Author Archives: සංජීව ධර්මසේන

හිරුණි විජේරත්නගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

ඇමෙරිකාවේ පැවැති "හූස්ටන් මැරතත්" තරගයේදී මැරතන් කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත්කිරීමට හිරුණි විජේරත්න සමත් වූවාය. ඇමෙරිකානු Hiruni_profileවේලාවෙන් ඊයේ (14දා) අවසන් වූ මෙම තරගයේ 08 වැනියා ලෙස හිරුණි තරගය අවසන් කළ අතර, ඒ සඳහා ඇය පැය 2:36:35ක කාලයක් ගතකළාය. හිරුනි සමස්ත තරගයේ (කාන්තා/පිරිමි) 51 වැනි ස්ථානය දිනාගත්තාය.

මෙය නිලූකා රාජසේකර විසින් පිහිටුවා තිබූ දෙවසරක් පැරණි කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අබිබවා යාමක් වන අතර, නිලූකා පසුගිය 2015 වසරේ පැවැති හොංකොං මැරතන් තරගයේදී සිය ඉසව්ව පැය 2:40:07කින් අවසන් කර එම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණි.

ශ්‍රී ලංකා – ඇමරිකා මලල ක්‍රීඩිකාවක වන හිරුණි වාර්තාකළ මෙම කාලය හේතුවෙන් ඇය මෙම වසරේ අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළටද සුදුසුකම් ලබාගත්තාය.

ජනකගේ ගිනස් වාර්තා උත්සාහය සාර්ථක වෙයි

අපේ කාලයේ යෝධයෙකු ලෙස අවිවාදයෙන් පිළිගතහැකි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ කරන ජනක කාංචන මුදන්නායක තවත් අසීරු ගිනස් වාර්තා උත්සාහයක් සඵල කරගැනීමට අද (29දා) පෙරවරුවේ සමත් විය.

ලොව ශක්තිමත්ම දත් දෙපළ ඇතුළු ගිනස් හා ලෝක වාර්තා කිහිපයකට හිමිකම් කියන ජනක, මෙවර සිදු කළ වික්‍රමය වූයේ කිලෝ 50ක් බර හාල් මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් විනාඩි 30ක් ඇතුළත, මීටර 30ක් දුරට කටින් එකින් එක රැගෙන යාමය. එය ගිනස් වාර්තා පරිසාදන මට්ටමද විය. කෙසේ නමුත් ජනක මෙහිදී පරිසාදන මට්ටිමද අභිභවමින් විනාඩි 29යි තත්. 28කදී හාල් මුට්ට 17ක් රැගෙන යාමට සමත් වූ අතර, ඒ සමග ඔහුට සිය ගිනස් වාර්තා උත්සාහය සඵල කරගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී, පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ජනක තමන්ගේ දත් දෙපළෙහි ශක්තිමත් බව ලොවට ප්‍රදර්ශනය කළේය.

ගිනස් වාර්තා පොතට ඇතුළත් කළ මෙම වාර්තාව හා සමාන වාර්තාවක් ලොව මීට පෙර කිසිවෙකු හෝ විසින් පිහිටුවා නොමැති අතර, මෙවැනි වාර්තාවක් පිහිටුවීමේ පරිසාධන මට්ටම ලෙස ගිනස් වාර්තා තරග නීති රීතිහි දක්වා ඇත්තේ විනාඩි 30ක් තුළදී කිලෝ 50ක් බරැති කොට්ට 15කට වැඩි ප්‍රමණයක් රැගෙන යාමයි.

ජනක පසුගිය වසරේ ඔක්තෝබර් මසදී ද ගිනස් වාර්තාවක් පිහිට වූ අතර, එවර ඔහු අඩි 04ක් දිග, මි.මී. 12ක වට ප්‍රමාණයක් සහිත, ග්‍රෑම් 900ක් බර වානේ කම්බි 20ක් එක් විනාඩියක් තුළ තම දත්වලින් නැවීමට සමත් විය.

 මීට අමතරව ජනක තම දකුණතේ ඇඟිලි තුඩු මතින් ටොන් එකහමාරක් (ටො. 1.5) බරැති එල්. 300 වර්ගයේ වෑන් රථ 32ක්, විනාඩි 13ක් තුළදී ධාවනය කර ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම ලෝක වාර්තාවකට ද හිමිකම් කියන ඔහු 1998 වසරේදී ටොන් 9.5ක් බරැති කෝච්චි පෙට්ටියක්, සැතපුම් එකයි කාලක් (සැ. 1.25) තම දෙඅතේ ඇඟිලි තුඩු මතින් තල්ලු කර තිබේ.

පරම්පරාගත ශක්තිවන්තයෙකු වන හඟුරන්කෙත උපන් ජනක කාංචනගේ පියා ද ශක්තිවන්තයෙකු වන අතර, ඔහු ගිනස් වාර්තා 07ක හිමිකරුවෙකු වෙයි. ඒ අනුව පියාගේ අඩිපාරේ යමින් සිටින ජනක, තම පියාට ද ආඩම්බරයක් වෙමින් ගිනස් වාර්තා සංඛ්‍යාව 18ක් පිහිටුවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙහිදී සිය ගිනස් වාර්තා උත්සාහය සපලකර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා සිටියේය.

"ඇත්තටම ගොඩක් සන්තෝසයි. පැය භාගයක් තුළ හාල් මුට්ට 15යි ගිහින් දාන්න තමයි වාර්තාව තිබුණේ. ඇතැම් අවස්ථාවලදි එකක්, දෙකක් අතහැරුණත්, විනාඩි 30කදී හාල් බෑග් 17ක් රැගෙන ගිහින් ගිනස් වාර්තා උත්සාහය සාර්ථක කර ගත්තා. වීඩියෝ දර්ශන සහ විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ වාර්තා සියල්ල ලෝක ගිනස් වාර්තා මණ්ඩාලයට ඉදිරිපත් කිරීමෙන් පසු මට වාර්තාව හම්බ වෙයි"

Sequence 01.00_00_13_40 Sequence 01.00_00_24_30 Sequence 01.00_00_34_45 Sequence 01.00_00_47_32 Sequence 01.00_00_53_11 Sequence 01.00_01_06_11 Sequence 01.00_01_34_26 Sequence 01.00_06_34_29

 

ජාතික ස්කොෂ් ශූරයා රවිඳු, ශූරිය මිහිලියා

ජාතික ශූරයා ලෙස රවිඳු ලක්සිරි හා ජාතික ශූරිය ලෙස මිහිලියා මෙත්සරණි සම්මාන දිනාගනිමින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 37 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ  'ජාතික ස්කොෂ් ශූරතාවලිය' කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ ස්කොෂ් ක්‍රීඩාංණයේදී ඊයේ (19දා) සන්ධ්‍යාවේ නිමාවට පත්විය.

