවන් සහ සංස්කෘතිය අඛණ්ඩව තහවුරු කිරීමටයි අපට අවශ්‍ය වූයේ. 
අපි අකුරු කරන්නට ආරම්භ කළේ මෞර්ය අධිරාජ්‍යය කාලයේ එහෙන් පැමිණි බ්‍රාහ්මීය අක්ෂරවලින්. අපි කවුරුත් ඒ ගැන දන්නවා. අපි අද ලියන සිංහල අකුරු පැවතගෙන එන්නේ එයින්. නමුත් ඒ අකුරු පැමිණීමට ප්‍රථම, අතීතයේ සිටි අපේ මුතුන්මිත්තන් රූපාක්ෂරයෙන් යම් දෙයක් ඉදිරිපත් කිරීමට උත්සාහගෙන තිබෙන බව පුරාවස්තු කැණීම්වලින් පැහැදිලිව සනාථ වෙනවා. මෝරෙක්ගේ දතක් බෙල්ලේ එල්ලා ගැනීමට ඔවුන් එහි සිදුරක් විදලා තිබෙනවා. නමුත් මේ ගල් ගුහාව තිබෙන්නේ මුහුදට ආසන්න ප්‍රදේශයක නොවේ. නමුත් මැරුණු මෝරෙකු කවදාවත් ගොඩට ගලන්නේ නැහැ. මෝරා මැරුණු පසු මුහුද යටට ගිලා බහිනවා. එවැනි මැරුණු මෝරුන්ගෙන් මේ දත් ලබා ගත්තානම් ඔවුන්ට ගැඹුරු මුහුදේ කිමිදීමට හැකිවෙන්න ඕන. එසේ නොමැතිනම් මෝරු දඩයම් කරන්න අවශ්‍යයි. නමුත් මොවුන් මුහුදේ සිට කිලෝමීටර් 40ක් රට අභ්‍යන්තරයට මෝර දත් ගෙනවිත් තිබෙන අතර එහි සිදුරු කර නැති මෝර දත් 03ක්ද තිබෙනවා. 

ඒවගේම අමු මැටි ගුලියකින් ඇඹූ සුනඛයෙකුගේ මුහුණක්ද අපට කැණීම් කටයුතුවලදී හමුවුණා. මෙය ක්‍රි.පූ. 4500 ගණන්වලට කාලනිර්ණය වීමේදී අපට පැහැදිලි වන්නේ ඒ කාලය තුළද සුනඛයන් අපේ රටේ සිටි බව. බෙල්ලන්විල පැලැස්සේ පුරාවිද්‍යා කැණීම් මගින් බල්ලන්ගේ ඇටකටු හමුවුණා. සුනඛයා අපේ රටේ සතෙක් නොවේ. ප්‍රථම වතාවට සුනඛයන් ගෘහාශ්‍රිත කළේ යුරෝපයේ සහ අග්නිදිග ආසියාව තුළයි. අපේ රටේ සුනඛයන් සිටියා නම් එය අග්නිදිග ආසියාවෙන් පැමිණි ජන සංක්‍රමණ පෙන්නුම් කිරීමට එය කදිම නිදසුනක් වෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් පමණක් නොව ජන සංක්‍රමණ අග්නිදිග ආසියාවෙන්ද සිදුවුණා. 

අපි කතා කරන භාෂාවෙන් පවා ඒ බව හඳුනාගන්න පුළුවන්. අපි කතාකරන භාෂාවෙන් බහුතරයක් පාලි, සංස්කෘත භාෂා. නමුත් අපේ පුරාණ සංස්කෘතික සෙල්ලිපිවල සඳහන් වෙන වචන බොහොමයක් මෙකී භාෂා ආභාසයට නොගත් වචනයි. ඒ වචන අයිති වෙනත් භාෂා පවුල්වලට. සෙනරත් පරණවිතාන මහතා ඒවා පැහැදිලි කළ නොහැකියි කියා ඉතිරි කර දමා තිබෙනවා. 

මුණ්ඩා භාෂාවත් එවැනිම භාෂාවක්. 'බෝයාව', 'ටොක්ක' යන වචනයන් හින්දු ආර්යය භාෂාවේ නැහැ. අන්දමන් දූපත්වල අය %ටොක්ක^ ලෙස හඳුන්වන්නේ වැරෙන් හිසට පහරදීමයි. අපි මේ වචන අහනවා. අපි ඒවා භාවිත කරනවා. එයින් පැහැදිලි වෙන්නේ අපේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙන අයුරින් අපේ ඉතිහාසය සරල දෙයක් නොව ඉතා ගැඹුරු දෙයක් බවයි. මෙය අතීශය සංකීර්ණ දෙයක්. පසුගිය අවුරුදු 7000ට කලින් ඉන්දියාවෙන් වෙන් වී අප වෙනම භූමියක් අත් කරගැනීමට පෙර ගොඩබිමින් අපේ රටට නොයෙක් සංක්‍රමණ සිදුවුණා. මේ කැණීම් අතර අපට වියපු වට්ටියක් හමුවුණා. මෙය වසර 5000ක් පමණ පැරණි වට්ටියක්. මෙය තිබුණේ පොළෝ මට්ටමේ සිට මීටර එක හමාරක් පමණ ගැඹුරින්. මෙය මෙපමණ කාලයක් දිරාපත් නොවීමට හේතුවක් වූයේ මෙහි දෙපැත්තෙන්ම යම් ද්‍රව්‍යයක් ආලේපනය කර තිබෙන නිසයි. වට්ටිවල බෙලි ගාන සිරිතක් ලංකාවේ ඇර වෙන කිසිම රටක දකින්නට ලැබෙන්නේ නැහැ. මේ සිරිත අපි අවුරුදු දහස් ගණනක අතීතයකින් ගෙන එන්නක් මෙහි ජාන 22ක් දැනට හඳුනාගෙන තිබෙනවා. 
මේ සියල්ලන්ගෙන්ම පැහැදිලි වන්නේ අපට අතීතයෙන් උරුම වූ සංස්කෘතියක් තිබෙන බවයි. ජෛව විද්‍යාත්මක වශයෙන් උරුමයක් අපට තිබෙනවා.
කෙනෙකුට අවශ්‍ය නම් සැබෑ ඉතිහාසය දැනගැනීමට ඉදිරියේදී කැලණිය විශ්වවිද්‍යාලය මගින් සාධනීය විද්‍යාත්මකව ඒ අවස්ථාව ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරනවා.' 

පවින් අන්ධ වූ මිනිසුන්ගේ දෑස් විවර කරන

රට, දැය හා සමය වෙනුවෙන් කැපවෙන්නෝ නූතන සමාජය තුළ සිටිනුයේ අතළොස්සකි. සුවහසක් මිනිසුන්ගේ අන්ධ වූ දෑස් විවර කරමින් යථාර්ථය පෙන්නුම් කර සුමගට මගපාදන්නෝ සිටිනුයේ එයින්ද අතළොස්සකි. එලෙස වැඳපුදා ගැනීමකින් අවසන් නොකර, යථාර්ථය පහදා දෙන විහාරස්ථානයක් ලෙස බදුල්ල කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම මහා ශ්‍රාවක විහාරය හැඳින්විය හැකිය. 


IMG_0486

සිත මෙන්ම ගතද සිසිල් කරවන පරිසරයක පිහිටි මෙම විහාරයට ඇත්තේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 11ක් පමණි. අපාය, මිහින්තලය, දිව්‍යලෝකය ආදිය බෞද්ධයන්ට එකම තැනකින් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි අවස්ථාවක් මෙම විහාරයට පැමිණෙන ඕනෑම කෙනෙකුට අත්විඳීමේ අවස්ථාව උදා වේ. මෙම විහාරස්ථානය මුල් කාලයේ පැවතියේ දැන් තිබෙන භූමියේ පහළ කොටසේය. එය මහාකුඹුරේ විහාරය නමින් හැඳින්විය. නමුත් එය දැන් කැලෑවකින් වට වූ භූමි ප්‍රදේශයක් වී හමාරය. මෙම විහාරස්ථානය ඉදිකරනු ලැබුවේ මෙම ඉඩමේම ඉහළ කොටසේය. නොයෙක් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කළත් මෙහි ස්ථිර විහාරධිපති වහන්සේ කෙනෙකු වැඩ වෙසෙන්නේ 1970 වර්ෂයේදීය. එම නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මෙම විහාරයේ විහාරාධිපති තනතුර හිමිවූයේ ශාස්ත්‍රපති විමලකිත්ති ස්වාමීන් වහන්සේටය. එතැන්පටන් විහාරස්ථානය අලුතින් ඉදිකරනු ලැබුවේ විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ නොපසුබට උත්සාහයෙන් බව අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුය. එවන් යතිවරායණන්වරු ශාසනයට මෙන්ම සමාජයටද සම්පතකි. 
විහාර වාහල්කඩයෙන් ඇතුළු වූ අපට මුලින්ම දැකගත හැකි වන්නේ අප දේශයට  සම්බුද්ධ ධර්මය ගෙන ආ මිහිඳු මා හිමියන් ඇතුළු ශ්‍රාවක පිරිස ප්‍රදර්ශිත මිහින්තලයයි.
විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රකාරය සාදා නිම කිරීම සඳහා වෛද්‍ය රුබේරු මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් විහාරස්ථානයට හිමි විය. එමෙන්ම එම වෛද්‍ය රුබේරු මහතා සහා ඔහුගේ බිරිඳ වන වෛද්‍ය දිල්රුක්ෂි මහත්මියගේ දායකත්වයෙන් විහාරස්ථානයේ ඉදිරි වැඩකටයුතුද සිදුකළ අතර, චෛත්‍යය ඉදිකිරීම සඳහා එම දෙපළ විසින් එක්කෝටි පනස්දහසක මුදලක් පරිත්‍යාග කෙරිණි. මෙය ශාසනය වෙනුවෙන් කළ උත්තුංග පරිත්‍යාගයකි. 
 පසු කලෙක වෛත්‍යය වෙත වැඩම කරන පිළිම වහන්සේලා නෙළීමට සිතූ විමලකිත්ති හිමියන් ඒ සඳහා අච්චුවක් සකස් කර, පිළිම දෙකක් පමණ තනිවම නෙළිම ආරම්භ කළහ. අනතුරුව ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව පිළිම වහන්සේලා 93 නමක් ඉදිකිරීමට හැකි විය. විහාරස්ථානය සතු සෑම ඉඩකඩක්ම ප්‍රයෝජනයට ගනිමින් උන්වහන්සේ මිනිසුන්ට අනිත්‍ය පසක් කිරීම සඳහා නොයෙක් නිර්මාණයන් පන්සල් භූමිය තුළ නිර්මාණය කළහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස බුද්ධ මන්දිරයේ ඉතිරි වූ කුඩා ඉඩක් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රේත වස්තු උමං විහාරයක්ද සකස් කළහ. මෙහි විශේෂයක් වන්නේ මෙම විහාරයේ බිතුසිතුවම් වල දක්නට ඇත්තේ වර්තමානයේ මිනිසුන් විසින් සිදුකරන පව් නිසා ඔවුන්ට ලැබෙන විපාක පිළිබඳ වැටහීමක් ලබාගත හැකි වීමයි. 
විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයේ දහම් පාසලක්ද පවත්වාගෙන යන අතර, දැනට එම දහම් පාසලේ ළමුන් 750ක් දහම් අධ්‍යාපනයේ නිරත වෙති. ස්වාමීන් වහන්සේලා 19 නමක් දැනට මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරති. සිය නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ දා පටන්, විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කළ විමලකිත්ති ස්වාමීන් වහන්සේ බුද්ධශාසනය උදෙසා තම දැනුම, මහන්සිය කැපකළ තෙරුන් වහන්සේ නමකි. සැබැවින්ම මෙවන් යුගයක මෙලෙස ශාසනය වෙනුවෙන් කැපවී ලෝ අනිත්‍ය දහම දෘශ්‍යමානව පෙන්නුම් කරන්නට උත්සාහ දරන ස්වාමීන් වහන්සේලා අප අගය කළ යුතුය. එවන් භික්ෂූන් ජාතියට සම්පතකි. 

IMG_0529

ශාස්ත්‍රපති කහටරුප්පේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ 

'මේ විහාරය අවුරුදු 100කට අධික කාලයක් පැරණි විහාරයක්. නමුත් මේ පන්සල මුල් කාලයේ පැවතියේ මහාකුඹුර පන්සල නමින් පහළ කොටසේ. අතීත රජ කාලයේ මුදල් පවා අච්චු ගැසූ විහාරයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එකල පැවති විහාරස්ථානයේ බුදුගෙය ඉදිකිරීමේදී එහි නේත්‍රා පිංකම තිබෙන අවස්ථාවේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සහ චිත්‍ර ශිල්පියා සමග විරසක වීමක් සිදුවෙලා තිබෙනවා. ඒ මුදල් ගනුදෙනු කිරීමේදී සිදුවූ බහින්බස් වීමක් නිසා. සිතේ තියා ගත්තු එම විරසකය නිසා ඔහු මෙම විහාරස්ථාන බුදු පිළිමයේ නේත්‍රා තබා ඇත්තේ වැරදි විදිහට. ඊට පස්සෙ මේ විහාරස්ථානය හොඳටම පාළු වෙලා ගියා. ස්වාමීන් වහන්සේලා වැඩ සිටියේ නැහැ. ඒ පැත්තේ ගහක් කොළක්වත් හැදෙන්නේ නැහැ. දැනටත් පිළිම වහන්සේ සහ අගසව් දෙනම වැඩ සිටියත් ඒ සියල්ල කැලෑවෙන් වැසී ගොස් තිබෙන්නේ. කවුරුත් යන්නෙත් නැහැ. මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු වුණොත් එය යහපත් දෙයක් කියා මා සිතනවා. IMG_0541

එම ඉඩමේ ඉහළ කොටසේ තමයි අලුත් විහාරය සාදා තිබෙන්නේ. 1970 ගණන්වල මෙහි ස්ථිර වශයෙන් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වැඩ සිට නැහැ. අපේ නායක ස්වාමීන් වහන්සේ කොරසගොඩ නාභිත හාමුදුරුවෝ. උන්වහන්සේ 70 ගණන්වලින් පසුව මෙහි වැඩ සිට තිබෙනවා. උන්වහන්සේ මඩිහේ නායක හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උන්වහන්සේ මේ විහාරස්ථානය ඉදිකිරීමට මූලාරම්භය ගත්තා. නමුත් උන්වහන්සේ 2000 වර්ෂයේ අපවත් වුණා. ඉන්පසු විහාරස්ථානයේ කටයුතු සිදුකළේ මම. 2000 වර්ෂයේ මම පැමිණ මෙහි තිබෙන සියලු දේම අලුතින් ඉදිකළා. 

