Author Archives: . .

දකුණු අධිවේගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත සියලුම පෞද්ගලික බස් රථ සහ කොළඹ – මාතර පෞද්ගලික බස් රථ අද (20දා) උදෑසන සිට වර්ජනයක නිරත වන බව එම බස් රථ හිමියෝ පවසති.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් හෙට (20දා) සිට අඛණ්ඩ වර්ජනකට සූදානම් බවත් ඔවුන් සඳහන් කරයි.

ඒ හේතුවෙන් මේ වන විට බස් මගීන් විශාල පිරිසක් දැඩි පීඩාවකට පත්ව තිබේ.

 

qwqwq1

 

 

 

 

 

 

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කළේ රටේ නීතියට අනුවයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිනි තලතා අතුකොරාළ මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ.

ඒ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් විසින් එවන ලද ලිපියකට පිළිතුරු ලිපියක්  අද (20දා)  යොමු කරමිනි.

ඒ අනුව බෞද්ධ ශාසනය තුළ චීවරය ඉවත් කිරීමට තරම් පාරාජිකා තත්ත්වට පත්වීමෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයක් මෙන්ම ස්වකීය අභිමතය අනුවද චීවරය අත්හැරීම සිදුකළ හැකි බවත් කරුණු එසේ වුවද ස්වාධීන අධිකරණයක් තුළ රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට, අවනතවීමට, ගරු කිරීමට බැඳී සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවක් තුළදී සිරභාරයට පත්වන ඕනෑම අයෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන්ව ඇති බවත්  ඒ අනුව එම දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබෙන්නේ එම පනතට අනුකූලව බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

1 2

 

දිවියෙන් සමුගත් අව්‍යාජ කලාකරුවා අයිවෝ ඩෙනිස්

Capture

හෙළ සංගීත ක්ෂේත්‍රයේ නවමං හෙළි කළ සුනිල් ශාන්තයන්ගේ ජීවමාන සෙවනැල්ල සේ සුනිලුන් ගිය මග ගනිමින් සිංහල ගී කෙත සරුසාර කළ ඔහු, අව්‍යාජ ගුණ සපිරි කලාකරුවෙකු හා දුර්ලභ ගණයේ මානව හිතවාදියෙකුද විය. සීදුව ශාන්ත මරියා දෙව්මැදුරෙහි කන්තාරු මාස්ටර් හෙවත් ගායනා කණ්ඩායම මෙහෙය වූ ගුරුවරයා වූ පැස්කුවල්ගේ දොන් ෆ්‍රැන්සිස් ඇලෝසියස් මහතාට සහ විතාරණගේ මරියා රොද්‍රිගු මහත්මියට දාව 1932 මැයි මස 28 වන දින සීදුවේදී උපත ලද අයිවෝ ඩෙනිස් සීදුව දවිසමර, මීගමුව මාරිස්ටෙලා සහ ලොයලා යන විදුහල් තුළින් අධ්‍යාපනය හැදෑරීය.

අයිවෝ ඩෙනිස් ගුවන් විදුලි ගායකයෙකු වීමටත් ප්‍රථමව, 1956 දෙසැම්බර් මස 28 වෙනිදා තිරගත වූ “රේඛාව’ චිත්‍රපටයට ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසින් පබැදු ‘‘අනුරාධපුර පොළොන්නරුව සීගිරි මන බන්ධනීය’ විරිඳු පෙළ ගායනා කරමින් සිංහල සිනමා පසුබිම් ගායනයට එක්විය. ඉන් අනතුරුව චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ‘‘සංදේශය’, “පාරා වළලු’, “කවුද හරි’, “තෙවත’, “හිමකතර’, “පාර දිගේ’, “බඹරු ඇවිත්’, “හංස විලක්’, “අරුණට පෙර’, “වීර පුරන්අප්පු’, “දෙවැනි ගමන’, “ආදර හසුන’, “කුලගෙය’, “කරදිය වළල්ල’ ඇතුළු චිත්‍රපට රැසකටම ගායනයෙන් දායක විය. හිමකතර^ චිත්‍රපටයට ඔහු ගැයූ “කන්ද එහා වැස්ස වහිනවා’ ගීතයට 1985 වසරේ පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානයද හිමි විය.

ඔහුගේ ප්‍රථම ගුවන්විදුලි ගීතය වූයේ 1959 වසරේදී ගැයූ ‘‘කුරුලු පාරාදීසේ’ නම් වූ ගීතයයි. තිලක සුධර්මන් ද සිල්වා විසින් රචිත එම ගීතය සංගීතවත් කළේ සුනිල් ශාන්තයන් විසිනි. දෙවැන්න වූයේ ‘‘කේතකී පාටලී ගස් නටවා’ නම් වූ එච්.එම්. කුඩලිගම කිවිඳුන් විසින් විරචිත ගීතයයි. ඉන් අනතුරුව ‘‘අභිමානනීය වූ නවෝදයේ’, ‘‘සැලෙන ලෙළෙන උකුළු තලේ’, “දකුණු නැගෙනහිර’, “ඉරමහිම ඉරමඬලේ’, “නිල්ල මැදින් රැල්ල දිවෙන’, “අඳුරු කුටිය තුළ’ ආදී ගීත විශාල ප්‍රමාණයක් ගායනා කළේය.