රවිඳු ලක්සිරි අවසන් තරගයේදී ෂමිල් වකීර් තරග වට 3/1ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය. කෙසේ නමුත් මෙහි පළමු වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, එම වටය ලකුණු 12/10ක් ලෙස ජය ලැබීමට ෂමිල් සමත් විය. නමුත් ඉතිරි වට ත්‍රිත්වය ලකුණු 11/01, 11/05ක් හා 11/03ක් ලෙස පහසුවෙන් ජයගැනීමට රවිඳු සමත් විය.

රවිඳු ජාතික ස්කොෂ් ශූරයා ලෙස සම්මාන දිනාගත් අඛණ්ඩ 05 වැනි අවස්ථාව වේ.

අඛණ්ඩව 06 වැනි වරටත් ජාතික ස්කොෂ් ශූරිය ලෙස කිරුළු පැළුදූ මිහිලියා මෙත්සරණි, අවසන් තරගයේදී ෆතුම් ෆාහිම් 11/06, 11/06, 12/10 ලෙස තරග වට 3/0කින් පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේ අනුග්‍රාහය හා සංවිධාන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකලේය.

ත්‍යාග හා කුසලාන ප්‍රධානය සඳහා යුද හමුදාපති මහේෂ් සේනානායක, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් (විශ්‍රාමික) ඒ. අබේසේකර, එහි ලේකම් කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්.එස්.පී. ජයවර්ධන ඇතුලු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ උසස් නිලධාරින් රැසක් සහභාගි වූහ.

AID_7551 AID_7560

කාන්තා අංශයේ අනුශූරතාව දිනූ ෆාතුම් ෆහීම්

AID_7563

කාන්තා අංශයේ ශූරතාව දිනූ මිහිලියා මෙත්සරණි

AID_7571

පිරිමි අංශයේ අනුශූරතාව දිනූ ෂමිල් වකීල්

AID_7575

පිරිමි අංශයේ ශූරතාව දිනූ රවිඳු ලක්සිරි

AID_7578 AID_7583 AID_7594

ජාතික  ශූරයා වූ රවිඳු ලක්සිරි හා ජාතික ශූරිය වූ මිහිලියා මෙත්සරණි 

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

 

ජනක කාංචන තවත් ගිනස් වාර්තාවකට සැරසෙයි

මෙවර සූදානම විනාඩි 30කදී, කිලෝ 50ක් බර හාල් හෝ සීනි මුට්ට 15කට වැඩියෙන් මීටර 15ක් දුරට ඔසවාගෙන යාම

ලොව ශක්තිමත්ම දත් දෙපළට හිමි ගිනස් වාර්තාව ඇතුළු වාර්තා රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ කරන ජනක කාංචන මුදන්නායක තවත් ගිනස් වාර්තාවක් පිහිටුවීමට මේ වනවිට සූදානමින් සිටියි.

මෙහිදී ඔහු කිලෝ 50ක් බර හාල් හෝ සීනි මුට්ට කටින් එකින් එක ගෙන 15කට වැඩි ප්‍රමාණයක් මීටර 15ක් දුරට රැගෙන යාමට බලාපොරොත්තු වන අතර, මෙම වික්‍රමය විනාඩි 30ක් ඇතුළතදී සිදුකිරීමට ඔහු සූදානමින් සිටියි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී මෙය එළඹෙන 29 වැනිදා උදෑසන 10.00ට සිදුකිරීමට නියමිතව තිබේ.

ජනක පිහිටුවීමට සූදානම් වන මෙම වාර්තාව හා සමාන වාර්තාවක් ලොව මීට පෙර කිසිවෙකු හෝ විසින් පිහිටුවා නොමැති අතර, මෙවැනි වාර්තාවක් පිහිටුවීමේ පරිසාදන මට්ටම ලෙස ගිනස් වාර්තා තරග නීතිරීතිහි දක්වා ඇත්තේ පැය භාගයක් තුළදී කිලෝ 50ක් බරැති මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමයි. ඒ අනුව ඔහු සිය ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා කිලෝ 50ක් බරැති මුට්ට 20කට වැඩි ප්‍රමාණයක් ඔසවාගෙන යාමට බලාපොරොත්තු වෙයි.

ජනක පසුගිය වසරේ ඔක්තෝබර් මසදීද ගිනස් වාර්තාවක් පිහිටු වූ අතර, එවර ඔහු අඩි 04ක් දිග, මි.මී. 12ක වට ප්‍රමාණයක් සහිත, ග්‍රෑම් 900ක් බර වානේ කම්බි 20ක් එක් විනාඩියක් තුළ තම දත්වලින් නවා ගිනස් වාර්තාව පිහිටුවූයේය. එම වාර්තාව ඔහුට පෙර පිහිටුවා තිබූ රුසියානු ජාතිකයා, ඉහළ ප්‍රමිතියෙන් යුත් කම්බි 09ක් නවා තිබුණි.

මීට අමතරව ජනක තම දකුණතේ ඇඟිලි තුඩු මතින් ටොන් එකහමාරක් (ටො. 1.5) බරැති එල්. 300 වර්ගයේ වෑන් රථ 32ක්, විනාඩි 13ක් තුළදී ධාවනය කර ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම ලෝක වාර්තාවකටද හිමිකම් කියන ඔහු 1998 වසරේදී ටොන් 9.5ක් බරැති කෝච්චි පෙට්ටියක්, සැතපුම් එකයි කාලක් (සැ. 1.25) තම දෙඅතේ ඇඟිලි තුඩු මගින් තල්ලු කර තිබේ.

_KSR0792 copy

 

 

සංගාගේ වාර්තාව කෝලි බිඳ දමයිද?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසරකදී ලබාගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මීට වසර 03කට පෙර පිහිටුවා තිබූ වාර්තාගත කඩඉමක් බිඳ දැමීමට ඉන්දීය නායක විරාට් කෝලි ආසන්නයට පැමිණ සිටියි.

