Author Archives: නදීශානි පතිරණ

ලිංගික හිංසනයට එ‍ෙරහිව කළු ඇඳුමින් සැරසුණු සුපිරි නිළිෙයා්

හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම සම්මාන උලෙළක් වන 'Golden Globe' සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අභිමානවත් 75 වැනි වරටය. ඇමෙරිකාවේ %බෙවර්ලි හිල්ටන්හි^ පැවැති මෙම සම්මාන උලෙළේ රතු පලස හැඩකරන්නට මෙවර හොලිවුඩ් තරු කළු පැහැය තෝරාගෙන තිබුණි. ඒ ලිංගික හිංසනයට හා අඩන්තෙට්ටම්වලට ගොදුරුවන වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි. සියලුම තරු ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන සිටි අතර සුපිරි නිළියන් වන ඇන්ජලීනා ජොලී, ජෙසිකා බෙල්,කෙරී වොෂිංටන්, හැලේ බෙරී ඒ අතර කැපී පෙණිනි.

47DCFF5000000578-5244529-image-m-53_1515365574072 47DD3DBF00000578-0-image-m-13_1515369011884 47DD4BAC00000578-5244529-What_an_entrance_Also_wearing_strapless_gowns_at_this_year_s_cer-a-193_1515371159539 47DD62E100000578-5244529-image-a-128_1515368667294 47DDB64B00000578-5244529-Model_pose_Kendall_a_successful_model_and_reality_star_hit_the_c-a-379_1515378762346 47DDCCB500000578-5244529-image-a-420_1515381253891 angelina-jolie-golden-globes-2018-red-carpet-08 75th Annual Golden Globe Awards - Arrivals Mariah-Carey-red-carpet-2018-golden-globes-billboard-1240

රසයට ප්‍රියකරන ඔබට ලොව ජනප්‍රියම ආහාර 10ක්

ලෝකයේ විවිධ රටවල ඒ ඒ රටවලට ආවේණික රසයන්ගෙන් යුත් විවිධ ආහාර වර්ගයන් සකස් කරයි. එම ආහාර අතර ප්‍රණීත බව අනුව ඒවාට ඇති ඉල්ලුමත් වෙනස් වීම දැකගත හැකිය. ලොව පුරා සංචාරය කරන, ආහාර රසයන්ට ප්‍රිය කරන්නන් රස බැලීමට අමතක නොකරන ලොව හොඳම නැතහොත් ප්‍රණීතම ආහාර ලැයිස්තුවක් මෙලෙස අන්තර්ජාලයේ පළකර තිබිණි. 2011 වර්ෂයේ මේ අයුරෙන් සකස් කළ ආහාර ලැයිස්තුවේද මෙහි ඇතැම් ආහාර ඇතුළත් වී තිබිණි. 


මසාමන් කරි (Massaman curr)

curry1

මෙම කරි දීසිය රජ බොජුනක් ලෙස හඳුන්වයි. එසේම සියලුම කරි වර්ග අතර ඉස්තරම්ම කරි වර්ගය ලෙසද මෙය හඳුන්වා දී ඇත. කටට සැර බවක්, පැණි රසක්,තුනපහ මිශ්‍ර රසයක්, කිරි රසයක් මෙම කරියේ අඩංගු යැයි සඳහන්වේ. තායිලන්තයේ සංචාරයේ යෙදෙන කවුරුත් මෙහි රස බැලීමට අමතක නොකරන්නේ එහි ඇති රසය නිසාවෙන්මය.

සුෂී  ( Sushi)

sushi_1

 අමු මාළු හා බත් මිශ්‍ර මෙම ප්‍රණීත ආහාරය ජපන් ජාතිකයන්ට විශේෂ වූ ආහාරයකි. ජපානයේ සංචාරය කරන්නන් %සුෂී^ රස බලන්නට අමතක නොකරන්නේ එහි ඇති සුවිශේෂී බවත්, රස හා ගුණවත් බවත් නිසාමය.

පෙනන්ග් අසැම් ලක්සා ( Penang assam laksa)

366

මැලේසියානු ආහාර වර්ගයක් වන මෙම ආහාරය නූඩ්ල්ස් සමග ආහාරයට එක් කර ගැනීම වඩාත් ජනප්‍රියය. ප්‍රණීත රසයකින් මෙන්ම දිව පිනායන සුවඳකින්ද යුක්ත මෙම ආහාරය සැකසීමට මැකරල් මාළු, සියඹලා, මිරිස්, මින්ට්, සැල්දිරි, ලූණු, අන්නාසි ආදිය යොදා ගනී.

ටොම් යම් ගුන්ග් (Tom yum goong)

13958431771395060197dry-tom-yum-prawn

ලොව හොඳම ආහාර 10 අතරට එක්වන තවත් එක් තායි ආහාරයක් වන මෙම ආහාරය සඳහා ලොකු ඉස්සන්, බිම්මල්, තක්කාලි, සැල්දිරි, දෙහි කොළ, උකු පොල්කිරි ආදිය යොදාගනී. මෙහි රසය ලුණු මිශ්‍ර තුනපහ රස හා පැණි රස මුසුවී ඇති බවට පැවසේ

හැම් බර්ගර් (Hamburger)

Hamburgers-got-their-name-from-Hamburg-Germany

ලොව වෙසෙන්නන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට අධික මුදලක් %බර්ගර්^ මිලදී ගැනීම සඳහා වියදම් කරන බවට පැවසේ. මෙම %බර්ගර්^ වර්ග අතර %මෙක්සිකානු බර්ගර්^වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ එම 'බර්ගර්' අනෙක් රටවල නිෂ්පාදනය කරන 'බර්ගර්'වල රසයන්ට වඩා රසයෙන් ඉහළ නිසාවෙනි. 

අයිස් ක්‍රීම් (Ice cream) 

BBB64-Ice-Cream-Party-Thumbnail-FINAL

ලොකු කුඩා කොයි කවුරුත් වයස් ෙභ්දයකින් තොරව රස බැලීමට කැමැති ආහාරයක් ලෙස අයිස්ක්‍රීම් සඳහන් කළ හැකිය. විවිධ රසයන්ගෙන් යුතු අයිස්ක්‍රීම් සමග මාෂ්මෙලෝස්,චොක්ලට් සෝස් මෙන්ම විවිධ කජුවර්ග මිශ්‍ර කර රස බැලීමටද අයිස්ක්‍රීම් ලෝලීහු ප්‍රිය කරති.

චිකන් මෞම්බා (Chicken muamba)

3d27802984c88a52ce573bfb74a84d67

ගැබෝනාවේ ප්‍රණීත ආහාරයක් වන මේ සඳහා රටකජු හා බටර් යොදාගනී. තවද සැරෙන් අධික මිරිස්, සුදු ලූනු, තක්කාලි, ගම්මිරිස්, ලුණු, බණ්ඩක්කා, ආදිය යොදා මෙම කුකුළු මස් වෑංජනය සකස් කර ගනියි. අප්‍රිකානු බටර්වල රසය එක් කරන මෙම ආහාරය ලොව හොඳම ආහාර අතරට එක්ව තිබේ.

මෙක්සිකානු චොකලට්  (Chocolate)

chocolates-1-1024x702

ලොව අස්සක් මුල්ලක් නෑර ජීවත්වන්නන් ප්‍රිය කරන ආහාරයක් ලෙස චොකලට් නම්කළ හැකිය. මේ අතරින්  කිරි මිශ්‍ර මඳක් තිත්ත රසයක් හා ප්‍රණීත රසයක් ඇති මෙක්සිකානු චොක්ලට්වල ඇත්තේ අමුතුම ආකාරයේ රසයකි. මේ හේතුවෙන්ම මෙක්සිකානු චොක්ලට් ලොව රසවත්ම ආහාර අතරට එක්ව තිබේ.

පෙකින්ග් ඩක් (Peking duck)

Beijing-Roast-Duck

පෑන් කේක්, බෝංචි ඇට වැනි ආහාර සමග මෙම පිළිස්සූ තාරා මස් ආහාරයට ගනී. උඳුනක සෙමින් පුළුස්සා ගන්නා තාරා මස් මත %maltose^ නමැති සිරප් වර්ගයක් තවරා ගැනීම මෙම පිළිස්සූ මස්වල අමුතු දිලිසෙන ස්වභාවයට හේතු වී තිබේ. මේවා ආහාරයට ගැනීමට චීන ජාතිකයන් මෙන්ම චීනයේ සංචාරයේ යෙදෙන්නන්ද මහත් සේ ප්‍රිය කරන බවට පැවසේ.

බිම් මට්ටමේ කාන්තාව අද ඉතාම පීඩාකාරී තත්ත්වයන්ට පත්ව සිටිනවා

දේශපාලනය තුළ කාන්තා භූමිකාව පිළිබඳ මේ දිනවල සුවිශේෂී කතාබහක් ඇතිව තිබේ. ඒ නව මැතිවරණ ක්‍රමය හරහා පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය ඉහළ දැමීමත් සමගිනි.  මේ පිළිබඳව සහ දේශපාලනය තුළ කාන්තා භූමිකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අප හා මෙලෙස සංවාදයකට එක් වූවාය.


Q අද මේ රටේ කාන්තාවන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබලා තියෙනවා දේශපාලන වශයෙන්. ඒ තමයි පළාත් පාලන මැතිවරණය සඳහා සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම. ඒ සම්බන්ධව කථිකාවක් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. විෂය භාර අමාත්‍යවරිය විදිහට ඔබ මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව දකින්නේ කොහොමද? 

ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ දේශපාලන වශයෙන් කාන්තාවන්ගේ නියෝජනය ඉතා පහළ මට්ටමක තියෙන්නේ. නමුත් ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බිහිවුණේ මේ රටේ. ඒත් කාන්තාවක් විදිහට එතුමියට කටයුතු කරන්න සිද්ධ වුණේ පිරිමි සමූහයක් නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් එක්ක. නමුත් ඒ අවස්ථාවේදී වුවත් මේ රටේ කාන්තාවන් උදෙසා සුවිශේෂී මෙහෙවරක් කිරීමට අගමැතිනියට උවමනාව තිබුණත්, කරගන්න බැරිවුණා. ඒකට හේතුව බහුතර පිරිමි පාර්ශ්වයේ සහාය ඇයට හිමි නොවීමයි. 
එම තත්ත්වය නිසා වර්තමානය වනවිට බිම් මට්ටමේ කාන්තාවන් ඉතාම පීඩාකාරී තත්ත්වයන්ට පත්ව සිටිනවා. ඒකට හේතුව තමයි ශක්තිමත් කාන්තා හඬක් මේ රට තුළ නිර්මාණය නොවීම. සියයට 52ක් ජනගහන ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාව මේ රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන විදේශගත, ශ්‍රමිකයන්ගේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන්. නමුත් අපිට ආර්ථිකය තුළ එවැනි විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණත්, දේශපාලනය තුළ කාන්තාවන් හැටියට ඉතා පහළ මට්ටමක ඉන්නේ.
ඒ නිසා මේ රටේ කාන්තාවන් ලද සුවි‍ශේෂී ජයග්‍රහණයක් තමයි සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය හිමිකර ගැනීම. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත තමයි කාන්තාවන්ට මෙම 25% ෙහා් කෝටාව ලබාගැනීමට හැකි වුණේ. ඒ සඳහා කැපවීම් කරපු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අද දවසේ මේ ලබාගත් ජයග්‍රහණය තුළින් කාන්තාවන් මේ රටේ දේශපාලනය තුළ විශාල ඉඩකඩක් නිර්මාණය කරගනී කියලා මම විශ්වාස කරනවා. 

