Author Archives: ඩිලාන් ක්‍රිෂාන්ත

ඇන්ජලීනා ජොලීව පරදා ‘Lara Croft’ වූ ඇලීසියා

2018 වසර හොලිවුඩ් සිනමාවට විශිෂ්ට වසරක් වන බව නම් නොඅනුමානය. 2017 වසරේ සිදු වූ නිර්මාණයන්ට සාපේක්ෂව මෙම වසරේ බොහෝ නිර්මාණයන් ප්‍රමාණයක් එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වසරේ එළිදැක්වීමට ඇති හොලිවුඩ් චිත්‍රපට අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති චිත්‍රපට කිහිපයක් වේ. ඒ අතරින් ඇතැම් නිර්මාණ මේ වසරේදී ප්‍රතිනිර්මාණය වූ ඒවා වේ. 2001 වර්ෂයේ නිෂ්පාදනය වූ චිත්‍රපට මාලාවක ප්‍රතිනිර්මාණයක් එළඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි. 


02

2001 වසරේදී හොලිවුඩ් සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් ලෙස නම් වූ Lara Croft: Tomb Raider ඒ අතරින් එකකි. ඇන්ජලීනා ජොලී එහි Lara Croft චරිතය සඳහා පණ පොවනු ලැබුවාය. ඇන්ජලීනාගේ සිනමා ආගමනයේ මූලික කාලවකවානුව එයයි. එම කාලයේදී හොලිවුඩ් සිනමාවේ පෙරළියක් ඇති කළ චරිතයක් වන ඇන්ජලීනාගේ මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළකරනු ලැබීය. එමෙන්ම එය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක්ද විය. Lara Croft: Tomb Raider චිත්‍රපටය ඇන්ජලීනාගේ 18 වැනි චිත්‍රපටයයි. 1982 වසරේ සිනමාවට අවතීර්ණ වී 2001 වසර වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ලබා සිටි ඇයගේ රංගන ජීවිතයේ වෙනස්කම් රැසක් සිදු වූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳන්විය හැකිය.
2003 වසරේදී එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස Lara Croft Tomb Raider: The Cradle of Life චිත්‍රපටය එළිදැක්වීය. එම චිත්‍රපටයද ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත විය. මේ වන විට එම චිත්‍රපටය කෙරෙහි විදෙස් අවධානය යොමුවන්නේ එහි තෙවැන්නක් එළිදැක්වීමට නියමිත බැවිනි. Tomb Raider ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටයේ Lara Croft චරිතයට පණ පොවනු ලබන්නේ ඇන්ජලීනා නොවීම පුදුමයට කරුණකි. ඒ අනුව ලබන මස එළිදැක්වීමට නියමිතව ඇති Tomb Raider චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ මෑතකදී සිනමාව තුළ ජනප්‍රියත්වයක් ඉසිලූ නිළියක් වන ඇලීසියා විකැන්ඩර් විසිනි. රෝර් උතාග් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය ක්‍රිස්ටල් ඩයිනමික්ස් විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන්නක් බව 
සඳහන් වෙයි. 

cid88yphbd8z

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ඇලීසියා මීට වසර 08කට පෙර, එනම් 2010 වසරේදී සිනමාවට අවතීර්ණ විය. %Pure^ නම් චිත්‍රපටය ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය වුවත්, ඇය පුංචි තිරයේ වැඩකටයුතු සඳහා 2002 වසරේ සිට නියැළී තිබේ. ඇය 2002 වසරේ විකාශනය වූ රූපවාහිනී කතාමාලාවක අතුරු චරිතයක් සඳහා රංගන දායකත්වය ලබාදී තිබේ. ඉන්පසු 2003 වසරේදී සහ 2005 යන වසරවල රූපවාහිනී නිෂ්පාදනයන් වෙනුවෙන් ඇය රංගන දායකත්වය ලබාදී තිබේ. ඒ ආකාරයෙන් රංගනයට ප්‍රවිශ්ට වූ ඇලීසියා  2011 වසරේදී දෙවැනි සිනමා නිර්මාණයට දායක වෙයි. ඒ  The Crown Jewels චිත්‍රපටයටයි. ඉන්පසු ඇයට 2012 වසරේදී සිනමා නිර්මාණයන් 02ක් සඳහා රංගන අවස්ථාව හිමිව තිබේ. 2013 වසරේදී ඇය තවත් සිනමා නිර්මාණ දෙකක් සඳහා රංගනයෙන් දායක වන අතර, ඒ අතරින් The Fifth Estate නම් වූ චිත්‍රපටය අසාර්ථක විය. 2014 වසරේදී ඇය චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒ අතරින් ඇයගේ ජීවිතය වෙනස් කරනු ලැබූ චිත්‍රපටයක් ලෙස Seventh Son චිත්‍රපටය හැඳන්විය හැකිය. මනඃකල්පිත මායා කතාවක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරටද පැමිණියේය. 2015 වසරේ සිට 2017 වසර දක්වා ඇලීසියා චිත්‍රපට 09ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම මෙම වසරේ ඇය චිත්‍රපට 02ක් සඳහා රංගනයෙන් දායක වන අතර, එම චිත්‍රපට අතරින් Tomb Raider චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. අනෙක් සිනමා නිර්මාණය වන Freak Shift චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව සඳහන් වෙයි. ඇලීසියා Tomb Raider චිත්‍රපටයේ Lara Croft චරිතයට කොපමණ සාධාරණයක් ඉෂ්ට කරාවිදැයි යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන බවත්, මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ ධනාත්මක අදහසක් ඇති බවත් චිත්‍රපට විචාරකයන් පවසා තිබේ. 

4429053500000578-0-image-m-39_1505149874044 a0f7fedc78e905c6cd71d8309bd20339 maxresdefault (1)

කලාව සුබදායක වෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඕනි

රොෂාන් පිලපිටිය, පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළින් විවිධ මඩ ප්‍රහාරවලට ලක්වෙමින් කතාබහට ලක්වූ කෙනෙකි. නොබෝදා සිට තිරගත වීම ආරම්භ වූ %නෙලා^ චිත්‍රපටයේද රංගනයෙන් ඔහු දායක වෙයි. පුංචි තිරයේ මෙන්ම වේදිකාවේද නිතර දකින ඔහු, කලාව පිළිබඳ දරනුයේ සෘණාත්මක මතයකි. ඒ පිළිබඳ සහ ඔහුගේ කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට %අද^ට මෙලෙස සම්බන්ධ කර ගත්තෙමු.


Screen shot 2018-01-29 at 1.19.13 PM

Q රොෂාන් මේ දවස්වල  වැඩකටයුතු කොහොමද

මේ දවස්වල ටෙලිනාට්‍යය කිහිපයක වැඩ කරගෙන යනවා. 'තව දුරයි ජීවිතේ' යනවා ස්වර්ණවාහිනියේ රෑ 8.00ට. එතකොට 8.30ට යනවා 'අඟුරු සිත්තම්', ඊට පස්සේ 9.00ට 'කෝටිපතියෝ'. එතකොට 'සුදු අඟුරු', 'සල්සපුනා', තව ජාතික රූපවාහිනියේ නාට්‍යයක් යනවා රෑ 9.00ට. එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ 'සුදු සහ කළු', ශ්‍රියන්තගේ මල්ලී කරන 'අලුත් හොරෙක් ඕනෑ' කියන වේදිකා නාට්‍යය දෙකෙත් වැඩ කරගෙන යනවා. 

