Author Archives: ශමීර රාජපක්ෂ

කලාකරුවන්ගේ විශ්‍රාම දීමනාව රුපියල් 3000කින් ඉහළට

විශ්‍රාමිකව සිටින කලාකරුවන් වෙනුවෙන් ගෙවන මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ. දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර ශ්‍රාමිකව සිටින කලාකරුවන් ඇගයීමට මෙම දීමනාව ප්‍රධානය කරයි.

එම මුදල් ලබාදීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.

දීමනා ප්‍රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී සිදුවිය.

DSC_6123 DSC_6136 DSC_6144 DSC_6149 DSC_6154 DSC_6165 DSC_6167 DSC_6168 DSC_6170 DSC_6174

ප්‍රධාන පක්ෂ දෙක රට අගාධයකට දැම්මා

(UPDATE)එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වී 70 වසරක් රට පාලනය කර මෙරට අගාධයට ඇද දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙම කණ්ඩායම් දෙක තවත් අවුරුදු 50ක් රට පාලනය කළත් මෙරට අඟලකින් හෝ ඉදිරියට ගෙන යෑමට නොහැකි බවදජවිපෙ නායකයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසූයේ අද (07 දා) කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති මැයි දින රැලියට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා, පැවසූයේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම පාලනය නොකිරීම හේතුවෙන් රට ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක් වෙමින් තිබෙන බවයි.

බදු ගසා, දඩ ගසා, උප්පැන්න සහතිකය ගන්නා විට, මරණසහතිකය ගන්නාවිට එකතු කරගන්නා මුදල් ඇතුළුව ජනතාවගෙන් එකතු කරගන්නා සියලුම මුදල් රට ලබාගෙන තිබෙන ණයවල වාරිකයන්හි පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

වංචාව, දූෂණය ඉහවහා ගොස් තිබෙන බවත්, රජගෙදර සිටින වංචනිකයන් හා ඒ වටා සිටින වංචනිකයන් විසින් මෙරටේ ජනතාවගේ දේපොළ මංකොල්ලකා ගනිමින්  සිටින  බවද පක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

මේ රට කඩා වැටීම නිසා සමස්ත ජනග්‍රහණයෙන් ලක්ෂ 86කින් එක් අයෙකුගේ දෛනික ආදායම ඩොලර් දෙකට අඩු බවද හෙතෙම පවසා සිටියේය.

රටේ ආදායම බෙදී යෑමේදී ඉහළම සිටිනා 20%ට 50.8% ක් බෙදී යන බවත්, පහළම සිටිනා 20%ට ලැබෙනුයේ සමස්ත ආදායමෙන් 4.1%ක් පමණක් බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය හොර කල්ලියක් විසින් අත්පත් කරගත් නිසා ආණ්ඩු වෙනස් කරන බවත්, එහෙත් ජනතාව යළිත් පත් කරන්නේ තවත් හොර කල්ලියක් වන අතර, එබැවින් මෙරට ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පුළුල් බලවේගයකට පමණක් වන බවත් හෙතෙම කියා සිටියේය.

මෙරට පුද්ගලයෙකුට වෙනස් කළ නොහැකි බවත්, රාජ්‍ය ධනයෙන් ශත පහක මුදලක් ජනතා විමුක්ති පෙරමුණ සොරකම් කර නොමැති අතර,ඔවුන් සියලුම කැප කිරීම් සිදුකර තිබෙන්නේ මෙරටේ ජනතාව වෙනුවෙන් බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.

රට හැදීමට වෙනස් ආර්ථික ක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව සමග අදහස් උදහස් හුවමාරු කරන පාලනයක් ඇති කළ යුතු බවත්,රජ ගෙවල්වල දූෂණය වංචාව තිබියදී රුපියලක් ලබානොදෙන බස් කොන්දොස්තර සමග හෝ පොලීසිය සමග රණ්ඩු වී නොමැති බවත් මේ නිසා දේශපාලනය මහජන සේවයක් බවට පත්කර ජනතා සේවයක් සිදුකරන පාලනයක් ඇති කරගතයුතු බවද මෙහිදී සඳහන් කළේය.

අතිබහුතරයක් දෙනාට දේශපාලනය බිස්නස් එකක් බවට පත්වී තිබෙන බවත්, මේ නිසා දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් තත්ත්වයට පත්වී තිබෙන බවත් පක්ෂ නායකයාමෙහිදී කියා සිටියේය.

මේ රට දියුණු කිරීමට තම ආර්ථික ක්‍රමවේදය වෙනස් කළයුතු බවත්, ජීවිත වෙනස් කර වංචාවෙන් දූෂණයෙන් තොර රටක් බවට පත්කිරීමට සටනක් දියත් කළයුතු බවත් මෙහිදී සඳහන් කළේය.

70 වසරක පක්ෂ දෙකේ පාලනය කොතරම්ද යත් රටට අවශ්‍ය සීනිවලින් 90%ක් පිටරටින් ගෙන එන බවත්, රටට අවශ්‍ය සහල්වලින් 32෴කුත්, රටට අවශ්‍ය අර්තාපල්වලින් 67%කුත් විදේශ රටවලින් ගෙන්වන බවත් පක්ෂ නායකයා මෙහිදී කියා සිටියේය.

බොරැල්ල කැම්බල් පිටියේ සිට බී.ආර්.සී. පිටිය දක්වා ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිය පැවැත්වූ අතර, මැයි දින රැලිය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බී.ආර්.සී. පිටියේදී පැවැත්විණි.