සංගක්කාර 2014 වර්ෂයේදී ජාත්‍යන්තර ලකුණු (ටෙස්ට්, එක්දින, විස්සයි20) 2868ක් රැස්කිරීමට සමත් වූ අතර, එය බිඳ දැමීම ආසන්නයට පැමිණ සිටින කෝලි 2017 වර්ෂයේදී මේ වනවිට ජාත්‍යන්තර ලකුණු 2818ක් ලබා සිටියි. ඒ අනුව සංගක්කාරගේ කඩඉම පසුකිරීමට ඔහු තවත් ලකුණු 50ක් පමණක් පසුපසින් සිටින අතර, ඒ සඳහා කෝලිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03 බැගින් සමන්විත වූ එක්දින හා විස්සයි20 තරගාවලිය ප්‍රමණවත් වනු ඇත. ශ්‍රී ලංකාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදීද කෝලි ලකුණු 610ක් රැස්කිරීමට සමත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා වසරක් තුළ ලකුණු 2000 සීමාව අවස්ථා 73කදී පසුකර ඇති අතර, ඒ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකු සිටියි. මෙහිදී කුමාර් සංගක්කාර (2014-2868, 2009 -2436, 2011- 2267, 2012- 2148, 2004 -2124) හා මහේල ජයර්ධන (2001 -2313, 2007-2230, 2006 -2179, 2009 -2094, 2014 -2007) අවස්ථා 05 බැගින්ද, ඇන්ජලෝ මැතිව්ස් (2014/2692), තිලකරත්න ඩිල්ෂාන් (2009/2568), සනත් ජයසූරිය (1997/2449) හා අරවින්ද ද සිල්වා (1997/ 2432) එක් අවස්ථාව බැගින්ද මෙම කඩඉම පසුකර ඇත.

වසරකදී වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස්කළ පිතිකරුවන්  දසදෙනා

ක්‍රීඩකයා වසර      ඉනිම්      ලකුණු     වැ.ල.     සාමාන්‍ය  100  50

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)   2014       57   2868      319  53.11      8       18

රිකී පොන්ටිං (ඔස්ට්‍රේලියාව)       2005      58   2833      207 56.66     9       15

විරාට් කෝලි (ඉන්දියාව)      2017       52   2818       243 68.73     11    10

කේන් විලියම්සන් (නවසීලන්තය) 2015       46   2692      නොදැවී 242       65.65     8    14

ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)  2014       59   2687      160  65.53     4       17

රිකී පොංටින් (ඔස්ට්‍රේලියාව)       2003      49   2657      257 66.42     11       8

රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)     1999       62   2626      190  46.89     10   9

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)   2006      55   2609      287 52.18      5       16

විරාට් කෝලි (ඉන්දියාව)      2016       41    2595      235 86.50     7    13

සෞරව් ගංගුලි (ඉන්දියාව)  1999       60   2580      183  47.77     6    17        

393975-kohli-sanga-test-talk-700

සුරංග කඩයිමක් අබියස, ලෝකේෂ්ට වාර්තාවක් අහිමිවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකිරීමට තිබූ අවස්තාව ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට අහිමි විය.

තරගයේ මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලෝකේෂ් රාහුල්, නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබාදී ලකුණු නොලබාම දැවී ගියේය. මෙම දැවීයාමත් සමග ටෙස්ට් තරග 08කදී අඛණ්ඩව අර්ධ ශතක රැස්කළ ලොව පළමු පිතිකරුවා වීමේ භාග්‍ය හිමිකරගැනීමට තිබූ අවස්ථාව රාහුල්ට අහිමිවිය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වාර්තාකළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව 07ක් වන අතර, රාහුල් සමගින් පිතිකරුවන් 06 දෙනෙකු එම දක්‍ෂතාව දක්වා ඇත. එම පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරද සිටින අතර, ඊ.ඩී. වීක්ස් (බ.ඉ. කොදෙව්), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ), ශිවනාරින් චන්ද්‍රපෝල් (බ.ඉ. කොදෙව්) හා ක්‍රිස් රොජර්ස් (ඔස්ට්‍රේලියාව) ඔහු සමගින් සිටින අනෙකුත් පිතිකරුවෝ වෙති.

රාහුල් අවසන් වරට සිදුකළ ශ්‍රී ලංකා තරග සංචාරයේදී (85, 57) මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේදී (90, 51, 67, 60, 51) අඛණ්ඩව අර්ධ ශතක රැස්කිරීමට සමත් විය.

මේ අතර අද දිනයේ සාර්ථක පන්දු යැවීමක් සනිටුහන් කිරීමට සුරංග ලක්මාල්, ඉන්දීය ඉනිමේ බිඳවැටුණු සියල්ලේම හිමිකරුවා විය. ඔහු පන්දුවාර 06ක් යොමුකළ අතර, එම සියල්ල නිලකුණු පන්දුවාර වීමද සුවිශේෂී වෙයි.

මෙය වාර්තාගත පන්දු යැවීමක් වන අතර, ලක්මාල්ට තවත් එකඳු ලකුණක් හෝ ලබානොදී පන්දු 05ක් (පන්දු 41ක් වනතෙක්) යැවිය හැකි වුවහොත්, ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දු යවන්නා වීමට අවස්ථාව උදාවේ.

මෙම වාර්තාගත පන්දු යැවීමට මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෙරම් ටේලර් හිමිකම් කියන අතර, ඔහු 2015 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයකදී නිලකුණු පන්දු 40ක් යොමුකර ඇත.

269725

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යයි

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙහි කණ්ඩායම් නායකත්වයට කමිඳු මෙන්ඩිස් හා උපනායකත්වයට ජෙහාන් ඩැනියල් පත්කර ඇත. 

තරගාවලිය 'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව එහි %බී^ කාණ්ඩයෙන් තරග වදියි. එම කාණ්ඩයට පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ආසියානු බටහිර කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම ඇතුළත් වෙයි. 

මෙහි 'ඒ' කාණ්ඩයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා මැලේසියාව තරග වදින අතර, තරගාවලිය එළඹෙන 09දා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.
2012 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිවුවැනි වරටය.

