Author Archives: රාහුල් සමන්ත

සිරකරුවෝද මනුෂ්‍යයෝ ලෙස සලකන සමාජය තුළ විවිධ ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ට නොසලකා හරින්නේ ඇයි?

සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න පිළිබඳ කතාබහ කරන සමාජය තුළ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත ප්‍රජාවන් (LGBTIQ) සම්බන්ධයෙන් ඇත්තේ නොසලකා හැරීමේ ප්‍රවණතාවකි. අපි සියලු දෙනාම මනුෂ්‍යයෝ බව මෙම කාරණයේදී බොහෝ දෙනෙකු අමතක කර තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා මේනකා හේරත් මහත්මිය පෙන්වා දෙයි. වාර්තමානයේදී මාධ්‍ය වාර්තාකරණයේ සිට සමාජයේ නොයෙක් අංශවලදී විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත ප්‍රජාවන් (LGBTIQ) සම්බන්ධයෙන් ලැබී තිබෙන අඩු තක්සේරුව හුදු ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකික සමාජය තුළ මනුෂ්‍යයන් ලෙස ඔවුන්ට නොසැලකීම නිසා පත්ව ඇති ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය කෙසේ ඉටුකළ යුතුද යන්න පිළිබඳ දැනුවත් කිරීම සඳහා EQUVL GROUND ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේනකා හේරත් මහත්මිය මේ බව කියා සිටියේය.


2

 හැමෝම දන්නවා මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය යටතේ 1996 අංක 21 කියන පනතින් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවක් කියලා. ඒ අනුව මේ ස්වාධීන කොමිෂන් සභාව තුළ අපිට පුළුවන් රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටින්න. ඒ වගේම අපිට පුළුවන් රජයට උපදෙස් ලබාදෙන්න. රජය මානව හිමිකම් කාරණා සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධය ලබාදෙන්න.

එමෙන්ම රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පැමිණිලි විභාග කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ රජයට මෙන්ම වගඋත්තරකාර පාර්ශ්වයන් වෙත ලබාදෙන්න ඕන. තවද වැරදිකරුවන් රඳවාගෙන සිටින බන්ධනාගාර, පොලිස් ස්ථාන හා වෙනත් රැඳවුම් ස්ථාන තුළට දවසේ ඕනෑම වෙලාවක ඇතුල්වෙන්න කොමිසමට හැකියාවක් තිබෙනවා.

LGBTIQ ප්‍රජාවගේ  අයිතිවාසිකම් උල්ලංඝනය 

හැම කාර්යයකදීම වගේ රටේ මානව හිමිකම් වර්ධනය කිරීමේ කාර්යයේදී අපි මේ විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත ප්‍රජාවන් (LGBTIQ) සමගත් එකතු වෙනවා. මොකද ඔවුන්ට අයිතිවාසිකම් උල්ලංඝනය වීම් රාශියක් සිදුවෙනවා. ඒ අයිතිවාසිකම් උල්ලංඝනය වීම අතර නොසලකා හැරීම, තැනකට ඇතුළුවෙන්න ඉඩ නොදෙන තත්ත්වයන්, මාධ්‍ය වාර්තාකරණයේදී භාවිත කරන වචන මෙන්ම සිදුවීම් එක්ක ගැටලු ඇතිවෙනවා.4
නිදසුනක් ලෙස යම් අයෙකු සේවයෙන් ඉවත් කළා නම් ඒක ප්‍රවෘත්තියක් නෙවෙයි. හැබැයි විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත ප්‍රජාවන් (LGBTIQ) අතරින් යම් කෙනෙකුට ඒ දේ සිදුවුවහොත් එක ප්‍රවෘත්තියක් බවට පත්කර ගන්නවා. එහිදී එම ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ කොහොමද කියන කාරණයේදී යම් යම් මාධ්‍ය තුළ ගැටලු දකිනවා. ඒ හරහා සමස්ත ප්‍රජාවටම ගැටලු ඇතිවෙනවා.
මාධ්‍යට හැකියාවක් තිබෙනවා රටේ ජනමතය හදන්න. රටේ ජනමතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ කාරණයේදී මේ ප්‍රජාව සම්බන්ධයෙන් මතය හදන එකත්, මතය වෙනස් කරන එකත් මාධ්‍ය සතු කාර්යයක්.

