Author Archives: ටී.කේ.ජී.කපිල

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශය බලා යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ ක්‍රිකට් සංචාරය ආරම්භ කිරීම සඳහා බංග්ලාදේශය බලා පිටත්වීම අද (13දා) උදෑසන සිදුවිය.

ඒ අනුව, අද පෙ.ව. 8.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. -189 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා බලා පිටත්ව යන ලදී.

 

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට්

JDK_6918 copy JDK_6936 JDK_6942 JDK_6947 JDK_6969

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පසුගිය වසරේ වැටලීම්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පසුගිය වසරේ ජනවාරි මස 01දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කළ වැටලීම්වලදී රුපියල් කෝටි 990 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 332 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

  මෙම හෙරොයින් සමග පුද්ගලයන් 29,690 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් 36 ක් විදේශිකයෝ වෙති. මෙම සියලු දෙනාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 29,690 ක් ද පැවරීමට කටයුතු යොදා ඇත.

  මීට අමතරව රුපියල් නව කෝටි අනූ අට ලක්ෂයක් වටිනා ගංජා කිලෝග්‍රෑම් 4990 ක ප්‍රමාණයක් , ඒවා ළඟ තබා ගත් පුද්ගලයන් 51,870 ක් සමග මෙම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබුණි.

තවද කොකේන් සන්තකයේ තබා ගත් පුද්ගලයන් 29 දෙනෙකු සමග රුපියල් හතලිස් හතර ලක්ෂ දහ තුන් දහසක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 220 යි ග්‍රෑම් 650 ක් ද මෙම අදාළ කාලසීමාව තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එමෙන්ම රුපියල් හත් ලක්ෂ හැට තුන් දහස් හාරසියයක් වටිනා හෂීස් කිලෝග්‍රෑම් 38 යි ග්‍රෑම් 170 ක්  හා ඒවා ළඟ තබා ගත් පුද්ගලයන් 35 දෙනෙකු සමගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

41457100-heroin-jpg

2017 වසරේ රේගු වැටලීම්වල ප්‍රගතිය

2017 වසරේ කටුනායක ගුවන්තොටුපලේ ශ්‍රීලංකා රේගු වැටලීම්වලින් රුපියල් මිලියන 1089කට අධික මුදලක් උපයා ගෙන ඇත.

ඒ අනුව වැඩිම මුදලක් උපයාගෙන ඇත්තේ මුදල්වලින් වන අතර ඒ රුපියල් 503,443,106 ක මුදලකි. එයට ලත් දඩය වන රුපියල් 14,735,000ක මුදලද සමග මුළු එකතුව රුපියල් 518,178,106ක් වෙයි. 

එලෙස වැටලීම්වලින් අත්අඩංගුවට ගත් අනෙකුත් මුදල් ප්‍රමාණ මෙසේයි.

 

වර්ගය භාන්ඩවල වටිනාකම නියම කළ දඩය මුළු එකතුව
රන් 257,596,449 14,168,465 271,764,914
මුදල් 503,443,106 14,735,000 518,178,106
මැණික් 92,312,829 10,950,000 103,262,829
සිගරට් 56,754,008 6,385,000 63,139,008
වන සම්පත් 39,747,808 4,386,200 44,134,008
මත්ද්‍රව්‍ය 86,354,600 නැත 86,354,600
ඖෂධ 2,466,303 135,000 2,601,303
එකතුව 1,038,675,103 50,759,665 1,089,434,768

 

article-2610239-0041526D00000258-53_634x375

ලෝකයේ විශාලම ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි

ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත  A – 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද (25දා) අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. – 449 දරන ගුවන් යානය මෙසේ ගොඩබස්සවන ලදී.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා යන අතරතුර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් මෙය ගොඩබස්වා  ඇති අතර  යානයේ මෙහි මගීන් 400 ක් කාර්ය මණ්ඩලය 30 ක් ද සිටියද  ඔවුහු කිසිවෙක් ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.