Q රොෂාන් අපි 'නෙලා' ගැන විස්තර ටිකක් කියමු

'නෙලා' වෙනස්ම තේමාවක් තියෙන වැඩක්. බෙනට් රත්නායක හැමදාම අලුත් වැඩනේ කරන්නේ. මේක ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි. ආදරය ගැන කතාවකට වඩා ජීවිතය ගැන කතාවක්. මම හිතනවා %නෙලා^ ප්‍රේක්‍ෂකයෝ ආදරයෙන් වැලඳ ගනී කියලා.

Q පෞද්ගලිකව වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ මොන ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නද

ඇත්තම කිව්වොත් පෞද්ගලිකව එහෙම එක ක්‍ෂේත්‍රයක් ගැන කියන්න අමාරුයි. අරක පහත්, මේක පහත් කියලා කියන්න බැහැ. මම වේදිකාවෙත් වැඩ කරනවා. ඉතින් එහෙම අරකද, මේකද කියලා නැහැ. ඒත් පෞද්ගලිකව රසිකයෙක් විදියට ගත්තොත් මම කලාව ගැන හිතනවා, මේක මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා. 

ඇයි දැන් කලාව සුභදායක නැද්ද

මම හිතන්නේ නැහැ කලාව සුබදායකයි කියලා. කලාව තව සුබදායක වෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඕන. ඒක ගිය ආණ්ඩුවෙන් කළෙත් නැහැ. මේ ආණ්ඩුවෙන් හරි ඒක වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. දේශපාලනිකව කතා කරනවා නෙවෙයි. නමුත් අවුරුදු හැත්තෑවක් තිස්සේ නිශ්චිත ප්‍රතිපත්තියක් කලාවට තිබුණේ නැහැ. මොන ආණ්ඩුවකින් හරි කරනවා නම් හොඳයි. හරියට මාර්ග නීති වගේ. ආණ්ඩු මාරු වුණාට මාර්ග නීති මාරු වෙන්නේ නැහැනේ. ඒ වගේ නිශ්චිත ක්‍රමවේදයක් ගේනවා නම් හොඳයි. නැත්නම් මේ කාලෙන් කාලෙට ඇහෙන ගීත, දකින නිර්මාණ එක්ක අවුරුදු තිහක යුද්ධයට වැඩිය ලොකු විනාශයක් වෙයි සංස්කෘතිමය වශයෙන් කියලා මම රසිකයෙක් හැටියට විශ්වාස කරනවා. 

එතකොට දැන් සිදුවෙන නිර්මාණ සංස්කෘතිමය වශයෙන් ගුණාත්මක බවක් නැහැ කියලද ඔබ හිතන්නෙ

නැහැ. ගුණාත්මක බවක් නැහැ කියනවාට වඩා ප්‍රතිපත්තියක් නැහැ කියන එකයි කියන්නෙ. ඉස්සර ගීතයක් නිර්මාණය කළාම අවසරයක් ගන්න ඕන. දැන් එහෙම එකක් නැහැ. ඕන දෙයක් කරනවානේ. සංස්කෘතික අමාත්‍යාංශයක් කියලා හිටියට නීතියක් හදන්න දන්නෙ නැහැ. ඒ මිනිස්සු පඩියට වැඩ කරන අයනේ. අමාත්‍යාංශයක් මොකටද රටක සංස්කෘතිය රකින්න බැරි නම් කියන ප්‍රශ්නේ තියෙනවානේ. දැන් යූ-ටියුබ් චැනල් එකක් හරි ලේසියෙන් අරගන්න පුළුවන්. ඒකෙන් අර වක්කඩේ කැඩුව වගේ හැමදේම එනවානේ. අනිත් එක දැන් නාට්‍යයත් වැඩි වෙලා තියෙනවා. සිංහල නාට්‍යවලට වඩා දැන් විදේශීය නාට්‍යයවලට තැන දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ අර්බුද තියෙනවා. මේවාට නිශ්චිත විසඳුමක් ඕන. එක එක කාලවලදී එක එක අයට කඩේ යන්න කලාකරුවෝ පාවිච්චි කරන එක තමයි හැම ආණ්ඩුවෙන්ම වුණේ. ඉතින් මේවාට ප්‍රතිපත්තියක් ගේන එක තමයි කරන්න ඕන. 

VI3A0545

අපි ප්‍රතිපත්තිය අයින් කරමුකෝ. සමාජ මාධ්‍ය අද තියුණුයි. මේ දියුණු තාක්‍ෂණය නිසා හානියක් වෙනවා නේද නිර්මාණවලට සහ පුද්ගලයන්ට 

එහෙනම් අනෙක් රටවලටත් හානියක් වෙන්න ඕන. ඒ රටවලත් යූ- ටියුබ් සහ දියුණු තාක්‍ෂණය තියෙනවානේ. අනිත් රටවල යූ-ටියුබ් චැනල් එකක් කරනවා නම්, අමාත්‍යාංශයෙන් අවසරයක් ගන්න ඕන. එහෙනම් ඉන්දියාවටත් එහෙම හානියක් වෙන්න ඕන. ලංකාවට ප්‍රතිපත්තියක් නැති වෙලා තියෙන්නෙ. අද ලංකාවේ කලාවට කිසිම මාර්කට් එකක් නැහැ. අපි කැමරාවක් ගමු. කැමරාවක් ලොකු ගාණක් වෙනවා. ඉතින් කැමරා එකේ ගාණ පියවා ගන්න කැමරා ශිල්පියාට වෙඩින් එකක්, උත්සවයක් වගේ පිට වැඩ කරන්න සිදුවෙලා. ලොකු කම්පැනියක් වුණත් ශිල්පියෙකුට පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඉස්සර නම් හැමෝටම වෙන වෙනම පහසුකම් දුන්නා. තාක්‍ෂණික ශිල්පියෙකුට කරදරයක් වුණාම කිසිම කෙනෙක් නැහැ. කලාකරුවෙකුට අසනීපයක් වුණත් අඩුම ගාණේ බෝධි පූජාවක් හරි තියනවා. තාක්‍ෂණික ශිල්පියෙකුට එහෙමවත් නැහැ. ඒ අයට කිසිම අනුග්‍රාහකයෙකුවත්, කිසිම ගිණුමක්වත් හදලා නැහැ. එයාලා වයසට ගියාම එයාලාට රැකෙන පිළිවෙළක්වත් නැහැ. පුළුවන් කාලේ වැඩ කරයි. ඊට පස්සේ නැහැ. ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලන්නේ නැහැ. කරදරයක් වුණාම එයාලා රැකෙන ක්‍රමවේදයක් ඉල්ලන්නේ. හැමෝටම මේ කියන්නෙ. 

කලාකාරයන් වෙනුවෙන් පාර්ලිමේන්තු ගියපු කලාකාරයන් ඉන්නවා. ඒ අයගෙන්වත් මේවාට විසඳුමක් නැද්ද

අවුරුදු හැත්තෑවක ඉඳලා කලාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ දිනයක් වෙන් කරලා තිබුණේ එක දවසයි. හැමදේටම කතා කරන්න දිනයක් තියෙනවා. කලාව ගැන කතා කරන්න මීට මාස හයකට විතර කලින් දිනයක් වෙන් කරලා තිබුණා. මාත් ගිහින් එදා බලාගෙන හිටියා. ඉතින් එදා කලාවට අදාළ අයවත් හිටියේ නැහැ. හය දෙනයි හිටියේ. මේ වගකීමෙන් කියන්නේ නැත්නම් මට නඩු දාන්න පුළුවන්. එදා අඩුම ගාණෙ දෙපාර්තමේන්තුවට අදාළ ඇමතිවරයාවත් හිටියේ නැහැ. ඉතින් ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නවත් කවුරුත් නැහැ. ඉතින් කලාකාරයන් එකතු වෙලා ප්‍රතිපත්තියක් හදන්න බලකරත් ඒවාට කතා කරන්න කවුරුත් නැහැ. 

