Author Archives: වවුනියා මධුසංක අමරසිංහ

උතුරු මහඇමතිගේ දෙමළ ජනතා සභාවෙන් පක්ෂයක් නොඑයි

උතුරු මහඇමතිගේ දෙමළ ජනතා සභාව නව වර්ෂය වෙනුවෙන් රැස්වෙයි. දේශපාලන පක්ෂයක් වශයෙන් නොඑන බවත් කියයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සභාපතිත්වය දරන දෙමළ ජනතා සභාව ඊයේ (16දා)සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කොට තිබිණි.

ඊයේ පැවැති දෙමළ ජනතා සභාව ඇමති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ‘දෙමළ ජනතා සභාවට මේ වනවිට යහපත් ප්‍රතිචාර මෙරට මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ලැබෙන බවයි. බොහෝ පිරිසක් දෙමළ ජනතා සභාව දේශපාලනික පක්ෂයක් වශයෙන් ජනතාව අතරට යායුතු බව සඳහන් කරන්නේ යැයිද ඔහු කීය.

නමුත් තමන් මේ වනවිටත් එවැනි තීරණයකට එළඹ නොමැති අතර, දෙමළ ජනතා සභාවට ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට සහභාගි වී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසී ඇති බවත්, දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නගා ඔවුන්ට විසඳුම් ලබාදීම දෙමළ ජනතා සභාවේ එකම ජයග්‍රහණය බවත් ඔහු පවසා සිටියේය.

ඊයේ පැවැති දෙමළ ජනතා සභාව වෙනුවෙන් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ඇතුළුජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

දෙමළ ජනතා සභාව පිහිටුවාගනු ලැබුවේ 2015 වසරේදී දෙසැම්බර් 27වැනිදා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදීය.

625.0.560.320.160.600.053.800.700.160.90 (11) 625.0.560.320.160.600.053.800.700.160.90 (14)

ජල්ලිකට්ටු නැවතත් උතුරෙදී

ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත.

ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ඉතා අවධානම් සහගත ක්‍රීඩාවකි.

ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.

දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.

ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නක් වන අතරම ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය.

මේ දිනවල කිළිනොච්චිය පෙරිය පරන්තන් ක්‍රීඩාංගනය ආසන්නයට තරුණයින් පිරිසක් එකව ජල්ලි කට්ටු ක්‍රීඩාවට යෙදෙන අතරම යාපනය දිස්ත්‍රීක්කයේදී ස්ථාන කිහිපයක ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවත්වීමට පියවර ගෙන ඇත.

ජල්ලි කට්ටු  ක්‍රීඩාවට විරෝධය පළකරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතම් තරුණයින් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කල නොහැකි බවටයි.

625.0.560.320.160.600.053.800.700.160.90 (4) copy 625.0.560.320.160.600.053.800.700.160.90 (6) copy 625.0.560.320.160.600.053.800.700.160.90 (7) 625.0.560.320.160.600.053.800.700.160.90 (8) copy 625.0.560.320.160.600.053.800.700.160.90 (9) copy 625.0.560.320.310.730.053.800.670.160.90 (5) copy 625.0.560.320.310.730.053.800.670.160.90 (7) copy 625.0.560.320.310.730.053.800.670.160.90 (8) copy

 

මුලතිව් ධීවරයින්ට මාළු වෙනුවට හඳුනානොගත් යකඩ බෝල

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ඊයේ (16දා) සවස හඳුනානොගත් කලු පැහැති විශාල යකඩ බෝල 2ක් හමු වී ඇති බව මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය පවසයි.

 කිලෝ ග්‍රෑම් 25 ක පමණ බරින් යුත් මෙම යකඩ බෝල දෙක කුමන කරුණක් හේතුවෙන් මුලතිව් මුහුදට පැමිණියේද යන්න මෙතෙක් සොයාගෙන නොමැති අතර අදාළ යකඩ බෝල දෙක ධීවරයින් විසින් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට බාර දී ඇත.

