Author Archives: නාලිකා රාජපක්ෂ

බඩ අඩු කරන හරි මග දැනගනිමු

කෙට්ටු වුණත් මහත වුණත් ඉදිරියට නෙරා එන බඩ නම් කොයි කාගේත් සතුටට හේතුවන කාරණයක් නෙවෙයි.කොහොම නමුත් ඇඟපත මහත නැහැ කියල හිතුණත් බඩ වැඩියි කියල ඔබට දැනෙන එක ඔබ ඔබේ රූපය පිළිබඳ කිසියම් නොසතුටකින් පසුවන බවට පළකරන ඉඟියක්. මේක අඩු කරන්න මොන තරම් දේ කළත් වැඩක් නෑ කියල ඔබට හිතෙනවනම්  මෙන්න බඩ අඩුකරගන්න නොවරදින මග කියල අපට මේ කරුණු ඔබට ගෙන හැර දැක්විය හැකියි.  මෙය ඔබට අමතර ආහාර සංයෝගයක් හෝ ඖෂධ සංයෝගයක් නොමැතිවම කළ හැකි එකක් නිසා අපි සියල්ලන්ටම පළමු උදර තරබාරුව වශයෙන් හඳුන්වන්නේ කුමක්දැයි අද සෞඛ්‍ය පිටුව තුළින් විමසමු.


LBFW2018-8113

උදර තරබාරුව බොහෝ විට ස්ථූලතාව හා බැඳෙන බව ඔබ දන්නවා. යම් කාල පරිච්ඡේදයක් මුලුල්ලේ සිරුරට ආහාර මගින් ලබාගන්නා ශක්ති ප්‍රමාණය  සිරුරින් දහනය කර වැය කරන ශක්ති ප්‍රමාණය ට වඩා වැඩි වූ විට ස්ථූලතාව නැති නම්, %ඔබේසිටි^ යන තත්ත්වය ඇතිවෙනවා. සිරුර තුළට ලබා ගන්නා ශක්ති ප්‍රමාණය,  වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි වූ විට ධන ශක්ති  තුලිතතාවයක්  පවතී යැයි හඳුන්වනු ලබන අතර  එම අමතර ශක්තිය මේද සෛල  තුළ අතිරික්ත මේදය හා ට්‍රයිග්ලිසරයිඩ  ලෙස තැන්පත්වීමට මග පාදනු ලබනවා. දිනකට කැලරි 100 ක අතිරික්ත ශක්ති ප්‍රමාණයක්  වැය නොවී සිරුරේ  මේද ලෙස තැන්පත් වුවහොත්  වසරකදී සිරුරේ ඇති මේද ප්‍රමාණය කිලෝ ග්‍රෑම් පහකින් ඉහළ යයි.  මෙම අතිරික්ත මේදය ප්‍රධාන වශයෙන්  උදරයේ අභ්‍යන්තර අවයව අක්මාව, අග්න්‍යාශය, අන්ත්‍ර, වෘක්ක වටා සහ සමට යටින්  ඇති අධහ්ශ්චර්ම පටක තුළ අධහඃශ්චර්මීය මේදය ,මෙම උදරයේ අවයව වටා සහ අධහඃශ්චර්මයේ  තැන්පත්වන මේදය හා එක්ව උදර තරබාරු බව ඇති කිරීමට දායක වෙයි. 

 දිනපතා පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් , සීනි, සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය  හා ශක්ති ගණත්වය වැඩි ආහාර  පරිභෝජනය කරන කරන සහ ක්‍රියාශිලී බව නොමැති අඩු පුද්ගලයින්  අතර උදර තරබාරු බව බහුලව දකින්නට ලැබේ. අප රට තුළ ක්ෂණික ආහාර  කෘතිමව සකසන ලද ආහාර  හා ශක්ති ඝනත්වය  අධික ආහාර සුලභ ලෙස පැවතීමත්  ඒවා මිලදී ගැනීමට  ඇති හැකියාව වැඩිවීමත් සහ සීග්‍ර නාගරීකරණය නිසා  සෞඛ්‍යට අහිතකර ආහාර රටාවකට  හා ක්‍රියාශීලී නොමැති ජීවන රටාවකට  හා ක්‍රියාශීලී  නොමැති ජීවන රටාවකට හුරු වූවන් උදර තරබාරුව ඇතිවීමට වැඩි අවදානම් පුදගලයන් ලෙස සැලකිය හැකිය.

 හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය, පියයුරු/මහා අන්ත්‍ර/ගුද පිළිකා මෙන්ම ඇල්ෂයිමර් රෝගය  උදර තරබාරුව නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වයන් ලෙස පිළිගනී දැන් අප උදරයේ තැන්පත් වූ මේදය අඩු කරන්නේ කෙසේද යන්න  විමසා බලමු. 
සාමාන්‍යයෙන් කිසියම් කෙනෙකු ස්ථුලභාවයට පත්වූ විට යම් ආකාරයකින් සිහින් වෙන්නට පටන් ගත්තද සිරුරේ අනෙකුත් ස්ථාන මෙන් උදරය සිහින් වෙන්නේ නැත . මේදය උදරයේ තැන්පත්වීම  සිදු වූ පසු උදරයේ තරබාරු බව අඩුකිරීමට ඉතාම අපහසුය. උදරයේ මේද තැන්පත්වීම වළක්වා ගැනීම  අවම කිරීමට ගත හැකි සියලුම ප්‍රයත්නයන්  ගැනීමට වග බලා ගත යුතුය.  මෙසේ උදරයේ මේද තැන්පත්වීම ප්‍රධාන වශයෙන්  අධික මේද හා කාබෝහයිඩ්රේට සහිත කැලරි අධික  ආහාර පරිභෝජනයත් ක්‍රියාශීලීත්වය  ශාරීරික  ක්‍රියාකාරකම්  අඩු බවත් නිසා ඇතිවන ප්‍රතිඵලයක් වන අතර උදර තරබාරු බව පාලනය කිරීමට හා වැළැක්වීටට මෙම අවදානම් සාධක අවම කරන්නට අවශ්‍ය වෙයි.

දිනපතා ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට ප්‍රමාණය අවම කරන්න

අපගේ ප්‍රධාන ආහාරවේල් සහා බොහෝවිට සහල් පිටි හෝ තිරිඟු පිටි වලින් සැකසූ ආහාර යොදාගන්නා අතර ඒවා ආහාර වේලේ ප්‍රධාන කාබෝහයිඩ්රේට්  ප්‍රභවයද වේ.  සාමාන්‍යයෙන් සහල් සහල් පිටි හෝ තිරිඟුපිටි  ආහාර පිඟානෙන් අඩකටත් වැඩිය.  උදරයේ මේද තැන්පත්වීම වැළැක්වීමට ආහාරයට ගන්නා  කාබෝහයිඩිරේට් ප්‍රමාණය  පිඟානෙන් අඩකටත් වඩා අඩුවීම අවශ්‍යය. එසේම පිරිපහදුකරන ලද කාබෝහයිඩ්රේට්  එනම් නිවුඩ්ඩ  ඉවත්කළ පිටිවලින් සෑදූ  ඉඳි ආප්ප නූඩ්ල්ස් වැනි දෑ  වෙනුවට සංකීර්ණ කාබෝහයිඩ්රේ  වන නිවුඩ්ඩ සහිත ධාන්‍යය සහ අල වර්ග  ආදේශ කිරීම අත්‍යාවශ්‍ය වේ. 

සීනි අධික ආහාර හා සීනි යොදා රසකල බීම වර්ග (පැණි බීම) පරිභෝජනයෙන් වළකින්න

එකතු කරන ලද සීනි (added sugar) යනු ආහාර හෝ පාන වර්ග සකසක විටදී හෝ පිළිලෙ කිරීමේදී එකතු කරනු ලබන සීනි වේ. කිරි හා පලතුරු වල ස්වභාවික අඩංගු වී ඇති සීනි මීට ඇතුළත් නොවේ. එකතු කරන ලද සීනි ලැබෙන ප්‍රධාන ප්‍රභවයන් වනුයේ සීනි අධික ආහාර හා සීනි යොදා සකස්කල පාන වර්ග (sugar sweated Beverage – SSB) වේ. වත්මන් වෙළඳපොළෙහි මිලදී ගැනීමට ඇති බොහෝ අතිරේක/කෙටි කෑම වර්ග (Snacks) සීනි, පැණි හෝ හකුරු (මොනොසැකරයිඩ – ග්ලූකෝස්, ෆෘක්ටෝස් හෝ ඩයිසැකරයිඩ – සුක්රෝස්) පදනම් කරගනිමින් නිපදවන ලද ආහාර වේ.

බහුලව පරිභෝජනය කරනු ලබන සීනි යොදා රසකළ පාන වර්ග වනුයේ එකතු කල සීනි සහිත පැණිබීම වර්ග (soft drinks) කෝලා බීම වර්ග, රසකළ යුෂ වර්ග, ක්‍රීඩා පාන වර්ග, ශක්ති ජනක පාන වර්ග, රස කල කිරි තේ හා කෝපි වේ. සීනි යොදා රසකල පාන වර්ග අධික පරිභෝජනය මෙන්ම, පුරුද්දක් ලෙස/ දිනපතා ආහාරයට ගැනීම උදරයේ අභ්‍යන්තර මේද පටක තුළ මේද එක්රැස් වීම අතර සම්බන්ධතාවයක් ඇති බවට එනම් උදර තරබාරු බව ඇති කිරීමේ ඉහළ අවදානමක් ඇති බවට සාක්ෂි මඟින් දක්වා ඇත.
දියර සීනි එනම් රසකළ පැණිබීම පානය කිරීමේදී එහි ඇති සීනි හඳුනා නොගන්නා බැවින්, ඝන ආහාරවල ඇති සීනි වලට මොළය දක්වන ප්‍රතිචාර වලට වඩා පැණිබීම වලට මොළය දක්වන ප්‍රතිචාරය වෙනස් වේ. එබැවින් රසකළ පාන වර්ග  වැඩිපුර පානය කිරීමට පෙළඹී ඔබ පරිභෝජනය කරන මුළු කැලරි ප්‍රමාණය ඉහළ යයි. නමුත් මෙය පලතුරු සඳහා අදාළ නොවේ. පලතුරු සෞඛ්‍යයට ඉතා හිතකර වන අතර පලතුරුවල ඇති අධික තන්තු ප්‍රමාණය මඟින් ෆෘක්ටෝස් මඟින් ඇති කරන අහිතකර බලපෑම් නිශේධනය කරනු ලබයි.

ට්‍රාන්ස් මේද (trans fat) හා සංතෘප්ත මේද (saturated fats) අඩංගු ආහාර පරිභෝජනය සීමා කරන්න

ට්‍රාන්ස් මේදය  අඩංගු විය හැකි ආහාර වනුයේ, මාගරින් වර්ග, බේකරි නිෂ්පාදන, (උදා – බිස්කට්, ක්‍රැකර්ස්, කුකීස්, කේක් වර්ග) බදින ලද අලපෙති, වෙළඳපලෙන් මිලදී ගත් පොප්කෝන් සහ ගැඹුරු තෙලෙහි බදින ලද ක්ෂණික ආහාර වර්ග (උදා – ගැඹුරු තෙලේ බදින ලද කුකුල් මස්, මාළු, අල තීරු, ඩෝනට්ස්, කට්ලට්, පැටිස්, රෝල්ස්) වේ. සංතෘප්ත මේද සහිත ප්‍රභව ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදන – රතු මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආශ්‍රිත නිෂ්පාදන (චීස්, අයිස් ක්‍රීම්, බටර්) ආදිය වේ.     
ට්‍රාන්ස් මේදය අනෙකුත් මේද වර්ග වලටත් වඩා සිරුර් බර වැඩිවීම සමඟ ප්‍රබල සම්බන්ධතාවයක් පවතී. ආහාර වේලෙන් ලබා ගන්නා කැලරි ප්‍රමාණය සීමාකල ද , එහි අඩංගු ට්‍රාන්ස් මේද ප්‍රමානය අධික නම් සිරුරේ අනෙකුත් ප්‍ර‘දේශවල ඇති මේදය උදරයේ මේද පටක වෙත නැවත ව්‍යාප්ත කිරීම හේතුවෙන් උදර තරබාරුව ඇතිවීම සිදුවේ. එම නිසා පරිභෝජනය කළයුතු ට්‍රාන්ස් මේද ප්‍රමාණය දිනකට ගන්නා මුළුමේද ප්‍රමාණයෙන් 1෴ කට වඩා අඩු ප්‍රමාණයකට සීමාකළ යුතුය. 

පොල්තෙල් යනු ශාතමය සංතෘප්ත මේද ප්‍රභවයක් වුවද පොල්තෙල් වල &මධ්‍යස්ථ දාම ට්‍රයිග්ලිසරයිඩ* (Medium chain triglycerides – MCTs) බහුලව පවතී. මෙම මේද අම්ල අනෙකුත් මේද වලට වඩා ආහාර ගැනීමෙන් තෘප්තිමත් බව ඇතිවීම (Satiety) උද්දීපනය කිරීමත්, සිරුරෙන් දහනය කරන කැලරි ප්‍රමාණය ඉහළ නැංවීමත් සිදු කරන බව පෙන්නුම් කර ඇත. එම නිසා ඔබගේ ආහාර පිසීමට ගන්නා අනෙකුත් මේද/ තෙල් වෙනුවට පොල්තෙල් භාවිතා කිරම සුදුසුයි. එහෙත් පොල්තෙල් වුවද කුඩා ප්‍රමාණයක් භාවිතා කිරීම නිර්දේශ කරයි.

ආහාර වේලෙහි ඇති ප්‍රෝටීන ප්‍රමාණය (Portion) වැඩි කරන්න

ප්‍රෝටීන පරිභෝජනය වැඩි කිරීමෙන් කුසගිනිවීම අඩු වීමත් කුස පිරුණු බව හැඟීම (Fullness) වැඩි දියුනු වීමත් සිදුවන නිසා ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම වලක්වාලයි. එසේම එය පරිවෘත්තිය ක්‍රියා සිදුවන සීඝ්‍රතාවය වැඩි කිරීම සහ දිගු කාලීන බර අඩුවීම හේතුවෙන් සිදුවිය හැකි මංශපේශී ස්කන්ධය (muscle mass) අඩුවීම  පාලනය කිරීම ද සිදු කරනු ලබයි. 

දිනපතා ආහාර වේලට එකතු  කරගත හැකි ප්‍රෝටීන අධික ආහාර ප්‍රභව වනුයේ බිත්තර (eggs) මාළු, කරවල, මස්, රනිල බෝග, ඇට වර්ග, (nuts) සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන (උදා කැවුම්කිරි, යෝගට්) වේ. බිත්තරවල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පවතී යයි පෙර පැවති මතයට විරුද්ධව, නව අධ්‍යයනයක් මඟින් බිත්තර ආහාරයට ගැනීම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම කෙරෙහි අහිතකර ලෙස බලනොපාන බව අනාවරණය කර ඇති අතර නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකු සඳහා දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම නිර්දේශ කර ඇත.

තන්තු බහුල ආහාර පරිභෝජනය වැඩි කරන්න

තන්තු බහුල ආහාර පරිභෝජනය වැඩි කිරීම නිසා ආහාර ගැනීමෙන් ඇතිවන තෘප්තිමත් බව (satiety) ආමාශය පිරුණු බව (fullness) වැඩි කිරීම, ආහාර රුචිය අඩු කිරීම සහ අමාශය හිස්වීම ප්‍රමාද කිරීම මඟින් උදරයේ අවයව වටා මේදය එක්රැස් වීමේ සීඝ්‍රතාව අඩු කරන බව පෙන්වා දී ඇත. තන්තු අධික ආහාර වනුයේ නිවුඩඩ් සහිත ධාන්‍ය (whole grain) වලින් නිපද වූ පාන්, පිරිපහදු නොකළ සහල්, ඕට්ස්, කුරක්කන්, ඉරිඟු, එළවළු, (උදා – කොහිල, බණ්ඩක්කා, වැටකොළු, කැරට්) පලතුරු  (උදා – දිවුල්, පේර, අඹ, ඇපල්, දොඩම්, කෙසෙල්) වැනි ආහාරයි.

වැඩිපුර ජලය පානය කරන්න

වැඩිහිටි පුද්ගලයන් ට දිනකට ජලය ලීටර් 1-2 (වීදුරු  6-8 ක්) අවශ්‍ය වේ. කෙසේ වුවද  මෙම ප්‍රමාණය පුද්ලයෙකුගේ ක්‍රියාකාරී මට්ටම හා වයස මත රදා පවතී. හෘද රෝග, වකුගඩු රෝග වැනි රෝග ඇති අය වෛද්‍ය උපදෙස් මත දිනකට ජලය පානය කරන ප්‍රමාණය තීරණය කල යුතුය. සැම විටම වතුර බෝතලයක් රැගෙන යාමේ පුරුද්දක් ඇතිකර ගැනීම වැදගත් වේ. තවද පැණිබීම (Soft drinks) සහ පැණි රසැති බීම වර්ග වෙනුවට ජලය සහ ජලය අධිකව අඩංගු නැවුම් පලතුරු හා පිෂ්ඨය රහිත එළවළ (උදා – පිපිඤ්ඤා) වැඩිපුර ආහාර වේලට අඩංගු කරගත හැක.