මෙහි වත්මන් ශූරයන් ඉන්දියාව වන අතර, ඔවුන් 2016 හා 2014 යන වසර ද්විත්වයේ ශූරතාව හා 2012 වසරේ පාකිස්තානය සමගින් සම ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය. පාකිස්තානය 2014 වසරේදී හා ශ්‍රී ලංකාව 2016 වසරේදී මෙහි අනුශූරතාව හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා වයස 19න් පහළ සංචිතය – කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියල් (උපනායක), අශේන් බණ්ඩාර, ධනංජය ලක්‍ෂාන්, නිෂාන් මතුෂංක, නිපුන ධනංජය, හසිත ‍බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නවිඳු ප්‍රනාන්දු, රන්දීර් රණසිංහ, තිසරු රෂ්මික, තිලාන් ප්‍රශාන්, පී. ජයවික්‍රම, කලන පෙරේරා, කේ.කේ. කෙවින්

තරග කාලසටහන (ශ්‍රී ලංකාව තරග වදින තරග)
නොවැ. 10 ශ්‍රී ලංකාව – ආසියානු බටහිර කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම
නොවැ. 11 ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්තානය
නොවැ. 13 ශ්‍රී ලංකාව – පාකිස්තානය

U19 Group Photo copy

 

 

 

වසරේ ක්‍රීඩකයා රංගන – ක්‍රීඩිකාව චමරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 2016/17 කාලසීමාවේ දක්වනු ලැබූ දක්‍ෂතා ඇගයීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය^ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (31දා) රාත්‍රියේ නිමාවට පත්විය.

මෙවර සම්මාන උලෙළේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සම්මාන දිනාගත් අතර, ක්‍රීඩිකාව ලෙස හිටපු නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

මෙහිදි පිරිනැමූ අනෙකුත් සම්මාන අතර ජාත්‍යන්තර විස්සයි20 පිටියේ දැක්වූ දක්‍ෂතා අනුව අසේල ගුණරත්න වසරේ දක්‍ෂතම  පිතිකරු හා දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයාට හිමි සම්මාන දිනාගත් අතර, ලසිත් මාලිංග එහි දක්‍ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේය.

2016/17 කාලසීමාවේ ජාත්‍යන්තර එක්දින පිටියේ දැක්වූ දක්‍ෂතා අනුව දක්‍ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානයද අසේල ගුණරත්න විසින් දිනාගත් අතර, සුරංග ලක්මාල් එක්දින පිටියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙසද, කුසල් මෙන්ඩිස් වසරේ එක්දින පිතිකරු ලෙසද සම්මාන දිනාගත්තේය.

වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඩිල්රුවන් පෙරේරා සම්මාන දිනාගත් අතර, රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නා ලෙසද, ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරු ලෙසද සම්මානයට පාත්‍රවිය.

මෙහිදී අසේල ගුණරත්න වසරේ බලාපොරොත්තු සහගත (Promising) ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, නිරෝෂන් දික්වැල්ල වසරේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

මෙහිදී ජාත්‍යන්තර තරග බිමේ දැක්වූ දක්‍ෂතා අනුව වසරේ දක්‍ෂතම විස්සයි20 පිතිකාරිනිය ලෙස චමරි අතපත්තු, විස්සයි20 දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස සුගන්ධිකා කුමාරි සම්මාන දිනාගත්තාය.

වසරේ එක්දින පිතිකාරිනියට හිමි සම්මානයද චමරි අතපත්තු සතු වූ අතර, එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන දිනාගත්තාය.  

මෙවර සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.


 _KSR2957 _KSR2964 _KSR2983 _KSR2988 _KSR2991 _KSR3004 _KSR3050 _KSR3060 _KSR3094 _KSR3108 _KSR3125 _KSR3144 _KSR3149 _KSR3151 _KSR3155 _KSR3157 _KSR3159 _KSR3168 _KSR3171 _KSR3179 _KSR3190 _KSR3196 _KSR3204 AID_3136 AID_3146 AID_3152 AID_3171

_KSR2989 _KSR2990 _KSR2992 _KSR2999 _KSR3005 _KSR3046

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

දක්‍ෂතාවත් ආශීර්වාදයත් අවශ්‍ය බව චන්දිමාල් කියයි

සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට ආශිර්වාද ලබාගත් මෑණියන් කෙනෙක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල්, “ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”.

ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී චන්දිමාල්ගෙන් විමසා සිටියේය.

“එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.

මෙම අශිර්වාද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ බවටද කරුණු වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය.

“එහෙම මාව යොමු කළේ නැහැ. ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යැයි පැවසීය. 

AID_3009

කඩාවැටුණු ක්‍රිකට් හදන්න අමාරු නැහැ, එක යූ ටර්න් එකයි ගස්සන්න ඕන

ක්‍රීඩා ඇමතිවරායට කොන්දක් තියෙනවා නම් වත්මන් ක්‍රිකට් පරිපාලනය ගැන සොයා බලා කටයුතු කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා සඳහන්කර සිටින්නේ, කලක් කට පියාගෙන සිටියද, තවදුරටත් එසේ නොසිටින බවයි. වැරදි පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට පැමිණ කරන විනාශයට එරෙහිව මිනිස්සු එළියට බැස්සොත් තමන්ද ඒ සඳහා සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ විලාසයට සමාන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති යොවුන් ක්‍රීඩකයෙකු වන නුවන් තුෂාර ක්‍රීඩකයාට සිය ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක් සඳහා ඊයේ (16දා) ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී රණතුංග මහතා මේ බව හෙළිදරව් කර සිටියේය. එහිදී අමාත්‍යවරයා සිදුකළ කථාවේ හෙළදරව් කිරීම් සංක්‍ෂිප්තයක් පහතින් දැක්වෙයි.

ක්‍රීඩා අමාත්‍යතුමා වචනයක් කථාකරන්නේ නැහැ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන

මම දකින විදියට ක්‍රීඩාවක් නිවැරදි ගමනක් යන්න අංශ දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රීඩකයෝ ක්‍රීඩාව කිරීම, අනෙක පරිපාලනය හරි විදියට කිරීම. නමුත් අද වෙලා තියෙන්නෙ ක්‍රීඩාව ගැන කථාකරන්නේ පරිපාලකයෝ. උදාහරණයක්විදියට සභාපතිවරයා දෙපැත්තේ තියාගෙන ඉන්නවා සනත් ජයසූරියවයි, අසංක ගුරුසිංහවයි. හැබැයි ක්‍රිකට් ගැන කථාකරන්නේ සභාපතිවරයා. ඒක හරියට බල්ලගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ වැඩක්. එතකොට ක්‍රීඩකයෝ හදනවා පරිපාලකයො වෙන්න. මේ දෙක වෙන්විය යුතුයි.

