Author Archives: නිදර්ශනී වික්‍රමසිංහ

මත්ස්‍ය අපනයනයෙන් රුපියල් බිලියන 15ක්

2017 වර්ෂයේදී මත්ස්‍ය අපනයනය හරහා ශ්‍රී ලංකාව විසින් උපයන ලද ආදායම රුපියල් බිලියන 15ක් ඉක්මවන බවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අපනයන ආදායමෙන් 44%ක ප්‍රතිශතයක් මුහුදු ආහාර අපනයනය මගින්උපයාගැනීමට හැකිව ඇති බවයි.

කෙසේවුවද, මත්ස්‍ය අස්වැන්නෙන් 40%ක ප්‍රමාණයක් දිනපතා පසු අස්වනු නාස්තියට ලක්වන බව පෙන්වා දෙන අමාත්‍යාංශය අවම වශයෙන් කරවලසඳහා හෝ යොදාගැනීමටඅදාළමසුන් සුදුසු මට්ටමක නොපවතින බවද සඳහන් කර සිටියි.

fish-disease

සෑම අවස්ථාවකදීම ඒකාධිපතියන් බිහිවූයේ බහුතර මහජන මනාපයකින්

සෑම අවස්ථාවකදීම ඒකාධිපතියන් බිහිවූයේ බහුතර මහජන මනාපයකින් යැයි කිසිසේත් අමතක කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පෙන්වා දෙයි.

හෙතෙම සඳහන් කර සිටින්නේ බහුතර මහජන මනාපයකින් බිහිවන එවැනි ඒකාධිපතියන් අවසන කෙළවර කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද දැමීමෙන් වන බවයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටින ඒ මහතා,

''පළාත් පාලන ඡන්දයකින් රටේ ආණ්ඩු බලය නිෂේදනය වනවා යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නොදන්නාකමයි. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංවිධානය ජනවරමේ අපේක්ෂාව වුණත් එය සිදු කිරීමට ආණ්ඩුවට නොහැකි වුණා. එම සාමූහික වගකීමෙන් මිදෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පාර්ශ්ව දෙකටම බෑ. අගමැති හෝ ජනාධිපති යන පාර්ශ්ව දෙකෙන් එක්කෙනෙකුටවත් බෑ අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දිගු කිරීමට. නමුත් මේ දේශපාලන අර්බුදය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන බලවේගය විසින්.

ප්‍රංශය වැනි රටක් දෙස අවධානය යොමු කළොත් පවතින ආණ්ඩුව අන්ත පරාජයට පත්වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණවලින්. හැබැයි ඒ ජයග්‍රහණය කළ කිසිදු පාර්ශ්වයක් කියන්නේ නෑ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා. 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පත්වෙන්නේ මහජන ඡන්දයෙන් විශාල බහුතර මනාපයක් අරගෙනයි. නමුත් හිට්ලර් මොකද කළේ…? මහජන ඡන්දයෙන් බලයට පත්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ල යවනවා. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් අහෝසි කරලා දානවා. ජර්මනියේ පාර්ලිමේන්තුව ගිනිබත් වෙනවා. මේ තමයි ඒකාධිපති පාලනය.

ඒකාධිපතින් බිහිවෙන්නේ මහජන ඡන්දයෙන් කියන එක අපි අමතක නොකළ යුතුයි. මහජන ඡන්දයෙන් දිනන ඒකාධිපති පාලකයෝ කෙළවර වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ මුඛයට පරිවර්තනය කිරීමෙන්. අන්න ඒ තත්ත්වය තමයි මේ මහින්ද රාපක්ෂ පාලනය දියත් කිරීමෙන් සිදු කෙරෙන්නේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් මේ රටේ ව්‍යවස්ථානුකූල පාලනයට අභියෝගයක් එල්ල කරනවා. අපි ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරනවා නොවෙයි. මේ රටේ ව්‍යවස්ථානුකූල පාලනය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් අපි කතා කරන්නේ'' යැයි පැවසීය.

hqdefault

හිටපු LTTE සාමාජිකයින් ඇතුළු යාපන‍යේ 50ක් හමුදාවට

යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඇතුළුව තරුණ තරුණියන් 50දෙනෙකු හමුදාගත පදනම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදාමය නොවන රාජකාරීන් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (15දා) සිට රාජකාරීන්ට අනුයුක්ත කර තිබේ.

