Author Archives: . .

SLFP 16ට විපක්ෂයේ අසුන් ගැනීමට අවසර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසර දි ඇත. ඒ ඊයේ (24දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමේදීය.

මෙහිදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. ලබන මැයි මස 08 දායින් පසුව පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්sirisena1

ලංකා – UAE ආරක්ෂක සහයෝගීතාව වර්ධනයට අවධානය

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ  සහයෝගය නිරතුරුව ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස පත් වූ  ගරු අහමඩ් අලි අල්මූඅල්ලා මහතා (Ahmed Ali Almaulla) අද (24දා) ආරක්ෂක අමාත්‍යාංයේදී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් අරාබි එමීර් රජය ලබාදෙන සහයෝගීතාවය අගය කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

2

නැන්දම්මා ඝාතනය කළ බෑනාත් දිවි නසාගනියි

අවුරුදු 85ක් වන තම නැන්දම්මා ඝාතනය කළ පුද්ගලයෙකු සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඇල්පිටියේදී අද (24දා) මෙම සිදුවීම සිදුව තිබේ.  මොවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවට අණාවරණය වන බවද පොලීසිය පවසයි.

dead

ගිහානි වීරසිංහ ගැන අැමති රිෂාඩ්ගේ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

එක්සත් රාජධානියේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හා අයෝජන සභාවේ ව්‍යාපාරික සංසඳයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සහභාගි වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිල දූත පිරිස පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතැම් මාධ්‍ය ජාලා මගින් ප්‍රකාශයට පත්වන බවට තොරතුරු වාර්තා වෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග නිල වශයෙන් මෙම සමුළුවට සහභාගි වූයේ රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හා ආයෝජන සභාවේ නිල ආරාධනය ලද, ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාවේ 42ක පිරිසක් පමණි. එම ව්‍යාපාරිකයන් 42ට සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන ලද, නිරූපණ ශිල්පිනී ගිහානි වීරසිංහ මහත්මිය හෝ ඇයගේ සැමියා හෝ අයත් නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි එම නිවේදනයේ දැක්වේ.

1

 

කැකිරි කිලෝ 55ක ආදායම රු100 – ප්‍රවාහන වියදම රු 450

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමට කැකිරි කිලෝ 55ක් රැගෙන ගිය ගොවි මහතෙකුට කැකිරි අලෙවි කිරීමෙන් ලැබුණ මුදල මෙන් පස්ගුණයක් කුලී රථයට ගෙවා හිස් අතින් යළි නිවසට යෑමට සිදුවීමේ පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඉබ්බන්කටුව, සමගි මාවතේ පදිංචි ආර්.බී. ඒකනායක (අවු.70) නමැති ගොවි මහතාය.

සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ ඒකනායක මහතා,

"මම අක්කර භාගයක කැකිරි වගා කර තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කැකිරි කිලෝ 55ක් රැගෙන ගියා. එහිදී කැකිරි අලෙවි කිරීමෙන් මට ලැබුණු මුදල වූයේ රුපියල් සියයක්. කැකිරි රැගෙන යෑම සඳහා කුලියට ගත් ත්‍රිරෝද රථයට රුපියල් 450ක් ගෙවීමට සිදු වුණා.

අපි මෙම වගාව සඳහා හුඟක් මහන්සි වුණා. පොළොව පෙරළීම සඳහා ට්‍රැක්ටර් කුලිය වශයෙන් රුපියල් 3,500ක මුදලක් වැය වන නිසා මමයි මගේ (68 හැවිරිදි ආර්.එම්. බිසෝමැණිකා) බිරිඳයි එකතු වී උදේ සිට සවස් වන තුරුම දැඩිසේ මහන්සි වී පොළොව පෙරළා අඩි 800ක පමණ දුරක සිට බට යොදා ගනිමින් ඉබ්බන්කටුව ජලාශයේ සිට ජලය පොම්ප කරමින් තමයි වගා කළේ.

දැන් එම අස්වැන්න නෙළා ගත්තත් අපට එය හරි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම ගැන අපි දැන් ඉන්නේ හරිම කනස්සල්ලෙන්" යැයි පැවසීය.

DSC00890 DSC00892 DSC00894 DSC00900

දේවහුව – ප්‍රසාද් ජයකොඩි

උත්සව සමයේදී ධීවර සංස්ථාවෙන් ලක්ෂ 722ක අදායමක්

2018.04. 05 දින සිට 18 දින දක්වා වු කාලය තුළ ලංකා ධීවර සංස්ථාව තම අලෙවි සැල්වලින් මසුන් කිලෝ ග්‍රෑම් 135,892.29ක් අලෙවි කර ඇති බවත් ඒ හරහා උපයා ඇති ආදයම  රු. 72,276,871.20ක් බව ධීවර අමාත්‍යාංශය පවසයි.

 2017 වසරේ දී උත්සව සමය තුළ මාළු කිලෝ ග්‍රෑම් 92,867.36ක් අලෙවි කරන ලද අතර එමගින් ලද ආදායම රු. 53,607,787.49ක් වන අතර ඒ අනුව මෙම වසරේ උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 ඊයේ (23) පස්වරුවේ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

ceylon-fisheries

නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී

නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයා මේ අදහස් පළ කර ඇත්තේ බී.බී.සී. සිංහල සංදේශය හා ලන්ඩනයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙක්වෙමිනි.

නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය පිළිබඳව එහිදී ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර නව කැබිනට් ඇමති තනතුරු ලබාදීමේදී රට තුළ පවතින තත්ත්වය හා එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමද සැලකිල්ලට ගන්නා බව ජනපතිවරයා සඳහන් කර ඇත.

Ms-01

 

වෙසක් වත්පිළිවෙත්වල කළ යුතු, නොකළ යුතු දේ

වෙසක් සතිය උදාවී ඇත. එයද වාණිජකරණයට ලක්වෙමින් පවතින්නේ යැයි ජනතාව අතර චෝදනාවකි. කළ යුත්තේ කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි මහා පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් සමග අද පාඨකයන් වෙනුවෙන් කෙරෙන අදහස් විමසුමකි.


වෙසක් දිනය මෙවර යෙදී ඇති ආකාරය පිළිබඳ විවිධ මත තිබෙනවා

වෙසක් පොහෝ දිනය‍ යෙදෙන දිනය තීරණය වන්නේ බුදුරජාණන්වහන්සේ උපන් නැකැත අනුව  ජ්‍යෙතිෂය නක්ෂත්‍ර විද්‍යාව යටතේ සම්පාදනය කර පිළිගත් ආකාරයටයි.
ඒ අනුව අප්‍රේල් 29 දිනට මෙවර වෙසක් පොහෝ දිනය යෙදී තිබෙනවා. ඒ අප භාවිත කරන රෝම කැලැන්ඩර් ක්‍රමය අනුවයි. නමුත් අප බුදුරජාණන් වහන්සේගේ උපත ගැන කතා කරන්නේ මෙයට ක්‍රි.පූ. කාලයේ සිටයි. එහිදී නැකැත් සම්මතය සහ කාල ගණනය චන්ද්‍රයාගේ ගමන් කිරීම අනුව මෙවර වෙසක් දිනය යෙදෙන්නේ අප්‍රියෙල් මාසයේදී.

