Author Archives: හිරාන් ජයසිංහ

විදුලි කප්පාදුවට එරෙහිව ලක්විජය බලාගාරය අසල විරෝධතාවක්

කල්පිටිය අර්ධද්වීපයේ පසුගිය බ්‍රහස්පතින්දා සිට විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර  එයට විරෝධය පා එම ප්‍රදේශයේ ජනතාව අද (08දා) උදෑසන නොරෝච්චෝල ලක්විජය බලාගාරයට ගමන් ගන්නා මාර්ගය  සම්පුර්ණයෙන් වසාදමා විරෝධතාවයක් පවත්වමින් සිටිති.

 මේ විරෝධතාව හේතුවෙන් ලක්විජය බලාගාර සේවකයන්ට තම රාජකාරී සඳහා ගමන් කිරීමට නොහැකිව අපහසුතාවට ලක්වූ අතර එම නිලධාරීන් පැවසුවේ මේ හේතුවෙන් බලාගාරයේ විදුලි නිෂ්පාදනට බලපෑම් එල්ල වන අතර ජාතික විදුලිබල පද්ධතියටද මෙම ප්‍රමාදය බලපෑම් ඇති කරන බවයි.

කල්පිටිය ජනතාව පවසන්නේ විදුලිබල මණ්ඩලය අත්තනෝමතිකව සිදුකරන  විදුලිය කප්පාදුව හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා ඇතිව ඇති අතර මෙය විදුලිබල මණ්ඩලය විසින් ද්වේෂ සහගතව සිදුකරන බවයි.   

DSC07577

 

wqwq

 

රුපියල් කෝටියක වට්ටක්කා විනාශයි

නවගත්තේගම වට්ටක්කා වගා කළ වගාකරුවන්ට තම අස්වැන්න අලේවි කරගැනිමට නොහැකිවිමෙන් රුපියල් ලක්ෂ 100 කට අධික වටිනාකමින් යුත් වට්ටක්කා කිලෝ ලක්ෂ ගණක් විනාශ වෙමින් තිබෙන බව වගාකරුවෝ පවසති.

නවගත්තේගම කොන්කඩවල හා ගාමිණීපුර ගම්මානවල වගාකරුවන් වි වගා කිරිමට ජලය ප්‍රමාණවත් නොවිම නිසා වට්ටක්කා වගා කළද අද වන විට වට්ටක්කා කිලෝවක් රුපියල් 7ක් 8 කටවත් අලේවි කරගැනිමට නොහැකිවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

 ඒ හේතුවෙන් වගාකරුවන් 60කට ආසන්න පිරිසකගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් වගා බිම්වල සහ නිවෙස් තුළත් කැළැ තුළත් විනාශ වෙමින් නශ්‍යවී යන බවද වගාකරුවෝ පවසා සිටිති.

රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් තම වගාව මිලදි ගැනීමට මේ වනවිටත් ඉදිරිපත් නොවු බවත්, ඒ නිසා ලක්ෂ ගණනින් ණය වි වගා කළ වට්ටක්කා තොග පිටින් විනාශවෙමින් තිබෙන බව වගාකරුවෝ චෝදනා කරති.

DSC03584 DSC03595

පුත්තලම ප්‍රාදේශීය සභා බලය එජාපයට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අංජන සඳරුවන් මහතා දිනා ගැනිම සිදු වුයේ ඊයේ (5දා) දින එම සභාවේ පැවති රහස් ජන්ද විමසිමකිනි.

 පුත්තලම ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනිමේ ජන්ද විමසිම වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා මුලසුනේ සිටිමින් සභාපතිවරයා ආරම්භ වු අතර එහිදි සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ එකඟතාව මත රහස් ජන්දයක් පැවතුණි.

මෙම ජන්ද විමසිම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අංජන සඳරුවන් මහතා තරග වැදුණ අතර ඔහු ජන්ද 12ක් ලබා ගනිමින් සභාපති ලෙස තේරි පත්විම සිදුවිණ. මෙහිදි පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) රදික සංජීව මහතාට ලබා ගැනිමට හැකි වුයේ ජන්ද 10 ක් පමණි.

