Author Archives: ඒෂාන් ප්‍රනාන්දු

Sri Lanka Print ප්‍රදර්ශනය විවෘතයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (16දා) ආරම්භ වූයේය. ප්‍රදර්ශනය  අනිද්දා (18දා) දක්වා මහජනතාවට නොමිලයේ නැරඹිය හැකිය. පෙ.ව. 10 සිට රාත්‍රී 7 දක්වා එය පැවැත්වෙයි. මෙහිදී විශේෂ වට්ටම් යටතේ යන්ත්‍ර සූත්‍ර මිළදී ගත හැකි බව සංවිධාකයන් දන්වා සිටියි. මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දරයි.

DSC_4247 DSC_4249 DSC_4251 DSC_4253 DSC_4256 DSC_4257 DSC_4260 DSC_4264 DSC_4266 DSC_4267 DSC_4274 DSC_4275 DSC_4279 DSC_4282 DSC_4283 DSC_4286 DSC_4287 DSC_4291 DSC_4293 DSC_4310

ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඬලලා

(VIDEO) වර්තමානය වනවිට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවත් ජනතාවට ඇති ප්‍රශ්න අමතක කිරීම සඳහා රජය විසින් ප්‍රශ්න නිර්මාණය කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාපවසයි.

අද (16දා) පෙරවරුවේ මහරගම පැවැති උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සුන්ට කන්න නෑ. බඩු ගන්න නෑ. රජයේ සේවකයාගේ පඩි වැඩි කරන්නේ නෑ. මේ සියල්ලටම ප්‍රශ්න රාශියකට මුහුණදී තිබෙනවා. රට අස්ථාවර වෙලා. ඩොලරය නගිනවා. මේවා ඔක්කොම අමතක කරවන්න අලුත් අලුත් දේ හදනවා. හැබැයි කොහොම වුණත් ප්‍රජාතන්ත්‍රවාදයට කනකොකා හඬලලා” යැයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.

හැබැයි ඔබතුමාලා නිශ්ශබ්දව සිටියා

අපි කතා කළා. ඔයාලට ඇහුන්නේ නැති වුණා.

Capture

 

 

 

 

Youth with Talent කිරුළ ජනකට

ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව සංවිධානය කළ Youth with Talent අවසන් මහ තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍ර‘යේදී නිමාවට පත්විය.
එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජනක කාංචන,සමත්වූ අතර දෙවැනි ස්ථානය මොහොමඩ් නිෂ්ෆහන් හා තෙවැනි ස්ථානය නිමේෂ් මධුසංඛටත් හිමිවූහ. මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

untitled-264 untitled-267 untitled-289 untitled-294 untitled-297 untitled-363 untitled-364 untitled-375 untitled-378

කොළඹ ආරක්ෂාව තර කෙරේ

කොළඹ නගරයේ ආරක්ෂාව මේ වන විට තර කර ඇත. ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් කොළඹ කොටුවේ විවිධ ස්ථාවල ස්ථාන ගත කර ඇත. ආගමික ස්ථාන අසළද ආරක්ෂාව තර කර තිබේ.

DSC_4104 DSC_4109

 

කුසලධම්ම හිමිගේ දේහයට නන්දෙසින් ගෞරව

අපවත්වී වදාළ පුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිගේ මේවනවිට කොළඹ ශ්‍රී සම්බෝධී විහාරයේ තැන්පත්කර තිබේ.  උන්වහන්සේගේ දේහය  අද (04) අලුයම ශ්‍රී සම්බෝධී විහාරය වෙත වැඩම කරවා ඇත.

ඊයේ (03) උදෑසන අපවත් වූ දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

පුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම  සඳහා මේ වන විට දේශපාලඥයින් සහ ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

_DSC1130 _DSC1143 _DSC1185 _DSC1205 _DSC1230 _DSC1238 _DSC1266 _DSC1270

කොළඹ නවම් මහා පෙරහරේ අවසන් මහා පෙරහර

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කරන කොළඹ නවම් මහා පෙරහරේ අවසන් මහා පෙරහර අද(01දා) වීදි සංචාරය ආරම්භ කෙරිණි.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ නවම් පෙරහරහි සධාතුක කරඬුව හස්තියා මත තැන්පත් කිරීම අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වූනවම් මහා පෙරහර අද දිනයෙන් නිමාවට පත් වනු ඇත.

AID_2864 AID_2872 AID_2886 AID_2887 AID_2896 AID_2902 AID_2909 AID_2923 AID_2937 DSC_3674

රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

රාජගිරිය රථ වාහන තදබදයට විසඳුමක් ලබාදීමට ඉදිකළ ගුවන් පාලම අද (08දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

_KSR2851 _KSR2865 _KSR2870 _KSR2931 _KSR2939 _KSR2961 _KSR2970 _KSR2972