තවදුරටත් එය මහනායක හිමිවරුන් ජ්‍යෝතීර් විද්‍යාව පිළිබඳ විද්වතුන් සහ අදාළ වෙනත් පාර්ශ්වයන්ගේ විමසුමට ලක්කර එම පැහැදිලි තීන්දුව අනුව අප්‍රේල් 29 වැනි දින මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට රජය නියම කර තිබෙනවා.
නමුත් මෙතෙනදි අප සැලකිය යුත්තේ අවුරුදු උත්සවය කියන කාරණය නෙවෙයි. සත්‍ය වශයෙන්ම පුරාණ සම්මතය අනුව චන්ද්‍ර ගමනට අදාළව වෙසක් දිනය යෙදෙන දිනය ගැනයි අප මෙහිදී අවධානය යොමු කළ යුත්තේ. ඒ අනුවයි මේ දිනය තීරණය වන්නේ.

මෙවර වෙසක් උත්සවය අවුරුදු උත්සවය නිමවීමත් සමගම යෙදීම සම්බන්ධයෙන් විවිධ මත පවතිනවා. ඒ ගැන පැහැදිලි කළොත්

වෙසක් දිනයද සිංහල අවුරුද්ද ගෙවීයත්ම නම්කිරීම නිසා ඇතිවන ආර්ථික අපහසුතාව ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් වෙසක් දින බුදුන්වහන්සේ වෙනුවෙන් කෙරෙන ප්‍රතිපත්ති පූජාවන් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නැහැ. එතනදි අවශ්‍ය වන්නේ අප වෙසක් දිනයේ සමරන්නේ ප්‍රතිපත්ති පූජාවද, වෙසක් සැණකෙළියක්ද, ව්‍යාපාරික සැණකෙළියක්ද කියන එකයි.
ඔබ අහලා ඇති දෙවියන් පවා බුදුන්වහන්සේගේ උත්පත්තිය ඇසූ පමණින් ඔල්වරසන් දී සාදු හඬ නගා සතුට ප්‍රකාශ කළ බව. අනික අපේ රටේ මෙන්ම වෙනත් රටවලද වෙසක් උත්සවය එදිනට පැවැත්වෙනවා. ඒත් සැණකෙළි මට්ටමෙන් නොව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දීම සඳහායි.  මෙහිදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බෞද්ධ උපදේශක සභාව වෙසක් උත්සවය පැවැත්විය යුත්තේ කෙසේද යන්න  පැහැදිලි ගුණාත්මක ප්‍රමිතිගත ආකාරයෙන් නිගමනය කර තිබෙනවා.

දන්සල් වෙනුවෙන් පවතින මූලික වගකීම පැහැදිලි කළොත්medagama dammananda himi  (2)

එහිදී දන්සල් පැවැත්වීම ගැනත් අවධානය යොමු කළා. මෙවර දන්සල් පවත්වන විට ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයේ විහාරාධිපතිතුමන්ලා දැනුවත් කිරීමේ අවශ්‍යතාව වගේම ග්‍රාමසේවක නිලධාරී මහතාත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.
ගතවූ කාලයේ මෙය තරගයට පවත්වන සහ අපිරිසුදු සෞඛ්‍ය තත්ත්වයන් යටතේ වගේම යම් යම් දූෂණයන්ට අනුබල දෙන ආකාරයෙන්ද පැවැත්වූ අවස්ථාවන් තිබූ නිසා මෙවැනි තීරණයක් ගත්තා.

බුද්ධ රූපය යොදාගැනීම පිළිබඳවද කතා කළා කීවා

  බුද්ධ රූපය යොදා ගැනීම පිළිබඳ තියුණු අවධානයක් යොමු කළා. එය පොදු කරුණක් ලෙස ගත්තා. ප්‍රතිමා නිර්මාණය කිරීමේදී ඒවායේ කලා සම්ප්‍රදාය,ගරුත්වය, පිළිමයක තිබිය යුතු ප්‍රමිතිය, ආසනය, උස, මහත, පරිමිතිය ආදිය අවධානයට යොමුකර තිබෙනවා. එසේ නොවන පිළිම වහන්සේලා ප්‍රදර්ශනය අත්හිටුවීමට තීරණය කළා.
එළිමහන් තැන්වල තියාගෙන මේ වන විට බුදුපිළිම නිර්මාණය කිරීමේ ප්‍රවණතාව දකින්නට තිබෙනවා. එය නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා. එයින් පිළිම වහන්සේලා කෙරෙහි පවතින ගරුත්වය නැති වෙනවා. මේ සම්බන්ධයෙන් එවැනි ස්ථාන අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙනවා.
 අනික තායිලන්තය වැනි රටවල එම කර්මාන්තයේ යෙදෙන අය හිසෙහි කහපාට  රෙදිකඩක් බැඳ ඒවාට ගැළපෙන ස්ථානයන්හි  තමාද පේ වෙමින් ඒ කටයුතු කරන්නේ. අපේ රටේ මෙය දැන් මහපාරේ එළවළු  පලතුරු විකුණන ගානට පත්වෙලා. එවැනි දේ පිළිම වහන්සේලාට කරන අගෞරවයක්. සැදැහැතියන්ගේ භක්තියට හානියක්.

බෞද්ධ කොඩිය භාවිතය කෙසේ විය යුතුද

බෞද්ධ කොඩිය භාවිතය පිළිබඳවද ප්‍රමිති ආයතනය විසින් යම් ප්‍රමිතියක් සකස් කළා. සමස්ත ලෝකවාසීන්ට බෞද්ධ කොඩියක් සම්පාදනය කර දුන්නේ ශ්‍රී ලංකාව බව කිව යුතුයි. එහිදී අපේ කොඩියේ ප්‍රමිතිය පිළිබඳ දැඩි අවධානයන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වෙනවා. ඒ අනුව එය නියමිත වර්ණයෙන්, විකෘති නොවන පරිදි ඒ ඒ තීරුවල දිග පළල අනුව සකස් කළ යුතුයි. සමහර අවස්ථාවලදී කොඩිය පටන් ගන්නා නිල්පාට තීරුව මසා එයට කොඩි කණුවක් හෝ ආධාරකයක් සවි කිරීමට යොදා ගන්නවා. එය වැරදියි. එයින් නිල්පාට කොටසේ පළල අඩු වෙනවා. එවැනි ආධාරකයන් නිල්පාට තීරුවෙන් පිටතට සිටින සේ සකස් කළ යුතුයි.

?මහා පරිමාණ වශයෙන් බෞද්ධ කොඩිය අවභාවිත වීම පිළිබඳ ඔබවහන්සේ  අවධාරණය කළා

ඔව්. එහෙම දකිනවා. ඇතැම් මූල්‍ය ආයතන සහ ව්‍යාපාරිකයන් තමන්ගේ ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන්වලට බෞද්ධ කොඩිය යොදා ගැනීමේ ප්‍රවණතාවක් පෙනෙනවා. ඒක වැරදියි. බෞද්ධ කොඩියේ අදාළ තීරු වර්ණ හැර ඒ මතුපිට වෙනත් කිසිවක් තියෙන්නට බැහැ. ඒත් අපට පෙනෙනවා ඒ ආයතනවල ලාංඡනය ඒ මත මුද්‍රණය කර තිබෙනවා. අකුරු මුද්‍රණය කර තිබෙනවා. ඔවුන්ගේ නම් හෝ පණිවුඩ මුද්‍රණය කර තිබෙනවා. එහෙම වෙනකොට ඒක බෞද්ධ කොඩියක් නෙවෙයි. එවැනි කොඩි ප්‍රදර්ශනය අත්හිටුවීමට පියවරගත යුතුයි. එයට නීතියම අවශ්‍ය නැහැ. ඒ ආයතනවලට අවබෝධයෙන් කටයුතු කළ හැකියි.