 යානයට  ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

An-Emirates-Boeing-777-200-LR-Aircraft-2

 

හොරෙන් ගෙනා ලක්ෂ 60ක සෙල්ෆෝන් රේගුවේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෝ තිදෙනෙක් රේගු නිලධාරීන් විසින් අද (19දා) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

සැකකරුවන් අද 19දා අලුයම ඩුබායි හා චීනයේ ග්වැන්ෂෝ  සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.

සැකකරුවන් විසින් රැගෙන ආ ජංගම දුරකථන තොගය අතර ඇපල්, සැම්සුන් ආදී වටිනා දුරකථන ඇති බවද රේගුව පවසයි.

මෙම ව්‍යාපාරිකයන් මෙම දුරකථන ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ගෙන ආ බවට රේගු නිලධාරීන් විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ තිබේ.

IMG-20171219-WA0001 copy

 

 

 

මැලේසියානු අගමැති පැමිණෙයි

මැලේසියානු අග්‍රාමාත්‍ය මොහාඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (17දා) උදෑසන 8.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය .

ඔහු සමග දූත පිරිස ලෙස 30 කු පමණ පැමිණ සිටි අතර , මෙයට පෙර දින වල එරට ඇමතිවරුන් 05 දෙනෙකු ද මෙම සංචාරය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටිති.

මැලේසියානු අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස මැලේසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

1431358986897

විශාලතම මගී ගුවන් යානයක් කටුනායකට

ලොව විශාලතම මගී ගුවන් යානයක් වන A -380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් හදිසියේ ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත 12/15 දින අලුයම පැමිණියේය .

මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට ඩුබායි බලා ගමන් ගනිමින් තිබූ එකකි.එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ  – 413 දරන මෙම ගුවන් යානය 12/15 අලුයම 5.07 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එම යානය තුළ මගීන් 405 ක් සහ කාර්යය මණ්ඩලය 25ක් සිටි අතර , ඔවුන් මෙම ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව උදෑසන 6.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

scaled-ek_syd

ශ්‍රී ලාංකිකයන් 29ක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ක්‍රම භාවිත කර ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබේ. අද (14දා) උදෑසන ඔවුහු ශ්‍රී ලංකාවට ළඟා වූහ. ඕස්ට්‍රේලියාට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබේ.

tzoo.hd_.22878.0.340449.getty_airplane-955x480

 

ජනපති පැමිණෙයි

සිය තෙදින නිල දකුණු කොරියානු සංචාරය නිමා කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (30දා) රාත්‍රී 11.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

හොංකොං සිට  පැමිණි කතේ පැසිෆික් ගුවන් යානයකින් ජනපති දිවයිනට ළගාවිය. ශ්‍රී ලංකා දකුණු කොරියානු සබඳතා සඳහා වසර 40ක් පිරීම නිමිත්තෙන් දකුණු කොරියානු ජනපතිවරයාගේ ආරාධනාවක් අනුව ජනපතිවරයා සිය දකුණු කොරියානු සංචාරයට එක්විය.

1202391953maith3

කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ඉකුත් දින සිට පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා ඊයේ (29දා) රාත්‍රී ගොඩබෑමට පැමිණි ගුවන් යානා 3 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර තිබුණි .

ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට අධික වැසි මෙන්ම සුළං සහිත කාළගුණික තත්වය උග්‍ර අතට පත්ව තිබුණි .

එනිසා, ඊයේ රාත්‍රී 10.00 ට මැලේසියාවේ ක්වාලලම්පූර් සිට පැමිණි එයා ඒෂියා ගුවන් යානයත්, එදිනම රාත්‍රී 10.15 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.124 ගුවන් යානයත්, රාත්‍රී 10.30 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයත් මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගොඩබෑමට නොහැකිව මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි .

පසුව මෙම ගුවන් යානා තුන අද (30දා) අලුයම 1.00 කට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එහෙත් අද  උදෑසන 7.30 පමණ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ අවට වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී.