Author Archives: නදීශානි පතිරණ

ආඝාත රෝගීන් වාර්තා වීමේ වැඩි වර්ධනයක් මුහුණ, දෑත් සහ වචන උච්චාරණය ගැන සැලකිලිමත් වන්න

අපගේ සිරුරේ පවතින අවයව අතරින් අප වැදගත් ස්ථානයක් ලබාදෙනුයේ හදවතටය. මේ හේතුවෙන් අපි හෘදයාබාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් දැනුවත්ව සිටිමු. හෘදයාබාධ ඇතිවන අන්දමටම අපගේ ශරීරයේ තවත් එක් වැදගත්ම අවයවයක් වන මොළයට, රුධිරය රැගෙන යන නාළයක් අවහිර වීමෙන් හෝ රුධිර නාළයක් පුපුරා යෑමෙන් ඇතිවන ආඝාතමය තත්ත්වය හේතුවෙන් එම මොහොතේම එම තත්ත්වයට මුහුණ දෙන්නන්ගෙන් 09%ක් මියයන බව ඔබ දන්නවාද? එසේම එම තත්ත්වයට මුහුණ දෙන අයගෙන් 16%ක් මුල් මාස 03 තුළ මියයයි. රෝගයට ගොදුරු වන 55%ක් ආබාධිත තත්ත්වයට පත්වෙන අතර, 45%ක් සම්පූර්ණ සුවය ලබයි. මෙම රෝගය 90%ක්ම වළක්වාගත හැකි තත්ත්වයක් වන අතර, පුද්ගලයන් මෙම රෝගය පිළිබඳ නොදැනුවත් වීම හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත තත්ත්ව වාර්තා වෙයි. මේ හේතුවෙන් සෑම වසරකම ඔක්තෝබර් 29 වැනිදා ලෝක ආඝාත දිනය ලෙස නම් කර රෝගය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරේ.

11

මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේම රුධිරය සැපයුම අඩාළ වීමෙන් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගොස් ස්නායු සෛල මියයෑම නිසා ඇතිවන හදිසි රෝග තත්ත්වයක් ලෙස ආඝාතය සරලව හඳුන්වා දිය හැකිය. ලොව සෑම වර්ෂයකම පුද්ගලයන් මිලියන 17ක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් මිලියන 6.5ක්ම මියයන බව වාර්තා වේ. මෙරට රෝහල්ගත මරණ අතරින් තෙවැනි තැන ගන්නේද ආඝාත මරණයි. මෙරට සෑම පුද්ගලයන් සියදෙනෙකු අතරින් එක් අයෙකු ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර, සාමාන්‍යයෙන් මෙම රෝගයට බහුලව ගොදුරු වන්නේ වයස 50 – 80ත් අතර පුද්ගලයන් බව සඳහන් කළ හැකිය. නමුත් ඕනෑම වයසක සිටින පුද්ගලයෙකු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ජීවිතක්‍ෂයට පත්වීමට හෝ තාවකාලික හෝ සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩකඩ පවතී. ආඝාත රෝගයට බොහෝ දෙනා ලක්වන්නේ රුධිර නාළ අවහිර වීම හේතුවෙනි. ලේ කැටියක් නහරයක හිරවීම නිසා මොළයට ලේ ගමන් කිරීම අවහිර වීමෙන් මොළයේ සෛල මියයෑම මෙහිදී සිදුවෙයි. එසේම මොළය තුළ ලේ නහරයක් පිපිරීම නිසාද ආඝාතය ඇතිවිය හැකිය.

ආඝාතමය තත්ත්වයක් ඇතිවී ඇත්නම් එය මෙසේ හඳුනාගත හැකිය.
හදිසියේ ඇතිවන තද හිසරදය
හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුතාව
හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැති වීමක් හෝ දැනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුතාවක්, කැරකැවිල්ල සහ සමතුලිතතාවේ වෙනස්කමක්

ආඝාත රෝගයේ ලක්‍ෂණ සුළු වේලාවක්, එනම් මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පැවැතිය හැකි අතර, මෙය 'පුංචි ආඝාතය' ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය පැය 24ක් තුළ සම්පූර්ණයෙන් සුව වුවද, ආඝාතමය තත්ත්වයක් යළි ඇති වීමට හේතු විය හැකිය.
ආඝාත රෝග ලක්‍ෂණ ඉක්මනින්ම හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන අතර, ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආබාධිත තත්ත්වයට පත්වීම අවම කරගැනීමටත් හැකිය. මේ නිසා ක්‍ෂණිකව සිතා ක්‍ෂණිකව තීරණ ගැනීම ඉතා වැදගත් වේ. මේ ආඝාත තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා ඔබට වැදගත් වන්නා වූ පියවර සතරකි. එය 'FAST' ලෙස හඳුන්වාදී ඇත.

FACE-  සිනහ වෙන්න – මුඛය ඇද වේ නම්, (මුහුණේ පැත්තක් පණ නැතිවී මුඛය පැත්තකට ඇදවීම)
ARMS- අත ඔසවන්න – අත පණ නැති වේ නම්, ( එක් අතක් හෝ කකුලක් පණ නැති වීම)
SPEECH- කතා කරන්න – වචන පැටලේ නම්, (කතාවේ වෙනසක්, කතාව පැටලීම, ඔබ කියන දෙය රෝගියාට තේරුම් ගැනීමට නොහැකිද?)
TIME- එසේ නම්, පමානොවී වහාම රෝහලට රැගෙන යන්න.
ආඝාතයට හේතු
අධික රුධිර පීඩනය‍
ලේවල අධික මේදය
දියවැඩියාව
තරබාරුකම
හද ගැස්මේ අසාමාන්‍යතාවන්
දුම්පානය
ශාරීරික ව්‍යායාම මදිකම
අධික මත්පැන් පානය
සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටාවන්
අවුරුදු 65ට වැඩි අයෙකු වීම
පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම
මීට පෙර 'පුංචි ආඝාතය' සෑදී තිබීම

ආඝාත රෝගයට පත් වූ රෝගියෙකු රෝහල්ගත කිරීමේදී සෑම විටම විශේෂඥ ස්නායු වෛද්‍යවරයෙකු සිටින රෝහලක් වීම ඉතා වැදගත්ය. එනම් කොළඹ ජාතික රෝහල, සියලුම ශික්‍ෂණ රෝහල් (රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර සහ මඩකලපුව)
සියලුම පළාත් මහ රෝහල් (කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මාතර හා කළුතර)
කායික වෛද්‍ය විශේෂඥ සේවාවන් ඇති බොහෝ මූලික රෝහල්
දිවයින පුරා ඇති බොහෝ පෞද්ගලික රෝහල්

FAST_genericDigitalbannerV2 new

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි,

02

'ලෝකයේ සෑම පුද්ගලයන් හැටදෙනෙකු අතරින් දසදෙනෙකුම ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙනවා. ඒ නිසා අපේ යුතුකම වන්නේ මේ රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරලා රෝගියෙකු ඉතා ඉක්මනින් රෝහලක් කරා රැගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යම් අයෙකුට පපුවේ අමාරුවක් හැදුනොත් ඉතා ඉක්මනින් රෝහලකට ගෙනයා යුතු බව අපි දන්නවා. නමුත් ආඝාත රෝගියෙකු රෝහල කරා රැගෙන ඒම සිදුවෙන්නෙ ඉතා ප්‍රමාදවයි. එයට හේතුව තමයි ආඝාතයට වේදනාවක් නැති එක. ආඝාත රෝගීන් 25%ක් මරණයට පත්වන්නේ රෝහලට ගෙන ඒම ප්‍රමාද වීම නිසයි. ඒ නිසාම %FAST^ කියන පියවර හතර මිනිසුන් දැනගෙන සිටීම ඉතා වැදගත්. අපේ මොළයේ බර ශරීරයේ බරෙන් 02෴ක් පමණ වෙනවා. නමුත් හෘදයෙන් පිටවෙන රුධිරයෙන් 20%ක්ම යන්නේ මොළයට. ඒ කියන්නේ මොළයට රුධිරය යෑම අවහිර වුවහොත් සිදුවන හානිය ඉතා වැඩියි. කකුලක නහරයක් ගැටගහලා පැයක පමණ ශල්‍යකර්මයක් කළත් කකුල ජීවත් වෙනවා. නමුත් මොළය එලෙස ජීවත් වන්නේ නැහැ. ඒ නිසා ඔබ වහාම රෝගියාව රැගෙන ආවොත් රෝගියාගේ මොළය බේරාගත හැකියි.'

ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,

01

'ආඝාතය කියලා හඳුනාගන්නේ මොළයට රුධිරය සපයන නාළයක් අවහිර වීම හෝ පුපුරා යෑම නිසා මොළයේ කොටසකට සිදුවන බලපෑමකින් ඇතිකෙරෙන රෝග ලක්‍ෂණ සමූහයකටයි. මොළයේ  සෛලවලට විනාඩි 05ක් වත් රුධිරය නැතිව තිබෙන්න බැහැ. ඒ අනුව හානිය සිදුවන ස්ථානය අනුව සිදුවන්නේ කුමක්ද කියන එක තීරණය වෙනවා. මෙය ඉතාම බරපතළ තත්ත්වයක් වන්නේ ඉතාම ක්‍ෂණිකව මේ තත්ත්වයට පත්වීමයි. මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක්. මොකද සැලකිය යුතු පුද්ගලයන් ගණනකට ජීවිතය අහිමි වීමයි. අපේ රටේ ආඝාත රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව අනෙක් රටවලට සාපේක්‍ෂව වැඩි බව සිදුකළ සමීක්‍ෂණයකින් වාර්තා වුණා. ඒ අනුව මෙය දුර්ලභ තත්ත්වයක් නොවන බව පෙන්නුම් කෙරෙනවා. සෑම දිනකම කොළඹ ජාතික රෝහලට ආඝාත රෝගීන් 04ක් ඇතුළත් වෙනවා. විශේෂයෙන් 30%කට වැඩි රෝගී පිරිසක්ම වයස 60ට වැඩි අය බව අපි දකින තත්ත්වයක්. නමුත් අවුරුදු 45ට අඩු තරුණ රෝගීන් සැලකිය යුතු පිරිසක් අපේ රටෙන් වාර්තා වෙනවා. ආඝාත තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුගේ තත්ත්වය පිරික්සීමට 'සීටී ස්කෑන්' පරීක්ෂාවක් සිදුකිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. ඒ නිසා ප්‍රධාන රෝහලක් කරා රෝගියෙකු රැගෙන යෑමත්, හැකි විගස රැගෙන යෑමත් ඉතා වැදගත් වෙනවා.  
ලෝක ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පවත්වන ලද සම්මන්ත්‍රණයක් ඇසුරෙනි. 

අනාරක්ෂිත කරාඹු පැලඳීමේ අවදානම ගැන දැනුම්වත්ද?

ලස්සන වීමට ආලේපන වර්ග තැවරීමට මෙන්ම ආභරණ පැලඳීමටත් කාන්තාවන් හුරුපුරුදු වූයේ ඈත අතීතයේ සිටය. අතීතයේ කාන්තාවන් තැවරූ ආලේපන වර්ග ස්වාභාවික මෙන්ම ඖෂධීය ඒවා වූවද වර්තමානය වනවිට කාන්තාවන් ආලේප කරන නිෂ්පාදනයන් බොහෝමයක්ම පාහේ නිෂ්පාදනය කරන්නේ රසායනික සංයෝගයන් භාවිත කරමිනි. 

jbr40019f2

ආභරණ පැලඳීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේද වෙනස්ම වූ පෙළඹීමකි. වි‍ශේෂයෙන් ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු දැමීම වර්තමානය වනවිට ගැහැනු පිරිමි ‍ෙභ්දයකින් තොරව  සිදුකරන්නකි.
මෙලෙස හිතුමනාපයට ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු පැලඳීම සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවට පසුගිය දිනක MSN ජාත්‍යන්තර පුවත් සේවය මගින් වාර්තා කර තිබුණේ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකුගේ කරුණු දැක්වීමක්ද ගෙනහැර දක්වමිනි.
ඔවුන් පවසන ආකාරයට කන් පෙත්ත, නාසය, දිව, ඇහි බැම, තොල්, නාභිය ආදී ඕනෑම ස්ථානයක කරාඹු පැලඳීමේදී ආසාදන තත්ත්ව ඇති වුවහොත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මෙන්ම ස්නායුවලටද හානි ඇති වීමට අවදානමක් තිබේ.
මෙවන් අවදානමක් ආභරණ පැලඳීමෙන් දැරීමට සිදුවේ නම් ඒ පිළිබඳව වඩාත් පරීක්ෂාකාරී මෙන්ම ආරක්ෂාකාරී උපදෙස් අනුගමනය කිරීම වටින බැවින් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසා බැලීමට අප අදහස් කළෙමු. 
විශේෂයෙන්ම කුඩා වයසේදී ගැහැනු දරුවන්ගේ කන් සිදුරු කර කරාඹු දැමීමේදීද මෙවැනි තත්ත්ව ඇති වීමට ඉඩක් පවතින්නේද යන්න පිළිබඳවත් මෙහිදී අප විමසා බැලුවෙමු. අප මේ සඳහා සම්බන්ධ කරගත්තේ (ළමා) ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාවය.

'මිනිස් කන් පෙත්ත ගැන බැලුවම එය සැකසී ඇත්තේ කාටිලේජයක් වටේ මෘදු පටක වැඩී ඊටත් උඩින් සම වැඩීමෙන්.  කන විදීමේදී වැරැදි ස්ථානයක විද කාටිලේජයට යම්කිසි හානියක් වුණොත් එම කාටිලේජය නැවත වර්ධනය වීම සිදු වන්නේ නැහැ. එවිට කන්පෙත්තක පවතින සෘජු ස්වභාවයට හානිවී කන්පෙත්ත පණ නැති ස්වභාවයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බැක්ටීරියා ආසාදනයක් සිදුවී කාටිලේජයට හානි සිදුවුවහොත් කනේ සෘජු ස්වභාවය අහිමි වෙන්නට හැකියාවක් පවතිනවා. ඒ හැර කන්පෙත්තේ ස්නායුවලට හානි වීමක් අපිට දකින්නට නැහැ. මේ නිසයි කනේ කාටිලේජ අසු නොවන මෘදු සම පිහිටි ප්‍රදේශයන් විද කරාඹු දැමීම සාමාන්‍ය‘යෙන් සිදුකරනු ලබන්නේ. නහය ගැන බැලුවමත් මේ වගේමයි කාටිලේජමය පිහිටීමක් තමයි නහයේ තිබෙන්නේ. නහය ආශ්‍රිතව ස්නායු පිහිටා තිබුණත් නහය විදීමේදී මෙම ස්නායු පිහිටි ස්ථාන අසුනොවෙන තත්ත්වයක් පවතිනවා. නමුත් මෙම විදින ස්ථාන ආසාදනය වීමෙන් සෞඛ්‍යමය ගැටලු ඇති වීමේ අවදානමක් පවතිනවා.

untit

ශරීරයේ ඕනෑම ස්ථානයක් විද ආභරණ පැලඳීමේදී එම විලාසිතා අනුගමනය කරන්නාට වඩා ඒවා දකින පුද්ගලයන්ට දැනෙන්නේ අප්‍රසන්න හැඟීමක්. මිනි‍ෙසකුට ලස්සන වීමට අනුගමනය කළ හැකි දේවල් විද්‍යාත්මකව හා බුද්ධිමත්ව සිදුකරනවාට වඩා දැන් තිබෙන්නේ විලාසිතාවන් කියලා ගෙවල්වල බිත්ති සරසනවා වගේ දේවල් සිදුකරන තත්ත්වයක්. මේවගෙන් පසුකාලීනව ඇතිවන තත්ත්ව එතරම් හිතකර තත්ත්ව නොවෙයි.

11111 

විශේෂයෙන් කන හෝ යම් ස්ථානයක් විදීමට භාවිත කරන ලෝහ මෙන්ම පලඳින ආභරණවල ලෝහ අසාත්මික වීමේ අවදානමක් පවතිනවා. ඒ ඒ ලෝහ වර්ග නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනික වර්ග අසාත්මික නොවුණත් සමේ සෛල සමග එකතුවී වෙනත් රසායන නිෂ්පාදනය කරන්නට හැකියාවක් තිබෙනවා. එයින් හානි සිදුවෙන්න පුළුවන්. 

ඒ වගේම ලෝහ විෂ වීම නිසාත් හානි සිදුවීමට හැකියාවක් තිබෙනවා. දරුවෙකුගේ හෝ ඕනෑම අයෙකු මේ වගේ ආභරණ පැලඳීමට ශරීයේ ඕනෑම ස්ථානයක් විදීම සිදුකරනවා නම් පළපුරුදු මෙන්ම සුදුසුකම්ලත් අයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වෙනවා. 
ඒ වගේම තවත් එක් විශේෂ දෙයක් සඳහන් කරන්නට අවශ්‍යයි. රූපලාවණ්‍යාගාරවල භාවිත කරන ආලේපන වර්ග සම්බන්ධයෙන් වර්තමානයේ විශාල ගැටලු පවතිනවා. විශේෂයෙන් මෙම ආලේපනවල අඩංගු රසදිය ප්‍රදාණයන් ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නේ. විශේෂයෙන් සුදු වීමට නැතිනම් පැහැපත් වීම සඳහා ආලේප කරන නිෂ්පාදනයන්වල රසදිය ඇතුළු බැරලෝහ අධිකව අඩංගු වෙනවා. මේවාගෙන් තාවකාලිකව ලස්සනක් ලබාගන්න යමෙකුට පුළුවන් වුණාට පිළිකා ඇති වීම සම්බන්ධයෙන් වැඩි නිරාවරණය වීමක් මෙමගින් සිදුවෙනවා. සාමාන්‍ය‘යෙන් රූපලාවණ්‍ය නිෂ්පාදනයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය යුනිට් 1ක් ලෙසයි සඳහන් වන්නේ . නමුත් අපේ රටේ අලෙවි වන ඇතැම් නිෂ්පාදනවල 900ක් පමණ අඩංගු බවට සිදුකරනු ලැබූ රසායනාගාර පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. 
විශේෂයෙන් යුරෝපා රට වලින් තහනමට ලක්කර වෙළෙඳ පොළෙන් ඉවත් කළ නිෂ්පාදන වර්ග අපේ රටේ යහමින් අලෙවි වන තත්ත්වයක් පවතිනවා. මේවා ආලේප කළාම ටික දවසක් ලස්සනට ඉන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ඇති වන තත්ත්ව ඉතා භයානකයි. 
අතීතයේ ලංකාවේ ස්වාභාවික ආලේපන තිබුණා. නමුත් දැන් ලාභ අරමුණු කරගෙන නිෂ්පාදනය කෙරෙන දේවල් නිසා අනාගත පරපුරම අනතුරකට ලක්වෙලා තිබෙනවා. 

untitled

විශේෂයෙන් කාන්තාවන් ආලේප කරන දේවල් නිසා ඒවායේ රසායනිකවල බලපෑමෙන් ඔවුන්ට ඉපදෙන දරුවන් ජානමය වශයෙන් විකෘති වීමේ හැකියාවකුත් පවතිනවා. ගර්භිණී මවුවරුන්ට අපි කියනවා එක්ස් කිරණවලට මෙන්ම විකිරණවලට නිරාවරණය වෙන්න එපා කියලා. මේ බැරලෝහ හා රසදිය අඩංගු ආලේපන භාවිතයෙනුත් සිදුවන්නේ විකිරණවලට නිරාවරණය වීමෙන් සිදුවන දේමයි.

ඒ නිසා කාන්තාවන් ආලේප කරන ආලේපන නිසා ඔවුන්ට උපදින දරුවන්ට ජානමය වශයෙන් බලපෑම් සිදුවීමේ තත්ත්වයක් පවතින බව පැවසිය හැකියි*.

ලොව පුරා කාන්තාවන් පස්දෙනෙකුගෙන් තිදෙනකුට ප්‍රසූත නිවාඩු අහිමියි

දුප්පත් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අසමත් වීම මගින් කාන්තාවන් අසහනයට පත්වීම, සාමයට තර්ජනයක් ඇතිවීම හා ලෝක සංවර්ධන ඉලක්කයන්වලට ළඟාවීමට නොහැකි වීම  යන තත්ත්ව ඇතිවීමට මඟපාදන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ (UNFPA) නවතම වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ.

ඔවුන්ගේ නව වාර්තාවට අනුව ලෝකයේ වෙසෙන ස්ත්‍රී ප්‍රජාවගෙන් හරි අඩක් පමණක් වැටුප් ලැබෙන රැකියාවන්හී නිරත වෙයි. එමෙන්ම  කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන් උපයන වැටුපෙන් සියයට 77 ක පමණ වේතනයක් බවද ඔවුන් පෙන්වා දෙයි. ලොව පුරා කාන්තාවන් පස්දෙනෙකුගෙන් කාන්තාවන් තිදෙනකුට මාතෘ ( ප්‍රසූත) නිවාඩු නොමැති බවත් ප්‍රසූත නිවාඩු ලබාගැනීම හේතුවෙන් සේවකයන්ට හිමිවන වරප්‍රසාද කප්පාදුවට ලක්වීම් වලට කාන්තාවන් මුහුණදෙන බවත් ඔවුන් මෙම නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.
මෙලෙස කාන්තාවන් මුහුණ දෙන අසමානතාව කඩිනමින් විසඳනු නොලැබුවහොත් හා කාන්තාවන් බලාත්මක  නොකළහොත් ඒ ඒ රටවල සාමයට තර්ජනයන් එල්ලවිය හැකි බවත්, එම රටවල සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ඊයේ (17දා) ප්‍රකාශයට පත්කරන ලද ‘ලෝක ජනගහනය 2017 ‘වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.

කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම් සමස්ත ගෝලීය ප්‍රජාවගේ සංවර්ධන ඉලක්කයන්ට ඇතුළත් විය යුතු බවද  මෙම නව වාර්තාවේ සඳහන් වේ. 
කාන්තාවන්ට පවුල් සැලසුම් ක්‍රම සමීප කිරීමට නොහැකි වීම මෙන්ම දුප්පත් කාන්තාවන්ට ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අසමත් වීමෙන්ද දුප්පත් කාන්තාවන් තවදුරටත් ආර්ථිකයට දායක වීම දුර්වල විය හැකි බවත් ඉන් දුප්පත්කම තුරන් කිරීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්ක කරා රටකට ළඟා වීමට නොහැකි වනු ඇති බවත් එහි දැක්වේ.

shutterstock_462618853

බොහෝ සංවර්ධනය වන රටවල දුප්පත් කාන්තාවන්ට පවුල් සැලසුම්කරණය සඳහා අවම විකල්ප අවස්ථා පවතියි.  එසේම ඔවුන් දරු ප්‍රසූතියන්ට මුහුණ දෙන්නේ වෛද්‍යවරයකු හෝ වින්නඹු සේවක සේවිකාවන්ගේ සහාය නොමැතිව බවද මෙම වාර්තාවේ සඳහන් වේ. 
 සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට පවුල් සැලසුම් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති බැවින් වාර්ෂිකව සැලසුම් නොකළ ගැබ් ගැනීම් මිලියන 89 ක් සිදුවන බවත්  එම ගැබ් ගැනීම් ගබ්සාවෙන් කෙළවර කිරීම් මිලියන 48ක් වාර්ෂිකව වාර්තා වන බවත් එහි දැක්වේ. මෙය කාන්තාවන්ගේ සෞඛ්‍යයට මෙන්ම කාන්තාවකට රටක ශ්‍රම බළකායට බැඳී හෝ රැඳී සිටීමේ හැකියාව සීමාකර ඔවුන්ගේ මූල්‍යමය ස්වාධීනත්වය කරා ගමන් කිරීමට ඇති හැකියාවටද හානි කරන බව දැක්වෙයි.  

දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් අහිමි වීම,  අදාළ සේවාවන් සඳහා ප්‍රවේශය නොමැති වීම මගින්  නිවසෙන් පිටත රැකියාවක යෙදීමට කාන්තාවන් අධෛර්යමත් කරනු ලබයි. එසේම ශ්‍රම බළකායේ සිටින කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු අහිමි කිරීම් සහ ගර්භිණීභාවය නිසා සේවා යෝජකයන්ගේ වෙනස්කොට සැලකීම්වලට කාන්තාවන් ලක්වී මාතෘෘත්වය දඬුවමක් බවට සේවා ස්ථානයේදී පත්කිරීම නිසාද කාන්තාවන්ට රැකියාව හා මාතෘෘත්වය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.   

Amazon India Fashion Week Spring/Summer 2018

ඉන්දියාවේ පැවැත්වෙන තවත් එක් දැවැන්ත විලාසිතා සතියක් වන Amazon India Fashion Week මෙම මස 11 දා ආරම්භ විය.30 වැනි වරට පැවැත්වෙන මෙම විලාසිතා සතියේ ලෝක ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් රැසක් තම විලාසිතා ඉදිරිපත් කර තිබුණි. 
මේ එම විලාසිතා අතර අැස රැඳුණු විලාසිතා කිහිපයකි මේ.