DSC_0502

Q ලෝක දේශපාලනය සහ දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම සෙසු ක්ෂේත්‍රයන් තුළත් කාන්තාවන්ගේ ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාව වැඩිවෙලා. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමිය සෑහීමකට පත්වෙනවාද? 

ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව කාන්තාවක් විදියට මට සෑහීමකට පත්වෙන්න බෑ. මොකද මේ රට තුළ පවතින සමාජ, ආර්ථික ක්‍රමවේදය තුළ කාන්තාවන් අසරණ තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා පේනවා. මම මුලින්ම කිව්ව වගේ මේ රටේ ආර්ථිකයට අදටත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන්නේ විදේශගත ශ්‍රමික කාන්තාවන්. ඒ වගේම මේ රටේ පැවති 30 වසරක යුද්ධය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වෙච්ච කාන්තාවන් ප්‍රමාණය ඉතා විශාලයි. මේ සියලු කාරණා තුළ කාන්තාව නිරන්තරයෙන් අසරණවෙලා තියෙනවා. ඔවුන් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ හේතූන් නිසා කාන්තාවන් හෙට දවස පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක ඉන්නේ. ඔවුන් තුළ පවතින අභියෝග කියන්න පුළුවන් වෙන්නෙත් කාන්තාවකටම විතරයි. එහෙත් ඒ කාන්තාවන්ට පිහිට වෙන්න, ඔවුන්ට හැකියාවක් තියෙනවද කියන එක පවතින තත්ත්වය තුළ ගැටලුවක්. මොකද සෑම විටම බාහිරින් නොපෙණුනාට නොපෙනෙන පුරුෂාධිපත්‍ය ග්‍රහණයකට සමස්ත සමාජ පද්ධතියම නතුවෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ කාන්තාවන්ට තවත් කෙනෙකුට පිහිට වීමේ ශක්තිමත් පදනමක් නෑ.
 ඒ නිසා මෙය සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේම ජයග්‍රහණයක්. ඒ තුළින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න කාන්තාවන් වන අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතුයි. 

Q ඔබතුමිය විශ්වාස කරනවද මේ පළාත් පාලන ආයතන නියෝජනය සියයට 25කින් වැඩිවීම තුළින් සමස්ත ලාංකේය කාන්තාවන් මුහුණදෙන ගැටලු විසඳිය හැකියි කියලා. 

නෑ. මේක එක් පියවරක් විතරයි. හැබැයි මේක තවත් එක් පියවරක් නෙමෙයි. සුවිශේෂී ජයග්‍රහණයක්. දැන් අපිට මාර්ගය හැදිලා තියෙනවා. මාර්ගයක් නැතුව අතරමං වෙලා හිටපු අපට ඉතාම හොඳ මාර්ගයක් හැදිලා තියෙනවා. ඒ මාර්ගයේ යන්න අපි විධිමත්ව සංවිධානය විය යුතුයි. සමාජ ක්‍රමය තුළ කාන්තාවක් විදිහට අපිට විවිධ චරිත නිරූපණය කරන්න සිද්ධ වෙනවා. එතනදී අපි නිරූපණය කරන චරිතය නෙමෙයි වැදගත් වෙන්නේ. හැම විටම අපි කාන්තාවන් කියන එක තමයි වඩාත් මෙතනදී වැදගත් විය යුත්තේ. අපි සියලුදෙනාම අපි කාන්තාවන් කියන එක මෙතනදී අමතක කරන්න හොඳ නෑ. ඒවගේම තමයි කාන්තාවක් වුණාම ගෙදරකට හිරවෙලා තිබිච්ච ජීවිතයක් තුළ සැඟවී තිබුණු සුවිශේෂී ශක්තියක් එළියට ගන්න වේදිකාවක් හැදිලා තියෙනවා. 
අතීතයේ ඉඳලා අපේ රටේ කාන්තාවන් සහජයෙන්ම ඉතාම නිර්භීත, ශක්තිමත් ඒවගේම බුද්ධිමත් කාන්තාවන්. විහාරමහා දේවිය, අනුලා දේවිය වගේ සුවිශේෂී කාන්තා චරිත ඔස්සේ බිහිවෙච්ච ෙප්‍රෟඪ ඉතිහාසයක් අපිට තියෙනවා. අපි තුළ ඒ ශක්තිය නිතැතින්ම තියෙනවා. ඒ ශක්තිය සමාජයට මුදාහරින්න මේක හොඳම අවස්ථාවක්. 

Q මේ රටේ කාන්තා කටයුතු පිළිබඳව විෂය භාර අමාත්‍යවරිය විදිහට ඔබතුමිය මේ අවස්ථාව දකින්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද?

මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා මගේ කාලපරිච්ඡේදය තුළ මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් කාන්තා පරපුර වෙනුවෙන් දායාද කරන්න ලැබීම ගැන. ඒ සඳහා විශේෂයෙන්ම මේ සඳහාම කැපවුණු අගමැතිවරයා, ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාද මෙහිදී මා සිහිපත් කරන්නේ ගෞරවයෙන්. ඒ වගේම අපි මේ රටේ කාන්තාවන්ට විශේෂ යමක් කියන්න කැමතියි. ජාතිය, ආගම, කුලය කුමක් වුවත් පාට, පක්ෂ කුමක් වුවත් ඔබ කාන්තාවක් නම් ඉදිරියට එන්න. අපි ඉන්නවා ඔබට ශක්තියක් වෙන්න. 
තවදුරටත් දෙගිඩියාවෙන් සිටිය යුතු නෑ. මේ තමයි හොඳම වෙලාව. අායේ මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ඔබට එන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මම වයස් භේදයකින් තොරව මේ රටේ සියලුම කාන්තාවන්ට අද(14දා) සවස 2ට විහාරමහාදේවී උද්‍යානය අසලට එකතු වන ලෙස ‍ෙගෟරවයෙන් ආරාධනා කරනවා. 

මෙරට ගැබිනි මවුවරුන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට දියවැඩියාව

Diabetes treatment

බෝ නොවන රෝග බොහෝමයකට හේතුවී තිබෙන්නේ අයහපත් ආහාර පුරුදු , අයහපත් ජීවන රටා වැනි දේ බව අප කවුරුත් දන්නා කරුණකි.
පවුලක සෞඛ්‍යමත් බව රකින මවකට තම පවුල බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා කළ හැකි දේවල්ද බොහෝමය.
අද (14 දා) යෙදෙන ලෝක දියවැඩියා දිනයේදීද කාන්තාවන්, මවුවරුන් ලෙස අපට කතා කරන්නට ඉතිරිව ඇති දෑ රාශියකි. මේ ඒ පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා දැක්වූ අදහස්ය. 
'මෙවර දියවැඩියා දිනයේදී අපි කාන්තාවන් දැනුම්වත් කරමින් ලෝක දියවැඩියා දින තේමාවත් සමග ගමන් කරන්නට අදහස් කළා. ලෝකය පුරාම ගත්තම කාන්තාවන් මිලියන 200ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටිනවා. අපේ රටේ අපි අවසාන වශයෙන් සිදුකළ සමීක්ෂණයෙන් පෙනී ගියෙත් කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වැඩියි කියන එකයි. 

දකුණු ආසියාකරේ ලංකාව ඇතුළු රටවල කාන්තාවන් අතර ස්ථුලතාව ඉතාම වැඩියි කියන එක කොහොමටත් ඔප්පු කර තිබෙන්නක්. ඉනවට ස්ථුලතාව කියන එක කොහොමටත් අපේ රටේ කාන්තාවන්ගේ වැඩියි. අනිත් ප්‍රශ්නය තමයි අපේ රටේ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින කාන්තාවන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙක් සිටින්නේ දරුවන් අපේක්ෂා කරන වයස් කාණ්ඩය තුළ. 
මෙන්න මේ නිසා අපේ රටේ ගර්භිණී මවුවරුන්ගෙන් 10% කටත් වඩා දියවැඩියා රෝගයට ගොදුරු වන තත්ත්වයකට ඇවිත් තිබෙනවා. ගර්භිණී මවක් දියවැඩියා රෝගයට ගොදුරු වුවහොත් මවටත් දරුවාටත් විවිධ සංකූලතාවන් ඇති වීමට හැකියාවක් තිබෙනවා. අනිත් එක තමයි ගර්භිණී සමයේ දියවැඩියා රෝගයට ගොදුරු වන මවුවරුන් අනිවාර්යයෙන් අනාගතයේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයට ගොදුරු වන බව දැකගන්නට ලැබෙනවා. 50%කට වැඩි පිරිසකට චර්යා රටා වෙනස් කරගැනීම මගින් මෙම තත්ත්වය වෙනස් කරගත හැකි බව සමීක්ෂණ මගින් ඔප්පු කර දී තිබෙනවා. 

මේ නිසා අපි සමාජයට ගිහින් කියන්න අවශ්‍යයි මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක පිළිබඳව. විශේෂයෙන් අපි දියවැඩියා රෝගය ගැන මිනිස්සු බය කරනවා කියලා කවුරු හරි කියන්න පුළුවන් . නමුත් අපි මේ රෝගය ගැන බය වෙන්න අවශ්‍යයි. බය කරලා විතරක් බැහැ රෝගය පාලනය කරන්න මොනවද කරන්න ඕන කියන එකත් කියල දෙන්න ඕන. මොකද දැනට කාන්තාවන් මිලියන 200ක් මේ රෝගයට ගොදුරුව සිටිනවා වගේම නුදුරු අනාගතයේ එය මිලියන 400ක් බවට පත් වීමට නියමිතයි.
ගර්භිණී සමයේ දියවැඩියා තත්ත්වය ගැන අවධානය යොමු කිරීම මේ නිසා ඉතාම වැදගත්. විශේෂයෙන් අපි කියන්න අවශ්‍යයි තරුණ වයසේ සිටින ගැහැනු දරුවන් නිරෝගිමත් කරන්න අපි උත්සාහ ගතයුතුයි . මේ දැරියන් ඕනෑවට වඩා මහත් වීම වගෙම ඕනෑවට වඩා කෙට්ටු වීමටත් ඉඩ නොදිය යුතුයි. ඒ නිසා සමබර ආහාර වේලකට ඔවුන්ව හුරුකළ යුතුයි. 