මෙලෙස බඳවාගත් නව ආධුනිකයන් හට ආහාර, ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම් යනාදියට අතිරේකව රුපියල් 40,000ක මාසික වැටුපක් හිමිවන අතර, ඔවුන්ව යස අවුරුදු 55දී විශ්‍රාමික හිමිකමටද ඇතුළත් වේ. එසේම, ඔවුන්ගේපවුලේ සාමාජිකයන් සඳහාද යුද හමුදා වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවද ඇත.

DWT5J1LUMAAADl6 DWT5J1MUQAME5qA

රජය මේ වනවිට අවයව බද්ධයක

රජය මේ වනවිට අවයව බද්ධ කිරීමක සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කළ අවයව දන්දීමේ දින පාගමනට අද (18දා) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු ඒ පිළිබඳ අදහස් නොදක්වා සිටි අතර, ඉදිරියේදී අවයව දන්දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බවද ඔහු පැවසීය.

ඉදිරියේදී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමා බලාපොරොත්තු වන බවදඅමාත්‍යවරයා සඳහන් කළේය.

“2015 වසරේදී මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වන විට අවයව බද්ධ කිරීම කඩාකප්පල් වී තිබුණා. නමුත් ඉන් පසු අක්මා බද්ධය ආරම්භ කළ අතර, පසුව හෘද බද්ධ කිරීම් පවා සිදු කළා. අනුරාධපුර, මහනුවර, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර යන මහ රෝහල්වලදී අවයව බද්ධ සිදු කරනවා. මෙහිදී හෘද බද්ධය විශේෂිත වුණා. මමත් මහනුවරට ගොස් වෛද්‍යවරුන් සහ රෝගියා හමු වී අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. නමුත් දෙවැනි හෘද බද්ධය අසාර්ථක වුණේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අරගලය හේතුවෙන්.

දැනට අවයව බද්ධ කිරීම් සිදුවන්නේ ප්‍රධාන රෝහල් කීහිපයක විතරයි. නමුත් ඉදිරියේදී තවත් රෝහල් කිහිපයක අවයව බද්ධ කිරීම් ආරම්භ කරනවා. ඇතැම් වෛද්‍යවරුන්ද ඊට උනන්දුවක් දක්වනවා. එය කඩාකප්පල් නොකර සහයෝගය ලබාදිය යුතුයි.”

Rajitha

 

ළමයින් වෙළෙඳාමේ යොදවන අය සෙවීමට ආවේක්ෂණ කණ්ඩායම්

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළෙඳාමේ යොදවන පාර්ශ්වයන් පිළිබඳ සොයාබැලීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසමින් සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළෙඳාම් කටයුතු සඳහා යොදවාගැනීමේ සිදුවීම් පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර,ඒ අනුව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් මෙලෙස යොදවා ඇති බව සඳහන් වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මෙන්ම රටේ පවතින නීතිය අනුවද ළමයින් වෙළෙඳ කටයුතු සඳහා යොදවාගැනීම වරදක් වන බවයි.එසේම, ළමයින්ගේ දෙමවුපියන්ට හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළෙඳාමේ යෙදවිය නොහැකි බවටද අධිකාරිය අවධාරණය කර සිටියි.

