Author Archives: මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි

මාතරදී පහකට මරණ දඬුවම

ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවැරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මරණ දඬුවම නියම කළේය.

අද (11දා) මෙසේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වෙති. 2009 වසරේ ජනවාරි 15 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර තිබේ.

මාතරදී පොලීසියට හමුවුණ සුපිරි හැමර් රථය

ඇමෙරිකාවේ නිෂ්පාදිත රුපියල් කෝටි ගණනක් වටිනා හැමර් රථයක් මාතරදී පොලීසිය විසින් නවතා ප්‍රශ්න කරනු ලැබීය. හැමර් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ මාස තුනකට පමණ බව එය පැදවූ පුද්ගලයා පොලීසියට පවසා තිබේ. එය ලංකවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව පොලීසිය කියයි.

ශ්‍රි ලංකාවේ තාවකාලිකව හැමර් රථය භාවත කිරිම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලික බලපත්‍රයක් ලබා දී ඇත. රක්ෂණ සහතිකයක්, මෝටර් රථය ලියාපදිංචි කිරිමක් හෝ ආදායම් බලපත්‍රයක් එයට නොතිබීය.ප්‍රශ්න කිරිමෙන් පසුව රථය මුදාහැරිමට පොලීසිය කටයුතු කර තිබේ.

20161220_090700_resized 20161220_090717_resized 20161220_090740_resized 20161220_090811_resized 20161220_090825_resized 20161220_091113_resized 20161220_091324_resized 20161220_091343_resized 20161220_091349_resized

 

  

ශ්‍රී ලංකාවේ විශාලම කිඹුලෙක් හමුවෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලම කිඹුලන් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මාතර වෙලේගොඩ ප්‍රදේශයේදී අද (07දා) මෙම කිඹුලා සොයාගත් අතර කිඹුලා අඩි 18ක් දිග බවත් ආසන්න වශයෙන් බර ටොන් එකකට ආසන්න බවත් වනජීවි නිලධාරියෝ පවසති. ඇළක සිටියදී සොයාගත් කිඹුලා මිරිස්ස මිරිස්ස කලවැටියේදී නැවතත් නිල්වලා ගඟට මුදා හැර තිබේ.

Crocadile 1 Crocadile 2 Crocadile 4 Crocadile 5 Crocadile 6 Crocadile 7 Crocadile 8 Crocadile 9 Crocadile 10 Crocadile 11 Crocadile 12 Crocadile 14 Crocadile 15 Crocadile 16 Crocadile 17 Crocadile 18

 

 

2016 ශිෂ්‍යත්ව හපනා මාතරින් බිහිවේ

ඊ‍යේ (04දා) රාත්‍රියේ නිකුත් කෙරුණු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු 196 ක් ලබාගත්  මාතර ඌරුගමුව මෙතේදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත් වී තිබේ.

 1 3 4 5 20161005_100239_resized 

 

 

වැලිගම හිටපු නාගරික මන්ත්‍රීවරිය පැහැර ගනී

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ හෝටලයකදී එහි හිමිකාරිනිය අද (15දා) අලුයම කිසියම් පිරිසක් විසින් ආයුධ පෙන්වා බියගන්වා ඇයගේ ජීප් රථයද සමග පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු මන්ත්‍රිනියක වන යමුනා කාන්ති පුංචිහේවා (38) මහත්මියයි.

එම අවස්ථාවේ හෝටලයේ සිටි සේවකයන් දෙදෙනෙකුගේ අතපය ගැට ගසා දමා එම අපරාධය සිදුකර ඇති අතර, මෙම පැහැරගැනීමට එම හෝටලයේ සේවකයෙකුද සම්බන්ධ වී ඇත්දැයි සොයා බලන බව පොලීසිය පවසයි.

