Author Archives: ඉන්ද්‍රමූර්ති ජයසූරිය

දුම්රිය එන්ජිම නිපද වීම සහ දුම්රිය ගමනාගමනය ඇතිවීම පිළිබඳ කරුණු 7ක්

trains-locomotives-rail-transport-vintage-old-charbon-free-background

01. දුම්රිය ගමනාගමනය මූලික වූයේ 15 වැනි සියවසේ බිහිවූ රේල්රථ මාර්ග හේතුවෙන්ය.15 වැනි සිවයසේදී ජර්මනියේ හා රුමේනියාවේ ගල් අඟුරු ආකර තුළ අඟුරු පිරවූ රෝද හතරේ පෙට්ටි තල්ලුකර ගෙන යාම සඳහා දැවයෙන් තැනූ පීලි යොදා මාර්ග සකස් කර ඇත.


02. පසුව එංගලන්තයේ ගල් අඟුරු ආකර ආශ්‍රිත ගල් අඟුරු ප්‍රවාහනයට භාවිතයට ගැනිණි. ඒ සඳහා ශක්තිමත් සුමට ක්‍රමයක් ලෙස ලෝහයෙන් තැනූ පීලි භාවිතයට ගැනීම ආරම්භ විය. මේ ක්‍රමයේදී ගල් අඟුරු පෙට්ටි කිහිපයක් එකට අමුණාගෙන අශ්වයන් හා මිනිස් ශ්‍රමය යොදවාගෙන ඇදගෙන යාම එහිදී සිදුවිය.


03.  රිචර්ඩ් ‍ෙට්‍ර‍‍ෙර්විතික් නමැති ඉංජිනේරුවරයකු විසින් යාන්ත්‍රික ශක්තිය උපයෝගී කරගෙන රේල් පීලිමත ධාවනය කළ හැකි යන්ත්‍රයක් හඳුන්වා දුන්නේය. ප්‍රථම වරට මිනිසුන් නංවාගත් මැදිරියක් පීලි මත ධාවනය කරවූයේද මෙම ඉංජිනේරුවරයා විසින්ය.


04. පතල් කර්මාන්තය ආශ්‍රිත රැකියා කළ ජෝර්ජ් ස්ටීවන්සන් එම නිෂ්පාදන ප්‍රවාහනය සඳහා එන්ජිමක් නිෂ්පාදනය කෙරිණි. මුලින්ම නිපදවූ එන්ජිම My Lord  නම් විය. එය එතරම් දියුණු තත්ත්වයේ එකක් නොවීය. පතල්කරුවන් විසින් ඔහුව දිරිමත් කිරීම නිසා හෙතෙම දුම්රිය එන්ජින් නිෂ්පාදකයකු ලෙස වර්ෂ 1821 වනවිට නමක්් දිනාගන්නා ලදී.


05. 1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය එන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප්‍රකාශ කරන ලදී. මෙහි ජයග්‍රාහණය හිමිවූයේ ‘%රොකට්’ නැමැති දුම්රිය එන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ටය. මෙම දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 64 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන්ට හැකි විය.


06. ජෝර්ජ් ස්ටීවන්සන්ගේ වාෂ්ප එන්ජිම කාලයක් පැවති අතර විධිමත් එල් හැඩයේ දුම්රිය පීලි යොදා ගනිමින් සිලින්ඩර ධාරිතාව සහ රෝද ප්‍රමාණය වැඩිකර ගනිමින් දුමරිය එන්ජිම වඩාත් දියුණු තත්ත්වයට පත් කරන ලදී


07. වැකුම් තිරිංග පද්ධති ඇති කරමින් දුම්රියේ වේගය පැයට කිලෝමීටර 95 දක්වා දියුණු තතත්වයට පත් කෙරිණි. වාෂ්ප බලයේ සිට ඩීසල්වලින් ක්‍රියාකරන දුම්රියද වර්තමානය වන විට විදුලියෙන්  ක්‍රියාකරන දුම්රිය තෙක් දියුණුවී ඇත.  

තොරතුරු- www.britannica.com

ක්ෂේම භූමි පිළිබඳ කරුණු 7ක්

01 උෂ්ණ කාන්තාර තුළ පිහිටි භෝග වගාවට ප්‍රමාණවත් තරම් ජලය ඇති සාරවත් භූමි ප්‍රදෙශ ක්ෂේම භූමි ලෙස හඳුන්වයි. ප්‍රමාණය අතින් ක්ෂේම භූමි ඉතා කුඩා වීමට හෝ තරමක් විශාල වීමට පුළුවන.

 

02 කාන්තාරවල මනුෂ්‍ය ජීවිතය කෙරෙහි ක්ෂේම භූමි ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි. ස්ථාවර ගොඩනැගිලි ඉදිකරනුයේ ක්ෂේම භූමි වල වන අතර ඛනිජ වර්ග සහ ඛනිජ තෙල් ගවේශණය කරන්නන්ද නිරතුරුව ගමන් කරන්නේ මේවා ඔස්සේය.

03 ක්ෂේම භූමි බොහොමයකට ජලය ලැබෙන්නේ භූගත දිය උල්පත්වලිනි. තෙත් ප්‍රදේශවලින් ආරම්භ වී කාන්තාර හරහා ගලායන විශාල ගංගාවලින් ජලය ලබාගෙන කෘෂිකර්මාන්තය කරන ප්‍රදේශවලට ද ක්ෂේම භූමි යන නම සමහර අවස්ථාවල පමණක් ව්‍යවහාර වෙයි. උදාහරණ ලෙස නයිල් ගංගාව දැක්විය හැකි අතර නයිල් ගංගාව කි.මී. 2560ක්ම කාන්තාරයක් හරහා ගලායයි.

 

04 ඊජිප්තුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගැනෙන වර්ග කිලෝමීටර 35840කට අධික භූමි ප්‍රමාණයක් නයිල් ගංගාව දෙපස පිහිටා ඇත. මේ නිසා ඊජිප්තුව ලෝකයේ විශාලතම ක්ෂේම භූමිය වශයෙන් වුවද හැඳින්විය හැකිය.

 

05 භූමිය සේදීයාමක් නොමැති නිසා පස සාරවත් වීමද, සූර්යාලෝකය ඕනෑ තරම් ලැබීමද යන කාරණය හේතුවෙන් මේවා ඉතාමත් සාරවත් තත්ත්වයට පත්වෙයි. හැම ක්ෂේම භූමියකම භෝග වගාව සහ සතුන් ඇතිකිරීම කරනු ලැබේ. රටඉඳි එහි ප්‍රධාන වගාව වෙයි.

 

06 වර්තමානය වන විට ක්ෂේම භූමි බොහොමයක් ජනගහනය අධික ස්ථාන වෙයි. තම ක්ෂේම භූමියට පිටතින් ඇති ප්‍රදේශවලින්ද මෙහි ජීවත් වන්නෝ ආදායම් ලබාගනිති. ඛනිජ තෙල් ලැබෙන ප්‍රදේශවල එම ව්‍යාවපාරයට අදාළ කාර්යාල හා වැඩබිම් ආදිය පිහිටුවා ඇත්තේ මේවායෙහිය.

 

07 ශීත කාන්තාරවලද ක්ෂේම භූමිවලට යම් සමානත්වයක් ඇති භූමි දක්නට ලැබේ. කෙළින්ම සූර්ය රශ්මියට මුහුණ දෙන ආකාරයේ පිහිටීමක් ඇති, සිසිල් සුළංවලින් ආවරණය වූ උෂ්ණත්වය උරාගන්නා කළු පැහැති පසින් යුත් ප්‍රදේශවල මෙවැනි ඒවා දක්නට ඇති අතර මේවායේ පැළෑටි වැඩීම තරමක් ශීඝ්‍රය.

Water-in-a-Desert

ගෑස් උඳුනක් භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු 7ක්

Cooker

01. ගෑස් සිලින්ඩරය සහ උඳුන සම්බන්ධ කරන ගෑස් බටය කිසිවිටක පලුදුවීමකට ලක්වී නොතිබිය යුතුයි. ඔබ නිවා දමා (OFF) කර තිබෙන ගෑස් ළිපෙන් වුවද 'ගෑස් ගඳ' දැනෙන්නේ නම් ගෑස් බටයේ දෙකෙළවර පලුදුවීමකට ලක්වී තිබේ යැයි සැක කළ හැකිය. ඒ ආකාරයට LP ගෑස්වලට අමුතු දුගඳක් එකතු කොට තිබෙන්නේද එය පරිහරණය කරන්නන්ගේ ආරක්‍ෂාවටය. නැතිනම් එවන් පලුදුවීම් නොදැනීමෙන් බොහෝ අනතුරු සිදුවිය හැකිය.


02. සෑම විටම ගෑස් ළිපෙන් එන දැල්ල නිල් පැහැ විය යුතුය. ඇතැම් විට ගෑස් සිලින්ඩරය අවසන් වන පුංචි කාල පරාසයකදී දැල්ල කහ පැහැවන අවස්ථා ඇත. එසේම සිලින්ඩරයෙන් ලිප වෙත එන ගෑස් ප්‍රමාණය නිතරම දිගු වේලාවක් රඳා පවත්වා ගැනීම සඳහා එක් තැනක වාතය හා මිශ්‍රව පවතී. එහි වාතයට නිරාවරණය වන ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැකි ආකාරයට ලිප පතුළින් උපකරණයක් තිබෙයි. එය නිවැරදිව සකසාගෙන නිතරම නිල් ගිනි දැල්ල ලබාගන්න. එමගින් ඉක්මනින් ආහාර පිසීමට හැකිවන්නා සේම කළු දැලි (කාබන්) භාජනවල බැඳීමක්ද සිදු නොවේ.


03. ගෑස් සිලින්ඩරය හා ගෑස් බටයද, ගෑස් කුකරය හා ගෑස් බටයද සම්බන්ධ වන ස්ථාන දෙක %තහඩු ‘ක්ලිප්’ දමා තදින් සවිකොට තිබිය යුත්තේ නිතරම එමගින් ගෑස් කාන්දුවීම්වලට ඇති ඉඩකඩ වැඩි නිසාය.


04. උදෑසන, ප්‍රථමයෙන් ඔබ ගෑස් ළිප දැල්වීමට පෙර දොරජනෙල් විවෘත කොට, සුළු වේලාවකින් ගෑස් කුකරය දැල්වීමට වග බලාගත යුතුය. ඒ රාත්‍රියේදී හෝ ඔබ බොහෝ වේලාවක් එය නිවා (OFF) තැබීමෙන් වුවද සුළු කාන්දු වීම් විශාල ප්‍රමාණයක් එක්වී එකවර දැල්වීමේදී නිවෙසද ගිනි ගැනීමට හැකි නිසාය. එවන් අනතුරු බොහෝ සිදු වී තිබේ.


05. ගෑස් සිලින්ඩරය ඔබට වැඩි කලක් පරිහරණය කිරීමට අවශ්‍ය නම්, පිසීමට අවශ්‍ය ව්‍යංජන එකවර පිළියෙල කරගෙන වරින්වර ලිප ක්‍රියාත්මක නොකර එක වර %ON^ කරගත් ලිපෙන් සියලු ආහාර පිසගන්න. නැතිනම් එකම භාජනයම නොසෝදා වරින්වර මාරු කරමින් එකම උෂ්ණත්වයේ රඳවාගෙන පිසගන්න.


06. සෑම ආහාර වේල් සැකසීමකින් පසුවම ගෑස් කුකරය වටා ඉහිරුණු දෑ සුද්ද පවිත්‍ර කිරීමෙන් වැඩි කාලයක් ඉන් ප්‍රයෝජන ගත හැකිය. ඊට වෙනමම අත්පිස්නාවක් හෝ රෙදි කැබැල්ලක් තබාගන්න.


07. දල්වන ලද (ON) ගෑස් ලිපේ ගින්දර නිතරම භාජනයේ පරිමාවට ප්‍රමාණවත් වන ලෙසට අඩු වැඩිය සකසා ගැනීමටද මතක තබාගන්න.

ලෝකයේ භාවිත වන රූකඩ වර්ග 7ක්

ලෝකයේ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම රූකඩ කලාව ව්‍යාප්ත වී තිබේ. ඒ අතරින් රටවල් කිහිපයක් ලෙස ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ප්‍රංශය, බුරුමය, කාම්බෝජය, තුර්කිය, එංගලන්තය, ජර්මනිය, කොරියාව ආදී රටවල් දැක්විය හැකිය. ඇතැම් රූකඩ වර්ග රට රටවලට ආවේණික භාවයකින් යුතුව බිහි වූ ඒවාය. ඒ අතුරින් රූකඩ වර්ග 7ක් මෙසේය.


චීන සෙවණැලි රූකඩ

China Shaddo

චීනයට ආවේණික සෙවණැලි රූකඩ බිහිවී ඇත්තේ මීට වසර දහස් ගනණකට පෙරය. මුල් කාලයේදී පත්තර කොළ අාදියෙන් සකසා රූකඩ සකසා එහි සෙවණැලි බිත්තියට වැටෙන්නට සැලස්වූ බව ඔවුන්ගේ රූකඩ ඉතිහාසය සඳහන් කරයි. පසුව ඊට තාක්ෂණය එක්කොට වර්ණද භාවිත කර තිබේ.