0cdb2b9f020f709119a3c551c91e5295--indian-fashion--india-fashion-week 1.-AIFW-SS-2018-D4S4-Shivan-Narresh-Runway-069 5c61f7e49495f98f24f8c6ccda412afa--india-fashion-week-fashion-week- 9b0da9b86f9dd1e1f6978775a0041ab2 9XN7lyD 064729f1544b270b9ca3c563f26a765b--fashion-hub-india-fashion-week Abraham-Thakore-at-Amazon-India-Fashion-Week-springsummer-2018 AIFW-SS18-1 AIFW-SS-2018-D2S1b-Nikhita-Mynah-Design-Runway-001 AIFW-SS-2018-D2S1b-Nikhita-Mynah-Design-Runway-021 featureAIFWhighlights

Fashion Fusion

ජායාරූප – කවිත් මිලින්ද

මහරගම අපේක්ෂා ( ජාතික පිළිකා ) රෝහලට අරමුදල් එක්රැස් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් 306 B1 සිංහ සමාජය මගින් සංවිධානය කළ Fashion Fusion විලාසිතා දැක්ම පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා මෙරට ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණකරුවන් හා විලාසිතා නාම රැසක් විලාසිතා එක්කර තිබූ අතර, මේ 'එරික් බතික්' ආයතනය මගින් ඉදිරිපත් කළ සාරි විලාසිතා කිහිපයකි.

VI3A0393 VI3A0408 VI3A0417 VI3A0423 VI3A0437 VI3A0452 VI3A0474 VI3A0487 VI3A0570 VI3A0593 VI3A0611 VI3A0734

 

Miss Wheelchair World 2017

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව සමාජයේ පවතින ආකල්පයන් වෙනස් මගකට යොමු කිරීමේ අරමුණ පෙරදැරිව ලොව පළමු වරට සංවිධානය වූ Miss Wheelchair World 2017  රූප රාජිනී තරගාවලිය පසුගියදා පෝලන්තයේදී පැවැත්විණි. 
ආබාධිත වුවද රූප සම්පත්තියෙන් අගතැන්පත් තරුණියන් ලෝකයේ රටවල් රැසකින් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටියේය.

මෙම තරගාවලියේ ජය තහවුරු කරගනු ලැබුවේ බෙලරුසියා රාජ්‍ය නියෝජනය කළ ඇලෙක්සැන්ඩ්‍රා චිචිකෝවා(Aleksandra Chichikova) නමැති 23 හැවිරිදි මනෝවිද්‍යාව හා සමාජ ශික්ෂණ ශාස්ත්‍රය හදාරන සිසුවියක විසිනි.
මෙම තරගයේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලෙබොහැන්ග් මොන්යට්සි විසින්ද, තෙවන ස්ථානය පෝලන්තය නියෝජනය කළ ඒඩ්‍රියානා ස්වඩ්සින්ස්කා විසින්ද දිනාගනු ලැබීය.

452A92E600000578-4962902-image-m-36_1507555156098 452A948F00000578-4962902-She_also_wore_traditional_Belarusian_dress_during_the_contest-a-70_1507559074560 452A930500000578-4962902-image-a-35_1507555151001 452A938700000578-4962902-image-m-55_1507555918606 452A939600000578-4962902-image-a-53_1507555911666 452A943800000578-4962902-image-a-54_1507555911736 452A944900000578-4962902-image-m-34_1507555140749 4521C47B00000578-4962902-image-a-24_1507555052605 Adrianna-Zawadzinska-450x6 Aleksandra-Chichikova-2-450x675 b887d2aa-abd5-11e7-ac3e-6a4e39b7ad7c_1280x720_220245 miss-wheelchair-0

 

ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි

InFocusGirlChildBanner2017_Brazil_OneWin_960x500

ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය අද (11දා) යෙදී තිබේ. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ගැහැනු දරුවාගේ දිනය වෙනුවෙන් තේමාව කරගෙන ඇත්තේ %අවදානම් අවස්ථාවේදී මෙන්ම අවදානමට පෙර මෙන්ම පසුවද ගැහැනු දරුවන් බලාත්මක කරමු යන්නයි^.( EmPOWER Girls: Before, during and after crises) 

හිංසනයට ගොදුරුව සෑම විනාඩි 10කටම වරක් තුළ ලොව පුරා වෙසෙන බිලියන 1.1ක් වන ගැහැනු දරුවන් අතරින් එක් අයෙකු මියයන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. 
ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇතිවන හිංසනයට නිරන්තරයෙන් ගැහැනු දරුවන් ගොදුරුවන අතර, ලිංගික හා ශාරීරික හිංසන, ළමා විවාහ, හිංසනයට නිරාවරණය වීම් හා ජාවාරමේ යෙදවීම්, ගැහැනු දරුවන් හිංසනයට ලක්වන ප්‍රධාන ආකාර අතරට ඇතුළත් වේ.
මේ සියලුම ආකාරයෙන් ගැහැනු දරුවන් මුහුණදෙන හිංසන වළක්වා ගැනීමේ අරමුණෙන් ලොව පුරා අද දිනයේ ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය සමරයි.

11-October-International-Day-of-the-Girl-Child-Facebook-Cover-Picture

2012 වර්ෂයේ සිට සෑම වසරකම ඔක්තෝබර් 11 වැනි දිනට යෙදෙන ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා මෙරට පුරාද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ. 
මෙහි ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ %නුගසෙවණ^ ශාලාවේදී අද 11දා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මීට සමගාමීව අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී දැනුවත් කිරීමේ පාගමනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව මූලික කරගනිමින් මෙම දැනුවත් කිරීම් සිදුකිරීමට රජය මගින් සැලසුම් කර තිබේ. 

My wedding exhibition 2017

ජායාරූප – දිෂ්ණ ධර්මරත්න

ජා ඇල k-Zone පරිශ්‍රයේ මෙවරද උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබූ %My wedding^ මනාලියන් දැක්ම වර්ණවත් වූයේ මෙපරිද්දෙනි.

