Author Archives: ඉන්දික හේවාවිතාරණ

තැපැල් වර්ජකයන් අද කොළඹට

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සිට සිදු කරන තැපැල් සේවක වැඩවර්ජනයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බැවින් සියලු සේවකයන් අද (18දා) කොළඹට කැඳ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

කොළඹට පැමිණෙන සේවකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සන්දේශයක් බාර දීමට කටයුතු කරන බවද එම පෙරමුණ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මීට අමතරව සියලු සේවකයන්ගේ එකඟතා මත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග අද (18දා) තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය.

නව සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා, ස්ථිර සේවයට ඇතුළත් කර නොගෙන සිටින උපතැපැල් ස්ථානාධිපතිවරුන් සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා හා තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සවස 04.00 සිට සේවයෙන් ඉවත්ව සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

18b357a1a2beae876f35fb2080c8afbf_XL

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමට තවත් 2ක් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අද (17දා) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරුවන් සමග ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්ද සොයාගෙන තිබේ.

අදාළ සැකකරුවන්ගෙන් පොලීසිය කළ  ප්‍රශ්න කිරීම්වලදී  මිලියන 03ක කොන්ත්‍රාත් මුදලක් මත මෙම වෙඩි තැබීම ඔවුන් විසින් සිදුකර  ඇතැයිද හෙළිව තිබේ. 

02

 

 

මහසෙන් දේවාල කපුවාගේ කාන්තා සබඳතාවක් ගැන පරීක්‍ෂණ

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ බවට සැකකරන මහසෙන් දේවාලයේ මින් පෙර කපු ධුරය දැරූ පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වූ කාන්තාවක පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මීට අමතරව සැකකරුවන්ට යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක රැකවරණය ලබාදී තිබේද යන්න පිළිබඳවද පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා මෙම කාන්තාව ළඟින්ම ආශ්‍රය කර තිබෙන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

DSCN3117

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සිදු වූ දිනට පසු දින මහසෙන් දේවාලයේ සේවය කර, පසුව නිවාඩු නිකේතනයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්පසුව එම නිවාඩු නිකේතනයේ සේවය කළ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔවුන් දෙදෙනා අද (15දා) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සිදුවූ දිනට පසුදින අත්අඩංගුවට ගනුලැබුවේ ප්‍රසාද් කුමාර නමැත්තෙකු වන අතර, අනෙක් සැකකරු චමිල ප්‍රසාද් ගුණසේකර නමැත්තෙකි.

arres

 

 

 

කිරිවෙහෙර නා හිමිට වෙඩි තබා ඇත්තේ බලපත් තුවක්කුවකින්

කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩි තැබූ බවට සැකකරන කපුවාට ගිනිඅවිය සමග නිකුත් කර තිබූ උණ්ඩ 06ක් අස්ථානගත වී තිබෙන බව වාර්තා වේ.

සැකකරුව බලපත්‍ර සහිතව අදාළ ගිනිඅවිය සමග උණ්ඩ 20ත් විස්සක් නිකුත් කර තිබෙන බවට වාර්තා වන අතර සිද්ධියට සම්බන්ධ ස්ථානයේදී සහ සැකකරුගේ නිවසේ තිබී සොයා ගත් උණ්ඩ හා උණ්ඩ කොපුවල‍ට අනුව සම්පූර්ණ උණ්ඩ ගණන 14ක් බවට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධ අදාළ කපුවා අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 08ක් යොදවා පරීක්ෂණ පැවැත්වුවත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

checking

 

කොළඹ ගොඩනැගිල්ල කඩා වැටීමට වන්දි තවම නෑ

කොළඹ බබාපුල්ලේ මාවතේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා මියගිය සේවකයන් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාදී නොමැති බව සඳහන් කරමින් අද (14දා) ඔවුන්ගේ පවුලේ ඥාතීහු විරෝධතාවක නිරත වූහ.

ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම අනතුර නිසා ව්‍යාපාරික ආයතනයේ හිමිකරුද මියගිය බවත්, පිටත තිබූ තාප්පයක් ගොඩනැගිල්ල මතට කඩාවැටීම නිසා අදාළ ගොඩනැගිල්ල කඩාවැටුණු බවත් විරෝධතාකරුවෝ සඳහන් කරති.

සිද්ධියට මාස 04කට අධික කාලයක් ගතවී තිබුණද පොලිස් පරීක්ෂණ හෝ මෙතෙක් අවසන් වී නොමැති බවත්, මේ නිසා එම ආයතනයේ සේවකයන් 06 දෙනෙකු මියගිය බවද මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු සඳහන් කරති.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_2919 AID_2937 AID_2941 AID_2910

 

20න් මහින්දට අගමැති වී ආණ්ඩුවේ නායකයා වෙන්නත් පුළුවන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වී ආණ්ඩුවේ නායකයාත් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති විය නොහැකි බවත් ජනාධිපති වීමට නොහැකි අයෙකුට අගමැති විය නොහැකි බවට නීති තර්කයක් ඉදිරිපත් වී තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති පදවියට පත්විය නොහැකි අයෙකුට අගමැති පදවියට පත්වීමට නොහැකි වී තිබෙන්නේ ජනාධිපති ධුරයේ යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැති නිසා බවද පවසා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට අනුව අවස්ථා දෙකකදී ජනාධිපති ධුරය දැරූ කෙනෙකුට අගමැති වී ආණ්ඩුවේ නායකයා විය හැකි බවද සඳහන් කළේය.

කොළඹදී ඊයේ (13දා) රාත්‍රියේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක් වූ ඒ මහතාවැඩිදුරටත් පවසා සටියේ මෙම කෙටුම්පත සම්මත වූ පසු රනිල්ගේ ආණ්ඩුව මාස 07 කට කලින් ගෙදර යාමට සිදු වන බවයි.

එසේ තිබියදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රනිල්ගේ වැඩක් ලෙසට පෙන්නා දෙමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ කොන්ත්‍රාත් සිදුනොකරන බවත් තම දේශපාලන පක්ෂය කිසිවෙකුටත් නැටවිය නොහැකි බවද පවසා සිටියේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට තවදුරටත් ගමන් කළ නොහැකි බවත් එහෙත් ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත තුළින් රට ස්ථාවර වී ප්‍රජාතන්ත්‍රවාදය උදාවන බවද සඳහන් කළේය.

එහෙත් යම් යම් අයගේ ඔඩොක්කුවල සිටින පිරිස් මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා බවද සඳහන් කළේය.   

Anura-Kumara

පළාත් සභා මැතිවරණයට SLFP අපේක්ෂකයන් නෑ

ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයයක් ලබාගත නොහැකි බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම එකතු කර පුළුල් පෙරමුණක් යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Dilan-Perera

 

කතරගම වෙඩි තැබීමට පුද්ගලයෙක් පොලිස් භාරයට

(UPDATE)

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම පුද්ගලයා මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු වාර්තා වන අතර, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ. වෙඩි තැබූ බවට සඳහන් කෙරෙන ස්ථානයේ තිබී ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ වන විට කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නමැත්තා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

සැකකරුගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කර තිබෙන බවත් එහිදී කඩුවක්, කිනිසි 02ක් සහ පතරොම් 10ක් සොයාගෙන ඇති බවත් සැකකරු නිවස අතහැර පලාගොස් සිටින අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසයි.   

 

WWWWWWWWWWWWWW

 

දාගැබ් 25ක් ඉදිකරනවා – සජිත් ප්‍රේමදාස

‘වැවයි, දැගැබයි, ගමයි, පන්සලයි’ සංකල්පය යටතේ දිස්ත්‍රික්ක 25ක පන්සල් 25ක් තුළ දාගැබ් 25ක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

නිවාස ඉදිකිරීමට අමතරව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, පොදුවේ රට තුළ පුරාවස්තු විනාශයන් සිදුවන බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.

නමුත් අමාත්‍යාංශයක් ලෙස මේ සඳහා මැදිහත් විය නොහැකි බවත්, මේ නිසා මේ පිළිබඳව රජය පූර්ණ අවදානය යොමු කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

AID_2854 AID_2884 

AID_2905