අවසාන වශයෙන් කලාව ගැන මොනවද කියන්න තියෙන්නේ

මේ වෙලාවේ කියන්න තියෙන්නෙ අපට ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට කලාව වෙනුවෙන් ප්‍රතිපත්තියක් ගේන්න කියලා.

වීදුරුවලට කලාව එක්කළ Brenna Baker

brenna_baker_lg

කලාව යනු විවිධ වූ පැතිකඩයන් ඔස්සේ ව්‍යාප්ත වෙමින් නිර්මාණකරුවන් බිහිවන අංශයකි. ඒකාකාරී නොවූ මෙම කලාව වෙනුවෙන් ඇතැමුන් වෙහෙසෙනු ලබන්නේ බොහෝ ළැදියාවෙනි. බොහෝ නිර්මාණකරුවන් විවිධ වූ මාවත් ඔස්සේ නිර්මාණය කරනු ලබන නිර්මාණ අද වන විට ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එම නිර්මාණකරුවන්ගේ ඇති සුවිශේෂී වූ හැකියාවන් නිසාවෙනි. ඇතැම් නිර්මාණ සංකල්පයන් බොහෝ අනතුරුදායක මට්ටමේ පැවතියත් එවැනි නිර්මාණ නිපදවීමේදී ඉතාමත් ඉවසිලිවන්තව සහ ආරක්ෂාකාරීව සිදුකිරීමෙන් විස්මිත නිර්මාණයන් ලොවට දායාද වනු ඇත. එවැනි නිර්මාණාත්මක කලාකාරිනියක ලෙස Brenna Baker හැඳින්විය හැකිය. මැයගේ නිර්මාණාත්මක සංකල්පය යම් අනතුරුදායක බවක් ගෙන දෙනු ඇතැයි බොහෝ දෙනා පවසයි. Brenna Bakerගේ හැකියාව මේ වන විට බොහෝ දෙනා දන්නා කාරණාවක් වී තිබේ.

Brenna Baker විසින් සිදුකරන්නේ වීදුරු මගින් මූර්ති සහ මල්පෝච්චි වැනි දේවල් නිර්මාණය කිරීමයි. ඇයයේ මෙම නිර්මාණයන් බොහෝ ප්‍රසිද්ධියට පත්වන්නේ හොලිවුඩ් සිනමාව තුළයි. Brenna කුඩා කල සිට වයස අවුරුදු 14ක් පමණ වන තෙක් නිව්යෝර්ක්හි පදිංචිව හිඳ තිබේ. වීදුරු මූර්ති ශිල්පය පිළිබඳව ඇය පාසල් කාලයෙන් පසුව හදාරා ඇත. ඉන්පසු ඇය ඒ ඔස්සේ රැකියාවක් කිරීම සඳහා ඉතාලියේ මුරානෝ නම් නගරයට පැමිණ තිබේ. ඉතාලියේ මෙම වීදුරු නිර්මාණකරණයට විශේෂ ඉඩ ප්‍රස්ථාවක් ඇති රටක් බවයි සඳහන් වන්නේ. ඇය වසර කිහිපයක් ඉතාලියේ සිට වීදුරු මූර්ති නිර්මාණකරණය පිළිබඳව හදාරමින් රැකියාවේ යෙදී තිබේ. ඇය නැවත නිව්යෝර්ක් සඳහා පැමිණෙන්නේ 2013 වසරේදීය. 

Brenna මෙම වීදුරු නිර්මාණකරණය පිළිබඳව බොහෝ ලෙස හදාරා ඇති අතර, ඒ පිළිබඳව විශාල අත්දැකීම් ගොන්නක් ඉතාලියේදී ඇයට හිමිවූ බවද පවසා තිබේ. ඇය විසින් ආරම්භ කරනු ලැබූ වීදුරු මූර්ති නිෂ්පාදනාගාරයේ සේවය කරනු ලබන්නේ ඇය පමණි. සිය දැනුම තුළින් විවිධ මූර්ති නිර්මාණයන් සිදුකර ලොව පුරා අලෙවි කිරීම සඳහා ඇයටම වෙන්වූ වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ. 

අවදානමක් සහිතව සිදුවන මෙම නිර්මාණ කලාව ඉතාමත් සියුම් ලෙස ඉවසීමෙන් යුතුව සිදුකළ යුතු බවයි ඇය පවසන්නේ. ගිනියම් වූ වීදුරු සමගින් සිදුකරන මෙම ගනුදෙනුව ඉතා අවදානම් බවද ඇය පවසයි. මන්ද සුළු අතපසු වීමක් තුළ විශාල අනතුරක් සිදුවීමට ඇති හැකියාව වැඩි බවයි ඇගේ මතය වන්නේ. කෙසේ වෙතත් Brenna විසින් සිදුකරනු ලබන මෙම වීදුරු නිර්මාණ සහ මූර්ති සඳහා විශාල වටිනාකමක් හිමිවන්නේ එම නිර්මාණයන් සඳහා බොහෝසෙයින් වෙහෙසන බැවිනි. මේ හේතුවෙන් ඇය මෙන්ම ඇයගේ නිර්මාණයන්ද මේ වන විට ලෝකයේ බොහෝදෙනා අගයන බව සඳහන් වේ.

collections_pic2 collections_pic3 collections_pic4 collections_pic19 collections_pic23 HCA304_HotGlass_400x600 maxresdefault

 

Iron Fist එක්ක කරළියේ ඉන්න නිළි දෙපළ

හොලිවුඩ් සිනමාව මෙන්ම රූපවාහිනී කර්මාන්තය තුළද බිහිවන නිර්මාණයන් අතිවිශාල ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ. පසුගිය වසරවලදී රූපවාහිනී ටෙලි නිර්මාණ කර්මාන්තයද විශාල ලෙස ආදායම් ඉපැයූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනී කතාමාලාවද විශාල ලෙස ආදායම් ඉපයූ අතර, ඒ සඳහා විශාල පිරිවැයක් යෙදවූ බවද සඳහන් වේ. එමෙන්ම පසුගිය වසරේ විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් මේ වන විට විශාල ජනප්‍රියත්වයක් ලබා තිබේ. ඒ මාර්වෙල් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ ‘අයන් විස්ට්’ රූපවාහිනී කතාමාලාවයි. 2017 වසරේ එහි පළමු අදියර අවසන් වූ අතර, මෙම වසරේ පෙබරවාරි අවසානයේදී එහි දෙවැනි අදිරය විකාශය වීමට නියමිතය. නෙට්ෆිල්ස් සමාගම මේ වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය දරනු ලබයි. මාර්වෙල් සමාගම විසින් චිත්‍රපට සඳහා කොමික් චරිත උපයෝගී කරගනු ලබන අතර, මෙම රූපවාහිනී කතාමාලාව සඳහාද කොමික් චරිත උපයෝගී කර ගනු ලබයි. අන්තර්ජාල කතාමාලාවක් ලෙස මෙම රූපවාහිනී කතාමාලව නිර්මාණය කර තිබේ. 

