Author Archives: දිනේෂ් මන්ත්‍රීවිතාන

සිම්බාබ්වේ පිල තුන්කොන් තරගාවලියේ දී වෙනසක් කරාවි – සිම්බාබ්බේ පුහුණුකරු හීත් ස්ට්‍රික්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ එක්දින කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම පැහැදිලි වෙනසක් කරනු ඇතැයි සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් සදහන් කරයි. අයි.සී.සී ක්‍රිකට්.කොම් වෙබ් පිටුවට සිය අදහස් දක්වමින් ඔහු මේ බැව් පැවසීය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි සිම්බාබ්වේ කණ්ඩායම පසුපසින් සිටිය ද පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමත් සමගින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් තුන්කොන් තරගාවලියේ දී ඔවුන් තව තවත් ඉදිරියට පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කරයි.

එසේම චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට ගත් තීරණය, නිවැරදි තීරණයක් බවද සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් වැඩිදුරටත් පවසා සිටියි.  ස්ට්‍රික්, කළක් හතුරුසිංහ යටතේ බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ අයෙකි.

GettyImages-515041856

සුරංග ලක්මාල්ට අලුත් තනතුරක්

සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ. තරගාවලිය මේ මස 31 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලියට එක්වන 16දෙනා ශ්‍රී ලංකා සංචිතය ද අද (13 වැනිදා) නම් කරනු ලැබීය. එම සංචිතයට මෙන්ම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව උපනායක සුරංග ලක්මාල් ට ද ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදණයේ සදහන් වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රෝෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල් (උප නායක), දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ, ලහිරු කුමාර්  

270022

ඇමති මංගලගේ තීරණයට, ඕමල්පේ සෝභිත හිමිගේ විරෝධය

මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති. 

එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Omalpe Sobitha Thero

තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්ව යයි

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හෙට (13දා) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

හෙට අලුයම 5.15ට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එළඹෙන 17 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ. 

Sri-Lanka-Cricket-3

මාලිංගගෙන් ජ’පුර සිසුන්ට දේශනයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ “සාර්ථකත්වයේ සෙවනැල්ල” වැඩසටහනේ ප්‍රධාන දේශකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා සහභාගීවිණි.

එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩමුළුවේ දී ලසිත් මාලිංග, සිය වෘත්තීය ජීවිතය හැඩ ගසා ගන්නේ කෙසේද, බාධක හමුවේ ඉදිරියට යන්නේ කෙසේද සහ පීඩනය හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේ ද යන්න සිය අත්දැකීම් ඇසුරින්  ජ’පුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් දැනුවත් කිරීමට කටයුතු කළේය. 

loia2

ශ්‍රී ලංකාව ඇමෙරිකානුවන්ට ආරක්ෂිතයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන්ට ආරක්ෂාව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු ජාතිකයන්ට සංචාරය කිරීමේදී ඒ ඒ රටවල් පිළිබඳව නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශන්යේ දැක්වෙයි.

මීට ඉහතදී ඔවුන් ශ්‍රී ලංකාව අවධානම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබුණි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රටවල ඇති ආරක්ෂාව යටතේ රටවල් කාණ්ඩ හතරකට වෙන්කර ඇති අතර එහිදී පළමු කාණ්ඩයේ රටවල් ආරක්ෂාව අතින් ඉහළ රටවල් ලෙසත් සිවුවැනි කාණ්ඩයේ රටවල් ආරක්ෂාව අතින් අවම රටවල් ලෙසත් වර්ග කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, සිංගප්පූරුව, මියෙන්මාරය, තායිලන්තය, වියට්නායමය ,මැලේසියාව අංක එකේ කාණ්ඩයට ඇතුළත් කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇති අතර චීනය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මෙක්සිකෝ, එංගලන්තය වැනි රටවල් දෙවැනි කාණ්ඩායට ඇතුළත් කර තිබේ.

මෙහිදී රුසියාව තෙවැනි කණ්ඩයට ඇතුළත් කර ඇති අතර අවදානම් අධික රටවල් (කාණ්ඩ4) රටවල් ලෙස ඇෆ්ගනිස්තාය, ඉරානය, ඉරාකය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ලිබියාව, මාලි,සෝමාලියව, දකුණු සුඩානය යන රටවල් ඇතුළත්ය.

 

Capture jk-ustraveladvisory-1101118

පොන්ටින්ට සහාය පුහුණුකරු ධූරයක්

එංගලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකාරා ධූරයට හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රීකි පොන්ටින්ට පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව හිටපු නායකයා සිය කණ්ඩායම් සගයක වන, වර්තමාන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඩැරන් ලීමන්ගේ සහායකයා ලෙසින් කටයුතු කරනු ඇත. 

157147936

රූට් 2018 IPL තරගාවලියට සහභාගි නොවිය යුතුයි – ට්‍රෙවර් බේලිස්

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් එළැඹෙන අයි.පී.එල් තරගාවලියේදී විවේක ගන්නේ නම් හොඳ බව එංගලන්ත කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු මෙන්ම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් මහතා පවසා සිටී.

%අයි.පී.එල්^ ශූරතා දෙකක් කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට හිමිකරදීමට පුරෝගාමී වූ බේලිස් ජෝ රූට් ගේ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඉහත අදහස් පළකර සිටියේය.

විශේෂයෙන්ම ජෝ රූට් ඔස්ට්‍රේලියාව සමග පැවැති අළු බඳුන තරගාවලියේදී අසාර්ථක වූ බව එංගලන්ත පුහුණුකරුගේ අදහසයි. එහෙයින් රූට් විවේක ගනිමින් තම අඩුපාඩු නිවුරුදි කරගැනීමට උත්සාහ කළ යුතු බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියි. 

trevor-bayliss-and-joe-root-afp_806x605_41515572991  

කල්පගේ අනූෂ ඕමාන් පිල සමගින්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටුයුතු කළ රුවන් කල්පගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ඉහළ ශ්‍රේණියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්ව සිටිති.

ඒ එළැඹෙන පෙබරවාරි මාසයේදී නැම්බියාවේ පැවැත්වෙන අයි.සී.සී ලෝක ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගාවලියේදී ඕමාන් ජාතික කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරීමට මෙන්ම ඔවුන්ගේ මනස ජාත්‍යන්තර තරග වෙනුවෙන් සූදානම් කිරීම සඳහාය.

ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙරට හිටපු ක්‍රිකට් නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙසද කටුයුතු කළ දුලිප් ‍මෙන්ඩිස් මහතා කටයුතු කරයි. 

KalpageAnusha (1)

කරුණාට රට යන්නට අවසර

 

රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු බාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව විදෙස් ගමන් තහනමට ලක්ව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන්  නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත්  කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ලාල් රණසිංහ බණ්ඩාර  මහතා අද (09දා) නියෝග කළේය.

ඉහත සිද්ධියට  අදාළව නීතිපති උපදෙස්  මත නඩුව අවසන්  වු බැවින්  හිටපු  නියෝජ්‍ය  අමාත්‍යවරයා වෙත පනවා තිබූ විදෙස්  ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා  මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ගොනුකළ මෝසමක්  සැලකිල්ලට  ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

law-court_2900691b