Author Archives: ඉන්දික හේවාවිතාරණ

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය C 2 යි S 1 යි

වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සඳහා අද (12දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ අනුව උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් සී දෙකයි එස් එකක ප්‍රතිඵලයක් ලබා ගන්නා පිරිස් හට වෛද්‍ය පීඨයකට ඇතුළුවීමේ සුදුසුකම හිමිවනු ඇත.

මෙම අධ්‍යාපන සුදුසුකම්වලට අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය විද්‍යාලයකට හෝ රජය මැදිහත්වී ඇති කරන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමටත් රජය සැලසුම් කර තිබේ. 

doctors

දුම්රිය ගැටලු විසඳීමට පත්කළ කමිටුව හෙට උදේ වැඩ අරඹයි

rail-418923_960_720

දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව හෙට (13දා) විශේෂ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට ආරාධනා කර තිබෙන අතර, එම සාකච්ඡාව උදෑසන 9.30ට පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහෙත් වර්ජනය නවතා දමන්නේ සාකච්ඡාවලින් ඉල්ලීම් ලැබුණොත් පමණක් බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. 

දුම්රිය ඉල්ලීම් ගැන අවධානය යොමු කරනවා

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට පත්කළ කමිටුවෙන් කඩිනමින් විසඳුම් ලබාදීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබෙන බවත් අද(12දා) පැවති මාධ්‍ය සාකඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය.

මෙම කමිටුවෙන් විසඳුම්  ලබාදෙන තෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ගැන සිතා වර්ජනය නවතා දමා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 

rail-418923_960_720

බණ්ඩාරවෙල නගර සභාවටත්, ප්‍රාදේශීය සභාවටත් ජවිපෙ තරග නොකරයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට හා බණ්ඩාරවෙල නගර සභාවට තරග නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූ ගැටලු මුල් කරගනිමින් එම ප්‍රදේශවල ජනතාව එක්ව පිහිටුවා ගනු  ලැබූ  ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙම ආයතනවලට තරග කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මේ නිසා ඉදිරිපත් වී සිටින ස්වාධීන කණ්ඩායමට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් මේ නිසා එම ආයතන දෙකට තරග නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

jvp

විශ්‍රාම ගිය දුම්රිය සේවකයන් සේවයට ඇවිත් නෑ

විශ්‍රාම ගිය දුම්රිය සේවකයන් හා කොන්ත්‍රාත් පදනමින් සේවය කරන පිරිස් හට සේවයට වාර්තා කරන ලෙස ආරාධනා කළද, මෙතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව දුම්රිය දෙපාර්තමේමන්තුව සඳහන් කරයි.

පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද (12දා) උදෑසන ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා කටයුතු කර තිබේ.

මගී ජනතාවට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා වාණිජ අධිකාරීවරයා දුම්රිය ධාවනය කර ඇතැයි වාර්තා වේ.

rail-418923_960_720

දුම්රිය සමිති හා ජනපති අතර සාකච්ඡාවක්

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (12දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

සාකච්ඡාව පැවැත්වෙන වේලාව පිළිබබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වෘත්තීය සමිති පවසයි.

ජනපති හෝ අගමැති මැදිහත්ව ගැටලුව විසඳීමට කටයුතු කරයි නම් ඒ මොහොතේ සිටම වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

rail-418923_960_720

දූෂිත අපේක්ෂකයන් ගැන කියන්න සංවිධාන ජාලයක්

දූෂිත අපේක්ෂකයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කළහොත් ඔවුන්ගේ දූෂණ වංචා ජනතාවට හෙළි කිරීමට සංවිධානාත්මක ජාලයක් සකස් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.

පළාත් පාලන ආයතන මැතිවරණයේදී යහපත් පුරවැසියෙකු කොට්ඨාශයට ඉදිරිපත් නොකළහොත් දූෂිතයන්, වංචාකරුවන් දේශපාලනයට පැමිණීම වළක්වා ගත නොහැකි බවද හෙතෙමසඳහන් කළේය.

එයට හේතු වී තිබෙන්නේ නව ක්‍රමය යටතේ අදාළ කොට්ඨාසයට පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාදුන් පසු ඉදිරිපත් කරන අපේක්ෂකයා සභිකයෙකු බවට පත්වීම නිසා බවද ඔහු කියා සිටියේය.

මේ නිසා දූෂිතයන්, වංචනිකයන් අපේක්ෂකත්වයට පත්වීම වළක්වාගැනීමට හා අපේක්ෂකයෙකු වුවත් ඔහු සභිකයෙකු බවට පත්වීම වළක්වා ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය ලෙස වංචා දූෂණ හෙළි කිරීම සිදුකරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Sri Lanka Go To The Polls In The Civil War Ravaged North Province

13දා සිට 18දා දක්වා වැසි

සුළං රටාවේ ඇතිවන වෙනසක් නිසා 13 වැනිදා සිට 18 වැනිදා දක්වා ලංකාවේ සෑම පළාතකටම වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සවස 02න් පසු ගිගුරුම් සහිත වැසි පවා මෙම කාලය තුළ ඇතිවිය හැකි බවත්, පොදුවේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්ද ඇතිවිය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.

maxresdefault copy

නාමයෝජනා දුන් නිසා තහනම් වෙන දේවල්

නාමයෝජනා බාරදීම අද (11දා) සිට ආරම්භ වී තිබෙන බැවින් මැතිවරණ ප්‍රචාරක පෙළපාළි හා රථ පෙළපාළි ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරක කටයුතු සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නීති උල්ලංඝනය කරන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට හැකිවන්නේ ප්‍රචාරක රැස්වීම් භූමියේ පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

රැස්වීම් භූමි තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අදාළ පොලිස් ස්ථානයෙන් බලපත්‍රයක් ලබාගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.

Sri Lanka Go To The Polls In The Civil War Ravaged North Province

දුම්රිය වර්ජනය අඛණ්ඩව

දුම්රිය වර්ජනය අඛණ්ඩව පැවැත්වීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. ඒ එම සංගමය අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.

rail-418923_960_720