Author Archives: ඔෂිත වරකපිටිය

රග්බි විනිසුරුවන් පාසල් කිහිපයක තරග වර්ජනයක

අන්තර් පාසල් ලීග් රග්බි (19න් පහළ) තරගාවලියට ක්‍රීඩා කරන පාසල් කිහිපයක් සහභාගි වන ඉදිරි තරග සඳහා විනිසුරුවරුන් ලබා නොදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. 
කොළඹ වෙස්ලි, මරදාන සහිරා හා කුරුණෑගල මලියදේව විදුහල් සහභාගි වන කිසිදු තරගයක් සඳහා මෙලෙස තාවකාලිකව විනිසුරුවන් ලබා නොදීමට රග්බි විනිසුරුවන්ගේ සංගමය තීරණය කළ බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනයේ සභාපති නිශාම් ජමල්ඩීන් මහතා 'අද' පුවත්පත සමග පැවසීය. 

වෙස්ලි හා කුරුණෑගල මලියදේව විදුහල් සඳහා මෙලෙස විනිසුරු වාරණයක් සිදු කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය සතියේ පැවැති ඔවුන් සත්කාරකත්වය දැරූ ලීග් රග්බි (19න් පහළ) තරගාවලියේ තරග කිහිපයකදී ප්‍රේක්‍ෂකයන්ගෙන් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් බලපෑම් හේතුවෙනි.  

කොළඹ සහිරා විදුහලේ තරගවලට විනිසුරුවන් සැපයීම තහනම් කර ඇත්තේ එහි ප්‍රධාන පුහුණුකරු වූ ෂම්ලි නවාස් විසින් තරගාවලියේ විනිසුරු තීරණ ප්‍රසිද්ධ මාධ්‍යයේ විවේචනය කිරීම නිසා බව ජමල්ඩීන් මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය. මේ අනුව මෙම පාසල් සත්කාරකත්වය දරන හෝ සහභාගි වන කිසිදු වයස් කාණ්ඩයක රග්බි තරගයකට තාවකාලිකව විනිසුරුවන් ලබා නොදීමට සිය සංගමය තීරණය කළ බව හෙතෙම මෙහිදී පැවසීය.  මෙයින් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් ප්‍රේක්‍ෂක බලපෑම පිළිබඳ ආසන්නතම සිදුවීම පසුගියදා (19දා) කොළඹ සී.ආර්. ඇන්ඩ්එෆ්.සී. පිටියේදී පැවැති රාජකීය – වෙස්ලි තරගයේදී වාර්තා වූ අතර, එහිදී දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී ප්‍රේක්‍ෂකයන්ගෙන් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් තර්ජන හා බැණ වැදීම් හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට තරගයේ විනිසුරු වූ ඩින්කා පීරිස් මහතා ක්‍රියා කළේ තරග තීරකවරයා වූ නිරෝධ විජේරාම මහතාගේ උපදෙස් පිටය.

කෙසේ වෙතත් මේ අතරතුරදී තරගයේ සත්කාරකත්වය දැරූ වෙස්ලි විදුහලේ සංවිධායක කමිටු සාමාජිකයෙකු විනිසුරුවරයාට, තරගය හොඳින් විනිශ්චය නොකළ බව පවසා චෝදනා කර ඇත. එහිදී විනිසුරුවරයා නැවත තරගය ආරම්භ නොකිරීමට සූදානම් වුවත්, පසුව තරග සංවිධායකයන් අදාළ සිදුවීම පිළිබඳ කනගාටුව පළකොට තරග විනිසුරුවරුන්ට ආරක්‍ෂාව සපයන බවට සහතික වීමෙන් පසු නැවත තරගය පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කළේය. කෙසේ නමුත් තරගය නිමා වීමෙන් අනතුරුවද ආරක්‍ෂකයන් විසින් විනිසුරුවරයා පිටියෙන් ඉවතට ගෙන යද්දීද ප්‍රේක්‍ෂකයන් විනිසුරුට තර්ජන හා බැණවැදීම් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනයේ සභාපති නිශාම් ජමල්ඩීන් මහතා පැවසුවේ තරගාවලියේ පසුගිය සතියේ පැවැති ඉසිපතන- කිංග්ස්වුඩ් තරගය අතරතුරදීද මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවත්, මේ සම්බන්ධව
ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයට තමන් විසින් ලිඛිතව දැනුම් දුන් බවත්ය. 