මුලින්ම බුදු මැදුර සකස් කළා. මගේ සහෝදර හාමුදුරුනමක් විසින් ගෙන ආ ග්‍රන්ථයක තිබූ පෙරවදනක සඳහන් වෛද්‍ය මහත්මයෙකුගේ ලිපිනයට මේ විහාරස්ථානයේ ඉදිරි කටයුතු කිරීම සඳහා ආධාර කර ඉල්ලා ආයාචනාත්මක ලිපියක් යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථානය ඉදිකිරීම සඳහා ඒ මහතා මුදල් පරිත්‍යාග කළා. ඒ මුදල්වලින් සහ ගම්වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කළා. නැවතත් කෝටි එකහමාරක් ඒ මහතා ෙෙචත්‍යයක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළා.  කළුතර චෛත්‍යයේ ආකෘතියට විහාරස්ථානයේ නව ෙෙචත්‍යය ඉදිකළා. ගම්වාසීන්ද මේ සියලු වැඩකටයුතු සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. මේ ඉදිකිරීම් අවසන් වුණහම මට හිතුණා ෙෙචත්‍යයට වඩින අයුරින් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් ඉදිකරන්න ඕන කියලා. ඒ අනුව 93න් නමක් ඉදිකරන්න හැකිවුණා. ඒ වගේම ප්‍රේත ලෝකයකුත් ඉදිකළා. ඊට පස්සේ මට හිතුණා ලංකාවට මිහිඳු හාමුදුරුවන් වැඩම කළ ආකාරය නිරූපණය කරන මිහින්තලය නිර්මාණය කරන්න ඕන කියලා. මේ වන විට අවීචි මහා නරකාදියත් හදමින් පවතිනවා. දිව්‍යලෝකය සහ අපායත් ඉදිරියේදී සකස් කරන්න මම අපේක්ෂා කරනවා. මේ සෑම දෙයක්ම එකම තැනක නරඹන්න බදුලු පුරවරයේ තැනක් නැහැ. ඒ නිසා අලුත් දෙයක් කරන්න ඕන කියලා හිතුණ නිසා මේවා ඉදිකිරීමට පියවර ගත්තා' 

IMG_0456 IMG_0478

මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ සමාජ විද්‍යාත්මක පැතිකඩ

අප අත්දැකීම් ලබාගන්නේ විධිමත් හෝ අවිධිමත් අයුරින් ලබාගන්නා ඉගෙනුම් ක්‍රියාවලිය පදනම් කරගෙනය. මත්ද්‍රව්‍ය සහ මත්පැන් ගැනද ඔබ ඒ ලබන්නා වූ අධ්‍යාපනය මගින්, අරක්කු, සිගරට් හෝ වෙනත් මත්ද්‍රව්‍ය  ගැන ඇති කරගෙන සිටින්නේ කවර ආකාරයේ රූපයක් වුවත්, ඒ පිළිබද බුද්ධිමත්ව සිතීමට මේ වසරේ සිට පුරුදු විය යුතුය. 


Capture

පසුගිය වර්ෂයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ නොයෙක් කතාබහ සමාජයෙන් අසන්නට ලැබුණේ බියර් සම්බන්ධ අයවැය යෝජනා කිහිපයක් කරළියට පැමිණීම නිසාවෙනි. එමෙන්ම තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරනන්නන් නිසා සිදු වූ ගැටලුකාරී තත්ත්වයන්ද සමාජ, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන්නට විය. පුද්ගලයාගේ සෞඛ්‍යයටද එය නිරන්තරයෙන් පීඩා ගෙන දෙන්නක් විය. එවැනි භාවිතයන් මගින් අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපනය කිරීම්ද විශාල වශයෙන් වාර්තා විය. ඒ නිසා මේවා භාවිතයට යොමුවීමට ප්‍රථම ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට හැකිනම් එය ඉතා වැදගත්ය. මේවාට යොමු වී තරුණ ජීවිත විනාශ කරගන්නවාට වඩා රටට වැඩදායී පුද්ගලයෙකු ඔහු හෝ ඇය තුළින් බිහිකළ හැකිනම් එය සැබෑ සාර්ථකත්වයයි. එබැවින් මෙවැනි තහනම් මත්ද්‍රව්‍ය පිළිබඳ නිවැරදි අවබෝධය රටට දිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ සඳහා මිනිසුන් ගොදුරු කරගැනීමට කුමන ආකාරයේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළද එයට හසුනොවීමට අප සබුද්ධික විය යුතුය. ඒ සඳහා සෑමදෙනාම රටක් වශයෙන් පෙළගැසිය යුතුය.  
මේ පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පැවැති අතර, එකී සංවිධානයන්ගේ කාර්යභාරය මේ වර්ෂයේ කිනම් අයුරින් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි. එම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි රාජ්‍ය නොවන සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම්. සමරගේ මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ. 
පුද්ගලයාගේ කායික සහ මානසික ස්වභාවයට බලපෑම් කරන්නා වූත්, සමාජ සදාචාරමය වශයෙන් බලපෑමක් කරන්නා වූත් මත්ද්‍රව්‍ය දුර්භාවිතය සමාජ ප්‍රශ්නයක් ලෙස ලොව බහුල ලෙස හඳුනාගත හැකි දෙයකි. 
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය රාජාණ්ඩු සමය දක්වා දිවයන්නකි. ඉතිහාසයට අනුව අබිං කෑම ලාංකික සමාජයට හඳුන්වා දී ඇත්තේ පෘතුගීසි ජාතිකයන් විසිනි. මේ ආකාරයට ඉතා සුළු වශයෙන් පැමිණි අබිං, ගංජා පිළිබඳ ඉතිහාසය 70 දශකය දක්වා අතීතයකට දිව යයි. 

නමුත් 1977 වර්ෂයේදී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග මෙරට මත්ද්‍රව්‍ය භාවිතයද නවමු මුහුණුවරකින් ආරම්භ වන්නට විය. අද වනවිට ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති එය, මේ වනවිට පුළුල් පරාසයක් පුරා ප්‍රසාරණය වෙමින්ද පවතියි. 
ඒ අනුව ඊට සාපේක්ෂව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතුද ක්‍රියාත්මක වේ. මෙය සිදුකරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හඳුනාගත හැකිය.
ඔවුන්ගේ දත්ත මූලාශ්‍රයන්ට අනුව 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබු මුළු පුද්ගල සංඛ්‍යාව 79,378ක් වේ. නමුත් පසුගිය වර්ෂවල විශේෂයෙන් 2015 වර්ෂයට වඩා 4%ක පහළ යෑමක් ලෙස එය 2016 වර්ෂයේ  හඳුනාගත හැකිය. එයින්ද හෙරොයින්, ගංජා ආශ්‍රිත වැරදි අනෙක් මත්ද්‍රව්‍යවලට වඩා ඉහළ අගයක් ගත් අතර, මෙකී මත්ද්‍රව්‍ය වැරදි බහුලව සිදුවන්නේ බස්නාහිර පළාතේ වීමද කැපී පෙනේ. එය සමස්ත ලංකාවෙන්ම 60%ක ප්‍රතිශතයකි. 

මේ අනුව ගංජා, හෙරොයින්, අබිං, හෂීස්, කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වන දුම්කුඩු, බාබුල්, මදන මෝදක, හාන්ස්, මාවා සහ පාම්පරා සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගත් පිරිස 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ සංඛ්‍යාත්මකව අඩු අගයක් ගනියි. 
ශ්‍රී ලංකා සමාජයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී අපට පැහැදිලි වන්නේ ග්‍රාමීය නාගරික භේදයකින් තොරව සෑම පළාතකම මත්ද්‍රව්‍ය දුර්භාවිතය ව්‍යාප්ත වී ඇති බවයි.  ලංකාවේ 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවේ යම් අඩුවීමක්ද පෙන්නුම් කෙරේ. 

මිනිසා සමාජීය සත්ත්වයෙකු වශයෙන් සෑම විටම අනෙකුත් පුද්ගලයන් හා අන්තර් සම්බන්ධතාවක් දක්වයි. මේ නිසා මෙවැනි දුර්භාවිතයන් පුද්ගලයෙකු වශයෙන් පමණක් මුහුණදෙන දරුණු ව්‍යසනකාරී ප්‍රශ්නයක් සේ අපට සිතිය නොහැකිය. එය ඇත්තෙන්ම සමාජ ප්‍රශ්නයකි. සමාජ වීරෝධී සහ නීතිවිරෝධී චර්යාවක් ලෙස හඳුනාගත හැකි මෙය වටා මේ වනවිට සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වශයෙන් ගැටලු රැසක්ද මතු වී තිබේ. 
ඇතැම් විට මෙකී තත්ත්වය නිසා කායික මෙන්ම මානසික රෝග වැලඳීමේ වැඩි අවදානමක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් ක්ෂය රෝගය, පිළිකා, කහ උණ, හතිය වැනි කායික රෝග පහසුවෙන්ම වැලඳීමේ හැකියාව තිබේ. එවැනි දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් තිබීම අනිවාර්යයෙන්ම රටක ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් සිදු කරයි.

මෙවැනි දුර්භාවිතයන් නිසා එච්.අයි.වී. සහ වෙනත් සමාජ රෝග ඇතිවීමේ අවදානමක්ද ඇති බව ඔබ දන්නවාද? මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම තුළින් එච්.අයි.වී. වෛරසය ඇතුළු වීමේ අවදානමක් පවතියි. එන්නත් කරගන්නා උපකරණ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර හුවමාරු කරගැනීම තුළින් ඔවුන්ගේ ලේ හුවමාරු වීමෙන් යම් පුද්ගලයෙකුට ඒඩ්ස් වැලඳිය හැකිය. ලංකාවේ පළමු වරට එච්.අයි.වී. ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූයේ 1987දීය. 2016 වර්ෂය වනවිට එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 2557ක් වාර්තා වී ඇති අතර, ගැහැනු ළමයින් 917ක්ද ඒ අතරින්  වාර්තා වී තිබේ. එමෙන්ම 2016 වර්ෂය වනවිට එඩ්ස් රෝගය වැලඳී මියගිය සංඛ්‍යාව 414ක් වන අතර, 2016 වර්ෂයේදී පමණක් 47 දෙනෙකු මියගොස් ඇත.  
අනෙක් රටවල්වලට සාපේක්ෂව ලාංකේය කාන්තාවන් මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ යම් අඩුවක් පෙන්නුම් කරයි. නමුත් ඔවුන් මේ සඳහා ඇබ්බැහි වීම් නැත්තේම නොවේ. ලංකාවේ කාන්තාවන් පවා ගංජා, හෙරොයින් භාවිත කිරීමට යොමු වී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිය. මේ නිසා නිරන්තරයෙන් හටගන්නා ගැටුම් මගින් පවුල් සංස්ථාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වන අතර, විශේෂයෙන් මෙයින් පීඩා විඳීමට සිදුවන්නේ අසරණ දරුවන්ටයි. දියණියක, මවක සහ බිරියක යන සමාජ වගකීම් මෙකී දුර්භාවිත තත්ත්වයන් නිසා  ඔවුන්ගෙන් බොහෝ අවස්ථාවල ගිලිහී යාමක් සිදු වේ. මේ නිසා බිඳුණු පවුල් නිර්මාණය වීම එක් ප්‍රතිඵලයක්. 
විශේෂයෙන් පැල්පත් ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි මත්ද්‍රව්‍ය දුර්භාවිතය ඉහළ ප්‍රතිශතයක් ගනියි. 

වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඖෂධ අවභාවිතයද මෙහි විශේෂයෙන්ම දක්නට ලැබෙන්නකි. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වෙළෙඳ සැල්වලින් ලබාගැනීම අපහසු වුවත් මෙය ජාවාරමක් ලෙසින් රට තුළ ක්‍රියාත්මක වේ. නීතිවිරෝධී ලෙසින් මෙරටට ගෙන්වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධි බහුතරයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. මේ අනුව 2016 වර්ෂයේදී මනෝවර්ථක ද්‍රව්‍ය හා වෛද්‍යමය අරමුණු සඳහා භාවිත කරන ඇතැම් ඹෟෂධ මෙසේ තරුණයන් දුර්භාවිත කරන අතර, ඒ අතර ට්‍රැමඩෝල් පෙති බහුල වශයෙන් නීතියේ රැහැනට හසු විය. 

2016 වර්ෂයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 2355 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සේවය ලබාගෙන තිබේ. එය 2015 වර්ෂය හා සාපේක්ෂව බැලීමේදී 59%ක ප්‍රමාණයකි. එමෙන්ම මත්ද්‍රව්‍ය දුර්භාවිත කරමින් මෙකී නීති උල්ලංඝනය කර බන්ධනාගාරගත වූ සංඛ්‍යාව 2016 වර්ෂයේ වාර්තා වන්නේ 24,060කි. එයිනුත් විෂ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා පුද්ගලයන් 10535 දෙනෙකු බන්ධනාගාරගතව තිබේ. 
ලාංකේය ජනයා 2016 වර්ෂයේ අරක්කු මිලදී ගන්නා ප්‍රමාණය පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැඩි අගයක් ගත් අතර, එය 87,789,268කි. මෙය 2015 වර්ෂයේ වාර්තා වූයේ 83,872,311ක් ලෙසිනි. 
මේ අයුරින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෞඛ්‍ය දුර්වලතා මෙන්ම දඬුවම්වලට ලක්වූ පිරිසද එමටය. එනිසා මෙවැනි තත්ත්වයන් අවම කිරීමට සමාජීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු වේ.  
2017 වර්ෂය තුළද මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තීරණාත්මක කරුණු කාරණා රැසක් ගනු ලැබූ වර්ෂයක් විය. බියර් බදු අඩු කිරීම ඉන් කැපී පෙනෙන්නකි. අරක්කු බොන ප්‍රතිශතය වැඩි නිසාවෙන් මෙවැනි තීරණයක් ගත් නමුත් එහි බියර් බීමේ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවේද, නැතිනම් අරක්කු බොන ප්‍රමාණයේ අඩුවක් සිදුවේද යන්න තවමත් ප්‍රහේලිකාවකි. කෙසේ නමුත් මෙවැනි යොමු වීම් මගින් දිර්ඝකාලීන ප්‍රතිඵලයක් ලෙස තහනම් වූ මත්ද්‍රව්‍ය කෙරේ තරුණ ප්‍රජාව යොමු වීමේ අවදානමක් පවතියි. එනිසා ඔවුන්ට මේ පිළිබඳ නිසි මාර්ගෝපදේශනයක් ලබාදිය යුතුය.   

කෙසේ නමුත් මෙරට ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය තහනම් කර තිබුණත් ඒවා ගෙන්වීම සහ සමාජයේ මිනිසුන් අතර ඒවා ව්‍යාප්තියේ අඩුවක් සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි. එනිසා ප්‍රතිපත්ති සෑදූ පමණින් ඒවා රටින් තුරන් කිරීම පහසු ක්‍රියාවක් නම් නොවේ. රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනයන්ගේ සහාය සහ ක්‍රියාකාරීත්වය සක්‍රීයව සිදුවිය යුතුය. එමෙන්ම ඒ සඳහා මහජනතාවද සහාය ලබාදිය යුතු අතර, එමගින් මෙවැනි මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ අවම මට්ටමකට ලංකාව ගෙන ඒමට අපට හැකියාව ලැබේ. 

ගංජාවලට ඇබ්බැහිවූවන් 50,000 ට ආසන්නයි

මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු
සභාපති – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

'මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයන්ට අප සංවිධානයට කළ නොහැකි විශේෂ සේවාවක් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් පසුගිය වර්ෂවලදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ක්‍රියාකාරීත්වය තරමක් අඩු වී තිබෙනවා. අනාදිමත් කාලයක පටන් පැවත එන මේ මත් උවදුර 1964 හෙරොයින් මෙරටට පැමිණිමත් සමග උග්‍ර තත්ත්වයකට පත් වුණා. ඒ වගේම මේ උවදුර දැන් වෙනත් අයුරකින් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. හෙරොයින්වලට ඇබ්බැහිවූවන් ලංකාවේ 50,000කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජාවලට ඇබ්බැහිවූවන් ලංකාවේ ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් සිටින බව වාර්තාගත දත්තවලින් පෙනී යනවා. 2016 වර්ෂයේ පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු රාජ්‍ය සංවිධාන හෙරොයින් වෙළෙඳාමේ යෙදෙන 27,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා වෙළෙඳාමේ යෙදෙන 47,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් මේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යනවාට වඩා බරපතළ තත්ත්වයක් ලංකාවේ තිබෙන්නට පුළුවනි. 
ලංකාවේ ඇති වී තිබෙන නවතම තත්ත්වය තමයි ඖෂධ වර්ග අවභාවිත කිරීම. වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිත වන  වේදනානාශක මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ට්‍රැමඩෝල් දැන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.  වාරියපොළ පොලීසිය මගින් සිදුකළ වැටලීමකදී එවැනි වේදනානාශක පෙති 8000ක් අත්අඩංගුවට ගනු ලැබුවා. වෛද්‍යවරුන් නිර්දේශ කරන ට්‍රැමඩෝල් පෙත්තක තිබෙන සාමාන්‍ය බර මිලිග්‍රෑම් 50ක් වන නමුත් මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දියාවෙන් ගෙන්වන ලද ට්‍රැමඩෝල් පෙත්තක බර මිලිග්‍රෑම් 225ක් වෙනවා. නමුත් මෙලෙස පොලීසිය විසින් එවැනි ඖෂධ අත්අඩංගුවට ගත්තද උසාවියට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්.'