උපතින්ම කතෝලික බැතිමතෙකු වූ ඔහු කිතුණු ගීත 300කට අධික ප්‍රමාණයකට ගී තනු නිර්මාණය කර ඇත. එසේම කිතුණු හා නත්තල් ගී විශාල ප්‍රමාණයකට සිය හඬ එක්කර ඇත. ඒ අතරින් ‘‘අහෝ ලෝ පව් නිසා’, ‘‘දෝංකාරය’, “දෙව් පිය සමිඳේ’, “තරුවක් පායා ’, “යා යුතු ගමන්’, “ආශිර්වාදිත වේවා’, “කල්වාරියේ ගීතය’ වඩාත් ප්‍රකටව ඇත. ගරු මර්සලින් ජයකොඩි පියතුමන්ගේ පදවැලකින් සිය ගායන දිවිය ආරම්භ කළ ඔහු කිතු බැති ගී සිය ගණනකට සිය හඬ දායාද කළ අතරම පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි විසින් රචිත ගී ඇතුළත් ‘‘සංසාරේ අපි’ සහ ‘‘ගම්මානේ අපි’ යන කැසට්පට සඳහාද ගී ගැයුවේය.

1966 වසරේදී කුරුණෑගල මල්ලිකා කාන්තා ද සිල්වා මෙනෙවිය සමග විවාහ වූ ඔවුනට එක් දියණියක හා පුතණුවකු විය. ගීතා නිමාලි පැස්කුවෙල් නම් දියණිය සිය පියා ගැන මෙසේ කියා තිබිණ.

&‘‘පිතෘත්වයේ අරුත මා වටහා ගත්තේ මගේ තාත්තා තුළ තිබූ උතුම් ගතිගුණ නිසාමයි. තාත්තා ඉතාමත් සරල චාම් දිවිපෙවෙතක් ගෙන ගිය ඉතාමත් නිහඬ පුද්ගලයෙක්. ඉතාමත් අහිංසක චරිතයක් තමයි මා ඔහු තුළින් දකින්නේ. තාත්තා ඔහුගේ ජීවිතයේ මුල්තැන දෙන්නේ දෙවියන්ට. තාත්තාගේ විශේෂ ලක්‍ෂණයක් තමයි ඔහු තුළ දෙවියන් කෙරෙහි ලොකු විශ්වාසයක් තිබීම.

අප විවාහ වී අපටත් දරුවන් සිටියත්, තාත්තාට තවමත් අපි පොඩි ළමයි වගේ. අපේ සෑම දෙයක්ම සොයා බලනවා. ගෙදර හැමෝටම තාත්තා හරිම ආදරෙයි. මගේ චූටි දුව පාසල් ගිහින් එනතුරු තාත්තා මග බලාගෙන ඉන්නවා. චූටි දුවත් සමග කාලය ගත කරන්න තාත්තා හරිම කැමතියි. තාත්තා කිසිදාක කෙනෙකුගේ හිත් රිදවන්න කැමති නෑ.*

අයිවෝ ඩෙනිස් වේදිකා නාට්‍ය සඳහාද සංගීත හා ගී තනු නිර්මාණයෙන්ද, ගායනයෙන්ද දායක වී ඇත. ‘‘හදකින් හදකට’, “මා දෙස බලන්න’, “සිංහ කොඩියේ රාජසිංහ’, “පවුරු පදනම්’, “බිත්ති හතර’, “සින්නක්කර’ ඉන් කිහිපයකි.

රංගන ශිල්පියෙකු ලෙසින් 1960 දශකයේදී ‘‘එසේය අපි ඔහු මැරුවෙමු’ නාට්‍යයෙහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපාමින් වේදිකා රංගනයට පිවිසි ඔහු පසුව ඩබ්ලිව්.බී. මකුලොලුව මහතාගේ “දෙපානෝ’ සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ‘‘තහංචි’ නාට්‍යයන්හීද රඟපෑමේ නිරත විය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ “මගේ කාලේ මව්නි’, “මානස විල’, “පිරිනිවන් මංගල්ලය’ වැනි ඔපෙරා නිර්මාණයන් සඳහාද 1980 අග දශකයේ මෙරට රජ කළ භීෂණය අලලා නිර්මාණය කළ “රජ වැඩ’ ශ්‍රවණපටය සඳහාද අයිවෝ ඩෙනිසුන් සම්බන්ධ විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒමන් කාරියකරවන මහතාගේ උපදෙස් මත 1981 සැප්තැම්බර් මස ටවර් රඟහලේදී ‘‘සුමියුරු’ නමින් ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් ද ඉදිරිපත් කළ ඩෙනිසුන්, ශ්‍රී ලංකා ගීතාවලිය මත දේශාභිමාන මුද්‍රාවක් තබා ජාතික අභිමානය ඔසවා තබන්නට ස්වකීය අභිමාන ප්‍රතිභාව ප්‍රදානය කිරීම වෙනුවෙන් 2004 නොවැම්බර් මස 18 වෙනි දින එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් දේශාභිමාන ගෞරව ප්‍රණාම සම්මානයක් ද අයිවෝ ඩෙනිසුන් වෙත ප්‍රදානය කර ඇත. රාජ්‍ය හා ආගමික වශයෙන් විවිධ උපහාර හා සම්මාන ලබමින් දශක හතකට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැළී සිටියද ඔහුගේ ගීත ඇතුළත් එකදු සංගීත තැටියක් හෝ මෙතෙක් නිකුත් නොවීමද සුවිශේෂී සිදුවීමකි.

1959දී රජයේ සංගීත ගුරු විභාගයෙන් සමත්වූ ඔහු සංගීත ගුරුවරයෙකු ලෙස රත්නපුර ගැටන්ගම මහා විද්‍යාලයට පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව, 1962 දී මීගමුව තිඹිරිගස්කටුව විද්‍යාලය, 1964දී මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ 1974දී රාජ්‍ය සංගීත විද්‍යාලය වූ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයෙහි ජන සංගීතය පිළිබඳව සංගීත ගුරුවර උපදේශක ලෙසද සේවය කරමින් හොරණ ශ්‍රීපාලි කලා ආයතනයෙහිද සංගීතය ඉගැන්වීමේ නිරත විය. පසුව 1986 වසරේදී වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයට පත්වීම් ලබන ඔහු 1995 වසරේදී රාජ්‍ය සංගීත ගුරු සේවයෙන් සමු ගන්නේය.

