Author Archives: හැටන් රංජිත් රාජපක්ෂ

ඇරඹී මසක් ගතවන ශ්‍රීපාද සමයේ ප්ලාස්ටික් බෝතල් 35000ක් පරිසරයට

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාසයක පමණ කාලයක් ගත වුවද, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ ආපන ශාලාවලින් හිස්ප්ලාස්ටික් බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබ්.හේමන්ත මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මෙවර වන්දනා වාරය තුළ පොලිතින් භාවිතය සියයට 20කින් පමණ පහළ බැස තිබෙනවා. ශ්‍රීපාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල්වලින්මුදාහැර තිබූ හිස් වතුර බෝතල් මේ වනවිට අ‍පගේ සේවකයන් විසින් එක්රැස් කර උපකාර්යාලයේ ගබඩාවේ ගබඩාකර තිබෙනවා.

කුඩා වතුර බෝතල් භාවිතය අවම කිරීම සඳහා නල්ලතන්නියේ පිහිටි අවන්හල් සහ සිල්ලර කඩ වෙත නැවත භාවිතයට ගත හැකි වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් බෝතල් පමණක් නිකුත් කරන්නේ නම් පරිසරයටමුදාහරින ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කරගත හැකියි. යනුවෙන් පැවසීය.

01 (1) 01 (3) 01 (4)

අධික සීතල නිසා නුවරඑළියේ අර්බුද රැසක්

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික ශීතල කාලගුණ තත්ත්වයත් සමගම ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී තිබේ.

අලුයම් කාලයේ ප්‍රදේශය පුරා පවතින අධික ශීතල කාලගුණය නිසා ඇතැම් පිරිස් ගිනිමැල ගසා ඇග උණුසුම් කරගැනීමටද කටයුතු කරමින් සිටිති.

පවතින අධික ශීතල කාලගුණයත් සමග තවදුරටත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වන අතර, එම මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම් ඇති වී තිබේ.

එළවළු වගාවට පතිත වන මල්තුහිනවලින් ආරක‍්ෂා කරගැනීම සඳහා හිරු එළිය වැටීමට ප්‍රථම එළවළු වගාවේ තැන්පත් වී තිඛෙන මල්තුහින ජලය යොදා සෝදා හැරීමටද ගොවීහු පුරුදු වී සිටිති. එහෙත් තේ වගාවට එය සිදුකළ නොහැකි බව වතු අධිකාරිවරු පවසති.

07 10 11 12

හැටන් දිවියා අල්ලන්න සුනඛ උගුලක්

හැටන් පන්මූර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකු පහරදි තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනීම සඳහා ඊයේ (03දා) අටවන ලද උගුලට දිවියා හසු නොවූ බව වනජීවි නිලධාරීහු පැවසූහ.

මේ අනුව දිවියා නිතර නිතර සැරි සැරූ ස්ථානයක කොටියා අල්ලා ගැනීම සදහා විශේෂ කූඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවීමට මධ්‍යම පළාත් සහකාර වනජීවි අධ්‍යක්‍ෂක පී.එම්. වීරසිංහ මහතා කටයුතු කර වනජීවි නිලධාරීන් විසින් සුනඛයෙකු යොදාගනිමින් යකඩ කූඩුවක ආධාරයෙන් දිවියා අල්ලා ගැනීමට උගුලක් අටවන ලදී.

දිවියා අල්ලාගැනීමට සිදුකළ මෙහෙයුමේදී අලි වෙඩි පාවිච්චි කිරීම නිසා දිවියා බියවී තේ වතුයායෙන් රක්‍ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජීවි නිලධාරීහු සැකකරති.

 බිය නිසා වතුකම්කරුවන් වැඩවර්ජනය කිරීම හේතුවෙන් එම වතුයායේ තේ දළු නෙළීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වි ඇති බව වතු අධිකාරිවරයා පැවසීය.  බියත් සමග එම වතුයායේ පිහිටි පන්මුර් දෙමළ මහා විද්‍යාලයටද ළමුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන බව එම විදුහලේ ආචාරවරයෙක් සඳහන් කළේය.

06 07 08 11 (7)

ප්‍රසංග පවත්වා සෙවූ ආධාර ලබා නොදෙයි

හැටන්, වටවල ප්‍රදේශයේ සර්කෝමා රෝගයෙන් පීඩාවිඳින පාසල් සිසුවෙකුට විදේශ ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ආදි සිසුන් පිරිසක් විසින් සංගීත ප්‍රසංගයක් පවත්වා එම සංගීත ප්‍රසංගයෙන් ලැබූ ආධාර මුදල් තමන් වෙත ලබා නොදුන් බව රෝගී සිසුවාගේ පියා වන ජී.ජී. කල්‍යාණතිස්ස මහතා චෝදනා කරයි.

එම සිසුවාගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනගත් එම සංගීත ප්‍රසංගය පැවැත්වූ තරුණයන් පිරිසක් එම රෝගී සිසුවාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවුපියන් මුණගැසී රෝගී සිසුවාට ආධාර ලබාදීම සඳහා හැටන් නගරයේ සංගීත ප්‍රසංගයක් පවත්වන බවත්, ඒ සඳහා දැන්වීම්වල සඳහන් කිරීමට රෝගී සිසුවාගේ ඡායාරූපයක් සහ එම සංගීත ප්‍රසංගය පැවැත්වීමට එම සිසුවාගේ දෙමවුපියන්ගෙන් අවසරද ලබාගෙන තිබිණි. එම අවස්ථාව පැවසූ පසු ඩී. කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාව බාරකරු විසින් ඉතා අඩු මුදලකට එම ශාලාව වෙන්කර දී තිබිණි. රුපියල් 100, 150 බැගින් ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර එම ප්‍රවේශපත්‍ර නගර සභාවේද අනුමැතිය ඇතිව අලෙවි කර ඇති අතර එහිදී ඇතැම් ප්‍රේක්‍ෂකයන් විසින් මෙම රෝගී සිසුවාගේ රෝගී තත්ත්වය ගැන සලකා ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රද ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් එම සංගීත සන්දර්ශනය සංවිධානය කළ අයගෙන් අවස්ථා කිහිපයකදී තමන් කරුණු විමසූ විට එම මුදල් කඩිනමින් ලබාදෙන බවට අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළද, මේ වනවිට ඔවුන්ගේ දුරකථනයට ඇමතුම් ගත්තද නිසි ප්‍රතිචාරයක් නොදක්වන බව එම සිසුවාගේ පියා චෝදනා කරයි.

04 DSC05670

 

හැටන් කොටියා අල්ලන්න මෙහෙයුම්

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳුකැලෑවක සැරිසරන කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන් විසින්අද (03දා) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඊයේ (02දා) දහවල් එම වතුයායේ වතුනිවාස පෙළකට ආසන්නයේ තිබූ ලඳු කැලෑවක සිටි මෙම කොටියා කාන්තාවකට හා තවත් වතුකම්කරුවන් සිවු දෙනෙකුටද පහර දී තුවාල සිදුකර තිබිණි.

පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී එම කොටියා තවත් වතුකම්කරුවන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබිණි.

කෙසේ වෙතත්  වතු කම්කරුවන් මෙම කොටියා අල්ලාගන්නා තෙක් වැඩවර්ජනයක නියැළී සිටින අතර කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන්ටද ඔවුන්ගේ සහයෝගය ලබා දී තිබිණි.

මෙම කොටියා අල්ලාගැනීම සඳහා කොළඹ වනජීවී නිලධාරීන් පිරිසක් විශේෂ කුඩුවක්ද රැගෙන එම ස්ථානයට ළඟා වීමට නියමිතය.

මෙම කොටියා ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු බවත්, මෙවැනි කොටියන් කිහිපදෙනෙකු පසුගිය වසරේ මරඋගුල් හා වස මිශ්‍ර මස් වර්ග භාවිතයෙන් ඝාතනය කර තිබූ බවත් වනජීවී නිලධාරීහු කියා සිටියහ.

 

00 copy 02 copy 02 05 copy 07 copy 09 (5) copy

දිවි පහරින් පහක් රෝහලේ

හැටන්, පන්මූර් වතුයායේ තේදලු නෙළමින් සිටියදී දිවියෙකුගේ පහරකෑමට ලක්වූ වතුකම්කරුවන් පස්දෙනෙකු අද (02දා) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි.

වතුකම්කරුවන් සිවුදෙනෙකු සහ වතුකම්කරු කාන්තාවක මෙලෙස රෝහල්ගත කර ඇත.

අදාළ තේවතු ආශ්‍රිතව දිවියන් විශාල වශයෙන් සැරිසරන බවත්, එසේ සැරිසැරූ දිවියෙකු තමන්ට පහර දුන් බවත් පහරකෑමට ලක්වූ වතුකම්කරුවෝ පවසති.

පන්මූර් වතුයායේ සැරිසැරූ දිවියා අල්ලා ගැනීම සඳහා වතුකම්කරුවන් හා හැටන් පොලීසියේ නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබිණි.

මෙලෙස තේවතු ආශ්‍රිතව සැරිසැරූ දිවියන් රැසක් විවිධ පුද්ගලයන් විසින් ඝාතනය කර තිබූ අතර, වනජීවී නිලධාරීන්ද අලිවෙඩි යොදා ගනිමින් එම දිවියන් රක්‍ෂිතවලට පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා දියත් කර තිබිණි.

