Author Archives: හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක

පොළොන්නරු වී මිළ ශීඝ්‍රයෙන් පහළට

මේ වන විට පොළොන්නරුවේ මාස්කන්නයේ වී අස්වැන්න නෙළමින් පැවතියත්, වී මිල ශීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතින බව වාර්තා වේ. පෞද්ගලික වෙළෙඳුන් ගොවීන්ගෙන් නාඩු වර්ගයේ වී කිලෝවක් රුපියල් 18 සිට 22ක දක්වාත්,  සම්බා වී කිලෝවක් රුපියල් 30 සිට 35ක මිලකටත් මිලදී ගන්නා අතර, වි අලෙවි මණ්ඩලය ගොවීන්ගේ වී මිලදී නොගන්නා බව  වැලිකන්ද ප්‍රදේශයේ ගොවීහු පවසති.

මේ දිනවල  පොළොන්නරුවේ වැලිකන්ද දෙහිඅත්තකණ්ඩිය අඹගස්වැව සහ මීගස්වැව ප්‍රදේශවල ගොඩ වී අස්වැන්න නෙළමින් පවතින අතර, ලබාගන්නා අස්වැන්න තුට්ටු දෙකට දීමට සිදුව ඇති බවද ගොවීහු පවසති. පසුගිය දිනවල නාඩු වී පමණක් කිලෝ එකක් රුපියල් 50 සිට 55 දක්වා පැවති අතර අස්වැන්න නෙළන සමය වන විට පෞද්ගලික වෙළෙඳුන් තමන්ගේ අස්වැන්න අසාධාරණ ලෙස  තුට්ටු දෙකට මිලදී ගන්නා බව ගොවී කියති.

රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කරනවා නම් මෙවැනි ආකාරයට වී මිල පහත නොවැටෙන බවත්, රජය සතුව වී තොග නොමැති වීම නිසා සහල් මිල ඉහළ යන අතර වී මිල පහළ යන ක්‍රමයට වී මෝල් හිමියන් සහ පෞද්ගලික වී මිලදී ගන්නන් විසින්  මෙම ජාවාරම සිදුකරන බවයි. මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගොවියාට අවශ්‍ය කිසිදු දෙයක් නිසි කලට බලධාරීන් විසින් ලබා නොදීමත්,  ලබා ගන්නා අස්වැන්නට ඉහළ මිලක්  ලබා නොදීමත් නිසා බව ගොවීහු පවසති.  

PIX--03--S PIX--04---S PIX--05---S

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී කාන්තාවකට සභික ධුරයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් පසුගියදා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස  දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළාය. ඇය නමින් ඩබ්.එම් ශිරෝමාලා (37) නම් වේ.  අපොස (සා.පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදරු මවකි. ශිරෝමාලා ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි.

ඇය  ලැබූ ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවාය.

''මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු  ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ඔක්කෝම  විසදන්න බැහැ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත්කර ගත්තේ. ඒ නිසා මම කැමති නැහැ ඒ විශ්වාසය නැතිකර ගන්න. ගිලිහී යන අපේ සංස්කෘතිය, ආගම රැක ගන්නත්, ගමේ, රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත්, පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව.''

ශ්‍රී ලංකාවේ ආදිවාසී පරපුරේ 19 වෙනි නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ තම පරපුරේ කෙනෙකු මන්ත්‍රීවරියක වීම පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

''අපේ රැහේ කැකුළියක් මන්ත්‍රීවරියක් වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනෙනවා. ඒ වගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම් අද අපේ රටේ ඉන්නේ දේශපාලඥයන්,  පාලකයන් නෙවේ. ජනතාව රවට්ටමින් බොරුව, දූෂණය, වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක්‍රමයක් තමයි පවතින්නේ. එවැනි ක්‍රම අනුගමනය කරන තැනකට වාගේම, එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යන විට කල්පනාකාරී විය යුතුයි.

මේ ඇත්ති මම ඇතුළු හේනානිගල නායක ඇත්තන්ගේ අවවාද, අනුශාසනා වලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. අපේ ප්‍රශ්න ගැටලු මෙතෙක් කල් කියන්න සිද්ධ වුණේ වෙනත් පක්ෂයක, වෙනත් වරිගයක අයට තමයි. නමුත් දැන් අපේ ප්‍රශ්න ගැටළු කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නෙවේ, අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසී සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වගේම තමයි මගේ පූර්ණ ආශිර්වාදය ඇයට ලබා දෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රට පුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන්, කැකුළියන් ඉදිරිපත් කර ජයග්‍රහණ  ලබාගෙන රටත්, ස්වභාවධර්මයත්, රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායක වීම අපේ එකම බලාපොරොත්තුවයි.''