අපේ කාලයේ පරිපාලකයෝ එක්ක සාකච්ඡා කරන්න ගියෙ මමයි, අරවින්දයි. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් දේවල් කථාකරගන්නවා. එතැනින් එහාට කළේ ක්‍රීඩාව කිරීම. අද මම දකින තවත් දුර්වලතාවක් තමයි, ක්‍රීඩකයෙක් සීයක් ගැහුවම පත්තරවලට කථාකරවනවා, මාධ්‍යයට කථා කරවනවා. කවදාවත් මේ දේවල් මේ රටේ සිද්ධ වුණේ නැහැ.

හැබැයි ක්‍රීඩා අමාත්‍යතුමා වචනයක් කථාකරන්නේ නැහැ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන. ක්‍රීඩා ඇමතිතුමාට වගකීමක් තියෙනවා මේ ක්‍රීඩකයන්ව ආරක්‍ෂා කරගන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ පසුගිය කාලයේ වුණානම්, ඒ ක්‍රීඩා ඇමතිවරු මේවට දැඩි තීරණ ගන්නවා. නමුත් අද ක්‍රීඩකයන්ට මාධ්‍යකට කථාකරන එකත් සීමාකරලා තියෙනවා.

අද සභාපතිවරයා ගිහින් ක්‍රිකට් ගැන කථා කරනවා, ක්‍රීඩකයෝ නිකන් ඉඳගෙන ඉන්නවා. අසංක ගුරුසිංහලාව පස්සේ වේදිකාවේ දාලා තියෙනවා.ක්‍රීඩකයොත් දැනගන්න ඕන රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. එක අතකින් ක්‍රීඩකයන්ටත් අද කරන්න දෙයක් නැහැ, මොකද ක්‍රීඩකයෝ මොනවහරි කළොත් ඔවුන්ට බලපෑම් එනවා. මේක අවාසනාවන්ත කාරණයක්.

මම දකින්නේ අද ක්‍රීඩකයන්ගේ 'ක්‍රිකට් ෆිට්නස්' නැහැ කියලා. අනෙක් පැත්තෙන් මානසිකත්වය ගොඩක් දුර්වලවෙලා තියෙන්නේ. ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා පැත්තෙන් ලෝකයේ කාටවත් දෙවෙනි නැහැ තාම. හැබැයි පාසල් පද්ධතියේ ඉඳන් දැන් එන්න එන්න දුර්වලවීගෙන එනවා. තාම බිම ඇණුනේ නැහැ, ඇනීගෙන යනවා.

අපි එක්දින තරගාවලිය (ඉන්දියාවට එරෙහි) නරක විදියට පැරදුණොත් අපට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩාකරන්න වෙනවා. ක්‍රිකට් ඉතිහාසයේ එහෙම කවදාවත් වෙලා නැහැ. පසුගිය වසර දෙකේ තමයි ක්‍රිකට් විශාල ලෙස වැටුණේ.මොනවද පරිපාලනය කරන්නේ. ක්‍රීඩකයෝ හතළිස් ගාණක් පසුගිය වසරේ සෙල්ලම් කරවනවා. පුහුණුකරුවො මාරු කරනවා. තමන්ගේ හිතවතුන්ව දාන්න හදනවා. මේ හරහා අද ක්‍රිකට් විනාශයන් ඇතිවෙලා තියෙන්නෙ.

ජනධිපතිතුමා පැරදුණු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තා කියන එක මට අදාළ කාරණයක් නෙමෙයි

ආණ්ඩුවක් හැටියට අපට ඇත්ත කථාකරන්න අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි මම ජනාධිපතිතුමාට පසුගිය වසර දෙකේ බලපෑම් කරන්න ගියේ නැහැ, කථාකරන්නවත් ගියේ නැහැ. අගමැතිතුමාටත් එහෙමයි. ක්‍රීඩා ඇමතිවරයෙක් ඉන්නවා, ඡන්දයක්තියලා පත්වුණ ක්‍රිකට් පරිපාලනයක් තියෙනවා. වගකීම ගන්න ඕන මේ අය. විශේෂයෙන් ක්‍රීඩා සමාජවල ඡන්දෙ දෙන මිනිස්සුත්.

හෙට මහින්ද රාජපක්‍ෂ මහත්තයා හරි, රනිල් වික්‍රමසිංහ මහත්තයාහරි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තායා හරි ක්‍රිකට් නිලවරණය ඉල්ලුවොත් ඔය නඩයත් එක්ක දිනන්න බැහැ. මමත් සභාපති හැටියට ඉල්ලලා ඡන්ද 07යි ආවේ. උපසභාපතිට ඉල්ලලා ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට පැරදුණා. හැබැයි මම මහ ඡන්දවලට ගිහිල්ලා හතර වතාවක් දිනුවා.

ඔය ක්‍රිකට් සභාපතිවරයා මහ ඡන්දෙකින් පරදිනවා. සංවිධායකයෙක් වෙලා ඉඳලත්ඡන්ද 20,000ක් ගන්න බැහැ. මහ මැතිවරණය පැරදුණු එකම පුද්ගලයා ආසන සංවිධායක වෙලා ඉඳලා. මට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනයක් නැතිව ඉඳලා ඡන්ද එක්ලක්‍ෂ හැත්තෑදාහක් ගන්නවා. මම හැමදාම ආසනයක් නැතිව දිනපු කෙනෙක්. නමුත් බොරැල්ල ආසනයේ ඡන්ද පදනමකුත් තිබිලා, දිස්ත්‍රික්කයෙන්ම රිජෙක්ට් වෙච්ච මනුස්සයෙක් ඔහු.

මම කියන්වෙ මේක මාෆියාවක්. මේ මාෆියා එකට පසුගිය ආණ්ඩු අවස්ථාවක් දුන්නේ නැහැ. මහින්දානන්ද ඇමතිතුමා (හිටපු ක්‍රීඩා අමාත්‍ය) කියන හැම දෙයකටම මම එකඟවෙන්නේ නැහැ.

නමුත් මට එතුමා ගැනගරුත්වයක් තියෙනවා,වැර‍ැදි පුද්ගලයන්ට එන්න දුන් නැති එක ගැන. මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මොකක් හරි හේතුවක් නිසා එන්න දුන්නේ නැහැ. ජනාධිතිවරණයේ අන්තිම රැස්වීම තිබුණේ බොරැල්ලේ. අපේ තිබුණේ කොළඹ. එතකොට මෛත්‍රීපාල මහත්තයාට විරුද්ධව කටයුතු කළ ප්‍රබලම කෙනෙක්තමයි අද ඉන්න ක්‍රිකට් සභාපතිවරයා.