මාධ්‍යයේ වගකීම 

මේ කාරණයේදී මානව හිමිකම් කොමිසම හැටියට අපිත් සමග වැඩ කරන LGBTI ප්‍රජාව නියෝජනය කරන සංවිධාන සමග එකතුවෙලා කොහොමද මේ LGBTI සිදුවීම් වාර්තා කරන්නේ කියන එක සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්හට මාර්ග උපදේශන මාලාවක් සපයන වැඩපිළිවෙළක් හැදුවා. මේ සම්බන්ධයෙන් අපි කර්තෘ සංසදයට කරුණු වාර්තා කරල තියෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන් හට තිබෙන ආචාරධර්ම යම් සංශෝධනයක් කරන බව අපිට දැනුම් දීල තියෙනවා.
ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල මූලික අයිතිවාසිකම් කොටස සංශෝධනය කිරීමේදී නොසලකා හැරීමේ කොටසේදී සඳහන් කළේ ජාතිය, ආගම, ස්ත්‍රී, පුරුෂ භේදය කියන එක විතරයි. නමුත් අපි යෝජනා කළා ලිංගික අනන්‍යතාව කියන එක ඇතුළත් කළ යුතු බවට.

මානව හිමිකම් කොමිසමේ  මැදිහත් වීම 

මේ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ උප්පැන්න සහතික වෙනස් කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. යම් කෙනෙක් ස්ත්‍රියක් ලෙස ඉපදිලා පුරුෂයෙක් විදියට වෙනස්කම කරනවා නම් ලොකු කාර්යයන් කොටසක් තියෙනවා. ඒ සඳහා ලංකාවේ අවශ්‍ය සියලුම ශල්‍යකර්ම කරන්න හැකියාව නෑ. නමුත් බාහිරින් බලද්දී ඔහු හෝ ඇය කාන්තාවක් හෝ පුරුෂයෙක් විදියට වෙනස්කමකට ලක්වෙලා. එතකොට පවතින සමාජ වැඩකටයුතු කරගෙන යද්දී ඇය හෝ ඔහු විවිධ ගැටලුවලට මුහුණ දෙනවා.
විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තමයි මේ සඳහා අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර කරන්නේ. මේ කාරණයේදී මානව හිමිකම් කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතුවෙලා ලේඛනයක් හැදුවා. එය පෙර පවතින ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය සහ වර්තමානයේ පවතින ස්ත්‍රී පුරුෂභාවය සටහන් කරන වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලේඛනයක්. විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු එය නිකුත් කළ පසු අදාළ රෝහල් අධ්‍යක්ෂකවරයා ඒක සහතික කරන්න ඕන. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයකින් නිකුත් කරන එකක්. එම චක්‍රලේඛය උපයෝගී කරගනිමින් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවත් නියෝගයක් නිකුත් කළා මේ අයගේ ස්ත්‍රී පුරුෂභාවය හා නම කොහොමද සංශෝධනය කරන්නේ කියලා.
මේ කාරණය පදනම් කරගනිමින් බොහෝ දෙනෙකුට තමන්ගේ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු ගිණුම් යන හැම එකක්ම වෙනස් කරගැනීමේ හැකියාව ලැබුණා. එය සිදුවුණේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම නිසයි.* 