නිතිපතා ව්‍යායාම්වල නිරත වන්න

නිතිපතා ස්වායු ව්‍යායාම්වල නිරත වීම උදරයේ තැන්පත් වූ මේදය අඩු කිරීමට බොහෝ ඉවහල් වේ.  දිනකට මිනිත්තු 30-60 දක්වා කාලයක් ඇවිදීම. දිවීම, පිහිනීම, හෝ ක්‍රීඩා කිරීම වැනි ස්වායු ව්‍යායාමයක නිරත වීමෙන් උදරයයේ තැන්පත් වූ මේද දහනය කිරීමට හැකිවෙනවා මෙන්ම උදරයේ අභ්‍යන්තර අවයව වටා මේද එක්රැස් වීම ද වළක්වා ගත හැකිය.

සුවදායී නින්දක් ලබා ගන්න   

උදරයේ අභ්‍යන්තර අවයව වටා මේද තැන්පත් වීම වැලැක්වීමට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. රාත්‍රියට පැය 6-7 ක නින්දක් ලැබූ පුද්ගලයන්ගේ උදරයේ අභ්‍යන්තර අවයව වටා අඩු මේද ප්‍රමාණයක් තැන්පත් වන බවත් ඊට අඩු හෝ වැඩි පැය ගණනක් නින්දක් ලබන පුද්ගලයන්ගේ උදරයේ මේද ප්‍රමානයක් තැන්පත් වන බව සොයා ගෙන ඇත.

ආතතිය අඩු කරන්න

ඔබ දිනපතා අධික ලෙස ආතතියට පත්වුවහොත් සිරුරේ කෝට්සෝල් (Cortisol) හෝමෝන මට්ටම ඉහළ යයි. රුධිරයේ ඉහළ නැංවුණු කෝට්සෝල් හෝමෝන මට්ටම උදරයේ මේදය එක්රැස් වීමට දායක වේ. එම නිසා නිතිපතා ආතතිය ඉහිල් කරන සංගීතයට සවන්දීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම කිරීම, ගැඹුරු ආශ්වාස කිරීමේ ව්‍යායාම කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම අත්‍යාවශ්‍ය වේ. එසේම ආතතිය ඇති කරන අවස්ථා මඟහැරීම සඳහා කල කලමනාකරණ ක්‍රියාකාරකම් කුසලතා සංවර්ධන ක්‍රියාකාරකම් වලට අනුගත වීම වැදගත් වේ.

කුරුලෑ කඩන්න එපා

විශේෂයෙන් පිරිමි පක්ෂයේ අයට වඩාත් තදින් ඇතිවන ගැටලුවක් ලෙස කුරුලෑ හඳුන්වන්නට පුලුවන. තරුණියන්ටත් කුරුලෑ ඇතිවීම ගැටලුවක් වුවත් තරුණයන්ට කුරුලෑ ඇතිවීම රැවුල කැපීමේදී කුරුලෑ කැඩී යාම වැනි ගැටලු නිසා තරමක වැඩි බවක් දකින්නට පුලුවන්. කවුරු වුණත් නාසය මත කුරුලෑ ඇතිවුණොත් ඒවා කඩන්නට උත්සහ දැරීම නම් ඒ තරම් සුදුසු නැහැ.

අනෙක මෙසේ නාසය මත ඇතිවන කුරැලෑ ඉතාම වේදනාකාරීයි.  මෙසේ වූ විට සමේ ඇති විෂබීජ නාසය සෑදී ඇති කාටිලේජ දක්වා පැතිර යන්නට ඉඩ තිබෙනවා.  උඩු තොලේ සහ නාසයේ අපිරිසුදු රුධිරය හෘදය වෙත ගෙනියන ශිරාවලින් සමහරක් කපාල කුහරයේ ඇති ශිරා සමග සම්බන්ධය. ඒ නිසා මේ ශිරා දිගේ විෂබීජ කපාල කුහරය තුළට පැතිර යාමේ අවධානමක්ද ඇත.  එය ඉතාම භයානක තත්ත්වයකි. 

මේ නිසා මුහුණේ නාසය අවට ඇති ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙසද හැඳින්වෙයි.  එම ප්‍රදේශයේ කුරුලෑ මිරිකා හැරීමෙන් ආසාදනය ඇතුළට පැතිර යා හැකියි.  මේ නිසා නාසය හා ඒ අවට පැසවූ කුරුලෑ ඇතිවීම ඉක්මණින් ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් සේ සලකන්න. දියවැඩියා රෝගය සහිත අයෙකු නම් ඔහුගේ විෂබීජ පැතිරීමේ අවදානම වැඩි නිසා රෝහල් ගත කර ප්‍රතිජීවක ලබා දිය යුතු බව අමතක කරන්න එපා!

2839647

 

දිනෙන් දින වැඩිවෙන ස්ථූලතාව

දිනෙන් දින වෙනස් වන ජීවන රටාව හේතුවෙන් අධික ලෙස මහත්වීම මෙකළ බාල තරුණ මහළු කාටත් ඇති ගැටලුවකි. මේ නිසා බොහෝ දෙනෙක් ස්ථූලතාවය පාලනය කරන්නට නොයෙකුත් ක්‍රම භාවිත කරන අතර  ඒවායින් සැළකිය යුතු වෙනසක් ඇතිකරගන්නට නොහැකි වූ බවද බවසයි. කළක් මේ ආහාර සංයෝග හෝ ඖෂධ භාවිතා කළත් ඒවායින් අදාල ප්‍රතිඵල අඩුවෙන් ලැබීමත් එය නැවතූ සැණින් නැවත පෙර තිබූ තත්ත්වයටම පත්වේ යැයි මැසිවිලි නගන අයට සාර්ථක ප්‍රථපල වෛද්‍ය විද්‍යාව තුළින්ම ලද හැකි නම් එය මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. කෙසේ වෙතත් ස්ථූලතාවය කියන්නේ කුමක්ද යන්න පළමුව හඳුනාගැනීම වැදගත් අප අද සාකච්ඡාවට බඳුන් කරනුයේ ඒ සම්බන්ධයෙන් පවතින සාර්ථකම ක්‍රමයක් පිළිබඳවයි.


 

  fat-thin

ස්ථූලතාවය මේවන විට ලොව පුරාම ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ඇතිකරන්නට හේතුකාරකයක්ව ඇතැයි පැවසුවහොත් එය බොරුවක් නෙවෙයි.  බෝ නොවන රෝග සියල්ලන්ටම පාහේ පොදු හේතුවක්ව මතුවන තරබාරු බව  සම්බන්ධයෙන් විවිධ පිළියම් බිහිවුවත් ඒවායේ සාර්ථකත්වය දැකගත හැකිවනුයේ තාවකාලිකව බැවින් ස්ථූලතාවය මේ වන විට මැඩලිය නොහැකි නැතහොත් මැඩලීමට අසීරු තත්ත්වයක් බවට මතයක්ද ගොඩනැගී පැවතීම සැබවින්ම තරබාරු බව  මඩින්නට විශාල බාධකයක්වද පවතී. තත්ත්වය එසේ වන නමුත් මේ සඳහා සියයට සියයක් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී යැයි ඔබට පැවසුවහොත් එය අලුත් ආරංචියක් වනු නොඅනුමානයි.

Captureතරබාරුව මැඩිම සම්බන්ධයෙන් හැම විටම ප්‍රමුඛතාවයක් ගන්නා ව්‍යායාම . ආහාර පාලනය, ඖෂධ, උපකරණ , ආලේපන එකවිටම මතකයට නැගෙන අතර  මේ කිසිවක් යොදා නොගෙන ඔබේ බර අඩුකරගන්න වගේම නැවත ඔබේ බර වැඩිවීම පාලනය කරගන්න අතුරු ආබාධ කිසිත් නැති ක්‍රමයක් පවතින බව කිවහොත් එය ඔබට අලුත් ආරංචියක් වනු ඇති. කිසිම ඖෂධයක් කිසිදු උපකරණයක් ආහාර පාලනයක් හෝ ව්‍යායාමයක් නැතිව මාස කීපයකදි බර අඩු කරගන්න සිරුර හැඩකරගන්න මෙන්ම ලෙඩ අඩුකරගන්න ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන ඔබට උපකාරකරයි

මෙය අලුතින් බිහිවූ ක්‍රමයක් නෙවෙයි. සිරුරේ නිල ස්ථාන තෙරපුම තුළින් ඇතිකරන ක්‍රියාකාරිත්වය අනවශ්‍ය මේදය දහනය කිරීමක් සිදුකරන අතර එසේ දහනය වන මේදය නිසා සිරුර සිහින් වුවත් එල්ලා වැටීමක් හෝ රැළි වැටීමක් සමට ඇති නොකරයි. මේ ක්‍රමය තුළින් සම හොඳින් තද වී පැවතී තිබියදීම සිදුවන තවත් ක්‍රියාවක් තිබේ. ඒ මෙම ක්‍රමයෙන් අනවශ්‍ය මේදය ඉවත්ව ගොස් සිරුරේ බර ක්‍රමානුකූලව අඩුව යන නමුත් සිරුරට අනවශ්‍ය තරම් මේදයක් නැවත තැන්පත් වීම වැළැක්වීමයි. මේ ප්‍රතිකාර පටන් ගත් පසු කෙනෙකුට අනවශ්‍ය තරමින් ඇතිවන ආහාර ගැනීමේ උවමනාව ක්‍රමයෙන් පාලනයවීමත් ඒ හරහා අඩු කරගත් බර සහ ස්ථූලතාවයට පත් නොවීම ස්ථාවරව පැවතීමත් මේ ප්‍රතිකාර ක්‍රමවේදය තුළින් ඇතිවන වාසි සහගත තත්ත්වයක්.

බොහෝ දෙනෙකු අලුත් ප්‍රතිකාර ක්‍රමවේදයන්ට බියක් දක්වතත් මෙය එසේ බියපත්වීමට අවශ්‍ය දෙයන් නොවන්නේ මෙයින් කිසිදු අතුරුඵලයක් ලොව කොතැනකදීවත් ඇති වී තිබේ යැයි වාර්ථා නොවීමයි. මෙය කිසිදු උපකරණයක්, එන්නතක් , ඖෂධයක් හෝ කිසිවක් ශරීරගතකිරීමකින් තොරව සිදුකරන්නක් බැවින් ආසාත්මිකතා ඇතිවීමක්ද නොවේ.  සතියකට දින තුනක් පමණ  විනාඩි  පහළොවක් විස්සක් අතර කාලයකදී  මේ නිල තෙරපුමට ලක්වීමෙන් සිරුරේ බර අඩුවීම සහ ක්‍රමානුකූල පැවැත්මකින් අඩු වූ බර පාලනය වී නැවත වැඩි වීම  වළක්වයි. මුලුමණින්ම වේදනා රහිතවීමද මෙම ක්‍රමයේ විශේෂත්වයකි. අධි රුධිර පීඩනය , දියවැඩියාව වැනි තත්ත්ව පවතින්නන්ට මේ ප්‍රතිකාර වඩාත් ගුණදායක වන අතර ඒ රෝග යම් තරමකට පාලනය සඳහාද උපකාරී වෙයි. ස්ථූලතාවය ඇති අයට මතුවන ප්‍රධානතම ගැටලුවකි බඩ ඉදිරියට නෙරීම.

1200px-Obesity-waist_circumference

බඩ  මෙන්ම තට්ටම් ප්‍රදේශ , පිට , ඉණ දෙපස අත් ගොබ හා කළවාවල මෙසේ අධික තෙල් තැන්පතු ඇතිවන්නේ මන්දැයි ඇතැම් විටක ඔබට බරපතල ලෙස සිතෙන අවස්ථා තිබෙන්නට පුලුවනි. මෙසේ වීමට බලපානු ලබන්නේ එකම හේතුවක් නොවන නමුත් ඒ ඒ හේතු අතර කිසියම් ඥාතීත්වයක් දකින්නට පුලුවනි. අප එයින් බඩ ඉදිරියට ඒම ගැන ප්‍රමුඛව සැළකුවහොත් ඇතැම් විට ඔබ තීරණය කරනු ලබන්නේ අනෙක් අයෙකුගේ උදරයට සාපේක්ෂව හෝ ඔබේ නිවසේ මුහුණ බලන කණ්නාඩියෙන් ඔබ දකින දේ අනුව නම් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. පළමුව ඔබ ඔබේ බර මැන ගෙන සිටින්න  ඇතැම් අය සිහින්ව පෙනෙන නමුත් බඩ ඉදිරියට නෙරා තිබෙන අවස්ථා දැන් දැන් බහුලයි. ඔබ අසුන්ගන්නා ඉරියව්ව මෙන්ම සිටගන්නා , ඇවිද යන ආදී ඉරියව් පවා  ඔබේ උදරය නෙරා ඒමට යම් තරමකට බලපානු ලබන මව සිහිතබා ගන්න.

ඔබ කොන්ද කෙළින් තබා නොගෙන කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් වාඩිවෙනවා නම් ඒ අවස්ථාවේ ඔබේ උදර මාංශ පේෂීන් ඉදිරියට තල්ලු වී සිටීම එක දිගටම සිදුවන විට ඒ මාංශ පේෂී පසුකලෙක ඉදිරියට නෙරා එන්නට ඇති ඉඩ කඩ  නොසලකා හැරිය නොහැකියි. තවත් සමහරු ආහාර ගැනීමේදී කුස පිරෙන තරම ඉක්මවා ගියත් පුරුද්දට මෙන් පමණ ඉක්මවා ආහාර ලබා ගැනීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමට බලපානු ලබන උත්තේජනයක් ඇතිවන්නට පුලුවන්. ආහාරගත් විගසම වතුර වීදුරු කීපයක්ම පානය කරන අයටත් මේ ගැටලුව මෙයාකාරයෙන්ම බලපාන්නට පුලුවන්.බොහෝ විට කටින් හුස්ම ගන්නට හුරු වූ අයටත් යම් තරමකින් උදරය ඉදිරියට නොරා ඒමේ ගැටලුවට මුහුණ දෙන්නට සිදුවෙන්නට පුලුවන්.ඒ ඔවුන් වාතය වැඩි ප්‍රමාණයක් ගිලීම නිසා උදර මාංශ පේෂී ඇදීයාමක් සිදුවන නිසා.

මේ හැරෙන්නට මත් පැන් පානය කරන්නන්ද උදරය විශාලවීමට බඳුන්වන්නට ඉඩ ඇති අයයි. ඇවිදීමට කම්මැලි, නැතිනම් නිතරම අසුන්ගෙන සිටින්නන්ද උදරයේ මාංශ පේෂී දුර්වලවීමේ හේතුවෙන්.උදරය නෙරා ඒමේ ගැටලුවට මුහුණ දෙන්නන් විය හැකියි. නමුත් ඇතැම් කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු නිසි ව්‍යායාමයක් නොවීම අධික ආහාර අනුභවය ආදී හේතු නිසා උදරය ඉදිරියට නෙරාඒමේ ගැටලුවට මුහුණ දෙන්නට සිදු විය හැකියි. සමහරුන්ට නෙරා ආ උදරය හේතුවෙන්  පාවහන් පලඳින්න, මේස් දමන්න වැනි කටයුතු මෙන්ම පාදයේ නිය පොතු කපන්න වැනි ක්‍රියා  මෙන්ම බිම වාඩිවෙන්න නොහැකියාවක් මතුව ඇත්නම් එයින් ඇඟවෙන්නේ උදරය අනවශ්‍ය තරම් නෙරා ඇවිත් තිබෙන බවයි.ස්ථූල වූ පසු කෙනෙකුට ඇතිවන ශාරීරික අපහසුව හේතුවෙන් තරමක් කුසීත කම්මැලිබවක් දැනීමට ඉඩ ඇති බව සත්‍යයකි.

Visceral-Fat-Web

ඒ හේතුවෙන් ආහාර ගත් පසු කිසියම් ආකාරයක බරැති බවක් සිරුරට දැනීමෙන් කය වෙහෙසවීමකින් තොරව එක තැන රැඳී සිටිමින් විවේක ගන්නට පෙළඹීම හේතුවෙන් සිරුරේ බර වැඩි වීමට තුඩු දෙන සාධක වඩාත් ඉස්මතුවිය හැකිය. අධික කොලෙස්ටරෝලතාව, හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආඝාතය ,පිළිකා රෝග ,ස්වසන රෝගාබාධ වැනි බෝ නොවන රෝග මෙන්ම චර්ම ආබාධයන්ද මේ හේතුව නිසා ඇතිවීමේ අවදානමක් පවතී.  අනවශ්‍ය ලෙස ඇතිවන උදරය නෙරා ඒම සහ ස්ථූලතාවයට මෙතෙක් පවතින පිළියම් සෑම දෙයක්ම කළ නමුත් ඒවායින් ප්‍රතිඵල නැතැයි මැසිවිලි නගන අයගේ එම අසාර්ථකත්වයට හේතුව එය ඇතිවීමට තුඩු දෙන හේතු වැලැක්වීමක් නොවීමයි. උදාහරණයක් සැළකුවහොත් සමහර ප්‍රතිකාර ලබාගන්නා අතර ආහාර පාලනය කරන්න යැයි පැවසුවත් ඔවුන්ට වෙනදාට වඩා කුස ගිනි දැනෙන්නට පටන් ගැනිමෙන් වැඩි ආහාර ප්‍රමාණයක් ඉබේම ලබා ගැනීමට පෙළඹීමයි. 