ජනධිපතිතුමා පැරදුණු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තා කියන එක මට අදාළ කාරණයක් නෙමෙයි. නමුත් ක්‍රිකට්වලට වරදක් වෙනවා නම් මම කථා කරනවා. අවුරුදු දෙකක් දුන්නා, දැන් ඇති හොඳටම කාලය. පුහුණුකරුවෝ ගන්නවා. අපේ ඉන්න පුහුණුකරුවෝ අවුරුද්දක් දෙකක් මහන්සිවෙලා පුහුණුවීම් කරලා තරගාවලියකට යනකොට විශාල මුදලක් ගෙවලා ඇලන් ඩොනල්ඩ් ගේනවා.

එයා ඩොනල්ඩ්වවේදිකාවේ තියාගෙන පෙන්නන්ට යනවා කෙරුවාය. දැන් රාමනායක (චම්පක රාමනායක) වුන්නැහෙ යනවා පිටරට. මේ විදියට ගියොත් පරදින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්. සුමතිපාල පරදින්නේ නැහැ.

අද ඉන්න පරිපාලනය පරදින්නෙ නැහැ. ඒගොල්ලෝ හෙට ගෙදර යයි. ඒගොල්ලෝ තම තමන්ගේ ව්‍යාපාරවලට යයි. නමුත් රාමනායකලා, පසුගිය කාලයේ හිටපු අය පිට ගියාම එහි පාඩුව තියෙන්නෙ ලංකාවේ ක්‍රිකට්වලට. ඉතින් මේක ක්‍රීඩා ඇමතිතුමා හා මේ ආණ්ඩුව හොඳින්තේරුම් ගන්න ඕන.

ජනධිපතිතුමා ක්‍රිකට් ගැන මගෙන් අහලත් නැහැ, මම එතුමාට ක්‍රිකට් ගැන කියලා දෙන්න ගිහිල්ලත් නැහැ. එතුමා කවදා හරි ඇහුවොත් මම මොකක්ද කරන්න ඕන කියලා, එවිට මම එතුමාට කියලා දෙනවා. හැබැයි ඉදිරි සති කිහිපය තුළ මම එතුමාව දැනුවත් කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ගැන ලිපියක් එතුමාටයි, අගමැතිතුමාටයි යවනවා.

එයට තීරණයක් ගන්නවාද නැද්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. එම ලිපිය මම මහජනතාවටත් දෙනවා, මෙන්න මම මගේ යුතුකම කරලා තියෙන්නේ කියලා. අපි මේ ආණ්ඩුවහදන්න ජීවිත පරදුවට තියලා එළියට බැස්සේ. මෛත්‍රීපාල මහත්තයාට කට්ටිය හිටියේ නැහැ, කිහිප දෙනයි හිටියේ. හැබැයි එතුමාට විරුද්ධව කටයුතු කළ අය ඇමතිකම් ගන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි.

අද ක්‍රීඩකයෝ ගොඩක් අසරණවෙලා ඉන්නේ

මම දැක්කා තිලංග සුමතිපාල මහත්තයා කියනවා රවි කරුණානායක මහත්තයාට ඉල්ලා අස්වෙන්න කියනවා. නමුත් මම සුමතිපාල මහත්තයාට කියනවා තමන්ගේ පපුවට තට්ටකරලා බලන්න මට ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්න බැරි ව්‍යාපාර තියෙනවාද, මම මේවායේ හිටියද, මම මේවට යටින් ඉන්නවද කියලා.

අපි කාට බොරු කිවුවත් ඇත්ත කවදා හරි එළිවෙනවා. උඩ ඉන්නවානේ කවුරු හරි, ඒවා හරි විදියට කවදා හරි වෙයි. ඉදිරියේදී හෝ මෙතැන මොනවත් වෙන්නේ නැතිනම්, ලෝක ක්‍රිකට් කවුන්සිලයට අදාළ වාර්තාවක් මම යවනවා.

ක්‍රීඩකයෝ අද අමතක කරන්න හොඳ නැහැ ඒගොල්ල ක්‍රීඩාකරන්නෙ රට වෙනුවෙන් කියලා. ඒගොල්ලන්ගේ යුතුකමක් තියෙනවා මුදල් ඉතිරිකිරීමට වඩා හරි දේවල් කිරීම. ක්‍රිකට් පරිපාලනයත් දැනගන්න ඕන ක්‍රීඩකයන් නිවැරදිව පරිපාලනය කරන්න.

නමුත් පරිපාලකයන්ට ඔවුන්ගේ ජනප්‍රියතාව අඩුවන නිසා ඔවුන්, ක්‍රීඩකයන්ව පාලනය කිරීමට යන්නේ නැහැ. එවිට ක්‍රීඩකයෝ ප්‍රධානීන්ට, ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට වරදක් පෙන්වන්න යන්නෙ නැහැ. අපේ කාලයේ අපි ගිහින් කථා කරනවා. නමුත් අද ක්‍රීඩකයෝ ගොඩක් අසරණවෙලා ඉන්නේ.

ඇයි සුමතිපාල මහතාව මේ රටේ හිටපු ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙක් අයින් කළේ

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැට්ටුවට පස්සෙ පරිපාලනය කරන කෙනාට ඕන ඕන විදියට දුවන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්‍ෂ වෙනකොට පරිපාලනයට ඕන විදියට දඟලන්න බැහැ. අපි ක්‍රිකට් ගහනකොට, තරග ජයග්‍රහණය කරනකොට, අපිට පරිපාලනයත් සමග කථාකරන්න පුළුවන් වුණා. ක්‍රීඩාවේ වගකීම තියෙන්නෙ ක්‍රීඩා ඇමතිවරයාට.

ඇයි සුමතිපාල මහතාව මේ රටේ හිටපු ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙක් අයින් කළේ. අතුරුපාලන කමිටු පත්කළේ ඇයි,නුසුදුසු නිසා. කිරිඇල්ල ඇමතිතුමා අයින් කළා, එස්.බී. දිසානායක ඇමතිතුමා අයින් කළා, ජීවන් කුමාරතුංග ඇමතිතුමා අයින් කළා. ඊට පස්සේ සුමතිපාල මහත්තයා නඩු දැම්මා. එක නඩුවක්වත් දිනුවේ නැහැ. සමහර නඩු ඉල්ලා අස් කරගත්තා.

