Author Archives: දීප්ත විජයසේකර

ලෝක කාන්තා දිනයට කැන්රිච් ෆිනෑන්ස් වෙතින් සමාජ සත්කාර රැසක්

women's-day-CSR---Kohuwala-05

women's-day-CSR---Kohuwala-04මාර්තු 08වෙනි දිනට යෙදුන ලෝක කාන්තා දිනය අරමුණු කර කැන්රිච් ෆිනෑන්ස් ආයතනය මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජය හා ශ‍්‍රී සුමන තරුණ බෞද්ධ එකමුතුව හා අත්වැල් බැඳගනිමින් කාන්තාවන් අරමුණු කරගත් වැඩසටහන් රැසක් හා ලේ දන්දීමේ වැඩසටහනක් කොහුවල විජයමංගලාරාමයේදී පසුගියදා සාර්ථකව පවත්වන්නට යෙදුණි.

මෙහිදී ගැබිනි මව්වරුන් රැසකට පෝෂ්‍යදායී වියලි සලාක ලබා දුන් අතර ළමා ආරක්ෂණය පිළිබඳ දේශනයක් ”‍ළමා අපචාර වලක්වමු”‍ මැයෙන් ප‍්‍රවීණ දේශක කොලින් ආරියරත්න මහතා විසින් කාන්තාවන් අරමුණු කර පවත්වන ලදී. වත්මන් සමාජය තුළ දරුවාගේ ආරක්ෂාව හා රැුකවරණය අවධානමකට ලක්ව ඇතිබැවින් දෙමාපියන් වශයෙන් දරුවන් වෙත ලැබිය යුතු සෙනෙහස සහ මනා අවධානය ඔවුන් වෙත ලබා දීමත් එයින් දරුවන්ගේ රැුකවරණය සැලසීමත් මගින් වත්මනෙහි උදා වී ඇති අනාරක්ෂිත තත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීමට කටයුතු කළ හැකි බවට මෙහිදී කාන්තාවන් දැනුවත් කරනු ලැබිණි. මේ සඳහා ජාති ආගම් බේදයකින් තොරව විශාල කාන්තා සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන්ම වඩා වැඩි වටිනාකමක් මෙම සත්කාර හා සේවා වැඩසටහන් සඳහා අත්කරගත හැකි විය. කාලීන සමාජ අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් කාන්තා අවශ්‍යතාවයන් හඳුනාගනිමින් කාන්තාවන් වෙනුවෙන්ම දියත් වූ මෙම වැඩසටහන් පැමිණි කාගේත් පැසසුමට ලක්විය.

අපවත්වී වදාල සද්ධර්ම කීර්ති ශ‍්‍රී දියපත්තුගම සුමන නාහිමිපාණන්ගේ ගුණානුස්මරණය මුල් කරගනිමින් ලේ දන්දීමේ කඳවුරක්ද මෙහිදී පැවැත්වූ අතර වයස් භේදයකින් තොරව ප‍්‍රදේශවාසීන්ගේ ඇස් පරීක්ෂාවට ලක්කර නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ සත්කාර්යයක්ද මීට සමගාමීව පැවැත්විණි. මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා කැන්රිච් ෆිනෑන්ස් ඉහළ කළමණාකාරිත්වය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ ආචාර්ය කේ. එම්. එස්. බී. රැකෝගම මහතා, සාමාන්‍යාධිකාරී ආලෝක වාහලවත්ත සහ සාමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ මහත්වරුන් සහභාගී වූහ. එසේම එක්සත් ජාතික පක්ෂ දෙහිවල ආසන සංවිධායක හා මහ නගරසභා විපක්ෂ නායිකා සුනේත‍්‍රා රණසිංහ මැතිණියද මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජයේ සිංහාධිපති පේ‍්‍රම් ශ‍්‍රී හේවාවසම් මහතා සහ සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

women's-day-CSR---Kohuwala01
women's-day-CSR---Kohuwala-02
women's-day-CSR---Kohuwala-03

 

මාතෘත්වයේ අගය රටටම ඇහෙන්න කියන්න එන්න…

‘මිහිමත ජිවය රදා පවතිනුයේ මවගේ  කිරිවලින්  හා හිරුගේ රශ්මියෙන්‘  බව මැස්සිම් ගෝර්කි  නම් මහා ගත් කරු පැවසුයේ උතුම් වු ඒ මාතෘත්වයට සමකළ අන් කිසිවක් නොමැති නිසාය.අපද එය අවිවාදයෙන් යුතුව පිළිගනිමු.