එවිට ඔවුන් ස්ථුලතාවෙන් තොර මෙන්ම දියවැඩියාවෙන්ද තොර නිරෝගී අය ලෙස වැඩෙනවා. මේ දැරියන් ස්ථුලතාවෙන් තොරව වැඩෙන විට ඔවුන් ගර්භිණී සමයේ දියවැඩියා තත්ත්වයට ගොදුරු වන්නේ නැහැ. අපි සමාජයක් ලෙසත් කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වළක්වා ගන්නට ක්‍රියා කළ යුතුයි . අපේ සමාජයේ හොඳ දේවල් කිහිපයක් තිබෙනවා. ඒවා හොඳයි කියලා වැඩිපුර කරලා නරක් කරගෙන තිබෙන ඒවා. උදාහරණයක් ලෙස අද උදෑසන ආහාර වේල අරන් මෙතැනට ආව අපි මෙතැනදී ලබාදුන් කැඳ කෝප්පය පානය කළා. ඇත්තටම මේ කැඳ කෝපය අපේ උදෑසන ප්‍රධාන ආහාරයට ඉතාම ප්‍රමාණවත්. අපි හිතනවා කැඳ හොඳයි කියලා . එහෙම බැලුවම අපි උදෑසන ආහාර වේල් දෙකක් අරන්. ඔය වගේ අපි හොඳයි කියලා කරන නරක දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපේ සීනි ආහාරයට ගැනීම ගත්තොත් අපට කැලරි හැර වෙතත් කිසිදු දෙයක් ශරීරයට ලැබෙන්නේ නැහැ. විටමින් නැහැ, ඛනිජ ලවණ නැහැ, මේද අම්ල නැහැ, තන්තු නැහැ, ප්‍රෝටීන් නැහැ. ඉතින් සීනි පරිහරණය නැවත්වූවා කියලා කිසිම ගැටලුවක් නැහැ.

සීනි නිසා ඇතිවෙන සෞඛ්‍ය ප්‍රශ්න අපට දවස් ගණනක් වුණත් කතා කරන්න පුළුවන්. ආහාර ලබාගැනීමේදීත් අපි හොයලා බලන්න ඕන අපට ඒවායින් ලැබෙන පෝෂණය ගැන. කැඳ, කුරක්කන් වගේ දේවල් හොඳ වුණාට ඒවා වැඩිපුර ගන්න හොඳ නැහැ. අපි බලන්න ඕන මේ ආහාර අනෙකුත් ආහාර සමග පෝෂණය ලැබෙන ලෙස ගළපා ගැනීමට. මේවා අපේ සාම්ප්‍රදායික ජීවන රටා එක්ක ආව ආහාර. අපේ ගම්වල සීයලා කුඹුරු කොටන්න යද්දී මැෂින් වගේ වැඩ කරන්න කැලරි අවශ්‍යයි. උදේම බඩ හිස්ව යන්න බැරි නිසයි ඔවුන් කැඳ හෝ දියබත් ආහාරයට ගත්තේ. නමුත් අද අපේ ජීවන රටාවත් එක්ක අපි කැඳත් බීලා, උදේට ආහාර වේලකුත් ගත්තොත් අපට ස්ථුලතාවට තමා ගොදුරු වෙන්නට සිදුවෙන්නේ. ඒ නිසා අපි හොඳයි කියලා ගන්න දේවල් ගැන සැලකිලිමත් විය යුතු වගේම ඒවා ගන්නවා නම් අනෙක් ඒවගෙන් අඩු කරලා ගන්නේ කොහොමද කියන එකත් දැනගෙන සිටිය යුතුයි. 

විශේෂයෙන් තව දෙයක් කියන්න අවශ්‍යයි. අපේ ගෘහණියන් වෑංජනය පිසීමේදී හිතලා බලන්න ඕන. අපි බත් උයලා වැඩිපුරම හදන්නේ පරිප්පු. නැත්නම් පාන් එක්ක පරිප්පු. අපි පාසල් යන කාලයේ ඉගෙන ගත්තේ පරිප්පු ප්‍රෝටීන් අධික ආහාරයක් ලෙසට. නමුත් පරිප්පුවල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ පිෂ්ටය . ඒ වගේම මුං ඇට, කඩල වගේ දේවල් බත් එක්ක ගත්තොත් අපි පිෂ්ටයමයි කන්නේ. අපි පිෂ්ටය කන එක අඩු කරන්න ඕන. වට්ටක්කා ,අල, බතල, කොස් ,දෙල් වගේ දේවල් වෑංජන ලෙස හදලා කන්න අපි හරි ආසයි. නමුත් අපි මේවා ගන්න ඕන අපේ ආහාරයේ අඩංගු පිෂ්ටය ගොඩටයි. බත් එක්ක මේවා වෑංජන විදිහට ගත්තොත් අපි ස්ථුලතාවට තමා පත් වෙන්නේ. නැත්නම් සීනි වැඩි වෙලා රෝගී වෙනවා. 

මේවා වෑංජන ලෙස ගන්නවා නම් අපි බත් අඩු කරන්න ඕන. අපි හැමෝම පෝෂණවේදීන් නොවෙයි. නමුත් කාන්තාවන් විශේෂයෙන් දැන ගන්න ඕන මේ ආකාරයට ආහාර පිළියෙල කළොත් ගෙදර අයට වැඩිපුරම ලබාදෙන්නේ පිෂ්ටය බව. 
අනික තමා හැම වේලකටම පිෂ්ටය නොවෙන එළවළු වර්ග තුනක්වත් සකස් කරන්න ගෘහනියකට හැකි විය යුතුයි. මැල්ලුම් වර්ග, සලාද වර්ග මෙයට ඇතුළත් කළ යුතුයි. මේවායෙන් අපිට තෙල්, පිෂ්ටය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට තන්තු ලැබෙනවා. අහිතකර මේදය තැන්පත් වීම එමගින් අවම කරනවා. පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම අපි සර්වභක්ෂක සතුන් විදිහට මස්, මාළු ආහාරයට ගතයුතුයි . විශේෂයෙන් මාළු හරි ගුණයි.

'අපේ රටේ බිත්තර ආහාරයට ගැනීම ගැන ලොකු බියක් තියෙනවා. ඒකට වෛද්‍යවරුන් වගකිවයුතුයි. බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවා කියලා ඔවුන් පැවසුවා. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයේ බිත්තර හොඳ නෑ කිව්වා මේ නිසා. නමුත් හරියට සිදුකළ පර්යේෂණවලින් තහවුරු වුණා බිත්තර කෑම නිසා කොලෙස්ටරෝල් වැඩි නොවන බවට. දියුණු රටවල දිනකට බිත්තර දෙකක් කන්න කියලා බය නැතිව පෝෂණවේදීන් උපදෙස් දෙනවා. බිත්තරවල උසස් තත්ත්වයේ ප්‍රෝටීන් රැසක් අඩංගුයි. විටමින් වර්ග රැසක් තිබෙනවා. මේ නිසා වැරදි පෝෂණ මතවලිනුත් බැහැර වීම වැදගත්'.

 

2017 වර්ෂයේ ව්‍යාපාරික ලොව තුළ බලය තහවුරු කරගත් කාන්තාවෝ

ව්‍යාපාරික ලෝකයේ ඉහළ තනතුරුවල රැඳීසිටිමින් 2017 වර්ෂය තුළ තම බලය තහවුරු කරගන්නට කාන්තා චරිත රැසක් සමත්ව සිටී. මේ අන්තර්ජාතික මාධ්‍ය මගින් ඔවුන් පිළිබඳ තැබූ සටහනකි.


මේරි බර්රා (Mary Barra)

GM Senior VP Global Product Development Mary Barra

ඇමෙරිකානු ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මේරි 2014 වර්ෂයේ සිට එම තනතුර දරන්නේ ලොව ප්‍රධාන මෝටර් රථ සමාගමක එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසිණි. ඇය 18 හැවිරිදි වියේදී මෙම සමාගමේ සේවිකාවක ලෙස සේවයට එකතුවී ඇත්තේ 1980 වසරේදීය. විදුලි ඉංජිනේරු  තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක මෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්ද ඇය සතුය. 2015 වර්ෂයේ %ෆෝබිස්^ ලැයිස්තුවට අනුව ඇය ලොව බලවත්ම කාන්තාවන් අතර පළමු ස්ථානයේ පසුවූ අතර, 2017 වර්ෂයේද එම ස්ථානයට පත්ව සිටින්නීය.


ඉන්ද්‍රා නූයි  (Indra Nooyi)

2 Indra Nooyi

'පෙප්සි කෝලා' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඉන්ද්‍රා කටයුතු කරයි. චෙන්නායිහී දී උපත ලැබූ ඇය ලොව දෙවැනි විශාලතම ආහාර හා පාන නිශ්පාදන ආයතනය වන පෙප්සි සමග එකතු වී ඇත්තේ 1994 වර්ෂයේදීය. 2001 වර්ෂයේ සිට ඇය මෙම තනතුර දරන අතර ඇයගේ පාලනය තුළ පෙප්සි සමාගම වාර්ෂිකව ලැබූ ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ දැමීමට සමත්ව ඇත
2006 වර්ෂයේ සිටම ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ඇය 2015 වසරේ සිට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හොබවයි.


මරිලින් හෙව්සන් (Marillyn Hewson)

3 Marillyn Hewson

ඇමෙරිකානු අධිතාක්ෂණික, ආරක්ෂක, ගුවන්යානා තාක්ෂණ සම්බන්ධ ප්‍රමුඛපෙලේ ආයතනයක් වන Lockheed Martin සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ඇයයි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන මැය 1983 වර්ෂයේ සිට මෙම සමාගමේ සේවය කරයි. 2013 වර්ෂයේ සිට මෙම ධුරය දරන ඇය 2010 වර්ෂයේ සිටම ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම රැඳීසිටියි.


ඉසබෙල්  කෝචර්  (Isabelle Kocher)

Isabelle Kocher, Engie

ප්‍රංශ ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ඉසබෙල් , විදුලි උත්පාදන සමාගමක් වන Engie හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි. 1999 වර්ෂයේ සිට 2002 දක්වා ප්‍රංශ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක තනතුර මෙන්ම ඇය ප්‍රධාන සමාගම් කිහිපයක ප්‍රධාන තනතුරු හොඹවා තිබේ. 2016 වර්ෂයේ සිට ඇය Engie හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, 2017 වර්ෂයේ 'ෆෝබිස්' ලැයිස්තුවට අනුව ලොව බලවත්ම කාන්තාවන් අතර තුන්වැනි තැනට පත්ව ඇත. ඇය දරුවන් පස්දෙනෙකුගේ මවකි.


එමා වොම්ස්ලේ (Emma Walmsley)

5 Emma Walmsley

ලෝව ප්‍රමුඛපෙලේ ඖෂධ නිෂ්පාදක සමාගමක් වන GlaxoSmithKline හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2017 වර්ෂයේ සිට මැය කටයුතු කරන්නීය. එංගලන්ත ජාතික ඇය වසර 17ක් %LOral^ හි සේවය කිරීමෙන් අනතුරුව 2010 වර්ෂයේ %GlaxoSmithKline^ සමාගම සමග එකතු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන ඇය ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියට 2017 වර්ෂයේ පැමිණ සිටියි.