පුත්තලම ප්‍රාදේශය සභාව නියෝජනය කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 7 දෙනෙකුද , පොදුජන පෙරමුණ 8 දෙනෙකුද , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 3 දෙනෙකුද , ජනතා විමුක්ති පෙරමුණ 1 ක් ද ස්වාධින කන්ඩායම (ඇපල් ගෙඩිය) 1 ක් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2ක් ද,  ස්වධින අංක දෙක  (කෙසෙල් ඇවරිය) 1 ක් ලෙසින් සමස්ත මන්ත්‍රිවරුන් 23 දෙනෙකු තේරි පත්ව තිබුණි.

DSC01908 DSC01926

පුුත්තලම නගර සභාව මුස්ලිම් කොංග්‍රසයට

පුත්තලම නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ කේ. ඒ. බායිස් මහතා අද ( 27 දා) දින සවස පුත්තලම මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති  රහස් ජන්ද විමසිමේදි හිමිකර ගැනිමට සමත් විය.

රහස් ජන්ද විමසිමේදි  මුස්ලිම් කොංග්‍රසය    නියෝජනය කල  කේ.ඒ . බායිස් මහතා ජන්ද 11 ක් හිමිකර ගනිද්දි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එම් .ඒ.එම් අලි සබ්රි මහතා ට හිමිව තිබුණේ ජන්ද 7 ක් පමණි. බායිස් මහතාට ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව ) නියෝජනය කරනු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක් මන්ත්‍රිවරයකුගේ සහ ස්වාධින කණ්ඩායම් නියෝජනය කළ එක් මන්ත්‍රි වරයකුගේ ද ඇතුළුව ජන්ද 11 ක හිමිව තිබුණි.

DSC00276 copy DSC00291 copy

 

පුත්තලම කලපුව අවදානමේ

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කලපුව ලෙස සැලකෙන පුත්තලම කලපුවට සුන්දර වටපිටාවක් හිමිව තිබුණේ 1980 දශකයට පෙරය. ඉන් පසුව මේ පරිසරය ඉස්සන් වගාවන් වෙනුවෙන් වැනසී ගියේ සමස්ත කඩොලාන පරිසරයද වනසමිනි. නමුත් අද දවසේ ලුණු සැකසීමට පුත්තලම %පුංචි කලපුව^ බිලි වී ඇත්තේ නැවතත් දැවැන්තම පාරිසරික ව්‍යසනයකට ලක්කරමිනි. 


DCIM100MEDIADJI_0027.JPG

පුත්තලම කලපුවේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 32,000කින් සමන්විතය. පුත්තලම කලපුෙව් පටන් ගැන්ම පාලවියට ආසන්නයේ පිහිටි නාගවිල්ලුවට නුදුරින් නමුත් එහි අවසානය උතුරු මායිම ලෙස නිර්ණය වී ඇත්තේ කරවලකුඩා සිට ගඟේ වාඩිය උඩට සැතපුම් අටකට ආසන්න දුරකිනි. එහෙත් ජාත්‍යන්තර නිර්ණයන්වලට අනුව කලපුවක් අවසානය සිදුවිය යුත්තේ පළමු මෝය හමුවීමත් සමගය. එසේ නම් පුත්තලම කලපුව උච්චමුණේ දක්වා විසිරි යායුතු බවත්, එහි සීමා මායිම් ඉදිරියේදී නිවැරදි විය යුතු බවත් ප්‍රදේශවාසීහු පවසති. 
කෙසේ නමුත් කලපුව සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතන ලේඛනයේ රාජ්‍ය ආයතන 22ක් තිබුණද, ඒ කිසිදු ආයතනයක් පුත්තලම කලපුවේ පුංචි කලපුව ලුණු කර්මාන්තකරුවන් සේම ඉස්සන් වගාකරුවන් ආක්‍රමණය කර ඇති ආකාරය නොදැක තිබීම පුදුමය දනවන කරුණක්ව තිබේ. 

 මෙම රාජ්‍ය ආයතන 22ක අතරින් ප්‍රාදේශීය ලේකම්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වන සංරක්ෂණ, වනජීවී, ධීවර දෙපාර්තමේන්තුව සහ පොලීසිය නිරන්තරයෙන් කලපුව පිළිබඳ අවධානය යොමු කිරීම සිදුවිය යුතු නමුත්, එම ආයතනද පුත්තලම පුංචි කලපුව තුළ සිදුවන නීතිවිරෝධී ගොඩකිරීම් ඇතුළු අනිසි කටයුතු පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදුකර නොමැති බව පුත්තලම කලපුවට ආදරය කරන පිරිස් පවසති.