සනත් ජයසූරිය කණ්ඩායමට එනකොට මුල් තරග හතළිහටම ලකුණු 50ක් ගැහුවේ නැහැ

ක්‍රීඩා ඇමතිවරයාට කොන්දක් තියෙනවා නම්, හොයලා බලලා කටයුතු කරන්න ඕන. මම කාලයක් කට පියාගන හිටියා. නමුන් තවත් මම කට පියාගෙන ඉන්නේ නැහැ. වැරැදි පුද්ගලයෝ ක්‍රීඩාව විනාශ කරනවා විතරක් නෙමෙයි, මේ රටේ ගොඩක් දේවල් විනාශ කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්‍ෂා කරන්න මිනිස්සු එළියට බැස්සොත් මමත් බහිනවා.

අනවශ්‍ය දේවල් අයින් කරලා, හරි පරිපාලනයක් එක්ක, හරි පුද්ගලයෝ ටිකක් දාලා, හොඳ තේරීම් කමිටුවක් එක්ක, දක්‍ෂයන් ක්‍රීඩකයෝ හොයන, ක්‍රීඩකයන්ව තේරීම්ගන්න පුළුවන්තේරීම් කමිටුවක් එක්ක අපි ක්‍රිකට් ගහන්න පටන්ගන්න ඕන.ක්‍රීඩකයෝ කාඩ් පැක් එකක් වගේ විසිකරන්නෙ නැතිව, ආරක්‍ෂා කරන්න පුළුවන් තේරීම් කමිටුවක් පත්කරගත යුතුයි. තේරීම් කමිටුවට ක්‍රිකට් දැනුමක් තිබිය යුතුයි.

මට මතක විදියට ඒ දවස්වල සනත් ජයසූරිය කණ්ඩායමට එනකොට මුල් තරග හතළිහටම ලකුණු 50ක් ගැහුවේ නැහැ. නමුත් අපි තේරීම් ගත්තා ඔහුට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා. මට ඒ දවස්වල මාධ්‍යයෙනුත් දොස් කිවුවා දුර්වල කෙනෙක්ට දිගින් දිගටම අවස්ථාව ලබාදෙනවා කියලා.

ඒ වගේම මාවන් අතපත්තු. ඔහුගේ පළමු ඉනිම් පහම බිංදු. එක් තරගයක එක් ලකුණක් ගත්තා. ඒ අපි දැනගත්තා නියම වෙලාවට මෙයා නැගිටිනවා කියලා. ඒ දැක්ම තේරීම් කමිටුවට මම ගිහින් තේරුම් කරලා දුන්නා නායකයෙක් ලෙස. එකල තේරීම් කමිටුවට හිටියා හොඳ දැක්මක් තිබුණු අය. දුලීප් මෙන්ඩිස්, රොයි ඩයස්, මඩුගල්ල වගේක්‍රිකට් දන්න අය.

චන්දිමාල්, තිරිමාන්න වගේ ක්‍රීඩකයන්ව ආරක්‍ෂා කරගන්න

නොදන්න අයට ක්‍රිකට් කියලා දෙන්න ගියාම එතැන ප්‍රශ්නයක් වෙනවා. සනත් ජයසූරිය වගේ කෙනෙක්ට වෙන කරන්න ඕන නැහැ. එයාට හිතන්න තියෙන්නෙ එයාව කොහොමද එච්චර කල් ආරක්‍ෂා වුණේ කියලා. එතකොට එදා දකින දක්‍ෂ ක්‍රීඩකයෝ ඉන්නවානම් එයාට තිබුණා මීට වඩා හොඳට ඔවුන්ව ආරක්‍ෂා කරගන්න. උදාහරණ හැටියට චන්දිමාල්, තිරිමාන්න වගේ ක්‍රීඩකයන්ව ආරක්‍ෂා කරගන්න.

විශේෂයෙන්ම අපි කණ්ඩායමක් හැදුවෙ නැහැ. අපි සංගක්කාරවයි මහේලවයි දිගටම ක්‍රීඩාකරගෙන ගියා. ඒගොල්ලන්ගේ ස්ථාන වෙනස් කරන්න ගියේ නැහැ. ඒ දවස්වල තේරීම් කමිටුවට ඕන වෙලා තිබුණේ කණ්ඩායම ජයග්‍රහණය කරන එක විතරයි.

නමුත් මම 96 පස්සේ පහළට ගියා, අරවින්ද පහළට ගියා. මහේලලා, සංගලා, ඩිල්ෂාන්ලා මැද තැන්වලට දැම්මා. ඒගොල්ලන්ව ආරක්‍ෂා කරගෙන ගියා පහළ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්. තරුණ ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩාකරගෙන යන්න අවශ්‍ය ක්‍රමවේදය හදලා දුන්නා.

අද ක්‍රීඩකයෝ ඉන්නේ මම මේ තරගය අසාර්ථක වුණොත් ඊළඟ තරගය ක්‍රීඩා කරන්න ලැබෙයිද, තේරීම් කමිටුව මාව කපන්නද ඉන්නේ කියලා අවිශ්වාසයෙන්. නායකයාගෙන් මට සහයෝගය තියෙයිද කියලා ප්‍රශ්නයක. ඒ කාලේ කළුවිතාරණට මම කිව්වා ඕපන් ගහන්න, තරග කිහිපයක් අපි බලමු කියලා.

ඔයා අසාර්ථක වුණොත්, ඔයා ක්‍රීඩා කරපු තැනම ඔයාට තියෙනවා කියලා. කළු පළවෙනි තරගෙන්ම ලකුණු හැත්තෑ ගාණක් ගැහුවා. සනත්ව ඕපන් කරනවාටත් කැමති වුණේ නැහැ කට්ටිය. නමුත් අපි ඍජුව තීරණ ගත්තා. අද එවැනි ක්‍රමවේදයක් නැහැ. මම දන්නවා සනත් ලොකු කැපවීමක් කරනවා කියලා. නමුත් මට හිතෙනවා මීට වඩා වෙනස් විය යුතුයි කියලා. අපි දැක්කා පසුගිය කාලේ චමින්ද වාස් ආපු දවස්වල ක්‍රීඩකයෝ පරිපාලනය කරන්න ගත්තා.