සැණකෙළි මානසිකත්වය පිළිබඳ ඔබවහන්සේ මතක් කළා

ඔව්. අනික කෝලම් මඩු, ඔළුබක්කන් නැටවීම, වංකගිරිය වැනි දේ නිර්මාණය කිරීම විනෝදාංශයක් බවට පත්වෙලා. ධර්ම පණිවුඩයක් දැන් එතැන නෑ. ඒවා සංවිධානය කරන්නේ තරුණ පරපුර නම් ඒ අය මෙහි ඇති ධර්මයට අදාළ පණිවුඩය කුමක්දැයි සිතිය යුතුයි. නැතහොත් ඔවුන් එයින් කරන්නේ අපේ ආගම විනාශ කිරීමක්.

මහා පරිමාණ මුදල් වැයවන ඉදිකිරීම් ඇසෙනවා

මහා පරිමාණ පිරිකර පූජා, ගඩොල් සහ මල් පූජා පිංකම් ව්‍යාපාරික මට්ටමෙන් සිදුවන බවට චෝදනා ඇසෙනවා. විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් යම් පුණ්‍ය කටයුත්තක් සංවිධානය විය යුතුයි. ඒත් ඒක ජනතාවගේ විවේචනයටත්, හාස්‍යයටත්, සැකයටත්  පත්වෙනවා නම් එතැන අපේක්ෂිත පුණ්‍ය කාරණය ඉටුවන්නේ නැහැ. එසේම දායකයන්ද අපහසුවට පත්වෙනවා නම් එය පිංකමක් වෙන්නේ නැහැ. හැමවිටම ඒ තුළ බුද්ධ දර්ශනය පැහැදිලිව විස්තර කළ හැකි විය යුතුයි.
  බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරින් ඇතැමුන්ද මෙම පිංකම් වෙසක් උත්සව නමින් දායකයන්ට දරාගත නොහැකි දේ සංවිධානය කරනවා. ඒවා ජනතාවට දරාගත නොහැකි නම් එයින් පන්සල කෙ‍ෙරහි ජනතාවට කලකිරීමක් ඇති වෙනවා. එනිසා එවැනි දේ කවුරුන් යෝජනා කළත්, සංවිධානය කළත් මේවා දායකයන්ට දරාගත හැකිද යන කාරණය සිතා බැලීම හාමුදුරුවන් වහන්සේලාගේත් වගකීමක්.

මෙවැනි දේ බුද්ධ දර්ශනයට අනුකූලද

  බුද්ධ වචනය අහමු. එහි කියන්නේ‍,
 “නොපැහැදුණු අයගේ පැහැදීමටත්, පැහැදුණු අයගේ එම පැහැදීම තවත් වැඩිකිරීමටත් කටයුතු කළ යුතුයි යනුවෙන්. නමුත් බුදුන්වහන්සේ එසේ දේශනා කර තිබුණත් යමෙකු එයට පරිබාහිරව යමින් පවතින පැහැදීමත් විනාශ වන පරිදි පිංකම් ඉදිකිරීම් කටයුතු සිදුකරනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. අනික තමන් කරන දේ පිළිබඳ ඵලදායිතාවද විමසා බැලිය යුතුයි.
සමහර පිංකම්වලින් කිසිවෙකුට කිසිම පිළිසරණක්, පිනක්, කුසලයක් අත්වන්නේ නැහැ. පොදුවේ සඳහන් කළොත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒවා සංවිධානය කරන අයට පමණක් වාසිදායක විය හැකියි.
 දැන් ඔබ කලින් විමසා සිටි ප්‍රශ්නයක් මම නැවත මතු කරන්නම්.
අවුරුද්ද ආසන්නයේ වෙසක් දිනය යෙදීම නිසා ආර්ථික අපහසුතාවන්ට පත්වීම ගැන මතයක් සඳහන් වුණා. එහෙම නම් දැන් ඔබට පැහැදිලි ඇති ප්‍රතිපත්ති පූජාව යන්නෙහි නියම අර්ථය දැනගෙන කටයුතු කරන්නේ නම් ඒ සඳහා මුදල් වැය වන්නේ නැහැ කියන එක.
 එතනදි විශේෂයන්ම ජනතාවට එවැනි අපහසුතාවක් තියෙනවා නම් කළ යුත්තේ අනවශ්‍ය වියදම් හෝ අධික වියදම් යෙදෙන කරුණු මෙම වසරේ සංවිධානය නොකර ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙන ආගමික වතාවත්වල යෙදීමයි. එවිට ගුණාත්මක වෙසක් උත්සවයක් සංවිධානය කරන්න මුදල, කාලය  බාධාවක් වෙන්නේ නැහැ. 

ඇතැම් තැනක දායකයන් අපහසුවට පත්වන මුදල් එකතු කිරීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් විහාරස්ථානයන්ට චෝදනා ඇසෙනවා

  ඇත්තෙන්ම විවිධ වියදම් යෙදෙන කරුණු සංවිධානයේදී එයට දායකයන් කොතෙක්දුරට අනුබලයක් කරගත හැකිදැයි සංවිධායකයන් සිතිය යුතුයි. තමන්ගේ ආර්ථික වාසිය හෝ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කෙසේ හෝ දායකයන්ගෙන් මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් කරන දේ පිංකම් නෙවෙයි. ඒකයි ඇතැමුන් මේවා තුළ යටි අරමුණ තියෙනවා කියලා ඇතත් නැතත් චෝදනා කරන්නේ.
එතනදි මුදල් ගෙවීමට නොහැකි පිරිස ආර්ථික අපහසුතාව ඇති දායකයන් කොන් කරනවා. ඒක බුදුදහමේ යථාර්ථයට හානියක්. ගමේ පන්සලෙන් එහෙම වෙන්න බැහැ.
 අනික දරා ගැනීමට නොහැකි මිලක් ආගම වෙනුවෙන් නියම කරනවා. දායකයා එතැනින් පස්සෙ පන්සලට යන්නෙ නැහැ. හාමුදුරුවො දකිනකොටත් බයෙන් හැංගෙනවා. එහෙම ධර්මයක් බුදුදහමේ කොතැනකවත් නැහැ. මේවා ඇතැම් විහාරස්ථානවල ඒ කටයුතු කරට අරගෙන කරන බව පෙන්වන සංවිධායකයන් සහ හාමුදුරුවරුන් තේරුම් ගත යුතුයි. 
සමහර තැන්වල මහා පරිමාණයෙන් දායකයන්ට නොගැළපෙන චෛත්‍ය පිළිම ඉදිකරනවා. තාප්ප ප්‍රාකාර ඉදිකරනවා. මේවා දායකයන්ට දැරිය හැකිද යන ප්‍රශ්නය තියෙනවා. කොහොම වුණත්, කවුරු කෙසේ සංවිධානය කළත් අවසානයේ එහි බර පැටවෙන්නේ ගමේ දායකයාට බව අමතක නොකළ යුතුයි.

පන්සලේ හාමුදුරුවන් වහන්සේලා එසේ අනුබල දෙන්නේ ඇයි

 සමහර තැන්වලදී හාමුදුරුවරු අහිංසකයි. දායක සමිතියට අවශ්‍ය පරිදි හාමුදුරුවන් වහන්සේ නටවන්න බලනවා. ගමේ ජීවත්වන දායකයන්ගේ අපහසුතා ගැන දායක සභාවත් දැනගත යුතුයි. හැමදේටම සල්ලි එකතු කරන්න ගියාම දායකයන්ට තමන්ගේ දෛනික කටයුතු පවුල් නඩත්තු කිරීමේ අපහසුව ඇති වෙනවා. දානපතියන් හමුවී ඒ දේ කරගත හැකිනම් වඩා හොඳයි. 
එනිසා මේක වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව දායක සභාව සහ හාමුදුරුවන් වහන්සේලා මූල්‍ය ප්‍රතිලාභ නොසලකා කළයුතු සමාජ මෙහෙවරක්ද වෙනවා. එහෙම නැත්නම් අද බොහෝ පන්සල් කෙරෙහි පවතින නොසතුට තවත් තැන්වලට පැතිර යා හැකියි.
පන්සල නිතරම සල්ලි එකතු කරන තැනක් වෙනකොට විහාරස්ථානය කෙරෙහි ජනතාව අතර එළියට පිට නොකරන කලකිරීමක් ඇති වෙනවා. මම කලින් කීවෙත් එවැනි තැන්වල භික්ෂූන් වහන්සේලා දකිනවිටත් කලකිරීමක් ඇතිවෙනවා කියලා එයයි.