රොසලින්ඩ් බ්‍රේවර්  (Rosalind Brewer)

6 Rosalind Brewer

ඇමෙරිකානු ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලය වන Wal-Mart හි අනුසමාගමක් වන Sam's Club හි ප්‍රධාන විධායක නිලධාරිනියක් ලෙස රොසලින්ඩ් පත්වන්නේ Wal-Mart ජාලයේ පළමු විධායක නිලධාරිනිය මෙන්ම එම ධුරයට පත් වූ පළමු අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතිකයා ලෙසටය.
2013 වර්ෂයේ සිට ඇය 'ෆෝබිස්' ලැයිස්තුවේ ලොව බලවත්ම කාන්තාවන් අතර රැඳීසිටින අතර 2013 වර්ෂයේ ලොව බලගතුම සේවයේ යෙදෙන මවුවරුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම රැදීසිටියාය.


පීබේ නොවැකොවික් (Phebe Novakovic)

7 Phebe Novakovic

ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාවක වන ඇය හිටපු බුද්ධි නිලධාරිනියකි. ඇය ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 1997 වර්ෂයේ සිට 2001 දක්වා සේවයේ නිරත වී තිබේ. 
ගුවන්යානා හා ආරක්ෂක කටයුතු පිළිබඳ සමාගමක් වන %General Dynamics^ හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වර්තමානයේ ඇය කටයුතු කරයි. 2014 වර්ෂයේ සිට ඇය ලොව බලගතුම කාන්තාවන් අතර රැඳීසිටියි.


ලීසා ඩේවිස් (Lisa Davis)

9 Lisa Davis

ඇමෙරිකානු ගෑස් හා බලශක්ති සමාගමක් වන %Siemens Corporation^ හි සභාපතිනිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය වන්නේද ඇයයි.
රසායන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක වන ඇය එරට ප්‍රමුඛපෙලේ සමාගම් රැසක ඉහළ තනතුරු දරා ඇත. ඇය ලේඛිකාවක ලෙසද කටයුතු කරන්නීය.


ග්‍යුයෙන් තයි පොන්ග් තාඕ (Nguyen Thi Phuong Thao)

8 Nguyen Thi Phuong Thao

වියට්නාම් ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ග්‍යුයෙන් %VietJet^ ගුවන් සමාගමේ සභාපතිනිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි. ඇය වියට්නාමයේ ප්‍රථම බිලියනපතිනිය ලෙසද ඉතිහාසගතව සිටියි. ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ලෙස 2017 මාර්තු මාසයේ වාර්තා විය. 
ආසියාවේ බලගතුම ව්‍යාපාරික කාන්තාවන් අතර මෙන්ම ලෝකයේ බලගතුම ව්‍යාපාරික කාන්තාවන් අතරද ඉදිරියෙන්ම ඇයගේ නම සටහන් වී ඇත. 


ගුලර් සබන්සි (Guler Sabanci)

10Guler Sabanci

තුර්කියේ දෙවන විශාලතම කාර්මික හා මූල්‍ය සමාගමක් ලෙස සැලකෙන %Sabancı Holding^ හි අධ්‍යක්ෂිකාවක ලෙස ඇය කටයුතු කරයි. 
දෙමවුපියන්ගෙන් උරුම වූ මෙම ව්‍යාපාරයේ පරිපාලන කටයුතු ඇය විසින් දරන අතර, 2014 වර්ෂයේ සිට ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ රැඳීසිටියි. 
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන ඇය 2013 වර්ෂයේ ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳීසිටියාය.

 

SPC ඔසුසල් වලින් නොමිලේ ඖෂධ

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (01දා) දීප ව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබාගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ප්‍රකාශ කරයි.

1

 

ශීතකරණයක නිවැරදිව ආහාර ගබඩා කරන්නෙ මෙහෙමයි

ශීතකරණය වර්තමානය වනවිට විදුලි බලය ලැබී ඇති සෑම නිවසකම පාහේ දැකගත හැකි විදුලි උපකරණයක් බවට පත්ව තිබේ. ශීතකරණය කියූ සැණින් අපට එක්වරම සිහියට නැගෙන්නේ අයිස් සහිත පෙට්ටියක් ලෙසය.  විදුලිය විසන්ධි වූ අවස්ථාවක නම් ශීතකරණයේ ඇතුළත තිබෙන ආහාරවලට කුමක් සිදුවේද යන්න අපට සිහියට නැගේ. ශීතකරණය ආහාර කල් තබාගැනීමට භාවිත කරන උපකරණයක් බව අපට සිහියට නැගෙන්නේ එවන් අවස්ථාවකය. ආහාර කල් තබාගැනීම සඳහා අප භාවිතයට ගන්නා මෙම විදුලි උපකරණය නිවැරදි අයුරෙන් පරිහරණය කිරීමෙන් එම කාර්යය මැනවින් ඉටුකරගත හැක. විශේෂයෙන් ශීතකරණය තුළ තබන ආහාර නිවැරදි ලෙස සෞඛය ආරක්ෂිතව ගබඩා කිරීම පිළිබඳවත්, ශීතකරණයේ තැබූ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරයට ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් දැනුමක් ලබාසිටීම ඉතා වැදගත්ය.මන්දයත් ශීතකරණයේ තිබෙන ආහාර වර්ග ඔබ නිවැරදි ලෙස පරිහරණය නොකළහොත් ඔබේ සෞඛ්‍යට විවිධ හානි ඇති වීමට ඉඩක් පැවතීමයි. මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීම උදෙසා අප වයඹ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණවේද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය රේනුක සිල්වා මහතා සම්බන්ධ කරගතිමු. මේ ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුය.


ශීතකරණයක තිබිය යුතු උෂ්ණත්වය

ගෘහාශ්‍රිතව භාවිත කරන ශීතකරණවල බොහෝවිට කුටීර දෙකක් දැකගත හැකියි. අධිශීතකරණය හා සාමාන්‍ය ශීතකරණ කොටස ලෙස මෙය බෙදා වෙන් කළ හැකියි. අධිශීතකරණ කොටසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ විස්සක් (-20ං C) විය යුතුය. සාමාන්‍ය කොටසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ හතරක (-4ං C) තිබිය යුතුය. අපේ රටේ කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක විසිපහත් තිහත් අතර අගයක් ලෙස දක්වනු ලබන අතර, ඒ අනුව ශීතකරණයේ උෂ්ණත්වය ඉතා අඩු උෂ්ණත්වයක් බව ඔබට වැටහෙනු ඇති. 
මෙලෙස අධිශීතකරණයේ හා සාමාන්‍ය ශීතකරණයේ  උෂ්ණත්වයන් වෙනස්ව පැවතීමට හේතු වී තිබෙන්නේ ආහාර කල් තබාගැනීමේ කාලය අනුවයි. ඒ අනුව වැඩි කාලයක් කල් තබාගන්නා ආහාර අධිශීතකරණයේත්, අඩු කාලයක් කල් තබාගන්නා ආහාර සාමාන්‍ය ශීතකරණයේත් ගබඩා කළ හැකිය. 

ff_207-open-door

ශීතකරණයේ ආහාර කල් තබාගැනීම

ශීතකරණයේ ආහාර කල් තබාගැනීම සිදුවන ආකාර දෙකක් පවතියි. එනම් ආහාර නරක් කරන ක්ෂුද්‍ර ජීවීන් හෝ බැක්ටීරියා වර්ග විනාශ නොකර ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමෙනි. කාමර උෂ්ණත්වයට වඩා ශීත උෂ්ණත්වයකදී (-20ං C පමණ) ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ වැඩීම සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යයි. තවද ආහාර නරක් වීම බැක්ටීරියා හේතුවෙන් මෙන්ම ආහාරවල පවතින එන්සයිම වර්ග නිසාද සිදුවේ. ඒ හේතුවෙන් ශීතකරණය තුළ තිබෙන ආහාර කල් ගතවීමේදී නරක් වීම සිදුවිය හැකියි. නමුත් ශීතකරණයේ පවතින අඩු උෂ්ණත්වය ආහාර නරක් කරන එන්සයිමවල ක්‍රියාකාරීත්වයද අඩාළ කිරීමක් සිදුකරයි. 

ආහාරවල පවතින බැක්ටීරියා අතරින් රෝගකාරක බැක්ටීරියා වර්ග අපගේ ශරීරගත වීම නිසා විවිධ රෝගාබාධ ඇති වීම සිදුවේ. මෙහිදී රෝග ලක්ෂණ ලෙස පාචනය, වමනය, උණ, උදරයාබාධ ආදිය දැක්විය හැක. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ ඇතැම් රෝගකාරක බැක්ටීරියා වර්ග මරණය දක්වා ඔබව රැගෙන යාමට තරම් දරුණුවීමේ හැකියාවක් පැවතීමයි.

ආහාරවල පවතින අනෙක් බැක්ටීරියා වර්ගය මගින් ආහාර නරක් කිරීම සිදුකරයි. ආහාරවල රස හා පැහැය හා ගන්ධය වෙනස්වීම මෙහිදී සිදුවේ. මෙම බැක්ටීරියා වර්ග ආහාර නරක් වුවද ලෙඩ රෝග බෝ නොකරයි. නමුත් මෙම බැක්ටීරියා වර්ග දෙකම ශීතකරණයක් තුළදී පාලනය වුවහොත් පමණක් ප්‍රියමනාප ආහාර පරිභෝජනයට සේම සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයට අවස්ථාව උදාවේ. ඒ හේතුවෙන් ආහාර ශීතකරණයට දැමීමට පෙර එනම් ආහාර වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා අවස්ථාවේදීම සැලකිලිමත් වීම උචිතය. මන්දයත් ආහාරවල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නිෂ්පාදන අවස්ථාවේ සිටමය.Renuka Silva

ආහාර මිලදී ගැනීමේදී මේ ගැන සිතන්න

ආහාර නිෂ්පාදකයා තම නිෂ්පාදනය සිදුකරන ආකාරය , එය අසුරණ ආකාරය මෙන්ම වෙළඳ සැලේ එය අසුරා තිබෙන ආකාරය පිළිබඳ සැලකිලිමත් වීම මෙහිදී වටී. ඒ අනුව වෙළෙඳ සැලේ දී ආහාර නිසි අයුරෙන් ගබඩා කර නොතිබුණේ නම් ඒවා මිලදී ගෙන ශීතකරණයේ බහා තැබීමෙන් කල් තබාගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. මේ නිසා නියමිත උෂ්ණත්වයේ ගබඩා කර තිබේද යන්න ආහාර මිලදී ගැනීමේදී පරික්ෂා කර බැලීම නුවණට හුරුය. මේ සඳහා වෙළෙඳසැලක සාමාන්‍ය ශීතකරණයේ තිබෙන ආහාර ඔබ මිලදී ගැනීමේදී, ඒවා ඇල්ලීමේදී, ඔබේ අතට ශීතලක් දැනේද යන්න බැලිය යුතුය. 