ව්‍යායාමයක නිරතවි අවසන් වූ වහාම සමහරු කුස ගිණී වැඩියෙන් දැනී ආහාර වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම එවැන්නකි. එම ප්‍රෙෂර් පොයින්ට්ස් උත්තේජනය මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහය දක්වන සියලුම ක්‍රියාකාරිත්වයන් නිරෝගීබවට පත්කරන අතරම ඒවායේ ඇදෙන සුලු බව අඩුකරවීම තුළින් කෙනෙකුට විශාල ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම කෙරෙහි ඇති වී තිබූ ඇබ්බැහියද පාලනය වෙයි. මේ නිසා ආහාර පාලනය අපහසු යැයි පවසන ඕනෑම අයෙකුට නිරායාසයෙන්ම සිරුරට අනවශ්‍යය තරමේ ආහාර ප්‍රමාණයක්  ලබා ගැනීමට තිබූ රුචිකත්වය ඉබේම නැවතී යයි. මේ ප්‍රතිකාර ක්‍රමය ගර්භීනී අයට පමණක් සිදු නොකරන අතර අවුරුදු දහයට අඩු දරුවන්ටද සිදු නොකරයි. මේ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය අයෙකුට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පස්වැනි මහලේ  ( සෝපාන අංක 8 හෝ 9 න් පැමිණීය යුතුයි) ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන වෙත පැමිණ හෝ හොට් අංක 0773237738 , 0715 555655 දුරකථන අංක වෙත ඇමතීමෙන් උපදෙස් ලබාගත හැකියි. 

 

නැළවෙන මවු උකුලේ ගීතය කාගේද?

අපේ ගීත කලාවේ එන ඇතැම් ගීත ඒ ඒ අවධිවලින් මතු වූ පුරාවෘත බඳුයැයි පැවසුවහොත් එහි වරදක් නොවේ. හැටේ දශකයේ බිහි වූ ගීත අතරින් අද දක්වාම අඛණ්ඩ ජනප්‍රියත්වක් ලද ගීත අතර
‘නැළවෙන මවු උකුලේ…
පොඩි දරුවන් දෙතොලේ… 
සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ..’ යන ගීතය කාගේද යන්න විමසන විට ඔබට යම් තරමක වික්ෂිප්ත බවක් මතුවන්නට ඉඩ තිබේ. මන්ද මේ ගීතය නොගයන සංගීත කණ්ඩායමක් හෝ වේගරිද්ම ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් සොයාගත නොහැකි බැවිනි. එවිට මේ ගීතයේ මුල් හිමිකරුවෙකු නැතිද, සිටී නම් මෙසේ මේ ගීතය බොහෝ දෙනා විසින් ගයන්නේ කිසියම්  අවසරයක් නොමැතිව ගැයීම සඳහා නිදහස් කර තිබෙන නිසාද? මේ පැනය සඳහා පිළිතුරු සැපයීමට හැකි එකම පුද්ගලයා රේමන්ඩ් ෆොන්සේකායි. හැටේ දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක් වන සමනලයෝ වෙනුවෙන් රේමන්ඩ් ලියා සංගීතවත් කර ගැයූ මේ ගීතය එසේ කාටත් පොදු ගීතයක් වූයේ කෙසේද? මේ රේමන්ඩ් අප හා යෙදුණු පිළිසඳරයි.


‘හැටේ දශකයේ  සංගීත කණ්ඩායම් බහුලව තිබුණු යුගයක් නෙවෙයි. මම කතෝලික කෙනෙක් නිසා පැවිදි ජීවිතයට ඇතුළත් වීමේ අරමුණින් සෙමනේරියේ ඉගෙනුම ලබමින් සිටියා. ඒ සමගම මම සංගීතයත් එක්ක බොහෝ ළඟින් කටයුතු කළා. මට ඒ පල්ලියේ පසුබිමත් එක්ක ගායනා කිරීමේ හැකියාවත් දියුණු වෙලයි තිබුණේ. ඉතිං ‘සමනලයෝ’ කියන සංගීත කණ්ඩායම ඇරඹෙන්නේ  1967 සැප්තැම්බර් මස 30 වැනිදා. ඒ කාලේ ගීත තැටි එහෙම බිහිවීමත් හරිම විරලයි. ඇත්තම කිව්වොත් ලංකාවේ නිපදවුණු පළවෙනි ඊ පී තැටිය වුණේ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය ඇතුළත් ‘සමනලයෝ’ සංගීත කණ්ඩායම විසින් නිපද වූ ඊ පී තැටියයි. මෙම ගීතය මම නිර්මාණය කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි කාලයේයි. සමනලයෝ කණ්ඩායම, තම කණ්ඩායමේම ගීත දොළහක් නිපදවා තියෙනවා. ඒ දොළහම ජනප්‍රියත්වයට පත්වුණා . ඊට අමතරව තවත් ගීතයක් තිබෙනවා. එය නිර්මාණය කර දුන්නේ ආර්.ඒ චන්ද්‍රෙස්න සංගීත ශිල්පියා විසිනුයි.

?ඉතිං ඔබ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය වේග රිද්ම ගීතයක් ලෙස නිර්මාණය කරන්න නොහිතුවේ ඇයි

 ඇත්තෙන්ම කීවොත් එය ඔබ අසා ඇති වේග රිද්ම ‘නැළවෙන මවු උකුලේ’ ගීතයේ හැඩය ගන්නා ගීතයක් නෙවෙයි. එය ඉතාම සෞම්‍යව නිර්මාණය වූ තනුවක් සහිත අලංකාර ගීතයක් වීම නිසා තමයි ඔය අදටත් රිද්මය සහ ටෙම්පෝ  වෙනස් කරලා අපේ හැම කෙනෙක්ම පාහේ ගයන්නේ. මේ ගීතය හොඳ ගීතවලට ප්‍රිය කරන හැමෝගෙම සිත් ගත් ගීතයක්.  වේදිකාවේ ගයද්දි වුණත් හොඳ ප්‍රතිචාර මේ ගීතයට ලැබී තිබෙනවා. ඒත් ඒක අද වගේ මහ රෑ දොළහට, එකට , ගෙවල්වල නිදා ඉන්න පොඩි අය අවදි කරවන අන්දමේ කෑගසා  ගයන ගීතයක් විදිහට නෙවෙයි නිර්මාණය වුණේ. අඬන දරුවෙක් නළවගන්න තරම් සියුම් අලංකාරවත් සෞම්‍ය නාද රටාවන් එක්කයි.

?එතකොට කවුද මේ ගීතයට වේග රිද්මය ඔබ්බවා මෙය බයිලා ගණයට එක් කළේ

කලක් මම විදේශගතව සිටියා. ඒ කාලයේ වුණ දෙයක් තමයි මේ. ඔබ කීවා හරි. මේ ගීතය සමහරු හිතන්නේ බයිලා ගීතයක් කියලා. හරි පුදුමයක් ඒක. මේ මෑතකදී එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ජනප්‍රිය නිළියක් බයිලා ගීතයක් ගයන්න කීවම ගැයුවේ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය. සමහර ගීත එවැනි වෙනස්කම් කළාම තිබුණට වඩා තවත් සුන්දර වෙනවා. තවත් සමහර ඒවා මුළු ගීතයම මරණවා. එක්කෝ ඒ ගීතය එපා කරවනවා. ‘නැළවෙන මවු උකුලේ’ ගීතයට මොනවද වෙන්නේ හොයන්න මම ලංකාවේ නොහිටි කාලයේ මේ විදිහට ගීතයේ තනුව වේගරිද්ම වී ඉබේ බයිලා ගීතයක් සේ මිනිසුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ ගීතය බොහෝ දෙනෙක් ගයනවා පමණක් නෙවෙයි සංයුක්ත තැටි ආදී මුදල්මය කාරණා නැතිනම් සංදර්ශන ආදියටත් යොදා ගන්නවා. 

20180502_132645

?එය බුද්ධිමය දේපළක් ලෙස ඔබගේ අවසරය හෝ මුදල් ගෙවා ලබාගන්නා ලද අනුමැතියක් සහිතවද ගැයෙන්නේ

නැහැ. මම කිසිවෙකුට ඒ ගීතයේ අයිතිය විකුණා නැහැ. නමුත් ඔවුන් ගයනවා. අර කියූ විදිහට ඒවායින් මුදල් උපයනවා. නමුත් එයින් මට ගෙවීමක් කර නැහැ. මේ ගීතය හිතූ හිතූ ලෙස භාවිත කරන්නන් දැනසිටිය යුතුයි මට කතාකර ඒ අවසරය ගීතයේ වටිනාකමට සරිලන මිලක් ගෙවා ලබාගන්න. නමුත් මෙතෙක් කවුරුවත් එහෙම කර නැහැ. මමත් මේ පස්සෙ පැන්නුවේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම යම් ආකාරයකින් ගීතය ගැයීම සම්බන්ධ මට ඇති අයිතිය ක්‍රියාත්මක කළා නම් මා ලංකාවේ නොහිටි කාලයේ  මේ ගීතය නොගැයී  තිබීම හේතුවෙන් එය ඉබේම මුල්ලකට තල්ලු වී විනාශ වී යන්නට ඉඩ තිබුණා. නමුත් කවුරු හෝ එසේ ඒ ගීත ගයනවා කියන්නේ නැවත නැවත  ඒ ගීත ඇසෙන්නට සැලැස්වී රසිකත්වයක් අඛණ්ඩව ඒ ගීත එක්ක රැඳී තියෙන එකයි. එහෙම හිතලා මම එයට විරුද්ධත්වයක් පළ කළේ නැහැ. මේ ගීතය මමත් තරුණම අවධියේ ගැයූවක්. එයින් පසුව යුග කීපයක් වෙනස් වුණා. නමුත් අදටත් පොඩි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ ගීතය දන්නවා, අඳුනනවා, අසා තිබෙනවා. නිර්මාණයක් සමාජගත වෙන්න ඕන එහෙම හැම කෙනෙක්ටම මතක හිටින විදියටයි කියලයි මම හිතන්නේ. ඉතිං මම මේ ගැන නීතිමය වශයෙන් මුකුත් නොකර එය නොසලකා හිටියා. නමුත් දැන් මම ලංකාවෙ ඉන්නවනේ. ඒ නිසා මට හිතුණා  මගේ ඒ ගීත නැවත අලුතින්  ගයන්න. ඒ සඳහා මට ප්‍රවීණ වාදක දෙපළක් උදව් කළා. ඔවුන් ඉතාම දක්ෂයෝ. ඒ වජිර රත්නායක සහ මහින්ද බණ්ඩාර. පරණ ගීත අතරට ටොරෙන්ටෝ නගරය ගැන සහ නයගරා ඇල්ල ගැනත් අලුත් ගීත දෙකක් කළා.

?ඔබේ ජනප්‍රිය ගීත නැවත වතාවක් අපි මතක් කර දුන්ණොත්

‘සුදු වැලි පාර දිගේ’ , ‘කඳුගැට පසුකර’,  ‘ඕලු නෙළුම් මානෙල්’, ‘මෑතක සිට ඔබ මා ගැන’,  ‘සෝබන සැන්දෑවේ’, ‘නැටුම් ගුරුවරී’, ‘බිනර මලී ඔබ හැඩයිනේ’ ගීත ජනප්‍රියයි.

?නමුත් මේ සමහර ගීත ඔබ ‘සියැක් ‘ කණ්ඩායමේදී ගැයූ  ඒවා නේද 

 ඔව්. අපේ කණ්ඩායමේ සාමාජිකයෝ විදෙස්ගත වුණාම මම ‘සමනලයෝ’ අතහැර ‘සියැක්’ කණ්ඩායමට එකතු වෙනවා. ඒ කීබෝර්ඩ් වාදකයා ලෙස. මෙහිදී මට ප්‍රවීණ වාදකයෙකු මුණගැසෙනවා. ඒ තමයි පැට්‍රිරික් දෙණිපිටිය මහත්තයා. ඔහුගෙන් මටත් ගුරුහරුකම් ලැබුණා. ඒ දවස්වල අපි මාසෙකට සංදර්ශන විස්සක් විසිපහක් විතර ප්ලේ කරනවා. ‘සියැක්’ කණ්ඩායම ඉතාම ජනප්‍රිය වුණා.  මේ අතර මම ක්ලැරන්ස්ව හඳුනා ගන්නවා. ක්ලැරන්ස්ගේ පටිගත කිරීම් බොහෝමයකම මම කීබෝඩ් වාදනය කරලා තියෙනවා. ඔහු සුපර් ගෝල්ඩන් චයිම්ස් පටන් ගනිද්දි මට එයට එක්වෙන්නට ඇරයුම් කළත්, ‘සියැක්’ කණ්ඩායමේ වාදකයෙක් විදිහට මම එය දාලා ගියේ නැහැ. 

?ඉතිං මේ තොරතුරු අස්සේ අර ‘නැටුම් ගුරුවරී’ ගැන කතා නොකළොත් ලොකු අඩුවක් 20180502_132201

 ආ ඔව්. ‘නැටුම් ගුරුවරී’ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ගීතයත් මම නැවත අලුතින් ගයා රසිකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

?මම ඇහුවේ ගීතයට පාදක වුණ සැබෑ නැටුම් ගුරුවරිය ගැනයි

මගේ බිරිය මට හමුවෙන්නේ කලාව තුළින්මයි. ඇය නැටුම් ගුරුවරියක්. සංගීතය විෂය ඉගෙන ගන්න ආ මොහොතක මට ඇය හමුවෙලා දැන හැඳින ගන්නවා. ඇය භරත නාට්‍යම් ශිල්පිනියක්. ගුරුවරියක්. ඇය හා ඇසුරු කරද්දී ඇය ගැන තමයි මේ ගීතය ලියවෙන්නේ. අද ඒ නැටුම් ගුරුවරී මගේ ජීවිතේ සෙවණැල්ල. ඇයටත් මටත් අපේ ජීවන ගමනේදී දූවරුන් දෙදෙනෙකුත්, පුතෙකුත් ඉන්නවා. ඔවුන්ටත් කලා හැකියාවන් පිහිටා තිබෙනවා.

?ඔබ ඔබේ බොහෝමයක් ගීතවල ගීත රචකයායි. මේ ගීතවලට  වස්තු බීජ වුණ අදහස් එකල ගුවන් විදුලිය තුළින් අනුමත කරගන්න පුළුවන් වුණාද

 ඒක හරිම අසීරුකාරියක්. මොන ගීතයක් වුණත් පළමුව පදමාලාව අනුමත වෙන්න ඕන. දෙවනුව ගීතය පටිගත වීමට සුදුසු තනුවක් සහිතයි කියලා අනුමත වෙන්න ඕන. ඒක තනිකරම නිර්මාණයකට පදනම් වෙන යුද්ධයක්. ලේසියෙන් ගීතයක් අනුමත කරගන්න බෑ. මම ලියූ ගීතයක පැරකුම් රජු ගැන කඩුවට කඩුව ගටා බලයෙන් බලය නසා කියන යෙදුම තිබුණා කියල එය ගුවන් විදුලියෙන් තහනම් කළා. ඉස්සර ගුවන් විදුලියේ යනවා කණ්ඩායම් ගී අඩපැය කියලා. මම ඒකට කොයිතරම් කැමතිද කිව්වොත් ඒ වෙලාවට ගෙදරින් එළියට නම් යන්නෙ නෑ. නමුත් අද එහෙම තෝරා බේරගෙන අහන්න දෙයක් නැහැ. අද අපි අහන්නේ අපට ඕන ගීතත් නෙවෙයි. චැනල්වලින් අපට බලෙන් අස්සවන ගීත. කැමති වුණත් නැතත් අපි ඉතිං ඒවා අහන්න ඕන. 

සුදු වෙන්න කළින් ග්ලූටතයොන් ගැන දැනගෙන ඉන්න….

මහා කලු සිංහලයා යැයි අතීතයේ යමේ සිංහල කම සම්බන්ධයෙන් කතා කළ ඒ වචනය තුළ සිංහලයින් තම කලු පැහැති වර්ණය ගැන මහත් අභිමානයෙන් කතාකළ බව නොරහසක්.  කලු පැහැය ගැන ආඩම්බර වූ යුගයට තිතක් තබමින් දැන් දැන් ගැහැණු පිරිමි වෙනසක් නැතිව සුදු පැහැවෙන්න දඟලන එක යම් තරමකට විලාසිතාවක් වෙලා . ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා. නමුත් මෑතක සිට ආකර්ශණීය වෙළඳ උපක්‍රම හරහා ඔබටත් සුදුවෙන්න පුලුවන් එන්නතක්, බෙහෙතක් ඇති බව කීවම කාටත් හොරෙන් ඒ ගැන උනන්දුවෙන්න ඔබටත් හිතුණ නම් අනිවාර්යෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමයි. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීම සඳහායි


Skin-Whitening

සුදු පැහැය යන්න සම සම්බන්ධයෙන් යොදන විට අප සාමාන්‍ය ලෙස හඳුන්වන සුදු පැහැයෙන් වෙනස් පැහැයක් බව අප දන්නවා. කිරි සුදු පාට සහ ඇත්දළ පාට යන දෙවර්ගයම සුදු පැහැය ලෙස හැඳින්වුවත් ඇත් දත් පැහැය යනු මදක් කහ පැහැයට හුරු වර්ණයක්.සමේ සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයක්. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරි වෙන්නේ මෙලනින් නම් වර්ණකාරකයයි. එය ඔබේ සිරුරේ  පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරීවන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වෙන අතරම එය මුලුමණින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරිත්වය හා බැඳුනු සිද්ධියක්. මෙය කිසිම ඖෂධයක් පානය කිරීමෙන් කිසිවිටෙකත් වෙනස් කළ නොහැකි බව මුලින්ම ඔබ දැන සිටිය යුතු කාරණයයි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පැවතියා නම් කලු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරන්නට එය යොදාගන්නවා නිසැක නොවේද? එය කලු සුදු බේධය සම්බන්ධයෙන් ඇතිවූ යුධමය වාතාවරණයන් පවා වෙනස් කරමින් ලෝකයේ සාමයෙන් බැබලුණු වාතාවරණයක් ඇති කරන්නට තිබුණා. එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. 

සුදු වෙන්න පුළුවන් ග්ලූටතියොන් භාවිතා කළොත් මේ වෙළෙන්දන් ඔබේ මනසට දෙන ලොකුම බොරුවයි. ගුලූටතියොන් සම්බන්ධයෙන්  මෙකළ යොවුන්  පිරිස තුළ ඇතිව තිබෙන උන්මාදය නැතිනම් ඇබ්බැහිය කෙබඳු ආකාරයක එකක්ද. යන්න අප විමසා බලන්නට කළින් ලෝකයේ ග්ලූටතියොන් යන සංයෝගය යොදාගන්නේ කුමන දෙයකටද ඒවා නිපදවෙන්නේ කුමක් අරබයාද ඒ ඇසුරින් සිදුකරන කාරිය කුමක්ද යන්න මුළින්ම විමසා බලමු. මෑත කාලයේ අප වැඩිපුර පිළිකා රෝගීන් සම්බන්ධයෙන් කතාකරනවා. ග්ලූටතියොන් යනු පිළිකා රෝගීන් වෙනුවෙන් පමණක් ලබාදෙන ඖෂධයක් බව ඔබ දන්නවාද ? එය පිළිකා සඳහා ලබාදෙනවා කීවාට එය පිළිකාව සුව කරන රෝගයක් නම් නෙවෙයි. එය ලබාදෙන්නේ පිළිකා නාශක ඖෂධවලින් ඇතිවෙන අතුරු ආබාධ අවම කරන්නටයි. කීමෝ ප්‍රතිකාර ලැබීමේදී සමේ වර්ණය තාවකාලිකව අඳුරු පැහැයක් ගන්නට ඉඩ තිබෙන අතර එය කීමෝ ප්‍රතිකාරයේ අතුරුඵලයක්. ඒ හේතුව  නිසා මෙම එන්නත ඉතාම සුළු වශයෙන් පිළිකා රෝගීන්ට යොදනුයේ  එයින් ඇතිවන අතුරු ඵලයක් ලෙස සම මදක් පාට වැටීමයි. ඒ හැරෙන්නට මෙම එන්නත වෙනත් කිසිම හේතුවක් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාරයක් නොවේ. එහි එක අතුරු ආබාධයක් ලෙස සම මදක් පැහැපත් වුණත්  එය  තාවකාලිකව දිස්වීමක් පමණයි. ඒ අනුව සුදුවෙන්නට යැයි කියා ග්ලූටතියොන් එන්නත යොදා ගන්නේ නම් එයින් අදහස්වනුයේ  රෝගියෙකු නොවන අයෙකු එහි පවතින අතුරු ආබාධය වැඩි මුදලක් දී ලබාගෙන ශරීරගත කරගන්නා බවයි.  සමේ වර්ණය ඇතිකරන මෙලනින් සමේ ආරක්ෂාව කෙරෙහිද වගකීමක් දරන්නකි.

ආසියාතිකයන්ගේ සමේ මෙලනින් වර්ණකාරකය තරමක් බහුල බැවින් සමේ සුදු පැහැයක් ඇති නොවන අතර එම හේතුවම සමේ ආරක්ෂණය කෙරෙහි බලපෑමෙන් චර්ම පිළිකා ආදියෙන් ස්වභාවික ආරක්ෂාවක් සලසයි. බටහිර රටවල හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා මෙලනින් වර්ණකාරකය නොපිහිටීම නිසාම චර්ම පිළිකා බහුල බවක් දකින්නට ලැබෙයි. මෙලනින් වර්ණකය සමේ යම් තද පැහැති බවක් ඇතිකළ ද හිරු එළියෙන් සම ආරක්ෂා කර චර්ම පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වළක්වන බැවින් කලු පැහැති සම ( තද දුඹුරු පැහැයේ සම) ආසියාතික අපට යම් තරමක භාග්‍යයකි. තත්ත්වය මෙසේ පැවතෙද්දී මෙකළ ඇතැම් සුදුසුකම් සපුරන ලියාපදිංචිය  සහිත වෛද්‍යවරු විසින්ද සිය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ලක්ෂ එකහමාර සිට ලක්ෂ හතර දක්වා මුදල් අය කර මේ එන්නත ඒ ඒ  පුද්ගලයන්ට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් මෙකළ ඇසෙන අලුත්ම ආරංචියයි. මේ කාරණයට පසුබිම් වූ සියලු තොරතුරු අණාවරණය ව ඇති බැවින් ඒ වැනි වෛද්‍යවරු හා ඔවුන්ගේ වෛද්‍ය ආයතන වටලා එවැන්නන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටද නීතිමය වශයෙන්ද සම්පාදනය වී පවතී. එම වරදට හසුවෙන සාමාන්‍ය වෛද්‍යවරයන්ගේ  ලියාපදිංචිය අවලංගුකරන්නට එය ප්‍රමාණවත් වරදකි.

ඖෂධයකින් එන අතුරු ආබාධයක් රෝගීන් නොවන අයට සැබෑ තත්ත්වය දැන දැන ලබාදීම නීතිමය වශයෙන් දඬුවම් පැමිණීය හැකි වරදක් වීම එයට හේතුවයි. මෙය ලෝකයේ කිසිම රටක ඖෂධ පාලනාධිකාරියෙන්  සම පැහැපත් කිරීම සඳහා යොදාගත හැකි බවට කිසිම අනුමැතියක් ලත් ඖෂධයක් නොවේ.ග්ලූටතියොන් එන්නත පමණක් නොව අප මේ කතාකරන්නේ ග්ලූටතියොන් ස්ප්‍රේ ,කැප්සියුල් ,එනනත් ,ආලේපන ,යන මේ සියල්ලම පිළිබඳවයි. යම් අයෙක් මේවායින් කුමන දේ යොදාගත්තත් මෙයින් ඇතිවෙන සුදු පැහැය තාවකාලික එකකි. මාස කීපයක් ඇතුළත නැවතත් පෙර තිබූ පැහැයම ඇති වෙන බැවින් එය දීර්ඝකාලීනව භාවිත කරන්නට මේවා ලබාගන්නා පුද්ගලයාට සිදුවෙයි. මේ ඖෂධයෙන් ඇතිවන අනෙකුත් අතුරු ඵල මොනවාද යන්න තවමත් කිසිදු පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට තහවුරු කර නොමැති වුවත් මෙය භාවිතයට ගැනීම තුළින් වකුගඩු අකර්මණ්‍යවීම හා රුධිරගත විෂ වීම්  සහ සමේ ස්වභාවික ආරක්ෂාව බිඳවැටීමෙන් සම කිසියම් ඛාදනයකට ලක් වූ බවක් මේවන විටත් ප්‍රායෝගිකව ලොව පුරා අත්විඳ ඇති බව පැවසීම වරදක් නොවේ. වෛද්‍ය විද්‍යාත්මකව මේ ඖෂධයේ අතුරුඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු නොවී පවතින අතර මෙය හිතුමතයේ භාවිතය ,ඖෂධයක් යැයි සිතා සිටින මේ  සංයෝගය අනාගතයේදී කුමන අයුරින් මිනිස් සිරුර තුළ ක්‍රියාකාරීවී කුමන ප්‍රතිඵල ඇතිකරයිද යන්න පැවසීමට නොහැකිවීමේ ද ගැටලුවක් පවතී. මෙම ඖෂධය වෛද්‍ය විද්‍යානුකූලව වුවත් රෝගියෙකුට ලබාදෙන්නේ කෙටිකාලීනවය. ඒ පිළිකා රෝගය සඳහා  කීමෝතෙරපි ලබාදෙන කාලය තුළදී එයින් ඇතිවෙන අනෙකුත් අතුරුඵල අවම කරන්නට

 බව අප මුලින්ම සඳහන් කළෙමු. වරලත් වෛද්‍යවරයෙකු කිසිම අවස්ථාවක මේ ඖෂධය සමේ පැහැය සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැත. මෙය ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු විසින්ද  සම පැහැපත් කිරීම සඳහා අනුමත නොකරන ඖෂධයකි. ග්ලූටතියොන් පිළිකා රෝගීන්ට ලබාදෙන කීමෝ තෙරපි අතුරු ආබාධ ඉදිරියේ ඉතා සුලු ප්‍රමාණයකින් ලබාදීම ග්ලූටතියොන් ඖෂධයක් ලෙස හැඳින්වීමට ඇති එකම කාරණයයි. නමුත් සැබවින්ම සමේ පැහැය සම්බන්ධ ගැටලුවලදී මෙය කිසිම ආකාරයක අනුමැතියක් නොලත් සංයෝගයක් වන බැවින් සමේ පැහැය උදෙසා ඔබ මෙම සංයෝගය ඔබේ සිරුරට ඇතුලු කරගන්නට වෙහෙස ගන්නේ නම් එහිදී ඔබ දැන දැනම යම් ආකාරයක අවධානමක් බාරගන්නවා විය හැකි බවද සිහි තබාගන්න. එයට හේතුව අප මුලින් කීවාක් මෙන් කිසිම රටක ග්ලූටතයොන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් සිරුර කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුකොට නැති අතරම මේ වන විටත් භාවිත කළ අයට වකුගඩු අකර්මණ්‍යවීම ට තුඩු දීම මෙන්ම රුධිර පීඩනය සහ රුධිරයට විෂ වීම් ඇතිකිරීම වාර්තාගතව ඇති බැවිණි.

සමේ පැහැය යම් යම් අයට ඔවුන්ගේ අනනන්‍යතාවය මෙන්ම සුන්දරත්වයද ඉස්මතුවෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ආදිය තුළින් වෙනස් කරගත හැකිය. මෙය ඔබට බටහිර රටවල සහ අප්‍රිකානු රටවල  මෝස්තර නිරූපිකාවන් ආදිය සන්සන්දනය කිරිමේදී ඔවුන් ගේ සමේ කලු පැහැය ඔවුන්ගේ සුන්දරත්වයට කිසිදු බාධාවක් ඇතිකර නොමැතිවීම තුළින්ම වැටහෙනවා ඇත. රූපලාවණ්‍ය හෝ ලස්සන යනු පැහැපත් බව නොවේ. සැබවින්ම කාගේ වුවත්  ලස්සන ඇත්තේ ඔවුන්ගේ  නිරෝගීකම තුළය. කෘතිම ආහාර රටාවෙන් බැහැර ව නිසි පෝෂණයක් ලබමින් කෘතිම ආලේපනවලින් තොරව සමේ අලංකරණය පවත්වා ගන්නට ඔබ උත්සහ දරන්නේ නම් පැහැය සුදුවෙන්නට අවශ්‍යතාවයක් නැති බව ඔබටම වැටෙහනු ඇත. මතක තබාගන්න කලු පැහැති සමක් සුදු පැහැගන්වන්නට මෙතරම් දියුණු බටහිර විද්‍යාව ඖෂධ නිපදවා නැත. එසේ නොකරන්නට හේතුව විද්‍යාත්මකව සමේ පැහැය වෙනස් කළ නොහැකි බව  හොඳින්ම දැන සිටීමේ හේතුවයි. එමෙන්ම සුදු පැහැති සම පැහැයෙන් අඩු සමට වඩා පිළිකා අවදානමක්ද දැක්වීමය. මෙහි වඩාත්ම කණගාටුදායක තත්ත්වය වනුයේ ආදායම් තත්ත්වය එතරම් යහපත් නැති නමුත් ආකර්ශණීය ලෙස යොදාගන්නා වෙළඳ උපක්‍රම විශ්වාස කර ඒවාට ගැති වී ඒවා හඹා යෑමේ හේතුවෙන් තිබුණාටත් වඩා සෞඛ්‍යමය ගැටලු ඇතිකර ගැනීමෙන්  අපේම සහෝදර සහෝදරියන් ආර්ථික වශයෙන්ද කඩා වැටීමක් සිදුවීමය.

 

දියවැඩියා සුවය ස්ථීර වශයෙන් කළ හැකිද?

දියවැඩියා රෝගය නිටුටාවට සුව කළ නොහැකි රෝගයක් බව බටහිර වෙදකම අනුව හැමවිටම පැවසෙන්නක්.ඉන්දියාවෙන් මෙහි පැමිණි ආයුර්වේද ප්‍රතිකර්ම අනුව දියවැඩියාව සාර්ථකව මැඩ පවත්වන බව පැවසුවත් සිංහල වෙදකම අනුව මෙය නිට්ටාවට සුවකළ හැකි රෝගයක් බව පවසනවා. මෙයින් කුමන වෙදකම වඩා වටින්නේද යන්න නොව මෙයින් කොපමණ සාර්ථකත්වයක් දියවැඩියා රෝගීන් වෙනුවෙන් ලද හැකිද යන්න වැදගත් කොට සැලකිය හැකි නම් එය වඩාත් ප්‍රතිඵලදායක වන අතර බෝ නොවන රෝග නිසා වසරකට මිය යන අතිවිශාල රෝගීන් සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුදවා ගත හැකිවනු ඇත. වෙදකම කුමක් වුවත් එහි පරමාර්ථය වනුයේ රෝගී අයෙකු නිරෝගීබවට පත් කොට නිරෝගීමත් ආයු වැලඳීමකට පත් කිරීමයි.එසේ නම් එය බටහිර ද ආයුර්වේද ද සිංහල ද යන්න නොව වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය තෝරා ඒ වෙත යොමුවීම  වැදගත්ය. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ ඒ බව සනාථ කිරීම වෙනුවෙනි


ayurveda-spices

දියවැඩියාව යන්න බටහිර වෙදකමේ ඩයබෙටික් යන්න සිංහලෙන් හැඳින්වීම ලෙස සැලකුවත් ආයුර්වේදයේ මධුමේහය ලෙස හඳුන්වනු ලබනවා. මෙය සැබවින්ම ප්‍රෙම්හ රෝගයක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු වෙන්නේ මෙය එම කාණ්ඩයට අයත් රෝගයක් නිසයි. බොහෝ දෙනෙකු මේ රෝගය අලුතින් හටගත්  රෝගයක් ලෙස සැලකුවත් මෙය ඉතා දිගු ඉතිහාසයක් ඇති රෝග තත්ත්වයක් බව කිව යුතුයි. ඈත අතීතයේ සිටම මේ ප්‍රෙම්හ රෝගය හඳුනාගෙන සිටියද එය වැඩි පුර දකින්නට නොලැබුණු අතර හිටි ගමන්ම මේ තත්ත්වය ලොව පුරාම වැඩිවන්නට හේතුවූයේ කුමන සාධකයක් පසුබිම්වද යන්න වෙනමම සොයා බැලිය යුතු කාරණයකි.

අතීතයේ සිංහල මිනිසුන් අදට වඩා පැණි රසැති ආහාර පරිභෝජනය කළ අතර ඒ පැණිරස නැතිනම් සීණි පරිභෝජනය හේතුවෙන් මධුමේහයට ගොදුරු වී මිය ගිය බව අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අප දැන් එයට හේතු විමසමු. 

එකළ ජීවන රටාව තුළ සුලභ රැකියාවක්ව පැවතියේ ගොවිතැනයි. දවස පුරා කය වෙහෙසවා වැඩ කරන අතර ඔවුන් දෛණිකව ගන්නා පැණි රසැති ආහාර බවට බොහෝ විට පත් වූයේ හැලපයක් දුමේ තැබූ කැවුම් මුට්ටියෙන් ගත් කැවුමක් , වැලි තලප කැබැල්ලක්  හෝ අග්ගලා ගුලියක් ආදියයි.  මේවා සෑදීම සඳහා  බොහෝ විට භාවිතකර තිබුණේ තම්බපු සහලින්  හෝ කැකුලෙන් කෙටූ සහල් පිටි හෝ කුරහන් පිටි වන අතර සුද්ද කළ සීනි වෙනුවට එදවස හකුරු සහ පැණි සුලභ ලෙස යොදා ගැනිනි. මේවා අතුරුපස හෝ අතුරු අහාරයක් සේ ගන්නා නමුත් ස්වභාවික රටාවේ ආහාර බහුලව  භාවිත කෙරිණි. කොස් අල බතල ආදී දෙයත් ධාන්‍යවර්ග සහ එළවළු පලතුරු යනාදියත් වැඩි පරිභෝජනයකට ලක්ව තිබූ අතර ඒ අතර ආහාරවේලට වැවු මාලුන් කරවල ආදියද එක්කර ගෙන තිබූණි. මාංශ පරිභෝජනයද අද මෙන් සුලභ නොවිණි . කය වෙහෙසවා වැඩ කිරීම හේතුවෙන් ද  කොළ කැඳ ආදී ඖෂධීය පාන වර්ගද භාවිතය හේතුවෙන් ද ඔවුන් ගේ කාය ශක්තිය මනාව පැවති අතර රෝගීවීමද යම් තරමක අඩුවක් පැවතිණි. එකළ කාන්තා හා පුරුෂ ආදී බෙදීමක් වැඩවල දකින්නට නොවුණු අතර කාන්තාවන්ද ගේ දොර වැඩපල අතර කුඹුරු වැඩත් හේන් ගොවිතැන්වල වැඩත් සිදුකලාය. පිටිකෙටීම්, වතුර ඇදීම්, මිරිස් ඇඹරීම, දර පැලීම් ආදියත් සිදු කරමින් දරුවන් බලාකියා ගැනීම, රෙදි සේදීම ආදී කටයුතු ද ඉටු කළේය. එකල කාන්තාවන් අතර තරබාරුබව ක් ද වැඩි වශයෙන් දකින්නට නොවුණි, එමෙන්ම දියවැඩියාව නැතිනම් මධුමේහයද මේ අය අතරින් හඳුනාගැනුනේ කලාතුරකිණි. එයද බොහෝ විට වයසේ අගිස්සටම ගිය වියපත් වූවන් අතරින් වන අතර ඔවුන්ද අතපය වලංගු නැතිවීමේ හේතුවෙන් බොහෝ විට එක්තැන්ව සිටි පුද්ගලයන්වීම විශේෂය.