ප්‍රජා පොලිස් කමිටුව මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක් ලෙසට ඉදිරියේදී

නලීන් අමරසිංහ
සම්බන්ධීකාරක  – මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය

'මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මේ වනවිට ශ්‍රී ලංකාව පුරාවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකරාශී කර ගනිමින් ජනාධිපති කාර්යසාධක බළකාය දීප ව්‍යාප්තව කටයුතු කරගෙන යනවා. අප විසින් ලංකාවේ සෑම ගමකම මේ වනවිටත් ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් කමිටුව මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එසේම ගම තුළ තිබෙන සියලුම ස්වේච්ඡා සමිතිද මේ හරහා එකතු කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකරාශී වෙමින් තිරසර පාසල් වැඩසටහන යටතේ පාසල නියෝජනය කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සිදු කිරීමටද කටයුතු කරනවා. මේ සඳහා පාසලේ සියලු පාර්ශ්වයන් ආවරණය වන පරිදි එය දියත් කිරීමට කටයුතු කරන අතර, දහම් පාසල් මගින්ද මේ පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් කටයුතු කෙරෙමින් පවතිනවා.'

රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබූ පමණින් එය ප්‍රමාණවත් නොවේ 

වෛද්‍ය සරත් එම්. සමරගේ 
සභාපති – මත්ද්‍රව්‍ය භාවිතයට එ‍ෙරහි රාජ්‍ය නොවන සංවිධානයන්හි ඒකාබද්ධ සම්මේලනය

'මත්ද්‍රව්‍ය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබූ පමණින් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් වී තිබෙන්න ඕන. මීළඟට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සේවා තිබෙන්නට අවශ්‍යයි. මාධ්‍ය සන්නිවේදනයද එහිදී ඉතාම වැදගත් වෙනවා. 
මහජන සෞඛ්‍ය අංශයෙන් මත්ද්‍රව්‍ය භාවිතය අපි හඳුනාගැනෙන්නේ රෝගයක් ලෙසින්. ඒ නිසා රෝගයක් ඇති වීම වැළැක්වීමට ගැනෙන්නා සේ එය අවම කිරීමට, ප්‍රථමයෙන් රෝගකාරකය නැති කිරීමට අවශ්‍යයි. ලංකාවට එන මත් ඖෂධ සීමා කරන්න, අඩු කරන්න, නැති කරන්න අවශ්‍යයි. අනෙක් කාරණය නම් මෙයට ගොදුරු වන පිරිස ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට හුරු නොකරන පරිසරයක් ගොඩනගන්න අවශ්‍යයි. මේ ත්‍රිත්වයේ ඇති අන්තර් සම්බන්ධතාව ඇති කිරීමට හැකි නම් මේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඇති ගැටලුව ඉවත් කිරීමට අපට පුළුවන්. මත්ද්‍රව්‍ය නිවාරණය යන්න සන්තතියක්. ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික වශයෙන් එය සිදුකළ හැකියි.' 

 

‘අනාගතයේ පුවත්පතේ ආකෘතිය වෙනස් වූවත් ඉල්ලුමේ අඩුවක් සිදු වන්නේ නැහැ’

එක් ආකාරයකින් කලාත්මක වූත්, තවත් ආකාරයකින් කර්මාන්තයක් වූත් පුවත්පත් අදටත් ජනප්‍රිය වී ඇති බව නම් නොරහසකි. වඩා කාර්යක්‍ෂම වූත්, ආකර්ෂණීය වූත් සන්නිවේදන තාක්‍ෂණය අභිමුඛයේ පුවත්පත අදටත් නොනැසී පවතින්නේ ඉපැරණිම මාධ්‍යයක් ලෙසින්ය. මේ කෙරෙහි මිනිසුන් දක්වන විශ්වාසය කොතෙක්ද කිවහොත් එය සමාජයෙන් බැහැර කළ නොහැකි සංස්කෘතිකාංගයක් බවටද පත්ව හමාරය. මේ අයුරින් නොනැසී ස්වකීය ජනප්‍රියතාව තවමත් රැක ගනිමින් ඉදිරියට ගමන් කරන්නා වූ පුවත්පතේ ගෝලීය මෙන්ම ලාංකේය භූමිකාව පිළිබඳ විමසීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු. 


o-NEWSPAPERS-facebook

ලෝකයේ ජනමාධ්‍ය අතරින් ජනප්‍රියම මාධ්‍ය වන්නේ මුද්‍රිත මාධ්‍යයි. අපි දන්නා පරිදි අවුරුදු 200ක්, 300ක් සිට පැවැති එකී මාධ්‍ය අතරින් පුවත්පතට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමේ සිට මේ දක්වා කාලය තුළ කිසියම් ලෙසකින් පුවත්පත්, සඟරා යන මුද්‍රිත මාධ්‍යය සමාජයේ පැවැත එන්නකි. සාමාන්‍ය අදහස නම් අලුත් මාධ්‍යයක් පැමිණන විට ඒ මාධ්‍යය නිසා සමාජයේ තිබෙන වෙනත් මාධ්‍යය යටපත් වෙනවා කියන කාරණය. උදාහරණයක් ලෙස අප ගත් විට ගුවන්විදුලියේ ආගමනයත් සමග බොහෝ පුද්ගලයන් පැවසුවේ පුවත්පත් මාධ්‍යය බිඳවැටෙයි කියා. අවසානයේ රූපවාහිනිය ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයක් ලෙස  පැමිණීමත් සමග බොහෝ අයගේ මතය වුණේ අනෙක් මාධ්‍ය සියල්ල යටපත් වෙයි කියා. රූපවාහිනියේ පැමිණිම බොහෝ අය පැවසුවේ පුවත්පත් මාධ්‍යය සම්පූර්ණයෙන්ම නැති වේවි, පුවත්පත් කියවන්නන් අඩු වේවි වගේ මතයන්. නමුත් සමාජ විකාශනය දෙස බැලූ විට එක් එක් මාධ්‍යය ඒ ඒ මාධ්‍යයට හිමි අනන්‍යතාව අනුව සමාජයේ තහවුරු වෙලා තිබෙන  බව මෙම සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන කාරණයක්. එක් මාධ්‍යයක් අනෙක් මාධ්‍යයට වඩා ගුණාත්මක ලක්‍ෂණ තිබුණත්, සමාජය තුළ ඒ මාධ්‍යය ඉල්ලන, එකී මාධ්‍යය ඇසුරු කරන ප්‍රමාණයක් සිටිනවා. කෙසේ නමුත් වර්තමානය දෙස බැලීමේදී විශේෂයෙන් 90 දශකයේ මැද භාගයේ ලෝක ව්‍යාප්ත ජාලය (www) පැමිණීමෙන් පසුව වෙබ් අඩවි මගින් තොරතුරු අදහස් පැතිරීම තිබූ තත්ත්වයට වඩා පුළුල් වීමක් සිදු වුණා. 

බොහෝ විට පුවත්පත්වල ස්වභාවය නැතිවී යයි, ගුවන්විදුලි හඬ නැතිවී යයි, රූපවාහිනී යන්ත්‍රයක් අවශ්‍ය නොවී එය වෙබ් අඩවියකින් බලා ගැනීමේ තත්ත්වයක් උදා වෙයි ආදී වශයෙන් සමාජය තුළ නොයෙකුත් අදහස් ගලාගෙන ගියා. අද අපි දකිනවා විශාල ප්‍රමාණයක් වෙබ් අඩවි බිහි වෙලා, සමාජ මාධ්‍යය ජාල පුළුල් වෙලා, ජංගම දුරකථනය සහ නව මාධ්‍යය අතර සම්බන්ධතාව ඇති වී වසර 10කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන බව. අන්තර්ජාල වෙබ් අඩවි පැමිණ දැන් වසර 35ක් පමණ ගත වී තිබුණද, තාක්‍ෂණික ප්‍රවණතා අතරේ තවදුරටත් මේ සියලු මාධ්‍යය ස්වකීය අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් ගමන් කර තිබෙන බව පැහැදිලි කාරණයක්.

මේ අතරින් පැරණිම මාධ්‍ය වන පුවත්පත් මාධ්‍යය ලෝකයේ වැඩිපුරම අභියෝග ලක්ව ඇති මාධ්‍යය වශයෙන් හඳුන්වන්න පුළුවන්. දෛනිකව මිලදීගත යුතු, දෛනිකව ලබාගත යුතු මාධ්‍යයක් ලෙස පුවත්පත් මාධ්‍ය හඳුනා ගන්න පුළුවන්. අනෙකුත් මාධ්‍යවල මෙවැනි අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. අනෙකුත් මාධ්‍යවල යම් ප්‍රමුඛත්වයක් මගින් අවශ්‍ය තැනට කැඳවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් පුවත්පත් මාධ්‍යය ලබා ගැනීම සඳහා යම් වේලාවක් වෙන් කරන්න අවශ්‍ය වෙනවා සේම ඒ වෙනුවෙන් යම් පිරිවැයක්ද දැරීමට සිදු වෙනවා. තාක්‍ෂණික ප්‍රවණතා අනුව මෙම තර්ජනය මුද්‍රිත මාධ්‍යයට ප්‍රබලයෙන් එල්ල වූ දෙයක්. 26552958_571372396529339_1836784783_n

ඒ අදහස තිබුණත් අප සමස්තයක් ලෙස බැලූ විට ලෝකයේ බටහිර රටවල පුවත්පත් මාධ්‍යයේ යම්කිසි පිළිගැනීමක් තිබෙන බව පැවසිය හැකි කරුණක්. බටහිර රටවල වැඩිහිටි ජනගහනය අතර තවමත් පුවත්පත් ජනප්‍රියයි. එයට හේතුව වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ දෛනික ජීවිතයේ එක් කොටසක් ලෙසයි ඔවුන් පුවත්පත හඳුන්වන්නෙ. ඇතැම් නිවාසවල උදෑසන ආහාරය ගන්නා වේලාවේ පුවත්පත කියවමින් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් උදෑසන ආහාරය ගැනීම සිදු කරනවා. කාලයත් සමග මෙය ආහාර මේසයේ අනිවාර්යය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ විදියට තමයි පුවත්පත සංස්කෘතික කොටසක් බවට පත්ව තිබෙන්නෙ. 

නමුත් තරුණ ප්‍රජාව පුවත්පත් මාධ්‍යයෙන් මඳක් මිදුණත්, මුද්‍රිත මාධ්‍යයේ තවදුරටත් රැඳී සිටීමේ ප්‍රවණතාවන් දක්නට තිබෙනවා. යුරෝපයේ සඟරා මාධ්‍යය තවමත් ඉතාම ජනප්‍රියයි. 2016 වර්ෂයේ අවසන් කාලයේ ඇති සංඛ්‍යාලේඛන පිරික්සීමේදී පෙනී යන කාරණයක් වන්නේ ලෝකයේ පුවත්පත් කියැවීම 05෴කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අයුරින් පුවත්පත් කියැවීම වර්ධනය වී තිබෙන්නෙ ආසියානුකරයේ පුවත්පත් විකිණීමේ සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතින නිසා. 
යුරෝපයේ යම්යම් පුවත්පත් සමාගම් නොයෙක් කාලසීමාවල වසා දමනවා. නමුත් ආසියානු කලාපයේ විශේෂ ලක්‍ෂණයක් නම් පුවත්පත් නිරන්තරයෙන් ආරම්භ වීමයි. නව පුවත්පත් මෙන්ම නව පුවත්පත් සමාගම් ආරම්භ වීම නිසා 2015 වර්ෂයට සාපේක්‍ෂව පුවත්පත් ක්‍ෂේත්‍රයේ වර්ධනයක් අත්කර ගැනීමට ආසියානු කලාපයේ රටවල් බොහෝමයකට හැකිව තිබෙනවා. ලෝක පුවත්පත් සංගමය ඇස්තමේන්තු කර තිබෙන පරිදි ලෝක ජනගහනයෙන් බිලියන 2.7ක් පුවත්පත්වල මුද්‍රිත පිටපත් කියවන බව අනාවරනය කර තිබෙනවා. මෙය ඇත්තෙන්ම ඉතා ඉහළ අගයක්. මේ ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී, පුවත්පත තවදුරටත් පැහැදිලි මාධ්‍යයක් බවට පත්ව ඇති බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ලෙස තවත් ඉදිරියට ගොස් අප බැලුවොත් අපට අනුමාන කළ හැක්කේ සැබැවින්ම අභියෝගයට ලක්ව ඇත්තේ පුවත්පතේ මුද්‍රිත පිටපත පමණක් වන බවයි.

පුවත්පතේ මුද්‍රිත කොටස අභියෝගයට ලක්වුවත් පුවත්පත කියන දෙය තවමත් මාධ්‍යයක් ලෙස තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇමෙරිකාවේ 2017 වර්ෂයේ මුල් කාලයේ කළ සමීක්‍ෂණ තුළින් අනාවරණය වෙන්නේ කිසියම් ලෙසකින් ඇමෙරිකානු ජනගහනය මිලියන 169ක් පුවත්පත් කියවන පුද්ගලයන් ලෙසයි. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ ඒ මිලියන 169ම මුද්‍රිත පිටපත කියවනවා කියලා. ඔවුන්ගේ සමීක්‍ෂණ මගින් අනාවරණය කර දක්වන්නේ මුද්‍රිත පිටපත කියවන්නන්, වෙබ් පිටපත කියවන්නන් සහ ජංගම දුරකථනයෙන් පුවත්පත කියවන්නන් යන පාර්ශ්ව ත්‍රිත්වයම ගැනයි.

නමුත් මේ පාර්ශ්ව ත්‍රිත්වයම  කියවන්නේ පුවත්පතේ සංස්කරණය. පුවත්පතේ පිටු පෙරළා නොබැලීම ඒ රටවල බහුලව තිබෙන දෙයක්. ඔවුන් නව මාධ්‍යයට පැමිණ වුවත් සොයනු ලබන්නේ තමන් දන්න තමන්ට හැරු පුරුදු පුවත්පතයි. ප්‍රධාන ඇමෙරිකානු පුවත්පත වන %නිව්යොර්ක් ටයිම්ස්^ පුවත්පත, %ද වෝල් ස්ට්‍රීට් ජර්නල්^ යන පුවත්පත් දෙකට තිබෙන ඉල්ලුම සෑම විටම ඉහළ යන්නේ අප සාකච්ඡා කරන  මුද්‍රිත මාධ්‍යය, වෙබ් සහ ජංගම දුරකථන යන පාර්ශ්ව ත්‍රිත්වය සදහාමයි. මුද්‍රිත පිටපත කියවන ප්‍රමාණයේ අඩුවක් තිබුණත් පුවත්පත කෙරේ කිසියම් කැමැත්තක් ජනතාව අතර ඇතිව තිබෙනවා. 