බහුතර පොලිස් අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධීයි

මෙම LGBTI ප්‍රජාව විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිවලදී කොමිෂන් සභාව ඉක්මන් පියවර ගන්නවා. මොවුන් සම්බන්ධයෙන් බහුතර පොලිස් අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධියි. ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සොයා බලනවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබාදීමත් සිදුකරනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවට පුද්ගලයා කවුද කියන එක වැදගත් නෑ. ඔහු මනුෂ්‍යයෙක්ද කියන එක තමයි සලකා බලන්නේ. සියලුම මනුෂ්‍යයන්ට අයිතිවාසිකම් සමානව ලැබෙන්න ඕන. එහිදී LGBTI ප්‍රජාවේ කෙෙනක් ආවත් ඔහු පැමිණිලිකරුවෙක් හෝ එක පුද්ගලයෙකු පමණයි. ඔහුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා නම් එම අයිතිවාසිකම ලබාදීම අපගේ රාජාකාරිය වෙනවා.

සමාජයේ නොසලකා හැරීම

සමාජයේ තිබෙන නොසලකා හැරීමේ ප්‍රශ්නය තුළ ඔවුන් තමන්ගේ ප්‍රශ්නය කියන්න ඉදිරියට එන්නෙ නෑ. ඒ නිසා ජීවත් වෙන්න විදියක් නොමැතිව සියදිවි හානිකර ගැනීම් ඕනතරම් දක්නට ලැබෙනවා. මොකද ඔවුන් බොහෝ අවස්ථාවල පවුල්වලිනුත් අයින් කරලා තියෙනවා. 
මාධ්‍ය විදියට මෙම සමාජ ගැටලු දිහා බැලිය යුත්තේ මානව හිමිකම් දෘෂ්ටිකෝණයකින්. අනාගතයේදී අපට, අපේ පවුලේ කෙනෙකුට වුවත් මෙවැනි දේකට මුහණ දෙන්න සිදුවෙන්න පුළුවන්. මට ඒ දේ වුණොත් කොහොමද ඒ දේට මුහුණ දෙන්නේ කියල හිතල වාර්තාකරණයේ යෙදෙන්න පුළුවන්නම් වඩාත් වටිනවා. මාධ්‍ය විදියට වඩා නිවැරදි ඇත්ත දේ සමාජයට කියන්න ඔබට හැකිවෙන්න ඕන.*

ඥානසාර හිමිගේ භික්ෂුත්වය ආරක්ෂා කරන්නැයි විරෝධතාවක්

සිරගතකර සිටින ඥානසාර හිමියන්ට භික්‍ෂුවක ලෙස සිවුරු පැලඳීමට හිරගෙදර තුළදී කටයුතු කර උන්වහන්සේගේ භික්ෂු භාවය  ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා හා ප්‍රදේශයේ දහම්පාසල් සිසුන්, ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (17දා) පෙරවරුවේ තිස්සමහාරාමයේදී විරෝධතා පාගමනක නිරත වූහ.

තිස්සමහාරාම මැණික් රජමහා විහාරය අබියසින් ආරම්භ කරන ලද මෙම පාගමන  සැතපුම් පහක් පමණ දුරක් ගමන්කර තිස්සමහාරාම රජමහාවිහාරයට ගමන් කර තිස්සමහාරාම චෛත්‍ය අබියස සිට ඒ වෙනුවෙන් සත්‍යග්‍රහයක්ද පැවැත්විණි.

විරෝධතාවයට එක්වූ නායක හිමිවරුන් පෙන්වා දුන්නේ, යම් උපසම්පදා  භික්ෂුවක් සිවුර ඉවත්කර දින හතකට වඩා සිටියහොත් උන්වහන්සේගේ උපසම්පද භාවය අහෝසිවන බැවින් ආණ්ඩුව විසින් තබාගැනීමට යන එම කළුපැල්ලම වහ ඉවත් කරගැනීමට ඥානසාර හිමියන්ට භික්ෂුවක ලෙස අදාළ දඬුවම ලබාදෙන ලෙසයි.

1 2 4 5

 

මත්තලට ඇන්ටනොවූ ගුවන් යානා 02ක්

මත්තල ගුවන්තොටුපොළ වෙත දෛනිකව පැමිණි එකම ගුවන් සේවය  වන ෆ්ලයි ඩුබායි ගුවන් යානය පසුගියදා (08දා) මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීම නැවත්වීමෙන් අනතුරුව පසුගිය දෙදින තුළ (10 වැනිදා සහ 11 වැනිදා) ඇන්ටනොවූ ගුවන් සමාගමට අයත් AN 12 වර්ගයේ ගුවන් යානා 02ක් එහි  සේවා ලබා ගෙන තිබේ.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ එම යානා සඳහා කාර්යමණ්ඩල පහසුකම් සහ අනෙකුත් සේවා පහසුකම් ලබාදී තිබෙන බව එහි කළමනාකාර උපුල් කලංසූරිය මහතා පැවසීය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සව කටයුත්තක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට පැමිණීම වෙනුවෙන් සැහැල්ලු ගුවන් යානයකින් රත්මලානේ සිට මත්තල  ගුවන්තොටුපොළ වෙත ඊයේ ( 11දා)  පැමිණ තිබේ.

anata

 

 

 

 

 

 

 

 

 

 

වර්ජනයක් තිබුණත් අම්බලන්තොට තැපැල් සේවකයෝ වැඩ

තැපැල් සේවක ගැටලු සඳහා වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ තැපැල් වෘර්තීය සමිති පෙරමුණ විසින් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් සිදුකළද අද (12දා) දින කිසිදු වෘර්තීය සමිති භේදයකින් තොරව ජනතාවට තම සේවාව ලබා දීමට අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයන් හා නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව ජනතාවට අවශ්‍ය තැපැල් කාර්යාලයකින් ලබාදිය යුතු සියලුම සේවාවන් ලබාදීම අම්බලන්තොට තැපැල් කාර්යාලයේ  ස්ථානාධිපති ඩබ්ලිවු.ආර් ප්‍රියන්ත මහතා ඇතුළු සියලු සේවකයන් කටයුතු කර තිබේ.

එමෙන්ම අම්බලන්තොට තැපැල් කාර්යාලයට  අනුබද්දව පවතින උපතැපැල් කාර්යාල 09ක් වන තැලවිල්ල, දෙහිගහලන්ද,මාමඩල,දෙහිගහලන්ද, ගොඩකොග්ගල්ල, රුහුණු රිදියගම, බෝලාන, බැරගම ,නෝනාගම හන්දිය යන ප්‍රදේශයන්හි පවතින උපතැපැල් කාර්යාලවල සේවකයන්ද ඒ අයුරින්ම තම සේවා කටයුතුවල නිරත විය.

1 2-(1) 3 5

 

බැරගමට පැමිණි වන අලි පළවා හැරීමේ මෙහෙයුමක්

අම්බලන්තොට බැරගම දැහැමිපුර ප්‍රදේශයට කඩා වැදී සිටි වන අලින් තිදෙනෙකු පළවා හැරීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරින් විසින් පසුගිය 01දා සවස ක්‍රියාත්මක කරන ලදී .

දින කීපයක් පුරාවට වරින් වර මෙම වන අලින් තිදෙනා ප්‍රදේශයට කඩා වැදී තම වගාවන් විනාශ කරන බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ .හම්බන්තොට රක්ෂිත ප්‍රදේශයට වන අලින් තිදෙනා පළවා හැරීමට කට යුතු කරන ලද.

 

 

ජනපති පත්වීමෙන් පසුව විපත් වැඩිවෙලා – නාමල්

මෛත්‍රීපාල සිරිසේනබ මහතා ජනපති තනතුරට පත්වූවාට පසුව ස්වාභාවික විපත් වැඩි වී ඇති බවත් ජනපතිවරණ සමයේදී ඔහු පැවැසූ දෑ පළිසන් දීමට පටන්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අද (22) දහවල් අම්බලන්තොට උඩබැරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා,

“අද මේ රට බේරගත්තු රණවිරුවා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙක් බවට පත්වෙලා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියා අද රණවිරුවෙක් බවට පත්වෙලා. රාජිත ඇමතිතුමාට එතුමා මේ රටේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියන එක එතුමාට අමතක වෙලාද කොහෙද. එතුමා මාධ්‍ය ප්‍රකාශක වෙච්චදා ඉඳන්ම රට, ජාතිය, ආණ්ඩුව පාවලා දෙන ජාතිවාදය අවුස්සන කථා තමයි කිව්වෙ. අපි ආණ්ඩුවට කියන්නෙ මේ සෙල්ලම නවත්තලා රට ගැන හිතලා තීන්දු තීරණ ගන්න කියලා.

නායකයෙක් වුණාම අනෙකුත් නායකයන්ට බොරුවට මඩගහන්න හොඳ නෑ. අනෙකුත් නායකයන්ට බොරු චෝදනා නගලා ඒ අයගේ චරිත ඝාතනය කරන්න හොඳ නෑ. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා රාජපක්ෂලා හොරු, ලැම්බොගිනි තියෙනවා රත්තරන් අශ්වයෝ තියෙනවා, හෙලිකොප්ටර් තියෙනවා, මාලිගා තියෙනවා කියලා. අද එතුමාගෙම ලේකම්වරයා පගාවක් ගන්නකොට කාර් පාක් එකේදී අහුවෙනවා.

මේවට තමයි කියන්නෙ බොරුවට මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කළාම පලිසන් දෙනවා කියන්නෙ. එතුමා එදා කිවුවා පාලකයා අධර්මිෂ්ට නම් රට විනාශ වෙනවා කියලා. අවේලාවට වහිනවා කිව්වා, මහා ගංවතුර එනවා කිව්වා, ජීවිත නැතිවෙනවා කිව්වා. එතුමා නායකයා වුණාට පස්සෙ වෙච්ච දේවල් බලන්න.

එතුමා නායකයා වුණාට පස්සෙ සිංහල අවුරුද්ද දවසේ මීතොටමුල්ලෙ කුණුකන්ද නාය ගියා. ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවුණා. ගිය අවුරුද්දෙ ගංවතුර ආවා. නාය ගියා 300කට වැඩිය ජීවිත ප්‍රමාණයක් නැතිවුණා ස්වභාවික විපත් නිසා. අරණායක නාය ගියා තාම මිනිස්සු කූඩාරම්වල. සාලාව කඳවුරේ සිද්ධියක් නිසා බෝම්බ පුපුරන්න පටන්ගත්තා. දේපළ, ජීවිත විනාශ වුණා.

අද කියනවා මේ සියල්ලම වෙන්නෙ හොඳකට ගංගා පිරෙනවා, වැව් පිරෙනවා, ඇළවල් පිරෙනවා කියලා. එතුමා වගකිවයුතු නායකයෙක් විදියට දැන්වත් විපක්ෂයේ ඉන්න අපිට මඩ නොගහා හිටියොත් හොඳයි මොකද ඕවා පස්සෙන් එනවා” යැයි පවසා සිටියේය

namal-rajapaksa

 

වගා ළිදක වැටි සිටි ඇතින්නක සහ පැටවෙකු බේරා ගැනේ

සූරියවැව, වැලි ආර ප්‍රදේශයේ වගා ළිදක වැටි සිටි ඇතින්නක සහ අලි පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ .

වැලි ආර ප්‍රදේශයේ ඇතින්නක සහ පැටවෙකු වගා ළිදක වැටි සිටින බවට පසුගිය 18දා සවස ලැබුණු තොරතුරකර අනුව ඇතින්න සහ පටවා ගොඩට ගැනීම සිහා හම්බන්තොට සහ මදුනාගල යන වනජීවී කාර්යාල වල නිලධාරින් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර අලි පැටවා සහ ඇතින්න ගොඩට ගැනීමට හැකි වී තිබේ .

ගොඩට ගත් ඇතින්න සහ පැටවා එම ප්‍රදේශයේම රක්ෂිත ප්‍රදේශයකට පළවා හැරීම සිදුකල බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජයකුමාර මහතා කියා සිටියේය.