එවන් උතුම් වු මාතෘත්වයට හිමිකම් කියන්නා වු  ඇය  සමාජය ද පෝෂණය කරමින්   අභිමානවත් ලෙස දියණියක් ,ආදරණිය බිරිදක් ගෘහණියක්  මෙන්ම මවක්  ලෙසින් විටින් විට  සමාජයේ උන්නතිය උදෙසා    විවිධ භූමිකාවන් නිරූපණය  කරනු ලබයි.

 සිය වගකීම් යුතුකම් වෙනුවෙන් නිරන්තර වෙහෙසෙමින්  තමන්ගේ තෘප්තිය කෙසේ වුවද  අනෙකා වෙනුවෙන් සිය පවුලේ සතුට ,දියුණුව වෙනුවෙන් සමස්ථ සමාජයේම කාන්තාව එසේත් නැත්නම් මව කැප වනුයේද ඇයගේ ඒ උතුම් වු මානුෂිය ගුණාංගය නිසාම විය යුතු නොවන්නේද?

අනුන් වෙනුවෙන් තමන්ගේ ධෛර්ය කැප කරන ඇය කිසි විටෙකත් තමන්ගේ අයීතින් ඉල්ලා අරගල කළේ නැත. වත්මන්  ජීවන රටාව හමුවේ පිරිමින් හා කරට කර තරග කරම්න් ජීවිතය ගැටගසන්නට යුතුකම් ඉටුකරන්නට වෙහෙසෙන අද සමාජයේ කාර්ය බහුල වු කාන්තාවද කොතරම් කාර්ය බහුල වුවත් තමන් ගෘහණියක් ,මවක්, දියණියක්(ලේලියක්), මෙන්ම බිරිදක් යන කරුණු කාරණා කිසි විටෙකත් අමතක කරමින් වැඩ කළේද නැත.මේ ලොක්යේ අමාරුම රැුකියාව කළේ තමන් බව දන්නා කාන්තාව  එය තමන්ගේ යුතුකම වගකීම යනුවෙන් සිතීම විනා ඒ වෙනුවෙන් පෙරලා යමක් බලාපොරෙත්තු  වුයේද නැත.
එසේනම් එවන් උතුම් වු මෙහෙයක් සිදු කරන සමස්ථ කාන්තාව ඇගයීම වෙනුවෙන්  එළැඹෙන මාර්තු අට වැනිදා ඇය වෙනුවෙන්ම දිනයක් වෙන් කර ඇත්තේ ඇයට දක්වන ගෞරවය නිසාවෙනි.

 නමුත් ඇය වෙනුවෙන් එක් දවසක් පමණක් වෙන් කරලීම කොතරම් දුරට  නිවැරදිදැයි  විටෙක ඔබට සිතෙනු නොඅනුමානය.

ඒ දිනයේදී ඇය වෙනුවෙන් ඇගේ  උතුම් ගුණ  සමරන්නට  වසර ගණනාවක් ගෘහණියට සවියක් වෙමින් ඇගේ ළග සිටිිවිම්‘ එක් දවසකට පමණක් සීමා නොවී සෑම දිනයකම  ඇගේ මෙහෙය අගය කරන්නට සුදානම්. ඒ අගය කිරීම් (විම්) සිදු කරන්න හිතුවේ  පරම්පරා  දෙකකට ආසන්න කාලයක්  ලංකාවේ ගෘහණිය   තමන්ගේ පවුල වෙනුවෙන් කළ මෙහෙය හොදින් දන්නා නිසයි.

නිවසක වහලක් එක්ක  බිත්ති හතරක්  තිබු පමණින් එය නිවසක් වෙන්නේ නැහැ ආදරය ,අවබෝධය,සෙනහස, රැුකවරණය සහ ඒ හිනාව ඔබේ මුහුණට ගේන ඇය ඒනිවසේ  දිවා ? නැතුව ඒ සතුට ගේන  ඇය අපේ ජීවිත වලට  සැබෑ දිස්නයක් ගෙන එන්නේ .