IMG_6143 IMG_6146 IMG_6157 IMG_6159 IMG_6181 IMG_6196 IMG_6202 IMG_6227 IMG_6232 IMG_6279 IMG_6283 IMG_6293 IMG_6295

‘රට වෙනුවෙන් මා තුළ පවතින කැක්කුම මගේ රෙදිපිළි මෝස්තරවලිනුත් පෙන්නුම් කෙරෙනවා’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 36 වැනි සැසිවාරය පැවැති පසුගිය සැප්තැම්බර් අග සතියේ ලෝකයේම අවධානය දිනාගනිමින් ජිනීවාහිදී දෙමළ ඩයස්පෝරාව ඉදිරියේ අප රට වෙනුවෙන් හඬ නැගූ ඇය සමාජ මාධ්‍ය හරහා හඳුන්වන්නට යෙදුණේ %කොටි හඬ යටපත් කළ සිංහ ධේනුව' වැනි අන්වර්ථ නාමයන්ගෙනි. තිස්දෙනෙකුට අධික දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ඉදිරියේ මවුබිම වෙනුවෙන් හඬ නැගූ එකම කාන්තාව ලෙස අනුරාධා යහම්පත් හැඳින්විය හැකිය.දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි විදේශයන් වෙත ප්‍රචලිත කරමින් මෝස්තර නිර්මාණකරණයේ ප්‍රමුඛ නාමයක් දිනා සිටින ඇය රට වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය උපතින් උරුම කරගත් ජාත්‍යාලය මුසු හැඟීම් නිසාය. කාන්තාවකට තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීමට කළ හැකි දේවල් බොහෝමයක් වන බව දැඩිව විශ්වාස කරන ඇය මෙලෙස අද 'ගැහැනිය' සමග සිය හඬ අවදි කළාය.


තාත්තගේ තියන නිර්භීතකම තමයි මට ලැබිලා තියෙන්නේ

අනුරාධා යහම්පත් කියන කාන්තාව මම හඳුන්වන්නේ දරුවන් තිදෙනෙකුගේ දයාබර මවක්, හැමදාම රටට ආදරය කරන රට අනතුරට පත්වෙලා කියලා හිතෙන හැම අවස්ථාවකම ඉදිරිපත්වුණ කෙනෙක් ලෙසයි. රටට තියෙන ආදරය හා බැඳීම මට උපතින්ම ලැබුණු දෙයක්. ඒ වගේම මගේ මවගේ පන්නරය මට ඒ සඳහා ලැබුණා. 1987 වසරේ මම විශ්වවිද්‍යාල සිසුවියක ලෙස අධ්‍යාපනය ලබද්දී ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව මිනිස්සු පාරට ආව වෙලාවේ මාත්, නංගිත්, අයියාත්, මගේ අම්මයි තාත්තයි එක්ක පාරට බැස්සා. අපිට ඕන වුණේ නුගේගොඩ සිට කොළඹට පාගමනින් ගිහින් විරෝධතාව දක්වන්නයි. නමුත් අපිට පොලීසිය වෙඩි තිබ්බා. මට එහා පැත්තේ හිටියේ නිවාඩුවට කොළඹ ආව නාවික හමුදා සෙබළෙක්. ඔහු අපි ඉස්සරහා වෙඩි වැදී මිය ගියා. මේ වෙලාවේ මම අත් උස්සගෙන ඉදිරියට ගිහින් පොලීසියට කිව්වා ඔයාලා වෙඩි තියන්නේ නිරායුධ මිනිසුන්ට කියන එක. 

අපිව අපේ දෙමවුපියන් ඒවගේ තැන්වලට නිර්භීතව අරගෙන ගිය එක ගැන මම ඉතාම කෘතඥ වෙනවා. මොකද ඒ පන්නරය තමයි අදත් අපිට තියෙන්නේ. මම විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙත් පෙරළිකාර චරිතයක්. මුරණ්ඩු චරිතයක් විදිහටයි හැමෝම මාව දැක්කේ.

AID_0150

මම ඉගෙන ගත්තේ මෝස්තර නිර්මාණකරණය පිළිබඳවයි. මම මගේ රැකියාවට ගොඩක් ආසයි. මගේ දෙමවුපියන්ගේ Kandygs ව්‍යාපාරයට සම්බන්ධ වෙලා මම මෝස්තර නිර්මාණකරණයේ යෙදෙනවා. මම ව්‍යාපාරකරණයට එතරම් දක්ෂ කෙනෙක් නොවයි. නමුත් මම මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස මගේ කාර්යභාරය ඉටුකරන්නට ව්‍යාපාරය වෙනුවෙන් කාලය වෙන්කරනවා. 

අපේ ව්‍යාපාරය ගැන කතා කළොත් අපි අතරින් ක්‍රමයෙන් වියැකිලා යන අත්යන්ත්‍ර කර්මාන්තය තමයි අපි ඉතා ආදරයෙන් රැකගෙන රටේ අනන්‍යතාව ඇතිව විදේශ රටවලට අරන් ගියේ. රට වෙනුවෙන් මා තුළ පවතින කැක්කුම මගේ රෙදිපිළි මෝස්තරවලිනුත් පෙන්නුම් කෙරෙනවා. මේ ව්‍යාපාරය පටන්ගත්තේ මගේ පියා වන ෆීලික්ස් යහම්පත් හා මව වන සීතා යහම්පත් දෙදෙනායි. මගේ මව ගුරුවරියක් වගේම තාත්තා විනයගරුක මෙන්ම නිර්භීත පොලිස් නිලධාරීවරයෙක් කියන එක මම ගොඩාක් ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕන. තාත්තගේ තියන නිර්භීතකම තමයි මට ලැබිලා තියෙන්නේ කියන එක මගේ අම්මා කියන දෙයක්.

ලංකාවේ ත්‍රස්තවාදය උපරිමව තියෙද්දී කොළඹ බෝම්බ පත්තු වෙද්දී අපි හිතුවා 'ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය' නමින් ව්‍යාපාරයක් හදලා ත්‍රස්තවාදයේ බැරෑරුම්කම, එහි ව්‍යාප්තිය හා එය අවසන් කිරීමට කළ යුත්තේ කුමක්ද කියන එක ගැන සිවිල් ජනතාව තුළ දැනුවත් බවක් හා ජනතාව අතර සාකච්ජාවක් ගොඩනගන්න. 

ඒ සඳහා අපි විවිධ වැඩසටහන් සංවිධානය කළා. ත්‍රස්තවාදය අපේ රටේ දරුණුවට පවතින විට අපි උතුරට ගිහින් සාමාන්‍ය සිවිල් ජනතාවට ජීවිත ගලවා ගැනීම සඳහා බංකර ඉදිකරගන්න උදව් කළා. ගෝනගල ප්‍ර‘දේශයේදී එල්.ටී.ටී ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් 50දෙනෙකු කපා කොටා මරා දැමූ අවස්ථාවේ අයි.සී.ආර්.සී එකේ අය යන්නත් කලින් අපියි එතනට ගියේ. අපි සංවිධානයක් විදිහට නෙවෙයි එදා එතනට ගියේ . 

