Author Archives: චානක චන්ද්‍රසේකර

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙති

බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳ සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආශීර්වාද පළ කළහ.

තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමෙරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහ නාහිමිපාණෝද මෙම අවස්ථාවට එක්වූහ.

මෙහිදී එම භික්ෂූන් වහන්සේලා සමග සමූහ ඡායාරූපයකටද ජනාධිපතිවරයා එක්විය.

ඡායාරූප : කපිල ආරියවංශ – ජනාධිපති මාධ්‍ය අංශය ) 

foring buddist

ත්‍රිරෝද රථයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Three-wheeler

ත්‍රිරෝද රථයක් සොරකම් කර පලායමින් සිටි පුද්ගලයෙකු පෙරේදා (27දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් රැකියාවක නියුතුව සිටින ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පෙරේදා (27දා) රාත්‍රියේ දුම්මලකොටුව ප්‍රදේශයේ තිබූ සංගීත සන්දර්ශනයක් නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙකු සතු රුපියල් ලක්‍ෂ 04ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරකම් කර පලායමින් සිටියදී දංකොටුව – කටානවත්ත මාර්ගයේදී ත්‍රිරෝද රථය පෙරළීගොස් තිබේ.

දංකො‍ටුව -කටානවත්ත මාර්ගයේ ත්‍රිරෝද රථයක් පෙරළී ඇති බවට දංකොටුව පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ ත්‍රිරෝද රථය සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

ත්‍රිරෝද රථයේ හිමිකරු පොලීසියට පැමිණිලි කර පැයක් ඉක්ම යෑමටත් පෙර ත්‍රිරෝද රථය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

මෙරට මුහුදේ මසුන් ඇල්ලූ 20ක් නිදහස්

උතුරු මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 57 දෙනෙකු මේ වසර තුළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකු ඊයේ (27දා) ඉන්දියාවට බාරදී තිබේ.

ඉන්දීය ධීවරයන් පිරිස සම්බන්ධයෙන් පැවැති නඩු විභාග අවසන් වීමෙන් පසුව ඔවුන්ව ඉන්දියාව වෙත බාරදී තිබුණද, ඔවුන් සතු යාත්‍රා 07ක් රාජසන්තක කර ඇත.

තවමත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉතිරි ඉන්දීය ධීවරයන් 37 දෙනාට එරෙහිව ඇති නඩු විභාග මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

තහනම ඉවත්කර ගැනීමට ජනපති පූටින් සමග සාකච්ඡා කිරීමට යයි

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නැවැත්වීමට රුසියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කළ තේ තොගයක කුරුමිණි විශේෂයක් සිටීම හේතුවෙන් හෙට (18දා) සිට රුසියාව තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් කෘෂි කාර්මික ද්‍රව්‍ය ආනයනය නවත්වා ඇත.

sri-lanka-president-maithripala-sirisena-with-russia-president-vladimir-putin

නිදහස් පක්ෂයට නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද (16දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී සිදුවිය.මෙහිදී එක් ආසන සංවිධාකවරයෙක්  දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීහ් ලබාගත්හ.

01 – එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ. 

රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස

02 – ඩී.ආර්. ඉන්දු ගුණතිලක මහතා

03 – එම්. නිහාල් විජයානන්ද මහතා

04 – ජී.කේ උපාලි චන්ද්‍රසේන මහතා 

කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස

05 – ක‍ෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා 

06 – මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා 

මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස

07 – අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස

08  වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා 

SLFP-Logo copy

අද හවසටයි හෙට උදේටයි දුම්රිය 15ක්

1_Train

ප්‍රවාහන ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ නිසා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

එහෙත් කාර්යාලයීය මගී ජනතාව ගැන සිතා අද (07දා) සවස දුම්රිය 15ක් හා හෙට (08දා) උදේ දුම්රිය 15ක් ධාවනය කිරීමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

අයාලේ යන ගවයන් 15 දාට පෙර ඉවත් කරන්න

බස්නාහිර පළාතේ මහනගර ප‍්‍රදේශයන් හි අයාලේ යන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර නොගත හොත් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් නගර විධිමත් කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ගව අනාථාගාරයට රැගෙන යන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියයි.

මහනගර අඥා පනතට අනුව ගවයින් නිසි පරිදි ගාල්කර බලපත‍්‍රයක් ලබාගත යුතු බවත්  ගවයින් නිදැල්ලේ හැසිරීම, මහමග ලැග සිටීම, ජනතාවට, ව්‍යාපාරිකයන්ට පීඩාවක් බවත් එය  මාර්ග තදබදයටද හේතුවක් බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් සිය අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසත්  අයිතිකරුවන් හිතාමතා සුසාන භූමි උද්‍යානවලට ගවයින් ඇතුල් කිරීමට පුරුදු වී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

patali

ජනපති සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනය පරිදි එහි තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29චා) පෙරවරුවේ සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ම‍ව්බිම වෙනුවෙන් දිවි පුද කළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් නුවර ජාතික සුසාන භූමියේ මෙම රණවිරු ස්මාරකය ස්ථාපිත කර තිබේ.

අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි පාලක An Suhyun   මහතා ඇතුළු පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර මධ්‍යයේ රණවිරු ස්මාරකය අභිමුව මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා එහි නිරන්තරයෙන් දැල්වෙන පහනට සුවඳ ධූප ද එක් කළේය.

01 02 03 09 11

අඩුපීඩන කාලපය පීඩන අවපාතයක් බවට වර්ධනය වන ලකුණු?

rain

දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවත් දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මී. 150 වැඩි) ඉතා තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරන දෙපාර්තමේන්තුව අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට (මි.මී. 100 වැඩි) තද වැසි ද ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

දිවයින ආශ්‍රිතව පැවැති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත්, එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවට දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අවා කල්ලියේ තවත් ප්‍රබලයෙක් යාපනයේදී අත්අඩංගුවට

arrest

ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ  (28දා)  යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

එම ප්‍රදේශයයේම පදිංචි 17 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු සන්තකයේ තිබූ තියුණු අයුධයක්ද පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කෝපායි හා මනිපායි ප්‍රදේශවලදී පසුගිය දිනයන්හි සිදු කරන ලද පහරදීම් හා මංකොල්ලයන් කිහිපයක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.