බුන්රකු රූකඩ 

Bunraku


ලීවලින් කැටයම් කර සකසාගත් රූකඩ මෙහිදී භාවිතයට ගැනේ. මෙම බුන්රකු රූකඩයක් රඟ දැක්වීම සඳහා ශිල්පීන් තිදෙනෙකු පමණ අවශ්‍ය වේ. බුන්රකු ජපානයේ භාවිත කරයි.


ඇඟිලි රූකඩ

Finger Pup

අතෙහි ඇඟිල්ලකට සවිකරගත හැකි ලෙස මෙම රූකඩ නිර්මාණ කරයි. ඒ අනුව ඇඟිලි රූකඩවල චරිත උපරිම දහයකි.


මිනිස් අතෙන් ක්‍රියා කරන රූකඩ

Human Arm Puppet

මෙහිදී සම්පූර්ණ අත රූකඩයට දමා රඟ දක්වයි. එය පුද්ගලයන් දෙදෙනෙකුගේ සහායෙන් රඟදක්වයි. මෙහිදී එක් අතකින් කට සහ ඇස් ක්‍රියාත්මක කරවන අතර, රූකඩයේ අත් වෙනත් අයෙකුගේ අතක් ආධාරයෙන් ක්‍රියාත්මක කරයි.


නූල් රූකඩ

Thread Pup

රූකඩය හසුරුවන්නා ප්‍රේක්‍ෂකයාට නොපෙනෙන පරිදි වේදිකාව පසුපස සිට රූකඩය ක්‍රියාත්මක කරයි. රූකඩයේ අත්, හිස, පාද ආදියට නූල් සම්බන්ධ කොට තිරස් දණ්ඩක ගැට ගසා රූකඩය ක්‍රියාත්මක කරවයි.


අත් රූකඩ

Soft-Plush-Hand-Puppet
මෙය රූකඩය තුළට අතක් දමා රඟ දක්වන රූකඩ විශේෂයකි. එහිදී රූකඩයේ විවිධ අවයවයන් අතැඟිලි මගින්ම ක්‍රියාත්මක වේ.


රිටි රූකඩ 

Rod Pupet

අත්පාවලට සහ හිසට සවිකළ දඬු මගින් රිටි රූකඩය ක්‍රියාත්මක කරයි. එසේ සවිකළ දඬු චලනය කිරීමෙන් මෙය ක්‍රියාත්මක වෙයි. 

අතීතයේ කොළඹ පිළිබඳ තොරතුරු 7ක්

york-street-colombo-1920

01. නෝර්ත් ආණ්ඩුකාරවරයාගෙන් පසුව මෙරට ආණ්ඩුකාරවරයා වූ තෝමස් මෙට්ලන්ඩ් සිය ගම්බද නිවස ලෙස තෝරාගෙන ඇත්තේ ගල්කිස්සේ මන්දිරයකි. එය වර්තමානයේ ගල්කිස්ස මහ හෝටලයයි.


02. කොළඹ කොටුවෙන් ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටියේ කොම්පඤ්ඤ වීදියයි. මේ ප්‍රදේශය එදා ජලයෙන් වට වු ප්‍රදේශයකි. මෙහි භූමි ප්‍රමාණය අක්කර 313කි. මෙම ප්‍රදේශයට යා හැකි ප්‍රධාන මාර්ගය වූයේ යූනියන් පෙදෙසයි. ප්‍රධාන වශයෙන් තේ කොළ කර්මාන්ත ශාලා පිහිටියේ ‍ෙමම ප්‍රදේශයෙහිය.


03. 1827 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් කළ ජන සංගණනයකදී කොළඹ කොටුවේ ජනගහනය 854 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, නිවෙස් 205ක් බව වාර්තා වෙයි.


04. අද මෙන් නොව අතීතයේ පිටකොටුව ඉතා සුන්දර පිරිසුදු විශාල ප්‍රදේශයක් විය. අලංකාර නිවෙස් හා ගෙවතු පිටකොටුවේ තිබී ඇත. එකිනෙකට සරල සමාන්තරව දිවෙන දිගින් සැතපුම් භාගයක් තරම් වූ වීථි පහක් ද, ඒ වීථි හරහට සෘජු කෝණාකාරව වැටී ඇති තවත් වීථි පහක් ද, දක්නට ලැබුණු බව ජේම්ස් කොර්ඩිනර් ක්‍රි.ව. 1807 දී සඳහන් කර ඇත.