 එසේනම් මෙම ප්‍රෙම්හ රෝගයට ආහාර සහ කයවෙහෙසවීම යන අංග දෙකම එකසේ බලපානු ලබන බව පෙනෙන්නට තිබෙනවා නොවේද ?කොතරම් කයවෙහෙසවා වැඩපල කළත් එකල ඒ මහන්සිය නිවෙන්නට ඔවුන් විවිධ කවි වර්ග ගායනා කරමින් මානසික ආතතිය දුරු කර ගැනීම නිසා ඔවුන් තුළ සැඟවුණු ආතතියක් තොතිබීමත් මේ රෝගවලින් බේරී සිටින්නට එක්තරා හේතුවක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.  තෙල් සහ  සීනි පිටි ආහාර වැඩි පුර ගෙන කය නොවෙහෙසවා එක තැන සිටින්නට පුරුදු වූ විට ලේ වල වැඩි සීනි ප්‍රමාණයක් එක් රැස් වෙන්නට පුළුවන්. මේ සීනි අඩු කරන්නට අවශ්‍ය වන පිත කොටස් සිරුරේම නිපදවෙනවා. එහෙත් යම් හෙයකින් ඒවා හිඟබවක් ඇතිවුවහොත් එක් රැස් වූ සීනි මුත්‍රා සමග පිටවෙන්නට පටන් ගන්නවා. මේ නිසයි දියවැඩියා රෝගීන් නිතර මුත්‍රා පිටකරන්නට අවශ්‍ය වන බව කියන්නේ.

සිරුරේ ඇතිවෙන මේ සීනි පාලනය කරන සහ ආහාර දිරවීමේදී වැදගත් මෙහෙයක් ඉටු කරන ඇල දිව සම්බන්ධයෙන් කතාකල යුතුමයි. අග්න්‍යාශය යනුවෙන් හඳුන්වන මේ අවයවය නිසි පරිදි ක්‍රියා නොකලහොත් එය මේ කියන ප්‍රෙම්හ රෝගයට හේතුවක් වෙනවා ඉන්සියුලින් නිපදවනවා යැයි පැවසෙන්නේ මෙ තුළින් සිදුකරන ක්‍රියාවන් නිසා. ඉන්සියුලින් නිපදවීම අඩාල වූ ඇල දිවට නැවත නිසි ප්‍රතිකාර ,හොඳ අධීක්ෂණයකින් සිදුකළහොත් ආපසු ප්‍රකෘතිමත් කරවන්නට පුලුවන්. මේ කතාකරන්නේ දියවැඩියාව සුවය ගැන නෙවෙයි. දියවැඩියාව ඇතිකරන්නට සමත් අවයවයේ ඇති වූ දුබලතාවය ඉවත්කර නැවත ක්‍රියාකාරීත්වය ඇතිකිරීම ගැනයි.එයට ඖෂධ පමණක් යෙදීමෙන් සාර්ථකවෙන්නට බැහැ. ඖෂධ යොදනා අතර ආහාර විහරණ  සම්බන්ධයෙන්ද නැතිනම් ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන්ද සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි.දියැවැඩියාවට ඖෂධ ප්‍රතිකාර ලබනා අතර ඇඟපත නොවෙහෙසවා එකම තැන ඉඳිමින් දුම්පානය හා මත්පැන් පානයේ යෙදෙමින් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙමින් සිටින්නේ නම් කිසිම වෛද්‍යකර්මයකින් දියවැඩියාව සුව කරන්නට හැකියාවක් නොලැබෙන බව සැබෑවක්. නමුත් සිංහල වෙදකමේ දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන බව පවසන්නට මැලි නොවන්නේ ප්‍රතිකාර ලබන්නාද නියමාකාරයෙන් ඒ ප්‍රතිකාර තම සුවය සඳහා යොදාගන්නවා නම් පමණයි.

 සිංහල වෙදකමෙන් සිදුකරන ප්‍රතිකාරයේදී මූලික වශයෙන් අවශ්‍ය වනුයේ වෛද්‍යවරයා නියම කරන ඖෂධ කලට වේලාවට නියමිත මාත්‍රාවෙන්  ලබාගන්නා අතර නිසි පරිදි කය වෙහෙසවා වැඩකිරීමටත් මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමත්ය. සිංහල වෙදකමෙන් රෝගියාගේ පෝෂණය සම්බන්ධවද දැඩි සැලකිල්ලක් දක්වන බැවින් නියම කරන ආහාර පාන නියමිත මාත්‍රාවලින් ලබාගැනීම වැදගත්ය. ඒ අදාල වේලාවන් නොඉක්මවිය යුතු අතර, ආහාර වේල් මග හැරවීමද කෙසේවත් නොකළ යුතුය.

සිංහල බෙහෙත් යනු මොනවාදැයි සමහරුන් ප්‍රශ්න කරති .සිංහල බෙහෙත් යනු ඔබ අවට ඇති පරිසරයේ හටගන්නා මල් , කොළ , ගෙඩි , පොතු මුල්  යැයි පැවසුවහොත් එය බොරුවක් නොවන්නේ ඒවා අප දන්නා ස්වභාවික දේවල් වන බැවිනි. රණවරා ගසේ පස්පංගුව එකට තම්බා බිවහොත් රුධිරයේ අඩංගු සීනි  වැඩි ප්‍රමාණය ඉබේම පාලනය වන බව මෙන්ම කාමරංකා ගෙඩි  තෙබු  කොළ වැනි ඔබ දන්නා අත් බෙහෙත්වලින්ද මේ කාරිය සිදුකෙරෙන බව සැබෑවකි. නමුත් නැවතත් එය පැන නැගිය හැකිය.එයින් නිට්ටාවට සුවයක් නොලැබෙන අතර ක්ෂනිකව යම් පාලනයක් සිදුවන බව පමණක් ඔබ දැන සිටිය යුතුය. වා පිත් සෙම් යන තිදොස අනුව ඒ ඒ පුද්ගලයන්ට තම ඇල දිවේ හටගන්නා ව්‍යාදීන් නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ඖෂධ යෙදිය යුතුවෙයි. බොහෝ විට දියවැඩියා රෝගය නිට්ටාවට සුව කරනවා යැයි පවසන බොහෝ දෙනෙක්ගේ ප්‍රතිකාර අසාර්ථක වනුයේ එකම බෙහෙතකින් මේ කාරිය කළ හැකි යැයි සිතීමෙනි. දියවැඩියා රෝගයට ප්‍රතිකාර යෙදීමේදී නිසි ආකාරයෙන් සුවය කරා ලගාවෙන්නට නම්  පළමු සතිය තුළදී ඖෂධ ලබාදෙන්නේ සිරුරට ලබාදෙන්නට නියමිත ඖෂධ පංති,පත්තියන්වීම සඳහා සිරුර සැකසීමටය. එය හරියටම කිසියම් බීජයක් තවාන් දැමීම සඳහා තවානක් වෙනුවෙන් පස සැකසීම වැනිය.

ඒ සකස් කරන පසට වතුර යෙදිය යුත්තේ ද  ආලෝකය සහ හිරු එළිය ලබාදිය යුත්තේද පරෙස්සමෙණි. ඒවා අඩු වුවද වැඩි වුවද  තවාන් කළ බීජය නරක් වී යා හැකිය. එමෙන්ම ඇල දිව නැවත ක්‍රියාකාරිත්වය අරඹන්නට සකස් කිරීමේදී ඒ සියල්ලම සාර්ථකවන්නට නම් නිසි අධීක්ෂණයකින් යුතුව එය කළ යුතුය. සිරුර ප්‍රතිකාර වෙනුවෙන් සකස් කළ පසු ඇල දිව  තුළ ක්‍රියාකාරිත්වය අඩාල වන්නට බලපෑ හේතු හඳුනාගෙන එකින් එක ඒවා ඉවත්කිරීම ඇරඹිය යුතුය .මෙය කළ යුතුවන්නේ හැමෝටම ලබාදිය හැකි සරල කෝකටත් තෛලයක් ලෙස නොව නාඩි පරීක්ෂාවකින් අනතුරුව මෙය වාතය කිපීමෙන්ද සෙම කිපීමෙන්ද, පිත කිපීමෙන්ද යන්න අවබෝධ කොට ගෙන ඒ ඒ ශාරීරික තත්ත්වයන්ට අනුව ඖෂධ පංති තීරණය කිරීමෙණි. එය තරමක සංකීර්ණ කාර්යයකි. ඒ නිසා දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි වුවත් ඒ සඳහා සමතෙකු සොයා නොගත හොත් රෝගියාගේ ජීවිතය අනතුරේ හෙලීමට ඉඩ ඇත. ඔබේ සිරුර වාහනයක ඇන්ජිමක් නම් සමස්තයක් ලෙස වාහනයට පිළියම් යෙදීම කිසියම් දෝෂයකදී කළ හැකි සාර්ථක පිළියම නොවේ. ඇන්ජිමේ කුමන කොටසක් අඩපණ වී දැයි සොයාබලා ඒ කොටස අලුත්වැඩියා කරන්න යෙදුන හොත් ඒ එන්ජිම නැවතත් ස්වභාවිකවම ක්‍රියාකරන්නට පටන් ගන්නවා විය හැකිය.සිංහල වෙදකමෙන් දියවැඩියාව නිට්ටාවට සුව කරනවා යැයි පවසන්නේ ඒ වෛද්‍ය කර්මය සතුව එවන් ක්‍රමානුකූල ක්‍රමවේදයක් පවතින බැවිනි. එහෙයින් ඔබ ප්‍රතිකාර සඳහා යන වෛද්‍ය කර්මට තුළ රෝග සුවය සඳහා ලබා දෙනුයේ එකම ප්‍රතිකාරයක් පමණ නම් ඔබ ඒ  පිළිබඳව දැනුවත්වන්න. දියවැඩියාව පමණක් නොව ඕනෑම රෝගයක් එකම බෙහෙත් පංතියකින් සුවකළ හැකි යැයි පැවසීම මුලාවකි. රෝගය සුවවෙමින් පවතින විටත් මුලින් දුන් මාත්‍රාවම එම ඖෂධයම ලබාදෙන්නේ නම්  එය ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරය යැයි පිළි නොගැනීම සම්බන්ධයෙන් ඔබට දොස් පැවරිය යුතු නොවේ.

මේ පිළිබඳ වැඩි තොරතුරු 
077 7248128 දුරකථන අංකයෙන්ද ලද හැකියි.

වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්

වකුගඩු යන වචනය සම්බන්ධයෙන් අතීතයේ දැන සිටි පිරිස ඉතා සීමිත නමුත් මෙකළ  වකුගඩු යනු  ඉතාම  සුලභව කියැවෙන වචනයක් බවට පත්ව තිබේ. මේ වන විට වකුගඩු රෝගය සම්බන්ධව  නොදන්නා අයෙකු නැති තරමටම එය ජනප්‍රිය වචනයක් බවට පත්ව ඇති නමුත් තවමත් වකුගඩු රෝගීන් රෝහල්වලට පැමිණීමේ පමාවෙන් බහුතරයක් දෙනා නිසි ප්‍රතිකාර ලැබීමේ හැකියාව පවතිද්දීම එය මගහැරගෙන මරණයට පත්වීම ඉතාම ඛේදවාචකයකි. මෙසේ සිදුවෙන්නේ ඇයි? වකුගඩු රෝග සම්බන්ධයෙන් පවතින ඖෂධවල සුලභතාවයක් තිබියදීත් රජයේ සෞඛ්‍ය සේවාවන් මේ සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවේදයන් පුලුල් කර තිබියදීත් මෙසේ අකාලයේ අහිමිවන ජීවිත ප්‍රමාණය සම්බන්ධයෙන් කතාකරන්නට අපට සිදු වී ඇත්තේ ඇයි.? මේ කතිකාවත වකුගඩු රෝග සම්බන්ධයෙන් ඔබේ අවධානය නව  ප්‍රවේශයක් කරා කැඳවන්නටය.


අයහපත් දිවිපෙවත,අද මේ රෝගය සඳහා තුඩු දෙන ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇති ආකාරය අප අමුතුවෙන් කතාකළ යුතු නොවෙතත් අතීතයත් අද පවතින තත්ත්වයත් එකිනෙක හා සංසන්දනය කිරීම මේ ගැටලුවට මුහුණ දෙන පිරිස යම් තරමක් දුරට හෝ දැනුම්වත් කිරිමට උපකාරයක් වනු ඇති. අතීතයේ අපගේ කෘෂිකාර්මික ජීවන රටාව තුළ පැවතියේ රසායණික භාවිතයෙන් තොර වූ සහ කෘතිම බවින් බැහැර වූ ජීවන රටාවක් බව අප කවුරුත් දන්නා දෙයකි. පැරැන්නෝ රසායණික පොහොර සහ වල් නාශක වෙනුවට ඉපැරණි කෙම් ක්‍රම හා ස්වභාවික ක්‍රම භාවිතා කළ අතර වගා සඳහා යොදාගත් බීජ ආදියද තමන් විසින්ම නිපදවාගත් ඒවා වූයෙන් අතීතයේ අපට වගාබෝග හරහා රසායනිකයන් ශරීර ගතවීමක් සම්බන්ධයෙන් අසන්නට දකින්නට නොලැබුණි. නමුත් මේ විට සියයට හැත්තෑපහක පමණ ප්‍රමාණයකගේ වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි ඒ අනුව අප යම් නිගමනයක සිටිනා අවස්ථාවකි මේ. නමුත් වකුගඩු රෝගයට ගොදුරුවන අනෙකුත් සියයට විසිපහක් පමණ පිරිස ගේ රෝගයට හේතුව කවරේද? අප විමසීමකින් තොරව අත් හැර ඇත්තේ එම සියයට විසිපහක කොටසද යන්න මෙහිදී ගැටලුවක් මතුවෙයි.

chronic-kidney-disease-symptoms

දැනට වසරකට අලුතින් වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන් පන්දහසක් පමණ වාර්ථාවීම හේතුවෙන්  මෙය කෙතරම් ප්‍රභල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේද යන්න අමතක කළ නොහැකි කරුණක්.  නමුත් මේ  පන්දහසක් පමණ නව රෝගීන් අතරින් සියයට හැත්තෑ පහක  පමණ දෙනෙකුගේ රෝග නිධානය  මේවන විටත් හඳුනාගෙන ඇති අතර හඳුනානොගත් ප්‍රමාණය සියයට විසිපහකි.  පෙරකී සියයට හැත්තෑ පහක් පමණ වන වකුගඩු රෝගීන් එසේ හමුවන්නේ දියවැඩියා රෝගීන් අධි රුධිර පීඩනය සහිත රෝගීන්  කොලෙස්ටරෝල මට්ටම ඉහළ යාම තරබාරු බව  මානසික ආතතිය  සහ සුළු වකුගඩු රෝග සඳහා දිගු කළක් ප්‍රතිකාර නොලබා සිටීම මෙන්ම දුම් පානය මත් වතුර හා මත්ද්‍රව්‍යවල බලපෑම හේතුවෙනි.  මේවා හොඳින් විමසා බැලූ කළ යහපත් දිවි පෙවතකට හුරුව සිටින්නේ නම් මැනවින් පාලනය කරගත හැකි තත්ත්වයන් බව වැටහෙනවා ඇත .දියවැඩියාව ,අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝලතාවය යන රෝග මෙන්ම මානසික ආතතිය අධික තරබාරුව යන සියල්ලන්ම තම තමන්ටම පාලනය කරගත හැකි රෝගවන අතර තමන් සැලකිලිමත් වන්නේ නම් නිසි ප්‍රතිකාර ලබා මේ රෝග සියල්ලම පාලනය කර ගත හැකිය.

අධික ලුණු , සීනි භාවිතය මේදය භාවිතය ආදිය මේ රෝග සියල්ලන්ටම බලපාන පොදු සාධකයක් බව මේවන විටත් ඔබ හොඳින් දන්නා කරුණක් වනු ඇති . ව්‍යායාම මද කම ද මේ වැරදි ආහාර භාවිතාව හා එක් වූ විට බෝ නොවන රෝගවලට ගොදුරුවන්නන් ඉහළ යාමට බලපානු ලබයි.  මේ රෝගීන් සිය වකුගඩුවලට  තමන් මුහුණ දී සිටින වෙනත් බෝනොවන රෝග බලපාන්නේය යන කාරණය නොදන්නා කම නිසා හෝ නෙසැලකිලිමත්වීම හේතුවෙන් නිකරුණේ වකුගඩු රෝගයට අතවනන බවක් පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙක් රෝගයක් ඇතැයි යන්න සිතා ප්‍රතිකාර ලැබීම රෝග ලක්ෂණ පහළ වන තෙක් බලා සිට කරන්නට යොමුව සිටී. නමුත් අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි ඇතැම්විට කිසිදු රෝග ලක්ෂණයක් හඳුනාගත නොහැකි පරිද්දෙන් මතුවන ඇතැම් රෝග , කල් පසුවන්නට ඉඩ හැර වකුගඩු ද රෝගීබවට පත්වන්නට ඉඩ හැර ප්‍රතිකාර සඳහා යොමුවන්නේ අවසාන අදියරට පැමිණි පසුවය .