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම නිසා තම සම්මේලනයේ විනිසුරුවන්ගේ ආරක්‍ෂාව සලසා ගැනීම පිණිස මෙම තීරණයට එළඹි බව ඔහු පැවසීය. මෙය තාවකාලික තීරණයක් බවද හෙතෙම පැවසීය. මේ ආකාරයෙන්ම තරග විනිසුරුට තර්ජනය කිරීමේ සිදුවීමක් පසුගියදා (18දා) කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති  මලියදේව හා ගල්කිස්ස ශා. තෝමස් අතර තරගයේදීද වාර්තා විය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ජමල්ඩීන් මහතා, "අපි විනිසුරුවරුන්ගෙත් ආරක්‍ෂාව බලන්න ඕන. විනිසුරුගේ මොකක්හරි වැරැද්දක් තියෙනවා නම් ඒකට ලෝක රග්බි සම්මේලනයෙන් පවා නියම කරල තියෙන ක්‍රමවේදයක් තියෙනවා. පසුගිය සතියේදී ඉසිපතන – කිංග්ස්වුඩ් අතර තරගයේදීත් මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. අපි මේ පිළිබඳ පාසල් රග්බි සම්මේලනයත් දැනුවත් කළා. ඔවුන්ගේ තීරණය එනකන් තමයි අපි බලන් ඉන්නේ. මේ වගේ සිදුවීම් දිගින් දිගටම වෙනව නම් අපිට බලන් ඉන්න බෑ" යනුවෙන් පැවසීය.

මේ අතර සහිරා විදුහලේ පුහුණුකරුගේ ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජමල්ඩීන් මහතා, "ඔහු පසුගියදා පැවැති සහිරා හාශා. ජෝශප් අතර තරගයෙන් අනතුරුව තරගයේ විනිසුරු තීරණ විවේචනය කරල මාධ්‍යයකට ප්‍රකාශ නිකුත් කරල තිබෙනවා. අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නීතිරීතිවලට අනුව ඔහුට (සහිරා රග්බි පුහුණුකරු) එහෙම ප්‍රසිද්ධ මාධ්‍යයකට විනිසුරුව විවේචනය කරල ප්‍රකාශ නිකුත් කරන්න බෑ. මේ පිළිබඳවත් අපි පාසල් සංගමයට ලිඛිතව පැමිණිලි කරල තිබෙනවා".

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ ලේකම් නිරෝධ විජේරාම මහතා පැවසුවේ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනය මගින් විනිසුරුවන් ලබා නොදීම පිළිබඳ ලිඛිත දැනුම්දීමක් සිය සංගමයට නොකළ බවයි. 
කෙසේ නමුත් විජේරාම මහතා විනිසුරුවන්ගේ ගැටලුව ඇති වූ වෙස්ලි – රාජකීය තරගයේ තරග තීරකවරයා ලෙසින්ද කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තමන්ද මේ වන විට වාර්තාවක් ඉදිරිපත් කොට ඇති බවත්, තරග විනිසුරුගේ හා කණ්ඩායම්වල වාර්තාද සලකා බලා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලන බවත් හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ පාසල් , විනිසුරුවන් සමගින් අද (23) සාකච්ඡාවක් සිදු කරන බව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා 'අද' පුවත්පතට පැවසීය.

PremRugbyBalls2-new-1024x576

තරග පාවාදෙන්න එක්කෙනෙකුට විතරක් පුළුවන්ද?