අයිවෝ ඩෙනිසුන්ගෙන් ජන සංගීතය හැදෑරු සිසු-සිසුවියන් අතර විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද මාලනී බුලත්සිංහල, ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය කෝලිත භානු දිසානායක, බන්දුල විජේවීර, කුමාරි මුණසිංහ යන අයද වෙති.

අභිමානයේ සැබෑ අරුත අර්ථවත් කළ මහා පෞරුෂයක් ඇති කටහඬක උරුමයක් ලද අයිවෝ ඩෙනිසුන් පිළිබඳව ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් රචිත කවි පෙළකින් එක් කවියක් ඉදිරිපත් කරමින් මෙම සටහනට නිමාව තබමි.

උගත් ශිල්ප රට දැයට බෙදා දී නියැළී උත්තම ගුරු  සේවේ

සිප්හලෙහිද ගී සරසවියෙහිද සිසු පරපුර වෙත  දුනි  නවජීවේ

ඊයේ අද මෙන් හෙටත් ඇසේවා ඔබේ ගීයේ  ගම්බිර   රාවේ

හැමටම ඉහළින් බැබළේ ඔබගේ මිනිස් ගුණෙහි සුන්දර   භාවේ

 

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

ළදරු ළමා පෝෂණය පිළිබඳ ඔබ දැනුවත්ද?

ළදරුවෙකුගේ පෝෂණය පිළිබඳව කතා කරන විට එය ආරම්භ වෙන්නේ උපත ලබා පැයක් ගතවීමට පළමුව මව්කිරි දීමත් සමගනි. මුල් මාස 06ක කාලය තුළ ළදරුවා මව්කිරෙන් පමණක් පෝෂණය ලැබීම වැදගත් වන අතර, එය ළදරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටද ප්‍රමාණවත් වේ. ඉන්පසුව වැඩෙන ළදරුවාගේ පෝෂණය රැකගැනීම සහ ළදරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු අමතර ආහාර ඇරඹීම අවශ්‍යය. ලෙඩ රෝග සෑදීමෙන් ළදරුවා තවදුරටත් රැකගැනීම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම හා අවස්ථානුකූල පිළිවෙත් අනුගමනය කිරීම මගින් පරීක්ෂා කෙරේ. 


Banner-Nutrition

ළදරුවන්ගේ පෝෂණය සඳහා මව්කිරි සහ ආහාර ලබාදීම කෙරෙහි වන නිර්දේශ, විද්‍යාත්මකව සනාථ වූ කරුණුවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සකසා ඇති ජාත්‍යන්තර නිර්දේශයන් අනුව දේශීය පසුබිමට සරිලන පරිදි ගොඩනැගී පවතින බව පළමුවෙන් මෙහිදී කිව යුතුය. අමතර ආහාර ලබා දීම ළදරුවාට මාස 06 සම්පූර්ණවීමේ සිට ආරම්භ කළ යුතුවේ. එහිදී පළමුවෙන්ම ලබාදීමට සුදුසු වන්නේ උකුවට තලපයක් ලෙස සකස් කර ගත් ආහාරයකි. මේ වෙනුවට කැඳ, සුප්, පලතුරු යුෂ, වතුර ආදී පානවර්ග ලබා දීම නොකළ යුතුය. 
මේ නිර්දේශයන් විද්‍යානුකූල පසුබිමක් සහිත වූවකි. ළදරුවාගේ ආමාංශය කුඩාය. එහෙත් දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වන ශක්ති සහ පෝෂණ අවශ්‍යතා ඉහළය. එමනිසාත්, ළදරුවාට බත් ඇට ලෙස කවන්නට නොහැකි නිසාත් තලපයක් ලෙස සකස් කර මෙම පළමු අමතර ආහාරය ලබාදීමට යෝජනා කෙරේ. මෙම තලපය එනම් උකු, හැන්දේ රැඳී තිබෙන ලෙස සැකසීම වැදගත්ය. මෙම අමතර ආහාරයේ ශක්ති ඝනත්වය ඉහළ නැංවීම සඳහා එයට තෙල්, උකු පොල් කිරි, බටර්, මාජරින් වැනි දෙයක් එකතු කළ හැකිය. මෙසේ තෙල් හෝ මේදයක් එකතු කිරීම නිසා තේ හැන්දකින් කිලෝ කැලරි 40ක් පමණ ලැබීමෙන් ළදරුවාට අවශ්‍යවන ශක්ති ප්‍රමාණය යහමින් ලබාදීමට හැකිවේ. 