බොහෝ විට වකුගඩු රෝගීන්ගේ මරණ සම්බන්ධයෙන් වැඩි පුර අසන්නට සිදුවන හේතුව ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුවෙන්නේ රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධකිරීම යන විසඳුම් දෙක පමණක් ඉතිරිව තිබියදීය . නමුත් කිසියම් අයෙකු පළමුවැනි දෙවැනි සහ තුන්වැනි අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා යොමුවනවානම් හතරවැනි සහ පස්වැනි අවස්ථාවලදී ප්‍රතිකාර පතා එන රෝගීන්ට වඩා ප්‍රතිකාර ක්‍රම සහ සුව වීමේ හැකියාව වැඩිපුර හිමිකරගත් පිරිසක් වශයෙන් රෝගයේ සංකූලතා අවම කරගන්නට  හැකියාව ලබයි. සාමාන්‍යයෙන් අවශ්‍ය අයෙකුට තමන්ගේ වකුගඩු නිරෝගීද යන්න රුධිර පරීක්ෂණයක් මගින් පරීක්ෂා කරගත හැකිය. එම රුධිර පරීක්ෂණය සීරම් ක්‍රියැටිනීන්  නමින් හඳුන්වනු ලබන අතර එතරම් මිලක් වැය නොවන පරීක්ෂණයකි.  මෙම පරීක්ෂණය හෝ මුත්‍රා පරීක්ෂණයක් මගින් ඇල්බියුමින් පරීක්ෂාකර ගැනීමද වකුගඩු රෝග කළින් හඳුනාගන්නට ඉතාම සාර්ථක ලෙස උපකාර කරනු ලබන ක්‍රම දෙකකි.

නමුත්  මෙහිදී සෑම සියලු දෙනාම මේ පරීක්ෂාවන් සිදුකරවා ගැනීම කළ යුතු යැයි පැවසිය නොහැකිය. මෙය සිදුකරවා ගැනීමට අනිවාර්යෙන් අමතක නොකළ යුතු පිරිසක් වේ. ඒ  අප පෙරකි පරිදි දියවැඩියාව ,අධිරුධිර පීඩනය,  හෘදය වස්තුවේ රෝග සහ කොලෙස්ටරෝල අධිකතාවය  ඇති පුද්ගලයින් , මෙන්ම බ_ෆන් වැනි  ඖෂධ දිගුකාලීනව ලබාගන්නා පුද්ගලයින්  ,රුමැටොයිඩ් ආතරයිටිස්  සහ එවැනි ඇතැම් නිදන්ගත ආබාධ සඳහා දිගු කළක් ඖෂධ ලබාගන්නා පුද්ගලයින් , මේ පරීක්ෂණය වසරකට වතාවක් අනිවාර්යෙන් සිදුකරවා ගැනීම වැදගත්ය. නමුත් තමන්ට රෝගයක් නැතත් සමහර පුද්ගලයින්ට මෙම රුධිර පරීක්ෂාව කරගන්නා ලෙස උපදෙස් දිය යුතුව තිබෙන අවස්ථාත් තිබේ.

  ඒ පවුලේ කිසියම් අයෙකුට තීව්‍ර ලෙස වකුගඩු රෝගය වැලඳී පසුවන්නේ නම්, එයින් මරණයට පත්ව තිබේ නම් ,තමන්ට රෝග ලක්ෂණ නොපැවතියත් මෙම රුධිර පරීක්ෂණය හෝ මුත්‍ර පරීක්ෂණය සිදුකරවා ගැනීම වැදගත්ය.  එමෙන්ම වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ජීවත්වන්නන්ද රෝග ලක්ෂණ ගැන නොසොයා මෙම රුධිර පරීක්ෂණයට මුහුණ දී තම වකුගඩුවල නිරෝගීතාවය පරික්ෂා කරවා ගැනීම වැදගත්ය.  තවත් පිරිසකට මේ රුධිර පරීක්ෂාව සිදුකරවා ගන්නා ලෙස උපදෙස් දිය යුතුව තිබේ. ඒ වෙනත් වකුගඩු රෝග සඳහා යම් දිනකදී ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයින් මෙන්ම මුත්‍රා ගල් වැනි තත්ත්වයක් ඇතිවී තිබී ප්‍රතිකාර ලබා සුවවූවන්ය.  මෙසේ  යමි කිසි අවදානම් සාධක එකක් හෝ කීපයක් පවතින පුද්ගලයින් තම වකුගඩු සම්බන්ධයෙන් අදාල පූර්ව පරීක්ෂණ සිදුකරවා ගැනීම මෙම රෝගයෙන් ආරක්ෂාව ලද හැකි හොඳම ක්‍රමයකි.

මේ හැරෙන්නට ඔවුන්ද ජීවන රටාවේ අප පෙරකී ආකාරයේ රෝග සඳහා තුඩුදෙන හේතූන් මගහැරීම ඉතාම වැදගත්ය.කෙසේ නමුත්  අසාධ්‍ය වකුගඩු රෝගියෙකු ජීවත්කිරීම සඳහා වකුගඩුවලට ආදේශකයක් ලබා දීම අවශ්‍යය. එසේ නැතහොත් මෙම රෝගීන් ඉතා කෙටි කළකදී මරණයට පත්වෙයි.  ඒ සඳහා පවතින ප්‍රධාන ආදේශක ක්‍රම වනුයේ රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධයයි. එහිදීද ප්‍රධාන කාන්දුකරණ ක්‍රම දෙක සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරවමු. එනම් නිවසේදී කළ හැකි පරිතාන කාන්දුපෙරණය හා රෝහලකදී කළ යුතු රුධිර කාන්දුකරණයයි.   වකුගඩු බද්ධ කිරීම සඳහාද  ක්‍රම දෙකක් පවතින අතර එකක් ජිවත්වන අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම සහ මොළය මිය ගිය අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීමයි. මොළය මිය ගිය පුද්ගලයින් සම්පූර්ණ මිය ගිය පුද්ගලයෙකු වන බැවින් ඔවුන්ගේ හදවත යන්ත්‍රයක ආධාරයෙන් ස්පන්දනය කරණු ලැබූවද  නැවත ජීවත් කළ නොහැකිය. මන්ද මොළය මිය ගිය පුද්ගලයා සළනකු ලබන්නේ සම්පූර්ණයෙන්ම මිය ගිය අයෙකු ලෙස බැවිණි.

එවන් අයගේ වකුගඩු ඥාතීන්ගේ කැමැත්ත ඇතිව දන් දිය හැකිය. ඒ වකුගඩු තවත් අයෙකුගේ ජීවිතය බේරීමට යොදාගත හැකි නමුත් නොදන්නා කම නිසා වසරකට මෙවන් මොළය මිය යාම නිසා රෝහල් ගතවන පුද්ගලයින්ගේ වකුගඩු 700 ක් පමණ අපතේ යැවෙයි. මේ ගැන දැනුවත්ව එවන් යම්කිසි හේතුවක් මුල්කොටගෙන මොළය මිය ගිය තම ඥාතියාගේ වකුගඩු දන්දෙන්නට ඉදිරිපත්වීම විශාල පුණ්‍යකර්මයක් බවද  මෙහිදී ඔබේ දැනුමට එක්විය යුතු කරුණක් බව සලකන්න.  රෝහලකට නොගොස් නිවසේදී සිදුකරන පරිතාන කාන්දු පෙරණය  ඉතාමත් සාර්ථක ක්‍රමයකි.  මෙම සේවාව රජයේ රෝහල්වලින්  සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනු ලැබූවත්  අධික වියදමක් දරමින් රෝහල්වලින් සිදුකරණ රුධිර කාන්දුකරණයට යොමුවීම  රෝගින් නිකරුනේ අපහසුතාවයට පත්වීම මෙන්ම රජය මගින් ලබාදෙන සේවාව අපතේ යැවීමක් බවද මතක තබාගන්න. වකුගඩු රෝගය මාරයාට පරාජය විය යුතු රෝගයක් නොවේ . නිසිකළට වේලාවට ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් මාරයා පරාජය කළ හැකි රෝගයකි. අදම ඔබ අවදානම් සාධක හා ගැටෙන්නෙක් නම් වහාම ඔබේ වකුගඩු ආරක්ෂිත දැයි සොයාබලන්නට අමතක නොකරන්න. 

 

මැලේරියා රෝගය අප රටින් තුරන් කර ඇත, එහෙත්…..?

අපේ රටේ කළක් ඉතා දරුණුවට පැතිර තිබූ මැලේරියා රෝගය සම්බන්ධයෙන් අප දැන් දැන් එතරම් අවධානයක් නොදක්වන්නේ මැලේරියා රෝගය තුරන් කර ඇති රටක් බවට  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  2016 වසැර්දී ශ්‍රී ලංකාව නම් කරන්නට යෙදී  ඇති බැවිණි.  මැලේරියා පරපෝෂිතයා තුරන් කර ඇතත් වාහකයා තවමත් අප අතර බැවින්  අද අප මුලුමණින්ම මැලේරියා රෝගයෙන් ආරක්ෂිත යැයි පැවසීමට අපට ඇති සහතිකය කුමක්ද ? අප දැන් මැලේරියා රෝගය තුරන් කර ඇතත් ලෝකයේ මැලේරියාව පවතින අනෙකුත් රටවල් වලින් මැලේර්යා ආසාදිත පුද්ගලයින් රෝගය සහිතව මෙරටට පැමිණීමෙන්  නැවතත් ඔවුන් හරහා මැලේරියා වාහකයාට අවස්ථාව ලබාදුනහොත් නැවතත් අප රටට මැලේරියා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව නොසැලකුවහොත් කුමක් විය හැකිද ? අද සෞඛ්‍ය පිටුව තුළින් අපේ අවධානය යොමු වෙන්නේ මේ කාරණය පිළිබඳවයි.


dengue-mosquito.jpg.662x0_q70_crop-scale

මැලේරියා රෝගයද වාහකයෙකු විසින් බෝ කරනු ලබන රෝග අතරින් එකක් නැතිනම් මදුරු දෂ්ඨය නිසා ඇතිවෙන රෝගයක් බව ඔබ දනී.  අප රටේ මෙන්ම ලොව පුරා වසරකට දශ ලක්ෂයක් පමණ දෙනාට මරු කැඳවන මැලේරියා රෝගය සම්බන්ධයෙන් අප රටේ දැනට රෝගීන් වාර්ථා නොවූවත් තවමත් විදේශ සංචාරයන් වල යෙදී ආපසු මව් බිමට පැමිණෙන රෝගීන් අතරින් මැලේරියා රෝගීන් වාර්ථා වෙමින් පවතින නිසා නැවත වතාවක් අප රටේ රෝගීන් ඇතිවීමට යම් අවදානමක් පවතියි.

මැලේරියා රෝගයේද ප්‍රධාන ලක්ෂණය වෙන්නේ  උණ හිසරදය , වමනය, ඇඟපත රුදාව, ඇඟ සුදුමැලිවීම  වැනි ලක්ෂණ වන නමුත් ඇතැම්විට මේවායින් කීපයක් පමණක්  සමග රෝගය මතුවීමට ඉඩ තිබේ. මෙකළ කිසියම් කෙනෙකුට උණ ඇතිවුණ විට ප්‍රධාන වශයෙන්ම අවදානය යොමුවෙන්නේ ඩෙංගු රෝගය සම්බන්ධයෙනි. එනිසා උණ ඇති වූ විට ඩෙංගු රෝගය සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සාමාන්‍ය බව දැනගත් පසු තව දුරටත් මේ රෝගය නොසලකා හරින්නට යම් ඉඩකඩක් තිබේ. කෙසේ වුවත් ඔබ මෙවන් උණ රෝගයකට ගොදුරු වෙන්නේ පිට රටක සිට මෙරටට  පැමිණීමත් සමග නම් ඔබ මැලේරියා රෝගය සම්බන්ධයෙන් රුධිර පරීක්ෂාවකට පත්වීම ඉතාම වැදගත්ය. දැනට මැලේරියා බහුලව පවතින රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය, බංග්ලා දේශය, බූතානය, බොට්ස්වානා, බ්‍රසීලය, ඝානා, හයිටි, ඉන්දියාව, කෙන්යාව, ලයිබීරියාව, මැඩගස්කරය, මොසැම්බික්, නේපාලය, නයිජීරියාව, රුවැන්ඩාව, සියෙරාලියොන් ,අකුණු අප්‍රිකාව, සූඩානය, ටෝගෝ, උගන්ඩාව, ටැන්සානියාව,  සිම්බාබ්වේ  යන රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  සඳහන් කර තිබේ. ඔබ මෙම රටවල්වලට හෝ මෙම රටවල් ආසන්නයේ ඇති රටවල් වල සංචාරයකින් පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔබ මැලේරියා රෝගයෙන් තොර වූවෙකු යන සහතිකය ලබාගැනීමට යොමුවිය යුතුය. එය කළ යුතු වන්නේ ඔබ මෙරටට ඇතුළුවීමේදීමය, ගුවන් තොටුපලේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ඔබගේ රුධිර බිඳුවක් ලබාදීම  තුළින් ඔබට මැලේරියා රෝගය පවතීද යන්න සැක හැර දැනගත හැකිය. කෙසේ නමුත් ඔබ මෙරටට පැමිණ පළමු සති දෙක ඇතුළත පහත සඳහන් අපහසුතාවයන්වලට ඔබ මුහුණ දෙන්නේ නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම ඉතාම වැදගත්ය.

උණ හෝ වෙවුලා උණ ගැනීම, හිසරදය, වමනය, ඇඟපත රුදාව, අප්‍රාණික ගතිය, සුදු මැලි බව  හැරුණු විට රෝගයේ බරපතල බව පෙන්වන ඇස් කහ පැහැවීම, වලිප්පුව සිහි විකල්වීම.වකුගඩු අකර්මණ්‍යවීම, හුස්ම ගැනීමේ අපහසුව ආදිය විශේෂය. නමුත් ඔබ මෙවන් රටක සංචාරයකින් පසු  පැමිණ මාස කීපයකින් පසු වවත් ඔබට යම් ආකාරයකින් උණ ඇති වූයේ නම් ඔබ ප්‍රතිකාර සඳහා යන අවස්ථාවල ඔබ පිටරට සිට පැමිණ ගත වූ කාලය පිළිබඳ දැනුම් දෙන අතරම ඔබට මැලේරියාව ඇත්ද යන්න පරීක්ෂණයට යොමු වීම වඩා සුදුසුය.
 කෙසේ නමුත් ඔබ මෙරටට පැමිණෙන අවස්ථාවේ රුධිර පරීක්ෂණය සිදුකර මැලේරියාවෙන් තොර බව තහවුරු කරගත්තද, මෙරටට පැමිණ සති දෙකක ඇවෑමෙන් නැවතත් රුධිර පරීක්ෂාවක් කර ඔබ මැලේරියාවෙන් තොර අයෙකු බව තහවුරුකර ගන්න.  එම පරීක්ෂණය ඔබට මැලේරියා මර්දන ව්‍යාපාරයේ  ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය මැලේරියා කාර්යාලයකින් නොමිලයේ කරගත හැකිය 

දැන් අප මැලේරියා රෝගය ව්‍යාප්ත වන ආකාරය කෙබඳු දැයි මදක් විමසා බලමු.  නිරෝගී ඔබට මැලේරියාව බෝවෙන්නේ ආසාදිත ඇනෝෆිලිස්  ගණයට අයත් මදුරුවෙක් දෂ්ඨ කිරීමෙනි. ආසාදිත මදුරුවෙක් ඔබට දෂ්ඨ කර ලේ උරා බොන විට, මදුරුවා තුළ වැඩුණු පරපෝෂිතයින් ඔබගේ ශරීරය තුළට ඇතුල් වෙයි. මෙසේ ඇතුල් වෙන මැලේරියා පරපෝෂිතයින්  ඔබගේ අක්මාව හා රුධිරය තුළ ට ඇතුලු වී  ඉතා වේගයෙන් තම වර්ධනය අරඹයි. එසේ අධිකව වර්ධනවීම ඇරඹුම සමග මැලේරියා රෝග ලක්ෂණ ඇතිකරයි.  සාමාන්‍යයෙන් අපේ රටේ මැලේරියාව ඇතිකරන පරපෝෂිතයින් දෙවර්ගයක් සිටී. ඒ ප්ලැස්මෝඩියම් වයිවැක්ස් සහ ප්ලැස්මෝඩියම් ෆැල්සිපාරුම් යන දෙවර්ගයයි.  මේ අතරින් ප්ලැස්මෝඩියම් ෆැල්සිපාරුම්  පරපෝෂිතයා නිසා හටගන්නා මැලේරියාවට නිසි කළට ප්‍රතිකාර නොකලොත් මොළේ මැලේරියාව වැනි දරුණු සංකූලතා හට ගැනීමට ඉඩ පවතී.  මෙම මදුරුවන් ප්‍රධාන වශයෙන්ම බෝවෙන්නේ පොළොව මතුපිට හිරු එළිය වැටෙන පිරිසුදු නොගැඹුරු හෝ සෙමින් ගලා යන දියකඩිතිවලය. එහෙයින් කුඩා දිය කඩිති, කෘෂි ළිං, අත්හැර දැමූ ගල් වලවල්, මැණික් පතල් , ගඩොල් වලවල්  ආදියෙහි ඇති පැහැදිලි ජලයේ මෙම මදුරුවන් බෝවෙයි.කෙසේ නමුත්  අප දැන සිටිය යුතු වැදගත්ම කරුණක් වෙන්නේ ඇතැමුන්ට මැලේරියාව වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.   ඒ කවුරුන්ද යන්න අප වඩාත් වැඩි අවධානයකින් විමසා බැලුවහොත් මැලේරියා බහුල රටවල්වල රැකියා සඳහා යන්නන් පමණක් නොව අවදානම් වැඩි ප්‍රදේශවල හමුදා සේවයේ යෙදෙන අය, මැඩගස්කරය වැනි රටවල්වල මැණික් පතල් ආශ්‍රිතව රැකියාවල යෙදෙන අය වශයෙනි. දැන් අප මෙහිදී අප පළමු අවදානම ලෙස සඳහන් කළ මැලේරියා බහුල රටවල් වල සංචාරයේ යෙදෙන්නන් රෝගයෙන් ආරක්ෂාව ලබා ගැනීම උදෙසා කුමක් කළ යුතුද යන්න විමසමු. මැලේරියාව වළක්වා ගැනීමේ ඖෂධ සම්බන්ධයෙන් ඔබ දැනුම්වත්ද? සැබවින්ම මැලේරියා වළක්වා ගැනීමේ ඖෂධ ඔබ මෙරටින් පිටව යන්නට සතියකට පෙර ආරම්භ කරන්න.  දැන් එම ඖෂධ ලබාගත යුත්තේ කොහෙන්ද යන ගැටලුව ඔබට මතුවෙනු ඇත. එම ඖෂධ මැලේරියා මර්දන මූලස්ථානයෙන් හෝ ළඟම ඇති මැලේරියා මර්දන ප්‍රාදේශීය කාර්යාලයකින්  හෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබේ. 