පන්සලේ පොදු කටයුතු සඳහා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුද? එසේ නොවන විට දායකයන් එතැනින් බැහැ කරනවාද

  පන්සල්වල ශ්‍රමදාන පවත්වනවා. වැඩේ නිකම් වුණාට ඒ දවසට කුලියක් කරන කෙනෙකුට එයට යාමට බැරිවුණොත් ඒ පවුල එදාට අසරණයි. නොගියොත් හාමුදුරුවන් වහන්සේ තරහා වෙනවා යැයි දායක සභාව මතයක් පතුරුවනවා. ඒක වැරදියි. බුද්ධාගමේ එහෙම දෙයක් නැහැ. මේක නිදහස් ස්වාධීන මත දැරිය හැකි දර්ශනයක්. අනෙක එවැනි තත්ත්වයන් තුළ  භික්ෂූන් වහන්සේ සහ දායකයන් අතර බෙදීම් ඇතිවෙනවා. පන්සල මුල් කරගෙන මුදල් ඇති නැති හෝ සහභාගීත්වය ඇති සහ නැති ආදී වශයෙන් හෝ දායක සභාව යනුවෙන් බෙදීමක් අවශ්‍ය නැහැ. කවුරුත් එතෙනට ගියාම පන්සිල් පද රකින බෞද්ධයන් පමණයි.

ආමිස පූජාව වරදක්ද

ආමිස පූජාව වරදක් නැහැ. එහෙත් එහි සීමාවන් සහ ඉලක්ක තේරුම්ගත යුතුයි. ලෝකයේ බොහෝ රටවලත් වෙසක් උත්සවය  පැවැත් වෙනවා. ඒවා මේවා කානිවල් බවට පත් කරගත යුතු නැහැ. ගම් මට්ටමෙන් ළමා වැඩිහිටි තරුණ දායකත්වය සහ නිර්මාණශීලී බව යොදා ගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකියි. එයත් පුණ්‍යකර්මයක්. වෙසක් කූඩුවක් තමන් අතින් හදා එය දැල්වීම පහන් පූජාවක්. ඒත් අද කරන්නේ කඩෙන් ගෙනෙන වෙසක් කූඩුවට බල්බ් එකක් එල්ලා වගකීමෙන් ඇඟ බේරා ගත්තා කියන මතයක් හැදීමයි. ආමිස පූජාවත් එතැන නැහැ.

ආණ්ඩුව තොරණ ප්‍රදර්ශනය පිළිබඳ කළ කතාව නිවැරදිව වටහා ගත යුතු දෙයක්. ඒක ආණ්ඩුවේ මතය නොව ප්‍රකාශකයාගේ මතය පැහැදිලි කිරීමේදී සිදු වූ ප්‍රමාදයක් හැටියටයි මම දකින්නේ. හැමදේම දේශපාලන වාසියට හරවාගෙන වෙසක් උත්සවයේ අර්ථයත් දේශපාලනීකරණය කළයුතු නැහැ. පන්සලේ බිතුසිතුවම්, නගරයේ තොරණක වෙසක් දිනවල ප්‍රදර්ශනය වෙනවා. එහෙම නම් පන්සලට ගියත් නගරයේ තොරණ බැලුවත් ඒ දෙකේම එකම කරුණ තියෙනවා. ඔබ එදා පටාචාර කතාව සහ මෙදා සුනාමිය ගළපන්න. මේ දෙකම තුළ කොයිතරම් නම් බුදුදහමේ දර්ශනය විදහා දක්වනවාද? එනිසා තොරණක අවශ්‍යතාව ගැන කතා කරන විට යම් පදනමක් තුළ රැඳී එහි මූලික අරමුණ ගැන මෙනෙහි කළ යුතුයි. දේශපාලන වාසි සඳහා තොරණ තහනම් කරනවා යැයි මත ප්‍රචාරය කිරීම නොවිය යුතුයි.
  ආමිස හෝ ප්‍රතිපත්ති පුජාව තුළ දක්ෂතා එකතු කිරීම සහ විඳගැනීම මිස ඒවා අවභාවිත කරමින් බුද්ධ දර්ශනයේ පරමාර්ථයන්ට හානිකර වන දේ සිදුකිරීම වරදක් කියන එක කිව යුතුමයි.

අවුරුදු සමයෙන් පසු පීඩන සමය

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පාඨක ඔබ හමුවන පළමු අවස්ථාව මෙය වෙයි. එහෙයින් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියලු දෙනාට සාමය හා සෞභාග්‍ය සපිරි සුබ අනාගතයක් වෙනුවෙන් පියවර තබන අවුරුද්දක් වේවායි සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

කෙසේ වෙතත් මේ ආරම්භ වන අවුරුද්ද ජනතාවට එතරම් යහපත් අවුරුද්දක් නොවනු ඇත. අප්‍රේල් මස 01 වැනිදා සිට නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවිණි. ඉදිරියේදී ඉන්ධන සූත්‍රයක් ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ යෑමට නියමිතය.
ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළව ගෑස් හා කිරිපිටි සම්බන්ධ ව්‍යාපාරිකයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ සියලු භාණ්ඩවල මිල ඉදිරියේදී ඉහළ නැංවීමට නියමිතය.
ආණ්ඩුව ජනතා අවධානය වෙනත් අතකට යොමුකර එයින් වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. අලුත් අවුරුදු කාලසීමාව වෙනුවෙන් ජනතාව කටයුතු කරන විට ආණ්ඩුව රත්‍රන් 15෴ක බද්දක් පැනවීමට කටයුතු කළේය. මේ අනුව අවම වශයෙන් රත්‍රන් පවුමක මිල රුපියල් 8,000කින් පමණ වැඩි වී තිබේ.

ජනතාව දිගින් දිගටම පීඩාවට පත්කරන ආණ්ඩුව ඉදිරියේදී පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට අවධානය යොමුකර තිබේ. ජනතාවට වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, මේ අගය රුපියල් ලක්‍ෂ දසදහසකි. පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක් යැයි මා පෞද්ගලිකව දරන මතයයි. ආණ්ඩුව කළ යුතු වන්නේ මේ මුදල් පීඩාවිඳින ජනතාවගේ එම පීඩනය ඉවත් කිරීමට යෙදවීමය.
එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට තීරණය කර ඇත්තේ මූලිකවම විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ පදනමිනි.