05. පිටකොටුවේ ඇතැම් මාවත් පටු වුවද, ඉන් පිටත ප්‍රදේශයන්හි මාවත් සැතපුම් දෙකක් පමණ දුරට ඒවා විය. වඩු කාර්මිකයෝද, පට්ටල්කරුවෝද, කාර්මික ශිල්පීහු ද, මුතු මැණික්ද වෙළෙඳාමේ නියුතු වෙළෙන්දෝ මැලිබන් වීදිය හා කෙයිසර් වීදිය යන ප්‍රදේශවල වාසය කර ඇත.


06. ගෝල්ෆේස් හෝටලයත් රැජින වීදියත් අතර වූ ගෝල්ෆේස් පිට්ටනිය සාදා ලද්දේ ශ්‍රීමත් හෙන්රි වෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසිනි. එය ආරම්භ කර ඇත්තේ 1859 දී ය.


07. බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේදී මෝදර ප්‍රදේශය නවීන සිරිත් විරිත්වලට අනුව ජීවත් වූ ජනතාවක් ජීවත්වී ඇත. එ් අතර අගවිනිසුරු ශ්‍රීමත් විලියම් කොක් යන අයද වාසය කොට ඇත.

ඔබගේ ජංගම දුරකථනය හා සිම්පත පිළිබඳ දැනගත යුතු කරුණු 7ක්

sim-card-being-placed-into-a-mobile-phone-copy

01 ඔබේ සිම්පත ඔබ නමින් ලියාපදිංචිද? 

ඔබ විසින් පාවිච්චි කරනු ලබන සිම්පත තමන් නමින් ලියාපදිංචි වී තිබිය යුතුය. තමා ළඟ ඇති සිම්පත කවුරුන් නමින් ලියාපදිංචිව ඇති දැයි බලා ගැනීම සඳහා ජංගම දුරකථනයෙන්  #132# ඇමතිය යුතුය.  


02. ඔබේ ජංගම දුරකථනය ලියාපදිංචිද?

ඔබ විසින් පාවිච්චි කරනු ලබන දුරකථනය ලියාපදිංචි වී තිබිය යුතුය. එය විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචිව ඇති දැයි බලා ගැනීම සඳහා ජංගම දුරකථනයෙන්    #132# ඇමතිය යුතුය. එවිට අංක 15කින් යුත් IMEI අංකය දැන ගත හැකිය. මිලදී ගැනීමට බලාපොරොත්තුවන දුරකථනයක් නම් IMEI ලෙස සඳහන් කර හිස්තැනක් තබා අංක 15කින් යුත් IMEI අංකය සඳහන් කර 1909ට  කෙටි පණිවුඩයක් යැවිය යුතුය.   


03. ඔබේ සිම්පත නැතිවුවහොත්

ඔබගේ සිම්පත අස්ථානගත වුවහොත් එය දැනගත් වහාම අදාළ දුරකථන සමාගම අමතා එම සිම්පත අවලංගු කළ යුතුය. එසේම ඒ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ගොනුකළ යුතුය.


04. දුරකථන සමාගමේ ඇමතුම් හා කෙටි පණිවිඩ කරදරයක් නම්

විවිධ දැනුම්දීම් සඳහා කෙටි පණිවිඩ හා ඇමතුම් ලබාදීම සීමා කර ගැනීමට ඔබට අයිතියක් ඇත. ඒ පිළිබඳ ඔබ අදාළ දුරකථන සමාගම දැනුවත් කළයුතුය.


06. සිම්පතක් භාවිත කිරීමේදී කොන්දේසි පිළිබඳ දැනුම්වත් වන්න

දුරකථන සේවා පහසුකම් සලසන සමාගම් එම සේවා  සැලසීමේදී ඔබෙන් ගිවිසුමකට අත්සන් ලබා ගනියි. ඇතැම් විටක ඔබ සිම්පත භාවිත කළත් නොකලත් මුදල් ගෙවීමට සිදුවන අවස්ථාවෙයි. ඒ පිළිබඳ ඔබ ගිවිසුම නොකියවා අත්සන් තැබීමෙන් මෙය සිදුවෙයි. ඔබ ගෙවීම් පැහැර හැරියහොත් ඔවුනට ඔබට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගත හැකිය.


07. දුරකථනය අලුත්වැඩියා කිරීමට සිදුවෙයි නම්

ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබාදීමේදී එහි සිම්පත ඉවත් කර බාර දිය යුතුය. එසේ ඔබගේ පුද්ගලික ඡායාරූප / වීඩියෝ පට ජංගම දුරකථනයේ තබාගෙන ඇතිනම් එ්වාද ඉවත් කොට අලුත්වැඩියාවට දීමට තරයේ සිහි තබා ගත යුතුය. එසේම ඔබගේ පුද්ගලික ඡායාරූප / වීඩියෝ ජංගම දුරකථනයේ ගබඩාකොට තබා ගැනීමෙන්ද වැලකී සිටින්න.    