එමෙන්ම ඔබ එම රට තුළ රැඳෙන කාලයේ මැලේරියාව වළක්වා ගැනීමේ ඖෂධ සතියකට වරක් නොවරදවාම පාවිච්චි කරන්න. මදුරු දෂ්ඨයන්ගෙන් වැළැකීමට මෙම ක්‍රම අනුගමනය කරන්න.  මදුරු දැල් භාවිතය, මෙන්ම ශරීරය හොඳින් ආවරණය වන සේ ඇඳුම් භාවිතකරන්න. මදුරුවන් පළවාහැරීමට මදුරු විකර්ශක ආලේපන භාවිත කරන්න. මැලේරියා මදුරුවන් රාත්‍රි හා අලුයම් කාලයේ දී දෂ්ඨ කරන බැවින් රාත්‍රි එළිමහනට යාම අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් සීමාකරන්න. ඔබට උණ හිසරදය,   වමනය හෝ ඇඟපත රුදාව හැදුණොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවෙන්න. එමෙන්ම සංචාරයෙන් පසු මැලේරියාව වළක්වා ගැනීමට  එම ඖෂධ තව දුරටත් සති හතරක් නොකඩවා පාවිච්චි කරන්න. මැලේරියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගන්න. එමෙන්ම ඔබට මැලේරියාව ඇතැයි සනාථවුවහොත්  ඒ සඳහා ඇති ප්‍රතිකාර නිසි පරිදි ලබාගන්න. මුල් රුධිර පරීක්ෂාවෙන් මැලේරියාව හඳුනානොගත්තත් තවමත් ඔබට මැලේරියාව වැලඳීමේ අවධානමක් ඇති බැවින් ඕනෑම අවස්ථාවක මැලේරියාවට බලපාන ලක්ෂණයක් ඇතිවුවහොත් මැලේරියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගන්න. කෙසේ නමුත් මැලේරියාව වැලඳුන මුල් අවස්ථාවේදීම සොයාගෙන නිසි ප්‍රතිකාර ඇරඹීම මගින් රෝගය අන් අයට පැතිරීම වළක්වා ගත හැකිය.  අදාල ඖෂධ නොකඩවා නියමිත දින ගණන ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබාගත හැකිය. 
ෙලා්ක මැලේරියා දිනය නිමිත්තෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණය අැසුරිනි. 

 

ප්‍රතිකාර මග නොහැරිය යුතු වෙරිකෝසිස්

දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් මෙම තත්ත්වය තරුණ වයසේ අයටත් ඇතිවෙන්න පුලුවන්. දෙපාවල ඇතිවන තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ශළ්‍යකර්ම කරගන්නට අකමැතිබවක් පලකරනවා.එවැන්නන්  රෝග සුවය සඳහා ඖෂධ ප්‍රතිකාර පිළිබඳ පමණක් උනන්දුවක් දක්වතත් සමහර අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ට ශල්‍යකර්ම යෙදීම අත්‍යවශ්‍ය අවස්ථා පැවතිය හැකිය. නහර ගැට ගැසීම නැති නම් වෙරිකෝසිස් වේන් යනුවෙන් හඳුන්වන මේ රෝග තත්ත්වයද ශල්‍යකර්මයකට යොමු විය යුතු අවස්ථාවක් ලෙස මතු විය හැකි ය. ඇතමුන් මේ සඳහා වෙළුම් යෙදීම මෙන්ම එන්නත් පිළිබඳ උනන්දුවෙයි. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵලය ශල්‍යකර්මයකින් ලබන සුවය තරම් තීව්‍රද යන්න විමසීමට අද අපි සෞඛ්‍ය පිටුවේ ප්‍රධානතම ඉඩකඩ වෙන් කර ඔබව දැනුම්වත්කිරීමට අදහස් කරමු.


08222017vldcardiovascularvaricoseveins

වෙරිකෝසිස් නැතිනම් නහරගැට ගැසීම යන තත්ත්වයට ශල්‍යකර්මයක් අවශ්‍යද යන්න බැලූ බැල්මට තීරණය නොකෙරෙනු ඇත. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක් පිළිබඳ නිර්ණය කිරීමට නිසි වෛද්‍ය පරීක්ෂාවක් සහ ඒ සඳහා නියමිත පරීක්ෂණවලට යොමු වීම අත්‍යවශ්‍යය. නමුත් නහරගැට ගැසීම නැතිනම් වෙරිකෝසිස් වේන් යනු රෝගියාටම පියවි ඇසින් දැක තමන්ට එවන් තත්ත්වයක් ඇති බව තීරණය කරගත හැකි රෝගයකි. මෙවන් තත්ත්වයක් දුටු විට එය රෝගයක් බව පවා බොහෝ දෙනා පිළිනොගන්නා කරුණකි. එයට හේතුව එවන් තත්ත්වයක් පවතින්නට හැරීමෙන් පසුකාලීනව ඇතිවන කරදරකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අත්දැකීමක් ලබා නොතිබීමයි.

නහර ගැට ගැසීම ඇතැම් විටෙක ප්‍රවේණියට නැතිනම් ආරයට සම්බන්ධයක් දක්වන  තත්ත්වයක් ලෙසද අනුමාන කෙරෙයි.  දෙමවුපියන්ට මේ තත්ත්වය පැවතියේ නම් ඇතැම් විටෙක දරුවන්ටද ඇතිවිය හැකි යැයි  සැකයක් පවතියි. එය ශිරාවල පිටත පටකවල  උපතින්ම පවතින දුර්වලතාවයක් සහිත මවුපියන්ගේ දරුවන්ටත්වීමට  ඉඩකඩ පවතින  බව විශ්වාසය පදනම් කරගත්  තත්ත්වයකි . සාමාන්‍යයෙන්  නහර ගැට ගැසීම  දෙපා සම්බන්ධයෙන් ඇති විය හැකි තත්ත්වයක් වුවත් කලාතුරකින් අත්වලත් මෙවන් තත්ත්වයක් දැකිය හැකි අවස්ථා හමුවෙන්නට පුලුවන. මෙසේ නහර ගැට ගැසීමට හේතුව කුමක් වුවත් එය නොසලකා හැරිය යුතු  නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් නොවන බව ඔබ දැන සිටිය යුතුයි.

මේ නිසා මතුවන බොහෝ සංකූලතා වලින් ගැලවී සිටීමට ඔබට උපකාරීවන  එම දැනුම පසුකාලීනව මේ රෝගයෙන් ඇතිවන පීඩාවලින් ඔබ මුදවා ගැනීමට සමත්වනු ඇති.  ඔබ නහර ලෙස හඳුන්වන්නේ රුධිරය ගෙන යන ශිරා බව ඔබ මුලින්ම දැනගත යුතුයි.  මේ ගැට ගැසුණු ශිරාවන් සඳහා ඉක්මන් ප්‍රතිකාර නොකලොත්  යම් විටෙක මේවා නැවත ස්ථීර ලෙස සාමාන්‍ය තත්ත්වයට පත්කරීම නැතිනම් දිගින් හා පළලින් අඩු නොවී ඒ ආකාරයටම පවතින්නට පුලුවන.මේ ආකාරයට මේ ශිරාවන් කැටි ගැසීම නිසා ඒ තුළ රුධිරය කැටි ගැසීම  ඇතිවෙන්නට පුලුවන. මේ නිසා රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වී කකුලේ මැද ඇති ප්‍රධාන රුධිර නාලයේද ලේ කැටි ගැසීම් ඇතිවෙන්නට පුලුවන.  ආරය යන හේතුව හැරුණු විට කාන්තාවක් ගර්භිණී වූ විට වඩා ක්‍රියාකාරී වුන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා ශිරාවල තිබෙන මාංශ ස්ථරයේ හැකිලීම අඩුවීම හේතුවෙන් ශිරාව මහත්විම ඇතිවෙන නිසාත්,ගැබේ සිටින දරුවා උදරයේ ඇති ශිරාවලට තෙරපීම නිසා කකුලේ ශිරාවල පළල්වීමක් ඇති වී  ඒවා ගැට ගැසෙන්නට ඉඩ තිබෙනවා.

නමුත් මෙය දරුවා ලැබුණු පසු තරමක් දුරට මග හැරී යන්නට හැකියි. නමුත් මේවා දිගින් දිගටම පවතින්නේ නම් ප්‍රතිකාර පැතීම අවශ්‍යය. මේ හැරෙන්නට යම් අයෙකුගේ උදරයේ ගෙඩි ඇතිවීමකදීත්  නැතිනම් උදරය ඇතුලේ ශිරාවල ලේ කැටි ගැසීමක්  ඇතිවීමේදීත්  දෙපාවල නහර ගැට ගැසීමට ඉඩ කඩ පවතියි. මේ ලේ කැටි දියවී ගියත් එය  නහර ගැට ගැසීම නතරවීමට හේතු නොවෙන්නේ  ශිරාවල ස්වභාවිකව  පවතින කපාට මෙසේ සිරුරේ ඉහළ සිට පහළට අනවශ්‍ය තරම් පැමිණ ශිරා විස්තාරණය කිරීමේදී ශිරාවල ඇති කපාට විනාශ වි යන නිසයි. සාමාන්‍යයෙන් වැඩි ස්ථූලතාවයක් සහිත අයට ශිරාවල ලේ කැටි ගැසීම වැඩිපුර ඇතිවන බව දකින්නට ලැබෙයි. එමෙන්ම වැඩිවේලාවක් සිටගෙන ඉන්නා ආකාරයේ රැකියාවන් කරන අයට මේ තත්ත්වයේ වැඩි බවක් දකින්නට ලැබීමත් මේ අනුව එම හේතු මේ තත්ත්වයට යම් සබඳතාවයක් තිබිය හැකි යැයි  අනුමාන කළ හැකි වුවද එය තහවුරු කොට නැත. නහර ගැට ගැසීමේ තත්ත්වය ඇතිකරන වෙනත් සංකූලතා සම්බන්ධයෙන් පැවතිය හැකි අවදානම පිළිබඳ අප මුලින්ම සඳහන් කළ බව ඔබට මතක ඇති. දැන් අප ඒවා එකින් එක සවිස්තරාත්මකව විග්‍රහ කරමු. මෙහිදී කලාතුරකින් නමුත් දැකිය හැකි තත්ත්වයකි මේ නහර ගැට සිදුරු වී රුධිරය ගැලීම.

මෙය ඉතා පීඩාකාරී ලෙස කෙනෙකුට ඇතිවීමට ඉඩ ඇති නිසා මේවා සිදුරු වී රුධිරය ගැලීමට ඇති ඉඩ කඩ අවමකර ගැනීමට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය. මේ හැරෙන්නට කකුලේ පහළ කොටසේ වළලු කර ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සමේ පවතින මෘදු බව නැතිවී ගොස් තුවාල ඇතිවීමට පටන් ගැනිමත් එම තුවාල කුඩා සිරීමකින් ආරම්භ වී සුව නොවී පැවතිම තවත් එක් සංකූලතාවයක් ලෙස දැක්විය හැකිය. 

මේ තුවාල සුව වෙන්නට නම් මුලින්ම ගැට ගැසී ගිය නහරවලට ප්‍රතිකාර ලබා සිටිය යුතුය. නහර ගැට ගැසීම් නැතිවන්නට ප්‍රතිකාර කළත් ඇතැම්විටක මෙසේ ඇති වූ තුවාල සුවනොවී පවතින්නටඑම තුවාලය විසින් ඇතිකරනු ලබන කැළලක් වැනි ලක්ෂණය හේතුවන්නට හැකිය. එය එසේ වෙන්නේ එම කැළල මතින් සම නැවත වර්ධනය නොවන බැවිණි. මෙසේ ඇතිවන තුවාල කකුලේ අස්ථිවලට කිට්ටුවෙන් පවතින නිසා අස්ථිවල තද බල වේදනාවක්ද මතුවන්නට ඉඩ කඩ තිබේ.  අස්ථියේ මතුපිට ස්ථරය ඉදිමීම එයට හේතුවයි. තුවාල බොහෝ කල් පවතින විට  තවත් සංකූලතාවයක් මතුවීමේ අවධානමක් තිබේ. ඒ කකුලේ ඇඟිලි සහ වළළුකර සම්බන්ධව ක්‍රියාකරන කණ්ඩරාවල හැකිලීමක් ඇතිකිරීමයි.

මෙවන් තත්ත්වයක් ඇති වූ විට වළළුකර පහළට නැවීයාමක් ඇතිවන අතර එය නැවත යථා තත්ත්වයට  පත්කරවන්නට ප්‍රතිකාර කිරීම  අපහසුය. වසර දහයක් දොළහක් තරම් දිගු කාලයක් මෙම තුවාල සුව නොවී පැවතිය හොත්  එය පිළිකා බවට පත්වෙන්නට ඇති හැකියාව කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ.  සාමාන්‍යයෙන්  නහර ගැට ගැසීම යථා තත්ත්වට පත්කිරීම සඳහා ප්‍රතිකර්ම ලෙස ශල්‍යකර්ම හා ඖෂධ එන්නත් කිරීමට වෛද්‍යවරු තීරණය කරනු ලබයි.මෙසේ ප්‍රතිකාර තීරණය කරද්දී මුලින්ම සොයා බැලෙන්නේ නහර ගැට ගැසීම  ආරම්භ වනුයේ කොතැනින්ද යන්නයි. එසේ ගැට ගැසීමට අප මුලින්ම කියූ හේතුවලින්  කුමන හේතුවක් බලපා ඇත්දැයි ඊළට සලකා බැලෙන හේතුවයි. සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම ආරම්භ වනුයේ  ඉකිළිය ප්‍රදේශයෙන් සහ දණහිස පිටුපසින්ය.දණහිස පිටුපසින් ආරම්භ වී ඇත්නම් සහ එහි ශිරාවල ඇති කපාට විනාශ වී ඇත්නම් එය ශල්‍ය කර්මයක් කළ යුතු අවස්ථාවක් ලෙස තීරණය වෙන්නට පුලුවන්.

දණහිසත් ඉකිලියත් අතර නම් ඒ සඳහාත් ශල්‍ය කර්මයක් නිර්දේශ වෙන්නට පුලුවන.දණහිස පහළින් පටන් ගෙන විශාල ප්‍රමාණයක් ගැට ගැසී තිබේ නම් එයද ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර යෙදිය යුතු අවස්ථාවකි.නමුත් දණහිසට පහළින් පටන් ගෙන සාමාන්‍ය ප්‍රමාණයක් නහර ගැට ගැසී ඇත්නම් බෙහෙත් විදීම මගින් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.  නමුත් කකුලේ මැද ඇති ප්‍රධාන ශිරාවේ අවහිරතාවයක් පවතියි නම්  පිටින් පෙනෙන නහර ගැට ගැසීමට ප්‍රතිකාර කළ නොහැකිය.එවැනි අයෙකුට පිටත ගැට ගැසී ඇති නහර ඉවත් කර ප්‍රතිකාර කළහොත් රුධිර ගමනාගමනය අවහිරවීම හේතුවෙන් පාදය විශාල ලෙස ඉදිමිය හැකිය. මේ සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් විශේෂ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව ප්‍රතිකාර කළ යුත්තේ කෙසේදැයි තීරණය කෙරෙනු ඇත. මේ නිසා ඔබටත් මෙවන් තත්ත්වයක් ඇත්නම් වහාම ශල්‍ය වෛද්‍යවරයෙකු හෝ ශල්‍ය සායනයකට ගොස්  ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට නොපමා වෙන්න.නහරගැට ගැසීම සඳහා ශල්‍ය කර්මයකට ලක්වෙන්නෙකුට පාදයේ මැද ශිරාව හොඳින් ක්‍රියාකාරී නම් දින තුනකට පසු රෝහලෙන් පිටව යා හැකිය. ශල්‍යකර්මයට ලක් වූ දිනට පසු දින රෝගියා ඇදෙන් බස්සවනු ලබන අතර ක්‍රේප් බැන්ඩේජ් යොදා රෝගියා ඇවිද්දවීම මගින් නහර වල ලේ කැටි ඇතිවීම වැලැක්වීමට හේතු කාරණා යෙදේ.මේ ප්‍රතිකාර මගින් සියයට හැත්තෑවක් දෙනාට සුවය ලද හැකි අතර සියයට තිහක් පමණ නැවත රෝගය ඇතිවීම සඳහා අවදානමක් පවතින බව අමතක නොකළ යුතුය.