සුපිරි වෙළෙඳ සැලක නම් අදාළ ශීතකරණවල කුඩා උෂ්ණත්ව මානයක ශීතකරණයේ උෂ්ණත්වය ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිය. ඒ අනුව සාමාන්‍ය ශීතකරණයක 0ං C ත් -4ං Cත් අතර උෂ්ණත්වයක් සටහන්ව තිබෙනු දැකගත හැකිවනු ඇත. එසේම අධිශීතකරණයක නම් -20ං Cක උෂ්ණත්වය සටහන් විය යුතුය. 

නමුත් කුඩා වෙළෙඳ සැල්වල මෙලෙස පහසුකම් නොමැති නිසා විශ්වාසදායී ස්ථානවලින් ආහාර මිලදී ගැනීම නුවණට හුරුය.

මිලදී ගත් ආහාර නිවසේ ශීතකරණය තුළ ගබඩා කිරීමේදී 

ඔබ මිලදී ගත් එළවළු හා පලතුරු වර්ග අද මිලදී ගෙන අදම අනුභව කරන්නේ නම් එය වඩාත් උචිත වේ. නමුත් නිරන්තරයෙන් වෙළෙඳ පොළට ගොස් මිලදී ගැනීම් සිදුකිරීමට කාලය නොමැති නිසා ශීතකරණයේ ගබඩා කිරීම සිදුකළ යුතු වේ. එළවළු, පලතුරු අප ශීතකරණයේ සාමාන්‍ය කොටසේත්, වැඩි දින ගණනක් කල් තබාගන්නා මස් මාළු අධිශීතකරණයේත් ගබඩා කිරීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබයි. 

ශීතකරණයේ දොරේ ආහාර ගබඩා කිරීම සඳහා පහසුකම් සපයා තිබුණද දොරේ ආහාර ගබඩා කිරීම නම් එතරම් සුදුසු දෙයක් නොවේ. මන්දයත් දොර පිටතට නිරාවරණය වීම නිසා නිරන්තරයෙන් උෂ්ණත්වය වෙනස් විය හැකි වීමය. විශේෂයෙන් ඔබ බිත්තර ශීතකරණයේ තබයි නම් දොරේ ගබඩා නොකර බිත්තර අසුරණයක බහා රාක්කයක ගබඩා කිරීම නුවණට හුරුය. මන්දයත් දොරේ ගබඩා කරන බිත්තර නරක් වීමට ඉඩක් පැවතීමයි.වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා ආහාර සියල්ලම ගෙනා බෑගයේම ශීතකරණය තුළට දැමීම නොකළ යුතුය. මන්දයත් ඇතැම් ආහාර ශීතකරණයට දැමීමට පෙර ශුද්ධ කිරීම සිදුකළ යුතු බැවිනි. 

පලතුරු වර්ග ගබඩා කිරීමේදී ඒවා ආවරණය නොකර ගබඩා කිරීම සිදුකළ හැකිය. එසේම පලතුරු වර්ග ගබඩා කිරීමේදී ශීතකරණයේ බිත්තිවල ගෑවෙන ලෙස ගබඩා කිරීමෙන් පලතුරුවලට සීතල වැඩිවී ඒවාට හානි සිදුවිය හැක. කෙසෙල් වර්ග ශීතකරණයේ තැබීමෙන් පොත්ත කළු පැහැ වීම වැනි දේ සිදු වේ. මේ නිසා ඇතැම් පලතුරු වර්ග ශීතකරණයේ නොතබා කාමර උෂ්ණත්වයේ තැබිය හැකිය. එළවළු නම් ශීතකරණයේදී විජලනයට පත්ව මැලවී යා හැකිය. එහිදී එළවළුවල පෝෂණ කොටස් විනාශ වීමට හැකියාවක් ඇත. 
එළවළු ගබඩා කිරීමේදී පත්තරවලින් එතීම හෝ ප්ලාස්ටික් බෑග හෝ භාජනවල බහා ගබඩා කිරීම නුවණට හුරුය. එළවළු භාජනවල තැන්පත් කර හෝ වෙන වෙනම පොලිතීන් උරවල බහා ගබඩා කිරීම සිදුකළ හැකිය. එළවළු මිශ්‍රව ගබඩා කිරීම ආහාර නරක් වීමට හේතුවක් විය හැකි නිසා වෙන වෙනම පොලිතීන් උරවල බහා ගබඩා කිරීම යෝග්‍යය. තවද ශීතකරණය තුළ එළවළු, පලතුරු සමග මස් මාළු එකට ගබඩා කිරීම නොකළ යුතු වේ. මස්, මාළු අධිශීතකරණයේ හෝ සාමාන්‍ය ශීතකරණයේ මස් මාළු සඳහා වෙන් කළ කොටසේ ගබඩා කළ හැකිය.

lifestorage-foodstorage-1

නමුත් සාමාන්‍ය ශීතකරණයේ පවතින කොටසේ මස් මාළු ගබඩා කළ යුත්තේ අද මිලට ගත් මස් හෝ මාළු හෙට ආහාරයට ගනී නම් පමණි. ඒවාද භාජනවල අසුරා තැබිය යුතුය. දින දෙකකට වඩා කල් තබාගන්නා මස් මාළු අනිවාර්යෙන් අධිශීතකරණයේ තැබිය යුතුය. අධිශීතකරණයේ ආහාර එම ආහාර නිෂ්පාදනය කළ දිනයේ සිට අවුරුද්දක කාලයක් ගබඩා කර තැබිය හැකිය.

දියර කිරි වර්ග ශීතකරණයේ තබයි නම් නිෂ්පාදිතයා සඳහන් කර තිබෙන අයුරෙන් ශීතකරණයේ ගබඩා කිරීම සිදුකළ යුතුය. විවෘත කළ දියර කිරි ඇසුරුමක් දිනක් හෝ දින 4ක් ශීතකරණයේ තබාගත හැකිය. නමුත් ඔබ කිරි ඇසුරුම ශීතකරණයේ දොරේ ගබඩා කරයි නම් මඳක් සැලකිලිමත් විය යුතුය.

පිසූ ආහාර ශීතකරණයේ ගබඩා කරන විට සෑම විටම පියනකින් හොඳින් වැසිය හැකි බඳුන්වල දමා ගබඩා කිරීම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව ආහාර මේසයට බෙදූ දීසිවලම ශීතකරණය තුළට දැමීම සිදු නොකළ යුතුම දෙයකි. එලෙස දීසිවල ශීතකරණයේ තබයි නම් වාතය ඇතුළු නොවන ලෙස වැසීම සිදුකළ යුතුය. එසේ නොමැතිව ගබඩා කළහොත් අඩු උෂ්ණත්වයේ වුවත් ඔක්සිජන් හොඳින් ලැබෙන නිසා බැක්ටීරියා වර්ග වර්ධනය වීමක් සිදුවිය හැකිය. එයින් ආහාර නරක් වීම මෙන්ම ආහාර විෂ වීමක්ද සිදුවිය හැකිය. තවද ආහාර විවෘතව ගබඩා කිරීමෙන් ආහාරවල සුවඳ මිශ්‍ර වීමක් සිදුවිය හැකිය. උදාහරණ ලෙස කිරි හා වෑන්ජන විවෘතව ශීතකරණයේ තැබීමෙන් කිරිවලට තුනපහ සුවඳ අල්ලා තිබිය හැකිය. එසේම මස් මාළුවලින් ඉස්ම බේරී විවෘත ආහාරවලට එකතු විය හැකිය.
අධිශීතකරණයේ ආහාර ගබඩා කිරීමේදීද මස් මාළු වෙන වෙනමද, අයිස්ක්‍රීම් වෙනමද තැබිය යුතුය. අධිශීතකරණයේ තිබෙන ආහාරවල පෝෂණයට හානි වීම ඉතාම අවම ලෙස සිදුවේ. නමුත් සාමාන්‍ය ශීතකරණයේ වැඩි කාලයක් ආහාර ගබඩා කර තැබීමේදී පෝෂණය අඩු වීමක් සිදුවේ.

එසේම ආහාර කල් තබාගැනීම සඳහා භාවිත කරන ශීතකරණයේ වෙනත් දෑ ගබඩා කර තබයි නම් ඒවා සීල් කර තැබිය හැකි අසුරණවල බහා ගබඩා කිරීම සිදුකළ යුතුය. උදාහරණ ලෙස ක්‍යුටෙක්ස් බෝතල්, බෙහෙත් ද්‍රව්‍ය ආදිය සඳහන් කළ හැකිය. 
එවැනි දෑ ශීතකරණයේ ගබඩා කිරීමේදී දොර භාවිත කළ හැකිය. තවද රසායනික ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කිරීම නොකළ යුතුය. එසේම යම් ආහාරයක් ශීතකරණයේ අසුරා තැබීමෙන් පසු වෙනත් ආහාරයක රසක් හෝ සුවඳක් මිශ්‍ර වී තිබේ නම් එම ආහාර ආහාරයට එකතු කරගැනීම නොකළ යුතුය.

mbd105166_1109_fridge6_xl

විශේෂ තත්ත්වයක් මත රැකියාවකට යන කිරි දෙන මවක් මවුකිරි ශීතකරණයේ ගබඩා කර යයි නම් සෑම විටම සාමාන්‍ය ශීතකරණය ඒ සඳහා භාවිත කළ හැකිය. එයද වාතාශ්‍රය එකතු නොවන ලෙස අසුරා ගබඩා කළ යුතුය. මෙලෙස ගබඩා කළ මවුකිරි දරුවාට ලබාදීමට පෙර උණුසුම් කරගැනීම සඳහා උණුවතුර භාජනයක කිරි භාජනය බහා තැබීම පමණක් සිදුකළ යුතුය. එසේ නොමැතිව කිරි උණුකිරීම සඳහා භාජනය ලිපේ තැබීම හෝ උදුනක තැබීම නොකළ යුතුය. එසේම උණුසුම් කළ කිරි දරුවාට පොවා ඉතිරි වුවහොත් එය යළි ශීතකරණයේ දැමීම නොකළ යුතුය. ඒ හේතුවෙන් වේල් කිහිපයකට අවශ්‍ය මවුකිරි වෙන වෙනම අසුරා තැබිය යුතුවේ.

ශීතකරණයේ තැබූ ආහාර ආහාරයට ගැනීමේදී

සාමාන්‍ය ශීතකරණයෙන් පිටතට ගත් ආහාර මද වේලාවකින් ආහාරයට ගතහැකි උෂ්ණත්වයට පත්වෙයි. එසේ නොමැති නම් උණුසුම් කරගැනීමක් සිදුකළ හැකිය. මෙයින් ආහාර ප්‍රියමනාප ලෙස ආහාරයට ගැනීමට හැකියාවක් ලැබෙයි. එසේ නොමැතිව බැක්ටීරියා විනාශ කිරීමේ අභිප්‍රායෙන් ආහාර රත් කරයි නම් උතුරන නැත්නම් නටන උෂ්ණත්වයට රත් කිරීම කළ යුතුය.

