Author Archives: චානක චන්ද්‍රසේකර

සංගාගේ හා මහේලගේ සිතුවම් ලෝඩ්ස් ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගකාරගේ හා මහේල ජයවර්ධනගේ සිතුවම් ද්විත්වයක් ලෝඩ්ස් ක්‍රීඩා මණ්ඩපයේ විවෘත කර තිබේ.

පසුගියදා (19දා) මෙම සිතුවම් ද්විත්වය ක්‍රීඩාමණ්ඩපයේදී එළි දැක්වූ අතර සරේ කණ්ඩායම හා මිඩ්ස්සෙක්ස් කණ්ඩායම අතර පැවැති තරගයට පෙරාතුව මෙම සිතුවම් එළිදැක්වීය.

එම තරගයේදී  සරේ කණ්ඩායම නියෝජනය කරමින් සංගා ක්‍රීඩා කළ අතර තරගයේදී ශතක දෙකක්ද ඔහු වාර්තා කළේය. සරේහි සිතුවම් ශිල්පියෙකු වන ඇන්තෝනි විලියම්ස් විසින් මෙම සිතුවම් නිර්මාණය කර තිබුණි. 

මෙම සිතුවම් ලෝඩ්ස් ක්‍රීඩාංගණයට ගෙන ඒමට මත්තෙන් මෝල්  චිත්‍රාගාරයෙදී පසුගිය 04 දා සිට 18 දා දක්වා ප්‍රදර්ශනයට තබා තිබුණි.

පිට්බුල්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

ඇමෙරිකානු සුපිරි රැප් ගායක  පිට්බුල් සිය ආසියානු සංචාරය අවලංගු කර තිබේ. ඒ අනුව ඔහු එළැඹෙන 26දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයද අවලංගු කර තිබේ.

පිට්බුල් සිය ආසියානු සංචාරයේදී ජපානය, සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියා, තායිපේ හා ශ්‍රී ලංකාවේදී ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණි.

ඔහුගේ සංචාරය අවලංගු කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරනන අයි.එම්.ඊ. ආයතනය පවසන්නේ පිට්බුල් සිය සංචාරය අවලංගු කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් අනාගතයේදී ආසියාවට පැමිණෙන බවත්ය.

එසේම ඔහුගේ ප්‍රසංගයන් සඳහා වෙන්කර ගත් ප්‍රවේශපත්‍රවලට අදාළ මුදල් ඉදිරියේදී ආපසු ගෙවීමටත් නියමිතය. 

 

 

ඉන්දීය වර්ධනයේ ලාභය ශ්‍රී ලංකාවට ලබා ගත හැකියි

ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ ලාභය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවත්, ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාරම්භක උත්වසය කොළඹදී අමතමින් ඔහු මේ බව පැවැසිය.

අශෝක අධිරාජ්‍යයාගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගන ආ බවත් ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

පසුව ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා ධර්ම පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතා සියවස් ගණනාවක් ඈතට විහිදී යන බව ප්‍රකාශ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරය ඉන්දීය ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ වාරණාසි දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවත් පැවැසීය.

එයින් බෞද්ධ සහෝදර සහෝදරියන්ට මෙන්ම හින්ද සහෝදර සහෝදරියන්ටද ප්‍රතිලාභ ලැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාත්‍රී කාලයේදී රුධිර සාම්පල ලබාගැනීම ගැන බය වෙන්න එපා

රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩ්ස් ආසාදනය පතුරුවන බවට සමහර වෙබි අඩවි මගින් සාවද්‍ය තොරතුරු පතුරවමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 

බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස් වලට පැමිණ රධිර පටල ලබාගැනීම සිදුකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදීමට නියමිතය. 

මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවිනි. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි. මේ පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකිය.

සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථානයට මේ සාවද්‍ය තොරතුරු පිළිබදව පැමිණිලි කර ඇති අතර, මෙය සිතා මතා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව සිතන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ජනපතිත් නොදැන මල් ආනයනයට අවසර දීලා

පසුගිය මාසයේ සිට පිටරටින් මල් ආනයනය කිරිමට අවසර දී ඇති බවත් ශ්‍රී ලංකාවට පිටරටින් මල් ආනයනය කිරිමට අවශ්‍යතාවක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

එසේහම ඉදිරියේදී රටට ආනයනය කරන භාණ්ඩ පිළිබඳව සමීක්ෂණයක් සිදුකර සුදුසු සේ පමණක් ආනයනය කිරීමට තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

“මට ආරංචි වුණා ගිය මාසේ ඉඳලා පිටරටින් මල් ගෙන්නන්න ඕන විදියට ඕන කෙනෙකුට ඉඩ දිලයි කියලා මට දැන ගන්න ලැබුණා. මම ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා එක්කත් කතා කරන ගමන් මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් විශේෂයෙන්ම සඳහන් කරන්න බලාපොරොත්තු වුණා මේ පිටරටින් ගෙන් වන ආහාර සහ අනිකුත් භාණ්ඩ පිළිබඳ අපි වහාම සමීක්ෂණයක් කරලා සුදුසු දේ විතරක් අපිට ගෙන්වන්න.

මේ රටේ දේශීය මල් කර්මාන්තය තුළ විශාල පිරිසක් ඉන්නවා. දීර්ඝ කාලයක සිට සිටිනවා. ඒ අතරේ කවුරු හරි හදනවා පිටරටින් මල් ගේන්න. අපිට පිටරටින් මල් ගේන්න කිසිසේත් උවමනාවක් නැහැ. මල් වගේ දෙයක් කියන කොට සමහර වෙලාවට මේකට අනුමැතිය දුන්නයි කියලා මේකට පොඩි ගානක් යන්නේ ඒක එච්චර දැනෙන ගානක් නෙවෙයි කියලා කියයි. ඔය පොඩි ගණන් එකතු කරපුවහම තමයි ලොකු ගාන හැදෙන්නේ.”

 

සංගා List A ලකුණු 19000

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරිතම පිතිකරුවෙකු මෙන්ම වාර්තා පිට වාර්තා බිහිකළ ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකිරිමට ඊයේ (30දා) සමත්විය. ඒ ලිස්ට් ඒ (List A – අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ එක්දින තරග හා දේශීය හෝ විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගිවන පන්දුවාර 40ට වැඩි එක්දින තරග) තරග තුළදී ලකුණු 19000 සීමාව පසුකර යමිනි.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලිස්ට් ඒ තරග වලදී ලකුණු 19000 සීමාව පසුකරගෙන ගිය පළමු අවස්ථාව මෙය වන අතර ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ සිව්වැනි ක්‍රීඩකයා සංගක්කාර වෙයි.

සරේ කණ්ඩායම නියෝජනය කරමින් ඊයේ (30දා) ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 81 ක් වාර්තා කිරීමට සංගා සමත්වූ අතර එහිදී ඔහු ලිස්ට් ඒ තරගවලදී රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 19021ක් බවට පත්විය.

ලිස්ට් ඒ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයන්

මාලිංග IPL ක්‍රීඩා නොකරන හේතුව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ලසිත් මාලංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග අඛණ්ඩවම ක්‍රීඩා නොකළේය.

තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්විය. ඒ හේතුවෙන් තම රිද්මය නැවත ලබාගන්නා තෙක් මාලිංග  විවේක ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං ඊයේ (24දා) අනාවරණය කළේය.

මාලිංග පිළිබඳව අදහස් දක්වමින් හර්බජන් සඳහන් කළේ,

“ඒක ඔහුගේ තීරණයක්. ඔහු හිතනවා ඔහුට යම් විවේකයන් අවශ්‍ය බව. තම පන්දු යැවීමෙන් මගහැරුණු දෙයක් නැවත සකස්කර ගැනීමට මාලිංගට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔබ ඔහුට ගරුකළ යුතුයි. ඒ වගේම ඔහුට කාලය ලබාදිය යුතුයි. අපට දැන් ඔහුට විවේකයක් ලබාදිය හැකිය. මොකද කණ්ඩායමක් ලෙස අපි හොඳ තත්ත්වයක ඉන්නවා. මාලිංග අවශ්‍ය වූ වෙලාවට ඔහු සූදානම්ව සිටීවි. ඒ වගේම එය ඔහු උපරිමයෙන්ම කරාවි” යනුවෙනි. 