තරග පාවාදෙන්නෙකු ලෙසින් තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළද තමන් නිර්දෝශී බවත්, කිසිදු තරග පාවාදීමක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් රවීන් වික්‍රමරත්න මහතා පැවසීය. කළුතර ක්‍රීඩා සමාජය හා පානදුර කායවර්ධන කවය ක්‍රීඩා සමාජය අතර පසුගිය වර්ෂයේ (2017) ජනවාරි මසදී පැවැති පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරගයකදී සිදුවූයේ යැයි කියන තරග පාවාදීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම උදෙසා රවින් වික්‍රමරත්න මහතා විසින් මෙම මාධ්‍ය හමුව ඊයේ (22දා) පවත්වනු ලැබීය. හෙතෙම මෙහිදී පැවසූයේ කිසිදු තරග පාවාදීමකට තමන් සම්බන්ධ නොවූ බවත් , කිසිදු තරග  පාවාදීමක් සිදුනොවූ බවත්ය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වික්‍රමරත්න මහතා,"මේ දක්වා මම කතා නොකර හිටියේ තරගයෙන් පස්සෙ එක දිගට මාස ගණනාවක් පරීක්ෂණයක් ගිහින් ඉන් පස්සෙ ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් පරීක්ෂණයක් පැවැත්වුණ නිසා. නමුත් ඇතැම් මාධ්‍යයන් දිගින් දිගටම මට පහර එල්ල කළා මම මේකට සම්බන්ධයි කියලා. මම විධායක කමිටු සාමාජිකයෙක්. තිලංග සුමතිපාල මහතාගේ මිත්‍රයෙක්. ඒක දඩමීමා කරගෙන දිගින් දිගටම මට පහර එල්ල කළා. මාව උලුප්පලා පෙන්නලා තරග පාවාදෙන්නා කියන තැනකට සමහර මාධ්‍ය මාව ඇදගෙන ගියා. මේ පිළිබඳ මම විධායක කමිටුවට ලිඛිතව දැනුම් දුන්නා මට වන අපකීර්තිය මගේ වෘත්තීයමය තත්ත්වයට කැළලක් කියලා" යැයි පැවසීය.
 
මෙහිදී සිය ස්ථාවරය හා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා,
 
"මම ඉදිරියේදී ක්‍රීඩා ඇමතිතුමාටත් මේ පිළිබඳ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දුන්න නිර්දේශවල මගේ නමත් සඳහන් වෙලා තියෙනවා. මේකෙදී ක්‍රීඩකයන්ගේ ස්වාභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය වෙලා තියෙනවා කියලත් තියනවා. නමුත් මේ  පරීක්ෂණය මාස එකොළහක් විතර කාලයක් තිබ්බට ඒ පිළිබඳව මට එක සැරයක්වත් කතා කරලා නෑ.(ප්‍රශ්න කර නෑ) මම අහන්නේ තරග පාවාදෙන්න තනි නිලධාරියෙක්ට විතරක් පුළුවන්ද. පාවාදෙන්න ක්‍රීඩකයන්ගෙන් උදව්වක් එන්න ඕන. නමුත් මේකෙ තියෙන්නේ ක්‍රීඩකයන් නිදහස් කරන්න, නිලධාරීන්ට දඬුවම් කරන්න කියලා. ක්‍රීඩකයන් නැතුව තරගයක් සෙල්ලම් කරන්න පුළුවන්ද?
 
ක්‍රීඩකයන්ට යුක්ති මූලධර්මයක් නෑ කියලා අතඅරිනවා නම් මට තියෙන යුක්ති මූලධර්මය මොකද්ද? මේක අහන්නේ නැතුව මේ ප්‍රශ්නය තවත් තලයන්ට ගෙනියනවා නම් මට නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් මගේ ස්ථාවරය තමයි මම මේකට සම්බන්ධ නෑ. මෙතන තරග පාවාදීමක් වුණෙත් නෑ කියන එක. මේ ගැටලුව සම්බන්ධව  ක්‍රිකට් විධායක කමිටුව හරියාකාරව ක්‍රියා කළේ නැත්නම් ඒ පිළිබඳවත් මට සාධාරණයක් ඉටු වුණේ නැත්නම් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙන් ප්‍රකාශ කළේය.
z_p14-Ravin-(1)

අබ්දුල් ජබාර් ශූරතා පළිහ නැවතත් ඉසිපතනයට

කොළඹ ඉසිපතන හා තර්ස්ටන් දෙවිදුහල් අතර වාර්ෂිකව 'අබ්දුල් ජබාර්' ශූරතා පළිහ වෙනුවෙන් පැවැත්වෙන රග්බි තරගයේ  ශූරතාව නැවතත් තමන් සතු  කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ මෙවර තරගයෙන් ලකුණු 50-07 ක පහසු ජයක් හිමිකර ගනිමිනි.