කෙසේ නමුත් ශීතකරණයෙන් පිටතට ගෙන රත් කළ හෝ නොකළ ආහාර වැඩි වේලාවක් කෑම මේසයේ තබා ආහාරයට ගැනීමට සැලැස්වීම නුවණට හුරු නොවේ. ශීතකරණයෙන් ඉවතටගත් විගස පැයක් ඇතුළත ආහාරයටගත යුතුවේ. එසේ නොමැති නම් බැක්ටීරියා හෝ ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරී විය හැකිය. එසේම මෙලෙස ඉවතට ගත් ආහාරයක් නැවත ශීතකරණයේ තබා ආහාරයට ගන්නේ නම් ඔබට පළමු වරට වඩා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අධික ආහාරයක් ආහාරයට ගැනීමට සිදුවෙයි.
මේ නිසා ඔබ ශීතකරණයට ආහාර දැමීමේදී පවුලේ සාමාජිකයන් ගණනට එක් වේලකට සෑහෙන ලෙස වෙන් වෙන්ව වෙනමම ගතහැකි ලෙස භාජනවල බහා ශීතකරණයේ දැමීම සිදුකිරීම යෝග්‍යය. උදාහරණ ලෙස ව්‍යාංජනයක් ඉරිදා පිස දවස් 3කට ආහාරයට ගැනීමට සිතා ශීතකරණයේ ගබඩා කරයි නම් ඒ ඒ දවසට ප්‍රමාණවත් ලෙස භාජන තුනක වෙන වෙනම අසුරා ගබඩා කළ යුතුය.
එසේම අමු මස් හෝ මාළු අධිශීතකරණයේ දමා කැපීමට එක් වරක් පිටතට ගෙන ශීත ඉවත් කර කැපීමෙන් පසු යළි ශීතකරණයට දැමීම, ඉන්පසු පිසීමට අවශ්‍ය වූ විට යළි ශීත ඉවත් කර අවශ්‍ය ප්‍රමාණය රැගෙන යළි ශීතකරණයට දැමීම ලෙස කිහිපවරක් ශීත ඉවත් කර යළි ශීතකරණයේ තැබීම නොකළ යුතුය.මන්ද කිරි, බිත්තර, මස්, මාළුවල පෝෂක අධික නිසා බැක්ටීරියාවල පැතිරීම වැඩිය. 

එසේම මස් හෝ මාළු අයිස් දිය වීමට තැබීමේදී එළියේ නිකන්ම වැඩි වේලාවක් තැබීම නොකළ යුතුය. මන්දයත් වැඩි වේලාවක් පිටත තැබීමේදී බැක්ටීරියා වර්ධනය අධිකව සිදුවන බැවිනි. වතුර භාජනයකට මස් හෝ මාළු දමා ශීත ඉවත් කර ගැනීමට ඔබ 
උත්සාහ ගනී නම් ඒ සඳහා උණුසුම් ජලය වෙනුවට සීත ජලය හෝ ටැප් වතුර භාවිත කළ යුතුය. උණුසුම් ජලය 
දැමීමෙන් මස් හෝ මාළු භාගෙට තැම්බීමක් සිදුවී ආහාරයට හානි සිදුවිය හැකිය. එසේම අසුරණය සමගම ජලයේ බහාලීම සිදුකළ යුතුය.
ශීතකරණයෙන් පිටතටගත් මස් හෝ මාළු මැරිනේට් කිරීම නැත්නම් ලුණු ඇඹුල් ඇල්ලීම සඳහා තැබීමට අවශ්‍ය නම් සාමාන්‍ය ශීතකරණයේ තැබීම උචිත වන අතර, කාමර උෂ්ණත්වයේ තැබීම නුසුදුසුය. උදාහරණ ලෙස කුකුල් මස් ඩෙවල් සෑදීමට අවශ්‍ය නම් කුළුබඩු එකතු කරගත් මස් භාජනයක දමා සාමාන්‍ය ශීතකරණයේ තැබීමෙන් පසු පිසීමට අවශ්‍ය මෙහොතේ පිටතට ගැනීම සිදුකළ යුතුය. 
එසේ නොමැති වුවහොත් බැක්ටීරියා වර්ධනය සිදුවේ. සාමාන්‍යයෙන් පෝෂණවේදීන්ගේ මතය වන්නේ මස් මාළු මැරිනේට් කිරීම නැත්නම් පහේ වර්ග තැවරීම සිදුකළ යුතු හොඳම ක්‍රමය වන්නේ එම මස් හෝ මාළු හොඳින් තම්බා ගැනීමෙන් පසුව වන බවයි. 
එසේම අධිශීතකරණයේ අයිස් කැට මිදීමට තිබෙන තැටිය උඩ මස් මාළු ගබඩා කර තැබීමද නොකළ යුතුය.  

ශීතකරණයේ ආහාර ගබඩා කර තැබිය හැකි දින ගණන්

එළවළු, පලතුරු හා පළාවර්ග සාමාන්‍ය ශීතකරණයේ දින 4ක් හෝ 5ක්.
අමු මාළු හා මස් සාමාන්‍ය ශීතකරණ කොටසේ දිනක් හෝ දෙකක්. අධිශීතකරණයේ නම් නිෂ්පාදිත දිනයේ සිට අවුරුද්දක්
පිසූ ආහාර සාමාන්‍ය ශීතකරණයේ උපරිම දින 4ක්
කිරි නිෂ්පාදිතයා සඳහන් කර ඇති කල් ඉකුත් වීමේ දිනය දක්වා. විවෘත කළ පසු නම් දින 4ක්

ශීතකරණයේ පවිත්‍රතාව

නිවසක නිරන්තරයෙන් පවිත්‍රව තිබිය යුතු එනම් විෂබීජ අධිකවම පවතින ස්ථානය ලෙස සඳහන් කරන්නේ වැසිකිළිය හෝ නාන කාමරයයි. ඉන් පසුව පවිත්‍රව තිබිය යුතු ස්ථානය ලෙස සඳහන් කරන්නේ ශීතකරණයයි. 
ඒ හේතුවෙන් ශීතකරණය සතියකට වරක් පිරිසුදු කළ යුතුය. මාසයකට වරක් සියලු දෑ ඉවතට ගෙන ඉවත් කළ යුතු දේ ඉවත් කර පිරිසුදු කළ යුතුය. මේ සඳහා සබන් දියර පෙඟ වූ රෙදි කඩක් භාවිත කළ හැකිය. එසේම විනාකිරි වතුරට මිශ්‍ර කර පොඟවාගත් රෙදිකඩක්ද භාවිත කළ හැක.
ශීතකරණයෙන් දුඟදක් හමයි නම් බේකිං පවුඩර්/ ආප්ප සෝඩා විවෘත කුඩා බඳුනක දමා ශීතකරණයේ දොරේ තැබිය හැකිය.
එසේ නොමැතිව වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා ශීතකරණය පිරිසුදු කිරීම නොකළ යුතුය.

මේ ගැනත් සැලකිලිමත් වන්න

විදුලිය විසන්ධි වූ අවස්ථාවක පැය දෙක තුනක් විදුලිය නොමැති නම් වැඩි වාර ගණනක් විවෘත නොකර ශීතකරණය භාවිත කළ හැකිය.
එසේ නොමැතිව අධිශීතකරණයේ මිදුණු අයිස් දිය වී යන අයුරෙන් වැඩි වේලාවක් විදුලිය විසන්ධි වී තිබුණේ නම්  ශීතකරණයේ තැබූ ආහාර භාවිතයට ගැනීම නුවණට හුරු නොවේ. මෙවැනි අවස්ථාවක අධික වේලාවක් විදුලිය විසන්ධි වන බව කලින් දැනුවත් නම් මස්, මාළු විගස කල් තබාගත හැකි අයුරෙන් පිස ගැනීම( මාළු නම් ඇඹුල්තියල් දැමීම) යෝග්‍යය.
මස් මාළු හා අධිශීතකරණයේ ගබඩා කරන ආහාර වෙළෙඳ සැලින් මිලදී ගැනීමේදී අනෙකුත් භාණ්ඩ මිලදීගෙන අවසානයේ ඒවා මිලදී ගැනීමට වග බලාගන්න.

ආඝාත රෝගීන් වාර්තා වීමේ වැඩි වර්ධනයක් මුහුණ, දෑත් සහ වචන උච්චාරණය ගැන සැලකිලිමත් වන්න

අපගේ සිරුරේ පවතින අවයව අතරින් අප වැදගත් ස්ථානයක් ලබාදෙනුයේ හදවතටය. මේ හේතුවෙන් අපි හෘදයාබාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් දැනුවත්ව සිටිමු. හෘදයාබාධ ඇතිවන අන්දමටම අපගේ ශරීරයේ තවත් එක් වැදගත්ම අවයවයක් වන මොළයට, රුධිරය රැගෙන යන නාළයක් අවහිර වීමෙන් හෝ රුධිර නාළයක් පුපුරා යෑමෙන් ඇතිවන ආඝාතමය තත්ත්වය හේතුවෙන් එම මොහොතේම එම තත්ත්වයට මුහුණ දෙන්නන්ගෙන් 09%ක් මියයන බව ඔබ දන්නවාද? එසේම එම තත්ත්වයට මුහුණ දෙන අයගෙන් 16%ක් මුල් මාස 03 තුළ මියයයි. රෝගයට ගොදුරු වන 55%ක් ආබාධිත තත්ත්වයට පත්වෙන අතර, 45%ක් සම්පූර්ණ සුවය ලබයි. මෙම රෝගය 90%ක්ම වළක්වාගත හැකි තත්ත්වයක් වන අතර, පුද්ගලයන් මෙම රෝගය පිළිබඳ නොදැනුවත් වීම හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත තත්ත්ව වාර්තා වෙයි. මේ හේතුවෙන් සෑම වසරකම ඔක්තෝබර් 29 වැනිදා ලෝක ආඝාත දිනය ලෙස නම් කර රෝගය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරේ.

11

මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේම රුධිරය සැපයුම අඩාළ වීමෙන් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගොස් ස්නායු සෛල මියයෑම නිසා ඇතිවන හදිසි රෝග තත්ත්වයක් ලෙස ආඝාතය සරලව හඳුන්වා දිය හැකිය. ලොව සෑම වර්ෂයකම පුද්ගලයන් මිලියන 17ක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් මිලියන 6.5ක්ම මියයන බව වාර්තා වේ. මෙරට රෝහල්ගත මරණ අතරින් තෙවැනි තැන ගන්නේද ආඝාත මරණයි. මෙරට සෑම පුද්ගලයන් සියදෙනෙකු අතරින් එක් අයෙකු ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර, සාමාන්‍යයෙන් මෙම රෝගයට බහුලව ගොදුරු වන්නේ වයස 50 – 80ත් අතර පුද්ගලයන් බව සඳහන් කළ හැකිය. නමුත් ඕනෑම වයසක සිටින පුද්ගලයෙකු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ජීවිතක්‍ෂයට පත්වීමට හෝ තාවකාලික හෝ සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩකඩ පවතී. ආඝාත රෝගයට බොහෝ දෙනා ලක්වන්නේ රුධිර නාළ අවහිර වීම හේතුවෙනි. ලේ කැටියක් නහරයක හිරවීම නිසා මොළයට ලේ ගමන් කිරීම අවහිර වීමෙන් මොළයේ සෛල මියයෑම මෙහිදී සිදුවෙයි. එසේම මොළය තුළ ලේ නහරයක් පිපිරීම නිසාද ආඝාතය ඇතිවිය හැකිය.