DSC_5744 DSC_5746 DSC_5750 DSC_5754 DSC_5756 DSC_5757 DSC_5761 DSC_5777 DSC_5779 DSC_5780 DSC_5786 DSC_5791 DSC_5824 DSC_5828 DSC_5836

බුද්ධ රශ්මි වෙසක් කලාපය

වෙසක් පුන් පොහෝ දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන වෙසක් කලාප අතරින් ප්‍රමුඛතාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය මූලික කරගනින් පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයට හිමිවෙයි. රජයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව පාකිස්තානයේ තක්ෂිලා නුවර හා ඉන්දියාවේ සාරාණාත් නුවර වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේලා මහ ජන ගෞරවය සදහා තැන්පත්කර ඇත.

DSC_5517 DSC_5524 DSC_5536 DSC_5545 DSC_5547 DSC_5556 DSC_5559 DSC_5600 DSC_5604 DSC_5619 DSC_5622 DSC_5626 DSC_5628

ජනතා පෙට් ස්කෑනරය ජනතාවට විවෘතයි

(VIDEO) මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ජනතා මුදල් පරිත්‍යාගයෙන් ලබාගත් පෙට් ස්කෑනරය අද (01දා) විවෘත කරනු ලැබීය.

ඒ සඳහා වැල්ලවතේ සිට මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර තිබුණි.

පෙට් ස්කෑරය වෙනුවෙන් ජනතාව පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 200කට අධිකය.

DSC_4740 DSC_4791

3V2A0977 3V2A0980 3V2A0984 3V2A0989 3V2A1004 3V2A1014 3V2A1020 3V2A1050 3V2A1055 3V2A1065 3V2A1307 3V2A1347 3V2A1362 DSC_4720 DSC_4773 DSC_4779

නිපොන්මරු නෞකාව කොළඹට පැමිණෙයි

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකාව එම වැඩසටහන සමග ශ්‍රී ලංකාවට සේන්දු විය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක තරුණ තරුණියන් 242කගේ සහභාගීත්වයෙන් නිපොන්මරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජපන් කැබිනට් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම ලෝක මිත්‍රත්ව නෞකා සංචාරය පසුගිය ජනවාරි 29  දා, ජපානයෙන් ගමන් ආරම්භ කරන ලදී.  ඉන් අනතුරුව පසුගිය 11දා මෙම නෞකාව ඉන්දියාවේ නැංගුරම්ලා දින 03ක් එහි ගත කොට (13දා) යළිත් ගමන් අරඹා අද දිවයිනට ළඟා විය.  ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව ලබන (17දා) පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතය. 

තරුණ තරුණියන් අතර සංස්කෘතික, සාමාජීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමත්, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගාගැනීමත් නායකත්ව පුහුණුව වැඩිදියුණු කර ගැනීමත් යන විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් තරුණයා තුළ ඇති කිරීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

නිපොන්මරු වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමු විය.

DSC_3218 DSC_3268 DSC_3282

 

 

 

 

මාතර – කතරගම දුම්රිය මඟේ රේල්පීලි ඇතිරීම

මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ පළමු අදියරේ රේල්පිලි ඇතිරීමේ කටයුතු පසුගිය 12දා ආරම්භ කෙරිණි.

මෙම ප්‍රථම අදියර මෙම වසරේදී විවෘත කිරීමට නියමිත අතර, 

මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

චීන රජයේ අධාර යටතේ ඇ.ඩො.බිලියන 248ක වියදමකින් ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 26.4 කි.

DSC_1722 DSC_1752 DSC_1773 DSC_1786 DSC_1788 DSC_1793 DSC_1799 

 

චීන ෂැඔලින් සංදර්ශනය

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය ත්‍රාත්තික සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරීමත්, චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් – සහල් ගිවිසුමට වසර 65ක් සපරීමත් නිමෙත්නෙත් පැවැත්වූ වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස චීන ෂැඔලින් කුන්ෆු සංදර්ශන මාලාවක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැති මෙම සංදර්ශනයේදී සොන්ග්ෂාන් ෂාඔලින් වීර ස්වාමීන් වහන්සේලාගේ විහාරපුහුණු කඳවුරේ සටන් ශිල්පීන් සහ ෂෙන්ග්ෂූ සොන්ග් ඇන්ඞ් ඩාන්ස් තියටර්සටන් සංදර්ශන සහ නර්තනාංග ඉදිරිපත් කළේය.

කොළඹ චීන තානාපති කාර්යාලය, චීන සංස්කෘතික අමාත්‍යාංශය සහ චීනයේ හැනන් පළාත් ආණ්ඩුවේ අනුග්‍රහාය ඇතිව චීන ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා චීන සමාජය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශනමාලාව සංවිධානය කළේය. එහි අවසන් සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 17 දා පැවැත්විණ.

DSC_0026 DSC_0028 DSC_0046 DSC_0138 DSC_0183 DSC_0198 DSC_0236 DSC_0254 DSC_0274 DSC_9568


විහාර මහාදෙවි එළිමහන් රංග පීඨය ඡායාරූප – ක්‍රිෂාන් රණසිංහ

_KSR8868 _KSR8870 _KSR8874 _KSR8875 _KSR8876 _KSR8880 _KSR8886 _KSR8889 _KSR8892 _KSR8895 _KSR8896 _KSR8898 _KSR8900 _KSR8904 _KSR8905 _KSR8907 _KSR8914 _KSR8937 _KSR8945 _KSR8949 _KSR8961 _KSR8998 _KSR9004 _KSR9005 _KSR9020 _KSR9028 _KSR9035 _KSR9036 _KSR9049 _KSR9061 _KSR9081 _KSR9088 _KSR9105 _KSR9108 _KSR9115 _KSR9129 _KSR9134 _KSR9139 _KSR9178 _KSR9180 _KSR9199 _KSR9216 _KSR9273 _KSR9286 _KSR9293 _KSR9294 _KSR9295 _KSR9311 _KSR9322 _KSR9329 _KSR9346 _KSR9348