48 වැනි වරට පැවති මෙම තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (05) පැවැත්විණි.

තරගයේ ආරම්භයේ පටන් ආධිපත්‍යය ඉසිපතන විදුහල සතුව පැවති අතර පළමු අර්ධය අවසනදී ඉසිපතන විදුහල ලකුණු 31-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවිය.

ජයග්‍රාහී ඉසිපතන ක්‍රීඩකයෝ ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු රැස් කළ අතර තර්ස්ටන් විදුහල එක් ගෝල දිනුමක් පමණක් සාර්ථක කර ගත්හ.  

IMG_7417 IMG_7429 IMG_7432 IMG_7463 IMG_7470 IMG_7478 IMG_7494 IMG_7509

IMG_7586

ඉසිපතන කණඩායමේ නායකයා විසින් ශූරතා පළිහ ලබා ගනිමින්

IMG_7600

ශූරතාව දිනා ගත් ඉසිපතන කණ්ඩායම

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

මෙවර ජාතික බිලියඩ් ශූරතාව ඒ.එම්. රිම්සාන්ට

ජාතික බිලියඩ් ශූරතාව මෙවර දිනා ගැනිමට කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සම්මේලනය නියෝජනය කළ එච්.ඒ.එම්. රිම්සාන් සමත් විය. ඒ අවසන් තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ එස්.එච්.එම්. අස්ලම් ලකුණු 303 කින් පරාජයට පත් කරමිනි. ශ්‍රී ලංකා ජාතික බිලියඩ් හා ස්නූකර් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඊයේ (05) කොළඹදී පැවැත්වූ අතර මෙවර තරගාවලිය මෙවර වේලා (Time) ක්‍රමයට පැවැත්වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ජාතික බිලියඩ් ශූරතාව 25 ක් වසරක් දිනා සිටි කොළඹ වරාය අධිකාරියේ කේ.එච්. සිරිසෝම මෙම තරගාවලියේ ආරම්භයට පෙර සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් වූ අතර ඔහු මෙවර තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයට පැමිණ සිටීම විශේෂත්වයකි.

IMG_7309 IMG_7313 IMG_7323 IMG_7327 IMG_7343 IMG_7365 IMG_7387

IMG_7396

ජාතික බිලියඩ් අනුශූරතාව දිනූ එස්.එච්.එම්. අස්ලම්

IMG_7402

ජාතික බිලියඩ් ශූරතාව දිනූ ඒ.එම්. රිම්සාන්

IMG_7405

රැස්ව සිටි පිරිස  හිටපු ජාතික ශූර සිරිසෝම (මැද) මහතාට සුභපැතුම් එක් කරමින්

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

ධර්මරාජ කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙස්ලි ක්‍රීඩකයෝ බිඳ හෙලති

අන්තර්පාසල් 19 න් පහළ පළමු කාණ්ඩයේ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කිසිදු ජයග්‍රහණයක් නොලබා අවසන් කීරීමට මහනුවර ධර්මරාජ විදුහලට සිදුවිය. ඒ බොරැල්ල වෙස්ලි හමුවේ , පළමුකාණ්ඩයේ තමන් සහභාගි වූ අවසන් තරගයෙනුත් ලකුනු 23-15 ක පරාජයක් ලැබීමට සිදුවීම හේතුවෙනි.

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පීටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් තියුණු තරගයක් දැකගැනීමට හැකිවූ අතර එම අර්ධය අවසන් වූයේ වෙස්ලි විදුහල ලකුණු 18-10 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.