ඒ හා සමානව අපගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණක් නම් නීරක්තිය නැතිනම් රක්තහීනතාවයි. වෛද්‍ය පර්යේෂණායතනයක සිදුකළ අධ්‍යයන මගින්ද පෙන්වාදී ඇත්තේ කුඩා දරුවන් අතර රක්තහීනතාව ඉහළ මට්ටමක පවතින බවයි. එසේම විදේශීය පර්යේෂකයන් පෙන්වාදී ඇත්තේ වයස අවුරුදු 03 වන විට දරු‍ෙවකුගේ මොළයේ වර්ධනයෙන් 80෴ක්ම නිමාවන බැවින් රක්තහීනතාව ඇති වුවහොත් එවැනි දරුවන්ගේ බුද්ධිඵලය පහළ වැටෙන බවයි. මෙම වයස් සීමාවෙන් පසුව කවර තරමක් යකඩ අඩංගු ආහාර, පෙති, සිරප් ලබා දුන්නද එම තත්ත්වය ආපසු හැරවීම අපහසු බව ඔවුහු පවසති. එමනිසා ළමයින්ගේ අනාගත කායික වර්ධනයට පමණක් නොව බුද්ධි වර්ධනයට, ඉගෙනීමේ හැකියාව, මතකය නංවාළීම ආදී සියල්ලමට අත්තිවාරම දැමිය යුත්තේ ළදරු හා ළමා කාලයේදීය. දරුවාට යකඩ පෝෂක ලැබීම සහතික කිරීම සඳහා මස්, මාළු, හාල් මැස්සන් ආදී සත්ත්වමය ආහාර ලබාදීම අත්‍යවශ්‍ය වේ. මේ ආහාර තුළ අඩංගු වන්නේ ශරීරයට අපහසුවෙන් උරාගන්නා හීම් යකඩය. අමතර ආහාර ලබාදීම අරඹා දින 6-7කින් පමණ මෙම යකඩ සපිරි සත්වමය ආහාර ලබාදීම ආරම්භ කළ යුතුමය. පලා වර්ග, පියළි ඇට වර්ග, ඇට ජාති ආදීයේ යම් ප්‍රමාණයන්ගෙන් යකඩ පැවතියද ඒවා සියල්ල හීම් නොවන යකඩ බැවින් ශරීරයට උරාගැනෙන්නේ සුළු වශයෙන් හෙවත් 5෴ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. බිත්තර කහමදය තුළත් යකඩ පැවතියද ඒවා හීම් නොවන යකඩය. බිත්තර අනිවාර්යෙන්ම ළමයාට ලබාදිය යුතු ගුණවත් ආහාරයක් වුවත් ඉන් යකඩ ලබාගත හැක්කේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ නිසා දරුවන්ගේ ආහාරයට රතුමස් හෝ රතුමාලු කෑල්ලක් හෝ පීකුදු කෑල්ලක් හෝ හාල්මැස්සන් වැනි යකඩ සපිරි සත්ත්වමය ආහාරයක් දිනපතාම එක් කිරීම තුළින් රක්තහීනතාව වැළැක්වීමට පුළුවන. 

primera-comida-bebes

ළදරු පෝෂණයෙහිලා තවත් වැදගත් අවශ්‍යතාවක් වන්නේ දරුවාට විවිධ ආහාර හුරු කිරීමය. ආහාරයක ඇති පෝෂක වර්ග හා ප්‍රමාණ ආහාරයෙන් ආහාරයට වෙනස් වේ. එම නිසා විවිධ ආහාර වර්ග දීම මගින් දරුවාට ප්‍රධාන පෝෂකයන් මෙන්ම සුළු ප්‍රමාණවලින් ලැබිය යුතු එහෙත් අත්‍යවශ්‍ය වෙනත් විටමින්, ඛණිජ වර්ග වැනි අනෙක් පෝෂක ද්‍රව්‍යන්ගෙන්ද මිශ්‍රණයක් යහමින් ලැබේ. තවද දිනපතාම ඒකාකාරී ආහාර ලැබීම නිසා ටික කලකට පසු දරුවා කෑම අප්‍රිය කිරීමට පෙළඹීම එයින් වැළකේ. ඇත්ත වශයෙන්ම කෙනෙකුට පසු කාලයේ බෝ නොවන රෝග වැලඳීමේ හැකියාව පහළ දැමීමේ අඩිතාලම අපගේ මාතෘ හා ළමා සංරක්ෂණ වැඩසටහන් තුළින් ආරම්භ වේ. 

තවද දරුවන්ගේ ආහාරයට පළමු වසර තුළ ලුණු හා සීනි එකතු කිරීම නම් කිසිසේත්ම නොකළ යුතුය. වයස අවුරුදු එකේ සිට නිවසේ සාදන පවුලේ ආහාරවලට දරුවා යොමු කරන වයසේදී ඇතිවන අප බොහෝ විට දකින ගැටලුවක් වන්නේ පැණි රසයට හා ලුණු රසයට කැමති වැඩිහිටියන් තම දරුවන්ටත් එම පුරුද්ද ඇති කිරීමට දරන උත්සාහයයි. මෙසේ කිරීමෙන් වැළකීම දෙමාපියන්ගේ වගකීමකි. වයස මාස 06 සිට ලුණු, සීනි එකතු නොකළ යහපත් ආහාර මගින් හොඳ වර්ධනයක් මෙන්ම සෞඛ්‍යමත් ජීවන රටාවක්ද ලැබිය හැකිය. එවැනි දරුවෙකුට වයසින් වැඩුණු පසු වුවද සීනි අඩු කිරීමට හෝ ලුණු අඩු කිරීමට විශේෂ පණිවිඩ ලබාදීම අවශ්‍ය නොවන්නේ දරුවා මුල සිටම එවැනි ආහාර රටාවකට හුරුව සිටින හෙයිනි. 