මෙවැනි කැමැත්තක්, උනන්දුවක් ඇතිව තිබෙන්නේ කුමක් නිසාද යන්න අපි විමසා බැලිය යුතුයි. නව මාධ්‍යය පැමිණ ජනප්‍රිය වී තිබුණත් විශ්වාසනීයත්වය යන සාධකයේදී බොහෝ දුරට ප්‍රමුඛතාවට පත්ව තිබෙන්නේ පුවත්පතයි. යම්කිසි දෙයක් මිනිසුන්ට පිළිගත හැකිවන අයුරින් තර්කානුකූලව ඒ සඳහා හොඳම උදාහරණ භාවිත කරමින් තවදුරටත් තිබෙන්නේ පුවත්පත්වල පමණක් බව මිනිසුන් විශ්වාස කරන දෙයක්.  මුද්‍රිත පිටපත නොවුණත් වෙනත් මාධ්‍යය ඔස්සේ වෙනස් ලෙසකින් හෝ පුවත්පත ඇතුළු කරන්නේ ඒ බැවින්. 
ලෝකයේ පුවත්පත්වල අලෙවිය වැඩියෙන්ම තිබෙන රටවල් පහ ගතහොත් ඉන් තුනක්ම ආසියානු රටවල් වීම සුවිශේෂී කාරණයක්. වැඩිම පුවත්පත් අලෙවියක් සිදුවන්නේ චීනයේ. එය මිලියන 93ක් පමණ වෙනවා.  මිලයන 78ක් පමණ අලෙවි කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නේ ඉන්දියාවයි. ජපානය මිලියන 70ක් පමණ අලෙවි කරනවා. ඒ අනුව ලෝකයේ  වැඩියෙන්ම පුවත්පත් අලෙවි වන රටවලින් පළමු, දෙවැනි සහ තෙවැනි යන ස්ථාන තුනම වාර්තා වෙන්නේ ආසියානු කලාපයෙන්. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 55ක් පමණ අලෙවි වෙනවා. මේ ආකාරයෙන් තමයි ලෝකයේ පුවත්පත් වැඩියෙන්ම අලෙවි වන රටවල දත්ත සඳහන් වෙන්නෙ. 

ඒ අනුව අනෙකුත් රටවලට සාපේක්‍ෂව ආසියානු කලාපයේ මුද්‍රිත  පුවත්පත් කියැවීමේ ප්‍රවණතාව අනෙකුත් කලාපවල තිබෙන රටවලට වඩා වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. 
ඉන්දියාව පුවත්පත් අලෙවිය අතින් සිටින්නේ දෙවැනි ස්ථානයේ. ඉන්දියාව සාක්‍ෂරතාව අතින් යම් අඩු මට්ටමක තමයි සිටියේ. නමුත් 21 වැනි සියවසේ ආරම්භයේදී ඔවුන් සාක්‍ෂරතා මට්ටම යම් ලෙසකින් වර්ධනය කර ගැනීමට සමත් වුණා. එහි සුවිශේෂීත්වය වෙන්නේ ඉන්දියාව තුළ පුවත්පත් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තිබෙනවා සාක්‍ෂරතාවෙන් ඉහළටම ගිය. උදාහරණයක් වශයෙන් කේරළ ප්‍රාන්තය හඳුනා ගන්න පුළුවන්. %මලයාල^, %මනරාම^ වැනි පුවත්පත් තමයි එහි වැඩිම අලෙවියක් තිබෙන පුවත්පත් වෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාදේශීය භාෂා විශාල ගණනාවක් තිබෙන නිසා ඒ ඒ භාෂාවලින් නිකුත් කරන පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 
ඉංග්‍රීසි භාෂාව භාවිත කරන පිරිසකුත් ඉන්දියාවේ සිටිනවා. ඒ කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක්ද මුද්‍රණය වෙනවා. භාෂා විවිධත්වය සහ සාක්‍ෂරතා මට්ටමේ වර්ධනය නිසා පුවත්පත් වැඩිම වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ඉන්දියාව අපට  හඳුනා ගන්න පුළුවන්. 

ලංකාවේ පුවත්පත් මාධ්‍යය ගතහොත් එය ඉතා හොඳ මාධ්‍යයක් ලෙස දැනට පවත්වාගෙන යනවා. මහ බැංකු වාර්තාවල තිබෙන පරිදි ගෘහ ඒකක සමීක්‍ෂණයකදී වැඩිපුරම නිවාසවල ඇති මාධ්‍යය ලෙස රූපවාහිනී මාධ්‍යය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පළමු ස්ථානය රූපවාහිනියටත්, දෙවැනි ස්ථානය ගුවන්විදුලියටත් හිමි වී තිබෙනවා. පුවත්පතට  හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. 

නමුත් අපට පැහැදිලිව පෙනෙනවා ගත වූ වර්ෂයක් වැනි කාලය තුළ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් පාඨකත්වයේ පැහැදිලි වර්ධනයක් හඳුනාගත හැකි බව. 2015 වර්ෂයේදී සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් රැගෙන බලන විට පුවත්පත් පිටපත් අලෙවි වී ඇත්තේ මිලියන 508ක්. නමුත් 2016 වර්ෂයේදී මිලියන 538ක් අලෙවි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය මිලියන 30ක පුවත්පත් පිටපත් වර්ධනයක්. මේ නිසා සමාජයේ පුවත්පත් මාධ්‍යයේ ඉල්ලුම අඩුවීම පිළිබඳ කියන කාරණා අපට පිළිගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මොකද එක අවුරුද්දක් ඇතුළත පුවත්පත් පිටපත් මිලියන 30ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිසා. නමුත් දෙමළ පුවත්පත්වල යම් බිඳවැටීමක් දක්නට තිබෙනවා. 

රූපවාහිනය, ගුවන්විදුලිය යන මාධ්‍යය විශාල මුදලක් යොදවමින් ප්‍රවර්ධන උපායන් සකස් කර එය පවත්වාගෙන යන අතරතුර තමයි පුවත්පත් ටිකෙන් ටික මෙවැනි වර්ධනයක් අත්කර ගෙන තිබෙන්නෙ. ඉතින් අපි සලකා බැලුවොත් මෙවැනි දෙයක් සිදුවෙන්න හේතු මොනවාද කියා ඉන් එකක් තමයි ලංකාවේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය, සෞඛ්‍ය පහසුකම් වර්ධනය වීම, රටේ ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ දියුණු වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම වැනි කරුණු කාරණා නිසා මිනිසුන්ගේ ආයු අපේක්‍ෂාව හෙවත් ජීවත් වීමේ කාලසීමාව ඉක්මවා ගොස් තිබෙනවා.  අවුරුදු 55ට වැඩි වැඩිහිටි කාණ්ඩය විසින් මාධ්‍යය අතරින් වැඩිහුරුවක් දක්වන්නෙ පුවත්පත් මාධ්‍යයටයි. පුවත්පත් කියැවීම ඔවුන් ජීවිතයේ කොටසක් බවට පත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අලුතින් පැමිණෙන පුවත්පත් ලබා ගැනීමට ඔවුන් යම් උනන්දුවක් දක්වනවා.

දෙවැනි කාරණය තමයි විශ්වසනීයත්වය කියන කාරණය. මොනතරම් දේවල් නව මාධ්‍යය මගින් ආනාවරණය කළත්, විශ්වසනීයත්වය අතරින් පුවත්පත තමයි කැපී පෙනෙන්නේ. ආචාරධර්ම පද්ධතිය ගත් විට රූපවාහිනය, ගුවන්විදුලිය යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් මතුව තිබෙනවා. නව මාධ්‍යය වුණත් වැඩි අවධානයක් යොමු කරන්නේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැනි කාරණාවලටයි. ඒ මාධ්‍යය තුළ සත්‍ය ලෙසම ප්‍රවෘත්තියේ වටිනාකම සහිතව ඉදිරිපත් කිරීමේ ගුණයක් නැහැ. ඒ නිසා විශ්වසනීයත්වය තවදුරටත් තිබෙන්නේ පුවත්පත් මාධ්‍යය තුළයි. එය ඕනෑ තරම් සමීක්‍ෂණ මගින් ඔප්පු වූ කාරණයක්. 

අනෙක් කාරණය තමයි දීර්ඝ කාලයක් පැවැති සම්ප්‍රදාය. පවුල් මට්ටම් තුළ ඉගෙනීමට යොමු වූ පුද්ගලයා දීර්ඝ කාලීනව පුවත්පත් මිලදී ගන්නවා. එක පුවත්පතකින් තව පුවත්පතකට මාරු වෙනවා. පුවත්පත්වල ඇති අතිරේක, විවිධ කොටස් එකතු කරමින් සම්ප්‍රදායක් ලෙස පුවත්පතට හුරු වූ කණ්ඩායමක් සිටිනවා. මෙවැනි ප්‍රවණතා පුවත්පත පවතින්න එක හේතුවක් වී තිබෙනවා. 
ඒවගේම තමයි නිරන්තරයෙන් නව පුවත්පත් බිහිවීම. ලෝකයේ ඇතැම් පුවත්පත් සමාගම් මේ අවසන් පුවත්පත් මුද්‍රණය බවට ප්‍රකාශයට පත් කරමින් පුවත්පත් මුද්‍රණය නතර කර දමනවා. %ද ඉන්ඩ් පෙන්ඩන්ට්^ පුවත්පත මීට වසර 02කට ප්‍රථම අවසන් මුද්‍රණය සිදු  කරමින් මුද්‍රණ කටයුතු නතර කර දැම්මා. ඉන් පසු එය වෙබ් පුවත්පතක් පමණක් වුණා. 

නමුත් ලෝකයේ එවැනි දේ සිදුවුණත් ලංකාවේ නිරන්තරයෙන් අලුතින් පුවත්පත් ආරම්භ වීම සිදු වෙනවා. දේශපාලන පුවත්පත්, සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුවත්පත්, ප්‍රධාන දිනපතා සතිඅන්ත පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනපතා පුවත්පත් 12ක් ලංකාවේ දැනට මුද්‍රණය වෙනවා. මේ ආකාරයෙන් දිනපතා ජාතික පුවත්පත් 12ක් මුද්‍රණය වීම ඉතා හොඳ තත්ත්වයක්. 
මේ කාරණා රැසක් සමග පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අපේ රටේ පුවත්පත් අලෙවිය තවදුරටත් ඉතා ජනප්‍රියව පවතින බවයි. මෙය මනින්න ලෝකයේ යම්යම් දර්ශක සකස් කර තිබෙනවා. එවැනි දර්ශක අතරිනුත් අපි සිටින්නේ ප්‍රගතිශීලී මට්ටමක. ඉදිරිපත් කර ඇති දත්ත පදනම්ව අද ලංකාවේ ජනගහනයෙන් 1000කට දිනපතා පත්තර 62ක් ලැබෙනවා. මෙය යම්කිසි ලෙසකින් හොඳ මට්ටමක්. ලංකාවේ දිනපතා පුවත්පත්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සතිඅන්ත පුවත්පත්වලට. ජනගහනයෙන් 1000ට සතිඅන්ත පුවත්පත් පිටපත් 115ක් ලැබෙනවා. මෙය පුවත්පත් අලෙවි ක්‍ෂේත්‍රයේ 11%ක පමණ වර්ධනයක්. 

ලංකාවේ පුවත්පත් පිළිබඳ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී පුවත්පත් ව්‍යාප්තියේ වේගයක් තිබෙන බව පැහැදිලි වෙනවා. ලංකාවේ පුවත්පත් ගණනාවක් තිබෙන අතර, සෑම වර්ෂයකම පුවත්පත් එකක් හෝ දෙකක් අලුතින් පැමිණෙනවා. ඇතැම් පුවත්පත් ආයතන දිනපතා හෝ සතිඅන්ත වශයෙන් පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරන්නේ ඉතාම තරගකාරී අයුරින්.  මෙවැනි දේවලට යොමු වෙන්නෙ පුවත්පත්වලට ඇති ඉල්ලුම වැඩි නිසා. දේශපාලන මත, වාණිජ හෝ වෙනත් අරමුණු මත අනුව එක් එක් ආකාරයෙන් පුවත්පත්වල තිබෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. රටේ සෑම පුවත්පතකටම යම්කිසි පාඨක කණ්ඩායමක් සිටිනවා. ප්‍රවෘත්ති බෙදා හැරීමේදී දිනපතා, සතිඅන්ත පුවත්පත් පිළිබඳ පමණයි අප සාකච්ඡා කළේ. නමුත් වෙනත් විශේෂාංග පුවත් සඳහාද පුවත්පත් එයට විශේෂිතව බිහි වීමක් සිදුවෙනවා. කාන්තාවන් සඳහා, ළමයින් සඳහා තිබෙන පුවත්පත්, තරුණයන් සඳහා තිබෙන පුවත්පත් රැසක් ඒ ඔස්සේ බිහිවී තිබෙනවා. එයත් යම්කිසි ලෙසකින් වර්ධනය වී තිබෙනවා. ප්‍රාදේශීය පුවත්පත්වලටත් යම්කිසි උනන්දුවක් ලංකාව තුළ තිබෙනවා. උතුරේ පුවත්පත් 03ක් හෝ 04ක් තිබෙනවා. නමුත් අලුත් පුවත්පත් නිරන්තරයෙන් බිහිවෙනවා. ගම්පහ, ගාල්ල වැනි ප්‍රදේශවල යම්කිසි ලෙසකින් ප්‍රාදේශීය පුවත්පත් ලියාපදිංචි වී පවත්වාගෙන යනවා. ඒ නිසා ලංකාවේ පුවත්පත් පිළිබඳ කාරණා ලෝකයේ අනෙකුත් රටවල් සේ එකට සසඳන්න බැහැ. මොකද සාක්‍ෂරතාව වුණත් ලංකාවේ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා. 

ඒ වගේම පුවත්පත් සඳහා ඇති ඉල්ලුම තවත් මාධ්‍යය පැමිණීමෙන් බිඳවැටෙයි කියා මා කිසිසේත් සිතන්නේ නැහැ. පුවත්පත් මාධ්‍යය තවදුරටත් ජනප්‍රිය මාධ්‍යයක් ලෙස පවතිනවා. නමුත් එහි ආකෘතිය, ප්‍රවෘත්ති ලියන ආකාරය, විශේෂාංග රචනය සහ පිටු සකස් කිරීමේ නවීන ක්‍රම, ඡායාරූප සඳහා විශාල ඉඩකඩක් ලබාදීම, පාඨකයාගේ අදහස් දැක්වීම්වලට ඉඩකඩක් ලබාදීම වැනි දේවල පරිවර්තනයන් සිදුවිය හැකියි. කඩදාසිවලින් තොර පුවත්පත් කියන දේ සඳහා ඇතැම් විට පුවත්පත් කලාව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. පුවත්පත් ව්‍යාපාරික ස්වරූපයෙන්ද වෙනස්කම්වලට ලක්වෙන්න පුළුවන්. සමහර සමාගම් පුවත්පත් නොමිලේ බෙදා හරින්න කටයුතු කරන්න පුළුවන්. ලෝකයේ දැන් ආරම්භ කර තිබෙන නවතම ව්‍යාපාරික ආකෘතිය තමයි දැන්වීම්වලින් සියල්ල සිදුකර පුවත්පත මිලක් අය නොකර කැමැති කෙනෙකුට රැගෙන යෑමට හැකිවන පරිදි නොයෙකුත් ස්ථානවල තැබීමයි. එවිට පාඨකයා එය රැගෙන යනවා. එවැනි ක්‍රමවේදවලට ඉදිරියේදී මාරු වෙන්න පුළුවන්. පුවත්පතේ හැඩය වෙනස් වෙමින් පුවත්පත අලුත් ලෙසකින් පැමිණෙන්නත් පුළුවන්. නොයෙක් අනාවැකි කියන්නන් වර්ෂ ආරම්භයේ කියන දෙයක් තමයි මේ අවුරුද්දෙන් පසුව පුවත්පත කියන මාධ්‍යය නැති වෙනවා යන කාරණය. නමුත් මේ ගෙවෙන සියවස තුළත් අපට පැහැදිලි වෙන්නේ පුවත්පත් මාධ්‍යය තවදුරටත් ශක්තිමත් වන බවයි.