අපේ රටේ ත්‍රස්තවාදය අවසන් වීගෙන යන බව දැනෙද්දීම මම සිරිපාදේ වැන්දා

අපි යුද්ධය තියන ප්‍ර‘දේශවලට ගිහින් ඒ ප්‍ර‘දේශවල සිදුවන දේවල් වාර්තා කරලා විදෙස් තානාපති කාර්යාල වෙත ඉදිරිපත් කළා. මොකද අපේ රටේ ත්‍රස්තවාදය කෙතරම් දරුණුවට පැතිරිලාද කියන එක බොහෝ රටවල් දැනගෙන හිටියේ නැති නිසා විදේශ රාජ්‍යයන් අපේ රටේ මේ ප්‍රශ්නය වෙනුවෙන් ගත්ත පියවර මදියි කියන එක අපි දැක්කා. මේවා සිදුකළේ අපේම සල්ලිවලින්. 

උතුරේ ත්‍රස්තවාදය පවතින අවස්ථාවක අපි හිටපු බංකරය අසල පොල් ගහකට මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙලාවේ තමයි මට දැනුණේ මිනිස්සු කොයිතරම් භයානක අවාසනාවන්ත ජීවිතද ගතකරන්නේ කියන එක. 
අපේ රටේ ත්‍රස්තවාදය අවසන් වීගෙන යන බව මුලින්ම කිලිනොච්චිය අත්පත් කරගත් අවස්ථාවේ දැනෙද්දීම මම මගේ දරුවෝ තුන්දෙනාවත් අරන් ගිහින් සිරිපාදේ වැන්දා. මම ඒ වෙද්දී කිසිම සංවිධානයකට සම්බන්ධව වැඩකළේ නැහැ. මට ඕන වුණා සාමය උදාවීමත් සමගම යාපනයේ අවතැන් වූ ජනතාව පදිංචිව සිටින ප්‍රදේශවල අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ඇති මධ්‍යස්ථාන කිහිපයක් ගොඩ නගන්න. 

2010 වර්ෂයේ රජයේ උපකාර සහිතව ඔවුන්ට අමුද්‍රව්‍ය, මෝස්තර සපයලා අවතැන්වූ ජතතාවට ඉපැයීමේ ශක්තියක් ලබා දෙන්නට  ඕන වුණත් අවශ්‍ය වටපිටාව නොලැබුණු නිසා එම කටයුතු සාර්ථක වුණේ නැහැ. 

IMG-20171003-WA0000

ඒ වගේම මම දවසක් අන්තර්ජාලයේ පුවතක් දැක්කා තොප්පිගල පැත්තේ සිංහල ජනතාව ගොවිතැන් කරමින් සිටි අක්කර දෙදාහක් පමණ ඉඩම්වලින් ගොවීන්ව ඉවත් කරන්නට  මඩකළපුවේ දේශපාලකයන් ගන්නා උත්සාහයක් පිළිබඳව. ඒ අනුව මම මීට අවුරුදු 2කට කලින් ඒ ගමට ගිහින් පවුල් 19කට උපකාර කළා. අද වෙද්දී අපිට ඇල් වී, තල, මෙනේරි, දීපු ගොවි ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා. අද ඒ ගමේ පන්සලත් නෑ. මේ කරන්නේ නිජභූමි සංකල්පය අරගෙන ඇවිත් ඒ ඒ ජාතීන්ට වෙන්වන විදිහට භූමිය වෙන් කරන්නයි යන්නේ කියන එක අපිට හැඟී යන දෙයක්. 

අපි කියන්නේ ජාතිය ආගම් අනුව භූමිය වෙන්කරන්න එපා.අපිට එක රටක ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත් වෙන්නට ඉඩදෙන්න කියන එකයි අපි කියන්නේ. ජාතිය අනුව භූමියෙන් බෙදා වෙන්කරන එක නොවෙයි සංහිඳියාව කියන්නේ. තමන්ගේ ජාතිය, ආගම, ධර්මය, සංස්කෘතිය රැකගෙන තවත් කෙනෙක්ගේ ජාතිය, ආගම, සංස්කෘතියට ගරුකිරීමයි සංහිඳියාව කියන්නේ. අපි කියන්නේ දෙමළ , සිංහල, මුස්ලිම් හා අනෙකුත් ජනතාවට සියලු අයිතිවාසිකම් එක ලෙස ලබාදෙන ගමන් අපිව බෙදා වෙන් කරන්න එපා කියන එකයි. 
අපේ රටේ ත්‍රස්තවාදය ඉවර වුණාට නීත්‍යනුකූලව සාමය ස්ථාපිත කරන්නට බැරි වුණ නිසයි මේ විදිහට ප්‍රශ්න ඇවිත් තිබෙන්නේ. මේ වෙද්දී දෙමළ ඩයස්පෝරාව ඉතාම සංවිධානාත්මකව පොහොසත්ව ඉලක්කම් ලෙස විශාල ලෙස පැතිර සිටිනවා. 2009 ත්‍රස්තවාදය ඉවර වුණාට ඩයස්පෝරාව බලවත් රටවලට බලපෑම් කරමින් අපේ රටට බලපෑම් කරනවා. 

බලවත් රටවල් පොඩි රටවල අස්ථාවර තත්ත්ව ගොඩනගමින් ඔවුන්ගේ බලය රඳා පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. මැදපෙරදිගට දකුණු ඇමෙරිකාවට සිදුවුණ දේ අද ආසියාතික රටවලට ඇති කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. 
මේ වගේ සංවිධානාත්මක ඩයස්පෝරා සාමාජිකයන් පෙනී සිටින සමුළුවකට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග සහභාගි වීමට මට අවස්ථාව උදාවුණා. ගෝලීය සංසඳය ලෝකයේ පුරාම සිටින සිංහල ජනතාව එකතුව නිර්මාණය කරගනු ලැබූවක්. එම සංසඳයේ ආධාර ඇතිව පසුගිය වර සරත් වීරසේකර මහතා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වුණා. ජාතික සංවිධාන එකමුතුව විදිහට අපි මෙවර යද්දී මම මගේ වියදම් තනිව දරාගෙන ජිනීවා යන්න එකතු වුණා. මෙම මානව හිමිකම් සමුළුවේදී එක් රාජ්‍ය නොවන සංවිධානයකට විනාඩි 1.5ක කාලයක් හිමි වෙනවා අදහස් හෝ ගැටලු ඉදිරිපත් කරන්නට. දෙමළ ඩයස්පෝරාව කරන්නේ හොඳට සංවිධානය වෙලා සංවිධාන 20කින් විතර මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචිය අරගෙන වැඩි කාලයක් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්නට යොදා ගැනීමයි. එහෙදී අපේ රටට බනින්නට ඔවුන් වැඩි කාලයක් යොදා ගන්නවා. 