දරුවා හුරු කළ යුතු තවත් ආහාර වර්ගයක් වන්නේ රනිල නැතිනම් මාංශ භෝගයන්ය. පියලි ඇට ලෙසින් හඳුන්වන මෙම ආහාරය යනු පරිප්පු පමණක් නොවේ. බෝංචි, මුං, කඩල, කව්පි යනාදිය එයට ඇතුළත්ය. එසේම රටකජු, කජු, කොට්ටම්බා ඇට, කොස් ඇට ආදීයෙහිද අත්‍යවශ්‍ය මේද අම්ල ඇතුළු පෝෂක අඩංගු නිසා ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ ආහාරයටද ඒවා එක් කළ හැකිය. මේ අතරම තදකොළ පැහැ පලා වර්ග, තද කහ සහ තැඹිලි පාට එළවළු හා පලතුරුද බිත්තර කහමදය, පීකුදු, දරුවාගේ ආහාරවලට එක් කිරීමෙන් ඒවා තුළ අඩංගු විටමින් ඒ ලැබෙන අතර එමගින් දරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට, නීරෝගී ඇස් පෙනීමට, සම නිරෝගීව පැවතීමට උපකාර කරයි. එමනිසා මෙවැනි ආහාරයක් දරුවාගේ දිනපතා ආහාර වේලට එකතු කිරීම වඩා උචිතය. 
එමෙන්ම කෙටි ආහාර වශයෙන් දරුවාට ලබාදිය යුතු ආහාර කවරේද යන්න බොහෝ දෙමවුපියන්ට ඇති ගැටලුවකි. කෙටි ආහාරයක් යනුවෙන් හඳුන්වන්නේ කුඩා ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් සපයන ආහාරයකි. අල, බතල, මයියොක්කා, වට්ටක්කා වැනි තැම්බූ දේ පොල් හෝ බටර් / මාගරින් සමග සකස් කර කෑල්ලක් ලබාදීම, බිත්තරයක් තම්බා හෝ ඔම්ලට් ලෙස සකස් කර කෑල්ලක් ලබාදීම, පලතුරු වර්ගයක් ආදීය ඒ අතරින් සුදුසු කෙටි ආහාරය.  
මේ ආකාරයට දරුවෙකුගේ පෝෂණ්‍ය වැදගත් වන්නේ එය පෝෂණය හා සෞඛ්‍ය නංවාළීම පමණක් නොව කායික වර්ධනය මෙන්ම බුද්ධිමය වර්ධනයද එමගින් දියුණු වන නිසාය. මුල් අවුරුදු තුනේදී දරුවාට නිසි පෝෂණය ලබා නොදුන්නොත් ඊට පසු කෙතෙරම් උත්සාහ කළද මෙම තත්ත්වය ප්‍රශස්ත කරගත නොහැක. 

 

අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 2ක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20දා)  උදෑසන සිදු වූ  අනතුරකින් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තිදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කොලින් ලුවිස් මොනිකා නමැති 37 හැවිරිදි කාන්තාවක සහ කොලින් පොපී ග්‍රේබ්‍රියල් නමැති අවුරුදු 4ක කුඩා දරුවෙකි.

අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම කිලෝමීටර් 65.1 ස්ථානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ ලොරි රථයක පිටුපස විදේශිකයන් පැමිණි  වෑන් රථය ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුරු සිදුව ඇති බව අනාවරණය වී ඇත.

මියගිය අයගේ මෘත ශරීර ඇල්පිටිය සහ නාගොඩ රෝහල්වල තැන්පත් කොට ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

aa

එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු එංගලන්තයෙන්

එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19දා) සමත්විය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 481/6ක් රැස්කරමිනි. ඒ අනුව එක්දින පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ඔවුන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව එංගලන්තය විසින් බිඳ දමනු ලැබීය. මීට පෙර 2016 වසරේදී පාකිස්තානයට එරෙහිව 444/3ක් ලෙස එංගලන්තය ලකණු රැස්කර තිබුණි.

එංගලන්තයේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් ඔවුන්ට මේසා විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට හැකිවිය.

තරගය නොටින්හැම් හිදී පැවැති අතර ජේසන් රෝයි (82), ජොනී බෙයාස්ටෝ (139), ඇලෙක්ස් හේල්ස් (147) හා ඉයන් මෝගන් (67) ලෙස සාර්ථක ඉනිම් ගොඩනැංවූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් ජේසන් රොයි හා ජොනී බෙයාස්ටෝ ලකුණු 159ක සබඳතාවක් පැවැත්වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙයාස්ටෝ හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 151ක සබඳතාවක් පැවැත්වීය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඉයන් මෝගන් හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 124ක සබඳතාවක් පැවැත්වීය.

ලකුණු 481ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලකුණු 239කි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිවා වාර්තා කළ විශාලම එක්දින ජයග්‍රහණය මෙය වෙයි. මෙම තරගයේදී හතරේ පහර  62ක් වාර්තා වූ අතර එය එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම හතරේ පහර සංඛ්‍යාව වෙයි. එංගන්තය හා වේල්සය වෙනුවෙන් එක්දින ලකුණු 3000ක් රැස්කළ පළමු පිතිකරුවා ලෙසින් මෝගන් මෙහිදී වාර්තා අතරට එක්විය.

i

ගරු නාම

ශ්‍රී ලංකා සමාජය තුළ පඳුරකට ගැසුවොත් දේශමාන්‍යවරු, දේශබන්දුවරු, දේශමාමකවරු, ආචාර්යවරු හා මහාචාර්යවරු ආදීන් සියයක්, දෙසීයක් පමණ විසිවෙති. ඇතැම් පිරිස් සත්‍ය වශයෙන්ම එවැනි ධුර හෙබවීම සඳහා නියමිත වූ සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර, තවත් පිරිසක් තම අනන්‍යතාව (Identity) සම්බන්ධයෙන් ඇති අර්බුදය වසා ගැනීම සඳහා එවැනි නම්වලින් පෙනී සිටින බව පෙනී යයි. 