Jessica-Henwick-

පළමු අදියරේ විකාශයත් සමගින් මෙම කතාමාලාවේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිත දෙකක් වන ජෙසිකා හෙන්වික් සහ ජෙසිකා ස්ට්‍රොප් පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. 25 වැනි වියේ පසුවන ජෙසිකා හෙන්වික් පිළිබඳව පසුගිය වසරේ කතාබහට ලක්වූයේ ‘ග්‍රේම්ස් ඔෆ් ත්‍රොන්ස්’ රූපවාහිනි කතාමාලාව හේතුවෙනි. එම කතාමාලාවේ ‘නිමෙරියා සෑන්ඩ්’ චරිතය සඳහා පණ පෙවූ ඇය ක්ෂේත්‍රයට පිවිසෙනු ලබන්නේද රූපවාහිනී කතාමාලාවකිනි. 2009 වසරේ විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වන ‘ස්ප්‍රිට් වෝරියස්’ සඳහා ඇය රංගනයෙන් දායක විය. ඉන්පසු ඇය නැවත නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන්නේ 2012 වසරේදීය. ඒ ‘ද ත්‍රික් ඔෆ් ඉට්’ නම් රූපවාහිනී කතාමාලාවයි. ක්ෂේත්‍රයට නවකයෙකු වූ හෙන්වික් නිර්මාණයන් තුළින් දැක ගැනීමට හැකියාව ලැබුණේ ඉතාමත් සීමිත ලෙසයි. 2012 වසරෙන් පසු නැවත ඇයට නිර්මාණයක් සඳහා දායක වීමට අවස්ථාව උදාවන්නේ 2014 වසරේදීය. ඒ ‘ඔබ්සෙෂන් ඩාර්ක් ඩිසයර්’ නම් කතාමාලාව සඳහායි. එම කතාමාලාවෙන් පසුව ඇයට නිර්මාණ 02ක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. ඒ ‘සිල්ක්’, ‘ලෙවිස්’ යන කතාමාලවන් දෙකයි. 2015 වසරේදී ඇයට සිනමාවට පිවිසීමට අවස්ථාව උදා විය. ඒ ‘ඩ්‍රැගොන්ෆ්ලයි’ නම් චිත්‍රපටය තුළිනි.  හෙන්වික්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ නිර්මාණය වන්නේ ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ රූපවාහිනී කතාමාලාවයි. ඇය එම කතාමාලාවේ 2015 සිට 2017 දක්වා විකාශය වූ සියලු කථාංග සඳහා රංගනයෙන් දායක විය. 2015 වසරේ හෙන්වික්ට දැවැන්ත සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. ඒ එම වසරේ තිරගත වූ ‘ස්ටාර් වෝර්ස් : ද ෆෝර්ස් අවේකන්ස්’ නම් චිත්‍රපටයයි. 2017 වසරේ ඇයට රූපවාහිනී කතාමාලාවන් 04ක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් හිමිවිය. ඒ අතරින් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ‘අයන් ෆිස්ට්’ නම් රූපවාහිනී කතාමාලාව සඳහාය. 

Jessica+Stroup+Marvel+Iron+Fist+NYCC+qsmOVZuulntl

‘අයන් ෆිස්ට්’ කතාමාලවේ ප්‍රධාන නිළියන් අතරින් දෙවැනි තැන හිමිවන්නේ ජෙසිකා ස්ට්‍රොප් හටය. ඇය සිනමාවේ මෙන්ම රූපවාහිනියේද කැපී පෙනෙන චරිතයක් වෙයි. 2005 වසරේ තිරගතවූ ‘වැම්පයර් බැට්ස්’ නම් චිත්‍රපටය ඔස්සේ ඇය සිනමාවට පිවිස තිබේ. ඉන්පසු ඇයට එම වසරේදීම රූපවාහිනී කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. 2006 වසරේ ඇය සිනමා නිර්මාණයන් 04ක් සඳහා රංගනයෙන් දායක විය. 2007 වසරේදී ඇය රූපවාහිනී කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. 2008 වසරේ ඇය ‘ප්‍රොම් නයිට්’ නම් චිත්‍රපටයට දායක වූ ස්ට්‍රොප්, 2009 දී ‘හෝම්කමින්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2009 වසරෙන් පසුව ඇය සිනමාවෙන් සහ රූපවාහිනිය තුළින් තාවකාලිකව ඉවත් විය. ඇය නැවත සිනමා නිර්මාණයකට දායක වන්නේ 2012 වසරේ ‘ටෙඩ්’ නම් චිත්‍රපටය සඳහාය. එමෙන්ම 2011 වසරේ විකාශය වූ ‘ෆැමිලි ගායි’ නම් රූපවාහිනී කතාමාලාවටද ඇය රංගනයෙන් දායක විය. 2012 වසරෙන් පසු ඇය සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ 2016 දී තිරගත වූ ‘ජැක් රීචර් : නෙවර් ගෝ බැක්’ නම් චිත්‍රපටය ඔස්සේය. 2014 සිට 2015 දක්වා ‘ද ෆලොවින්’ නම් රූපවාහිනී කතාමාලාවටද දායක වූ අතර, 2017 වසරේ සිට ‘අයන් ෆිස්ට්’ රූපවාහිනී කතාමාලවට දායක වී තිබේ. 

Iron_Fist_Character_Poster_02

 

මූර්ති කලාව වෙනස් කළ ඇය ‘Lene Kilde’

1461932909009

නිර්මාණයන් තුළින් ලෝකය දකින බොහෝ දෙනා තමන්ගේ හැකියාව විධිමත් ලෙස ලොවට දායාද කරනු ලබයි. ඒකාකාරී නිර්මාණ කලාව තුළ විවිධ වූ සංකල්පයන් ඔස්සේ අත්හදා බලමින් නිර්මාණ කිරීමට ඇතැම් නිර්මාණකරුවන් බොහෝ සේ වෙහෙසෙනු ඇත.

ඇතැම් නිර්මාණකරුවන් තමන්ගේ දක්ෂතා ලොවට හඳුන්වා දීමට බොහෝ ප්‍රයත්නයක් දැරුවද එය බාරගනු ලබන්නේ ඉතාමත් අතළොස්සකි. එවැනි කාරණා හේතුකොට ගෙන බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ වෘත්තීමය මට්ටමෙන් ඉවත් වී වෙනස් මාවතක් ඔස්සේ ජීවන රටාව ගෙන යනු ලබයි. ඒ තම නිර්මාණයන් සඳහා වටිනාකමක් හිමි නොවන හෙයිනි. එවැනි නිර්මාණකාරිනියක ලෙස ලෙනී කිල්ඩී හැඳින්විය හැකිය. ඇයගේ  වෘත්තීමය මූර්ති නිර්මාණ ශිල්පිනියක වුවත් තම මූර්ති කලාව ඔස්සේ බොහෝ කාලයක් නිහඬව ගත කරනු ලැබූ අයෙකි.