ඉස්සන් වගාව වෙනුවෙන් 1990 දශකයේ සිට පුත්තලම කලපුව වනසා දැමුණේ පක්ෂ – විපක්ෂ දේශපාලඥයන්ගේ සියලුම ආශීර්වාද මැදය. ඉස්සන් වගාව තුළින් සිතාගත නොහැකි ආදායමක් ලබාගැනීම පළමු වකවානුවේදී පෙන්නුම් කිරීම නිසාම රට පුරා ධනවත් ව්‍යාපාරිකයන් තම මුදල් වැය කරමින් ඉස්සන් ඇති කිරීමට පුත්තලම කලපුවේ හදවත ලෙස හැඳින්වූ කඩොලාන අක්කර දහස් ගණනින් කපා විනාශ කරන විට එකල රාජ්‍ය නිලධාරීන් දෑස් වසාගෙන සිටියේ කුමන හේතුවක් නිසාදැයි අදටත් ප්‍රශ්නයක්ව තිබේ. නමුත් ඉස්සන් වගාවට සුළු කාලයකින් පැතිරී ගිය සුදු පුල්ලි රෝගය නිසාම මහත් උජාරුවෙන් පරිසරය වනසා සිදුකළ ඉස්සන් වගාව එකවරම නැවතී ගියේ පරිසරයට සිදුකරනු ලැබූ හානියට දඬුවමක් ලබාදෙමින් බව මෙම සුන්දර බිමට ආදරය කළ බොහෝ දෙනෙක් එකල සේම අදද පවසති. 
කෙසේ නමුත් කඩොලාන වනසා සිදුකළ ඉස්සන් වගාව වසර 10කට ආසන්න කාලයකදී නැවතී ගිය අතර, එම බිම්වල නැවතත් කඩොලාන ඇතුළු ශාක වර්ධනය වෙමින් තිබියදී වසංගතයක් සේ ඉස්සන් වගා කළ ටැංකි ඩෝසර් කරමින් එයට අමතරව ඉතිරි බිම් තීරවලද නැවතත් ලුණු කර්මාන්තය සඳහා කලපුව වනසන්නට වී තිබේ. මේ වැනසීමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුද සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර, ඔහුට නීතිය ක්‍රියාත්මක වීම කෙසේ වෙතත්, වනසා දැමූ කලපුවට වාර්ෂික බලපත්‍ර පවා සකසාගෙන තිබේ.
අද වනවිට ලුණු කර්මාන්තය පුත්තලම කලපුවේ පුංචි කලපුව සම්පූර්ණයෙන් ආක්‍රමණය කර අවසානය. ඒ සඳහා පළමුව ඉතාම උපක්‍රමිකව කලපුවේ ඇති කඩොලාන ඉවත් කර පුළුස්සා දමා, ඉන්පසුව එම භූමියේ  කිසිදු ශාකයක් නොතිබූ බවට හැඟවීම ලුණු කර්මාන්තකරුවන්ගේ පළමු ඉලක්කය වන අතර, ඉන් පසුව එම ප්‍රදේශයේ මුඩුබිමක් බවත්, ඒ සඳහා ලුණු සැකසීමට බලපත්‍රයක් සකස් කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාද සම්බන්ධ කරගැනීම සිදුවන බවත් සාක්ෂි සහිතව සනාථ වී තිබේ. 

1 (3)

එසේම පුත්තලම කලපුව සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතන ගොන්න අතරින් එකම ආයතනයක්වත් තම වගකීම ඉටු නොකිරීම බරපතළය. මේ ආකාරයට කලපුව දිගින් දිගටම වැනසී යද්දී වගකිවයුතු බලධාරීන් මුනිවත රැකීම පුදුමය දනවයි.
මේ වන විට පුත්තලම පුංචි කලපුව තුළ අක්කර 3000කට වැඩි භූමියක් කිසිදු අවසරයකින් තොරව අත්පත් කරගෙන ඇත්තේ සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම දෑස් වසා දමමින්දැයි ප්‍රශ්න මතුව තිබේ.

 අඩුම තරමින් කලපුවක වටිනාකමවත් තේරුම් නොගත් පිරිස් එය වනසා දමමින් ඇත්තේ මුදල් පමණක් ජීවිතය බවට පත් කරගනිමිනි. එසේම ශ්‍රී ලංකාවේ කලපුවල ප්‍රභවය, පැවැත්ම, පරිණාමය පිළිබඳ මේ වනතුරු මනාව අර්ථ දක්වා නොමැති අතර, කලපුවල  ආකාරය, පරිසර ජල විද්‍යාව, පරිසර පද්ධතිය, ඵලදායීතාව හෝ ඒවා භාවිතයට පහසුකම් සපයන දරා සිටිය හැකි ආකාරයේ සේවා පදනම් කරගත් සුදුසු සංරක්ෂණ රාමුවක් තුළ වර්ගීකරණය කර හෝ හඳුනාගෙන හෝ නොමැති වීම කනගාටුදායකය. 
පුත්තලම කලපුවට අයත් පුංචි කලපුව තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු ඉතාම සූක්ෂ්ම ලෙස සිදුවෙමින් ඇත්තේ වගකිවයුතු අංශ ඇස් වසා නොව වගකිවයුතු බලධාරීන්ගේ නිසි ක්‍රියාත්මක වීමක් නොමැති වීම නිසාවෙනි. 

ගුවනින් ඡායාරූපගත කිරීමේදී ඉතාමත් පැහැදිලිව පුංචි කලපුවට සිදුකර ඇති හානිය දැකගත හැකිය. අද වනවිට පුත්තලම පුංචි කලපුවේ ඉතිරිව ඇති බිම් ප්‍රමාණය ඉතාම සුළු බව පැහැදිලිව පෙනේ. දෙපස ඉතිරි කරමින් ඉතාමත් උපක්‍රමිකව මැද ඇතැම් ස්ථානවල ඉස්සන් ටැංකි සාදා ඇත්තේ දශකයකටත් පෙර බව  පැහැදිලිව පෙනුණද, නැවතත් ලුණු කර්මාන්තය වෙනුවෙන් කලපුවේ සිදුවන ඉදිකිරීම් දැකගත හැකිය. එසේම ලුණු නිෂ්පාදනය හේතුවෙන්  අධික ලවණ තත්ත්වයද ඉස්සන් ටැංකිවලින් කිසිදු ක්‍රමවේදයක් නොමැතිව නිරන්තරයෙන් කලපුවට මුදාහරිනු ලබන රසායනික ද්‍රව්‍ය නිසාද දැවැන්ත පාරිසරික හානියක් කලපුවට අත්ව තිබේ.

අතීතයේ පුංචි කලපුව ඉස්සන් ඇතුළු මත්ස්‍යයන්ගේ රජදහනක්ව තිබී ඇති නමුත්, මේ අනිසි කටයුතු හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න සම්පූර්ණයෙන් වැනසී ඇති බවට ධීවරයෝ චෝදනා කරති. 

1 (2)

එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම්, 

“කලපුව තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සියල්ල හෙළි කරන්න කියලා මම ඇත්තටම කියනවා. මොකද මේ පිළිබඳ සොයා බැලිය යුතු ආයතන ඒ ගැන සොයා බැලීම් කර නැති බව තමයි වාර්තා වෙන්නේ. නමුත් මම මේ ගැන කල්පිටිය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැන්වූවා වහාම සොයන්න කියලා. යම් තැනක වැරැද්දක් සිදුව තිබෙනවා නම් ඒ සඳහා මම අවශ්‍ය කටයුතු කරනවා. මොකද මේ පරිසරය විනාශ වෙන්න දීලා අපට බලන් ඉන්න බැහැ.*

සකුන්ත පද්මසිරි මහතා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ උතුර කලාප භාර ඉංජිනේරු, 

අපට පුත්තලම කලපුවේ අයිතිය තිබෙන්නේ මෝය කටේ ඉඳලා කිලෝමීටර් දෙකක් යනතුරු පමණයි. ඒ නිසා කලපුවේ අපට වගකීම අඩුයි.

නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී

කලපුවක ජල තීරය සම්පූර්ණයෙන් අයිති රජයට. රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පොදු ජල මාර්ගයක හෝ පොදු ජලාශයක හෝ පතුල සම්පූර්ණයෙන් රජය සතු ඉඩමක් ලෙසයි නිර්ණය වන්නේ. ඒ අනුව පුත්තලම කලපුවේ ජල තීරයට අයිති වන කොටස කඩොලාන තිබුණත්, නැතත්, වෙනත් ශාක තිබුණත් එහි අයිතිය ප්‍රාදේශීය ලේකම්ට අයිති ප්‍රදේශයක් ලෙසයි සලකන්නේ. එමනිසා යම් කටයුත්තක් කරනවා නම් ඒ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයායි. එවැනි අවස්ථාවක සලකා බැලිය යුතු කාරණා දෙකක් තිබෙනවා. බලපත්‍ර ලබාදීමට පෙර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මතය විමසන්න වුවමනායි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිසිම අවස්ථාවක කඩොලාන භූමියක ඉදිකිරීමකට එකඟතාවක් පළ කරන්නේ නැහැ. මොකද කඩොලාන සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන අවස්ථාවක දැනට හෙක්ටයාර් 10,000ක බ්ම් ප්‍රමාණයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඒ නිසා කඩොලාන ඉඩම්වල මෙවැනි ඉදිකිරීම් සඳහා ඉඩ ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය අනුව අපි විශේෂයෙන් බලනවා ඉඩම් ආඥා පනත අනුව අපේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක වුණාද කියලා. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මේ කටයුතුවලදි කලපුවේ ජලවහන රටා වෙනස් වෙන්න පුළුවන්.  ලියදි හදලා, බැමි බැඳලා අවහිරයක් වෙන්න පුළුවන්. ඒ නිසාම කලපුවට වගකියන අනෙකුත් ආයතනවලින් අවසරයක් ලබාගත යුතුයි. මන්ද සිදුවිය හැකි බලපෑම් නිසා. ඒ වගේම මෙවැනි තෙත්බිම් පරිසර පද්ධතියක් තෙත්බිම් නොවන කාර්යයන් සඳහා භාවිත කරනවා නම් ලුණු ලේවායක් වාගේ දෙයක් කරනවා නම් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සිදු කරලා පරිසරයට සිදුවන හානිය අධ්‍යයනය කරන්න සිදු වෙනවා. ඒ සඳහා සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ පාරිසරික තක්සේරු වාර්තා ලබාදෙන සහ අනුමැතිය ලබාදෙන ආයතනය තමා වයඹ පළාත් පරිසර අධිකාරිය. මේ ආයතනය මේ කටයුත්ත සඳහා පූර්ව ලිඛිත අවසරයක් ලබා දෙනවා නම් සහ එවැනි පරිසර වාර්තාවක් සකස් කරලා අදාළ යෝජකයා විසින් අදාළ වාර්තාවක් ඉදිරිපත් කරලා අදාළ ආයතනයට ඉදිරිපත් කරලා තිබෙනවාද? ඒ සඳහා නිසි අවසරයක් ලබාදීලා තිබෙනවාද? එසේ අවසරයක් දී නැතිනම් වයඹ පළාත් පරිසර අධිකාරියේ පළාත් ප්‍රඥප්තියේ 51 වැනි වගන්තිය අනුව මේ අයට විරුද්ධව නෛතික වශයෙන් කටයුතු ක්‍රියාත්මක කරලා තිබෙනවාද? නැද්ද? යන්න විමසා බැලිය යුතු කාරණයක් ලෙසයි පෙනෙන්නේ . 

එසේම යම්කිසි ලුණු ලේවායකින් තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය උකහා ගත්තායින් පසු ඉතිරි වන ජලය නැවතත් ජල මාර්ගයකට මුදාහරිනවා නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත  යුතුයි. දැනට නීතිමය වශයෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාදීමේ බලය තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට පමණයි. නමුත් අපි දැකලා තිබෙනවා පළාත් පරිසර අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැතැයි පවසමින්  බලපත්‍ර ලබාදෙනවා. එසේ තමන්ට බලය තිබෙනවා කියා වයඹ පළාත් පරිසර අධිකාරිය පවසනවා නම්, එසේ ලබාදී තිබෙනවා නම්, එසේ ලබාදුන් පරිසර ආරක්ෂණ බලපත්‍රවල කොන්දේසි මොනවාද? ඒ වගේම ලුණු උකහා ගත්තායින් පසු ඉතිරි වන අනෙකුත් ලවණ සහිත ජලය ලේවාය තුළින් කලපුවට ගිහින් එහි ජලජ ජීවීන්ට වෙන්න පුළුවන් හානිය පිළිබඳ යම්කිසි තක්සේරුවක් කරලා නිසි පරිදි තනුක කරලාද බලපත්‍රයක් දෙන්නේ කියා සොයා බලන්න ඕනා. අපි දකින තරමින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් දෙන්න පුළුවන්, ජල මාර්ගයකට මුදාහරින අපජලය තනුක වෙනවායි කියන පදනම උඩ. නමුත් කලපුවක් කියන්නේ එසේ සංසරනය වන ජලය තිබෙන පරිසර පද්ධතියක් නොවන නිසා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාදෙන්න බැහැ යම්කිසි අපද්‍රව්‍යයක් මුදාහරින්න කියලා. ඒ නිසා පුත්තලම කලපුවට අපජලය මුදාහරින්න කියලා අවසරයක් දීලා තිබෙනවා නම් බැලු බැල්මට දෝෂ සහිතයි.