මවක් , බිරිදක්, දියණියක් නැත්නම් ලේලියක් විදියට ඔබේ ජීවිතයට දිස්නය ගෙනා ඒ අසිරිමත් ගැහැණිය ගැන  කතා කරන්න,  ඔබේ අදහස් ිවිම්‘  සමග බෙදා ගන්න කැමැතිනම් 078-0222000 අපිට කතා කරන්න. අපි ලෑස්තියි  ඒ කතාව මුලූ‍ රටටම ඇහෙන්න කියන්න. මේ තරම් සේවයක් කරන ඇය වෙනුවෙන් කතා කරන්න එක් දවසක් මදි කියලා අපි දන්නවා ඒත් මේ දවසේ හරි අපි විශේෂයෙන් ඇය ගැන කතා කළොත් ඇයට  ලොකු සතුටක් දැනේවි..

රෝස මල් වැස්සට තෙමුණු ආදරවන්තයින්ට ස්වර්ණමය තිළිණයක්

පසුගිය  පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ  දිනයේදී "ලක්ස්  පංශ‍්‍ර රෝස සුවද "රෝස මල්  වැස්සට තෙමිලා සුවදවත් රන් පෙන්ඩනයක් දිනාගත් වසනාවන්තයින්ට  ලක්ස්  පංශ‍්‍ර රෝස සුවද  සුභ පැතුම් එක් කරයි.

එදින  රත්මලානෙන් ගමන් ඇරුඹු  විශේෂ ගුවන් යානාව  "ලක්ස් ප‍්‍රංශ රෝස සුවද" කණ්ඩායම රෝස මල් වැස්සත් අරගෙන කොළඹ , ගාල්ල ,හික්කඩුව, කුරුණෑගලට ඇවිත්  ඔබව රනින් සරසන්න සමත් වුණා.

රෝස මල් වැස්සෙන් වැටුණ රන් පැහැති රෝස මලේ හිමිකරුවා ,හිමිකාරිය  වු ඔබට  ඒ සුවදවත් රන් පෙන්ඩනයේ හිමි කාරීත්වය  ලබා දෙන්න ලක්ස් රෝස සුවද කන්ඩායම සමත් වීම සුවිශේෂිත්වක්.

ආදරවන්තයින්ගේ දිනයේදී එ් සුන්දර රන් තිලිණය ඔබට තිලිණ කරමින් ඔබ හා ආදරයෙන්  බැදුණ ලක්ස් ප‍්‍රංශ රෝස සුවද ඔබ හා එක්ව හැමදාමත්  සුවදවත් වන්න සුදානමි.

 

IMG_2752
12719407_1057006664350427_8321755572120144802_o
12719385_1057006817683745_5334803191934288718_o
12715924_1057071321010628_8617105699540469759_o
12710867_1057006977683729_955352135645602062_o
12695010_1057006914350402_4625069491115410024_o
12697002_1057006614350432_6863528491593231730_o
12698209_1057076741010086_6163356081461601321_o
12698326_1057006757683751_505081869938027969_o
 

නාමල්ගේ ප්‍රකාශය අසත්‍ය බව මාධ්‍ය ප්‍රකාශක කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණුකොළපෑලැස්ස රැස්වීමට පැමිණි ආරක්ෂක නිලධාරියා සතුව වතුර බෝතලයක් තිබුණු බවට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එම ආරක්ෂක නිලධාරියා සතුව නීත්‍යනුකූල ගිනි අවියට අමතරව තවත් ගිනි අවියක් තිබී ඇති බවත්, මේ වනවිට එය අතුරුදන්ව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳව සහ මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද ඔහු පැවසීය.  

ඇක්සස් කුලුනේ දෙවැනි අදියර ඇරඹේ

මහල් 28කින් යුත් ඇක්සස් ටවර්හි දෙවැනි ව්‍යාපෘතියේ වැඩකටයුතු කොළඹ යුනියන් පෙදෙසේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන මේ සදහා ආයෝජනය කරනු ලබන මුදල ඇ.ඩො.දශ ලක්ෂ 20කි.