1981 වර්ෂයේ උපන් ලෙනී නිෂ්පාදන සම්බන්ධයෙන් උපාධියක් හිමි අයෙකි. ඇය කලාව තම විෂය කරගනු ලැබුවේ පාසල් කාලයේ සිටය. ලෙනී මූර්ති නිර්මාණ කලාවට පිවිසීමට පෙර සිතුවම් නිර්මාණකරණයේ බොහෝ කාලයක් නියැළිව සිට ඇත. කැරෙබියානු රටෙහි ග්‍රෙනාඩා නම් ප්‍රදේශයේ උපන් ඇය මූර්ති කලාව මුල්ම වශයෙන් ඉස්මතු කරනු ලැබුවේ උද්‍යානයක් තුළදීය. එම ප්‍රදේශයේ ඇති මහජන උද්‍යානයක් තුළ ලෙනී විසින් මූර්තියක් නිර්මාණය කර ඇති අතර, එරට රජයේ නිල අනුමැතිය ඇතිව මෙම උද්‍යානයේ මූර්තියක් නිර්මාණය කිරීමට ඇයට අවසර ලැබිණි. ඇය සිදුකරනු ලැබූ එම මූර්ති නිර්මාණය සඳහා බොහෝ ප්‍රතිචාර හිමි විය. ඉන්පසු ඇය මූර්ති කලාව සඳහා යොමු වූවත් ඒ සඳහා නියමිත වටිනාකමක් ලබාදීමට එරටේ කිසිදු පුද්ගලයෙකුට නොහැකි විය. ඒ හේතුවෙන් ඇය මූර්ති කලාවෙන් බොහෝ කාලයක් ඉවත්ව සිටි බව සඳහන් වෙයි. 

මුල්ම වශයෙන් ඇය  සිදුකරනු ලැබූ උද්‍යාන මූර්තිය නිව්යෝර්ක් රටෙහි ව්‍යාපාරිකයෙකු දැක එම රටට ඇයට පැමිණීමට ආරාධනා කර තිබුණි. එහිදී එම ව්‍යාපාරිකයාගේ ව්‍යාපෘතියක් සඳහා ඇයට අවස්ථාව උදා වූ අතර, එතැන් පටන් විදෙස් රටවලට ඇයගේ මූර්ති අලෙවිය සිදුකරනු ලැබීය. ලෙනී සිදුකරන මූර්ති වෙනස් සංකල්පයක් ගනු ලබන හෙයින් ඇයගේ නිර්මාණ දිනෙන් දින අලුත් විය.  මේ වන විට ලෙනී බොහෝ රටවලට සිය මූර්ති කලාව අලෙවි කරයි. කලාවට මිලක් නොලැබෙන විට බොහෝ දෙනෙකු එයින් පසුබට වන නමුත්, කාලයක් ගතවීමෙන් එම නිර්මාණයට වටිනාකමක් හිමිවන්නේ කවුරුත් නොසිතනා ආකාරයෙන් බව ලෙනීගේ මතයයි. 

27nyh-01-09-mg6a9326-edit_orig 27nyh-02-09-mg6a9423-edit_orig 27nyh-03-09-mg6a9463-edit-1_orig 27nyh-09-09-mg6a9837_1_orig 27545633_1886595648079409_3370876256736806449_n ha-nd_orig img-20170324-183852-289_orig pic-2_orig skulpturer-2017-1_orig (1)

පුංචි තිරයට සමුදී සිනමාවේ වාර්තා තබන ‘කායා ස්කොඩිලාරියෝ’

kaya-scodelario33

පසුගිය කාලයේ තිරගත කෙරුණු Maze Runner: The Death Cure චිත්‍රපටය වැඩිම ආදායම්ලාභී චිත්‍රපට අතරින් පළමු තැනට පැමිණ තිබේ. 2014 වසරේදී තිරගත වූ The Maze Runner චිත්‍රපටයේ තෙවැන්න වන මෙය විද්‍යා ප්‍රබන්ධයක් මුල්කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි. තාක්ෂණික අඳුරු නගරයක් මගින් පාලනය වන ලෝකයක් පිළිබඳ මෙමගින් කතාබහ කෙරේ. Maze Runner: The Death Cure චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ එළිදැක්වීමත් සමග එම චිත්‍රපටය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණු අතර, ඒ හා සමානවම එහි ප්‍රධාන චරිතයට පණ පොවන නවක නිළිය පිළිබඳවද අවධානය යොමු විය. 

ඇය නමින් කායා ස්කොඩිලාරියෝ වෙයි. 25 හැවිරිදි ඇය එංගලන්තයේ උපන්නියකි. සිනමාව තුළ ඇය බොහෝ කතාබහට ලක්වන්නේ 2004 තිරගත වූ The Maze Runner චිත්‍රපටයටත් සමගිනි. 2007 වසරේ පුංචි තිරය හරහා ක්ෂේත්‍රයට පිවිසි ඇය සිනමාවට පිවිසෙන්නේ 2009 වසරේදීය. ඒ Moon නම් සිනමා නිර්මාණයෙනි. 2007 වසරේ පුංචි තිරය මගින් රංගනයට අවතීර්ණ වූ ඇය Skins නම් රූපවාහිනී කතා මාලාව සඳහා 2007 සිට 2010 වසර දක්වා රංගනයෙන් දායක විය. ඉන්පසු 2013 වසරේදී නිර්මාණය වන කොටස් සඳහාද ඇය රංගනයෙන් දායක විය. ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සටහන් වන්නේ 2010 වසරේදී තිරගත වූ Clash of the Titans චිත්‍රපටයයි. එය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ චිත්‍රපටයක් විය. 2010 වසරේ ඇය රංගනයෙන් දායක වූ Shank චිත්‍රපටයද තිරගත විය. 

2011 වසරේදී ඇය Wuthering Heights නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, 2012 වසරේදී චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක විය. 2013 වසරේ විකාශය වූ Southcliffe නම් රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වූ කායා 2013 වසරේ සිට පුංචි තිරයට සමුදී සිනමාවට පමණක් සීමා විය. 

2013 වසරේදී රංගනයෙන් දායක වූ The Truth About Emanuel චිත්‍රපටය හේතුවෙන් කායා සම්මානයක් සඳහාද යෝජනා විය. 2014 වසරේ ඇයගේ සාර්ථකම චිත්‍රපටය වූයේ The Maze Runner චිත්‍රපටයයි. එය ඇයගේ ජනප්‍රියත්වයට බොහෝ හේතු සාධක වූ බව සඳහන් වෙයි. 2015 වසරේදී ඇය නැවතත් The Maze Runner චිත්‍රපටයේ දෙවැන්න වූ Maze Runner: The Scorch Trials චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය ලෙස ඇය කටයුතු කළ හෙයින් මෙම වසරේදීද ඇය Maze Runner: The Death Cure චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් කටයුතු කරන්නීය. 2017 වසරේ ඇය Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය හරහා ජොනී ඩෙප් සමගින් රංගන වරම් ලැබූ අතර, ඇය රංගනයෙන් දායක වී ඇති තවත් චිත්‍රපට 04ක් තිරගත වීමට නියමිතය.

Kaya_Scodelario_2,_2012 British Academy Television Craft Awards

මම හිතන්නේ ගායකයෙක්ට තරම් අමරණීය චරිතයක් වෙන්න බැහැ කාටවත්ම

සංගීතඥවරයෙකු ලෙස තිරයේ පිටුපස සිට විශාල මෙහෙවරක් සිදුකරනු ලැබූ ඔහු අද වන විට ගායකයෙකු ලෙස වේදිකාව මත සිටියි. තරුණ පරපුර අතර මෙන්ම ප්‍රසංග වේදිකාවට නැතුව බැරි ගායකයෙකු වී සිටින ඔහු නමින් අශාන් ප්‍රනාන්දු වෙයි. ඔහුගේම ගීත මෙන්ම තේමා ගීත විශාල ප්‍රමාණයට හඬ දායකත්ව ලබාදෙමින් රසික සිත්වල තැන්පත් වූ ඔහු සූදානම් වන්නේ රසිකයන් වෙනුවෙන් නවතම ආරක ගීතයක් තිළිණ කිරීමටයි. ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට 'අද' කතාබහට මෙලෙස එක්විය.