යකඩ බෝල දෙක කිසියම් සාගර පරික්ෂණ කටයුත්තක් සඳහා භාවිතා කොට ඇති බවට මුලතිව් ධීවරයින් සැක පළ කරන අතර යකඩ බෝල දෙක කුමක්දැයි යන්න පරික්ෂා කිරීමට බලධාරීන් වෙතට යොමු කිරීමටද මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පියවර ගෙන ඇත.

Capture

උතුරට ආ වැදි පොජ්ජ වව්නියාවේදී ක්‍රිකට් තරඟයක

දඹාන ආදී වාසීන්ට නව අත්දැකීමක් එක් කරමින් එහි ආදීවාසීන් පිරිසක් වව්නියාවට රැගෙන විත් වව්නියාවේ දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමග ක්‍රිකට් තරඟාවලියක් වව්නියාව පොලීසිය විසින් සහ ආකාශ් සමූහ කාර්ය මණ්ඩලය විසින් අද (14) දිනය පුරා සංවිධානය කොට තිබුණි.

වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවිලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුනේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණු ඇතිවය.

ආදී වාසීන්ගේ ක්‍රිකට් තරගාවලිය වව්නියාවේ වැසියන්ට නව අත්දැකීමක් වූ තර එම ක්‍රිකට් තරග නැරඹීමටද පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි විය.

DSC_2181 DSC_2204 DSC_2236

 

ටීඑන්ඒ දැන් අතුරුදන් වූවන් වෙනුවෙන් කතාවක් නැහැ

ටී.එන්.ඒ. කටවල් වැහිලා අතුරුදහන් වූවන් වෙනුවෙන් කතකරන්න වුරුත් නැහැයි කියමින් වව්නියාවේ විරෝධතාවක් 
දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන දෙමළ ජාතික සන්ධානය අතුරුදහන් වූවන් වෙනුවෙන් කිසිදු හඩක් නොනගන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයට දැඩි විරෝධය පාමින් ඊයේ (13) වව්නියාවේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ඉල්ලා වවුනියාවේදී සිදු කෙරෙන සත්‍යග්‍රහයට අදට දින 324 ක් පිරීම නිමිත්තෙන් වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිටදී අද දිනඅතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙසේ විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ,
දෙමළ ජාතක සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් මහතා හැරෙන්නට දෙමළජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ කිසිදු නායකයෙක් අතුරුදහන් වූවන් වෙනුවෙන් කිසිදු හඩක් නොනගන හෙයින් ඔවුන් සියලු දෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කරන බවටත් ඔවුන් දෙමළ ජනතාව රැවටීමක් සිදු කරමින් සිටින බවටත්ය.
විරෝධතාවයේ යෙදුනු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගේ කටවල් වහන ලද බැනරයක්ද ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
IMG20180113125934 IMG20180113130113

 

බැකෝ යන්ත්‍රයක් පාසල් පාසල් සිසුවෙකු මතට පෙරළෙයි

කිලිනොච්චිය මුලංකාවිල් මාර්ගයේදී ඊයේ (09දා) සවස බැකෝ යන්ත්‍රයක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව එහි රියදුරු රියදුරු බරපතළ තුවාල ලබා ඇතැයි මුලංකාවිල් පොලීසිය පවසයි.

මුලංකාවිල් ප්‍රදේශයේ පදිංචි උදයකාන්තන් ප්‍රසාද් (14) නැමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ බැකෝ රථය අධික වේගයෙන් පැදවීම නිසා එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 මෙම අනතුර සිදු වන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිට ඇති පාසල් සිසුවා අනතුරටපත් බැකෝ යන්ත්‍රයට යටවීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එහි රියදුරු යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.