අපේ කාලේ වාස්, ප්‍රමෝද්‍ය, දුලීප් ලියනගේ, පුෂ්පකුමාර මේ ක්‍රීඩකයෝ පැය එක හමාරක් පුහුණුවීම්වල පන්දු යවනවා. අඩුම තරමේ දවස් තුනක් පුහුණුවීම් කරනවා. හැබැයි කිසිම ආබාධයක් තිබුණේ නැහැ.ඒකට තමයි කියන්නෙ 'ක්‍රිකට් ෆිට්නස්' කියලා. මේ බඩක් ගැනයි, ඔලුව ගැනයි කථා කරන්න අවශ්‍ය නැහැ.

මම දකින්නේ නැහැ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවල අඩුවක් තියෙනවා කියලා. ඇතැම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි ක්‍රීඩා කරන කාලෙට වඩා ගොඩක් දේවල් අද ක්‍රීඩකයන්ට ලැබෙනවා. ක්‍රීඩකයන් කණ්ඩායම වෙනුවෙන් කරන කැපවීමත් ඇද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.

අලුත් දෙයක් තියෙනවා මේ ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා, මේ මොන බයිලද

අද ක්‍රිකට් දන්නැති පරිපාලනයක් තියෙන්නෙ කියලා මට ක්‍රීඩකයෝ කී දෙනෙක් කියලා තියෙනවා. ක්‍රීඩකයන්ට විශ්වාසයක් නැහැ අද ක්‍රිකට් පරිපාලනය කරන මිනිස්සු ක්‍රිකට් දන්නවාද කියලා. මේ හේතු නිසා රටක් හැටියට පසුගිය වසර දෙකේ ලොකු විනාශයකට පත්වුණා ක්‍රිකට් ක්‍රීඩාව.

ක්‍රීඩා ඇමතිතුමා බලන්න ඕන ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් අලුත් දෙයක් තියෙනවා මේ ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා. මේ මොන බයිලද. ඇයි ඕවා හැදුවෙ නැත්තේ, අවුරුදු දෙකක් තිස්සේ හදන්න තිබුණනේ. මේ ක්‍රිකට් පරිපාලනය තියෙනකම් කියයි අපි ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා. පට්ටපල් බොරුනේ, ඇයි මේ විහිළු කරන්නේ?

වසර ගාණක් හිටපු තේරීම් කමිටුව ඉන්නේ. මේව තමයි දුර්වලතා. තේරීම් කමිටුවේ තේරීම්වලට උපදෙස් දෙන්නේ ක්‍රිකට් ගහපු නැති අය. අද කියනවා ඒ ක්‍රීඩා සමාජවලට එන්න කියලා, ජාතික කණ්ඩායමට ගහන්න ඕනනම්.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අභිමානයක් තිබුණා, අපි කවදාවත් බංග්ලාදේශයට සිම්බාවේට පරදින්නේ නැහැ කියලා. එවැනි රටකට එක් තරගයක් පරාජය වුවත්, එය ලැජ්ජාවක් වූවා. අද ඒ තත්ත්වය නැහැ. මේකෙ නරක තියෙන්නේ, මේක ගලාගෙන යනවා පහළට. උඩ පරදිනකොට පාසල්වලට සිටින වයස 12න් පහළ 15න් පහළ ක්‍රීඩකයන්ට ක්‍රිකට් එපා වෙනවා. අපේ කාලේ ක්‍රිකට් බලපු ප්‍රතිශතයෙන් මට හිතෙන්නේ දැන් 60%ක් විතර ක්‍රිකට් බලන්නේ නැහැ.

මම ක්‍රීඩාකරන කාලේ මම ටොකු ඇණලා තියෙනවා ක්‍රීඩකයෝ හදාගන්න

මම හැම වෙලාවෙම ක්‍රීඩකයන්ව බේරගන්න හදන්නේ. කනට ගහල හරි ක්‍රීඩකයන්ව හදාගන්න ඕන. මම ක්‍රීඩාකරන කාලේ මම ටොකු ඇණලා තියෙනවා ක්‍රීඩකයෝ හදාගන්න. අද එවැන්නක් නැහැ. මීට වැඩිය හොඳයි ඇඳුම් නැතුව එළියෙ දුවන එක.

අද ක්‍රිකට් ක්‍රීඩකයෝ 99% කලකිරිලා ඉන්නේ. ආණ්ඩුව හදපු මම කලකිරිලා ඉන්නකොට, ක්‍රීඩකයෝ කලකිරෙන එක සාධාරණයිනේ. අපට මේක හදන්න අමාරු නැහැ. එක යූ ටර්න් එකයි ගස්සන්න ඕන. ඒක ගස්සන්න දැඩි තීරණ ගන්න ඕන.

මේ බඩවලුයි, ඔලු ගැනයි, ෆිට්නස් ගැනයි, ජිම් එකට යන ඒව ගැන කථාකරලා වැඩක් නැහැ. ක්‍රිකට් අනන්‍යතාවක් තිබුණු රටක් මේක. අපි ඇන්දෙ මොනවද, රටේ කොඩියට දක්වපු ගෞරවය, ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියපු එකේ තිබුණු අභිමානය. අද ක්‍රීඩකයන්ගෙ ඒවා හදලා තියෙනවාද?

කැච් එකක් අල්ලගන්න හැටි කියලා දෙන්න බැරි පුහුණුරුවෙක්ව පත්කරලා තියෙනවා ජාතික පුහුණුකරු ලෙස

ක්‍රීඩකයෙක්ට කැච්එකක් අල්ලගන්න හැටි කියලා දෙන්න බැරි පුහුණුරුවෙක්ව පත්කරලා තියෙනවා ජාතික පුහුණුකරු (අන්තර්) ලෙස. ක්‍රිකට්වල තියෙන දැනුම කොයිතරම්ද කියලා හිතාගත්තැහැකි. ක්‍රිකට් ගැන පැහැදිලි දැක්මක් දර්ශනයක් නැති නිසයි එවැනි අය පත්කරන්නේ. උඩපන්දුක් අල්ලන්න පුරුදුකරන්න බැරි පුහුණුකරුවෙක්ට දෙනවා, මුළු ක්‍රිකට් එකම විනාශකරලා දීපන් කියලා. එක වැඩක් කරන්න බැරි අයට දෙනවා අනික් ටිකක් ඔක්කොම බලපන් කියලා. ඊට වැඩිය හොඳ පුහුණුකරුවෝ හිටියෙ නැද්ද. අද අපි සූදුවක් මේ කරන්නේ.