 

මසුන් මැරීම සඳහා අතීතයේ සිට භාවිත වන ක්‍රම 07ක්

01. කරක් ගෙඩිය

karak gediya

කලපු, වැව් හා මෝය වැනි නොගැඹුරු ජලයේ ඉස්සන් හා කුඩා මසුන් ඇල්ලීමට භාවිත කරයි. 

02. කෙමන

 

kemana

ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු ප්‍රදේශයේ කලපුවල භාවිත වන මත්ස්‍ය උගුලක් වෙයි.

03. රිටි පන්නය

නොගැඹුරු ජලයේ රිටක් මත සිට බිලී බෑමේ ක්‍රමයට මසුන් අල්ලා ගනියි. මෙය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ දැකිය හැකිය.

riti pannaya

04. මා දැල්

aulum biliya

නොගැඹුරු මුහුදේ සිටින කුඩා මසුන් ඇල්ලීම සඳහා භාවිත වේ. බෝට්ටු මගින් මුහුදට ගොස් දමන දැලක දෙකොන ගොඩබිමට අදිනු ලබයි. වර්තමානයේ මා දැල ඇදීම සඳහා ටැක්ටර්ද භාවිත කරයි.

05. පරා කූඩ

para kuda

ලංකාවේ උතුරු ප්‍රදේශයේ මසුන් අසුකරගන්නා උගුලක් ලෙස නොගැඹුරු ජලයේ භාවිත වෙයි.

06. කකුළු තට්ටි

kakulu thatti

මෙම ක්‍රමය කකුළුවන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාව වටාම වූ කලපුවල සහ නොගැඹුරු මුහුදේ භාවිත වේ.

07. මන්ඩාව

mandawa

මෙය විශාල මසුන් ඇන මැරීම සඳහා භාවිත වේ. කල්පිටිය හා මීගමුව ප්‍රදේශවල  දැකිය හැකිය.

තොරතුරු NARA ආයතනය

ආහාර කල්තබා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම 07 ක්

ආහාර හිඟයකට මුහුණදෙන විට භාවිතයට ගැනීම සඳහා මිනිස්සු ආහාර අතීත කාලයේදී කල්තියා ගත්හ. පුරාතන යුගයේ සිට මිනිසුන් ඒ පිළිබඳ උනන්දු වෙමින් විවිධ ක්‍රම භාවිත කර තිබේ. මෙසේ පැවැති ඇතැම් පැරණි ක්‍රම අද වනවිට ඉවත් වී ගොස් ඇති අතර, ඇතැම් ක්‍රම අතීතයේ සිට වර්තමානය දක්වාම භාවිතයට ගනියි. මේ එවැනි ක්‍රම 7කි.


තම්බා වේළා ගැනීම

1

කොස්, දෙල් වැනි දෑ වසර පුරාම නොමැති නිසා අතීතයේ මිනිසුන් ඒවා තම්බා අව්වේ වේළාගෙන පසුව පරිභෝජනයට ගෙන තිබේ. කොස් මදුලු ගලවා, දෙල් සිහින් තීරුවලට කපා උණු දියේ දමා අවුවේ වේළා ගන්නා මේවා %අටු කොස්^, %අටු දෙල්^ ලෙස හඳුන්වයි. කහ ඉඟුරු වැනි දෑද මේ ආකාරයට උණුදියේ දමා අවුවේ වේළා කුඩු කරගත හැකිය.


ලුණු දැමීම

3

දෙහි, බිලිං, මාළු, ආදියට ලුණු දමා අව්වේ වේළා ගැනීමෙන් කල් තබාගත හැකිය. තෙතමනය නැතිකොට බොහෝවිට  බෝතල්වල අසුරා තබා භාවිතයට ගනියි. 


මී පැණිවල දැමීම

4

බොහෝ විට දඩමස් මෙම ක්‍රමයට කල්තබා ගනියි. ආදිවාසීන් විසින් මෙම ක්‍රමය අතීතයේ සිටම අද දක්වා භාවිතයට ගනියි. 