ආඝාතමය තත්ත්වයක් ඇතිවී ඇත්නම් එය මෙසේ හඳුනාගත හැකිය.
හදිසියේ ඇතිවන තද හිසරදය
හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුතාව
හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැති වීමක් හෝ දැනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුතාවක්, කැරකැවිල්ල සහ සමතුලිතතාවේ වෙනස්කමක්

ආඝාත රෝගයේ ලක්‍ෂණ සුළු වේලාවක්, එනම් මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පැවැතිය හැකි අතර, මෙය 'පුංචි ආඝාතය' ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය පැය 24ක් තුළ සම්පූර්ණයෙන් සුව වුවද, ආඝාතමය තත්ත්වයක් යළි ඇති වීමට හේතු විය හැකිය.
ආඝාත රෝග ලක්‍ෂණ ඉක්මනින්ම හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන අතර, ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආබාධිත තත්ත්වයට පත්වීම අවම කරගැනීමටත් හැකිය. මේ නිසා ක්‍ෂණිකව සිතා ක්‍ෂණිකව තීරණ ගැනීම ඉතා වැදගත් වේ. මේ ආඝාත තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා ඔබට වැදගත් වන්නා වූ පියවර සතරකි. එය 'FAST' ලෙස හඳුන්වාදී ඇත.

FACE-  සිනහ වෙන්න – මුඛය ඇද වේ නම්, (මුහුණේ පැත්තක් පණ නැතිවී මුඛය පැත්තකට ඇදවීම)
ARMS- අත ඔසවන්න – අත පණ නැති වේ නම්, ( එක් අතක් හෝ කකුලක් පණ නැති වීම)
SPEECH- කතා කරන්න – වචන පැටලේ නම්, (කතාවේ වෙනසක්, කතාව පැටලීම, ඔබ කියන දෙය රෝගියාට තේරුම් ගැනීමට නොහැකිද?)
TIME- එසේ නම්, පමානොවී වහාම රෝහලට රැගෙන යන්න.
ආඝාතයට හේතු
අධික රුධිර පීඩනය‍
ලේවල අධික මේදය
දියවැඩියාව
තරබාරුකම
හද ගැස්මේ අසාමාන්‍යතාවන්
දුම්පානය
ශාරීරික ව්‍යායාම මදිකම
අධික මත්පැන් පානය
සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටාවන්
අවුරුදු 65ට වැඩි අයෙකු වීම
පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම
මීට පෙර 'පුංචි ආඝාතය' සෑදී තිබීම

ආඝාත රෝගයට පත් වූ රෝගියෙකු රෝහල්ගත කිරීමේදී සෑම විටම විශේෂඥ ස්නායු වෛද්‍යවරයෙකු සිටින රෝහලක් වීම ඉතා වැදගත්ය. එනම් කොළඹ ජාතික රෝහල, සියලුම ශික්‍ෂණ රෝහල් (රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර සහ මඩකලපුව)
සියලුම පළාත් මහ රෝහල් (කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මාතර හා කළුතර)
කායික වෛද්‍ය විශේෂඥ සේවාවන් ඇති බොහෝ මූලික රෝහල්
දිවයින පුරා ඇති බොහෝ පෞද්ගලික රෝහල්

FAST_genericDigitalbannerV2 new

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි,

02

'ලෝකයේ සෑම පුද්ගලයන් හැටදෙනෙකු අතරින් දසදෙනෙකුම ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙනවා. ඒ නිසා අපේ යුතුකම වන්නේ මේ රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරලා රෝගියෙකු ඉතා ඉක්මනින් රෝහලක් කරා රැගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යම් අයෙකුට පපුවේ අමාරුවක් හැදුනොත් ඉතා ඉක්මනින් රෝහලකට ගෙනයා යුතු බව අපි දන්නවා. නමුත් ආඝාත රෝගියෙකු රෝහල කරා රැගෙන ඒම සිදුවෙන්නෙ ඉතා ප්‍රමාදවයි. එයට හේතුව තමයි ආඝාතයට වේදනාවක් නැති එක. ආඝාත රෝගීන් 25%ක් මරණයට පත්වන්නේ රෝහලට ගෙන ඒම ප්‍රමාද වීම නිසයි. ඒ නිසාම %FAST^ කියන පියවර හතර මිනිසුන් දැනගෙන සිටීම ඉතා වැදගත්. අපේ මොළයේ බර ශරීරයේ බරෙන් 02෴ක් පමණ වෙනවා. නමුත් හෘදයෙන් පිටවෙන රුධිරයෙන් 20%ක්ම යන්නේ මොළයට. ඒ කියන්නේ මොළයට රුධිරය යෑම අවහිර වුවහොත් සිදුවන හානිය ඉතා වැඩියි. කකුලක නහරයක් ගැටගහලා පැයක පමණ ශල්‍යකර්මයක් කළත් කකුල ජීවත් වෙනවා. නමුත් මොළය එලෙස ජීවත් වන්නේ නැහැ. ඒ නිසා ඔබ වහාම රෝගියාව රැගෙන ආවොත් රෝගියාගේ මොළය බේරාගත හැකියි.'

ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,

01

'ආඝාතය කියලා හඳුනාගන්නේ මොළයට රුධිරය සපයන නාළයක් අවහිර වීම හෝ පුපුරා යෑම නිසා මොළයේ කොටසකට සිදුවන බලපෑමකින් ඇතිකෙරෙන රෝග ලක්‍ෂණ සමූහයකටයි. මොළයේ  සෛලවලට විනාඩි 05ක් වත් රුධිරය නැතිව තිබෙන්න බැහැ. ඒ අනුව හානිය සිදුවන ස්ථානය අනුව සිදුවන්නේ කුමක්ද කියන එක තීරණය වෙනවා. මෙය ඉතාම බරපතළ තත්ත්වයක් වන්නේ ඉතාම ක්‍ෂණිකව මේ තත්ත්වයට පත්වීමයි. මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක්. මොකද සැලකිය යුතු පුද්ගලයන් ගණනකට ජීවිතය අහිමි වීමයි. අපේ රටේ ආඝාත රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව අනෙක් රටවලට සාපේක්‍ෂව වැඩි බව සිදුකළ සමීක්‍ෂණයකින් වාර්තා වුණා. ඒ අනුව මෙය දුර්ලභ තත්ත්වයක් නොවන බව පෙන්නුම් කෙරෙනවා. සෑම දිනකම කොළඹ ජාතික රෝහලට ආඝාත රෝගීන් 04ක් ඇතුළත් වෙනවා. විශේෂයෙන් 30%කට වැඩි රෝගී පිරිසක්ම වයස 60ට වැඩි අය බව අපි දකින තත්ත්වයක්. නමුත් අවුරුදු 45ට අඩු තරුණ රෝගීන් සැලකිය යුතු පිරිසක් අපේ රටෙන් වාර්තා වෙනවා. ආඝාත තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුගේ තත්ත්වය පිරික්සීමට 'සීටී ස්කෑන්' පරීක්ෂාවක් සිදුකිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. ඒ නිසා ප්‍රධාන රෝහලක් කරා රෝගියෙකු රැගෙන යෑමත්, හැකි විගස රැගෙන යෑමත් ඉතා වැදගත් වෙනවා.  
ලෝක ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පවත්වන ලද සම්මන්ත්‍රණයක් ඇසුරෙනි. 

අනාරක්ෂිත කරාඹු පැලඳීමේ අවදානම ගැන දැනුම්වත්ද?

ලස්සන වීමට ආලේපන වර්ග තැවරීමට මෙන්ම ආභරණ පැලඳීමටත් කාන්තාවන් හුරුපුරුදු වූයේ ඈත අතීතයේ සිටය. අතීතයේ කාන්තාවන් තැවරූ ආලේපන වර්ග ස්වාභාවික මෙන්ම ඖෂධීය ඒවා වූවද වර්තමානය වනවිට කාන්තාවන් ආලේප කරන නිෂ්පාදනයන් බොහෝමයක්ම පාහේ නිෂ්පාදනය කරන්නේ රසායනික සංයෝගයන් භාවිත කරමිනි. 

jbr40019f2

ආභරණ පැලඳීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේද වෙනස්ම වූ පෙළඹීමකි. වි‍ශේෂයෙන් ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු දැමීම වර්තමානය වනවිට ගැහැනු පිරිමි ‍ෙභ්දයකින් තොරව  සිදුකරන්නකි.
මෙලෙස හිතුමනාපයට ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු පැලඳීම සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවට පසුගිය දිනක MSN ජාත්‍යන්තර පුවත් සේවය මගින් වාර්තා කර තිබුණේ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකුගේ කරුණු දැක්වීමක්ද ගෙනහැර දක්වමිනි.
ඔවුන් පවසන ආකාරයට කන් පෙත්ත, නාසය, දිව, ඇහි බැම, තොල්, නාභිය ආදී ඕනෑම ස්ථානයක කරාඹු පැලඳීමේදී ආසාදන තත්ත්ව ඇති වුවහොත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මෙන්ම ස්නායුවලටද හානි ඇති වීමට අවදානමක් තිබේ.
මෙවන් අවදානමක් ආභරණ පැලඳීමෙන් දැරීමට සිදුවේ නම් ඒ පිළිබඳව වඩාත් පරීක්ෂාකාරී මෙන්ම ආරක්ෂාකාරී උපදෙස් අනුගමනය කිරීම වටින බැවින් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසා බැලීමට අප අදහස් කළෙමු. 
විශේෂයෙන්ම කුඩා වයසේදී ගැහැනු දරුවන්ගේ කන් සිදුරු කර කරාඹු දැමීමේදීද මෙවැනි තත්ත්ව ඇති වීමට ඉඩක් පවතින්නේද යන්න පිළිබඳවත් මෙහිදී අප විමසා බැලුවෙමු. අප මේ සඳහා සම්බන්ධ කරගත්තේ (ළමා) ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාවය.