1 (1)

පද්මා අබේකොන් මහත්මිය  පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා, 

පුත්තලම කලපුව පිළිබඳ අපි  කටයුතු කරන්නේ මැදිහත්කරුවෙකු ලෙසයි. යම් හානියක් සිදු වෙනවා නම්  ඒ ගැන අදාළ ආයතන සමග ඍජුව කතා කරලා අදාළ කටයුතු කිරීමට සෑම විටෙකම ක්‍රියාත්මක වෙනවා. නමුත් පුත්තලම කලපුවේ පසුගිය සමයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා කලපුවට අයත් බවට සැක සහිත භූමි විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන බව. ඒ නිසා ඉදිරි කටයුතු කරන්න යම් යම් ප්‍රමාද වීම් තිබෙනවා.*

රුපියල් මිලියන 350 හෙරොයින් විනාශ කරයි

රුපියල් කෝටි තිස් පහකට ආසන්න හෙරොයින් තොගයක් අද (12දා) පුත්තලම මහාධිකරණ භූමියේදී  මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ මහතා ඉදිරියේදි විනාශ කිරීම සිදුවිය.

මෙසේ විනාශ කළේ 2010 වසරේදී කල්පිටිය පොලීසිය මගින් කිරියන්කල්ලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණ හෙරොයින් තොගයක් බව මහාධිකරණ නිලධාරීහු පැවසූහ.

මීට අමතරව 2014 වසරේදී නවගත්තේගම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරීයෙකු සමග අත්අඩංගුවට ගත් කංසා කිලෝ දෙකක ප්‍රමාණයක්ද මෙසේ විනාශ කිරීම සිදුවිණි.

DSC09029 copy DSC09088 copy DSC09101 copy

 

 

ආණමඩුවේ හෝටලයකට ගිනි තබයි

ආණමඩුව නගරයේ පිහිටි හෝටලයක් අද (11දා) අළුයම කිසියම් පිරිසක් ගිනි තැබිම නිසා සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

ආණමඩුව පුත්තලම මාර්ගයේ පිහිටි මදිනා නැමති හෝටලය කිසියම් පිරිසක් ගිනි තබා ඇත.හෝටලය ආසන්නයේ  රාජකාරි සඳහා පොලිස් නිළධාරින් යොදවා තිබුණද ගිනි තැබීම සිදුවන අවස්ථාවේ මෙම නිළධාරින් මෙම ස්ථානයේ නොසිටි බවට වාර්ථාවෙයි.

සිද්ධියත් සමග ආණමඩුව නගරයේ ආරක්ෂාව තර කර තිබු අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ද සිද්ධිය සැළවීමත් සමග මෙම ස්ථානයට පැමිණ තිබුණි.

 එහි ගිනි තැබිමට ලක්වු හෝටල් හිමිකරු සහ රුස්ව සිට පිරිස ඇමතු රංගේ බංඩාර මහතා සහ ප්‍රියංකර ජයරත්ත මහතා මෙය කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් කල කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවත් ජාතිවාදි ක්‍රියාවක් නොවන බවත් මේ සිද්ධියෙන් ආණමඩුවේ ජාතින් අතර සමගියට කිසිදු බාධාවක් වීමට ඉඩ නොදෙන බවත් විනාශ වු ස්ථානය සියලු දෙනා එක්ව දින කිපයක් ඇතුළත තිබූ තත්වයට නැවත සකස් කර දෙන බවත් පැවසිය.

DSC08699 copy DSC08708 copy DSC08730 copy DSC08770 copy DSC08776 copy DSC08786 copy

 

පුත්තලම පාලවියේ පිපිරීමකින් අයෙක් මරුට

පුත්තලම, පාලවිය මංසන්ධියට නුදුරින් පිහිටි අබලි යකඩ වෙළෙඳ සැලක අද (04දා) උදෑසන සිදු වූ පිපිරිමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අදාළ වෙළෙඳ සැලේ සේවය කළ 29 හැවිරිදි තරුණයෙකි.

මරණකරු අදාළ වෙළෙඳ සැ‍ලේ තිබූ කිසියම් ද්‍රව්‍යයක් තැලීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇතැයි හෙළිව තිබේ.

පිපිරීමෙන් අදාළ තරුණයා අඩි ගණනාවකට විසිවී ගොස් වැටී තිබූ අතර, ගොඩනැගිල්ලේ වහලයේ සිදුරු දැකගත හැකිවිය.

අදාළ ස්ථානය රජයේ රසපරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි  ජේ.ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත පුත්තලම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් පුළුල් විමර්ශන අරඹා තිබේ.

DSC08458 DSC08480

නියඟය නිසා කෝවිල් දිය කැපීම බේසමකට සීමාවෙයි

පවතින නියඟය හේතුවෙන් අද (01දා) පුත්තලම කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් දිය කැපිම සිදුවූයේ  කරුමාරි අම්මන් මෑණියන්ගේ  ප්‍රතිමාව ඉදිරිපිටදී ආභරණ කුඩා බේසමක දමා චාරිත්‍ර ඉටු කිරිමේනි.

කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් වෙනත් වසරවලදී දියකැපීම සිදුවන්නේ පුත්තලම සේනකුඩිරිප්පුව විල්ලුව වැවේ අදාළ චාරිත්‍ර ඉටුකරමිනි. නමුත් වසර ගණනාවක සිට පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ෂාවක් නොලැබීම නිසා ගංගා, ඇළ දොල, සහ සියලුම වැව් හා ජලාශ මේ වනවිට සිඳී යාම හේතුවෙන් හින්දු බැතිමතුන් තම චාරිත්‍ර වතාවත් වන දිය කැපීම කරුමාරි අම්මන් මෑණියන්ගේ ප්‍රතිමාවක් ඉදිරිපිට තබාගෙන    කුඩා බේසමක ආධාරයෙන් සිදුකළහ.

එසේම ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් රටට සෙත් පතා වැසි වස්සන ලෙස ඉල්ලමින් සැතපුම් පහකට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කරුමාරි අම්මන් වෙනුවෙන් කිරි කළ පූජා කිරීම ඊයේ (01දා) දහවල් සිදුවිය.

කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම විශේෂ කිරි කළ පූජාව සහ කාවඩි සේනකුඩිරිප්පුව විල්ලුව පත්තිනි අම්මාන් කෝවිලේ සිට 1 දින දහවල් පා ගමනින් කරුමාරි අම්මාන් කෝවිල වෙත ගමන් කිරීම සිදුවිය.

  DSC08103 DSC08174 DSC08225 DSC08251 DSC08279

තහනම් ග්ලයිෆොසේට් කල්පිටියෙන් හමුවෙයි

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට  ආසන්න වටිනාකමකින් යුතු ඇමෝනියම් ග්ලයිෆොසේට් තොගයක් කල්පිටිය පොලීසිය විසින් ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගෙන තිබුණි.

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩිපිටිය ආසන්නයේ දමා ගොස් තිබූ  මෙම ග්ලයිෆොසේට් තොගය ගුවන් හමුදා නිලධාරීන් විසින් දැකීමෙන් අනතුරුව ඒ පිළිබඳව කල්පිටිය පොලීසිය දැනුවත් කර තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි කල්පිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ  ග්ලයිෆොසේට් තොගය අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ආකාරයෙන් උර 29 ක අසුරා තිබූ ග්‍රෑම්ස් 100 බැගින් වූ කුඩා පැකට් 7142 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බව සැකකරන මෙම ග්ලයිෆොසේට් තොගය නැවත රැගෙන යාමේ අරමුණින් මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ග්ලයිෆොසේට් අලෙවිය මෙරට තුළ තහනම් කිරී‍මෙන් අනතුරුව නීතිවිරෝධී ආකාර‍යෙන් මෙරටට රැගෙන විත්  තිබූ විශාලම ග්ලයිෆොසේට් ‍තොගය මෙය බවද පොලීසිය පවසයි.  

සිද්ධියට සම්බන්ධ කිසිදවෙකු මෙතෙක්  අත්අඩංගුවට ගෙන නොමැත. කල්පිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

DSC07434 copy