දුම් මැස්සක තබා දුම් ගැසීම

2

පැරැන්නෝ ආහාර කල් තබාගැනීමට මෙම ක්‍රමය බහුලව භාවිත කර ඇත. දුම් මැස්සක එල්ලා හෝ ගබඩා කොට තබා දුම් වැදීමෙන් ඒවා වේළා ගනියි. දුම්වල අඩංගු රසායනික ද්‍රව්‍ය ආහාර තුළට වැදීමෙන් ක්‍ෂුද්‍ර ජීවීන් ඉවත්වී යෑම හේතුවෙන් ඒවා වියළීමෙන් පසු බොහෝ කාලයක් පවතී. දඩමස්, කරවල මීට උදාහරණයි. 


පස් යට හෝ වැලි යට දැමීම

6

කොස් ඇට, දෙහි, අල වර්ග, අඹ ආදිය වැලි හෝ පස් යට තබා ගැනීමෙන් කාලයක් නරක් නොවී තබාගෙන භාවිතයට ගතහැකිය. වැලි යට දමා තබා කොස් ඇට භාවිතයට ගැනීමේදී ඒවා වැලි කොස් ලෙස හඳුන්වයි. 


අච්චාරු දැමීම

7
මෙම ක්‍රමය අතීතයේ සිට වර්තමානය දක්වා භාවිතයට ගැනෙන ක්‍රමයකි. විනාකිරි වැනි ආම්ලික ද්‍රාවණයක තබා ගැනීමෙන් අච්චාරු සකස් කර ගනියි. මේවා රසවත් ආහාරයක් ලෙස වර්තමානයේ පරිභෝජනයට ගනියි. මේ සඳහා අමු මිරිස්, වවිධ එළවලු වර්ග, අමු ගස්ලබු ආදිය යොදා ගනියි.


අවුවේ කකාරා ගැනීම

දෙහි යුෂ, විවිධ ඇඹුල් වර්ග අවුවේ තබා කකාරා ගැනීම සිදුකරයි. හිරු රශ්මියෙන් කැකෑරීම තුළින් මේවායෙහි ඇති ජලය ඉවත්කිරීම මෙමගින් සිදුවෙයි. එසේ ජලය ඉවත්වීම නිසා වැඩි කාලයක් බෝතල්වල අසුරාගෙන තබා භාවිතයට ගත හැකිය.

රම්සාර් සම්මුතිය සහ ශ්‍රී ලංකාවේ රම්සාර් තෙත්බිම් පිළිබඳව කරුණු 7ක්

P1170824

01. ලෝකයේ පැතිරී ඇති තෙත්බිම් රැක ගැනීම සඳහා  1971 පෙබරවාරී මස 02 දින ලෝක නායකයන් එක්ව ඉරානයේ රම්සාර් නුවරදී සම්මුතියකට එළඹිණි. මේ සඳහා රටවල් 50ක් අත්සන් කරන ලදී. වර්ෂ 2017 වනවිට මේ සඳහා රටවල් 160ක් අත්සන් තබා ඇත. මේ සඳහා ශ්‍රී ලංකාව 1987 දී අත්සන් කරන ලදී.


02 රම්සාර් තෙත්බිම් නාමාවලියට ඇතුළත් කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක් සලකා බලයි.

දුර්ලභ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ත්ව සහ ශාක විශේෂ පැවතීම.
වසරේ සෑම කාලයකදීම ජලජ පක්ෂීන් 20,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාසය කිරීම.
රටට ආවේණික මත්ස්‍ය සහ වෙනත් ජීව විශේෂ ජීවත් විම
වඳවී යන සතුන්ගේ, පක්ෂීන්ගේ ජීවිත කාලයේ වැදගත් අවස්ථා එම තෙත්බිම් හා බද්ධව පැවතීම.

03. ශ්‍රි ලංකාවේ පළමු රම්සාර් තෙත්බිම වශයෙන් බූන්දල ජාතික වනෝද්‍යානය 1991 දී ප්‍රකාශයට පත්කොට ඇත. ඉතා අධික දිය කුකුළු ගහනයක් ඇති බව වාර්තාවෙයි. මෙය හෙක්ටයාර් 6210 භූමියක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.


04. අවසාන වරට (2013දී) ලංකාවේ රම්සාර් තෙත්බිම වශයෙන් නම් කරන ලද්දේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි. මෙය පුත්තලම, අනුරාධපුර හා මන්නාරම යන දිස්ත්‍රික්ක 3ට අයත්වන පරිදි පිහිටා ඇත.


05. 1989දී ආසියානු තෙත්බිම් නාමාවලිය රම්සාර් සම්මුතියේ වගන්තීන්හි නිර්නායක සැලකිල්ලට ගෙන සකස් කල අතර ඉතා වේගයෙන් වැනසී යන ආසියානු රටවල පිහිටි තෙත්බිම් හඳුනාගෙන එවායේ වැදගත්කම අවධාරණය කෙරිණි.