Q අශාන් මේ දිනවල වැඩකටයුතු කොහොමද

මේ දිනවල නම් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. විශේෂයෙන් ටෙලිනාට්‍ය තේමා ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඊට අමතරව ගායක ගායිකාවන්ටත් ගීත කිහිපයක් නිර්මාණය කරනවා. ඒ දේවල් එක්ක ප්‍රසංග වේදිකාවේ වැඩත් කරනවා. 

අශාන්ගේ අලුත් ගීතයක් ළඟදි එන්න තියෙනවා නේද

ඔව්. අලුත් ගීතයක් රිලීස් කරනවා. ඒක වෙනස් ගීතයක්. මම මෙච්චර කාලයක් කරපු ගීතවලට වඩා වෙනස්ම ගීතයක්. 

සංගීත නිර්මාණය පැත්තට මුලින් සම්බන්ධ වෙලා පස්සෙ ගායනයට සම්බන්ධ වුණේ ඇයි

ඇත්තටම මම සංගීත නිර්මාණය කරන්න ගොඩක් කැමතියි. මට අවශ්‍ය වුණේ මුලින්ම සංගීතඥයෙක් වෙන්නයි. සංගීතඥයෙක් කියන නම හදාගෙන ඊට පස්සේ ගායකයා කියන තනතුරට එන්න තමයි මගේ අදහස තිබුණේ. ඒක නිසා තමයි සංගීත නිර්මාණයට මුලින් සම්බන්ධ වුණේ. සංගීත නිර්මාණය කරලා ඇති කියලා හිතුණම තමයි මගේ කටහඬට පණ දුන්නේ. අනිත් කාරණය තමයි මම හිතන්නේ මගේ කටහඬ අවශ්‍යම කාලෙදි තමයි මම ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුණේ කියන දේ. 2

සංගීතඥයා කියන චරිතයේදී ලැබුණු ජනප්‍රියත්වයමද ගායකයාට ලැබෙන්නේ 

මෙහෙමයි. සංගීතඥයාට ලැබෙන ජනප්‍රියත්වයයි ගායකයාට ලැබෙන ජනප්‍රියත්වයයි දෙකක්. සංගීතඥයා නිතරම පේන්න නැහැ. නමුත් ගායකයා නිතරම මිනිස්සු අතරමයි ඉන්නේ. ඒ ගීත නිතරම රසවිඳිනවා. නිතරම දකිනවා. එතකොට ඒ ලැබෙන ජනප්‍රියත්වය ගොඩක් වෙනස්. මටත් එහෙමයි.

පළවෙනි ගීතයෙන් මෙච්චර ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතුණද

ඇත්තටම නැහැ. මටත් පුදුමයි ඒක ගැන. මගේ පළවෙනි ගීතය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුණෙ නැහැ. මගේ හඬ මෙච්චර ජනප්‍රිය වීම ගැන ලොකු සතුටක් තියෙනවා. 

අද වෙද්දි ප්‍රසංග වේදිකාවට අශාන් ප්‍රනාන්දුගේ හඬ නැතුවම බැරි වෙලා තියෙනවා

ඇත්තටම මට තිබුණු කඩඉම් අතර ලොකුම කඩඉමක් තමයි මගේම ගීත විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ගායනා කරන එක. ඒක අද ඉටුවෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. අදටත් මට ඒ දැනෙන හැ.ගීම කියාගන්න බැහැ. ප්‍රසංග වේදිකාවකට නඟින්නේ පුදුම සතුටකින්. මට ඒක ලොකු අභිමානයක්. හැමදාම ලංකාවේ හැම පැත්තකින්ම වගේ ආරාධනා ලැබෙනවා. පුළුවන් විදියට ඒ ප්‍රසංගවලට සහභාගි වෙනවා. 

රසික ආදරය රඳා පවත්වාගන්න එක ගායකයාගේ වගකීමක්. කාලයක් යද්දී ඒ ආදරය නැති කරගන්නෙම ගායකයා විසින් නේද

ඔව්. මෙහෙමයි. ගායකයාට කලින් ගීතයට ආදරය කරන පිරිසක්නේ හැදෙන්නේ. මිනිස්සු ඉල්ලන ගීත තමයි අපි දෙන්න ඕන. පහුගිය කාලේ ලොකු කතාවක් හැදුණා එකම වගේ ගීත නිර්මාණ කළා, එකම රැල්ලක් ආවා කියලා. ඒක නිසාම තමයි මමත් වෙනස් වෙනස් ශෛලීන්වල ගීත නිර්මාණය කරන්නේ. ඇත්තටම එකම ජාතියේ දේවල් කරද්දි තමයි මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ. අපි දැනගන්න ඕනේ ඒ ලැබෙන රසික ආදරය ඒ විදියටම තියාගන්න, වැඩ කරගන්න.

එතකොට ගායකයෙක්ට එකම රාමුවක් තුළ හැමදාම පවතින්න බැහැ කියන එකද අශාන්ගේ මතය

ගායකයෙක් එක රාමුවකට කොටු වුණාම එයාගේ පැවැත්ම අඩුයි. මම හිතන්නේ ගායකයෙක්ට තරම් අමරණීය චරිතයක් වෙන්න බැහැ කාටවත්ම. ගායකයා මියැදුනත් ඒ ගීත ජනප්‍රියයි. ජෝතිපාල මහත්මයා, ක්ලැරන්ස් මහත්මයා, අමරදේව සූරින්ගේ ගීත අපි තවමත් අහනවා. ඒ යුගවල තිබුණු ගීත එකින් එකට වෙනස්.

අශාන්ට හිතෙන විදියට ඉදිරියේදි සංගීත ක්ෂේත්‍රය ඔබ කියපු යුගවල වගේ වෙයිද
මම හිතනවා එහෙම වෙයි කියලා. සමහර අය මට කෙලින්ම චෝදනා කරලා තියෙනවා මම එකම ආරෙක ගීත ගායනා කරනවා කියලා. ඇත්තටම මම ඒ ආපු ට්‍රෙන්ඩ් එකට ගීත හැදුවට අමතරව වෙනස් ගීතත් කළා. ටෙහාන්ගේ %උණුහුම 2^ වගේ ගීත ආපු ට්‍රෙන්ඩ් එකෙන් වෙනස් ගීත. ඒ කියපු හේතූන් නිසාම ඉදිරියේදී මම කරන ගීතවල ලොකු වෙනසක් වෙයි. දැනටත් අලුත් නිර්මාණ දිහා බැලුවම ලොකු වෙනසක් ඇතිවෙලා කියලා පේනවා. මම විශ්වාස කරනවා ඉදිරියේදී සංගීතය අතින් පොහොසත් නිර්මාණ නිර්මාණශීලී විදියට එයි කියලා. 

ඔබව ටෙලිනාට්‍ය තේමා ගීත ඔස්සේ විශාල පිරිසක් හඳුනගත්තා නේද

ඔව්. ටෙලිනාට්‍ය ගීත ඔස්සේ ගොඩක් අය මාව හඳුනාගත්තා. මම ගායනා කරපු තේමා ගීතත් ගොඩක් ජනප්‍රිය වුණා. දැන් මම ගොඩක් තේමා ගීත කරලා තියෙනවා. සිරසෙන් කරපු ගීත %ප්‍රේම දඩයම^, %මේ ආදරයයි^, %ප්‍රේමායුධ^, වැනි ටෙලිනාට්‍යයවල ගීත ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට මේ දවස්වල මම කොහේ ගියත් ඉල්ලන තේමා ගීතයක් තමයි %හීනයක්ද මේ^ කියන ගීතය. හිරු ටී.වී. එකේ විකාශය වුණු %හීනයක්ද මේ^ ටෙලිනාට්‍යයේ තේමා ගීතය. ඒක ඇත්තටම මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. තව තේමා ගීත කිහිපයක් එන්න තියෙනවා. 