මම අපේ රට වෙනුවෙන් මෙහෙම පෙනී සිටින්නේ කිසිම දේශපාලන බලාපොරොත්තුවක් නැතිවයි

ඔවුන්ට විරුද්ධව හඬක් නගන්නට හිටිය එකම පිරිස අපි විතරයි. විෂයන් 10කට අනුව දවස් 10ක් මේ සාකච්ඡා පැවතුණා. මම පළමුවෙනි දවසේ සමුළුවට ඇතුළු වෙද්දී පුද්ගලයෙක් අපේ රටේ හමුදාව මිනී මරපු හැටි , කාන්තාවන් අතවරයට ලක්කළ හැටි ගැන අපේ රටට දරුණු චෝදනා කරමින් අවසානයේ උතුරු කොරියාවට විදේශ පරීක්ෂණ දැම්මා වගේ අපේ රටටත් විදේශ පරීක්ෂණයක් වුවමනා බව කියනවා ඇහුණා. ඒ පුද්ගලයා කතාව කරලා එළියට එද්දී මම ඇහුවා ඔබ මොන රටේ කෙනෙක්ද කියලා. මොකද ඔහු ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයෙක් නොවන බව මට තේරුණා. පසුව මම දැනගත්තා මේ පුද්ගලයා වෛයිකෝ බව. ඔහුට අපේ රට ගැන කතා කරන්නට බැරිවන ලෙස තහනමක් මින් පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පනවා තිබුණා. ඔහු දකුණු ඉන්දියාවේ කිව්වම මම ඔහුට බැන්නා ඔහුට තියෙන අයිතිය මොකක්ද කියලා අපේ රට ගැන මෙහෙම බොරු චෝදනා එල්ල කිරීමට කියල. ඒකට උරණ වුණු වෛයිකෝ මහ හඬින් කෑ ගැහුවා. අවසානයේ ආරක්ෂක නිලධාරීන් ඔහුව එතනින් ඉවත් කළා. 

වගවීම සංහිඳියාව කියන නාමයෙන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි කියලා එක්සත් ජාතීන් අපිට කියන්න තියන අයිතිය මොකක්ද? ඇත්තටම අපේ රට OISL වාර්තාව හරියි කියලා බාරගත්ත නිසයි මේ වගේ ගැටලු අපේ රටට ඇවිත් තියෙන්නේ.
මම අපේ රට වෙනුවෙන් මෙහෙම පෙනී සිටින්නේ කිසිම දේශපාලන බලාපොරොත්තුවක් නැතිවයි. මම හැමදාම අපේ රටේ යම් භයානක දෙයක් වෙන්න යනවා නම් එයට විරුද්ධව පෙනී සිටියා. ඒ අවස්ථා ගැන කියන්න ගියොත් පැය ගණන් කතාකරන්න පුළුවන්. ජිනීවාවලදී අපි අපේ රටේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටියා විතරයි. එයට විසඳුමක් දුන්නා නොවෙයි. මම දේශපාලනයට නොආවත් අපේ රටේ කාන්තාවන්ව දේශපාලනයට ගෙනෙන්න ඔවුන්ට බය නැතිව පෙනී සිටින්නට පුහුණුවක් ලබා දෙන්නට මම කැමතියි. 

අපේ රටේ ආර්ථිකය අරන් ඉන්නේ කාන්තාවෝ. මම ජිනීවාවල කරපු දේට වඩා දහගුණයකින් අගය කරන්න ඕන අපේ ගම්බද කාන්තාවෝ පිටරට ගිහින් රැකියා කරලා එවන සල්ලි පිළිබඳව. ඔවුන් මට වඩා ලොකු මෙහෙවරක් අපේ රටට සිදුකරන්නේ. පාසල් අධ්‍යාපනයේ ගැහැනු හා පිරිමි එක හා සමව හිටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගැහැනු අය වැඩි ප්‍රතිශතයක් ඇතුළු වෙනවා. නමුත් අධ්‍යාපනයෙන් පිරිමින්ව අබිබවා ගිය රටක පාර්ලිමේන්තු නියෝජනයේ කාන්තාවන් ඉන්නේ හරිම අල්පවයි. වෘත්තීමය භාවයක් නැති නිසයි එහෙම වෙලා තියෙන්නේ.

 ඕනම වෘත්තියක කාන්තාවකට පිරිමිත් එක්ක තරග කරමින් යෙදෙන්නට පුළුවන් නම් දේශපාලනයට එන්න බැරි අප්‍රියතාව නිසා කියලයි මම හිතන්නේ. 
අපේ රටේ අනාගතය වෙනුවෙන් කාන්තාවක් ලෙස ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි පක්ෂ දේශපාලනයෙන් මිදී රටට අවශ්‍ය රටට ආදරය කරන පාලකයන් පත්කර ගන්නට නිවැරදි ලෙස ඡන්දය පාවිච්චි කිරීම. එයින් කවදා හෝ අපේ අනාගත දරුවන්ට ජීවත් වන්නට පුළුවන් හොඳ දේශපාලන වටපිටාවක් ඇති රටක් බිහිවේවි.

 ඒෂාන් ප්‍රනාන්දු

දුම්කොළ නිවාරණයට බ්‍රිතාන්‍යයෙන් පවුම්

දුම්කොළ නිවාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩසටහන වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් මූල්‍ය සහාය ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ ඒ මහතා, බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 15 ක මුදලක් මේ සඳහා ලබාදීමට නියමිත බවද සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෙන යන FCTC දුම්කොළ නිවාරණ ව්‍යාපෘතියට රටවල් 16ක් අයදුම් කළ බවත්, ඉන් 15ක් තෝරාගෙන මෙම වැඩසටහන ගෙන යන  බවත් ඔහු පැවසීය. 

දුම්කොළ නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ප්‍රසංශනීය බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය. 

1