06. ආසියානු තෙත්බිම් නාමාවලිය සඳහා තෙත්බිම් 947ක් ඇතුළත්වී ඇත. මේ අතුරින් 80%ක ප්‍රමාණයක් පැතිර පවතින්නේ ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව, පැපුවා නිවුගිනියාව, බංග්ලාදේශය හා වියට්නාමය යන රටවලය.


07. ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41ක් මෙම නාමාවලියට ඇතුළත්ව ඇති අතර එහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 274,000ක් වෙයි. මේ අතරින් විනාශවීමේ දැඩි අවදානමට ලක්වූ තෙත්බිම් වශයෙන් චුණඩිකුලම් කලපුව, චලෙයි කලපුව, මහවැලි පිටාර තැන්න, මහලේවාය සහ කරගන් ලේවාය, ලුනාව කලපුව හා කලමැටිය කලපුව, බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම, මුතුරාජවෙල ආදිය වෙයි.

 

ඩී.එන්.ඒ. පිළිබඳ කරුණු 7ක්

aid1371506-v4-728px-Collect-DNA-Step-3-Version-2

01. කිසියම් ජීවියෙකුගේ ජාන යනු ඩී.එන්.ඒ. (ඩියොක්සිරයි බොනියුක්ලික් ඇසිඩ්) (Deoxyri-bonucleic acid) නම් වූ අනුවක කොටසකි. ජාන එක්වීමෙන් ඩී.එන්.ඒ. අණුවක් සෑදෙයි.


02. 1984 දී බ්‍රිතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක් ජෙෆ්රීස් විසින් ඩී.එන්.ඒ පිළිබඳව සොයා ගන්නා ලදී.


03. මවගෙන්, පියාගෙන් ලැබෙන ජාන සංයුතියේ උරුමක්කාරයන් වන්නේ දූ දරුවන්ය. ඒ අනුව මවුපියන්ගේ සිට ලේ ඥාතීන්ගේ හෝ ඩී.එන්.ඒ. පරීක්‍ෂාවකින් ඥාතීත්වය සොයා ගැනීමට හැකිය. 


04. ඩී.එන්.ඒ.  පරීක්‍ෂාව සඳහා පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම සියුම් කෙටසක් වුවද ප්‍රමාණවත්ය. හිසකෙස්, ශ්‍රක්‍ර තරලය, දහදිය, ඛේටය, සම, වැනි දෑ ඊට ඇතුළත්ය. ජීවී මෙන්ම අජීවී අයෙකුගේ ශරීර කොටස්වලින්ද ඩී.එන්.ඒ. රටාව පරීක්‍ෂා කිරීමෙන් අනන්‍යතාව තහවුරු කරගත හැකිය. 


05. පරික්‍ෂාව සඳහා ලබාගන්නා දෑ වලින් සූක්‍ෂම ලෙස ඩී.එන්.ඒ. කැබැලි වෙන්කොට ඊටම සුවිශේෂී වූ තාක්ෂණයන් අධාරයෙන් ඩී.එන්.ඒ. රටාව පියවි ඇසට පෙනෙන ආකාරයට මතුකරගනියි. වර්ෂ 1989 පමණ දක්වා එය සිදුකරණු ලැබුවේ එක්ස් කිරණ පටයකට ලබාගැනීමෙනි.


06. ඩී.එන්.ඒ. මගින් දක්ෂතා දක්වන වෘත්තීන්, බුද්ධි මට්ටම, කෙනකුගේ අනාගතය, වැලඳිය හැකි ලෙඩරෝග (පිළිකාආදී) කරුණු රැසක් සොයගත හැකිබව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පුකර තිබේ. මේ පිළිබඳ විද්‍යාඥයන් විග්‍රහ කරණු ලබන්නේ පුද්ගලයකුගේ ජීවිතයෙන් 75%ක ප්‍රමාණයක් එසේ පුරෝකථනය කළ හැකි වුවත් ඉතිරි 25෴ක ප්‍රමාණය පරිසර සාධක මත සිදුකළ යුතු බවයි.  


07. බටහිර රටවල ඩී.එන්.ඒ. පරීක්ෂාව පහසුවෙන් කළ හැකි නමුත් අපේ රටේ මෙය සිදුකෙරෙන්නේ උසාවි නියෝගයකින් හෝ ස්වකැමත්තෙන් ඉදිරිපත් වුවහොත් පමණි.