PIX--01--ADI copy PIX--06--ADI copy PIX--08--ADI copy PIX--09--ADI copy PIX--13--ADI copy PIX--14--ADI (2) copy

පොලොන්නරුවේ ඡන්ද වැඩට දරුවන් යොදාගෙන

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කර ගෙන තිබූ අයුරු පොලොන්නරුවේදී දැකගත හැකිවිය.

මේ සමිබන්ධයෙන් ජාතික ළමාආරක්ෂක අධිකාරියේ සභාපතිනි නිතිඥ මාරිනි ද ලිවේරා මහත්මිය සමිබන්ධ කර ගැනිමට උත්සාහ කළත් සම්බන්ධ කරගත නොහැකි විම නිසා ජාතික ළමාආරක්ෂක අධිකාරියේ නිතී අංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ කිසිසෙත්ම  වයස අඩු දරුවන් කුමන සේවාවක හෝ යෙදවීමට කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට නොහැකි බවයි.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම දර්ශන කැමරාවේ සටහන්විය. 

PIX--07--CHE copy PIX--12--CHE copyPIX--04--CHE copy

 

 

පොළොන්නරුවට අධික මීදුම

පවතින නියං තත්ත්වයත් සමග පොළොන්නරුවේ ප‍්‍රදේශ රැසකට අද (07දා)උදෑසන අධික මීදුම් තත්ත්වයක් ඇති වී තිබිණි. මේ හේතුවෙන් මාර්ග නොපෙනීම නිසා මාර්ග  භාවිත කරන්නන්ට සහ රථවාහන ගමනාගමනයටද  බාධා ඇති විය..

හිඟුරක්ගොඩ, මින්නේරිය, මැදිරිගිරිය සහ පොළොන්නරුව ඇතුඑ ප‍්‍රදේශ රැසකට මෙම අධික  මීදුම් තත්ත්වය උදෑසන 8-9  පමණ වනතෙක්  පැවැති අතර, පසුව ක්‍රමයෙන් එය පහව යන අයුරු දැකගත හැකි විය.

PIX--01--M PIX--03--M PIX--06--M PIX--08--M

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොළොන්නරු දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ජයසිංහ බණ්ඩාර මහතා සහ ඔහුගේ

  පුත්‍රයා අද (28දා) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය පවසයි.

වෙනත් පක්ෂයක ආධාරකරුවෙකුට පහරදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර  ඇති අතර, පහර කෑමට ලක් වූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් මත  නිදහස් කළ බව අරලගංවිල පොලීසිය ප්‍රකාශ කළේය.

 

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු මරුවාට බිලි

පොලොන්නරුව දිස්ති‍්‍රක්  පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් නිදහස් සන්ධානයේ හිටපු  නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්  මහතාගේ   දියණියක් ඩංගු උණ රෝගය හෙතුවෙන් මියගොස්  තිබේ

මෙසේ මියගොස් ඇත්තේ රංජලා ගමිලත් (35) මහත්මිය ඩෙංගු රොගය  වැළදිම හෙතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදිය. ඊයේ (16දා) අඑයම ඇය මියගොස් ඇත. මෘතදේහය ගිරිතලේ 20 කණුව ප‍්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

ARFBYK_2942681b

 

 

යුද හමුදාවට ගන්න රු 18000ක් අල්ලස් ඉල්ලලා?

පනාගොඩ යුද හමුදා කඳවුරේ  සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සැරයන්වරයෙකු රුපියල් දහඅට දහසක (18000) අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වේ.

පනාගොඩ යුද හමුදා කඳවුර වෙත යුද හමුදාවට බැඳීමට ගොස්  සුදුසුකම් නොමැතිකම මත සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්  අයෙකුගෙන්  සුදුසුකම් වෙනස් කර බඳවා ගැනීමට ඔහු මෙම අල්ලස ඉල්ලා ඇත.

අදාළ මුදල් සැරයන්වරයාගේ ගිණුමට බැරකරන ලෙස පැවැසු  බව පොළොන්නරුව කජුවත්ත රුහුණුගම පදිංචි (19) හැවිරිදි තරුණයෙකු පවසා සිටියි.