මෙම සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙනදෙන අතර, එවැනි සිදුවීම් පිළිබඳ දැනුවත්වේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ %1929^ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම්දෙන ලෙසදජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

මහින්ද සමග එජාප හෝ එජනිස ගණුදෙනු අනුමත කරන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඇති කර ගනු ලබන කුමන ආකාරයක ගනුදෙනුවක් හෝ වේවා එය කිසිසේත් අනුමත නොකරන බවට වමේ කේන්ද්‍රය අවධාරණය කරයි.

එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ස්ථිර විය යුතු බවයි. 

එසේම, ʻනින්දගම් බෙදා ගන්නාʼ සේ රාජ්‍ය ආයතන බෙදා ගැනීම වෙනුවට ආර්ථිකය හසුරැවන   ʻමොඩලයʼ කුමක්දැයි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් වහාම රටට අවධාරණය කළ යුතු බවද හෙතෙම පවසා සිටියි.

නීතිය හා සාමය පැවරිය හැකි විශිෂ්ඨතමයා SF – අමිල හිමි

නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති.

මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට අද (15දා) පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි සුදුවෑන් පිටත් නොකළද, වත්මන් ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ කටයුතු මෙහෙයවන ප්‍රධානීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් මුදල් යොදවා කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවයි.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කළ නොහැකි දේ පවා අනුගමනය කරමින් රට තුළ මහජන ශික්ෂණය ස්ථාපිත කිරීමට ශක්තිමත්, නිර්භය නායකත්වයක් අවශ්‍යව ඇති බවත්, එම තනතුර සඳහා වඩාත් යෝග්‍යතම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා වන බවත් අමිල හිමියෝ එහිදී පෙන්වා දුන්හ.

පුරවැසියන් අාණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා – පුරවැසි බලය

පුරවැසියන් ලෙස තවමත් ආණ්ඩුව පිළිබඳ යහපත් බලාපොරොත්තුවකින් පසුවන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් නිහතමානීව යථාර්ථය තේරුම් ගෙන ඉදිරි කටයුතු සංවිධානය කළ යුතු බවත් 'පුරවැසි බලය' සංවිධානය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සිය අදහස් දැක්වීම සඳහා වූ මාධ්‍ය හමුවක් කොළඹ පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී 'පුරවැසි බලය' සංවිධානය විසින් අද (13දා) කැඳවා තිබූ අතර, එහිදී එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ, රාජපක්‍ෂ රෙජිමය බලයට පත්වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු දේ සිදු කිරීමට කටයුතු කරන බවයි.

''ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ඉන්ධන මිල අඩු කළා. ඒකෙන් ආණ්ඩුවට ආදායමත් අඩු වුණා. රාජ්‍ය සේවක දීමනා 70%කින් වැඩි කළා. වැටුප් වර්ධක 66%කින් වැඩි කළා. එය ආර්ථිකයට බරක්. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන කාර්යක්‍ෂමතාව මෙය නොවෙයි. තාජුදීන්, ප්‍රගීත්, ලසන්ත, සී.එස්.එන්., ඇවන්ගාර්ඩ් සියල්ල ගැන කතා කළත් ඉදිරියට ගෙන ගියේ නෑ. නමුත් ආණ්ඩුව කිසි දෙයක් කළේ නෑ කියලා කියන්න බෑ. අපි දන්න විදියට මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක කටයුතු අවසන්. නමුත් ජාතිවාදය, ආගම්වාදය, ව්‍යවස්ථාව ඇතුළේ රට බෙදනවා කියන එකට උත්තරය දුන්නේ නෑ. 'කෑවද' ඇහුවාම 'උදේට කෑවා' කියලා උත්තර දෙන එක මේ රටට හරියන්නේ නෑ.