නමුත් මේ පාර්ශ්ව ත්‍රිත්වයම  කියවන්නේ පුවත්පතේ සංස්කරණය. පුවත්පතේ පිටු පෙරළා නොබැලීම ඒ රටවල බහුලව තිබෙන දෙයක්. ඔවුන් නව මාධ්‍යයට පැමිණ වුවත් සොයනු ලබන්නේ තමන් දන්න තමන්ට හැරු පුරුදු පුවත්පතයි. ප්‍රධාන ඇමෙරිකානු පුවත්පත වන %නිව්යොර්ක් ටයිම්ස්^ පුවත්පත, 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' යන පුවත්පත් දෙකට තිබෙන ඉල්ලුම සෑම විටම ඉහළ යන්නේ අප සාකච්ඡා කරන  මුද්‍රිත මාධ්‍යය, වෙබ් සහ ජංගම දුරකථන යන පාර්ශ්ව ත්‍රිත්වය සදහාමයි. මුද්‍රිත පිටපත කියවන ප්‍රමාණයේ අඩුවක් තිබුණත් පුවත්පත කෙරේ කිසියම් කැමැත්තක් ජනතාව අතර ඇතිව තිබෙනවා. 

මෙවැනි කැමැත්තක්, උනන්දුවක් ඇතිව තිබෙන්නේ කුමක් නිසාද යන්න අපි විමසා බැලිය යුතුයි. නව මාධ්‍යය පැමිණ ජනප්‍රිය වී තිබුණත් විශ්වාසනීයත්වය යන සාධකයේදී බොහෝ දුරට ප්‍රමුඛතාවට පත්ව තිබෙන්නේ පුවත්පතයි. යම්කිසි දෙයක් මිනිසුන්ට පිළිගත හැකිවන අයුරින් තර්කානුකූලව ඒ සඳහා හොඳම උදාහරණ භාවිත කරමින් තවදුරටත් තිබෙන්නේ පුවත්පත්වල පමණක් බව මිනිසුන් විශ්වාස කරන දෙයක්.  මුද්‍රිත පිටපත නොවුණත් වෙනත් මාධ්‍යය ඔස්සේ වෙනස් ලෙසකින් හෝ පුවත්පත ඇතුළු කරන්නේ ඒ බැවින්. 
ලෝකයේ පුවත්පත්වල අලෙවිය වැඩියෙන්ම තිබෙන රටවල් පහ ගතහොත් ඉන් තුනක්ම ආසියානු රටවල් වීම සුවිශේෂී කාරණයක්. වැඩිම පුවත්පත් අලෙවියක් සිදුවන්නේ චීනයේ. එය මිලියන 93ක් පමණ වෙනවා.  මිලයන 78ක් පමණ අලෙවි කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නේ ඉන්දියාවයි. ජපානය මිලියන 70ක් පමණ අලෙවි කරනවා. ඒ අනුව ලෝකයේ  වැඩියෙන්ම පුවත්පත් අලෙවි වන රටවලින් පළමු, දෙවැනි සහ තෙවැනි යන ස්ථාන තුනම වාර්තා වෙන්නේ ආසියානු කලාපයෙන්. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 55ක් පමණ අලෙවි වෙනවා. මේ ආකාරයෙන් තමයි ලෝකයේ පුවත්පත් වැඩියෙන්ම අලෙවි වන රටවල දත්ත සඳහන් වෙන්නෙ. 

ඒ අනුව අනෙකුත් රටවලට සාපේක්‍ෂව ආසියානු කලාපයේ මුද්‍රිත  පුවත්පත් කියැවීමේ ප්‍රවණතාව අනෙකුත් කලාපවල තිබෙන රටවලට වඩා වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. 
ඉන්දියාව පුවත්පත් අලෙවිය අතින් සිටින්නේ දෙවැනි ස්ථානයේ. ඉන්දියාව සාක්‍ෂරතාව අතින් යම් අඩු මට්ටමක තමයි සිටියේ. නමුත් 21 වැනි සියවසේ ආරම්භයේදී ඔවුන් සාක්‍ෂරතා මට්ටම යම් ලෙසකින් වර්ධනය කර ගැනීමට සමත් වුණා. එහි සුවිශේෂීත්වය වෙන්නේ ඉන්දියාව තුළ පුවත්පත් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තිබෙනවා සාක්‍ෂරතාවෙන් ඉහළටම ගිය. උදාහරණයක් වශයෙන් කේරළ ප්‍රාන්තය හඳුනා ගන්න පුළුවන්. 'මලයාල', 'මනරාම' වැනි පුවත්පත් තමයි එහි වැඩිම අලෙවියක් තිබෙන පුවත්පත් වෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාදේශීය භාෂා විශාල ගණනාවක් තිබෙන නිසා ඒ ඒ භාෂාවලින් නිකුත් කරන පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

ඉංග්‍රීසි භාෂාව භාවිත කරන පිරිසකුත් ඉන්දියාවේ සිටිනවා. ඒ කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක්ද මුද්‍රණය වෙනවා. භාෂා විවිධත්වය සහ සාක්‍ෂරතා මට්ටමේ වර්ධනය නිසා පුවත්පත් වැඩිම වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ඉන්දියාව අපට  හඳුනා ගන්න පුළුවන්. 
ලංකාවේ පුවත්පත් මාධ්‍යය ගතහොත් එය ඉතා හොඳ මාධ්‍යයක් ලෙස දැනට පවත්වාගෙන යනවා. මහ බැංකු වාර්තාවල තිබෙන පරිදි ගෘහ ඒකක සමීක්‍ෂණයකදී වැඩිපුරම නිවාසවල ඇති මාධ්‍යය ලෙස රූපවාහිනී මාධ්‍යය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පළමු ස්ථානය රූපවාහිනියටත්, දෙවැනි ස්ථානය ගුවන්විදුලියටත් හිමි වී තිබෙනවා. පුවත්පතට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. 

නමුත් අපට පැහැදිලිව පෙනෙනවා ගත වූ වර්ෂයක් වැනි කාලය තුළ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් පාඨකත්වයේ පැහැදිලි වර්ධනයක් හඳුනාගත හැකි බව. 2015 වර්ෂයේදී සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් රැගෙන බලන විට පුවත්පත් පිටපත් අලෙවි වී ඇත්තේ මිලියන 508ක්. නමුත් 2016 වර්ෂයේදී මිලියන 538ක් අලෙවි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය මිලියන 30ක පුවත්පත් පිටපත් වර්ධනයක්. මේ නිසා සමාජයේ පුවත්පත් මාධ්‍යයේ ඉල්ලුම අඩුවීම පිළිබඳ කියන කාරණා අපට පිළිගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මොකද එක අවුරුද්දක් ඇතුළත පුවත්පත් පිටපත් මිලියන 30ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිසා. නමුත් දෙමළ පුවත්පත්වල යම් බිඳවැටීමක් දක්නට තිබෙනවා. 

රූපවාහිනය, ගුවන්විදුලිය යන මාධ්‍යය විශාල මුදලක් යොදවමින් ප්‍රවර්ධන උපායන් සකස් කර එය පවත්වාගෙන යන අතරතුර තමයි පුවත්පත් ටිකෙන් ටික මෙවැනි වර්ධනයක් අත්කර ගෙන තිබෙන්නෙ. ඉතින් අපි සලකා බැලුවොත් මෙවැනි දෙයක් සිදුවෙන්න හේතු මොනවාද කියා ඉන් එකක් තමයි ලංකාවේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය, සෞඛ්‍ය පහසුකම් වර්ධනය වීම, රටේ ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ දියුණු වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම වැනි කරුණු කාරණා නිසා මිනිසුන්ගේ ආයු අපේක්‍ෂාව හෙවත් ජීවත් වීමේ කාලසීමාව ඉක්මවා ගොස් තිබෙනවා.  අවුරුදු 55ට වැඩි වැඩිහිටි කාණ්ඩය විසින් මාධ්‍යය අතරින් වැඩිහුරුවක් දක්වන්නෙ පුවත්පත් මාධ්‍යයටයි. පුවත්පත් කියැවීම ඔවුන් ජීවිතයේ කොටසක් බවට පත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අලුතින් පැමිණෙන පුවත්පත් ලබා ගැනීමට ඔවුන් යම් උනන්දුවක් දක්වනවා.

දෙවැනි කාරණය තමයි විශ්වසනීයත්වය කියන කාරණය. මොනතරම් දේවල් නව මාධ්‍යය මගින් ආනාවරණය කළත්, විශ්වසනීයත්වය අතරින් පුවත්පත තමයි කැපී පෙනෙන්නේ. ආචාරධර්ම පද්ධතිය ගත් විට රූපවාහිනය, ගුවන්විදුලිය යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් මතුව තිබෙනවා. නව මාධ්‍යය වුණත් වැඩි අවධානයක් යොමු කරන්නේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැනි කාරණාවලටයි. ඒ මාධ්‍යය තුළ සත්‍ය ලෙසම ප්‍රවෘත්තියේ වටිනාකම සහිතව ඉදිරිපත් කිරීමේ ගුණයක් නැහැ. ඒ නිසා විශ්වසනීයත්වය තවදුරටත් තිබෙන්නේ පුවත්පත් මාධ්‍යය තුළයි. එය ඕනෑ තරම් සමීක්‍ෂණ මගින් ඔප්පු වූ කාරණයක්. 

අනෙක් කාරණය තමයි දීර්ඝ කාලයක් පැවැති සම්ප්‍රදාය. පවුල් මට්ටම් තුළ ඉගෙනීමට යොමු වූ පුද්ගලයා දීර්ඝ කාලීනව පුවත්පත් මිලදී ගන්නවා. එක පුවත්පතකින් තව පුවත්පතකට මාරු වෙනවා. පුවත්පත්වල ඇති අතිරේක, විවිධ කොටස් එකතු කරමින් සම්ප්‍රදායක් ලෙස පුවත්පතට හුරු වූ කණ්ඩායමක් සිටිනවා. මෙවැනි ප්‍රවණතා පුවත්පත පවතින්න එක හේතුවක් වී තිබෙනවා. 
ඒවගේම තමයි නිරන්තරයෙන් නව පුවත්පත් බිහිවීම. ලෝකයේ ඇතැම් පුවත්පත් සමාගම් මේ අවසන් පුවත්පත් මුද්‍රණය බවට ප්‍රකාශයට පත් කරමින් පුවත්පත් මුද්‍රණය නතර කර දමනවා. %ද ඉන්ඩ් පෙන්ඩන්ට්^ පුවත්පත මීට වසර 02කට ප්‍රථම අවසන් මුද්‍රණය සිදු  කරමින් මුද්‍රණ කටයුතු නතර කර දැම්මා. ඉන් පසු එය වෙබ් පුවත්පතක් පමණක් වුණා. 

නමුත් ලෝකයේ එවැනි දේ සිදුවුණත් ලංකාවේ නිරන්තරයෙන් අලුතින් පුවත්පත් ආරම්භ වීම සිදු වෙනවා. දේශපාලන පුවත්පත්, සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුවත්පත්, ප්‍රධාන දිනපතා සතිඅන්ත පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනපතා පුවත්පත් 12ක් ලංකාවේ දැනට මුද්‍රණය වෙනවා. මේ ආකාරයෙන් දිනපතා ජාතික පුවත්පත් 12ක් මුද්‍රණය වීම ඉතා හොඳ තත්ත්වයක්. 

මේ කාරණා රැසක් සමග පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අපේ රටේ පුවත්පත් අලෙවිය තවදුරටත් ඉතා ජනප්‍රියව පවතින බවයි. මෙය මනින්න ලෝකයේ යම්යම් දර්ශක සකස් කර තිබෙනවා. එවැනි දර්ශක අතරිනුත් අපි සිටින්නේ ප්‍රගතිශීලී මට්ටමක. ඉදිරිපත් කර ඇති දත්ත පදනම්ව අද ලංකාවේ ජනගහනයෙන් 1000කට දිනපතා පත්තර 62ක් ලැබෙනවා. මෙය යම්කිසි ලෙසකින් හොඳ මට්ටමක්. ලංකාවේ දිනපතා පුවත්පත්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සතිඅන්ත පුවත්පත්වලට. ජනගහනයෙන් 1000ට සතිඅන්ත පුවත්පත් පිටපත් 115ක් ලැබෙනවා. මෙය පුවත්පත් අලෙවි ක්‍ෂේත්‍රයේ 11%ක පමණ වර්ධනයක්. 

ලංකාවේ පුවත්පත් පිළිබඳ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී පුවත්පත් ව්‍යාප්තියේ වේගයක් තිබෙන බව පැහැදිලි වෙනවා. ලංකාවේ පුවත්පත් ගණනාවක් තිබෙන අතර, සෑම වර්ෂයකම පුවත්පත් එකක් හෝ දෙකක් අලුතින් පැමිණෙනවා. ඇතැම් පුවත්පත් ආයතන දිනපතා හෝ සතිඅන්ත වශයෙන් පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරන්නේ ඉතාම තරගකාරී අයුරින්.  මෙවැනි දේවලට යොමු වෙන්නෙ පුවත්පත්වලට ඇති ඉල්ලුම වැඩි නිසා. දේශපාලන මත, වාණිජ හෝ වෙනත් අරමුණු මත අනුව එක් එක් ආකාරයෙන් පුවත්පත්වල තිබෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. රටේ සෑම පුවත්පතකටම යම්කිසි පාඨක කණ්ඩායමක් සිටිනවා. ප්‍රවෘත්ති බෙදා හැරීමේදී දිනපතා, සතිඅන්ත පුවත්පත් පිළිබඳ පමණයි අප සාකච්ඡා කළේ. නමුත් වෙනත් විශේෂාංග පුවත් සඳහාද පුවත්පත් එයට විශේෂිතව බිහි වීමක් සිදුවෙනවා. කාන්තාවන් සඳහා, ළමයින් සඳහා තිබෙන පුවත්පත්, තරුණයන් සඳහා තිබෙන පුවත්පත් රැසක් ඒ ඔස්සේ බිහිවී තිබෙනවා. එයත් යම්කිසි ලෙසකින් වර්ධනය වී තිබෙනවා. ප්‍රාදේශීය පුවත්පත්වලටත් යම්කිසි උනන්දුවක් ලංකාව තුළ තිබෙනවා. උතුරේ පුවත්පත් 03ක් හෝ 04ක් තිබෙනවා. නමුත් අලුත් පුවත්පත් නිරන්තරයෙන් බිහිවෙනවා. ගම්පහ, ගාල්ල වැනි ප්‍රදේශවල යම්කිසි ලෙසකින් ප්‍රාදේශීය පුවත්පත් ලියාපදිංචි වී පවත්වාගෙන යනවා. ඒ නිසා ලංකාවේ පුවත්පත් පිළිබඳ කාරණා ලෝකයේ අනෙකුත් රටවල් සේ එකට සසඳන්න බැහැ. මොකද සාක්‍ෂරතාව වුණත් ලංකාවේ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා. 