අවසාන වශයෙන් රසිකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ

රසිකයන්ට කියන්න තියෙන්නේ අපේ නිර්මාණ බලන්න. අපේ වැරදි දේවල් කියන්න. එයාලා නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. මාත් එක්ක දිගටම රැඳෙන්න.

ළමා මනසට සතුට ගෙනෙන Lera Kiryakova

කලාව ජීවිතය කරගත් බොහෝ නිර්මාණකරුවන් අද වන විට ලෝකයේ සුප්‍රකට වී සිටී.  එවන් නිර්මාණකරුවන් පිටස්තර ලෝකය තුළට තම නිර්මාණය තුළින් පණිවුඩයක් ගෙන යාමට උත්සාහ දරන්නේ ඔවුන්ගේ ඇති ධනාත්මක අදහස් තම නිර්මාණය තුළින් ලොවට ගෙනහැර දැක්වීමටයි. නමුත් ඇතැමුන්ගේ නිර්මාණයන් තුළින් පණිවුඩයකට එහා ගිය නිර්මාණාත්මක සංකල්පයක් දැක ගැනීමට හැකියාව තිබේ. එවැනි කලාකාරිනියක ලෙස Lera Kiryakova හැඳින්විය හැකිය. 


ඇයගේ නිර්මාණයන් බොහෝ ප්‍රසිද්ධියට පත් වන්නේ එහි වූ නිර්මාණ සංකල්පය හේතුවෙනි. හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත කොමික් ආකාරයට ඇය ගෙන හැර දැක්වීම ඇයගේ කලාවයි.
Lera රුසියානු ජාතිකයෙකි. ඇය illustrator Artist කෙනෙකු ලෙසයි බොහෝදෙනා දැන හැඳිනගනු ලබන්නේ. Lera විසින් නිර්මාණය කරනු ලබන නිර්මාණ සංකල්පය හඳුන්වන්නේ 'Puppet' ලෙසයි. ඇය හොලිවුඩ් සිනමාවේ සහ ඇමෙරිකානු සංගීත ලෝකය තුළ ජනප්‍රියත්වයට පත් පුද්ගලයන් කොමික් ආකාරයට සිතුවම් කරයි. පාසල් කාලයේ සිට චිත්‍ර කලාව ප්‍රගුණ කරනු ලැබූ Lera කාටූන් නිර්මාණ ශිල්පය සඳහා බොහෝ ඇල්මක් දැක්වූ අයෙකි. වෘත්තීයමය වශයෙන් ඇය illustrator Artist කෙනෙකු ලෙස ලොව සුප්‍රසිද්ධ ආයතනයක කටයුතු කරන අතර, විනෝදාංශයක් ලෙස මෙම කොමික් චිත්‍ර කලාව සඳහා යොමුව තිබේ. එය Lera ගේ විනෝදාංශයක් වුවද අන්තර්ජාලය ඔස්සේ එම නිර්මාණයන් සඳහා බොහෝ ප්‍රසිද්ධියක් ලැබී තිබේ. ඇය විසින් මෙලෙස නිර්මාණය කරනු ලබන සිතුවම් තම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව බොහෝ වටිනාකමක් ලැබී තිබේ.

Lera මෙම නිර්මාණ සංකල්පය තුළ මුල් තැන දෙනු ලබන්නේ සිය ළමා කාලයේ වීරයන් වූ චරිත සඳහාය. ඒ හේතුවෙන් ඇය විසින් සිතුවම් කරනු ලබන චරිත සඳහා කුඩා ළමුන් බොහෝ ඇල්මක් දක්වනු ලබයි.  මේ වන විට 35 වැනි වියේ පසුවන Lera තම නිර්මාණ කලාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මූලික වෙහෙසක් ගනු ලබයි. එක් දරු මවක් වන ඇය බොහෝ කුඩා දරුවන් වෙනුවෙන් මෙම නිර්මාණයන් සිදුකරනු ලබයි. ඇයගේ දියණියත් මෙම චිත්‍ර කලාවට බොහෝ ලෙස ඇලුම් කරන අතර, Lera ගේ අවශ්‍යතාව වන්නේත් මෙම නිර්මාණ කලාව ඇයට දායාද කිරීමයි. 

Lera කිසිදු ආර්ථික වාසියක් නොතකා සිදුකරන මෙම නිර්මාණයන් නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සුවිශේෂී වේ. ඒ හේතුවෙන් බොහෝදෙනෙකු නොමිලේම ඇගේ සිතුවම් රසවිඳියි. Lera බොහෝ විට යම් කෙනෙකු විසින් මෙම නිර්මාණ සඳහා ලබාදෙනු ලබන වටිනාකම සමාජ මෙහෙවරක් වෙනුවෙන් යොදවනු ලබයි. ඒ වෙනුවෙන් ඇය කලා පදනමක්ද නිර්මාණය කර තිබේ. ඒ මගින් නිර්මාණ කලාව පිළිබඳව ළැදිකමක් දක්වන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඇය සූදානමින් සිටියි. ඇයගේ කලා පදනම පිරී ඉතිරී යන්නේ කුඩා දරුවන්ගෙන් වීමත් විශේෂත්වයක් බවයි බොහෝදෙනා පවසා සිටින්නේ.

15590525_1915116448721777_6137381984986503684_n 20620850_2039399802960107_7723965224592528930_n 20799255_2045585452341542_1621745422750337205_n 20800039_2045939775639443_2874067356294687682_n 21765107_2062772560622831_8993759921859175051_n 22490108_2073418276224926_5494356305599668601_n 22491478_2074384472794973_4328887090404823039_n 22894541_2081731105393643_6342299522361016949_n 23472010_2085692761664144_7098298773685408419_n 24993305_2101319670101453_7868704387308241129_n 26196372_2116038831962870_3526872781262315147_n f5629b8e2a4d27081b480f66f38369e2

Insidious: The Last Key සමගින් Spencer Locke

01

හොලිවුඩ් සිනමා කර්මාන්තයේ මේ වන විටත්  තිරගත වෙමින් පවතින චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය 10ක් නම්කර තිබේ. එම චිත්‍රපට 10 මේ වන විට ලොව පුරා තිරගත වෙමින් ආදායම් වාර්තා අතරට එකතු වෙමින් පවතී. මේ වන විට තිරගත වෙමින් පවතින චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයා මුල්තැන හිමිකරගෙන ඇත්තේ Insidious: The Last Key චිත්‍රපටයයි. සංත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය තිරගත වීම ආරම්භ වූයේ ජනවාරි 05 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් යොදා නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය ඩොලර් 144.6ක ආදායමක් මේ වන විට උපයා තිබේ. Insidious: The Last Key චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ළාබාල නිළිය පිළිබඳව මේ වන විට බොහෝ දෙනා අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්සේ තම රසිකයන් හා බෙදාහදා ගනු ලබයි. 