වේදනා කැක්කුම් ඇතිවෙන්නේ ඇයි ?

වේදනා කැක්කුම් මෙකළ බොහෝ දෙනෙකු අත් විඳින සුලභ තත්ත්වයක් කිවහොත් එහි වරදක් නැති තරම් සිරුරේ කිසියම් තැනක වේදනාවක් කැක්කුමක් ඇතිවෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවෙයි.එමෙන්ම හැම වේදනාවකටම කැක්කුමකටම හේතුවත් එකම එකක් නෙවෙයි. මේ නිසා වේදනා කැක්කුම් සියල්ල එකම ගණයේ ලා සැලකිය නොහැකි බව ඔබට වැටහෙනවා ඇති. බොහෝ වේදනා කැක්කුම් ඇතිවන්නට වැරදි ඉරියව් බලපෑ හැකි වග ඔබ දන්නවාද? සමහර විට ඔබ භාවිත කරන උපකරණ ඔබේ ශරීරයේ පිහිටීමට නොගැලපෙන විට එයින් ශරීරයට ඇතිවන ආතතිය හේතුවෙන් හටගන්නා වේදනා කැක්කුම්ද ෙබාහෝයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ අර්ගනොමික්ස් වශයෙන් හඳුන්වන්නේ එවැනි හේතුවලින් හටගන්නා තත්ත්වයන් වන අතර මෑත කාලයේ එවැනි තත්ත්වයන් ඉතාම බහුල බව සැබවි. නමුත් අද අප මේ කතාකරන්නේ ඒ සම්බන්ධයෙන්ම පමණක් නොවේ වැරදි ඉරියව් නිසා ඇතිවන ආතතිය හේතුවෙන් මෙන්ම වෙනත් ශාරීරික තත්ත්වයන් හා සබැඳි වේදනා කැක්කුම් පිළිබඳ පොදුවේ ඔබ දැනසිටිය යුතු කරුණු පිළිබඳවය. හොඳින් බලන්න ඔබ මේ ගැන නොදැන සිටි යමක් මේ ලිපිය තුළින් ඔබට හමුවෙනු ඇත.


ඔබ කිසියම් ආකාරයක මිනිස් රුවක් හෝ වෙනයම් රූපයක් කෙළින් සිටගෙන සිටින ආකාරයෙන් අඹනවා යැයි සිතන්න. එවිට එය දරා සිටීම සඳහා ඔබ මුලින්ම සිදුකරනුයේ පොළව මත දරා සිටිය හැකි මතුපිටකින් කෙළවර වෙන ඇද කුද නැති කෙළින් පවතින කම්බියක්ගෙන ලී කැබැල්ලක් මත සැකිල්ල ඉදිකිරීම නොවෙද ? එය, මතුපිටින් එහි අලවන අනෙකුත් දෑ දරා සිටීම සහ කෙළින් තබාගැනීමට එම සෘජු කම්බිය උපකාරවන්නා සේම මිනිස් ශරීරයද කෙලින් දරා සිටීම සඳහා කන අසල සිට පහළට එවන් අස්ථිමය ආධාරකයක් පවතියි. එය නැවීම කැරකවීම ආදී කර්තව්‍යයන් සඳහා ඒ අස්ථිමය ආධාරකයේ යම් යම් ස්ථානවලින් ස්වභාවිකව හැරවීමට නැවීමට පහසුවන සේ යෙදුනු උපකාරකයන්ද පවතියි. උදාහරණයක් ලෙස දණහිස වැලමිට , ගෙල ආදී ස්ථාන මතකයට නගා ගන්න. නමුත් එය පිහිටා ඇති ආකාරයට ප්‍රතිවිරුද්ධව ඔබ යම් ආකාරයකින් ඒවා හරවන්නට නවන්නට  උත්සහ දරන්නේ නම් ඒ  ක්‍රියාවලියට බාධා පමුණුවමින් නිවැරදි පිහිටීම ඉක්මවා වැරදි ඵලයන් මතුවීමට පුළුවන. උදාහරණයක් ලෙස ඔබේ කොන්ද නැවීම ගැන සිතමු.

කොන්ද නැවීම ඉඟටියෙන් සිදුකිරීම බරක් එසැවීමේදී වැරදි ඉරියව්වකි. කොන්දෙන් නොනැමී දණහිසෙන් නැමී අදාල භාණ්ඩය තමන් සමීපයට ගෙන ඔසවමින් දණහිසින් නැගී සිටීම බර එසැවීමේ නිවැරදි ක්‍රියාවයි. නමුත් ඔබ දණහිස නොනමා පහතට නැමී බරක් ඔසවන්නේ නම් ඔබේ කොන්ද ආශ්‍රිත අස්ථිවලට මෙන්ම ඒවායේ මාංශ පේශි පිහිටා ඇති රටාව  ඇදීයාමකට ලක්කරන අතර අස්ථි බන්ධන වල කණ්ඩරාවලට ඇතිකරන ආතතිය නිසා වේදනා මෙන්ම ඉදිමීම් ආදියත් ඇතිවෙන්න පුළුවන්. එය ශරීරයේ පිහිටීමේ වරදක් නොවන අතර ඔබ ශරීරයේ පිහිටීම සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා ප්‍රතිවිරුද්ධ ආකාරයට ඒවා ක්‍රියාකරවන්නට යාමෙන් ඇතිකරගත් වේදනාවක් බව ඔබම වටහා ගත යුතුයි.   ඔබ යමක් එසැවීමට පහතට නැඹුරුවීම පමණක් නොව නිදන ආකාරය ඉඳගන්නා ආකාරය  ද මෙසේ වැරදි ඉරියව්වකින් පවත්වා ගතහොත් ඔබට නිරන්තරෙයන් යම් වේදනාවක් කැක්කුමක් මතුවන්නට ඇති ඉඩ කඩ බොහෝය. වේදනාවක් කැක්කුමක් මතුවූ විට බොහෝ දෙනා කරන්නේ එයට යම් වේදනා නාශකයක් පානය කිරීම නැතහොත් කිසියම් ආලේපනයක් තැවරීමයි.

සත්‍ය වශයෙන්ම ඔබ මදක් වේදනාව අඩු වූ වා යැයි සිතන්නට ඉඩ ඇතත් එය නතරවීමක් බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතුව වේදනාව ඇතිකිරීමට මුල් වූ හේතුව තව දුරටත් පැවතීමයි. මේ නිසා වේදනා නාශක හෝ ආලේපන පිළිබඳ සොයන්නට කලියෙන් වේදනාව මතුවීමට හේතුව කුමක්දැයි නිවැරදිව දැන හඳුනාගැනීම වැදගත්ය. බොහෝ විට මෙවැනි වේදනා කැක්කුම් පිළිබඳව වැඩිපුර මැසිවිලි නගන්නේ කාන්තාවන්වීමට ඇති ඉඩ කඩ වැඩිය. දවසේ වැඩ කටයුතු අවසන්වීමත් සමගම බාහුවල කොන්දේ සහ කෙණ්ඩාවල මතුවන වේදනාවක් ගැන ඔවුන් නිතර පැමිණිලි කරන්නේ එදිනෙදා වැඩකටයුතුවලදී නුහුරට පවත්වා ගත් ඉරියව් නිසා යැයි කිසිවිටෙකත් නොසිතනු ඇත. කොන්දේ කැක්කුමක් ඇතිවීමට හේතුව තනිකරම වැරදි ඉරියව් නොවේ.

මෙන්ම  වකුගඩු ආබාධ, සමහර පිළිකා තත්ත්ව මෙන්ම උණ , මුත්‍රා ආසාදන ආදී ශාරීරික තත්ත්වයන් නිසාද කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකි බව සත්‍ය නමුත් ඒ ආබාධය කුමක් නිසාදැයි , ගොඩවෙදකම් කර කර හඳුනාගැනීම කල් පසු කළ යුතු නොවේ.  කෙසේ වෙතත් කොන්දේ කැක්කුමක් මතුවූ පමණින් එය අසවල් රෝගය යැයි බියට පත්වීමටද ඔබ ක්‍රියාකළ යුතු නොවේ.පළමුව ඔබේ ඉරියව් නිවැරදිව පවත්වා ගන්නට උත්සහ දරන්න. ඔබ මුළුතැන්ගෙයෙහි වැඩි පුර වැඩ කරනුයේ සිටගෙන නම් ඔබ භාවිත කරන මේසය ඔබේ වැළමිටේ උස ප්‍රමාණයට පවතින්නේද යන්න පළමුව සොයා බලන්න. නැතිනම් ඔබේ පැන්ට්‍රියේ උස ප්‍රමාණය ඔබේ වැලමිටට පහළින් පවතින්නේ නම් ඔබ නිරන්තරයෙන්ම පහතට නැවී වැඩ කිරීම නිසා ඔබේ මාංශපේෂීවලට මෙන්ම අස්ථීන්ට ඔබේ කොන්ද නවා ගෙන සිටීම නිසා ඇතිවන ආතතිය කොන්දේ කැක්කුම මෙන්ම වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන.  ඉඳගන්නා පුටුවේ ඔබට කොන්ද අංශක 90  පවතින ලෙස කෙළින් තබා අසුන් ගන්නට හැකියාවක් නොමැතිනම් ඔබට කෙලින් වාඩිවීමට උපකාරවන පුටුවක් ඒ සඳහා යොදාගන්න. නිදාගන්නා ඇඳ මෙට්ටයටද ඔබේ කොන්දට කැක්කුමක් එක් කළ හැකිය. අප වෙනත් අවස්ථාවක  සැප නින්දක් වෙනුවෙන් ඔබේ කොන්ද පවත්වා ගත යුතු ඉරියව් පිළිබඳ කතාකරමු. 

වැරදි ඉරියව් නිසා ඇතිකරගන්නා වේදනා කැක්කුමවලට එම ඉරියව් නිවැරදි කර ගැනීමෙන් සහ. එම අවයව වලට ඇති වූ හානි භෞතචිකිත්සක ප්‍රතිකාර හරහා නිවැරදි කළ හැකිව තිබේ.  සැබවින්ම එවන් අවස්ථාවක වඩාත් විශ්වාසනීයම ප්‍රතිකාරයක් ලෙස භෞත චිකිත්සක ප්‍රතිකාරවෙත යොමු විය හැකිය. ඔබ වේදනා නාශකවලින් මෙහි ඇති වේදනාවට පිළියම් සෙවූවත් එයින් සිදුවෙනුයේ වේදනාව මදක් සමනය වීම මිස සිදුවී ඇති හානිය නිවැරදිවීම නොවේ. අනවශ්‍ය තරම් වේදනා නාශක භාවිතය ඔබට වෙනත් අතුරුඵල ඇතිකරන බව සැබෑ නමුත් භෞතචිකිත්සක ප්‍රතිකාරවලින් එවන් අතුරු ආබාධ ඇතිවීමක් නැති අතර රෝගියාට ඉක්මන් සුවයක් ලඟාකරගත හැකිය. තාප ප්‍රතිකාර, කෙටිතරංග විද්යුත් උත්තේජන ආදී ප්‍රතිකාර රැසක්ම මෙවැනි අවස්ථාවල භෞත චිකිත්සාවෙන් යොදනු ලබයි. 
අස්ථිවල ඇතිවන නෙරීම් ඇදවීම් ආදිය ( ක්වෝලියෝසිස් ) ඇතැම්විට ඉරියව්වල වැරදි තුළින් මතුවිය හැකි වුවත් ඒවා නිසි ආකාරයේ පරීක්ෂාවකට ලක්කර නිවැරදිව හඳුනාගැනීමෙන් ප්‍රතිකාර යෙදිය හැකි පසුබිමක් සැකසිය හැකිය.මෙකළ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් බහුලව මැසිවිලි නගන තත්ත්වයක් මතුව ඇතැයි අප මෙම ලිපිය මුලදීම කීවා ඔබට මතක ඇති. ඇතැම් වේදනා ඔබේ ශාරීරික ව්‍යායාම් නිසි අධීක්ෂණයක නොපිහිටා කිරීමෙන් ඇතිවිය හැකියි.

බොහෝ විට කායවර්ධන ව්‍යායාම් පවත්වාගන යන ආයතන නැතිනම් ජිමිවල සිටින අය උපකරණ භාවිතය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහිත විය හැකි වුවත් කායික ව්‍යූහය සම්බන්ධයෙන් දැනුම්වත් බවක් පැවතීමේ මද බවක් තිබේ.  යමෙකු ව්‍යායාම්වල යෙදවීමට පළමු ඔහුගේ හෝ ඇයගේ භෞතික ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය.  හැම අයෙකුගේම පේශීන් හෝ අස්ථී එකම ආකාරයේ නොපවතින නිසා ඒවාට අනුව ඔවුන්ව ව්‍යායාම්වල යෙදවිය යුතුය. නැතිනම් ආයාසයෙන් ඒවා කරන්නට ගොස් ඇතිකරගන්නා අනපේක්ෂීත ආතතිය හේතුවෙන්  විවිධ සංකූලතාවයන්ට මුහුණදෙන්නට සිදුවිය හැකිය. විශේෂයෙන්ම ව්‍යායාම් කිරීම ඉතාම යෝග්‍ය දෙයක් වුවත් ඔබට යෝග්‍ය කෙබඳු ව්‍යායාම්ද යන්න පළමුව පරීක්ෂාවකට ලක්වී තීරණයකට එළැඹෙන්නේ නම්  බොහෝ අනපේක්ෂිත ගැටලු මගහරවා ගත හැකිය.සමහරෙකු ව්‍යායාම් කිරීම සිදුකරන්නේ කිසිදු උපදේශකත්වයක් නොලබාය. කිසියම් ව්‍යායාම උපකරණයකට නතුව එසේ කරන ව්‍යායයාම් නිසා අප මෙතෙක් කී වේදනා කැක්කුම් ඇතිකරගැනීම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුහුණ දෙන අත්දැකීමකි. ව්‍යයාම් කිරීම සඳහා උපකරණ අවශ්‍ය නැත . ව්‍යයාම් යනු උපකරණවලින් පමණක් කළ හැකි දෙයක්ද නොවේ. ඔබට සුදුසු ව්‍යයාම මොනවාද යන්න පළමුව ඔබගේ භෞතචිකිත්සකවරයාගෙන් හෝ  නිසි සුදුසුකම් ලත් කායවර්ධන උපදේශකවරයාගෙන් උපදෙස් ලබන්න

ඔබට නොගැලපෙන ව්‍යයාම සහ ඔබට ගැලපෙන ව්‍යායාම . ආදි කොටස් දෙකක් මෙහි තිබිය හැකි බව දැනගෙන  ක්‍රියාකරන්න.  කිසියම් වේදනාවක් ඇතිවූ වහාම ඊට ඔබ දක්වන ප්‍රතිචාර කුමක්ද යන්න අප දැන් විමසා බලමු. බොහෝ දෙනා ව්‍යායාම උපකරණයක් භාවිතයේදී ආයාසයෙන් ඒ කටයුත්තෙහි යෙදෙන්නේ නම් එයින්  මාංෂ පේශී ඇදීයාමක් වීමට ඇති ඉඩ කඩ මෙහිදී සලකා බලමු .පළමුව ඔබ සිරිත් පරිදිම කිසියම් වේදනා නාශකයක් භාවිතකරන්නට පෙළඹෙනු ඇත. නමුත් එයින් සිදුවන්නේ වේදනාව මදක් සමනයවීම පමණක් බව ඔබ දැන් දනී. සමහරු ඇතිවූ පීඩනය සමනය කිරීම සඳහා බොහෝ විට උණුවතුරින් තවන්නට උත්සහ ගනු ඇත. නමුත් මෙය සුදුසු ක්‍රියාවක් නොවේ. උණුවතුරින් තවන විට එතැනින් යම් ඉදිමුමක්ද ඇතිවන්නට ඉඩ තිබේ. එම ස්ථානය නිසොල්මන්ව මදක් එසැවෙන සේ තබාගෙන සිටීම කළ යුතු අතර  හැකි නම් අයිස්වතුරින් තැවීම කළ යුතුය. එවිට ඉදිමීමක් ඇතිනොවන අතර දින තුනකට පසුව උණුවතුරින් තැවීම සුදුසුය. 

 මේ අප සඳහන් කලේ සාමාන්‍යයෙන් වේදනා කැක්කුමක් ඇතිවන්නට හේතුවිය හැකි සරල හේතු කීපයක් වන අතර අද පාඨක ඔබට වරින් වර මෙවන් අවස්ථාවලදී මෙන්ම හදිසියේ ඇතිවන ඔබේ වැරදි ඉරියව් හෝ අනතුරු හේතුවෙන් ඇතිවන අපහසුතාවයන්ට භෞත චිකිත්සාවෙන් ලද හැකි උපකාර සම්බන්ධයෙන් දැනුවත්බවක් ලබාදෙන්නට අප පියවර ගෙන ඇති බව දන්වමු. එතෙක් අප ඔබට කී මේ තොරතුරු ඔබේ එදිනෙදා ජීවිතයට එක්කර ගන්නා අතර වඩාත් සුවපත් දිවියක් වෙත ලඟාවෙන්න.