ඒ වගේම පුවත්පත් සඳහා ඇති ඉල්ලුම තවත් මාධ්‍යය පැමිණීමෙන් බිඳවැටෙයි කියා මා කිසිසේත් සිතන්නේ නැහැ. පුවත්පත් මාධ්‍යය තවදුරටත් ජනප්‍රිය මාධ්‍යයක් ලෙස පවතිනවා. නමුත් එහි ආකෘතිය, ප්‍රවෘත්ති ලියන ආකාරය, විශේෂාංග රචනය සහ පිටු සකස් කිරීමේ නවීන ක්‍රම, ඡායාරූප සඳහා විශාල ඉඩකඩක් ලබාදීම, පාඨකයාගේ අදහස් දැක්වීම්වලට ඉඩකඩක් ලබාදීම වැනි දේවල පරිවර්තනයන් සිදුවිය හැකියි. කඩදාසිවලින් තොර පුවත්පත් කියන දේ සඳහා ඇතැම් විට පුවත්පත් කලාව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. පුවත්පත් ව්‍යාපාරික ස්වරූපයෙන්ද වෙනස්කම්වලට ලක්වෙන්න පුළුවන්. සමහර සමාගම් පුවත්පත් නොමිලේ බෙදා හරින්න කටයුතු කරන්න පුළුවන්. 

ලෝකයේ දැන් ආරම්භ කර තිබෙන නවතම ව්‍යාපාරික ආකෘතිය තමයි දැන්වීම්වලින් සියල්ල සිදුකර පුවත්පත මිලක් අය නොකර කැමැති කෙනෙකුට රැගෙන යෑමට හැකිවන පරිදි නොයෙකුත් ස්ථානවල තැබීමයි. එවිට පාඨකයා එය රැගෙන යනවා. එවැනි ක්‍රමවේදවලට ඉදිරියේදී මාරු වෙන්න පුළුවන්. පුවත්පතේ හැඩය වෙනස් වෙමින් පුවත්පත අලුත් ලෙසකින් පැමිණෙන්නත් පුළුවන්. නොයෙක් අනාවැකි කියන්නන් වර්ෂ ආරම්භයේ කියන දෙයක් තමයි මේ අවුරුද්දෙන් පසුව පුවත්පත කියන මාධ්‍යය නැති වෙනවා යන කාරණය. නමුත් මේ ගෙවෙන සියවස තුළත් අපට පැහැදිලි වෙන්නේ පුවත්පත් මාධ්‍යය තවදුරටත් ශක්තිමත් වන බවයි.

2016 වර්ෂයේදී, විවිධ මට්ටමේ ප්‍රමාදයන් නිසා මාතෘ මරණ 68%ක්

bdr

2016 වසරේ සිදු වූ මාතෘ මරණ සමාලෝචන වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරිණි. 
වාර්තාව බාරදෙනු ලැබුවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියාණි සේනාධීර මහත්මිය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා විසින්ය. 
රට තුළ වාර්තා වන සෑම ගර්භිණී හෝ පසු ප්‍රසව මරණයක්ම වැරදි නොසොයන පදනමක් තුළ පුළුල් විමර්ශනයකට ලක්කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ක්‍ෂේත්‍ර, රෝහල්, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේදී සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල සහභාගිත්වයෙන් සිදුකරනු ලැබේ. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන විද්වත් දායකත්වය 

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය ලබාදෙයි. ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයද තාක්‍ෂණික සහාය ලබාදෙයි. 
මෙම වාර්තාවට අනුව 2016 වසරේදී මාතෘ මරණ 112ක් සිදුව ඇත. ඒ අනුව මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්‍ෂයකට 33.8ක් ලෙස ගණනය කර තිබේ. මෙය දකුණු ආසියාතික කලාපයේ සාධනීය තත්ත්වයක තිබෙන මාතෘ මරණ අනුපාතිකයයි. එහෙත් පසුගිය වසර 07 පුරාම ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය එකම මට්ටමේ පැවතිණි. ඍජු මාතෘ මරණ මෙවර වැඩි වී ඇත. එය 55෴කි. පසු ප්‍රසව රක්තපාතය, හදවත් රෝග හා ගැබ් තරලය රුධිරයට මුසුවීම ප්‍රධානතම හේතු ලෙස සොයාගෙන තිබේ. මාතෘ මරණවලින් 68෴ක්ම විවිධ මට්ටමේ ප්‍රමාද වීම් නිසා සිදුව ඇත. මියගිය මවුවරුන්ගෙන් 43%ක් නිසි වේලාවට වෛද්‍ය උපදෙස් ලබාගෙන හෝ රෝහලකට පැමිණ නොමැත. සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ප්‍රමාද වීම් මරණ 44කට ඍජු හෝ වක්‍රව දායක වී ඇත. නිසි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකිරීම නිසා මවුවරු 20කට ජීවිතය අහිමි වී තිබේ. 

අදාළ මරණවලින් 55%ක් වළක්වාගත හැකිව තිබූ මරණ බවද එම වාර්තාවේ දැක්වේ. 
එම මරණ තවදුරටත් සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ රැසක් මෙහිදී ගනු ලැබීය. 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස් සහ හේමන්ත බෙනරගම යන මහත්වරුද, 
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය දීපාල් වීරසේකර, ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය රම්‍යා අමරසේන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්ද එක්ව සිටියහ. 

තවත් වසර 2කින් සර්ප දෂ්ටනයට අපේ රටේම ප්‍රතිවිෂ ඖෂධ

ලාංකේය සමාජයේ ජන ජීවිතය තුළ පැනනගින ඉතාම වැදගත් මෙන්ම සාකච්ඡා කළ යුතු ගැටලුවක් වශයෙන් සර්ප දෂ්ටනය සහ එම විෂ ශරීරගත වීම නිසා දෛනිකව මියයන ප්‍රමාණය හඳුනාගත හැකිය. ප්‍රජා සෞඛ්‍ය තුළ නිශ්චිත දත්ත නොමැතිකම සහ ඒ සඳහා ජනතාවගේ නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා රටට සෞඛ්‍ය අංශයෙන් මෙන්ම ආර්ථික අංශයෙන්ද විශාල පාඩුවක් වාර්ෂිකව සිදු වේ. වර්ෂයකට මෙවැනි සර්ප දෂ්ටන සඳහා ප්‍රතිවිෂ ඖෂධ ගෙන්වීම සඳහා රජය දරන වියදම මිලියන 600කි. මෙවැනි පුළුල් පරාසයක් පුරා පැතිර ඇති මේ ගැටලුව පිළිබඳ නිවැරදි දත්ත විනිශ්චයකින් අනතුරුව බොහෝ කරුණු කාරණා හෙළි කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සමත් විය.


45835533

මේ පිළිබඳ නිශ්චිත දත්ත රෝහල්වල පවා වාර්තා වූයේ ඉතා අඩු වශයෙනි. එනිසා මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට ප්‍රථම රෝහල් දත්ත රැස්කර එය හොඳින් සකස් කර මූලික වශයෙන් විශ්ලේෂණය කරනු ලැබීය. අනතුරුව ගෘහ ඒකක වශයෙන් සමස්ත ජනගහනයෙන් 01%ක් පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි මේ සඳහා අවශ්‍ය පර්යේෂණ නියැදිය සකස් කළ අතර, ඉන්පසු ක්‍රමානුකූලව මෙම පරීක්ෂණය සිදු කෙරිණි. මෙය ප්‍රධාන වශයෙන් ලංකාව කලාප තුනක් යටතේ ගෙන පළාත් 09ම ආවරණය වන පරිදි පරීක්ෂණය සිදු කෙරිණි. ඒවා වියළි කලාපය, තෙත් කලාපය සහ අන්තර් මධ්‍යයන කලාපය ලෙස නම් කෙරිණි.

මේ පර්යේෂණය තුළින් සර්ප දෂ්ටන පැතිරීම සහ එහි සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් ප්‍රජාවට තිබෙන වැදගත්කම පිළිබඳ මූලික අවධානයක් දැක්වීය. මෙය 2000 වර්ෂයේ මූලික වශයෙන් ආරම්භ කළ අතර, ඒ කාල පරිච්ජේදය තුළ සර්ප දෂ්ටනයෙන් සිදු වූ මරණ සම්බන්ධ දත්ත පමණක් ලිඛිතව වාර්තාගතව තිබිණි. ඒ අනුව රෝහල් දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත අනුව පරීක්ෂා කිරීමේදී වර්ෂයක් තුළ මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබුණේ 40,000ක් පමණ ප්‍රමාණයක් පමණකි. මරණ සංඛාව වාර්තා වී තිබුණේ 200ක් පමණය. නමුත් ඒ දත්ත මගින් පමණක් මෙම පර්යේෂණය සිදු කිරීම ප්‍රමාණවත් නොවන නිසාවෙන් ප්‍රජාමූල පරීක්ෂණයක් ලෙසින් මෙය ආරම්භ කෙරිණි. එහිදී අනාවරණය වූ කාරණයක් නම් මේ සර්ප දෂ්ටනය නිසා සිදුවන මරණ සංඛ්‍යාව රෝහල්ගතව තිබූ දත්තවලට වඩා දෙගුණයකට වඩා වැඩි අගයක් ගන්නා බවයි. විශේෂයෙන්ම මේ ලක්ෂණ ග්‍රාමීය ප්‍රදේශවලින් බහුලව වාර්තා වූ දෙයක් විය.

ලංකාවේ වියළි කලාපය තුළ සර්ප දෂ්ටනය වැඩි අගයක් ගනියි. එහි අනතුරුදායක බවින්ද වැඩිය. රෝගී වීම, ඒ පිළිබඳ ඇති අවදානම් සහගත බව අපි නොයෙක් වර අසා ඇත්තෙමු. නමුත් මෙම පර්යේෂණයේදී අනාවරණය වූයේ, සර්ප දෂ්ටන වැඩියෙන්ම තිබෙන්නේ තෙත් කලාපයේ සහ අන්තර් මධ්‍යයන කලාපයේ වුවත්, සර්ප දෂ්ටන විෂවීම් වැඩියෙන්ම තිබෙන්නේ වියළි කලාපය තුළ බවයි.

v4-728px-Treat-a-Snake-Bite-Step-16

මෙම පරීක්ෂණය තුළින් ලබාගත් සංකීර්ණ තොරතුරු ඔස්සේ සර්ප දෂ්ටන අවදානම පිළිබඳ සිතියම්ගත කිරීමක්ද සිදුකෙරිණි. මේ සිතියම්ගත කිරීම තුළින් සර්ප දෂ්ට කිරීමේ අවධානම වැඩි වශයෙන් වාර්තා වන්නේ කිනම් ප්‍රදේශවලද, සර්ප දෂ්ටනයේ විෂ වීම් වැඩි වශයෙන් සිදුවන්නේ කුමන ප්‍රදේශයේද යන්න පැහැදිලිව අධ්‍යයනය කිරීමේ හැකියාව තිබේ. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් සැපයීමේදී විශේෂයෙන් ඉතා වැදගත් කාරණයක් බව පර්යේෂක කණ්ඩායම පවසයි. 
වියළි කාලාපයේ ප්‍රදේශ අතරිනුත් සර්ප දෂ්ටන අවදානම බහුල වශයෙන්  නැගෙනහිර, උතුරුමැද, සබරගමු පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන්න ප්‍රදේශවලයි. මේ කලාප වල කෘෂිකර්මාන්තය බහුල වශයෙන් සිදු වීමත් මේවායේ ජනගහනය අඩු වූවත් වනගහණය වැඩි වීම එයට ප්‍රධාන හේතුවයි.  සර්ප දෂ්ටනය සම්බන්ධ බලපාන්නා වූ සාධක විමසීමේදී සාධක රැසක් හදුනාගැනීමට පිළිවන. විශේෂයෙන් ජනගහණය වැඩි වීමට සාපේක්ෂව සර්ප දෂ්ටනය සිදුවීම අඩු මට්ටමක පවතියි. විශේෂයෙන්ම මුහුදු මට්ටම ආශ්‍රිතවද සර්ප දෂ්ටනය සහ විෂ වීම් අඩු අගයක් ගනු ලබයි. එමෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල ජනගහණය 10෴ට වඩා වැඩිනම් ඉතා සීග්‍ර‍ෙයන් සර්ප දෂ්ටන මෙන්ම විෂවීම් හී ඉහළ අගයක් ගනු ලබයි.

එමෙන්ම සර්ප දෂ්ටනයෙන් පසු සෞඛ්‍ය සේවා ලබාගැනීම පිළිබඳවද මේ පර්යේෂණය මගින් අවධානයට ලක්කෙරිණි. මෙහිදී විශේෂයෙන් මරණ සිදුවන්නේ ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවක් නොලැබීමෙන්ද යන්න පිළිබඳවද අවධානය යොමු කෙරිණි. 
කලාපයේ අනෙක් රටවලට වඩා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හොද අවබෝධයක් ජනතාවට ඇති අතර, ඒ අනුව සර්ප දෂ්ටනයට ලක් වූ පුද්ගලයන්ගෙන් 98%ක්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු වෙති. නමුත් රජයේ බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා යොමු වන්නේ 55෴ක් වැනි ප්‍රමාණයකි. මෙයින් 45%ක් වැනි ප්‍රමාණයක් යොමු වන්නේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහාය. ලංකාවේ මේ සර්ප දෂ්ටනය පිළිබඳ බටහිර ක්‍රමයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සාපේක්ෂව දේශීය ක්‍රමය තුළ පාරම්පරික හා දේශීය වශයෙන් ලියාපදිංචි වූ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් සිටිති. 

සර්ප දෂ්ටනද රැසක් තිබේ. නමුත් මෙහිදී අවධානය දැක්විය යුත්තේ සර්ප විෂවීම් පිළිබඳවය. මේ විෂවීම් පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබති. ඒ අනුව මේ පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී සර්ප විෂ වීම තමන් ජීවත් වන ප්‍රදේශයේ බහුලව සිදුවන දෙයක් නම්, ජනතාව බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. නමුත් මෙවැනි දේ සම්බන්ධව මෙම පර්යේෂණයට ප්‍රථම නිවැරදි අනාවරණයක් නොතිබුණු හෙයින් ඇතැම් විට වැරදි නිගමනවලට පවා එළඹ තිබේ. 
ග්‍රාමීය ජනතාව තුළ වුවත් සෞඛ්‍යය පිළිබඳ ඇති අවබෝධය යහපත්ය. ඔවුන් සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය ක්‍රම පවා අනුගමනය කර තිබේ. 
රජයේ රෝහල්වල ප්‍රතිවිෂ තිබෙන හෙයින් සර්ප දෂ්ටනයකින් පසු විෂවීමේ ලක්ෂණ ඇතැයි කෙනෙකුට සිතුනහොත් ඔහු හෝ ඇය රජයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වීම ඉතා වැදගත්ය. 
එමෙන්ම සර්ප දෂ්ටන නිසා ලංකාවට සිදුවන ආර්ථික බලපෑම විශ්ලේෂණය කිරීමද ඉතා වැදගත් කාරණයක්. මීට පෙර ඒ පිළිබඳ ක්‍රමානුකූල විමර්ශනයක් සිදුකර නොතිබිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රය අනුව මෙහි වියදම රුපියල් බිලියන 1.4ක් වේ. මෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් බිලියනයක මුදලක් වියදම් කර තිබෙන අතර ඉතිරිය ජනතාව විසින් වියදම් කොට තිබේ. 