එම තරුණයා පසුගිය දිනක යුදහමුදාවට  බැඳීමට පනාගොඩ යුද හමුදා කඳවුරේ  පැවැති සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත්වීමට තම මිතුරෙකු සමග ගොස් තිබේ.  එහි දී වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වීම නිසා නැවැත පැමිණ පොලිස් වර්තා රැගෙන එන ලෙස පවසා ඇති අතර ඒ අනුව අනුව පොලිස් වර්තා රැගෙන නැවැත ගිය අවස්ථාවේ අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පවසා ඇත. පසුව එම ස්ථානයට පැමිණි සම්මුක පරීක්ෂණ මණ්ඩලයේ සිටි සැරයන්වරයෙකු පවසා ඇත්තේ මම දෙන්නම ගන්නම් හැබැයි රුපියල් 15.000ක් අවශ්‍ය බවයි.

"ඉන්ටවි බෝඩ් එකේ හිටපු සාජන් මහත්තයෙක් ඇවිත් කිව්වා  මම ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කරලා ගන්නම් හැබැයි 15.000ක් ඕනි කියලා. අපටත් කොහොමහරි යන්න ඕනි නිසා හා කිවුවා. එහෙනම්

ෆෝන් නොම්බර් දීලා යන්න  මම කොල් කරන්නම් කියලා කිවුවා. අපි මගට එනකොට ඒ මහත්තයා කෝල් කරලා කිවුවා රුපියල් 15.000ක් බැහැ 18.000ක්  ඕනි  කියලා."

corruption-759

ජනපතිගේ සොයොයුරා ඝාතනය කළ සැකකරුට වසර 18ක සිර දඬුවම්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතා මොට අයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ අයෙකුට බරපතළ වැඩ සහිත වසර 18ක සිරදඬුවමක් නියම කිරීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.

මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ පොළොන්නරුව නව නගරය, හතර ඇළ පදිංචි හපුතන්ත්‍රිගේ දොන් ඉෂාන්  ලක්මාල් නමැත්තෙකුටය.

රුපියල් ලක්‍ෂ10ක වන්දි මුදලක් හා මරණකරුගේ යැපෙන්නන් වෙත රුපියල් 20,000ක මුදලක් ගෙවන ලෙස චූදිත පුද්ගලයාට නියම කළ විනිසුරුවරයා, එම වන්දි මුදල් සහ දඩ මුදල් නොගෙවන්නේ නම්, බරපතළ වැඩ සහිතව තවත් වසර දෙකහමාරක සිරදඬුවමකට යටත් කරන බවද දැනුම් දුන්නේය.

law-court_2900691b

 

විදුලිසර වැදීමෙන් මව සහ පුතු මියයයි

නිවසට විදුලිය ලබාගත් වයරයෙන් විදුලිය කාන්දු වීමෙන් කාන්තාවක් හා ඇගේ  දරුවෙකු අද (16දා) ජීවිතක්‍ෂයට පත්ව ඇති බව  පුලස්තිපුර පොලීසිය සඳහන් කරයි.

විදුලිසර වැදීමෙන් පසු මොවුන් දෙදෙනා පුලස්තිපුර රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන්පසු මොවුන් දෙදෙනා  ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ තල්පොත පුලස්තිපුර ලිපිනයේ පදිංචිව සිටි  ගයානි දමයන්ති (34) නමැති තිදරු මවක් සහ ඇයගේ දෙවැනි පුතු වන දහම් නෙත්සරය(07).

මියගිය කාන්තාව අසල්වාසී නිවසක ආහාර සකසමින් සිටියදී මියගිය දරුවාට විදුලිසර වැදෙනු දැක දරුවා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාටම විදුලිසර වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුලස්තිපුර පොලීසිය මගින් සිදුකරනු ලබයි.

PIX--01--D PIX--02--D PIX--03--D PIX--04--D PIX--05--D PIX--06--D

පොලොන්නරුවට කුඩු බෙදූ කුඩු රජා අත්අඩංගුවට

මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු සමග පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (13දා) හෙරොයින් ග්‍රෑම් 09කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය පවසයි.‍ෙ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. සැකකරුවන් සන්තකයේ තිබී හොරොයින් ග‍්‍රෑම් 08 මිලිග‍්‍රෑම් 900ක්, ජංගම දුරකථන 04ක් හා රුපියල් දහසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නාවික හමුදාවෙන් පලාගොස් සිටින පුද්ගලයෙකු බවත්, ඔහු පොලොන්නරුවේ කුඩු රජා (බැඳිවැව සුද්දා) ලෙසද ප්‍රසිද්ධය. ඔහුට එරෙහිව හොරොයින් සම්බන්ධයෙන් නඩු හතරක් අධිකරණයේ විභාග වන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් විසින් ඊසිකෑෂ් ක්‍රමයට පොළොන්නරු, මඩකලපුව හා ත්‍රිකුණාමල ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන් සහ පාසල් සිසුන් වෙත හොරොයින් අලෙවි කරන බව හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (14දා) සවස පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.