නමුත් සමාජයක් වශයෙන් ගතහොත් එය සමාජයේ ඇති අසංගත බව පෙන්නුම් කරන්නකි. මෙවැනි ගරු නම්බුනාම, පදක්කම්, සම්මාන ආදියෙහි ඇති සාරයක් නොමැත. ඒවා හුදෙක් සංකේත පමණි. නමුත් සංකේත විසින් බරපතළ දේශපාලනික සාරයක් ගොඩනගනු ලබයි. සමාජය තුළ ධුරාවලි ගොඩනගන්නේ මෙවැනි සංකේත මගිනි. හමුදා තුළ ධුරාවලි ගොඩනැගී ඇත්තේ ද එවැනි සංකේත මගිනි. සමාජයක් පද්ධතියක් ලෙස පවත්වාගෙන යෑමට එවැනි සංකේත ඉටු කරනුයේ අතිවිශාල මෙහෙයකි. 
ශ්‍රී ලංකාවේ සමාජය තුළ එම සංකේත පද්ධතිය අවුල්සහගත වීමෙන් පෙනෙනුයේ සමාජයක් ලෙස ගෙතීමේ දී ශ්‍රී ලංකා‍ සමාජයේ ඇති දුර්වලතාවයි. ව්‍යාජ දේශමාන්‍යවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන් නිසා සමාජයක් සංවිධානය කිරීමට ඇති කුලුනු බිඳ වැටීමක් සිදුවෙයි. 
ඉන්දීය සමාජයේ ගෞරව සම්මාන පද්ධතිය තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබේ. භාරත රත්න, පද්ම විභූෂණ, පද්ම භූෂණ, පද්ම ශ්‍රී ආදී ගෞරව නාම හිමි වන්නේ නම් ඒ සුදුස්සෙකුටමය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද එසේය. නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම,  කලාව සඳහා වූ ජාතික පදක්කම ආදිය ද හිමි වනුයේ සුදුස්සන්ටමය. 

බොහෝ විට වංචාවෙන් එවැනි ගරු නාම ආදිය ගැනීමට එම රටවල මිනිසුන් යොමු වන බවක්ද දක්නට නැත. එය සමාජය තුළ අනන්‍යතාව සුරක්‍ෂිත වීමේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලාංකේය සමාජයේ අනන්‍යතාව කොතරම් අර්බුදයට ගොස් ඇත්දැයි පැවසුව හොත් ඇතැම් වෘත්තිකයෝ තම වෘත්තියට අදාළ ඇඳුම්, පැලඳුම් ඇඳ මහමග ගමන් කරති. එසේත් නැත්නම් එවැනි සංකේත රැගෙන යති. මෝටර් රථවල ඉදිරිපස/ පසුපස වීදුරුවල තමන්ගේ අනන්‍යතාව අලවා ගැනීමට උත්සුක වෙති. ඒ කිසිවක් නොමැති නම් තමන් සේවය කරන හෝ සම්බන්ධයක් ඇති ආයතනයක ටී-ෂර්ට් එකක් ඇඳගෙන යති. 

මේ සියල්ල තුළ ඇත්තේ තමන්ට අහිමි වූ අනන්‍යතාවක් සොයා ගැනීමේ අර්බුදයයි. 
ශ්‍රී ලංකා සමාජය දෙස බැලීමේ දී පෙනී යන්නේ මෙය බරපතළ මනෝ ව්‍යාධියක් වන තරමට ඔඩු දුවා ඇති බවකි. ඇතැම් කලාකරුවෝ, දේශපාලඥයෝ ආචාර්ය ආදී උපාධි ආභරණයක් ලෙස සලකති. ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයන්, ජ්‍යෝතිර්වේදීන්, ධනාත්මක චින්තකයන්, උපකාරක පන්ති ගුරුවරුන්, හදි හූනියම්කරුවන් දේශබන්දු, දේශමාන්‍ය, දේශකීර්ති වැනි නාම යොදා ගැනීම සාමාන්‍යයක් වී ඇත. 

සමාජය තුළ අනන්‍යතා අර්බුදය විසඳූ කළ මේ කිසිවක් අවශ්‍ය නොවේ. සමාජයක් නිරෝගී වන්නේ එසේ වූ විට පමණි. උදාහරණයක් ලෙස යුරෝපීය රටවල වැසිකිළි, කැසිකිළි ආදිය පිරිසුදු කරන්නාට පවා යහපත් පිළිගැනීමක් සහ සෑහෙන තරම් වැටුපක් ලැබේ. එසේ සෑම සමාජ ස්ථරයකම ජීවත් වන්නන් සඳහා නිශ්චිත අනන්‍යතාවක් ලබා දී ගරු බුහුමනට පත්කර ඇත.

දර්ශන අශෝක කුමාර 

වී වගාවට හඳුන්වාදෙන නව තාක්ෂණික ක්‍රම

දශක ගණනාවක් පුරාවටම දේශීය වී ගොවිතැන නගාසිටුවීම වෙනුවෙන් නිහඬ මෙහෙවරක නියැළෙන වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කාලීන පරිසර තත්ත්ව සඳහා යෝග්‍ය වී වර්ග පමණක් නොව වගා කටයුතු සඳහා නව තාක්ෂණයන්ද බොහොමයක් හඳුන්වාදීමට සමත් විය. එලෙස ඔවුන් දේශීය ගොවි ජනතාව වෙත හඳුන්වාදුන් නව වගා තාක්ෂණික ක්‍රම කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේ ඔබ වෙත ගෙන එමු.