05 06 08 11

බැඳුම්කර වාර්තාවට එජාපය බය නෑ – පී හැරිසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී ඇති බැඳුම්කර කොම්ෂන් වාර්තාවේ පිටු ගණන වැඩි වූවාට එක්සත් ජාතික පක්ෂය එයට බිය නොවන බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාත්න ශාලාවේ අද (01දා) නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"බැඳුම්කර කොමිසමට අවශ්‍ය සාක්‍ෂි එක්සත් ජාතික පක්ෂය මගින්ද ලබාදුන්නා.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩුවට කැපෙන්නේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට සහයෝගය දක්වන අයයි. “ යැයි ද පවසා සිටියේය.

02(1) copy

 

 

තේවතු ආශ්‍රිතව සැරිසරන දිවියන් රක්‍ෂිත ප්‍රදේශවලට පළවා හරයි

හැටන්, කොටගල රොසිටා වතුයායේ තේවතු ආශ්‍රිතව සැරිසරන දිවියන් රක්‍ෂිත ප්‍රදේශවලට පළවා හැරීමේ මෙහෙයුමක් ඊයේ (13දා) ක්‍රියාත්මක කළ බව නුවරඑළිය වනජීවී කාර්යාලය පවසයි.

දිවියන් විශාල වශයෙන් එම වතුයායේ සැරිසැරීම හේතුවෙන් තේවතු ආශ්‍රිතව වැඩ කරනවතුකම්කරුවන් දැඩි භීතියකින් පසුවූ අතර, එම දිවියන් පහර දීම හේතුවෙන්වතුකම්කරුවන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

තේවතු ආශ්‍රිත වතු නිවාසවල සුරතලයට ඇතිකරන සුනඛයන් පවා පසුගිය කාලයේඅතුරුදන් වූ බවත්, එම සතුන් දිවියන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවත් වතුකම්කරුවෝ පැවසූහ.

එම වතුයාය පුරා දිවියන් සැරිසැරීම හේතුවෙන්වතුකරයට යෑමද වතුකම්කරුවන් ප්‍රතික්‍ෂ්ප කර තිබිණි.

වතුයාය ආශ්‍රිතව සැරිසරන දිවියන් විසින් දඩයම් කර තිබූ සතුන්ගේ ශරීර කොටස්ද මෙමමෙහෙයුමේදී වනජීවී නිලධාරීන්ට නිරීක්‍ෂණය විය.

මෙම මෙහෙයුම තවත් දින කිහිපයක් සිදුකරන බව වනජීවී නිලධාරීහු පැවසූහ.

09 copy

මධ්‍යම පළාත් අමාත්‍ය රාමේෂ්වරන් අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය මගින් අද (11දා) සැකපිට ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති හා මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා ඇතුළු ලංකා එම කොංග්‍රසයේ ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එස්.සරවනාරාජා මහතා නියම කළේය.

එම්.රාමේෂ්වරන්, වෙල්ලයාන් දිනේෂ්, එම්.පිච්චමුර්තු සහ එස්. බාස්කරන් යන අය මෙසේ ඇප මත මුදාහැරුණි.

මෙම සැකකරුවන් පසුගිය (07දා) මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී සිටියදී අමාත්‍ය පලනි දගමිබරමි මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අද (11දා) මස්කෙළිය‍ පොලීසියට භාර වී තිබුණි.

arrest

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ පිපිරීමක්

ඒකාබද්ධ විපක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සී.බී.රත්නායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව සලකුණෙන් තරග නොකර ස්වාධීනව තරග කිරීමට තීරණය කළ බව තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය.

හැටන් නගරයේදී අද (07දා) පස්වරුවේ  පැවති පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"අපි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඒවගේම බැසිල් රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා එක්ක ඉඳලා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දිනවන්න ඊයේ වෙනකම් හිටපු කණ්ඩායමක් තමයි අද අපි මේ ඒකරාශි වෙලා ඉන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැමදාමත් මහින්ද රාජපක්‍ෂ මහතා පරාද කරන්න කටයුතු කළ නායකයා නැවත වතාවක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුනක් ඉෂ්ට කරන්න ඉදිරියට ඇවිල්ලා ඉන්නවා.

ඒ නිසා ඒ කුහක බලාපොරොත්තුව පරාජය කරන්න අපි ස්වාධීනව කටයුතු කරන්න තීරණය කර තියෙනවා. මේ වන කොට අපි තලවාකැලේ ලිඳුල නගර සභාව වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තියනවා.  මෙහිදී අපි තලවාකැලේ ලිඳුල නගර සීමාවේ ඉතාම වැදගත් පුද්ගලයන් දාහතර දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. ඒ දාහතර දෙනාම අපේ ගමට නගරයට පිළිගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය එහෙම නැත්තනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ දක්වා ශක්තිමත් කරපු කණ්ඩායමක් තමයි මේ ස්වාධීන වෙලා ඇප මුදල් තැන්පත් කළේ."

jointoppsition