02222

අපේ රටේ සර්ප විශේෂ 98ක් වැනි සංඛ්‍යාවක් සිටියද එයින් විෂකුරු වන්නේ සර්පයන් 06 දෙනෙකු පමණි. නාගයා, තිත් පොළඟා, මල් කරවලයා සහ තෙල් කරවලා, කුණකටුවා, වැලි පොළඟා සහ පළා පොළඟා ආදී ලෙස ඔවුන් නම් කළ හැකිය. නමුත් මේ අවසානයේ සඳහන් කළ සර්පයන් තිදෙනාද එතරම් විෂ සහිත නොවේ. නාගයන්, කරවලුන් සහ පොළඟුන් වැනි විෂ සහිත සර්පයන් වැඩිපුර සිටින්නේ වියළි කලාපය තුළය. තෙල් කරවලුන් වියළි කලාපයේ පමණක් දැකගත හැකි සර්ප විශේෂයක් 
මෙවැනි සර්පයන් දෂ්ට කළ පසු කළහැකි ඉක්මන් ප්‍රතිකාරය වන්නේ රෝගීයාට ප්‍රතිවිෂ ලබාදීමයි. මේ ප්‍රතිවිෂ මූලික වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ප්‍රතිවිෂවල ඇති අහිතකර කාරණවක් වන්නේමේවායෙහි අතුරු විපාක තිබීමයි. මේවා ඉතා උග්‍ර අතට පත්විය හැකි අතර, ඇතැම් අවස්ථාවල මරණය පවා සිදුවීමේ ඉඩකඩක් පවතියි. 

මේ නිසාම ප්‍රතිවිෂ භාවිත කිරීමට ජනතාව බිය වෙති. එහෙයින් ඊට විසඳුම් සෙවිය යුතුය. එයට එක් විසඳුමක් ලෙස අපේ රට තුළ මේ සඳහා ප්‍රතිවිෂක් නිපදවිය යුතු අතර, එහිදී විශේෂයෙන් අප සැලකිලිමත් විය යුත්තේ ප්‍රතිවිෂ නිසා ඇති වන අතුරු විපත් පිළිබඳවය. ඒ ගැනද මෙම පර්යේෂණය මගින් විමර්ශනයක් සිදු කෙරිණි. ඒ සදහා සර්ප විෂ ශරීරගත වූ රෝගීන් 1000ක සාම්පලයක් යොදා ගැනුණි. ඔවුන්ට සර්ප විෂ සඳහා ඖෂධයක් වන ඇන්ඩ්‍රලීන් ඖෂධය ඉතා සුළු ප්‍රමාණයක් ප්‍රතිවිෂ ශරීරගත කිරීමට ප්‍රථමයෙන් එන්නත් කිරීමක් සිදු විය. එලෙස එන්නත් කිරීම මගින් ශරීරගතව තිබූ විෂෙන් 50෴ක ප්‍රමාණයක් අඩු කිරීමට හැකියාව ලැබිණි. මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් විය. මෙම පරීක්ෂණයෙන් පසුව ප්‍රතිවිෂවලින් ඇතිවන අතුරු විපත් පිළිබඳ සමාජයේ ඇති බිය යම් තාක් හෝ අඩු කරගැනීමට කදිම සාක්ෂියක් වේ. එය වෛද්‍ය පාඨමාලා සඳහාද මේ වනවිට අන්තර්ගත කර තිබෙන අතර, මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ ඉතා වැදගත් පරීක්ෂණයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තිය දිනාගත් පර්යේෂණාත්මක සොයාගැනීමකි.
අපේ රටේ නොයෙක් කාලවල මෙන්ම දීර්ඝ කාලයක් තුළ සිට පැවැත එන නොයෙක් ගැටලුකාරී දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පර්යේෂණ සහ ගවේෂණාත්මක කටයුතු සඳහා විශාල වශයෙන් රජය අනුග්‍රහය සපයයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදනයන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීම අප අගය කළ යුතු දෙයකි. එනිසා සර්ප දෂ්ටන හා එහි ගැටලුවක්ව පවතින ප්‍රතිවිෂ නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කටයුතු මේ වනවිටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කර තිබීම ඉතා ප්‍රගතිශීලී දෙයකි. මේ වනවිටත් එකී පර්යේෂණ කටයුතු සාර්ථකව සිදු කරගෙන යනු ලබයි. එහි ප්‍රගතියක් වශයෙන් තවත් වසර දෙකක පමණ කාලයකින් අපේ රටේ සිදුවන සර්ප දෂ්ටනයන් සඳහා අපේ රටේම ප්‍රතිවිෂ ඖෂධ නිෂ්පාදනය කිරීම හැකි වේ. මෙහි ඇති ගුණාත්මකභාවය වන්නේ වෙනත් රටවලින් ආනයනය කරනු ලබන ප්‍රතිවිෂවලින් ඇතිවන ආකාරයේ අතුරු විපත් හටගැනීමේ සම්භාවිතාව අඩු වීමයි. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වා (ජාතික පර්යේෂණ සභාවේ සභාපති) වෛද්‍ය පීඨය  කැලණිය විශ්වවිද්‍යාලයdoc janaka

'සර්පයන් දෂ්ට කිරීම සහ ඒවා විෂ වීම අපේ රටේ පවතින බරපතළ ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්. නමුත් රෝහල්වලින් එන නිල දත්ත සහ ඒවා වාර්තා වීම අතර යම් අඩුපාඩුවක් තිබෙන බව අපි මේ පර්යේෂණය ආරම්භ කිරීමට ප්‍රථම දැන සිටියා.
අපේ රටේ වර්ෂයකදී සර්ප දෂ්ට කිරීම් 80,000ක් පමණ වාර්තා වෙනවා. ඒ දෂ්ඨ කරන ප්‍රමාණයෙන් 30,000ක් පමණ පිරිසකට විෂ ශරීරගත වීමක් සිදු වෙනවා. මරණ 450ක් පමණ සිදු වෙනවා. නමුත් මෙය රටට විශාල ආර්ථික වියදමක්. මෙවැනි විෂවීම් සුවපත් කිරීම සඳහා අපේ රටේ වාර්ෂිකව රුපියල් බිලියන 1.4ක් වැය කරනවා. එයින් බිලියනයක්ම වියදම් කරන්නේ රජයයි. සර්පයන් දෂ්ට කර විෂ වීම නිසා ප්‍රතිවිෂ ඖෂධ සඳහා මිලියන 600ක් රජයට වැය කරන්නට සිදුවෙනවා. සමාන්‍ය ජනතාවට මිලියන 400ක පමණ වියදමක් දැරීමට සිදුවෙනවා. මෙපමණ වියදමක් මහජනතාවට දැරීමට සිදුවන්නේ ඔවුන්ගේ ප්‍රවාහනය, රැකියා සඳහා යෑමට නොහැකි වීම මෙන්ම අනෙකුත් අතරමැදි වියදම් සඳහායි.'

ආචාර්ය අනුරාධනී කස්තුරිරත්න වෛද්‍ය පීඨය කැලණිය විශ්වවිද්‍යාලයanuradani

'ලංකාවේ වියළි කලාපයේ මේ සර්ප දෂ්ඨනය වැඩියි මෙන්ම එහි අනතුරුදායක බවත් වැඩියි. රෝගී වීම, ඒ පිළිබඳ ඇති අවදානම් සහගත බවත් වැඩියි. ලංකාව ප්‍රධාන වශයෙන් තෙත් කලාපය, අන්තර් මධ්‍යයන කලාපය සහ වියළි කලාපය යනාදී වශයෙන් බෙදා දක්වනවා. නමුත් වැඩිම ජනගහනයක් එකතු වෙලා සිටින්නේ ලංකාවේ අන්තර් මධ්‍යයන කලාපයේයි. මෙම පර්යේෂණයෙන් ලබාගත් දත්ත අනුව අපට අනාවරණය කිරීමට හැකි වූවා සර්ප දෂ්ඨන වැඩියෙන්ම තිබෙන්නේ තෙත් කලාපයේ සහ අන්තර් මධ්‍යයන කලාපයේ වුවත්, සර්ප දෂ්ඨන විෂවීම් වැඩියෙන්ම තිබෙන්නේ වියළි කලාපය තුළ බව. 
වියළි කලාපය තුළ කෘෂිකාර්මික කටයුතු සිදුකරමින් පරිසරය සමග සම්බන්ධතා දක්වන බොහෝ පිරිසක් සිටිනවා. මෙවැනි පෙදෙස්වල බොහෝ අය ස්ථිර රැකියාවල නියුතු වූවන් නොවෙයි. එමෙන්ම මෙම දෂ්ඨනයන්ට ගොදුරු වන්නේ සාමාන්‍යයෙන් තරුණ වයසේ සිටින අය. මොවුන් ආර්ථිකයට සක්‍රීයව මුහුණදෙන අය නිසා මෙය ආර්ථිකයටත් ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරනවා. මෙවැනි ගැටලු පිළිබඳ රටේ දළ වශයෙන් දැනුමක් තිබුණත් මෙවැනි පර්යේෂණාත්මකව මෙය ඔප්පු කිරීම වෛද්‍ය විද්‍යාත්මකව හා ප්‍රජා විද්‍යාත්මකව ඉතාම වැදගත් දෙයක්. මේ අයුරින් කරන විද්‍යාත්මක හෙළිදරව් තුළින් එය ප්‍රතිපත්ති සකස් කිරීම කෙරෙහිද යොදාගැනීමේ හැකියාව උදාවෙනවා. '

 

සාමාන්‍ය සූර්ය කෝෂ සඳහා යන වියදමෙන් 90% ඉතිරි කරගත හැකි නව සොයාගැනීමක් නුදුරේදීම

ශ්‍රී ලංකාව විදේශයෙන්ගෙන් ආනයනය කරන ඉන්ධන නිසාවෙන් පාරිසරික, කාර්මික සහ දේශපාලනික ආදී බොහෝ ක්ෂේත්‍රයන් ආශ්‍රිත ගැටලු පැනනැගීම ගැන අප අමුතුවෙන් කතා කළයුතු නැත. පාරිසරික වශයෙන් ප්‍රබල බලපෑමක් කරන්නා වූ වායු දූෂණය එයට කදිම උදාහරණයකි. මේ මගින් පරිසරය මෙන්ම මිනිසාගේ දිවියටද විශාල අභියෝගයක් අද වන විට එල්ල වී හමාරය. එමෙන්ම ගෝලීය වශයෙන් පොසිල ඉන්ධන යම් නිශ්චිත සංචිතයක් පමණක් තිබෙන නිසා එය එක් අතකින් අනාගතයට ප්‍රබල ගැටලුවක් වනු නොවනුමානය. අනාගතයේ විකල්ප බලශක්තියක් සොයා නොගැනුණොත් ලංකාව මුහුණදෙන තත්ත්වය ඊටත් වඩා බරපතළ ගැටලුවකි. පසුගිය මාසයේ තෙල් නැවක් එනතුරු රටටම බලා සිටින්නට වූයේ ඉන්ධන අතිරික්තයක් පවා හිඟ වූ නිසාය. නමුත් මේ තත්ත්වය ඊට වඩා බරපතළ දෙයකි. 


solar-cell-efficiency-record-1

මෙවැනි ගැටලුවලට බොහෝ විසඳුම් තිබුණත් ඒ සඳහා කදිම විසඳුමක් ලෙස  සූර්ය බලශක්තිය හඳුන්වාදිය‍ හැකිය. බහුලව පවතින්නා වූත් නොමිලේම ලබාගත හැකි වූත් සූර්ය ශක්තිය ඵලදායී ලෙස යොදා ගැනීමට ඇති තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳ අවධානය යොමු කිරීම රටෙහි ඉදිරි පැවැත්ම මෙන්ම සංවර්ධනය කරා යන ගමනේදී අපට ඉතා වැදගත් වේ. 

බහුලව භාවිතයේ පවතින සිලිකන් සූර්ය කෝෂ අනෙක් ඒවා සමග සැසඳීමේදී තරමක් මිල අධික වීමත්, ඒවායේ උපරිම කාර්යක්ෂමතා මට්ටමට එළඹ තීබිමත් නිසා ඒ සූර්ය කෝෂ සඳහා වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම මේ වන විට ගිලිහී යමින් පවතී. නමුත් එයට සාපේක්ෂව තුනී පටල ප්‍රකාශ වොල්ටීයතා සූර්ය කෝෂ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් නූතනයේ දැකගත හැකිය. කෙසේ නමුත් පරිසර හිතකාමී ලාභදායී ද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතයෙන් සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කළ හැකි උපාංග තැනීම අභියෝගාත්මක කාර්යයක් වන්නේය. මෙලෙස අඩු වියදම් ද්‍රව්‍ය හා තාක්ෂණය  භාවිත කළ හැකි ද්‍රව්‍ය අතර පරිසර හිතකාමී කියුබ්ලස් ඔක්සයිඩ් (CU2O ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. විද්‍යුත් සහ ප්‍රකාශනමය ලක්ෂණ ප්‍රකාශ කරන මෙම කියුබ්ලස් ඔක්සයිඩ් වෝල්ටීයතා උපකරණ සඳහා ඉතාමත් උචිත මට්ටමක පවතියි. ලොව ඇති අනෙකුත් ද්‍රව්‍ය හා සැසඳීමේදී සූර්ය කෝෂ නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ඉතා ඉක්මන් ලාභදායී ද්‍රව්‍යයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. 

මීට වසර 30කට ප්‍රථම මහාචාර්ය විතාන සිරිපාල මහතා විසින් කියුබ්ලස් ඔක්සයිඩ් භාවිතයෙන් නිෂ්පාදන සූර්ය කෝෂ සඳහා පර්යේෂණ කටයුතු ප්‍රථම වතාවට ආරම්භ කෙරිණි. ඉන්පසුව ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන් සිදුකරන කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සූර්ය බලශක්ති විසඳුම් මධ්‍යස්ථානයට මේ සම්බන්ධ නව සොයා ගැනීම් රැසක් කිරීමට හැකි විය. 
සූර්ය කෝෂ මගින් සපයන විදුලි බලය උපරිම ජවයක් සහිතව පරිවර්තනය කිරීමට ඔවුන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් පවතියි. මෙම පරීක්ෂණ කටයුතු සඳහා මහාචාර්ය රුවන් විජේසුන්දර, ආචාර්ය සුජීවා ද සිල්වා, ආචාර්ය චරිත් ජයතිලක සහ ආචාර්ය සී.ඒ.එන්. ජයතිස්ස වැනි මහත්ම මහත්මීන් රැසක් සම්පත් දායකත්වය සපයයි.

ඔවුන් විසින් මේ වන විට පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින්නේ කියුබ්ලස් ඔක්සයිඩ් කාර්යක්ෂමතාව 10% දක්වා වැඩි කිරීමටයි. මීට වසර 20කට ප්‍රථම කියුබ්ලස් ඔක්සයිඩ්වලින් තනනු ලැබූ සූර්ය කෝෂවල කාර්යක්ෂමතාව වූයේ 1෴ක් පමණ මට්ටමකි. නමුත් එය මේ වන විට 3.4%ක් දක්වා වර්ධනය කරලීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත් වී ඇත. තවත් වසර 05ක් පමණ කාලයක් තුළදී මෙය හතර ගුණයකින් වැඩි කරමින් 10෴ කාර්යක්ෂමතා මට්ටමකට ගෙන ඒමට හැකි බව පර්යේෂණ කණ්ඩායමේ මතයයි. එවැනි කාර්යක්ෂමතා මට්ටමකට ගෙන ආ විට සිලිකන් සූර්ය කෝෂ හා වඩා තරගකාරී වෙළෙඳ පොළක් සකස් කර ගැනීමට කියුබ්ලස් ඔක්සයිඩ් සූර්ය කෝෂවලට හැකි වීම අනිවාර්යයෙන් සිදුවන්නකි. එසේ වුවහොත් සමාන්‍ය සූර්ය කෝෂයක් සඳහා යන වියදමෙන් 90෴ක් පමණ ප්‍රමාණයක් අඩුකර ගැනීමේ හැකියාව එයින් උදා වේ. 