2018-05-09-13-42-09-323

පැරෂුට් ක්‍රමය (පැළ වැපිරීමේ ක්‍රමය)

වී වගාවේ නව ක්ෂේත්‍ර ස්ථාපන ක්‍රමයක් ලෙස පැළ වැපිරීම හෙවත් පැරෂුට් ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙහිදී විශේෂිත තවාන් තැටියක ඇති කුඩා කුටීර තුළට මඩ යොදා ඒ මත කණු කැපුණු වී යොදා දින 10-12 අතර කාලයකදී හටගත් ගොයම් පැළ මඩ ගුලියත් සමග ක්ෂේත්‍රයට ඉසිනු ලබයි. මෙහි පවතින විශේෂත්වය වන්නේ අඩු බීජ ප්‍රමාණයකින් හා අඩු ශ්‍රමයකින් පහසුවෙන්ම වගාව ක්ෂේත්‍රයේ ස්ථාපිත කළ හැකි වීමයි. එමෙන්ම ක්ෂේත්‍රයේ දින 1ක් හෝ 2කට පසු දින 10-12 ජලය බැඳ තැබීමෙන් වල්නාශක නොයොදා වල් මර්දනය කරගැනීමට හැකියාව පවතියි. මෙහිදී වැපිරීමට සාපේක්ෂව අස්වැන්න 10% – 15% වැඩි කරගත හැකි අතර, නයිට්‍රජන්  පොහොර අඩුකර ගත හැකිය.

ජලයට වී වැපිරීම

මෙය වී වගාවේ නව ක්ෂේත්‍ර ස්ථාපන ක්‍රමවේදයක් ලෙස ජලය රඳවා පවතින කුඹුරු සඳහා ඉතා යෝග්‍ය වන ක්‍රමයකි. පැය 48ක කාලයක් බීජ පොඟවා පැය 24ක කාලයක් යහන්කර තබා 3 – 5 cm ජල මට්ටමක් පවතින ක්ෂේත්‍රයක මෙම වැපිරීම සිදුකළ හැකිය. වපුරන ලද බීජ සඳහා කුරුල්ලන්ගෙන් සිදුවන හානිය ඉතා අඩුය. ජලයේ පැළ වන දියහබරල වැනි වල් හැර අනෙක් වල් පැළ වීම පාලනය වේ. සාමාන්‍යයෙන් ජලය කඩා හැර ක්ෂේත්‍ර කටයුතු සිදුකරන විට පෝෂක සේදී ඉවත්ව යාම සිදුවුවත්, මෙම ක්‍රමයේදී එසේ පෝෂක ඉවත් වීමක් සිදුනොවේ. කුඹුර හොඳින් මට්ටම් නොකළහොත් ජලය වැඩිපුර රඳා පවතින ස්ථානයන්වල බීජ කුණු වී යාමට ඉඩ ඇත. එසේම කුඹුරේ ජලය සිඳී ගියහොත් ඉහත වාසි මගහැරී යයි.

ස්ටේල් සීඩ් බෙඩ් ක්‍රමය

කුඹුර වැපිරීමට සුදුසු තත්ත්වයට බිම් සකස්කර ගැනීම සඳහා ඉතාමත් සුදුසු ක්‍රමයකි. හොඳින් මට්ටම් කළ කුඹුරේ ජලය කපාහැර මතුපිට ස්ථරයේ වල් ඇට පැළ වනතුරු දින 3 – 4ක් පමණ තබයි. පැළ වූ පැළෑටි ගොවි ලෑල්ලක ආධාරයෙන් මතුපිට ස්ථරය පමණක් ගැලවී පසට යට වන සේ සකස් කිරීම හෝ වල්නාශකයක් යොදා විනාශ කිරීම කරනු ලබයි. ඉන්පසු වී වැපිරීම සිදුකළ හැකිය. මතුපිට ස්ථරයේ පවතින වල් ඇට වැඩි ප්‍රමාණයක් මේ අවස්ථාවේ පැළවන නිසා ඒවා විනාශ කිරීමෙන් නැවත පැළ වන ප්‍රමාණය බොහෝසෙයින් අඩුවේ. ජලය කපාහැරි විට ක්ෂේත්‍රය ඉක්මනින් වියළී ගියහොත් මෙම කාර්යය සිදුකිරීම අපහසු වීම මෙහි පවතින අවාසියකි.

වී වගාවේ වල් වී හා වල් පැළ මර්දනය
නියමිත කාලයට වී වගා කිරීම. ( කන්නයට වගා කිරීම.)
සාර්ථකව බිම් සකස් කිරීම. (අවම වශයෙන් සී සෑම් 2ක් සහ පෝරු ගෑම.) – බිම් සකස් කිරීමේදී ගැඹුරට සී සෑම, බිම් සකස් කිරීම් දෙකක් අතර කාලය අවම වශයෙන් දින 10ක පමණ කාලයක් පවත්වාගෙන යාම, අවසන් බිම් සකස් කිරීමෙන් පසුව ඉතිරිවන බහු වාර්ෂික වල්පැළ කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම.
පිරිසුදු බිත්තර වී භාවිත කිරීම.
ක්ෂේත්‍රයට සුදුසු බීජ සංස්ථාපන ක්‍රම තෝරා ගැනීම. එනම්, පේළියට පැළ සිටුවීම, අතින් හෝ යන්ත්‍ර මගින් බීජ වැපිරීම (බීජ වප්කර භාවිතය), වියළි ක්‍රමය යටතේ බිම් සකස් කර වැපිරීම් වතුරට වී වැපිරීම, ස්ටේල් සීඩ් බෙඩ් ක්‍රමය හා පැරෂුට් ක්‍රමය භාවිත කිරීම.
ඒකාබද්ධ පළිබෝධන පාලන ක්‍රම යොදා ගැනීම.
කරල් පීදෙන අවස්ථාවලදී දක්නට ලැබෙන වල් වී, බජිරි, අශ්ව වලිග වැනි වල් කරල් කපා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම.
සාර්ථක අස්වනු නෙළීමේ ක්‍රම භාවිතයෙන් අස්වනු නෙළීම.

