Author Archives: ඉසුරු පෙරේරා

රණවිරුවා හා ත්‍රස්තවාදියා හඳුනාගත නොහැකි ආණ්ඩුවේ දේශපාලඥයින් ගැන කනගාටුයි – ජනපති

රණවිරුවන් හා ත්‍රස්තවාදීන් තේරීම් ගැනීමේ හැකියාවක් නොමැති දේශපාලඥයින් ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජාතික රණවිරු සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයෙදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

අද ඇතැම් අය යුද්ධය පැවැති ආකාරය, මේලේච්ඡු එල.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබ`දව බොහෝ විට වැරදි විග‍්‍රහයන් කරනවා. වැරදි නිගමනයන් සිදු කරනවා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් මියගියේ සිංහල ජනතාව පමණක් නොවේ. මුස්ලිම් ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ නායකවරයෙක් වූ ද්‍රවිඩ නායකයෙක් වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් තරුණ උගත් දේශපාලනඥයෙක් වූ තිරුචෙල්වම් මුළු ලෝකයේම ගෞරවයට ආදරයට පාත‍්‍ර වූ අපේ විදේශ ඇමතිවරයෙක් වූ උගත් බුද්ධිමත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා එවැනි එක් එක් අංශ වශයෙන් ස`දහන් කළ හැකියි.

ත‍්‍රස්තවාදියා කවුද? රණවිරුවා කවුද? පැහැදිලි කරගැනීමට අද සමහර අයට නොහැකිවීම පිළිබ`දව මම කනගාටු වෙනවා. රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයින්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී. ඕ. වලටත් තිබෙනවා. මේ සියලු දෙනාටම ප‍්‍රශ්නයක් දෙස බලන විට ශ‍්‍රී ලාංකිකයින් නම් දේශීය චින්තනයක් තුළ අපේකම් තුළ අපේ උරුමයන් තුළ අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරවය සහ අනන්‍යතාවය තුළ රට ගැන ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතන්නට කියා මා ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා.

රටින් පිට විදේශයන්හි සිටින එල්.ටී.ටී.ඊ. ජාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල පුද්ගලයින් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරනවා. අපේ ආදරණීය මාතෘ භූමිය වෙන් කරන්න. ඔවුන් බලාපොරොත්තු වූ තවමත් බලාපොරොත්තු තබා ඇති ඊලාම් රාජ්‍යයක් පිළිබව සිහිනය සැබෑ කරන්න. එහෙත් මා ඉතා පැහැදිලිව කියනවා වර්තමාන රජය විදියට මේ රටේ පුරවැසියෙක් විදියට කිසිවිටකත් මේලේච්ඡු ත‍්‍රස්තවාදීන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල ඒ සිහින බලාපොරොත්තු කිසිවිටකත් ඉටුවීමට අප ඉඩදෙන්නේ නැති බව.

_KSR6237 _KSR6242 _KSR6246 _KSR6254 _KSR6259 _KSR6260 _KSR6272 _KSR6282 _KSR6288 _KSR6291 _KSR6294 _KSR6302 _KSR6313 _KSR6327 _KSR6336 _KSR6351 _KSR6353 _KSR6357 _KSR6374 _KSR6383 _KSR6403 _KSR6407 _KSR6410 _KSR6426 _KSR6428 _KSR6434 _KSR6443 _KSR6463 _KSR6466 _KSR6476 _KSR6491 _KSR6496 _KSR6506 _KSR6521 _KSR6527 _KSR6540 _KSR6546 _KSR6553 _KSR6557 _KSR6565 _KSR6583 _KSR6588 _KSR6590 _KSR6599 _KSR6605 _KSR6609 _KSR6616 _KSR6618 _KSR6624 _KSR6626 _KSR6628 _KSR6631 _KSR6639 _KSR6641 _KSR6644 _KSR6646 _KSR6653 _KSR6663 _KSR6666 _KSR6678 _KSR6697 AID_1087 AID_1093 AID_1095 AID_1097 AID_1099 AID_1103 AID_1114 AID_1119 AID_1127 AID_1135 AID_1138 AID_1145 AID_1152 AID_1161 AID_1171 AID_1180 AID_1211 AID_1212 AID_1216

ඒකාබද්ධ රැකියා විරහිත උපාධාරී පෙළපාලියට ජල ප්‍රහාරයක්

රැකියා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ලෝටස් පාර දක්වා අද (08දා) උදෑසන සිදුකෙරිණි. එහිදී පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කරන ලදී.

AID_0028 AID_0030 AID_0041 AID_0043 AID_0044 AID_0054 AID_0060 AID_0067 AID_0072 AID_0080 AID_0084 AID_0097 AID_0105 AID_0107 AID_0114 AID_0119 AID_0128 AID_0139 AID_0143 AID_0144 AID_0151 AID_0152 AID_0159 AID_0166 AID_0171 AID_0180

කොළඹ වෙසක් සඳහා සූදානම

සම්බුඳු තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පොහෝ දිනයට කොළඹ නගරයේ සූදානම අද කැමරාවට මෙසේ සටහන්විය. කෙසේ වෙතත් පසුගිය වසරන් හා සැසඳිමේදී මෙවර වෙසක් සැරසිලි වල තරමක අඩුවක් දක්නට ලැබුණි.

 AID_9273 AID_9280 AID_9283 AID_9286 AID_9288 AID_9293 AID_9295 AID_9296 AID_9301 AID_9303 AID_9306 AID_9308  AID_9313  AID_9319 AID_9323 AID_9326 AID_9330 AID_9334 AID_9337 AID_9339 AID_9343 AID_9346 AID_9349 AID_9354 AID_9360 AID_9365 AID_9367 AID_9371 AID_9375 AID_9386 AID_9388 AID_9390

 

සයිටම් කුමන්ත්‍රණය නවත්වන්නයි උද්ඝෝෂණයක්

කොතලාවල ‍වෛද්‍ය පීඨයට අනුබද්ධ කර සයිටම් ආයතනය පවත්වාගෙන යාමේ කුමන්ත්‍රණය නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණි.

AID_7013 AID_7024 AID_7025 AID_7034 AID_7039 AID_7041 AID_7043 AID_7063 AID_7076 AID_7084 AID_7089 AID_7091 AID_7108

 

ජාතිවාදය එපා – සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක

නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරූප- ඉසුරු පෙරේරා

ජාතිවාදය එපා යන මැයෙන් වූ උද්ඝෝෂණයක් සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹ, පිටකොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (08දා) සවස දියත් කළ අතර, ඊට එක් වෙමින් අදහස් දක්වා සිටි ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා, උද්ගතව ඇති ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව ඉතා දුර්වල ලෙස නරඹන්නන් බවට පත්ව ඇතැයි චෝදනා කරයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා, ඒ අනූව කටකතාවන්ට නැවත පණ දීමක් සමාජ මාධ්‍ය අත්හිටුවීම හරහා සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

AID_3566 AID_3571 AID_3585 AID_3586 AID_3590 AID_3599 AID_3610 AID_3616 AID_3620 AID_3628

ජාතිවාදයට එරෙහි පුරුවසියෝ විරෝධයක – ජෙහාන් හා මල්දෙණියත් එති

දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත විය. මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියහ. ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න), මල්දෙණිය  (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියහ.

AID_3467 AID_3487 AID_3492 AID_3496 AID_3511 AID_3523 AID_3524 AID_3531 AID_3539 AID_3544 AID_3545