වත්මන් ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට මූලික පොරොන්දුව මතය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඉදිරිපිටදී ප්‍රකාශ කළේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ධුර කාලයෙන් දැනට වසර තුනහමාරකට ආසන්න කාලයක් ගෙවී ගොස් අවසන්ය. තවත් ගෙවා දැමීමට ඇත්තේ වසර එකහමාරක් වැනි සුළු කාලයකි. එම කාලසීමාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ අතර විවිධ මත පවතින අතර, ඒකාබද්ධ විපක්‍ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇත්තේ සියල්ලන්ගේම එකඟත්වයකිනි.
එසේම ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට කාරක සභා අවස්ථාවේදී සුළු සුළු සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්‍ෂය කටයුතු කරනු ඇත.
පසුගිය පනත් කෙටුම්පත් සියල්ලම සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩුව එවැනි ආකාරයට කුමන්ත්‍රණකාරී ලෙස කටුයුතු කරමින් කාරක සභා අවස්ථාවේදී රටට අහිතකර බොහෝ දෑ සම්මත කර ගත්තේය. ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳවද අවධානය යොමුකළ යුතු වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කළද, ඒ හරහා ඇතිවූ දෙදරීම් තවමත් පෙනෙන්නට තිබේ. ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු පිරිස විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර දැන් විපක්‍ෂයට පැමිණීමට තීරණය කර තිබේ. ඒ අනුව විපක්‍ෂය තවදුරටත් පුළුල් වෙනු ඇත.  

රග්බි ක්‍රීඩාව යනු මාගේ ජීවිතයේ කොටසකට හා සමානය. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී අපි විශාල කාර්යභාරයක් ඉටු කළෙමු. එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොවීම හේතුවේ බලපෑම් එල්ල වූයේ රග්බි ක්‍රීඩාවටමය.

ක්‍රීඩාව යනු පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද නොමැති තැනකි. මාගේ ජීවිතයේ තවත් එක් විශේෂ අවස්ථාවකට එක්වීමට පසුගිය සතියේදී අවස්ථාව ලැබිණි. ඒ කාශ්මීරයේ සිටින කාන්තා රග්බි කණ්ඩායමකට පුහුණු සැසි පැවැත්වීමට අවස්ථාව ලැබීමය. සටහන ලියන විටත් මම සිටින්නේ කාශ්මීරයේ දක්‍ෂතාවලින් පිරිපුන් රග්බි ක්‍රීඩිකාවන් පිරිසකට ඔවුන්ගේ දක්‍ෂතා දියුණු කිරීමට අවස්ථාව උදාකරමිනි.

ඉන්දීය මාධ්‍ය මගින් කරන ලද කරුණු අනාවරණයකින් පසුව ඔවුන් වෙනුවෙන් පුහුණු කඳවුරක් පැවැත්වීමට මා ඉදිරිපත් වූ අතර, ඒ වෙනුවෙන් මට සහාය දැක්වීමට රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම මාගේ සහෝදරයාද වන රෝහිත රාජපක්‍ෂද එක්විය. රග්බි පුහුණුකරුවන් වන රොනී ඊබ්‍රහිම් හා ඉරෝෂනී ප්‍රියංගා දැක්වූ සහායට ස්තූතිය ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාව කර ගනිමි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!

ඉදිරියේදී රටේ විදුලිබල අර්බුදයක් ඇතිවේද?

පසුගිය මාස 6ක පමණ කාලයක සිට රටේ විදුලි ජනනය පිළිබඳ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කරුණු කිහිපයක් ගැන ජාතික පුවත්පත් සහ විවිධ විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කෙරිණ. මෙම කාරණා නිසා ඉදිරියේදී රටේ විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිද? මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් අප්‍රේල් මස 08 දින ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළ විය.


Electricity Markets copy

ආන්දෝලනයකට තුඩුදුන් කරුණු

මින් එක් කරුණක් නම් ශ්‍රී ලංකා රජයේ 2013 අංක 31 දරන සංශෝධිත විදුලිය පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් 2018 – 2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගු කාලීන අවම පිරිවැය ජනන සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් (ම.උ.කො) සභාව විසින් අනුමත නොකිරීමයි. පනතට අනුව ම.උ.කො සභාවේ අනුමැතිය නොමැතිව ජනන සැලැස්මක් ක්‍රියාත්මක කළ නොහැකිය. අනෙක් කරුණු නම් මීට පෙර අනුමත කරන ලද බලාගාර ඉදිකිරීමේ දක්නට ලැබෙන දිගු ප්‍රමාදය සහ ඊට අවශ්‍ය නව ඉන්ධනයක් වන ස්වාභාවික වායුව (ස්වායු) (ද්‍රව අවස්ථාවෙන්) ආනයනය කිරීමේ මූලික වැඩකටයුතුවල දක්නට ලැබෙන දිගු ප්‍රමාදය වේ. නමුත් මේවා පිළිබඳව මෙහිදී සාකච්ඡා නොකරනු ඇත.
මෙම පළමු ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත්තේ ලංවිමටත්, ම.උ.කො සභාවත් බලශක්ති අමාත්‍යාංශයත් වන්නේය. නමුත්, පසුගිය මාස 6 තුළ ඔවුන් අතර මේ සඳහා විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වනු ලැබූවද තවම නිසි විසඳුමක් ලැබී නොමැති බව පෙනේ. මේ කාලය අතර තුර ලංවිමයේ ඉංජිනේරු සංගමය (ඉං.සං.ය) මෙම ප්‍රශ්නයට මැදිහත්වී ඊට ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් ඔවුන් විසින් වෘත්තීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට බල සහ පුනර්ජනනීය ශක්ති (බ.පු.ශ) ඇමතිතුමා වෙත යොමු කරන ලද ලිපියක පවසා ඇත. ඔවුන්ගේ මෙම ප්‍රකාශය කෙතරම් යුක්ති සහගතද? කිසියම් ආකාරයකින් විදුලිබල සැපයුම බිඳ වැටුණහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
ඇත්තෙන්ම මෙම ප්‍රශ්නය මෙතෙක් දුරදිග ගිය යුතු එකක් විය යුතුද? නිසැකවම නැත. එම නිසා ඒ පිළිබඳ තවදුරටත් විස්තර සොයා බැලීම වටියි.

විදුලිබල මණ්ඩලයේ ජනන සැලැස්ම

ලංවිමය විසින් 2018-37 වූ වසර 20ක කාල පරාසය සඳහා ජනන සැලැස්මක් පිළියෙල කර ම.උ.කො සභාව වෙත ඔවුන්ගේ අනුමැතිය පිණිස පසුගිය වසරේදී ඉදිරිපත් කරන ලදී. ඉදිරි වසර 20 තුළ බලාපොරොත්තු විය හැකි ඉල්ලුමට සරිලන අවම පිරිවැයෙන් යුතුව පද්ධතියට සම්බන්ධ කළ යුතු විවිධ වර්ගයේ ජනන යන්ත්‍රවල ධාරිතාවන් සහ ඒවා සම්බන්ධ කළ යුතු කාලසීමාවන් මෙම සැලැස්මේ දැක්වේ. තවද, විවිධ තත්ත්වයන් යටතේ පිළියෙල කරන ලද සැලසුම් කිහිපයක් මෙහි අඩංගුය. එහි මූලික සැලැස්මෙහි 2023-35 අතර කාලය තුළ මුළු ධාරිතාව මෙගාවොට් 2700ක් වූ ගල් අඟුරු බලාගාර 6ක් ඉදිකිරීමට නියමිතය. මීට අමතරව ස්වාභාවික වායුවෙන් (ස්වායු) බලගැන්වෙන මුළු ධාරිතාව මෙගාවොට් 1500ක්වූ ද්වි-චක්‍රීය වායු ටර්බයින (ද්වි-චක්‍රීය) බලාගාර 5ක්ද තවත් තාප බලාගාර කිහිපයක්ද පුනර්ජනනීය බලාගාර ගණනාවක්ද මෙම සැලැස්මෙහි අඩංගු වී ඇත. නමුත් ගැටලුව වී තිබෙන්නේ මෙම සැලැස්ම දෝෂවලින් යුක්ත වීමය.

පළමු වැන්න නම් ඉදිරි වසර 20 තුළ අවම පිරිවැයෙන් යුතු ජනනය සැලසුම් කර ඇත්තේ මීට වසර කිහිපයකට පෙර පැවති ඉන්ධන මිල ගණන් අනුවය. මේ අනුව ගල් අඟුරු ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් (ඇ.ඩො.) 70කට ආසන්න අගයක ඉදිරි වසර 20 තුළම පවතිනු ඇතැයි උපකල්පනය කර ජනන පිරිවැය ගණන් බලා ඇත. මෙය මුළුමණින්ම දෝෂ සහගත බව කාට වුවද වැටහෙනු ඇත. ලෝක වෙළෙඳ පොළේ දැනට ටොන් එකක මිල ඇඩො 110ය ඉක්මවා ගොසිනි. දිගු කාලීන ජනන සැලසුම් පිළියෙල කිරීමේදි එසේ ඉන්ධන මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාම ජාත්‍යන්තර ක්‍රමවේදය බව ලංවිමයේ පිළිතුර වේ. නමුත්, ජාත්‍යන්තර ක්‍රමවේදයක්වූ නිසාම දෝෂ සහගත ක්‍රමවේදයක් පිළිගැනීම කළ යුතුද? එක් එක් වසරකදී සම්බන්ධ කළ යුතු ධාරිතාව පමණක් සැලැස්මෙන් ලබාගෙන සම්බන්ධ කළ යුතු වූ බලාගාර වර්ගය ඒ ඒ කාලයේදී පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කිරීම වඩා යෝග්‍ය නොවන්නේද?

දෙවැන්න නම් අවම පිරිවැය ගණන් බැලීමේදී ආර්ථික පිරිවැයද ඇතුළත් කළ යුතු බව පැහැදිලිවම 2013 විදුලිය පනතෙහි සඳහන්ව ඇත. විදුලිය ජනනය කිරීමේදි ආර්ථිකයට බලපාන කරුණු නම් පාරිසරික හානියන් හා මහජන සෞඛ්‍ය හානිය නිසා ඇති වන්නා වූ බාහිර පිරිවැය වේ. නමුත් මෙවැනි පිරිවැය දිගු කාලීන සැලැස්මට ඇතුළත් කර නොමැත. ශ්‍රී ලංකාවට අදාළව මෙම බාහිර පිරිවැය තමන් නිවැරදිව නොදන්නා බැවින් එය ඇතුළත් නොකළ බව ජනනය වාර්තාවෙහිම සඳහන් කර ඇත. එනම් මෙම දිගුකාලීන සැලැස්ම පනතට අනුකූල නොවන අතර ඒ නිසාම එය නීතියට පටහැණි සැලැස්මකි. එවැනි සැලස්මක් ක්‍රියාත්මක කිරීමට නීතියෙන් ඉඩක් තිබේද?

මහජන උපයෝගීතා කොමිසමේ විකල්ප සැලැස්ම

ඉහත සඳහන් හේතූන් නිසා ලංවිමයේ දිගුකාලීන සැලැස්ම පිළිගත නොහැකි බව පවසා ම.උ.කො සභාව විසින් ඊට විකල්ප දිගුකාලීන සැලැස්මක් පසුගිය ජූලි මාසයේදී ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන ලෙස ලංවිමට නියෝග කර ඇත. 2013 විදුලිය පනතට අනුව ලංවිමට මෙසේ නියෝග දීමට ම.උ.කො සභාවට බලයක් ඇත. නමුත් මෙය ඉං.සං.යේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. මෙම විකල්ප සැලැස්ම මුළුමනින්ම ස්වායු බලාගාරවලින් යුක්ත වන අතර, ඊට මෙගාවොට් 150ක් ධාරිතාවෙන් යුත් ද්වි-චක්‍රීය බලාගාර 6ක් සහ මෙගවොට් 300 ධාරිතාවෙන් යුත් එවැනි බලාගාර 13ක් වශයෙන් මුළු ධාරිතාව මෙගාවොට් 4800කින් යුත් සැලැස්මකි.

මෙම ප්‍රශ්නය පැන නැගුණේ ලංවිම පාලක මණ්ඩලය මෙන්ම එහි ඉංසංය විසින් ම.උ.කො සභාවේ විකල්ප සැලැස්ම මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි. ඊට හේතූන් වශයෙන් ඉංසංය ප්‍රකාශ කර සිටියේ, ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීමට වඩා අධික මිලෙන් යුක්ත බවත්, මුළුමණින්ම ස්වායු බලාගාර ස්ථාපනය කිරීමෙන් ජනන සංයුතිය ඉතා අවදානම් තත්ත්වයකට (dangerously manipulate the generation mix)  පත්වන බවත්ය. 
නමුත් මෙම තර්ක දෙකම පිළිගත හැකි ඒවා නොවේ. වඩා ආර්ථික වශයෙන් වාසිදායක වන්නේ ගල් අඟුරු බලාගාරද, ස්වායු බලාගාරද යන්න නිවැරිදව තීරණය කළ හැකිවන්නේ කාර්යක්ෂමතාව සහ පරිසරය දූෂණය වීමට හේතු වන්නාවූ විමෝචනයන්ගේ පිළිගත හැකි පිළිවෙළින් අවම සහ උපරිම මට්ටම් සහිත පිරිවිතර ප්‍රකාශ කර බලාගාර දෙවර්ගයම සඳහා පිළිගත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව මිල ගණන් කැඳවීමෙන් පසුවය. එසේ නොමැතිව, වසර කිහිපයකට පෙර තිබූ මිල ගණන් අනුව කරන ලද ඇස්තමේන්තු අනුවවත් දෝෂ සහිත ක්‍රමවේදයන් භාවිතයෙන්වත් නොවේ.

ලංවිමයේ ගල් අඟුරු බලාගාර නොමැති සැලැස්ම

ම.උ.කො සභාවෙ විකල්ප සැලැස්ම නිසා ජනන සංයුතිය අවදානමට පත්වන බවට ඉං.සං.ය විසින් කරනු ලබන තර්කය පිළිගත නොහැක්කේ ලංවිමයේ දිගු කාලීන සැලැස්මෙහිම ගල් අඟුරු බලාගාර කිසිවක් නොමැති මුළුමනින්ම ස්වායු බලාගාර ඇතුළත් කර පිළියෙල කරන ලද වෙනත් සැලැස්මක් %අනාගතයේ ගල් අඟුරු බලාගාර නොමැති තත්ත්වය^ යටතේ (ඇමණුම 7.8) ඇතුළත් කර තිබීමයි. මෙම සැලැස්මට අනුව 2019 – 2036 අතර කාලය තුළ මුළු ධාරිතාව මෙගාවොට් 4800ක් වන ලෙස මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුත් ද්වි-චක්‍රීය බලාගාර 16ක් ස්ථාපනය කිරීමට නියමිතය.

මුළු ධාරිතාව අනුව ම.උ.කො සභාවෙ සැලසුම සහ ලංවිමයේ සැලසුම එක සමාන වේ. වෙනසකට ඇත්තේ ලංවිම සැලැස්මේ සියලු බලාගාර මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුක්ත වන අතර, ම.උ.කො සභාවෙ සැලැස්ම මෙගාවොට් 300ක ද්වි-චක්‍රීය බලාගාර 13කින්ද, මෙගාවොට් 150ක එවැනි බලාගාර 6කින්ද සමන්විත වීමය. එමනිසා මුළුමනින්ම ස්වායු බලාගාර පිහිටුවීම නිසා ජනන සංයුතිය අවදානම් තත්ත්වයකට පත්වන බවට ඉදිරිපත් කරන ලද තර්කය පිළිගත නොහැකිය. මන්ද ලංවිම විසින්ම එවැනි සැලැස්මක් පිළියෙල කර තිබීම නිසාවෙනි. තවද ජනන සංයුතියේ ඇතිවිය හැකි අවදානම කුමක්දැයි පැහැදිලි කර නොමැත.

ගල් අඟුරු බලාගාරවලින් සිදුවන්නාවූ පරිසර හානිය

ගල් අඟුරු බලාගාරවලින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ඉහළ තාක්ෂණයෙන් යුත් ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට යෝජිත බව ලංවිම පවසයි. නමුත් එවැනි බලාගාරයකින් පිට වන්නාවූ වාතය දූෂණය කෙරෙන වායූන්ගේ ප්‍රමාණයන් සහ අළු පිටවීම සුළු වශයෙන් අඩු වුවද ඉන් සිදුවන පරිසර හානිය එලෙසම පවතියි. මෙම අළුවල රසදිය, ආසනික්, කැඩ්මියම්, සින්ක්, ක්‍රෝමියම් ආදී සෞඛ්‍යයට අහිතකර බැර ලෝහ ගණනාවක් මෙන්ම විකිරණශීලී ද්‍රව්‍යයන්ද අඩංගු වේ. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ ගල් අඟුරු බලාගාර ක්‍රියා කළද ඒවායින් පිටවිය හැකි සෞඛ්‍යයට හානිකර අපද්‍රව්‍ය පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකිරීමෙන් ලංවිමය සිය වගකීම පැහැර හැර තිබේ.

මෙම අළුවල අඩංගු ක්‍ෂුද්‍ර අංශු සුළඟට ගසා ගොස් වාතයට මුසුවීම නිසා තමන්ගේ සෞඛ්‍යයටද හානි සිදුව ඇති බව පුත්තලම බලාගාරයේ සේවකයන් දැනටමත් පැමිණිලි කර ඇත. ගල් අඟුරු බලාගාරයකින් පිට වන අංශු ප්‍රමාණය අවම කරගැනීමට විද්‍යුත් පෙරණ භාවිත කළද බොහෝ විට මෙම පෙරණ උපකරණ අක්‍රීය වීම නිසා අංශු ඉතා අධික ප්‍රමාණයක් වාතයට මුදාහැරේ. මෑතකදී ද මෙවැනි අවස්ථාවක් සිදුවූ බවට මාධ්‍යයන්හි වාර්තා පළ විය. ස්වායු බලාගාරවලින් අළු කිසිවක් පිට නොවන නිසා මෙවැනි ගැටලු කිසිවක් ඇති නොවේ.
ගල් අඟුරු බලාගාරයකින් විමෝචනය වනු ලබන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වායුවද නයිට්‍රජන් ඔක්සයිඩ් (NO2) වායුන්ද ක්‍ෂුද්‍ර අංශුද අවට පරිසරයට සහ මහජනයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ඇති අතර, එමගින් විමෝචනය වනු ලබන කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව ගෝලීය පරිසරයට හානි පමුණුවයි. නමුත් ස්වායු බලාගාරයකින් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හෝ ක්‍ෂුද්‍ර අංශු කිසිවක් පිටවන්නේ නැති අතර නයිට්‍රජන් ඔක්සයිඩ් වායූන්ද පිටවන්නේ සුළුවෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුවද පිටවන්නේ ගල් අඟුරු බලාගාරයකින් මෙන් 50෴ කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. එමනිසා ගල් අඟුරු බලාගාරයකින් සිදුවන පරිසර හානිය අවම කරගැනීමට වැය කළ යුතු අධික මුදලද ස්වායු බලාගාර භාවිතයෙන් ඉතිරි කරගත හැකිය.
ස්වාභාවික වායු භාවිතයෙන් ලැබිය හැකි ආර්ථික වාසි

ලංවිමයේ ප්‍රකාශන අනුව වසර 2016දී කැලණිතිස්ස මෙගාවොට් 165ක ද්වි-චක්‍ර බලාගාරයට ඉන්ධන සඳහා රුපියල් කෝටි 1600ක් වැය කර ඇත. තෙල් ඉන්ධන වෙනුවට ස්වායුවෙන් මෙම බලාගාරය ක්‍රියාකරනු ලබන්නේ නම්, වසරකට ඉන් අඩක් පමණ එනම් රුපියල් කෝටි 800ක් පමණ ඉතිරි කරගත හැකිය. ධාරිතාව මෙගාවොට් 163ක සහ 300 ක්වූ අනෙකුත් ද්වි-චක්‍ර බලාගාර දෙකත් එසේ ස්වායුවෙන් ක්‍රියා කරනු ලබන්නේ නම්, ඉතිරි කරගත හැකි මුළු මුදල වසරකට රුපියල් කෝටි 3000ක් ඉක්මවනු ඇත. තවද අඩු පිරිවැය නිසා මෙම බලාගාර දෙක පද්ධතියට සම්බන්ධ වීමේ ප්‍රතිශතය ඉහළ යාහැකි නිසා එමගින් ඉතිරි කර ගත හැකි මුදල තවත් වැඩිවනු ඇත. මෙසේ ස්වායු භාවිතයට නොගෙන තෙල් ඉන්ධන මගින් පමණක් ද්වි-චක්‍ර බලාගාර ක්‍රියාකිරීමෙන් වසරකට සිදුවන පාඩුව බැඳුම්කර වංචාවෙන් ලද පාඩුව මෙන් කිහිප ගුණයකි.

දැනට පවතින ඉන්ධන මිල ගණන් අනුව ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම වඩා මිල අඩු බව ලියුම්කරු විසින් මේ පිළිබඳව ම.උ.කො සභාව විසින් 2017 ජුනි 15 දින පවත්වන ලද මහජන අදහස් විමසීමට කැඳවන ලද රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේය. විශේෂයෙන්ම, පනතේ සඳහන් පරිදි බාහිර පිරිවැයද සැලකිල්ලට ගත් කළ ස්වායුවේ සහ ගල් අඟුරුවල සෑම මිල අගයන්ම සඳහා ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම ගල් අඟුරුවලින් ජනනය කිරීමට වඩා ආර්ථිකව වාසිදායක බව ඔහු පෙන්වා දුන්නේය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් මෑතකදී පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් අනුව යෝජිත මෙගාවොට් 300ක ද්වි-චක්‍රීය බලාගාරය සඳහා ලැබූ අඩුම ලංසුව වූයේ විදුලි ඒකකයකට රුපියල් 15 ක්වූ ලංසුවය. ලියුම්කරු විසින් ම.උ.පො සභාවට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව අනුව ගල් අඟුරු ටොන් එකක් ඇ.ඩො 110 වනවිට විදුලි ඒකකයකට අදාළ සමස්ත පිරිවැය (levelied generation cost)  රුපියල් 18කි. මෙම බලාගාරයෙන් වසරකට ගිගාවොට් 2000ක පමණ විදුලියක් ජනනය කිරීමට හැකි නිසා ගල් අඟුරු බලාගාරය වෙනුවට යෝජිත ද්වි-චක්‍රීය බලාගාරය භාවිතයෙන් ඉතිරිවන මුදල වසරකට රුපියල් කෝටි 600ක් පමණ වනු ඇත. සාමාන්‍යයෙන් වසර මැදදී ස්වායු මිල අඩුවන නිසා ඇණවුම් කරන කාලය අනුව මීටත් වඩා වැඩි වාසියක් ලබාගත හැකිය.
ලංවිම ඉංජිනේරු සංගමයේ අරමුණ සහ අභිමානයට එල්ලවූ අභියෝගය