'මිනිස් කන් පෙත්ත ගැන බැලුවම එය සැකසී ඇත්තේ කාටිලේජයක් වටේ මෘදු පටක වැඩී ඊටත් උඩින් සම වැඩීමෙන්.  කන විදීමේදී වැරැදි ස්ථානයක විද කාටිලේජයට යම්කිසි හානියක් වුණොත් එම කාටිලේජය නැවත වර්ධනය වීම සිදු වන්නේ නැහැ. එවිට කන්පෙත්තක පවතින සෘජු ස්වභාවයට හානිවී කන්පෙත්ත පණ නැති ස්වභාවයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බැක්ටීරියා ආසාදනයක් සිදුවී කාටිලේජයට හානි සිදුවුවහොත් කනේ සෘජු ස්වභාවය අහිමි වෙන්නට හැකියාවක් පවතිනවා. ඒ හැර කන්පෙත්තේ ස්නායුවලට හානි වීමක් අපිට දකින්නට නැහැ. මේ නිසයි කනේ කාටිලේජ අසු නොවන මෘදු සම පිහිටි ප්‍රදේශයන් විද කරාඹු දැමීම සාමාන්‍ය‘යෙන් සිදුකරනු ලබන්නේ. නහය ගැන බැලුවමත් මේ වගේමයි කාටිලේජමය පිහිටීමක් තමයි නහයේ තිබෙන්නේ. නහය ආශ්‍රිතව ස්නායු පිහිටා තිබුණත් නහය විදීමේදී මෙම ස්නායු පිහිටි ස්ථාන අසුනොවෙන තත්ත්වයක් පවතිනවා. නමුත් මෙම විදින ස්ථාන ආසාදනය වීමෙන් සෞඛ්‍යමය ගැටලු ඇති වීමේ අවදානමක් පවතිනවා.

untit

ශරීරයේ ඕනෑම ස්ථානයක් විද ආභරණ පැලඳීමේදී එම විලාසිතා අනුගමනය කරන්නාට වඩා ඒවා දකින පුද්ගලයන්ට දැනෙන්නේ අප්‍රසන්න හැඟීමක්. මිනි‍ෙසකුට ලස්සන වීමට අනුගමනය කළ හැකි දේවල් විද්‍යාත්මකව හා බුද්ධිමත්ව සිදුකරනවාට වඩා දැන් තිබෙන්නේ විලාසිතාවන් කියලා ගෙවල්වල බිත්ති සරසනවා වගේ දේවල් සිදුකරන තත්ත්වයක්. මේවගෙන් පසුකාලීනව ඇතිවන තත්ත්ව එතරම් හිතකර තත්ත්ව නොවෙයි.

11111 

විශේෂයෙන් කන හෝ යම් ස්ථානයක් විදීමට භාවිත කරන ලෝහ මෙන්ම පලඳින ආභරණවල ලෝහ අසාත්මික වීමේ අවදානමක් පවතිනවා. ඒ ඒ ලෝහ වර්ග නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනික වර්ග අසාත්මික නොවුණත් සමේ සෛල සමග එකතුවී වෙනත් රසායන නිෂ්පාදනය කරන්නට හැකියාවක් තිබෙනවා. එයින් හානි සිදුවෙන්න පුළුවන්. 

ඒ වගේම ලෝහ විෂ වීම නිසාත් හානි සිදුවීමට හැකියාවක් තිබෙනවා. දරුවෙකුගේ හෝ ඕනෑම අයෙකු මේ වගේ ආභරණ පැලඳීමට ශරීයේ ඕනෑම ස්ථානයක් විදීම සිදුකරනවා නම් පළපුරුදු මෙන්ම සුදුසුකම්ලත් අයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වෙනවා. 
ඒ වගේම තවත් එක් විශේෂ දෙයක් සඳහන් කරන්නට අවශ්‍යයි. රූපලාවණ්‍යාගාරවල භාවිත කරන ආලේපන වර්ග සම්බන්ධයෙන් වර්තමානයේ විශාල ගැටලු පවතිනවා. විශේෂයෙන් මෙම ආලේපනවල අඩංගු රසදිය ප්‍රදාණයන් ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නේ. විශේෂයෙන් සුදු වීමට නැතිනම් පැහැපත් වීම සඳහා ආලේප කරන නිෂ්පාදනයන්වල රසදිය ඇතුළු බැරලෝහ අධිකව අඩංගු වෙනවා. මේවාගෙන් තාවකාලිකව ලස්සනක් ලබාගන්න යමෙකුට පුළුවන් වුණාට පිළිකා ඇති වීම සම්බන්ධයෙන් වැඩි නිරාවරණය වීමක් මෙමගින් සිදුවෙනවා. සාමාන්‍ය‘යෙන් රූපලාවණ්‍ය නිෂ්පාදනයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය යුනිට් 1ක් ලෙසයි සඳහන් වන්නේ . නමුත් අපේ රටේ අලෙවි වන ඇතැම් නිෂ්පාදනවල 900ක් පමණ අඩංගු බවට සිදුකරනු ලැබූ රසායනාගාර පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. 
විශේෂයෙන් යුරෝපා රට වලින් තහනමට ලක්කර වෙළෙඳ පොළෙන් ඉවත් කළ නිෂ්පාදන වර්ග අපේ රටේ යහමින් අලෙවි වන තත්ත්වයක් පවතිනවා. මේවා ආලේප කළාම ටික දවසක් ලස්සනට ඉන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ඇති වන තත්ත්ව ඉතා භයානකයි. 
අතීතයේ ලංකාවේ ස්වාභාවික ආලේපන තිබුණා. නමුත් දැන් ලාභ අරමුණු කරගෙන නිෂ්පාදනය කෙරෙන දේවල් නිසා අනාගත පරපුරම අනතුරකට ලක්වෙලා තිබෙනවා. 

untitled

විශේෂයෙන් කාන්තාවන් ආලේප කරන දේවල් නිසා ඒවායේ රසායනිකවල බලපෑමෙන් ඔවුන්ට ඉපදෙන දරුවන් ජානමය වශයෙන් විකෘති වීමේ හැකියාවකුත් පවතිනවා. ගර්භිණී මවුවරුන්ට අපි කියනවා එක්ස් කිරණවලට මෙන්ම විකිරණවලට නිරාවරණය වෙන්න එපා කියලා. මේ බැරලෝහ හා රසදිය අඩංගු ආලේපන භාවිතයෙනුත් සිදුවන්නේ විකිරණවලට නිරාවරණය වීමෙන් සිදුවන දේමයි.

ඒ නිසා කාන්තාවන් ආලේප කරන ආලේපන නිසා ඔවුන්ට උපදින දරුවන්ට ජානමය වශයෙන් බලපෑම් සිදුවීමේ තත්ත්වයක් පවතින බව පැවසිය හැකියි*.

ලොව පුරා කාන්තාවන් පස්දෙනෙකුගෙන් තිදෙනකුට ප්‍රසූත නිවාඩු අහිමියි

දුප්පත් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අසමත් වීම මගින් කාන්තාවන් අසහනයට පත්වීම, සාමයට තර්ජනයක් ඇතිවීම හා ලෝක සංවර්ධන ඉලක්කයන්වලට ළඟාවීමට නොහැකි වීම  යන තත්ත්ව ඇතිවීමට මඟපාදන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ (UNFPA) නවතම වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ.

ඔවුන්ගේ නව වාර්තාවට අනුව ලෝකයේ වෙසෙන ස්ත්‍රී ප්‍රජාවගෙන් හරි අඩක් පමණක් වැටුප් ලැබෙන රැකියාවන්හී නිරත වෙයි. එමෙන්ම  කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන් උපයන වැටුපෙන් සියයට 77 ක පමණ වේතනයක් බවද ඔවුන් පෙන්වා දෙයි. ලොව පුරා කාන්තාවන් පස්දෙනෙකුගෙන් කාන්තාවන් තිදෙනකුට මාතෘ ( ප්‍රසූත) නිවාඩු නොමැති බවත් ප්‍රසූත නිවාඩු ලබාගැනීම හේතුවෙන් සේවකයන්ට හිමිවන වරප්‍රසාද කප්පාදුවට ලක්වීම් වලට කාන්තාවන් මුහුණදෙන බවත් ඔවුන් මෙම නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.
මෙලෙස කාන්තාවන් මුහුණ දෙන අසමානතාව කඩිනමින් විසඳනු නොලැබුවහොත් හා කාන්තාවන් බලාත්මක  නොකළහොත් ඒ ඒ රටවල සාමයට තර්ජනයන් එල්ලවිය හැකි බවත්, එම රටවල සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ඊයේ (17දා) ප්‍රකාශයට පත්කරන ලද ‘ලෝක ජනගහනය 2017 ‘වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.

කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම් සමස්ත ගෝලීය ප්‍රජාවගේ සංවර්ධන ඉලක්කයන්ට ඇතුළත් විය යුතු බවද  මෙම නව වාර්තාවේ සඳහන් වේ. 
කාන්තාවන්ට පවුල් සැලසුම් ක්‍රම සමීප කිරීමට නොහැකි වීම මෙන්ම දුප්පත් කාන්තාවන්ට ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අසමත් වීමෙන්ද දුප්පත් කාන්තාවන් තවදුරටත් ආර්ථිකයට දායක වීම දුර්වල විය හැකි බවත් ඉන් දුප්පත්කම තුරන් කිරීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්ක කරා රටකට ළඟා වීමට නොහැකි වනු ඇති බවත් එහි දැක්වේ.

shutterstock_462618853

බොහෝ සංවර්ධනය වන රටවල දුප්පත් කාන්තාවන්ට පවුල් සැලසුම්කරණය සඳහා අවම විකල්ප අවස්ථා පවතියි.  එසේම ඔවුන් දරු ප්‍රසූතියන්ට මුහුණ දෙන්නේ වෛද්‍යවරයකු හෝ වින්නඹු සේවක සේවිකාවන්ගේ සහාය නොමැතිව බවද මෙම වාර්තාවේ සඳහන් වේ. 
 සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට පවුල් සැලසුම් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති බැවින් වාර්ෂිකව සැලසුම් නොකළ ගැබ් ගැනීම් මිලියන 89 ක් සිදුවන බවත්  එම ගැබ් ගැනීම් ගබ්සාවෙන් කෙළවර කිරීම් මිලියන 48ක් වාර්ෂිකව වාර්තා වන බවත් එහි දැක්වේ. මෙය කාන්තාවන්ගේ සෞඛ්‍යයට මෙන්ම කාන්තාවකට රටක ශ්‍රම බළකායට බැඳී හෝ රැඳී සිටීමේ හැකියාව සීමාකර ඔවුන්ගේ මූල්‍යමය ස්වාධීනත්වය කරා ගමන් කිරීමට ඇති හැකියාවටද හානි කරන බව දැක්වෙයි.  

දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් අහිමි වීම,  අදාළ සේවාවන් සඳහා ප්‍රවේශය නොමැති වීම මගින්  නිවසෙන් පිටත රැකියාවක යෙදීමට කාන්තාවන් අධෛර්යමත් කරනු ලබයි. එසේම ශ්‍රම බළකායේ සිටින කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු අහිමි කිරීම් සහ ගර්භිණීභාවය නිසා සේවා යෝජකයන්ගේ වෙනස්කොට සැලකීම්වලට කාන්තාවන් ලක්වී මාතෘෘත්වය දඬුවමක් බවට සේවා ස්ථානයේදී පත්කිරීම නිසාද කාන්තාවන්ට රැකියාව හා මාතෘෘත්වය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.