ඇය නමින් Spencer Locke නම් වෙයි. 26 වැනි වියේ පසුවන ඇය ළමා නිළියක් ලෙසයි සිනමාවට පිවිස ඇත. සිනමාව තුළ මෙන්ම රූපවාහිනී නිළියක් ලෙසද ඇය මේ වන විට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. Spencer 2003 වසරේ රංගනයට පිවිසෙන්නේ  Kidz Bop: Everyone's a Star! නම් කෙටි චිත්‍රපටය ඔස්සේය. රංගනය පිළිබඳව හැදෑරීමක් නොමැති ඇය 2004 වසරේ විකාශනය වූ Without a Trace නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ පුංචි තිරයට පා තබන ලදී. ඉන්පසු ඇය නැවත 2004 වසරේ තිරගත වූ Spanglish නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2005 වසරේ ඇය නැවත පුංචි තිරය ඔස්සේ නිර්මාණ කිහිපයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Ned's Declassified School Survival Guide, Untitled Camryn Manheim Pilot සහ Phil of the Future නම් රූපවාහිනී කතාමාලාවන් සඳහාය. 

MANTERVENTION+Red+Carpet+Press+Screening+TCL+VHvEppUoF7wl

2006 සිට 2013 වසර දක්වා ටෙලිනාට්‍ය 16ක් සඳහා රංගනයෙන් දායක වීමට Spencer ට හැකි විය. ඇය 2013 වසරේ පුංචි තිරයට සමුදුන්නාය. 2007 වසරේ Spencer රංගනයෙන් දායක වූ Resident Evil: Extinction චිත්‍රපටය ඇයගේ රංගන දිවියට විශාල පිටිවහලක් වූ බව සඳහන් වෙයි. ඉන්පසු එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස තිරගත වූ Resident Evil: Afterlife නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව උදා වී තිබේ. 2011 වසරේ Spencer නැවත රංගනයෙන් දායක වූයේ Detention නම් චිත්‍රපටය සඳහාය. ඊට අමතරව ඇයට එම වසරේ තවත් චිත්‍රපට 02ක් සඳහාද රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. 2012 වසරේ චිත්‍රපට දෙකක්ද, 2013 වසරේ චිත්‍රපට දෙකක් සඳහාද ඇය රංගනයෙන් දායක විය. 2013 වසරේ තිරගත වූ Tarzan චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක විය. එයද ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් විය. 2014 වසරේ සිට 2017 දක්වා ඇය සිනමා නිර්මාණය කිහිපයක් සඳහාද රංගනයෙන් දායක විය. මෙම වසරේ මුල් කාලයේ තිරගත වූ   Insidious: The Last Key නම් චිත්‍රපටය හේතුවෙන් Spencer පිළිබඳව අවධානය යොමු වුවත් මෙම වසරේ ඇය දායක වූ සිනමා නිර්මාණ එළිදැක්වීමට නොමැත. 

 

සංචාරක කලාකරුවා ‘Sebastian Heiner’

බොහෝ දක්ෂ කලාකරුවන් අතරින් වෙනස් ආකල්පයන් ඇති කලාකරුවන් ඇත්තේ ඉතාමත් අතළොස්සකි. බොහෝ දෙනෙක් විනෝදාංශය වශයෙන් කරනු ලබන කලා නිර්මාණයන් පසු කලෙක වෘත්තීමය තත්ත්වයට පත්වන්නේ එය සමාජය තුළට කොතරම් දුරට වැදගත් වන්නේද යන කාරණය මතය. බොහෝවිට විනෝදාංශයක් තුළින් මතුවන කලා නිර්මාණයන්ට මූල්‍ය වටිනාකමක් හිමිවීමේදී එය වෘත්තියක් බවට පත්වීම සරල කාරණාවකි.


මෙවැනි කලාකරුවන් අතරින් වෙනස් ආකාරයකින් හඳුන්වන ඔහු 'සෙබස්තියන් හෙයිනර්' නම් වෙයි. ඔහුව බොහෝ දෙනා හඳුනන්නේ %නිදහස් ආත්මය^ ලෙසයි. එයට හේතුව වන්නේ ඔහු විසින් සිතුවම් කරන කලා නිර්මාණයන් පූර්ණ නිදහසක් තුළ නිර්මාණය වීමයි. මෙම සිතුවම් කලාව මූලික වූයේ ඔහුගේ නිදහස මතය. නමුත් එය දැන් ඔහුගේ වෘත්තීය කාර්යවී හමාරය. තෙල් සායම් සහ කැන්වස් මතින් දවසේ ආරම්භය ලබන ඔහු එම දවස අවසන් කරන්නේද එම කැන්වසය මත බව කියයි. %සංචාරක කලාකරුවෙකු^ වන සෙබස්තියන් මෙය තම ජීවිතය කරගෙන හමාර බවද නිසැකවම කිව හැක.

1964 වසරේ බර්ලින්වල උපන් සෙබස්තියන් තම ඉගෙනීම අවසන් කරනු ලැබුවේ 1991 වසරේදීය. ඒ The Berlin University of the Arts නම් විශ්වවිද්‍යාලයේදීය. මෙම ඉගෙනීමෙන් පසුව 1993 වසරේදී පුවත්පත් හි කාටූන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට යොමුව තිබේ. එහිදී බොහෝ කාලයක් එහි සේවය කරනු ලැබූ බව සඳහන් වෙයි. 2009 වසරේදී ඔහු එම රැකියාවෙන් ඉවත් වී බැංකොක් හි පදිංචියට ගොස් තිබේ. එහිදී කාටූන් ශිල්පය අතහැර සිතුවම් නිර්මාණය සඳහා යොමුවන ඔහු බැංකොක් හිදී කලාගාරයක් තුළ රැකියාවක් සඳහා යොමුව තිබේ. 2010 වසර වන තෙක් එම කලාගාරය තුළ රැකියාවේ යෙදී ඇති අතර, නැවත බර්ලින් සඳහා 2011 වසරේ පැමිණ තිබේ. 2012 වසරේදී මැද භාගයේදී නැවත බැංකොක් සඳහා පිටත්ව යන ලදී. එහිදී V64 නම් Artstudio නම් කලාගාරයේ සේවයේ යෙදී තිබේ. 2012 සහ 2013 වසරේ බැංකොක් හි  එම කලාගාරයේ සේවයේ යෙදී තිබෙන අතර, 2014 දී ඔහු ඊශ්‍රායල් සහ ජොර්දාන් හි සේවයට යොමුවී තිබේ. සෙබස්තියන් බොහෝ ලෙස සංචාරක කලාකරුවෙකු ලෙස සේවය කර ඇති බව ඔහු පවසයි. මේ ආකාරයේ රටවල් කිහිපයක් තුළ තම සේවයට අවශ්‍ය අත්දැකීම් ගොන්නක් එක්කර ගත් ඔහු නැවත බර්ලින් සඳහා පැමිණෙන්නේ තමන්ගේම කලාගාරයක අවශ්‍යතාව ඇතුවය. 2015 වසරේ බර්ලින් හිදී තමන්ගේම කලාගාරයක් විවෘත කරන ලදී. එතැන් පටන් ඔහු තම කලාගාරය ඔස්සේ නිර්මාණයන් ලොව වෙත බෙදා දෙනු ලබයි.

02.-_Indian-Dance_-2015 4612203772_25d52141d2 4979926366_22cb7d4192 5096329597_ac8d0ce682_b archan-nair-art-13 Herforder-Kunstverein-zeigt-grossformatige-Oelbilder-von-Sebastian-Heiner-Action-Painting-mit-der-Fliegenklatsche_image_630_420f_wn sebastian-heiner