1-Beragath-ali-(1) 1-Beragath-ali-(3) 1-Beragath-ali-(4)

නීතිවිරෝධී දුම් වැටි විකිණූ චීන ජාතිකයාට ලක්ෂ පහක් දඩ

තීරුබදු නොගෙවා, නීති විරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් අලෙවි කළ චීන ජාතිකයෙකු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක දඩයක් නියම කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර, මොහු සන්තකයේ තිබී තීරුබදු රහිතව ගෙන්වූ දුම් වැටි 126ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

හම්බන්තොට සුරාබදු ස්ථානයේ නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව අද (14දා ) පෙරවරුවේ  හම්බන්තොට නගරය ආසන්නයේ ඇති චීන ජාතිකයන්ට අයත් කාර්යාලයක් පරීක්ෂාවට ලක්කර මොහු අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට වරාය ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන ජාතිකයන්ට හා ලාංකේය කම්කරුවන්ට කාලයක් සිට මොහු මේවා විකුණා ඇති බවට හෙළි වේ.

අදාළ චූදිතයාට ලක්ෂ පහක් වූ දඩ මුදල ගෙවීමට නොහැකි වූ බැවින් මුදල් ගෙවනතුරු ජුනි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ. 

law

රසායනික පොහොර භාවිතය විශාල ගැටලුවක්

2018 වසර සඳහා කාබනික වී වගාව ඇරඹීමේ මහෝත්සවය අගුනකොළපැළැස්සේ යකාගල වෙල් යායේදී ආරම්භ කෙරිණි. එම වෙල් යායේ පිහිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අක්කර දෙකක් පමණ වන කුඹුරු යායෙන් මෙම කාබනික වී වගාව ආරම්භ විය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද වැඩම කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය අමරවීර මහතා,

වසවිසෙන් තොර ගොවිතැන නැංවීමට අදාළව කටයුතු කරන ගොවි ජනතාව ඒ සඳහා තවදුරටත් උනන්දු කරවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි. ඒ අනුව වසවිසෙන් තොර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා වන මගේ පළමු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

රසායනික පොහොර කෘමිනාශක භාවිතය නිසා අද අපේ රටේ ආහාර භෝගවලට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ඒ වගේම අපේ ගොවි මහත්වරු විශාල පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ කාබනික වගාව ප්‍රවර්ධනයට විශාල මැදිහත්වීමකින් කටයුතු කළේ. උන්වහන්සේ ගෙන ගිය ව්‍යාපාරය නිසා ගොවීන් තුළ කාබනික වගාව සම්බන්ධයෙන්  විශාල උනන්දුවක් ඇති වුණා.

ඒ නිසා අද රටේ ජනතාව තුළත් කාබනික වගා නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දුවක් ඇතිවී තිබෙනවා. සාමාන්‍ය ආහාර භෝගවලට වඩා වැඩි මුදලකට කාබනික ගොවිතැන මගින් නිපදවන ආහාර භෝග අලෙවි කර ගත හැකි නිසා වර්තමානයේ එම වගාවේ නිරතවන ගොවීන්ට වැඩි අස්වැන්නක් හා ආදායමක් ලබාගැනීමට හැකිවී තිබෙනවා.

මම කිසිසේත්ම කාබනික වගාව ආපසු හරවන්නේ නැහැ. වර්තමානයේ පොහොර සහනාධාරය යටතේ කාබනික ගොවීන්ට සහන හිමිවන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා ඔවුන්ටත් කිසියම් මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දිය යුතුයි කියලා’’ යැයි පවසා සිටියේය.

1 2

තිස්ස – මාතර පාර වසා විරෝධයක්

ඉන්ධන මිළ පහත හෙළන ලෙස ඉල්ලමින් තිස්ස මාතර ප්‍රධාන මාර්ගය හුංගම කලමැටිය ප්‍රදේශයේදී හරස් කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූහ. මේ හේතුවෙන් එම මාර්ගයේ  වාහන ගමනයට දැඩි බාධා එල්ල විය. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

IMG_20180513_094317