මුලංකාවිල් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

11

 

A9 මාර්ගයේ අනතුරින් 4ක් මරුට

මහනුවර – යාපනය මාර්ගයේ (A9)  කොකාවිල් ප්‍රදේශයේදි යාපනය දෙසට ධාවනය වූ වෑන් රථය් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ සිව් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. රියදුරු හා තවත් සිව්දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

එම තුවාලකරුවන් අතරින් සිව් දෙනෙක් මෙසේ මියගොස් ඇත. ඊයේ (09දා) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

625.0.560.320.500.400.197.800.1280.160.90 (1) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (2) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (3) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (4) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (6) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (7) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 copy main

දයා මාස්ටර්ට පහර දීමට හේතුව රූපවාහිනි සම්බන්ධතාව විසන්ධි වීමක්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයාමාස්ටර්ට පහරදීමට හේතුව සැකකකරුගේ නිවසේ රූපවාහිනී සම්බන්ධතාව විසන්ධිවීම නිසා සිදු වූවක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ පවතින සන්නිවේදන ගැටලු හේතුවෙන් යාපනයේ බහුතරය රැහන් සහිත (කේබල් රූපවාහිනි) රූපවාහිනි සම්බන්ධතා විසන්ධි වී ඇති බවද පොලීසිය පවසයි.

දයාමාස්ටර් මේ වනවිට අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් සේවය කරන රූපවාහිනී නාළිකාවේද මෙම තත්ත්වය උද්ගතව ඇති බව මේ පිළිබඳව උරණ වූ බීමතින් සිටි සැකකරු මෙම පහරදීම සිදු කර ඇතැයි යාපනය පොලීසිය සැක පළ කරයි.

 එම දෙමළ රූපවාහිනි නාලකාවේ සමබන්ධතාවයද මුදල් නොගෙවීම නිසා විසන්ධිවීම හේතුවෙන් එයට උරණ වූ

අංක 212/ 02 ප්‍රධාන පාර යාපනයේ පදිංචි මේසස් සද්ගුණදාස් (52) නැමැත්තෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 සැකකරු විසින් සිදු කරන පහරදීම් වලින් දයා මාස්ටර්ට සුළු තුවාල සිදුව ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සැකකරු (09) දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.   

Snapshot(45) copy copy

 

 

මුල්ලිකුලම් රක්ෂිතයේ දැව ජාවාරමක් හෙළිවේ

වවුනියාව මුල්ලිකුලම් රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් පිළිබඳව අනාවරණය කර ගැනීමට මඩු අඩවි වන නිලධාරීන් හා කුරුක්කල් පුදුකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අද (04දා) ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී හැකිව තිබේ.   

අදාළ ජාවාරම පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව මඩු අඩවිවන නිලධාරීන් හා කුරුක්කල් පුදුකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (03දා) රාත්‍රියේ මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇත.

ඒ අනුව මුල්ලිකුලම් රක්ෂිතයේ කුට්ටමනී කොටසේ සඟවා තිබූ  බුරුත දැව තොගයක්ද සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.

මෙම මෙහෙයුම පිළිබඳව ජාවාරම්කරුවන්ට තොරරතුරු ලැබීමෙන් පසු  දැව පැටවූ කැබ් රථය ඔවුන් විසින් රක්ෂිතයේ කිලෝමීටර් 20 ක් පමණ කැලෑව තුලට රැගෙන ගොස් සඟවා තිබූ බව වැටලීමට එක්වූ නිලධාරීහු පවසති.

අත්අඩංගුවට පත් කැබ් රථයේ හිමිකරුවන් අනුව මෙම දැව ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අද දිනයේදී අත්අඩංගුවට ගැනීමට මඩු අඩවි වන නිලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

මඩු අඩවිවන නිලධාරී එල්.ඒ.එස්.යාපා , අතිරේක අඩවි වන නිලධාරී කේ.එච්.එස්.කාරියවසම්, මුල්ලිකුලම් බීට්ටු වන නිලධාරී එච්.කේ.ජී.ජයන්ත, පොලිස් විශේෂ කාර්ය බළකායේ පූවර්ෂන්කුලම් කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී.ඒ.ජයවීර අතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුමට එක් වූහ.