අප රට තුළ භාවිත කරන ඉන්ධනවලින් 85%ක් පමණ භාවිත කරන්නේ පොසිල ඉන්ධනයයි. ඒ නිසා මෙවැනි ක්‍රමයක් සොයා, එයින් නව නිෂ්පාදනයන් කිරීමට හැකි වුවහොත් අපට විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වෙනවා පමණක් නොව පාරිසරික හානිය පවා අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ. ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණ දීමට නියමිත ඉන්ධන අර්බුදයට ලංකාව හසු නොවී සිටීමටත් මෙය මහත් පිටිවහලක් වනවා නියතය. එබැවින් කියුබ්ලස් ඔක්සයිඩ්වල  කාර්යක්ෂමතාව පර්යේෂණාත්මකව ලබාගැනීමට හැකි වුවහොත් එය බොහෝ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීමේ අවස්ථාව පුළුල් වේ.
එම විශේෂඥ කණ්ඩායම විසින් සූර්ය බලයෙන් රත් කරන බොයිලේරුවක් මේ වන විට විශ්වවිද්‍යාල ආපන ශාලාව සඳහා සකස් කර ඇති අතර, එය විදුලි බලයෙන් මෙන්ම සූර්ය තාපයෙන් ක්‍රියාත්මක වන දෙමුහුම් ආකාරයට සකස් කර ඇති එකක් විය. මෙම ක්‍රමය මගින් 50%කට වඩා විදුලිය ඉතිරි කර ගැනීමට හැකියාව ලැබිණ. 
මීට අමතරව, සූර්ය කෝෂ යොදා ගනිමින් විදුලි ලාම්පුවක්, රේඩියෝවක්, විදුලි පංකාවක් මෙන්ම හදිසි SMS සේවාවක් වැනි විශේෂාංග රැසක් සහිත  රෝද පුටුවක්ද නිපදවීමට එම කණ්ඩායම සමත් විය. එය රටක් වශයෙන් ලැබූ විශාල ජයග්‍රහණයකි. 
පර්යේෂණ මට්ටමින් සිදුකරගෙන යන මෙම සූර්ය බලශක්ති විසඳුම් මධ්‍යස්ථානයේ විශේෂඥ පිරිස කැලණිය විශ්වවිද්‍යාලය හරහා පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට සූර්ය බලශක්තිය එදිනෙදා භාවිත කරන සරල උපකරණ බලගැන්වීම පිළිබඳ මෙන්ම ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලබයි. 

විශේෂයෙන්ම ඔවුන් විසින් කුඩා සූර්ය කෝෂ නැවත ආරෝපණය කළ හැකි බැටරි ආරෝපණය කිරීම, කුඩා මේස ලාම්පු, පංකාවක් නිර්මාණය සහ බලගැන්වීම පිළිබඳ මූලික අවබෝධය ලබාදීම සිදුකරයි. ඔවුන් මෝටර් මගින් ක්‍රියාකරන කුඩා කාරයක් නිපදවීම සහ සූර්ය කෝෂ භාවිතයෙන් එය ක්‍රියා කරවීම ආදී වූ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. මෙම වැඩසටහන් සඳහා මූල්‍යමය ආධාර ලබාදෙනු ලබන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසිනි. 
මෙම වැඩසටහන යටතේ පාසල් හැර යන දරුවන් සූර්ය කෝෂ සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම පිළිබඳව පුහුණු කිරීම සඳහා සහාභාගී කර ගැනීමේ සැලසුම් ක්‍රමවේදයන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම පුහුණු කටයුතු කිරීම සඳහා වෙනත් රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයද හිමි වේ.  මෙවැනි කාර්යභාරයක් සිදුකරන එම විශේෂඥ මඬුල්ලේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ, නොමිලේ ලබාගත හැකි සූර්ය ශක්තිය ඵලදායී ලෙස උකහා ගැනීමේ ආකාරය පිළිබඳව දැනුවත් කරමින්, තරුණ තරුණියන් රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් සෙවීම සඳහා පොළඹවාලීමයි.
මේ වන විට මෙම විශේෂඥ කණ්ඩායම කොළඹ විශ්වවිද්‍යාලය, ජපානයේ Spring 8 ජපානයේ NIMS, ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාල යන ආයතනවල පර්යේෂණ කණ්ඩායම් හා සහයෝගීතාවක් පවත්වාගෙන යමින් මෙම පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. සෑම වර්ෂයකම පාහේ මෙම විද්‍යාඥ කණ්ඩායමේ සමාජිකයන් ජනාධිපති සම්මානවලින් පවා පිදුම් ලබා ඇත. 

මහාචාර්ය රුවන් විජේසුන්දර භෞතික විද්‍යා අංශය කැලණිය විශ්වවිද්‍යාලයprofessor ruwan wijesundara

'ලෝකයේ 85%ක් පමණ භාවිත වන්නේ පරිසරයට හිතකාමී නොවන පොසිල ඉන්ධනයි. නමුත් එය නිශ්චිත සංචිතයක් පමණයි තිබෙන්නේ. මේ සඳහා ආදේශක භාවිතය අතර ප්‍රමුඛතාව හිමිවන්නේ සූර්ය බල ශක්තියටයි. නමුත් එහි ඇති ගැටලුව වන්නේ සූර්ය බලශක්තිය අපට අවශ්‍ය දේවලට භාවිත කරන්න බැහැ. ලෝකයේ අවුරුද්දක් තුළ භාවිත කරන විදුලි බලශක්තිය පැයක් තුළ පොළොවට වැටෙන හිරු එළියට සමානයි. ඒ අනුව සූර්ය කෝෂයක් භාවිතයෙන් එම ශක්තිය අපට භාවිතයට ගන්න පුළුවන්. නමුත් එය එතරම්ම ජනප්‍රිය වී නැහැ. මොකද 95෴ක්ම වාගේ තිබෙන්නේ සිලිකන්වලින් නිෂ්පාදනය කළ සූර්ය කෝෂයි. එහි ගැටලුව වන්නේ මේවා ඉතාමත් මිල අධික වීමයි. සූර්ය කෝෂ නිපදවීම සඳහා යොදා ගන්නා සිලිකන් ලෝකයේ දෙවැනියට වැඩියෙන්ම තිබෙන අමුදුව්‍ය වුවත් මෙවා පිරිසුදු කිරීමට ඉහළ මුදලක් යනවා. ඒ නිසා පරිසර හිතකාමී ලාභදායී ද්‍රව්‍යයක් වන කියුබ්ලස් ඔක්සයිඩ් සූර්ය කෝෂ නිෂ්පාදනය ඉතාම වැදගත්. එහි කාර්යක්ෂමතාවෙ 10%කට ගැනීමට හැකි වුවහොත් ඒවා වෙළෙඳ පොළට නිකුත් කරන්න පුළුවන්. එයට තව වසර 05ක් පමණ කාලයක් ගත වේවි.
අඩු තාක්ෂණයෙන්, අඩු වියදමින් මෙවැනි සූර්ය කෝෂ නිපදවීමට හැකිනම් පොසිල ඉන්ධනවලින් අපට ඉවත් වීමට හැකියාව ලැබෙනවා. මෙය රටේ ජනතාවගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරන දෙයක් වෙනවා.

ආචාර්ය චරිත් ජයතිලක භෞතික විද්‍යා අංශය කැලණිය විශ්වවිද්‍යාලය

charith jayathilaka

කියුබ්ලස් ඔක්සයිඩ් (CU2O) වලින් අඩු වියදම් තාක්ෂණික ක්‍රමයන් භාවිතයෙන් සූර්ය කෝෂයක් නිෂ්පාදනය සඳහා මේ වන විට පර්යේෂණ සිදුකරම්න් පවතිනවා. මුල් කාලයේ මෙහි කාර්යක්ෂමතාව 0.1% මට්ටමක පැවතුණා. ඒ නිසා ඇතැම් කණ්ඩායම් ඒවා නතර කර දමන්නට පවා යොමු වුණා. නමුත් මෙහි කාර්යක්ෂමතාව 20෴ක් දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එවැනි තත්ත්වයකට ගෙන එන්නට අපිට හැකි වුණොත් ලෝකයේ ඇති බලශක්ති අර්බුදයට සාර්ථක විසඳුමක් ලබාදිය හැකියි.  අපි මේ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළා. 
ජපානයේ දැනට 8%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළත්, එහි තාක්ෂණික ක්‍රියාවලිය සඳහා වැඩි වියදමක් යන නිසා එය ආදේශ කර ගැනීමේ ගැටලුවක්ද ඇති වෙනවා.
ඒ නිසා අඩු වියදම් සහිත, තාක්ෂණය අතින් ඉහළ සූර්ය කෝෂයක් නිපදවන්න කැලණිය විශ්වවිද්‍යාලයේ අපේ කණ්ඩායම ඉදිරිපත් වුණා. කියුබ්ලස් ඔක්සයිඩ්වල කාර්යක්ෂමතාව වැඩි කරන්නේ කිනම් අයුරින්ද යන්න අපි විමසා බැලුවා. පසුගිය වසර ගණනාවක් තුළ කළ ප්‍රතිඵලවල සාර්ථකත්වයක් ලැබී තිබෙනවා. දැන් එය 3.4%ක් වැනි තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. මෙය තව හතර ගුණයකින් වැඩි කරගැනීමට හැකි වුණොත් වෙළෙඳ පොළ සඳහා ඉදිරිපත් කළ හැකියි. සිලිකන් සූර්ය කෝෂ සමග තරග කළ හැකි තත්ත්වයක් මෙයන් උදාවෙනවා. මේ නිසා අපිට පුළුවන් වුණා ලෝකයට පළමු වතාවට %එන්^ වර්ගයේ අකුණු සන්නායකයක් නිර්මාණය කර ඉදිරිපත් කරන්න. ඒ වගේම පසුගිය වසර පුරාවට අපිට හැකී වී තිබෙනවා මේ පිළිබඳ ලිපි රාශියක් අන්තර්ජාතික සඟරාවලට ඉදිරිපත් කරන්න. 
මෙය වසර 30ක් පැරණි පර්යේෂණයක්. අපිට පුළුවන් වුණා එය මේ තරම් දුරක් ඉදිරියට ගෙන ඒමට. මෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ කියුබ්ලස් ඔක්සයිඩ්වල 10෴ක කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට උත්සාහ කිරීමයි. 

ආචාර්ය සී.ඒ.එන්. ජයතිස්ස භෞතික විද්‍යා අංශය කැලණිය විශ්වවිද්‍යාලය

c.a.n.jayathissa

දැනට අපි සූර්ය ශක්තිය, බලය එදිනෙදා කාර්යයන් සඳහා යොදාගන්නා ක්‍රම රැසක් තිබෙනවා. අපේ ප්‍රධාන ආපන ශාලාව තුළින් දිනකට තේ 2000ක් වැනි ප්‍රමාණයක් අලෙවි කරනවා. මේ සඳහා ජලය ලීටර 400ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රත් කිරීම සිදුවෙනවා. මේ සඳහා භාවිත කරමින් තිබුණේ විදුලි බලශක්තියයි. නමුත් අපි විශ්වවිද්‍යාලයේ බොයිලේරුව පොඩි වෙනස්කම් කිහිපයක් කරමින් නවීකරණය කළා. ඒ අනුව සූර්ය තාපයෙන් බොයිලේරුවේ ජලය රත් කරවන ලෙස වෙනස් කළා. ඒ නිසා අපට හැකියාව ලැබුණා මේ සඳහා යන විදුලි බලයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට. 

ඒ වගේම සමාන්‍ය රෝද පුටුවක් සඳහා සූර්ය කෝෂ සවිකර ඒ මගින් ක්‍රියා කරවන තත්ත්වයකට පත් කළා. මෙය ඉතාම අඩු වියදම් වන ආකාරයට සිදුකරන්නට අපි සැලසුම් කළා. ඒ වගේම සූර්ය කෝෂ භාවිත කරමින් විශ්වවිද්‍යාල ළමයින්ට වැඩ කරන්නට හැකි ස්ථාන කිහිපයක් සකස් කරන්න ඉදිරියේදී අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් ළමයින්ට සූර්ය බලය භාවිත කරමින් පරිගණක භාවිත කරන්න, මොබයිල් ෆෝන් භාවිත කරන්න හැකි වන අයුරින් සකස් කරන්න අපි අපේක්ෂා කරනවා. 
අපි දැනට සූර්ය කෝෂයෙන් එන ජවය යම් උපකරණයකට (කන්වේටරයක්) අනිවාර්යයෙන් ලබාදිය යුතුයි. මේ අයුරින් මේ අතරමැද තිබෙන උපකරණයේ ක්ෂමතාවය වැඩි කරන්න අපි මේ වෙනකොට පර්යේෂණ කරගෙන යනවා. 

ආචාර්ය සුජීවා ද සිල්වා රසායන විද්‍යා අංශය කැලණිය විශ්වවිද්‍යාලයdoc sujiwa de silava

අපේ රටේ ප්‍රධාන ගැටලුවක් වන්නේ පුනර්ජනනය නොවන බලශක්ති අපි දැනට භාවිත කිරීමයි. නමුත් අපි එදිනෙදා අලුත් වන පුනර්ජනන බලශක්ති සඳහා යොමුවෙන්න ඕන. සූර්ය ශක්තිය ඒ සඳහා හොඳ උදාහරණයක්. නමුත් මේ සඳහා අපේ රටේ පවතින කැමැත්ත බොහොම අඩුයි. ඒ නිසා යම්කිසි ආකාරයකින් මෙය අපි ප්‍රචලිත කරන්න ඕන. අපේ ඉලක්කගත ප්‍රජාව වන්නේ පාසල් ළමුන් සහ ගුරුවරුන්. ඔවුන් මගින් අපට හැකි වෙනවා හොඳ පණිවුඩයක් තම තමන්ගේ නිවෙස්වලට මෙන්ම රටවැසියන්ට යවන්න. මේ සඳහා අපේ විශ්වවිද්‍යාලය සමග තවත් විශ්වවිද්‍යාල කිහිපයක් සහභාගී වෙනවා. අපි පාසල් ළමුන්ට එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සරල උපකරණ සූර්ය කෝෂ මගින් බලගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. මේස ලාම්පුවක්, පංකාවක්, සූර්ය කෝෂ මගින් බලගන්වන මෝටර් රථයක් කෙසේද බලගන්වන්නේ යනාදී සෑම දෙයක්ම අපි දරුවන්ට කියා දෙනවා. මේවා දැන් පාසල් අතර බොහෝම ප්‍රචලිතයි. තවත් දරුවන් සිටිනවා නම් එවැනි අවස්ථාවලට සහාභාගී වී දැනුම උකහා ගන්න, අපි කැමතියි ඒ දරුවන්ට උපකාරයක් වන්න. අපි ඉදිරියේදී අපේක්ෂා කරන්නේ පාසල් හැර යන දරුවන් සූර්ය කෝෂ සවිකිරීම සහා නඩත්තුව සඳහා පුහුණු කරන්න. මෙය ඇත්තෙන්ම කාලීන අවශ්‍යතාවක්. මෙය යම්තාක් දුරට රට තුළ ප්‍රචලිත වෙමින් පවතිනවා. එය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එවැනි වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් අප කණ්ඩායම අපේක්ෂා කරනවා. 

IMG_0431 School-Awareness-Programmes-on-Solar-Power-Utilisation-7

 

 

 

c.a.n.jayathissa

 

 

 

 

 

charith jayathilaka