සාමාන්‍යයෙන් ආණ්ඩුවත් පටන් ගෙන කරගෙන යන්න අවුරුදු 3-4ක කාලයක් යනවා. මහින්ද කළේ දිගින් දිගටම ඇදීම. මහින්දගේ ඇදීමෙන් රටට හොඳ දේවල් නොවෙයි සිදු වුණේ. පරාජිත මහින්ද රාජපක්‍ෂ රෙජිමය බලයට එන්න උත්සාහ කළේ තමන්ගේ අපරාධයන් වහගෙන බේරෙන්න මිසක් රටට ආදරේට නොවෙයි. පොහොට්ටුවෙන් තේරී පත්වෙලා ඉන්නේ දූෂණ වංචාවලට හසුවූ පරණ කට්ටිය සහ ඔවුන්ගේ සාමාජිකයන්. අපි ආණ්ඩුවට කියන්නේ ආරවුල් හදා ගන්න, ගේන යෝජනා පැත්තකට දාන්න. මේ අවුරුදු 02 හරියට කරන්න, මේ ආණ්ඩුවට පුළුවන්. තවමත් අපි අපේක්‍ෂා සහගතයි. අපි බොහෝම පැහැදිලිව කියනවා. ආපස්සට හැරෙන්න අපි ඉඩ තියන්නේ නෑ. රාජපක්‍ෂ රෙජිමය නැවත බලයට පත්වීම වැළැක්වීමට කළ හැකි සියලු දේ අපි කරනවා'' යැයිද ඔහු අවධාරණය කර සිටියේය.

සයිටම් අර්බුදයට දුන් GMOA විසඳුම්වලට බොහෝ පාර්ශවවල එකඟතාව

'සයිටම් අර්බුදය' සඳහා තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ හා රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මෙන්ම දෙමාපිය සංගම්ද මේ වන විට එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.gmoa

මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා වූ මාධ්‍ය හමුවක් කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (12දා) කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ විසඳුම් ඇතුළත් පොදු ලියැවිල්ලක් ජනාධිපතිවරයා වෙත බාර දීමට ඉදිරි දිනකදී කටයුතු කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතාද එක්ව සිටි අතර, එහිදී සිය අදහස් දක්වා සිටි ඒ මහතා,

''සබුද්ධික ජනතාවක් රටේ ඉන්නවා, ඔවුන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගන්නවා කියලා මැතිවරණයේදී පෙන්වලා තියෙනවා. රටේ ජනතාව අන්දන්න බෑ කියන පණිවුඩය ඔවුන් දේශපාලඥයන්ට දීලා තියෙනවා. රටේ ජනතාවට විසඳුම් අවශ්‍යයි. බලයෙන් උදම් අනන අයට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ආණ්ඩු හදන්න හෝ පෙරළන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය නෑ'' යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

යහපාලනය ස්ථාපිත කිරීමට අපොහොසත් වෙලා

2015 ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ යහපාලනය, ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අපොහොසත් වී ඇති බවත්, එසේම එය රටේ මහජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බවට මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

හෙතෙම පෙන්වා දුන්නේ ජනතාවගේ කැමැත්ත මත පදනම් වන හා ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සෑමවිටම ජනතා ප්‍රතිචාර සාධනීය ලෙස බාරගත යුතුවන බවයි.

එසේම, ඒවාට උචිත  ලෙස  රජයක් ක්‍රියාත්මක විය යුතු අතර, මහජනතාව විසින් සහ අදාළ අවස්ථාව විසින් ඉල්ලා සිටින ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්ට යොමු වීම රජයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ වගකීම වන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (11දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කරන අමාත්‍යවරයා,

"2015 වර්ෂයේදී විශාල මහජනතාවක් අපේක්ෂා සහගතව අප වටා එක් වූහ. එසේම වසර තුනකට පසුව රජයේ පාර්ශ්වයෙන් විවිධ අඩුපාඩුකම් සිදුව තිබියදීත් විශාල ජනතාවක් අප පිළිබඳ තවදුරටත් විශ්වාස තබා ඇති බවද මෙවර මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. අපගේ පළමු ප්‍රමුඛතාව වියයුත්තේ එම ජනතාවයි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණට ඡන්දය ලබාදුන් එම ජනතාව අත්නොහැර ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු" යැයිද සඳහන් කරයි.04