2018-05-09-13-42-29-244

කාර්යක්ෂම පොහොර භාවිතය

දැනට පවතින තත්ත්ව යටතේ පොහොර භාවිතයේ ඇති කාර්යක්ෂමතාව ඉතා අඩු මට්ටමක පවතින අතර, මේ නිසා අඩු පෝෂක අවශ්‍ය අවස්ථාවලදී පවා වැඩි පොහොර ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුව තිබේ. පොහොරවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පර්යේෂණ ගණනාවක්ම සිදුකර ඇති අතර ඒ අනුව නව පොහොර නිර්දේශයක් සකස් කර තිබේ. ඒ යටතේ, නයිට්‍රජන් යෙදීම පිළිබඳ නව නිර්දේශ ඉතිරිපත් වී ඇත. කැටිති යූරියා වෙනුවට කණිකාමය යූරියා නිර්දේශ කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි වීමට සහ 10෴කින් යූරියා අඩු කිරීමට හැකියාව ලැබී ඇත.

එමෙන්ම ලාංකීය තත්ත්ව යටතේ පොස්පරස් භාවිතය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ අනුව 2001 නිර්දේශයට වඩා 30%ක පමණ පොස්පරස් ප්‍රමාණය අඩු කරමින් නව නිර්දේශය ලබාදී ඇත. පොටෑසියම් සඳහා වී භෝගය දක්වන ප්‍රතිචාර අනුව සති 4දී සහ සති 6දී ආදී ලෙස අවස්ථා දෙකකදී පොටෑසියම් යෙදීමට නිර්දේශ වී තිබේ. තවද වී වගාව සඳහා නැනෝ පොහොර භාවිත කිරීම පිළිබඳ කළ පර්යේෂණ අනුව නැනෝ යූරියා භාවිතයෙන් දැනට භාවිත කරන යූරියා ප්‍රමාණය 25%කින් අඩුකරගත හැකි බව පෙන්වා දී ඇත.

ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය

ජලය සාර්ථක වී වගාවක තීරණාත්මක සාධකයයි. ජල හිඟයක් භෝග වර්ධනය වන මූලික අවධියේ ඇතිවුවහොත් පැළවල ගැටලු මතුවේ. වර්ධක අවධියේ ජල හිඟ තත්ත්වයන් ඇතිවුවහොත් භෝගයේ වර්ධනය හා අස්වනු අඩු වීම දැකිය හැකිය. කන්නය අවසානයේදී හෝ මේ අවධියේදී ඇතිවන ජල හිඟ තත්ත්වයන්හීදී බොල් බීජ ඇතිවීමත්, එමගින් අස්වැන්නේ ප්‍රමාණය හා ගුණාත්මය අඩුවීමත් පෙන්නුම් කරයි. ජල හිඟතාව කන්නයක කුමන අවස්ථාවක ඇතිවුවත් එය අවසාන වශයෙන් වී අස්වැන්නට අහිතකර ලෙස බලපායි.
ජල හිඟ තත්ත්වවලදී අඛණ්ඩව ජල සම්පාදනය කළ නොහැකි නම් කාර්යක්ෂම ලෙස ජල පාලනයට ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය යටතේ වී වගා කළ හැකිය. මෙහිදී වගාව සංස්ථාපනය කර සති 3කින් පමණ 5cmක් පමණ උසට ජලය සම්පාදනය කළ යුතුය. ඉන්පසු පස් මට්ටමේ සිට 15cmක් පමණ ගැඹුරට ජලයට බැස යාමට ඉඩහැර, නැවත 5cmක් උසට ජලය යෙදිය යුතුය. වැලි සහිත ලෝම පසේදී මෙම ජල සම්පාදන කාලාන්තරය දින 10කට සීමා වේ. මල් පිපීම ආරම්භය දක්වා මෙම ක්‍රමය භාවිත කිරීමට හැකියාව පවතියි. මල් පිපීම ආරම්භයේ සිට සති 2ක කාලය වී භෝගය ජලයට ඉතාමත් සංවේදී වේ. එලෙස ජල හිඟයක් ඇතිවුවහොත් අස්වැන්න 50%කින් පමණ අඩු විය හැකිය. එම නිසා මෙම කාලයේ ජල හිඟතාවක් ඇති නොවීමට වග බලාගත යුතුය. මෙම ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය යටතේ වී වගා කිරීමෙන් අස්වනු අඩුවීමකින් තොරව ජලය 10%-20% අතර ප්‍රමාණයකින් ඉතිරි කරගත හැකිය. 

චන්දිමාල් වැරදිකරු වෙයි – අවසන් ටෙස්ට් තරගය තහනම්

ශ්‍රී ලංකාව හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශා. ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කළැයි චෝදනා ලත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරගය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන තිබේ.

මීට අමතරව ඔහුගේතරග ගාස්තුවෙන් 100%ක දඩයක් අයකරගැනීමට හා අසාදු ලකුණු 02ක් ලබාදීමටද කටයුතු කර ඇත. අයි.සී.සී. තරග නීතිරීතිවල 2.2.9 යන වගන්තිය උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් අයි.සී.සී.ය විසින් චන්දිමාල් මෙලෙස වැරදිකරු කර ඇත.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ පසුගියදා (16දා) තරගය ආරම්භයට පෙර තරගයේ විනිසුරුවන් වූ ඉයන් ගෝල්ඩ් හා අලීම් ඩාර් විසින් පන්දුවේ තත්ත්වය වෙනස් වී ඇති බවට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතාට පැමිණිලි කළහ. ඒ අනුව අයි.සී.සී.ය චන්දිමාල්ට එරෙහිව මෙම පරීක්‍ෂණය සිදුකළේය.

GettyImages-969249534

 

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමතිකම බුද්ධිකට

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා අද (19දා) සවස  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

01-(7)