පැහැරගැනීම සඳහා තිදෙනෙකු පැමිණ ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇති අතර, පැහැරගැනීමට ලක්වූ හිටපු නාගරික මන්ත්‍රිනිය පිළිබඳව ඊයේ (15දා) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇය පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක්වූවාය.වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

සුපිරි රියෙන් කුඩු අදියි

කොළඹ සිට මාතර දක්වා හයිබ්‍රිඩ් මෝටර් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ මත්කුඩු  විකිණීමේ ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයෙකු හා රියදුරෙකු ඊයේ (02දා) සවස සැකපිට අත්අඩංගුවට ගැනීමට මාතර පොලීසිය සමත් විය.

ඔවුන් සන්තකයේ තිබූ මත්කුඩු ග්‍රෑම් 10 යි, මිලිග්‍රෑම් 100 ක් අඩංගු කුඩු පැකට් 101 ක් ද මත් කුඩු අලෙවි කර  උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 2 ½ ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ලත් ගන්දර පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ දෙවිනුවර පදිංචි 40 හැවිරිදි රියදුරා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

විශාල අනතුරක් නූලෙන් බේරෙයි

මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රිය හා මහනුවර සිට මාතර බලා ගමන් කරමින් තිබූ අංක 840 දරණ දුම්රිය ගාල්ල ගිංතොට දුම්රිය ස්ථානය අසළදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් රජරට රැජින දුම්රියේ රියදුරුගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනිමට හැකිවය තිබේ.

දුම්රිය එංජින් දෙක අඩි කිහිපයක් පමණ දුරකින් නැවතී තිබේ. පියදිගම පාලම අසළදී මෙම අනතුර සිදුවීමට යනු දුටු පිරිසක් හා දුම්රිය හරස්මාර්ගයේ මුරකරු කෑගසීම නිසා රජරට මැණික දුම්රියේ රියදුරු එක්වරම තිරිංග තදකර දුම්රිය නවත්වා තිබේ.  රජරට මැණික දුම්රියේ රියදුරුට ක්ලාන්ත ගතියක්ද ඇතිව තිබේ. 

අනුරාධපුර රැඳවියා මාතරදී පැන යයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණයේ නඩුවකට රැගෙන ආ සැකකරුවෙකු අද (25දා) උදෑසන මාතර බන්ධනාගාරය අසලදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මාතර පොලීසිය පවසයි.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරුට විරුද්ධව මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නඩු පවතින බව හෙළි වී ඇත. ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් පවසයි. 

 

 

වැඩට ඇවිත් නිල්වලා ගඟට පනියි

සිය නිවෙසින් රැකියාවට යන බව සඳහන් කරමින් පැමිණි තරුණියක් අද (13දා) බණ්ඩත්තර පාලමෙන් නිල්වලා ගඟට පැන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.

28 හැවැරිදි මාතර, තිහගොඩ ප්‍ර දේශයේ තරුණියක් මෙසේ සිය දිවි හානිකරගෙන තබේ. ප්‍රේම සම්බන්ධයක් සිය දිවි හානි කරගැනීමට හේතුව විය හැකි බවට පොලීසිය සැකකරයි. 

කොක්කු පෙන්නා කුක්කු පොවන්න ගිහින් පොලීසියේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයේ යෙදෙන සාමන්‍ය බස් රථයක රුපියල්  500,000ක් පමණ වටිනා තේක්ක ලෑලි තොගයක් නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයක් පොලීසිය විසින් ව්‍යාර්ථ කර තිබේ.

මාතර ගොඩගම පිවිසුම් මාර්ගයේදී මෙම බසර්ථය අත්අඩංගුවට ගෙන තිබුණ අතර හය කොට්ටාව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබුණි. 

අධිවේගී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණ අතර එහිදී රියදුරු කලබලයට පත්වීමෙන් බස්රථය ධාවනය වීම නිසා පිවිසුම් දොරටුවටද අලාභ හානි සිදුවිණ.

සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන තිබූ අතර බස්රියේ ආසන යට ලෑලි දමා තිබුණි.

බස්රියේ පිටුපස අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා යනුවෙන් සඳහන් කර තිබුණි.