 

මීතොටමුල්ලේ සියලු දෙනාට නිවාස

(NEW PICTURES) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූ සියලු දෙනාට හා එහි ජීවත්වන සියලු දෙනාට නිවාස ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මීතොටමුල්ලේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එළැඹෙන මැයි, ජුනි හා ජුලි මාස වලදී නිවාස ලබාදීමටට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

“මෙයින් ආපදාවට ලක්වූවන්ට සහ මෙහි ජීවත් වන සියලුදෙනාට නව නිවාස ලබාදීමට දැනට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ලබාදිය හැකි නිවාස හඳුනාගෙන ද තිබෙනවා. මැයි, ජුනි සහ ජූලි මාස වන විට එම නිවාස ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒවනතෙක් මෙම ජනතාවට රැඳීසිටීමට තාවකාලික ස්ථාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමටත් කටයුතු කරනවා. මේ වන විට ජනතාවට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම් සිදුවනවා. සිකුරාදා දිනය වන විට එම තක්සේරු කිරීම්වල අවසන් වාර්තාව ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම කුණු කන්ද තවදුරටත් මෙම ස්ථානයේ නොතබන බවත්, එය මෙම ස්ථානයෙන් ඉවත් කරන බවත් මා පවසනවා. කොළොන්නාවේ ජනතාවට පමණක් මෙම කුණු කන්දේ බර දැරිය නොහැකියි.  කොළඹ නගරයට දිනකට ලක්‍ෂ 20 ක ජනතාවක් පැමිණෙනවා. ලක්‍ෂ 7 ක ජනාතව කොළඹ නගරයේ ජීවත් වනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් වෙනත් රටවල මෙන් පරිසරයට හානියක් නොකර කුණු ප්‍රශ්නය සඳහා විසඳුමක් සෙවීමට අපි ක්‍රියා කරනවා.

මේ ගැටලුවට විසඳුමක් තිබිය යුතුයි. මේ ගැටලුව විසඳීම සඳහා  පෙර සිටම අප විවිධ පියවර ගණනාවක් අනුගමනය කළා. ඇතැම් තීරණ ගැනීමට අප ප්‍රමාද වුණා. අවසානයේ ජීවිත ගණනාවක් අපට අහිමි වුණා.

එම වගකීම අපත් භාරගත යුතුයි. ඒ වගේම සමාජයත් ඒ වගකීම භාරගත යුතු වනවා. කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා මේ අවට ප්‍රදේශයේ ජීවත්ව සිටින අයට මින් ඉදිරියට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙස ගෙවීමට හැකි වන පරිදි පසුබිම සකස් කර දිය යුතු වනවා.”

DSC_0006 DSC_0010 DSC_0057 DSC_0060 DSC_0065 DSC_0078 DSC_0088 DSC_0120 DSC_0132 DSC_0151 DSC_0160 DSC_0168 DSC_0182 DSC_0189 DSC_0191 DSC_0196 DSC_0214 DSC_0227 DSC_0235 DSC_1414 DSC_1417 DSC_1431 DSC_1439 DSC_1444 DSC_1457 DSC_1459 DSC_1465 DSC_8378 DSC_8390

ඡායාරූප ශමීර රාජපක්ෂ

 

ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹේ

ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පෙරේදා (17දා) සිදුව තිබේ.හෝර්ටන් පෙදෙසේ ඉදිවෙන මෙම ගොඩනැගිල්ලේ උස තට්ටු 75ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250කි.

බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිවෙයි.මුල් ගල තැබීමේ  උත්සවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිතය.

මෙය  දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුක්ත බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

unnamed (2) unnamed (4)