ජයග්‍රාහී වෙස්ලි ක්‍රීඩකයින් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහර දෙකක්  ආධාරයෙන් ලකුනු රැස් කරද්දී ධර්මරාජ ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් ලකුනු රැස් කළහ.

 මෙම තරගය තරග කාළ සටහනට අනුව මීට පෙර පැවැත්වීමට තිබුණත් තරගාවලිය මැදදී සිදුවූ නොවැළැක්විය හැකි හේතුවක නිසා කල් දැමිණි.

 

IMG_6877 IMG_6883 IMG_6900 IMG_6910 IMG_6930 IMG_6937 IMG_6949 IMG_6959 IMG_6967 IMG_6991 IMG_7026 IMG_7029 IMG_7049

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 

ෆිජී , සිංගප්පූරුව දිනයි

එච්.එස්.බී.සී.ලෝක සත්සාමාජික රග්බි තරගාවලියේ සිංගප්පූරු අදියර ජය ගැනීමට ෆිජී සමත්විය. ඒ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 28-22 ක් ලෙස පරාජයට පත් කරමිනි.  සිංගප්පූරු ජාතික ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විනි.

තරගාවලියේ අපරාජික කන්ඩායම ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමිකර ගත් ෆිජී එහිදී නවසීලන්තය , දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරිමට සමත් වූහ.

මේ අතර තරගාවලියේ ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ දකුනු අප්‍රිකාව ලකුණු 26-24 ක් ලෙස පරාජයට පත් කළ එංගලන්තයයි.

මේ අනුව අදියර 10 කින් යුත් ලෝක සත් සාමජික රග්බි තරගාවලියේ මේ වන විට අදියර 4 ක ජය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෆිජී සමත් වී ඇත්තේ ප්‍රසාද ලකුණූ 145 ක් දක්වා සිය ලකුණු ප්‍රමාණය වර්ධනය කර ගනිමිනි. එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 141 ක් හිමිකර ගත් දකුණු අප්‍රිකාව විසින්ද තෙවැනි ස්ථානය නවසීලන්තය (ප්‍රසාද ලකුණු 120) හිමිකරගෙන ඇත.

තරගාවලියේ අදියර 8 ක් මේ වන විට අවසන් වී ඇති අතර එහි 9 වැනි අදියර එළඹෙන ජූනි දෙවැනිදා එංගලන්තයේදි පැවැත්වේ.

31435803_1295899583873490_3992959510871277568_n

 

විනෝජ් සුරංජය සුගත් තිලකරත්නගේ වසර 20 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලයි

වසර 20 ක් පැරණි මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව අළුත්කිරීමට කෙටි දුර ධාවන ශූර විනෝජ් සුරංජය ද සිල්වා සමත් විය. ඒ එම ඉසව්ව වෙනුවනේ තත්පර 20.68 ක කාළයක් වාර්තා කරමිනි. මෙවර ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (27) පැවති තේරීම් තරග වලදී හෙතෙම මේ දස්කම දක්වා ඇත. මෙහිදී ඔහු විසින් බිඳ හෙළුවේ සුගත් තිලකරත්න විසින් 1998 වර්ෂයේදී පැවති ආසියානු තරගාවිලියේදී මෙම ඉසව්ව වෙනුවෙන් තබා තිබූ තත්පර 20.69 ක තරග වාර්තාවයි.

විනෝජ් වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වේ. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය තත්පර 21.24 කින් නිමා කළ ශ්‍රී ලංකා  යුද හමුදාවේ හිමාෂ ඒෂාන් ට හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමිවූයේ යුද හමුදාවෙම දිලිප් රුවන් (21.37) ටයි.

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරග වල අවසන් දිනය අද (28) යි.