IMG-20180103-WA0011 IMG-20180103-WA0014 IMG-20180103-WA0015

   

උතුරේ ලංගම බස් ගැටලුව උසාවි ගිහින් හරි විසඳනවා – බදියුදීන්

පසුගිය දින තුනක් පුරාවට උතුරේ ධාවන කටයුතුවලින් ඉවත් වූ ලංගම බස් රථ ගැටලුවට අද (04දා) දිනයේදී අධිකරණ මාර්ගයෙන් හෝ විසඳුමක් ලබාදී අද දිනයේ සිට බස් ධාවනය කරවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බස් ධාවනයෙන් ඉවත්ව සිටින වවුනියාව ඩිපෝවට ඊයේ (03දා) රාත්‍රියේ ගොස් එහි කළමනාකාරවරයා ඇතුළු ක්‍රියාකරීන් හමුවී සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,

''පසුගිය දින තුනක් පුරාවට මේ නිසා ගම් වැසියන් වගේම විශේෂයෙන්ම පාසල් දරුවන්, ගුරුවරුන් වගේම සාමාන්‍ය ජනතාවත් මෙම තත්ත්වයට මුහුණපා‍ තියෙනවා. මෙතැන ගැටලුව පෞද්ගලික බස් සමග ඇති වෙච්ච දෙයක්. මේ වෙනකොට පොලීසියටත් ඒ ගැන පැමිණිලි 14ක් පමණ ලැබිලා තියෙනවා. මේ වෙන කොට උතුරු මහඇමතිගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ශ්වයේම බස් සාමාජිකයන් සමග සාකච්ඡාවක් තිබුණා කියලා දැනගන්නට ලැබුණා. එහිදී ඒකාබද්ධ කාලසටහනකට දෙපාර්ශ්වයේම බස් ධාවනය කරන්න තීරණය වෙලා තිබෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙනකොට තව කල් ගතවන නිසා දැනට තියෙන කාලසටහනට බස් ධාවනය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

ඒ වගේම මම බස් අධ්‍යක්ෂවරුන්ගෙන් වගේම මම බස් සංගම්වලිනුත් ඉල්ලා සිටිනවා අද (04දා) සිට බස් ධාවනය කරන්න කියලා. එහෙම බස් ධාවනය නොවුණොත් අපි උසාවි ගිහිල්ලා හරි බස් ධාවනය කරන්න සිදු වෙනවා'' යනුවෙනි.

වවුනියාව පැරණි බස් නැවතුම්පළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව වසා දමා නව බස් නැවතුම්පළේ සිට ලංගම හා පෞද්ගලික බස් එකට ගාල්කොට ධාවන කටයුතු ආරම්භ කරන ලෙසට දුන් දැනුම් දීමෙන් පෞද්ගලික බස් පමණක් මේ වන විට නව බස් නැවතුම්පළේ ගාල්කොට ධාවන කටයුතු ආරම්භ කර ඇතත් ලංගම බස් ධාවනයෙන් ඉවත් වූයේ පවතින කාලසටහනට අනුව නව බස් නැවතුම්පළේ සිට බස් ධාවනය කිරීමට නොහැකි බව කියමිනි.

මේ අතර පැරණි බස් නැවතුම්පළ වසා බස් රථ ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නිසා එයට විරෝධය පාමින් පසුගිය දින 03ක් පුරාම පැරණි බස්නැවතුම්පළ තුළ පිහිටි වෙළෙඳ සැල් 147ම වසා තැබුණි. තමන්ගේ ව්‍යාපාරවලට දැඩි පාඩුවක් හා අසාධාරණයක් වන බැවින් වවුනියාව නගරය තුළ ධාවනය වන පෞද්ගලික හා ලංගම බස් පමණක් හෝ පැරණි බස් නැවතුම්පළේ සිට ධාවනය කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලමිනි. Snapshot(45) Snapshot(50) Snapshot(53)