පුත්තලම බලාගාරය ක්‍රියාත්මක කිරීමෙන් ලද අත්දැකීමෙන් ගල් අඟුරු බලාගාරයක් පවත්වාගෙන යෑමේදි පැන නගින තාක්ෂණික ගැටලු මොනවාදැයි ලංවිමයේ ඉං.සං.ය හොඳාකාර දනිති. මොහොතින් මොහොත සිදුවන ඉල්ලුමෙහි විචලනයන්ට අනුව මෙන්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගේ විචලනය වන්නාවූ දායකත්වය අනුව ජනනය වෙනස් කිරීමට ස්වායු බලාගාරයකට මෙන් ගල් අඟුරු බලාගාරයකට නොහැකි බවද ඔවුහු දනිති. වැසි කාලයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී ඉතිරී ගියද ගල් අඟුරු බලාගාර අවම මට්ටමකින් ක්‍රියාකළ යුතු හෙයින් ජල විදුලිය උපරිම ලෙස ජනනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඔවුහු දැනුම්වත්ව සිටිති. පුත්තලම ගල් අඟුරු බලාගාරයේ සේවය කරන්නාවූ තම සහෝදර ඉංජිනේරුවන්ට එහි පවතින වායු දූෂණය නිසා මුහුණ පාන්නට සිදුව ඇති සෞඛ්‍ය ගැටලු ගැනද ඔවුහු දනිති. තවද මෙම බලාගාරය අවට වෙසෙන ගොවි සහ ධීවර ජනයාට බලාගාරය නිසා සිදුව තිබෙන්නාවූ ගැටලු පිළිබඳවද ඔවුහු හොඳාකාර දනිති. පුත්තලම බලාගාරයේ වසරක් තුළ එකතු වන්නාවූ අළු ටොන් ලක්ෂ ගණනාවක් ආරක්ෂා සහිතව බැහැර කිරීම ලංවිමට හිසරදයක් බවද ඔවුහු දනිති. එම සා මෙරටට වඩා සුදුසු හෝ නුසුදුසු හෝ බලාගාරය කුමක්දැයි ඉං.සං.ය හොඳින් දන්නා කරුණකි.

කරුණු මෙසේ තිබියදී මෙවැනි ගැටලු කිසිවක් නොමැති ආර්ථික වශයෙන් වාසිදායක වෙනත් විකල්පයක් අබියස ගල් අඟුරු බලාගාරම ඉදිකළ යුතු යැයි ඉං.සං.ය රජයට බල කර සිටින්නේ වෙනත් අරමුණකින් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුව ඇත්තේ තාක්ෂණ කරුණක් පිළිබඳ ගැටලුවක් නොව තම අභිමානය පිළිබඳ ගැටලුවකි. 2013 නව විදුලිය පනත ක්‍රියාත්මක කිරීමට පෙර රටේ විදුලිය ජනනය කිරීමේ ඒකාධිකාරිය ලංවිම සතුව පැවතුණි. නමුත් දැන් සිදුව ඇත්තේ ලංවිමයේ සැලැස්ම ම.උ.කො. සභාව විසින් ප්‍රතික්‍ෂේප කර ඒ වෙනුවට විකල්ප සැලැස්මක් ඔවුන් විසින් ඉදිරිපත් කිරීමයි. එය තමන්ගේ අභිමානයට එල්ලවූ අභියෝගයක් ලෙස ඉං.සං.ය විසින් සලකනු ඇත.

විදුලිය ජනනය කිරීමේ පාලනය ගිලිහී යාම

ලංවිමයේ ඉං.සං.ය ගල් අඟුරු බලාගාර කෙරෙහි මෙතරම් ඇල්මක් දැක්වීමට හේතු විය හැකි තවත් කරුණක් නම් විදුලිය ජනනය කිරීමේ පාලනය තමන් සතු කරගැනීමට තිබෙන අවශ්‍යතාව විය හැකිය. ගල් අඟුරු බලාගාර තෝරා ගත් කළ එය මිලට ගැනීමත් ක්‍රියා කරවීමත් සහ ඒ සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලට ගැනීමත් ආදිය සියල්ල කෙරෙහි වගකීම පැවරෙන්නේ ලංවිමය වෙතටය. අනෙක් අතට ස්වායු බලාගාර සඳහා දැනට පෞද්ගලික අංශය තෝරාගෙන තිබෙන නිසා ඒ සියලු කාර්යයන්හි වගකීම පැවරෙන්නේ පෞද්ගලික අංශය වෙතටය. ධාරිතාව මෙගාවොට් 300 වන ගල් අඟුරු බලාගාරයකට අවශ්‍ය ප්‍රාග්ධන පිරිවැය ඇඩො කෝටි 70ක් හෝ රුපියල් කෝටි 1000ක් පමණ වේ. ස්වායු බලාගාරයකට මෙම පිරිවැය ඉන් අඩක් පමණ වේ. වෙළෙඳ නියෝජිතට අවම වශයෙන් මින් 10෴ හෝ රුපියල් කෝටි 100ක කොමිස් මුදලක් ගල් අඟුරු බලාගාරයක් සඳහාද රුපියල් කෝටි 50ක් ස්වායු බලාගාරයක් සඳහාද ලැබෙනු ඇත. නමුත් මෙය එක් වරක් පමණක් ලැබෙන මුදලකි.

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ආනයනටද මේ සාවිශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. වාර්ෂික ගිගාවොට් 2000ක විදුලිය ජනනය සඳහා දැන් පවතින මිල ගණන් අනුව ගල් අඟුරු ටොන් 700,000 ක් ආනයනය සඳහා ඇඩො කෝටි 7.7ක් හෝ රුපියල් කෝටි 1200ක් පමණ වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. ස්වායු බලාගාරයකින් එම විදුලිය ප්‍රමාණය ජනනය කිරීම සඳහා ද්‍රැව ස්වායු ටොන් 250,000ක් ආනයනයට ඇඩො කෝටි 12ක් හෝ රුපියල් කෝටි 1800ක් පමණ වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. එවිට ගල් අඟුරු නියෝජිතගේ වාර්ෂික ආදායම අවම වශයෙන් රුපියල් කෝටි 120ක්ද ස්වායු නියෝජිතගේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 180ක් පමණද වනු ඇත. විදුලිය ජනනය සඳහා මෙතරම් විශාල මුදලක් වාර්ෂිකව සංසරණය වීමේදී ඉන් ප්‍රතිලාභ ලැබීමට විවිධ පාර්ශ්ව උත්සුක වන බව නොරහසකි. එනිසා මෙවැනි අවස්ථාවක් තමන්ගෙන් ගිලිහී වෙනත් අයට පැවරීමට කැමති වන්නේ කවුරුන්ද?

ඉංජිනේරු සංගමයෙන් කරනු ලබන ඉල්ලීම

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් රටේ විශිෂ්ටයන් ලෙස සමත්ව ඉංජිනේරුවන් ලෙස වෘත්තීයේ යෙදී සිටින විටද විශිෂ්ටයන් ලෙස රටට සේවය කරන්නේ නම් එය උතුම් ක්‍රියාවකි. එමනිසා මෙම ප්‍රශ්නය පිළිබඳ තමන්ගේ ස්ථාවරය පදනම් රහිත බවත් තම ඉල්ලීම්වල සැඟවුණ අරමුණක් තිබීමට හැකියාවක් තිබෙන බවත් දැන්වත් වටහා ගෙන තම ඉල්ලීම් පසෙකළා වෘත්තීයේ ගෞරවයද තම ආයතනයේ ගෞරවයද රැකගෙන ලංවිමයේ ඉංජිනේරු සංගමය, ම.උ.කො සභාව සමග සහයෝගයෙන් කටයුතු කර ඉදිරියේදී සිදුවිය හැකි විදුලි අර්බුදය මගහරවා ගන්නා ලෙස ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.