26196320_1150235345113251_2963343435933149153_n

රටවල් 104 කට අන්තර්ජාතික ක්‍රිකට් වරම්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි සියළුම රටවලට අන්තර්ජාතික ක්‍රිකට් වරම් හිමිකර දීමට අයි.සී.සී.ය තිරනය කොට ඇත. ඒ පන්දුවාර විස්ස අංශයෙනි. ලෝක මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ ඉදිරි පියවරක් වන මේ අනුව අයි.සී.සී. හි සාමාජිකත්වය දරණ රටවල් 104 කට විස්සයි විස්ස වරම් හිමිවනු ඇත.ඒ කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයෙන්මය. කෙසේ වෙතත් මෙම තිරණය ක්‍රියාත්මක කිරිමට තිරනය කර ඇත්ත් එලඹෙන ජුලි පළමුවැනිදා සිට ය.

මේ වන විට අයි.සී.සී. පූර්ණ සාමජිකත්වය රටවල් 12 කටද හවුල්කාර (Associate) සාමාජිකත්වය රටවල් 92 කට පිරිනමා ඇති අතර මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවී තිබුනේ එහි පූර්ණ සාමාජිකත්වය දරණ රටවල් සියල්ලට හා හවුල් සාමාජිකත්වය දරන රටවල් 6 කට පමණි.

prv_1524751098

 

දිල්ලි නායකත්වයට ගම්භිීර් සමුදෙයි

අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගාම්භීර් නායකත්වයෙන් ඉවත් වී ඇත. මෙවර තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත. ගම්භීර් ගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානයට පිතිකරු ශ්‍රෙයාස් අයියර්ව පත් කොට ඇත.

දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වී ඇත්තේ සහභාගි වූ තරග 6 න් 5 ක්ම පරාජයට පත් වෙමිනි. එහිදී ගම්භීර් පිතිකරුවෙකු ලෙස පළමු තරගය හැර අනෙක් සියළු තරග වලදී අසාර්ථක වී ඇත

කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම 2012 වර්ෂයේ සිට මේ දක්වා පැවති තරගාවලි හිදී ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයෙන් ඉදිරියට පැමිණීමට සමත් වී නැත.1524540885-Gambhir-DD-AP

අශාන් හා ඉශාන් නරියා කන්දේ ආධිපත්‍යය පතුරුවති

අශාන් සිල්වා දක්‍ෂතම මෝටර් රථ ධාවකයා ලෙසත් ඉෂාන් දසනායක දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත් සම්මාන හිමිකර ගනිමින් ‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය දියතලාව (නරියාකන්ද) යුද හමුදා විද්‍යාපීඨ ධාවන පථයේදී නිමාවට පත්විය.

මෝටර් රථ හා යතුරු පැදි අංශ 24ක් යටතේ පසුගියදා (21දා)  තරග පැවැති මෙවර තරගාවලියේ සුපර් කාර් (එස්.එල්.ජී.ටී./ සි.ධා. 3500 ඉක්ම වූ) ඉසව්වේ ආධිපත්‍යය සියතට ගත් අශාන් සිල්වා එහි අදියර ද්විත්වයේම ශූරතාව ජය ගැනීමට සමත් විය.

ඉෂාන් දසනායක මෝටර්ක්‍රොස් (සි.ධා. 175-250) ඉසව් ද්විත්වයෙන් පළමු ඉසව්වේදී තරගය තෙවැන්නා ලෙසින් නිමා කළ අතර, දෙවැනි අදියරේදී ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

විජය පුවත්පත් පුද්ගලික සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන හා යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න යන මහත්වරු සහභාගි වූහ.

ඡායාරූප – චානුක කුලසේකර

Ashan-&-Ishan Ashan-Silva-(Driver) CSK_1928 CSK_1988 CSK_1990 CSK_2010 CSK_2114 CSK_2401 CSK_2444 CSK_8906 CSK_8973 CSK_8984 CSK_9003 CSK_9154 CSK_9204 CSK_9269 CSK_9284 CSK_9333 CSK_9350 CSK_9357 CSK_9536 CSK_9750 CSK_9763 CSK_9820 CSK_9825 CSK_9876 CSK_9878 CSK_9879 CSK_9880 CSK_9881 CSK_9882 CSK_9883 CSK_9884 CSK_9885 CSK_9886 CSK_9887 CSK_9888 CSK_9889 CSK_9890 CSK_9891 Ishan-Dasanayake-(Raider)