Author Archives: එස්.පී. නානායක්කාර

දියතලාව කඳවුරේ අත්බෝම්බ පිපිරීමකින් 3ට තුවාල

දියතලාව හමුදා කඳවුරේ සිදුවූ අත්බෝම්බ පිපුරමකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ගුවන්පු හමුදා හුණුවීමක් අතර තුර අද (17දා) මෙම පිපිරීම සිදුව තිබේ. මෙම පිපිරීමේ ආධුනික නිලධාරියෙක්,  සාජන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.

2

 

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් විවෘතයි

( UPDATE) පස් කඳු කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ බදුල්ල මාර්ගයේ 195 කණුව අසළින් එක් මංතීරුවක වාහන ගමනය මේ වන විට ආරම්භ කර ඇත. එම ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් සේවයේ යොදවා ඇති අතර ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද සේවයේ යොදවා ඇත.


14.30 PM කොළඹ – බදුල්ල පාර වල්හපුතැන්නෙන් වැසෙයි

පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය වල්හපුතැන්න කිලෝමීටර් 195 කණුව ආසන්නයෙන් වැසී ඇති බව හල්ඳුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්  සුනිල් අබේසිංග මහතා පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඔහු පවසයි.

rOAD-CLOSED

දඹේතැන්න පවුල් 64ක් ඉවත් කරයි

පවතින අධික වර්ෂාවත් සමග නාය යෑමේ අවධානමක් හේතුවෙන් හපුතලේ දඹේතැනන වත්තේ, බණ්ඩාරඑළිය කොටසේ පවුල් 64ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත්කර ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්‍රකාශ කරයි. ඉවත්කළ පවුල් 64 දඹේතැන්න අංක 2 දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇත.

RAin

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වාහන ගමනයට බාධා

ඇතිවූ අධික වර්ෂාවත් සමගින් ඇල්ල වැල්ලවාය මාර්ගයට කරඳගොල්ල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

මාර්ගය වාහන ගමනයට යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

rOAD-CLOSED 

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරය ගිනි ගනියි

(UPDATE) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විමට රජයේ රස පරීක්ෂක කැඳවන බව පොලීසිය පවසයි.


බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයේ ඇතිවූ ගින්නක් මැඬ පැවැත්වූ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.

අද (30දා) පෙරවරුවේ ඇතිවූ ගින්න විනාඩි 45ක් පමණ පැවැති බවත් නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලීසිය එක්ව ගින්න මැඬ පැවැත්වූ බවත් බණ්ඩාරවෙල පොලීසිය  පවසයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

5925a0181600002200ddc96b

පස්කඳු කඩා වැටීමෙන් වාහන ගමනයට බාධා

පැවැති ධාරානිපතා වර්ශාවත් සමග හල්දුම්මුල්ල බෙරගල මන්තැන්න මාරගය හා ගිනිගත්ගල මාර්ගයන්ට පස් කඳු කඩා වැටීවෙන් එම මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ.

බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් පස්  ඉවත්කිරීම් සිදුකර අතර මේ හේතුවෙන් ගිනිගත්ගල හා කිරිමැටිය ගම්මාන දෙකේ ජනතාව කොටුවී ඇත.

DSCN4663

බඹරකන්ද දියඇල්ලට ඉහළින් කන්දක කොටසක් නායයයි

හල්දුම්මුල්ල  ප්‍රදේශයට පසුගිය කිහිපය තුළ පැවැති ධාරානිපාත වර්ෂාව හේතුවෙන්දිවයිනේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක්  ඊයේ (18දා) නාය යෑමට ලක්ව තිබේ.

මේහේතුවෙන් එම කොටස්ජලයත් සමග එක්වී දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමට පටන් ගෙන ඇති බවත්දිය ඇල්ලෙන් ගලා හැලෙනවිශාල ජල පහරත් සමග ගල් කුළුද ගසාගෙන විත් ඇදහැලුණු බව ප්‍ර‘දේශවාසීහු පැවසූහ.

IMG20180414161504 IMG20180414163758

 

 

බස්රියක පිපිරීමෙන් 19ක් රෝහලට

දියතලාව, කහගොල්ලේදී බස්රිය පිපිරීමක් සමග ඇතිවූ ගින්නකින් පුද්ගලයල් 19ක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.

අද (21දා) අලුයම මෙම අනතුර සිදුව ඇත. පෞද්ගලික බස් රථයක මෙම ගින්න ඇතිව තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් අතරින් 12 දෙනෙක්ම හමුදා සාමාජිකයෝ වෙති.

toms-river-school-bus-fire-8d0df47f2b1275cf

හල්දුම්මුල්ල ප්‍රා සභාවේ සුඳු හඳුන් ගස හොරු කපලා

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සුදු හඳුන් ගස ඊයේ රාත්‍රියේදි හොරුන් කපාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

හල්ඳුම්මුල්ල පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

20171230_081926 20171230_081949 20171230_101825

තියුණු ආයුධ සමග 11ක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කරමින් සිටි 11 දෙනෙක් ඊයේ (17දා) රාත්‍රියේදී බණ්ඩාරවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරුවන් දියතලාව හල්දුම්මුල්ල බණ්ඩාරවෙල, අම්බලන්ගොඩ, කුලියාපිටිය, සොරගුනේ, කරඳගොල්ල, බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

කඩු, පිහි, කියත්  පටි, දම්වැල්, යකඩ බට ඇතුළු ආයුධ කිහිපයක් එහි තිබී සොයාගෙන ඇත. 

IMG-e6ced95ea955dbcdb7a84d24dde7e362-V